01.05.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අසීමිත පියා ඔබගේ පියා, ගුරුවරයා මෙන්ම සත්ගුරු ද වන බවත් ඔහුට සර්ව ව්‍යාප්තී නොවිය හැකි බවත් ඔප්පු කර පෙන්වන්න.

ප්‍රශ්නය:
අද වර්තමානයේ ලෝකය පුරා අන්ත දුකක් පැතිරී ඇත්තේ ඇයි? දුකට හේතුව කුමක්ද?

පිළිතුර:
මේ කාලයේ දී මුළු ලෝකය පුරාවටම සෙනසුරු අපලය ලබා ඇති හෙයින් සෑම තැනම ඇත්තේ දුකයි. වෘක්ෂයේ දෙවියන් වන පියා පැමිණි විට සැමට බ්‍රහස්පති ලබනු ඇත. සත් යුගය හා රිදී යුගයේ ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයායි. රාවණ් පිළිබඳව කිසිම නමක් හෝ ස්වරූපයක් එහි නොමැති නිසා එහි කිසිඳු දුකක් නොමැත. පියා පැමිණ සිටින්නේ සතුටේ දේශය ස්ථාපනය කරවීමටයි. එහි කිසිඳු දුකක් තිබිය නොහැකියි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා දැන් තම මිහිරිතම දරුවන්ට පැහැදිලි කර දෙන්නේ දරුවන් වන ඔබ සෑම කෙනෙක්ම තමන් ජීව සත්තාවන් බවත් තමන් පැමිණියේ දුර ඈත වු තම නිවහනේ සිට බවත් ඔබ දන්නා නිසායි. ඔබ මෙහි පැමිණ තම චරිතය රඟපෑම සඳහා ශරීරයකට ඇතුළු වෙනවා. චරිතයක් රඟපාන්නේ ජීවයයි. දරුවන් වන ඔබලා තමන් ජීව සත්තාවන් වශයෙන් සලකමින් පියාවත් සිහිපත් කරමින් මෙහි අසුන්ගෙන සිටින්නේ, ස්මරණය මඟින් උපත් ගණනාවක පාප සියල්ල දුරුකර දැමිය හැකියි කියා බාබා පැහැදිලි කර ඇති නිසායි. මෙය යෝගාව වශයෙන් හැඳින්විය නොහැකියි. යෝගා උගන්වන්නේ සන්යාසීනුයි. ශිෂ්‍යයෙක් තම ගුරුවරයා සමඟත් දරුවන් තම පියා සමඟත් යෝගා සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා. මෙය ජීව උත්තරීතර ජීවයව මුණ ගැසෙනා හමුවීම වන අතර දරුවන් පියාව මුණ ගැසෙනා හමුවීම ද වේ. ඉතාමත් උසස්ම වූ මුණගැසීම මෙයයි. වෙන කිසිම දෙයක් යහපත් හමුවීමක් වන්නේ නැහැ. මෙය අපිරිසිඳු ලෝකයයි. ප්‍රදර්ශන වල දී හා කෞතුකාගාර වල දී මේවා පැහැදිලි කරනා විට, ජීවයේත් උත්තරීතර ජීවයේත් හැඳින්වීම ලබා දීම වඩාත් නිවැරදි දෙය වේ. සෑම ජිවයක්ම දරුවන් වන අතර ඔහු උත්තරීතර දේශයේ සිටිනා උත්තරීතර පියා, උත්තරීතර ජීවය වේ. දරුවෙක් තම පියාව උත්තරීතර පියා කියා හඳුන්වන්නේ නැහැ. මිනිස්සු උත්තරිතර පියාව සිහිපත් කරන්නේ දුකේදී පමණයි. අහෝ උත්තරීතර පියාණනි, උත්තරීතර ජීවයනි ! උත්තරීතර පියා සිටින්නේ උත්තරීතර දනව්වේයි. ඔබ ජීවය ගැනත් උත්තරීතර ජීවය ගැනත් දැනුම පැහැදිලි කර දුන්නත් පියවරු දෙදෙනෙක් සිටිනවා කියා කියන්න එපා. ඔහු පියා මෙන්ම ගුරුවරයා ද වන බව අනිවාර්යෙන්ම