01.02.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මෙතෙක් ඉගෙන ගෙන ඇති සෑම දෙයක්ම අමතක කර දමන්න. නැවතත් ඔබගේ අතීත ළදරු අවදියට යන්න, මන්ද එවිට පමණයි, ඔබට මෙම ආධ්‍යාත්මික ඉගෙනුම සමත් වීමට හැකි වන්නේ.

ප්‍රශ්නය:
දිව්‍යමය බුද්ධි ලැබී ඇති දරුවන්ගේ සළකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන්ගේ භෞතික ඇස් වලින් මෙම පැරණි ලොව දකින අතර, ඔවුන් එය නොදකී. මෙම පැරණි ලොව අවසන් වීමට ඉතාමත්ම ආසන්න බව, සෑම විටෙකම ඔවුන්ගේ බුද්ධියේ තිබේ. එම ශරීර මෙන්ම ජීවාත්මයන්ද, පැරණි මෙන්ම තමෝප්‍රධාන්ය. එබැවින් අප ඒවාට ආදරය කරන්නේ ඇයි? එවන් දිව්‍යමය බුද්ධියෙන් යුතු දරුවන් කෙරෙහි, පියාගේ හදවත සම්බන්ධ වී තිබේ. එවන් දරුවන්ට පමණයි පියාගේ නිරන්තර සිහිපත් කිරීමේ සිටීමට හැකි වන්නේ, එමෙන්ම සේවයේදී ඉදිරියෙන් යෑමටද හැකි වන්නේ.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, සුමිහිරිම ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කරනවා. සීමිත සන්‍යාසීන් ඔවුන්ගේ නිවෙස් සහ පවුල් අත්හරින්නේ, ඔවුන් බ්‍රහ්ම තත්ත්වයට මුසු වන බව ඔවුන් විශ්වාස කරන බැවිනි, එම නිසයි ඔවුන් ලෝකයට ඇති ආකර්ෂණය අත්හළ යුතු බව විශ්වාස කරන්නේ. ඔවුන් අඛණ්ඩව පුහුණු වන්නේ එයයි. ඔවුන් ගොස් හුදෙකලාව සිටියි. ඔවුන් මහා භූත ගැන දැනුම ඇති හත යෝගීන්ය. ඔවුන් බ්‍රහ්ම තත්ත්වයට මුසු වන බව විශ්වාස කරති. ඒ නිසයි ඔවුන්ගේ නිවෙස් සහ පවුල් අත්හැර, ඒවාට ඇති බැඳීම් අත්හරින්නේ, ඔවුන්ට නිරාශාව තිබේ. කෙසේවෙතත්, එම බැඳීම සැනෙකින් බිඳෙන්නේ නැත, ඔවුන් දිගින් දිගටම ඔවුන්ගේ භාර්යාවන් සහ දරුවන් ආදිය සිහි කරයි. මෙහිදී ඔබ ඥානය ඇති බුද්ධියකින්, සෑම දෙයක්ම අමතක කළ යුතුයි. කිසිම දෙයක් පහසුවෙන් අමතක වන්නේ නැත. ඔබට දැන් මෙම අසීමිත අත්හැරීම තිබේ. සියලුම සන්‍යාසීන්ද සිහිපත් කිරීමේ සිටින මුත්, ඔවුන්ගේ බුද්ධීන් විශ්වාස කරන්නේ, ඔවුන් බ්‍රහ්ම තත්ත්වයට මුසු වන බවත්, එබැවින් ඔවුන්ට ශරීරය පිළිබඳ කිසිම අවධානයක් නොතිබිය යුතු බවත්ය. එය හත යෝගා මාවතයි. ඔවුන් විශ්වාස කරන්නේ ඔවුන් තම ශරීර අත්හැර බ්‍රහ්ම තත්ත්වයට මුසුවෙයි කියාය. ඔවුන්ට සාම දේශයට යා හැකි බව ඔවුන් නොදනී. ඔබගේ නිවසට ඔබ යා යුතු බව දැන් ඔබ දන්නවා. මිනිසුන් විදේශයන් සිට පැමිණෙන විට, ඔවුන් බොම්බාය හරහා පැමිණිය යුතු