ඔබ පැහැදිලි කර දිය යුතුයි. අප සෑම කෙනෙක්ම සහෝදරවරුන් වන අතර ඔහු සියලුම ජීවයන්ගේ පියායි. භක්ති මාර්ගයේ දී සැම කෙනෙක්ම පියා වන දෙවියන්ව සිහිපත් කරන්නේ භක්තියේ ඵලය ලබන්නේ ඔහුගෙන් වන නිසාවෙනි. එනම්, දරුවන් තම පියාගෙන් උරුමය දිනා ගන්නවා. දෙවියන් භක්තියේ ඵලය දරුවන් වන ඔබට ලබා දේ. ඔහු ඔබට දෙන්නේ කුමක්ද? ඔහු ඔබව ලෝක පාලකවරුන් බවට පත් කරවනවා. කොහොමනමුත්, පියා කවුද යන්න නිකම්ම ඔප්පු කරන්න එපා. ඔහු ඔබගේ පියා වන අතර ඔබට උගන්වන කෙනා ද වේ. ඔහු සත්ගුරු ද වේ. සර්ව ව්‍යාප්තිය පිළිබඳ වූ සිතිවිල්ල විසි වී යන අන්දමට පැහැදිලි කරන්න. බාබා දැනුමේ සාගරය වන බවත් කියන්න. බාබා දැනුමේ සාගරය වන බවත් එකතු කරන්න. ඔහු මෙහි පැමිණ අපට රාජයෝගාව උගන්වනවා. ඔවුන්ට කියන්න ඔහු අපට උගන්වන ගුරුවරයා වන අතර කොහොමද සර්ව ව්‍යාප්ති වන්නේ? ගුරුවරයා අනිවාර්යෙන්ම ශිෂ්‍යයන්ගෙන් වෙනස් වන අතර පියා අනිවාර්යෙන්ම දරුවන්ගෙන් වෙනස් වනවා. ජීව, පියාව, උත්තරීතර ජීවය සිහිපත් කරන අතර ඔහුව ප්‍රශංසා කරනවා. මානව ලෝකයේ බීජය පියායි. පියා සත් යුගය ස්ථාපනය කරනා අතර අපි එහි වාසය කරන්නන් වේ. ඒත් සමඟම පියවරුන් දෙදෙනෙක් සිටිනා බවත් ඔහු පැහැදිලි කරනවා. ඔබගේ භෞතික පියා ඔබව පෝෂණය කරනා අතර පසුව අධ්‍යාපනය සඳහා ගුරුවරයෙක් ළඟට ඔබ යා යුතුයි. පසුව වයස අවුරුදු 60න් පසුව විශ්‍රාම යන ඔබලා ගුරු කෙනෙක් සොයා ගන්නවා. පියා, ගුරුවරයා හා සත්ගුරු සැම එකිනෙකට වෙනස්. මෙම අසීමිත පියා සෑම ජිවයකගේම පියායි. ඔහු දැනුමේ සාගරයයි. ඔහු මානව ලෝකයේ බීජය වන අතර සත්‍යය ද වේ. ජීවමය ශක්තිය හා ප්‍රමෝදයේ ප්‍රතිමූර්තිය ද වේ. ඔහු සතුටේ සාගරය මෙන්ම සාමයේ සාගරය ද වේ. ඔහුව ප්‍රශංසා කරන්න පටන් ගන්න. මන්ද, ලෝකය පුරා විවිධාකාර වූ මත ගණනාවක් ඇත. ඔහු සර්ව ව්‍යාප්ති නම් අපගේ ගුරුවරයා වී ඔහු අපට උගන්වන්නේ කෙසේද? ඔහු සත්ගුරු ද වේ ඔහු මඟ පෙන්වන්නා වී සෑම කෙනෙක්ම නැවත නිවස බලා ගෙන යයි. ඔහු ඔබට ස්මරණය උගන්වයි. භාරතයේ පුරාතන රාජයෝගාව ගැනත් සඳහන් වී තිබෙනවා. පැරණිතම යුගය වන්නේ සංගම යුගයයි. එය පැරණි ලෝකයත් නව ලෝකයත් අතරමැද ඇති කාල පරාසයයි. මීට වසර 5000කට පෙර පියා පැමිණ ඔබව තමාට අයිති කර ගත් බව ඔබට දැන් තේරෙනවා. ඔහු අපගේ ගුරුවරයාත් සත්ගුරුත් වනවා. ඔහු අපේ බාබා පමණක් නොවෙයි. ඔහු දැනුමේ සාගරයයි. එමෙන්ම අපට උගන්වනා ගුරුවරයායි. ලෝකයේ මුල, මැද හා අග ඔහු අපට උගන්වනවා. මන්ද, වෘක්ෂයේ දේවතාවරයා, බීජය වන්නේ ඔහුයි. ඔහු භාරතයට පැමිණි විට මුළු භාරතයටම බ්‍රහස්පති ලබයි. සත් යුගයේ සිටිනා සෑම කෙනෙක්ම සදා සතුටින් සිටිනා දේවතාවරුනුයි. එහි සෑම කෙනෙක්ටම ලබා ඇත්තේ බ්‍රහස්පති ග්‍රහයායි. පසුව ලෝකය තමෝප්‍රධාන් වුණු විට සෑම කෙනෙක්ටම සෙනසුරු ග්‍රහයා ලබනවා. රුක් දෙවියන් ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔබ ඔහු ගැන දන්නේ නැති නම්, ඔහුගෙන් උරුමය ලබා ගන්නේ කෙසේද? මෙහි ඉඳගන්නා විට අශාරීරිකව ඉඳගන්න. ජීව සෑම කෙනෙක්ම නිවහනින් වෙන් වී පැමිණියා යන දැනුම දැන් ඔබට ලැබී තිබෙනවා. රූකඩයක් නම් වූ ශරීරයක් පංච මහා භූතයන්ගේ එකතුවෙන් නිර්මාණය වුණු පසු ජීවයක් එයට ඇතුල් වෙනවා. සෑම කෙනෙකුගේම චරිතය තීරණය වී හමාරයි. පැහැදිලි කළ යුතු පළවෙනිම කාරණය නම්, පියා උත්තරීතර පියා සේම උත්තරීතර ගුරුවරයා ද වන බවයි. ලෞකික පියෙක්, ගුරුවරයෙක් හා ගුරු කෙනෙක් අතර වෙනස පෙන්වීමෙන් ඔවුන්ට මෙය ඉතාමත් ඉක්මනින් අවබෝධ කර ගත හැකි වී ඔබත් සමඟ වාද කිරීමට එන එකක් නැහැ. ජීවයන්ගේ පියාට සෑම දැනුමක්ම තිබෙනවා. මේක විශේෂත්වයක්. ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ රහස් අපට කියා දෙන්නේ ඔහු පමණයි. මීට පෙර, රිෂිවරුන් හා මුණිවරයින් කිව්වේ නිර්මාණකරු ගැනවත් නිර්මාණයේ මුල, මැද හෝ අග ගැනවත් අප දන්නේ නැහැ කියලායි. මන්ද, ඒ කාලයේ ඔවුන් සිටියේ සතෝ තත්ත්වයේයි. සෑම දෙයක්ම සතෝප්‍රධාන්, සතෝ, රජෝ හා තමෝ තත්ත්වයන් පසුකර යනවා. එය අනිවාර්යෙන්ම අළුත් තත්ත්වයෙන් පරණ වෙනවා. මෙම ලෝක චක්‍රයේ කාල පරාසය ගැනත් ඔබ දන්නවා. එහි කාල පරාසය කොතරම් දැයි යන්න මිනිසුන්ට අමතක වෙලා. කොහොමනමුත්, ඔවුන් ඒ ග්‍රන්ථ සියල්ල ආදිය නිර්මාණය කරන්නේ භක්ති මාර්ගයටයි. ඔවුන් ඒවායේ ගොඩාක් බොරු ලියා තිබෙනවා. සෑම කෙනෙකුගේම පියා එකම එක කෙනායි. ජීවන මුක්තිය දානය කරන්නා එකම එක කෙනෙක් වුණත් ගුරූන් රැසක් සිටිනවා. ජීවන මුක්තිය දානය කරනා සත්ගුරු කියා සිටිය හැක්කේ එක් අයෙක් පමණයි. තමන් ජීවන මුක්තිය ලබන්නේ කෙසේද යන්න ගැන ඔබගේ සිහියේ තිබෙනවා. ආදී සනාතන දේවී දේවතා ධර්මය ජීවන මුක්තිය යැයි කියනවා. එහි සිටින්නේ මිනිසුන් ටික දෙනයි. දැන් මිනිසුන් ගණනාවක් සිටිනවා. එහි දේවතාවරුන්ගේ අධිරාජ්‍යයක් තිබෙනා අතර පසුව එම වංශය වර්ධනය වෙනවා. පළමු ලක්ෂ්මී නාරායන්, දෙවන ලක්ෂ්මී නාරායන් හා තෙවන ලක්ෂ්මී නාරායන්. පළමු ලක්ෂ්මී නාරායන්ගේ අධිරාජ්‍යය ඇති කල සිටින්නේ මිනිසුන් ඉතාමත් ටික දෙනයි. මෙවන් සිතිවිලි ඇත්තේ ඔබට පමණයි. සියලුම