බව ඔවුන්ට වැටහෙනවා. ඔය දරුවන්ටද දැන් ස්ථීර විශ්වාසය තිබේ. ඔබගේ පාරිශුද්ධත්වය, ඥානය සහ සංවිධානය හොඳ බව බොහෝ මිනිසුන් කියයි. මව්වරුන් බොහෝ මහන්සි වී වැඩ කරති, මන්ද ඔවුන් වෙහෙස නොබලා විස්තර කරන බැවින්. ඔවුන්, ඔවුන්ගේ ශරීර, මනස සහ ධනය භාවිත කරයි, මේ නිසයි ඔවුන්ට කැමති වන්නේ. කෙසේවෙතත්, එම මිනිසුන්ට, තමන්ද මෙය කළ යුතුය යන, සිතිවිල්ලක්වත් පහළ නොවෙයි. මතු වන්නේ ඉතාමත්ම ටික දෙනෙකි. පියා පවසන්නේද, කෝටි ප්‍රමාණයකින් අතලොස්සක් පමණක් මතු වෙයි කියා, එනම් ඔබ වෙතට පැමිණෙන අය. කෙසේවෙතත්, මෙම පැරණි ලෝකය අවසන් වීමටයි යන්නේ. පියා දැන් පැමිණ ඇති බව ඔබ දන්නවා. ඔබට දර්ශනයක් ලැබුණත් නැතත්, යටි සිත කියන්නේ, අසීමිත පියා පැමිණ ඇති බවයි. එක් පියා පමණක් සිටින බවත් ඔබ දන්නවා. එම පාරලෞකික පියා, ඥාන සාගරයයි. භෞතික පියෙකුට ඥාන සාගරය යැයි කිසි විටෙකත් නොකියයි. පැමිණ, ඔය දරුවන්ට ඔහුගේ හැඳින්වීම ලබා දෙන්නේ පියාය. මෙම පැරණි ලොව දැන් අවසන් වීමට යන බව ඔබ දන්නවා. අපි උපත් 84හි චක්‍රය සම්පූර්ණ කර තිබේ. අපි දැන් සාම දේශය හරහා, සතුටු දේශයට යෑමට උත්සාහ දරමින් සිටිනවා. අපි අනිවාර්යෙන්ම සාම දේශයට යා යුතුයි. ඉන්පසුව අපි එහි සිට ආපසු පැමිණිය යුතුයි. මේ දේවල් වලින් මිනිසුන් අවුලට පත් වෙයි. කෙනෙක් මිය ගිය විට, මිනිසුන් සිතන්නේ ඔහු වයිකුන්තයට (පාරාදීසයට) ගිය බවයි. නමුත්, පාරාදීසය තිබෙන්නේ කොහිද? පාරාදීසයේ නම දන්නේ භාරතයේ මිනිසුන් පමණයි. අන් ආගම් වල අය, ඒවා නොදනී. ඔවුන් නිකම් එහි නම අසා, පිංතූර දැක තිබේ. ඔවුන් දිල්වාලා දේවාලය මෙන්, දේවතාවන්ගේ දේවාල බොහෝ දැක තිබේ. එය රුපියල් සිය දහස් කෝටී ගණනක් වියදම් කොට ගොඩ නගා තිබේ. ඔවුන් අඛණ්ඩව ඒවා ගොඩ නගති. දේවතාවන්ට කියන්නේ වයිශ්නවයන් කියාය, ඔවුන් විෂ්ණුගේ රජ පෙලපතට අයත් වෙයි. ඔවුන් කොහොමත් පිවිතුරුයි. ස්වර්ණමය යුගයට, පිවිතුරු ලොව යැයි කියන අතර, මෙය අපවිත්‍ර ලොවයි. ස්වර්ණමය යුගයේ සැප පහසුකම්, මෙහි නොමැත. මෙහි, සියලුම ධාන්‍ය ආදිය තමෝප්‍රධාන් වී තිබේ. එහි රසයද තමෝප්‍රධාන්ය. දියණියන් ධ්‍යානයට සම වැදී, නැවත පැමිණි විට, ඔවුන් සුබිරාස් (අඹ යුෂ) පානය කළ බවත්, එය ඉතාමත් රසවත් බවත් කියති. මෙහිදීද, ඔබ පිසින ආහාර මිනිසුන් කෑමෙන් අනතුරුව කියන්නේ, ඔබ එය හොඳින් සාදන බැවින් එය ඉතා රසවත් බවය. සෑම කෙනෙක්ම