ජීවයන්ගේ පියා වන සත්‍යය එකම එක කෙනෙක් කියා තේරුම් ගෙන සිටින්නේ දරුවන් වන ඔබලා පමණයි. ඔහු අසීමිත පියායි. සීමිත පියෙකුගෙන් ඔබ සීමිත උරුමයක් ලබනා අතර අසීමිත පියාගෙන් ඔබ පරම්පරා 21කට සත් යුගය නම් වූ අසීමිත උරුමයක් ලබනවා. මෙම පරම්පරා 21හිදීම ඔබ තමාගේ උපරිම ආයු කාලය බුක්ති විඳීමෙන් අනතුරුව පමණයි ශරීරය අතහැර දමා යන්නේ. එහිදී ඔබලා තමන් ජීව බව දන්නවා. මෙහිදී ඔබලා ශාරීරික අවධානයෙන් සිටිනා නිසා ජීවය ශරීරය අතහැර ගොස් වෙනත් ශරීරයක් ගන්නා බව ඔබ දන්නේ නැහැ. දැන් ශාරීරික අවධානයෙන් සිටිනා අයව ජීව අවධානයට පත් කරවිය හැක්කේ කාටද? දැන් මේ කාලයේ දී කිසිම කෙනෙක් ජීව අවධානයෙන් නැහැ. ඔබව ජීව අවධානයට පත් කරවන්නේ පියා පමණයි. එහිදී තම වැඩුණු ශරීරය අතහැර තමන් දරුවෙක් බවට පත්වෙන බව ජීව වන ඔබලා දැන් දන්නවා. සර්පයාගේ උදාහරණය දෙනවා. සර්පයාගේ උදාහරණයත් ගුමු ගුමු ගානා මී මැස්සාගේ උදාහරණයත් අදාල වන්නේ මේ කාලයටයි. ඒවා පසුව භක්ති මාර්ගයේ දීත් පාවිච්චියට ගන්නවා. ඇත්තටම කියනවා නම් කුණු ගොඩවල් වල සිටිනා කෘමීන්ට දැනුම දී, මිනිසුන්ව දේවතාවරුන් බවට පත් කරවන්නේ බ්‍රහමින් ගුරුවරුන් වන ඔබලායි. පියා තුළ දැනුම තිබෙනවා. දැනුමේ සාගරයත් සාමයේ සාගරයත් වන්නේ ඔහුම පමණි. සෑම කෙනෙක්ම ඉල්ලන්නේ සාමයයි. ඔහෝ සාමය දානය කරන්නාණනි! ඔවුන් කන්නලව් කරන්නේ කාටද? සාමය දානය කරනා සාම සාගරයේ ගුණ ගයනා ඔවුන් ඒත්, ඒ කිසිවක අර්ථය දන්නේ නැහැ. පියා කියනවා ඒ සියලුම වේද ග්‍රන්ථ හා ආගමික ග්‍රන්ථයන් සියල්ල අයිති භක්ති මාර්ගයටයි. උපත් 63කටම ඔබ භක්තිය කළ යුතුයි. ආගමික ග්‍රන්ථ රාශියක් තිබෙනවා. ආගමික ග්‍රන්ථ කියවීමෙන් ඔබට මා සොයාගත නොහැකියි. ඔබ මට කන්නලව් කරනවා පැමිණ අපව පාරිශුද්ධ කරවන්න. මෙය කුණු පිරුණු තමෝප්‍රධාන් ලෝකයයි. ඉන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඇත්තේ දුකම පමණයි. දුක ආවේ කොහෙන්ද? පියා ඔබට ලොකු සතුටක් ලබා දෙනවා. පසුව ඔබලා ඉනිමගේ පහළට එන්නේ කෙසේද? දැනුම හා භක්තිය සිහිපත් කරනවා. පියා ඔබට දැනුම උගන්වන අතර රාවණ් උගන්වන්නේ භක්තියයි. ඔබට පියාව දකින්නත් බැහැ, රාවණ්ව දකින්නත් බැහැ. මෙම ඇස් වලින් කිසිම කෙනෙක්ව දකින්න බැහැ. ජීවයට අවබෝධ කරගත හැකියි. අපි ජීව වන අතර ජීවයනට අනිවාර්යෙන්ම පියෙක් සිටිනවා. පියා පසුව ගුරුවරයා ද වෙනවා. ඔහු වගේ වෙන කිසිම කෙනෙක් නැහැ. ඔබ දැන් උපත් 21කටම ජීවන මුක්තිය ලබනා නිසා ගුරු කෙනෙක් ළඟට යාමට අවශ්‍ය වන්නේ නැහැ. පියා සෑම