ඔවුන්ගේ හිතේ හැටියට කයි. ඔබ යෝගාවේ සිටිමින් එය පිලියෙල කළ නිසා, එය රසවත් වූවා නොවෙයි, නැත. එය පුහුණුව පමණයි. සමහරුන් ඉතා හොඳින් කෑම පිසියි. එහිදි සෑම දෙයක්ම සතෝප්‍රධාන්ය, එම නිසයි එයට බොහෝ ශක්තිය ඇත්තේ. එය තමෝප්‍රධාන් වූ විට, එහි ශක්තිය අඩු වෙයි, එවිට එයින් ලෙඩ රෝග, දුක ආදිය හටගනී. එහි නම වන්නේද දුක් දේශයයි. සතුටු දේශයේ, දුක පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. අපි යන්නේ බොහෝ සතුට ඇති ස්ථානයකටයි, ඒ නිසයි එයට දිව්‍යලෝකයේ සතුට කියා කියන්නේ. ඔබට ඇත්තේ පිවිතුරු වීම පමණයි, එයත්, මේ උපතේදී පමණයි. අනාගතය ගැන නොසිතන්න. අඩු තරමින් දැන්වත් පිවිතුරු වන්න! ඔබට මෙය කියන්නේ කවුද කියා පළමුවෙන්ම සිතන්න. ඔබ අසීමිත පියාගේ හැඳින්වීම ලබා දිය යුතුයි. ඔබට අසීමිත පියාගෙන් අසීමිත සතුටේ උරුමය ලැබෙයි. ඔබගේ භෞතික පියාද සිහි කරන්නේ පාරලෞකික පියාවයි, එවිට ඔහුගේ බුද්ධිය ඉහළට යයි. බුද්ධිය තුළ, ස්ථීර විශ්වාසය ඇති ඔය දරුවන්ට ඇතුලතින් දැනෙන්නේ, ඔබ මේ ලොව සිටින්නේ, තව ටික දින කිහිපයක් පමණක් බවයි. මෙම ශරීරය සිප්පිකටුවක් වැනිය. ජීවයද, සිප්පි කටුවක් මෙන් වී තිබේ. මෙයට කියන්නේ නිරාශාව කියාය. ඔය දරුවන් දැන් නාටකය දන්නවා. භක්ති මාර්ගයේ කොටස, දිගටම සිදු විය යුතුයි. සෑම කෙනෙක්ම භක්තියේ නියැලී සිටියි. එයට අකමැති වීමට අවශ්‍ය නැත. සන්‍යාසීන්, මිනිසුන්ව එයට අකමැති කරවයි. ඔවුන් සෑම කෙනෙක්ම නිවෙස්වල දුකින් කල් ගෙවති. ඔවුන් පිටව යෑමෙන්, තමන්ට සතුට ළඟා කර නොගනී. කිසිම කෙනෙකුට විමුක්තිය නොලැබෙයි. පැමිණි කිසිවෙකුට, ආපසු යෑමට හැකි වි නොමැත. සෑම කෙනෙක්ම මෙහි සිටියි. එකදු කෙනෙක්වත් නිර්වාණ දේශයට හෝ බ්‍රහ්ම තත්ත්වයට ගොස් නැත. ඔවුන් සිතන්නේ මේ-මේ කෙනා බ්‍රහ්ම තත්ත්වයට මුසු වුණා කියාය. ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයේ ග්‍රන්ථ වල සඳහන් වී තිබේ. පියා පවසන්නේ එම ග්‍රන්ථ වල කුමන දේවල් තිබුණද, ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. ඔය දරුවන්ට දැන් ඥානය ලැබෙනවා, මේ නිසායි ඔබට කිසි දෙයක් ඉගෙන ගැනීමට අවශ්‍ය නොවන්නේ. කෙසේවෙතත්, නවකතා කියවීමේ පුරුද්ද සමහරුන්ට තිබේ. ඔවුන්ට සම්පූර්ණ දැනුම නොමැත, ඔවුන්ට කියන්නේ කුකුල් ග්‍යානී කියාය. ඔවුන් රාත්‍රියේ නින්දට යන්නේ නවකතා කියවමිනුයි, ඉතිං ඔවුන්ගේ තත්ත්වය කුමක් වෙයිද? මෙහිදී පියා පවසන්නේ ඔබ ඉගෙනගත් සෑම දෙයක්ම අමතක කර දමන්න. තමන්ව මෙම ආධ්‍යාත්මික ඉගෙනුමෙහි නිරත කර ගන්න. ඔබට මෙය උගන්වන්නේ දෙවියන්ය, එමෙන්ම, මෙය තුළින් ඔබ උපත් 21කට දේවතාවන් බවට පත් වෙයි. ඔබ මෙතෙක් ඉගෙනගත් සෑම දෙයක්ම අමතක කර දැමිය යුතුයි. නැවත වතාවක් ඔබගේ ළදරු අවදියටම ආපසු යන්න. තමන් ජීව බව සළකන්න. ඔය දෙනෙතින් ඔබ සෑම දෙයක්ම දකින මුත්, බලන්න, නමුත් නොදකින්න. ඔබට දිව්‍යමය බුද්ධිය මෙන්ම දිව්‍යමය දෑස් ලැබී තිබේ, එබැවින් මෙම මුළු ලෝකයම පැරණි බව ඔබට වැටහෙනවා එය දැන් අවසන් වීමට යනවා. මෙහි සෑම දෙයක්ම සොහෙනක් බවට පත් වීමටයි යන්නේ, එබැවින් ඔබගේ හදවත් එයට බැඳ තබන්නේ කුමකටද? ඔබ දැන් සුරංගනා දේශයට අයත් අය බවට පත් විය යුතුයි. ඔබ දැන් සොහොන් බිම (කබිරිස්ථාන්) සහ සුරඟන දේශය (පරිස්ථාන්) අතර අසුන් ගෙන සිටිනවා. සුරඟන දේශය දැන් නිර්මාණය වෙමින් තිබෙනවා. ඔබ දැන් පැරණි ලෝකයේ අසුන් ගෙන සිටින මුත්, ඔබගේ බුද්ධියේ යෝගාව දැන් එහි ගොස් තිබේ. ඔබ නව ලොවට යෑමට උත්සාහ දරමින් සිටියි. ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයින් වීම සඳහා, ඔබ දැන් අතරමැද අසුන් ගෙන සිටියි. මෙම වඩාත්ම ශුභදායක වූ සංගම යුගය ගැන කිසිම කෙනෙක් දන්නේ නැත. ශුභදායක වූ පුණ්‍යවන්ත මාසය හෝ පුණ්‍යවන්ත වසරෙහි තේරුමවත් ඔවුන්ට වැටහෙන්නේ නැත. වඩාත්ම ශුභදායක වූ සංගම යුගයට ඇත්තේ ඉතාමත්ම කෙටි කාල වකවානුවකි. ඔබ විශ්ව විද්‍යාලයකට පසුවී ඇතුළු වුවහොත්, ඔබට බොහෝ උත්සාහ දැරීමට සිදුවෙයි. සමහරුන්ට සිහිපත් කිරීම රැඳී තිබෙන්නේම නැත, මායා නොකඩවාම බාධක ඇති කරයි. පියා විස්තර කරන්නේ මෙම පැරණි ලොව අවසන් වීමටයි යන්නේ. පියා මෙතැන අසුන්ගෙන සිටියත්, ඔබට සෑම දෙයක්ම පෙනුනත්, මේ සෑම දෙයක්ම අවසන් වීමට යනවා, යන අවධානය, ඔබගේ බුද්ධිය තුළ තිබේ. කිසිම දෙයක් ඉතිරි නොවෙයි. මෙය පැරණි ලොවයි, එමෙන්ම ඔබට එය පිළිබඳව නිරාශාවක් තිබේ. සියලුම ශාරීරික ජීවයන්ද පැරණිය. ශරීර, පැරණි සහ තමෝප්‍රධාන්ය, එමෙන්ම, ජීව ද තමෝප්‍රධාන්ය. මෙම දේවල් දැක, අප කළ යුත්තේ කුමක්ද? මේ කිසි දෙයක් ඉතිරි නොවන බැවින්, අප තුළ ඒවාට ආදරයක් නොමැත. ඉතාමත් හොඳින් පියාව සිහිපත් කරන එමෙන්ම සේවය කරන දරුවන්, පියාගේ හදවත ස්පර්ශ කරයි. කෙසේවෙතත් සියල්ලන්ම දරුවන්ය. දරුවන් බොහෝ දෙනෙක් සිටිති, සෑම කෙනෙක්ම ඔහුව දකින්නේ නැත. ඔවුන් ප්‍රජාපිතා බ්‍රහ්මා පවා නොදනී. ප්‍රජාපිතා බ්‍රහ්මා යන නම ඔවුන් අසා ඇති මුත්, ඔහුගෙන් ලැබෙන්නේ කුමක්ද කියා ඔවුන් නොදනී. බ්‍රහ්මාට සාදා ඇති දේවාලය තිබේ, ඔවුන්, ඔහුව රැවුලක් සහිතව පෙන්වා තිබේ. කෙසේවෙතත් කිසි කෙනෙක් ඔහුව සිහි නොකරන්නේ, ඔබට ඔහුගෙන් උරුමයක් නොලැබෙන නිසයි. ජීවයන්ට උරුමයක් හිමි වන්නේ, ඔවුන්ගේ භෞතික පියාගෙන් සහ පාරලෞකික පියාගෙනි. කිසිම කෙනෙක් ප්‍රජාපිතා බ්‍රහ්මාව දන්නේවත් නැත. මෙය ආශ්චර්යමත්ය. ඔබට උරුමයක් නොදෙන පියෙක් වීමට, ඔහු අලෞකික විය යුතුයි නේද? සීමිත උරුමයක් මෙන්ම අසීමිත උරුමයද තිබේ. එයට අතර මැද උරුමයක් නොමැත. ඔහුට ප්‍රජාපිතා කියා කියන මුත්, ඔහුගෙන් උරුමයක් ලැබෙන්නේ නැත. මෙම අලෞකික පියාටත් ඔහුගේ උරුමය ලැබෙන්නේ පාරලෞකික පියාගෙනි, ඉතිං ඔහු උරුමයක් දෙන්නේ කෙසේද? පාරලෞකික පියා එය ලබා දෙන්නේ ඔහු හරහාය. ඔහු රථයයි. ඔබ, ඔහුව සිහි කරන්නේ කුමකටද? ඔහු සිහි කළ යුත්තේ ද අර පියාවයි. ඒ මිනිසුන් සිතන්නේ, ඔබ බ්‍රහ්මාව, දෙවියන් බවට සලකනවා කියාය. අපට ඔහුගෙන් උරුමය හිමි වන්නේ නැත, අපට උරුමය හිමි වන්නේ ශිව බාබාගෙනි. මේ කෙනා, අතර මැද ඒජන්තකරුය. ඔහුද අප මෙන්ම ශිෂ්‍යයෙකි. බිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා පවසන්නේ මෙකල, මුළු ලොවම තමෝප්‍රධාන්ය. ඔබ යෝගා බලයෙන් සතෝප්‍රධාන් විය යුතුයි. ඔබට ඔබගේ භෞතික පියාගෙන් සීමිත උරුමයක් ලැබෙයි. ඔබ දැන් ඔබගේ බුද්ධිය අසීමිතයට සම්බන්ධ කළ යුතුයි. පියා පවසන්නේ ඔබට එක් පියා හැරුණු කොට, කිසි කෙනෙක් ගෙන් කිසිම දෙයක් ලැබෙන්නේ නැත, දේවතාවන්ගෙන් වත් ලැබෙන්නේ නැත. මෙකල, සෑම කෙනෙක්ම තමෝප්‍රධාන්ය. ඔබට ඔබගේ භෞතික පියාගෙන් කොහොමත් උරුමයක් ලැබෙයි. ඉතිං මෙම ලක්ෂ්මි සහ නාරායන්ගෙන් ඔබට අවශ්‍ය මොනවාද? එම මිනිසුන් සිතන්නේ, ඔවුන් අමරණීයයි, කිසි දින මිය නොයයි කියාය, එමෙන්ම ඔවුන් කිසි විටෙක තමෝප්‍රධාන් නොවෙයි කියාය. කෙසේවෙතත් ඔබ දන්නවා, සතෝප්‍රධාන්ව සිටි අය, ඉන්පසුව තමෝප්‍රධාන් තත්ත්වයට ගිය බව. ශ්‍රී ක්‍රිෂ්ණා, ලක්ෂ්මි සහ නාරායන්ටත් වඩා ශ්‍රේෂ්ඨ බව සැලකෙයි, මන්ද ඔවුන් විවාහක යුවළක් වන නිසා. ක්‍රිෂ්ණා උපතින්ම පිවිතුරුය, මේ නිසයි ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාව බොහෝ සේ ඇත්තේ. ඔවුන් ක්‍රිෂ්ණාව තොටිල්ලක පදවයි. ඔවුන් ක්‍රිෂ්ණාගේ උපන් දිනයද සමරනවා. ඔවුන් ලක්ෂ්මි සහ නාරායන්ගේ උපන් දිනය සමරන්නේ නැත්තේ ඇයි? ඥානය නොමැති බැවින්, ඔවුන් ක්‍රිෂ්ණාව පෙන්වා ඇත්තේ තඹ යුගයේදීය. ඔවුන් කියන්නේ ගීතාවේ ඥානය ලබා දුන්නේ තඹ යුගයෙදී කියාය. කෙනෙකුට විස්තර කර දීම, බොහෝ සේ අපහසුය! ඔවුන් කියන්නේ, මතකයක් නොමැති කාලයක සිටම ඥානය පැවතුණු බවයි. කෙසේවෙතත්, මතකයක් නැති කාලය, ඇරඹෙන්නේ කවදා සිටද? කිසිවෙකු මෙය නොදනි. ඔවුන් වන්දනා කිරීම ආරම්භ කළේ කවදාද කියාවත් නොදනී, මේ නිසයි ඔවුන් නිර්මාණකරු, හෝ ලෝකයේ මුල, මැද සහ අවසානය ගැන නොදන්නා බව කියන්නේ. චක්‍රයේ කාල වකවානුව, වසර සිය දහස් ගණනක් යැයි කියනා නිසා, ඔවුන් මතකයක් නොමැති කාලයක් ගැන කතා කරයි, ඔවුන් කාලය හෝ දිනය ගැන කිසි දෙයක් නොදනී. ඔවුන් ලක්ෂ්මි සහ නාරායන්ගේ උපන් දිනය සමරන්නේ නැත. එයට කියන්නේ අවිද්‍යාවේ අන්ධකාරය කියාය. මෙම දේවල් නිවැරදිව වටහා නොගන්නා ඔබගෙන් සමහරුන්ද සිටියි. මේ නිසයි ඇතුන් පිට යන්නන්, අශ්වාරෝහකයන් සහ පාබල හමුදාව, කියා කියන්නේ. කිඹුලා, ඇතාව ගිල දැමුවා. කිඹුලා විශාල වන අතර, ඔහු ඔබව සම්පූර්ණයෙන්ම ගිල දමයි, සර්පයෙක්, ගෙම්බෙක් ගිලින්නා සේය. දෙවියන්ට, උයනේ ස්වාමියා, උයන්පල්ලා සහ ඔරුකරුවා, යැයි කියන්නේ ඇයි? ඔබට මෙකල එය වැටහෙනවා. පියා පැමිණ, ඔබව විෂ සාගරයෙන් එතෙර කරනවා. ඔහු, ඔබව එතෙර කරවනවා, මේ නිසයි ඔබ මෙසේ කියන්නේ මගේ ඔරුව එතෙර කරවන්න. ඔබ එතෙරට යන්නේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. බාබා අපව, කිරි සයුරට රැගෙන යනවා. එහි, දුක් හෝ වේදනා පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබ මෙය අසා, අන් අයට කියන්නේ, අපගේ ඔරුව එතෙර කරන ඔරුකරුවා අපට කියන්නේ දරුවනි, තමන් ජීව බව සලකන්න. පෙර, ඔබ කිරි සයුරේ සිටි අතර, ඔබ දැන් විෂ සයුර වෙතට පැමිණ සිටියි. මුලදී, ඔබ දේවතාවන් විය. දිව්‍යලෝකය, ලෝකයේ විශ්මයයි. මුළු ලෝකයේම ආධ්‍යාත්මික විශ්මය වන්නේ දිව්‍යලෝකයයි. එහි නම ඇසීමෙන්ම ඔබ සතුටු වෙයි. ඔබ දිව්‍යලෝකයේ වාසය කරයි. මෙහි, ඔවුන් ලෝකයේ පුදුම හත පෙන්වයි. ඔවුන් ටජ් මහල් ප්‍රාසාදයට පුදුමයක් යැයි කියයි, කෙසේවෙතත් කිසිවෙකුට එහි වාසය කළ නොහැක. ඔබ ලොවෙහි විශ්මයේ, අධිපතියන් බවට පත්වනවා. පියා ඔබට ජීවත්වීම සඳහා, මෙතරම් ආශ්චර්යමත් පාරාදීසියක් සාදයි. ඔබ උපත් 21කට කෝටිපතියන් බවට පත් වෙයි. එබැවින්, ඔය දරුවන් අනෙක් පසට එතෙර වී යෑම ගැන, බොහෝ සතුටු විය යුතුයි. ඔය දරුවන් බොහෝ වාර ගණනාවක් දිව්‍යලෝකයට යන්නට ඇති. ඔබ මෙම චක්‍රය වටා නොකඩවා ගමන් කරයි. ඔබ නව ලොවට පළමුවෙන් පැමිණීමට තරම් උත්සාහයක් දැරිය යුතුයි. ඔබට පරණ නිවෙසකට යෑමට සිතෙන්නේ නැත. නව ලොවට යාමට ඔබ උත්සාහ දැරිය යුතු බව, බාබා අවධාරණය කරයි. බාබා අපව, ලෝක විශ්මයේ අධිපතියන් බවට පත් කරවනවා. එබැවින්, අප එවන් පියෙක් සිහිපත් නොකරන්නේ ඇයි? ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. මෙම ලෝකය දෙස බලන්න, නමුත් එය නොදකින්න. පියා පවසන්නේ මට සෑම දෙයක්ම පෙනෙන මුත්, මම ටික දිනකට පමණක් සංචාරකයා වෙමි, යන ඥානය මා හට තිබේ. ඒ අන්දමින්ම ඔබද මෙහි පැමිණ ඇත්තේ ඔබගේ කොටස් රඟපෑම සඳහා පමණයි. එබැවින් ඔබගේ බැඳීම එයින් ඉවත් කර ගන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම විටෙකම ආධ්‍යාත්මික ඉගෙනුමෙහි නිරත වී සිටින්න. නවකතා කියවීම ආදිය වැනි නරක පුරුදු තමන් තුළ ඇති කර නොගන්න. ඔබ මෙතෙක් ඉගෙනගෙන ඇති සියලු දේ අමතක කර දමා, පරමාත්ම පියාව සිහිපත් කරන්න.

2. තමන් ආගන්තුකයෙක් බව සලකා, මෙම පැරණි ලොවෙහි ජීවත් වන්න. එයට සෙනෙහසක් ඇති කර නොගන්න. එය දෙස බලන්න, නමුත් නොදකින්න.

වරදානය:
ඔබ ධෛර්‍යයේ සහ දැඩි උනන්දුවේ හා උද්‍යෝගයේ පියාපත් සමඟ පියාසර කරන අවස්ථාවේදී දැඩි උත්සාහයක යෙදෙන්නෙකු බවට පත්වේවා.

පියාසර කරන අවස්ථාවේදී පියාපත් දෙක ධෛර්යය සහ දැඩි උනන්දුවේ හා උද්‍යෝගයේ පියාපත් වේ. ඕනෑම කාර්යයක සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා, ධෛර්යය සහ දැඩි උනන්දුව හා උද්යෝගය ඉතා අවශ්‍යය වේ. දැඩි උද්යෝගයක් නොමැති විට, තෙහෙට්ටුව ඇති අතර වෙහෙසට පත් වූවන්ට සාර්ථක විය නොහැකි වේ. වර්තමාන කාලයට අනුව, ඔබට පියාසර කිරීමේ අවස්ථාවක් නොමැති නම්, ඔබට ඔබේ ගමනාන්තයට ළඟා වීමට නොහැකි වනු ඇති අතර ඒ මන්ද යත් ඔබ කළ යුතු උත්සාහය මෙම එක් උපතකදී පමණක් වන අතර ඔබේ සාක්ෂාත් කර ගැනීම උපත් 21 සඳහා පමණක් නොවන අතර එය මුළු චක්‍රය සඳහාම වන බැවිනි. එබැවින්, ඔබේ දැනුවත්භාවය තුළ මෙම කාලය පිළිබඳ පිළිගැනීමක් ඇති විට, ඔබේ උත්සාහය ඉබේම බලවත් වනු ඇත.

පාඨය:
කාමධේනු (සියලු දෙනාගේම අවශ්‍යතාවයන් ඉටු කරන ගවයා) වන්නේ සෑම කෙනෙකුගේම අවශ්‍යතාවයන් ඉටු කරන අය පමණි.