කෙනෙකුගේම පියා වන අතර ඔබට උගන්වන ගුරුවරයා ද වෙනවා. ඔහු සත්ගුරු, උත්තරීතර ගුරු වී සෑම කෙනෙක්ටම ජීවන මුක්තිය දානය කරනවා. තුන් දෙනාගෙන් එක් අයෙක් වත් සර්ව ව්‍යාප්තියි කියා කියන්න බැහැ. ඔහු ලෝකයේ මුල, මැද හා අග පිළිබඳ වූ රහස් කියා දෙනවා. මිනිස්සු ඔහුව සිහිපත් කරනවා ඔහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! සැමට ජීවන මුක්තිය දානය කරන්නාණනි, පැමිණෙන්න! සැමගේ දුක ඉවත් කර සතුට දානය කරන්න! අහෝ දෙවි පියාණනි! අහෝ ගැලවුම් කරුවාණනි! පසුව, මෙහෙමත් කියනවා ’අපගේ මඟ පෙන්වන්නා බවට පත් වී අපව නිවස වෙත ගෙන යන්න! මෙම රාවණ්ගේ රාජ්‍යයෙන් අපව නිදහස් කරවා ගන්න‘. රාවණ්ගේ රාජ්‍යය ඇත්තේ ලංකාවේ නොවෙයි. මේ මුළු පෘථිවි තලයේම දැන් පැතිරී ඇත්තේ රාවණ්ගේ රාජ්‍යයයි. රාමාගේ රාජ්‍යය ඇත්තේ සත් යුගයේ පමණයි. භක්ති මාර්ගයේ දී මිනිස්සු මහා පටලැවිල්ලකට පත් වෙලා. ඔබ දැන් උසස් වීම සඳහා ශ්‍රීමත් ලබා ගන්නවා. සත් යුගයේ භාරතය උසස් හා වන්දනාවට සුදුසු තැනක් වශයෙන් තිබුණා. දැනටත් ඔවුන් ඒ දේවතාවරුන් වන්දනා කරනවා. භාරතය පුරා බ්‍රහස්පති ග්‍රහයා ලබා තිබුණු කල එය සත් යුගය වුණා. දැන් එහි ඇත්තේ සෙනසුරු ග්‍රහයා වන අතර දැන් භාරතය පත්ව ඇති තත්ත්වය කොයි වගේද කියා බලන්න! සෑම කෙනෙක්ම අධර්මිෂ්ඨ වෙලා. පියා ඔබව ධර්මිෂ්ඨ කරවනා අතර රාවණ් ඔබව අධර්මිෂ්ඨ කරවනවා. තමන්ට රාම රාජ්‍යය අවශ්‍ය බව මිනිස්සු කියනවා. ඉන් අදහස් වන්නේ ඔවුන් සිටින්නේ රාවණ්ගේ රාජ්‍යයේ බවයි. ඔවුන් අපායේ වැසියනුයි. රාවණ්ගේ රාජ්‍යය හඳුන්වන්නේ අපාය ලෙසයි. දිව්‍යලෝකය හා අපාය දෙකටම ඇත්තේ එක සමාන කාල පරාසයනුයි. රාමාගේ රාජ්‍යය කුමක්ද, රාවණ්ගේ රාජ්‍යය කුමක්ද කියා දන්නේ දරුවන් වන ඔබලා පමණයි. එමනිසා, පළමුවෙන්ම ඔබ අන් අයව බුද්ධියේ විශ්වාසය ඇති අය බවට පත් කරවිය යුතුයි. ඔහු අපගේ පියා වන අතර සෑම ජීවයක්ම අපගේ සහෝදර වරුනුයි. පියාගෙන් උරුමයක් දිනා ගැනීමට සෑම කෙනෙක්ටම අයිතියක් තිබෙනවා. ඔබට එය ලැබුණා. පියා ඔබට රාජයෝගා උගන්වා සතුටු රාජ්‍යයේ පාලකවරුන් බවට පත් කෙරෙව්වා. අන් සෑම කෙනෙක්ම සාම දේශය වෙතට ගියා. රුක් දෙවියන් වන්නේ, මෙම ජීවමය ජීවය බව දන්නේ දරුවන් වන ඔබලා පමණයි. ඔහු තමයි සත්‍යය, ජීවමය සත්‍යය හා ප්‍රමෝදයේ ප්‍රතිමූර්තිය. ජීවයක් සත්‍ය වන අතර ජීවමය ද වනවා. පියාත් සත්‍යය මෙන්ම ගසේ ජීවමය බීජය ද වනවා. මෙය උඩු යටිකුරු වූ ගසකි එහි බීජය ඇත්තේ උඩ ඉහළයි. ඔබ තමෝප්‍රධාන් වුණු විට, තමා පැමිණ ඔබව සතෝප්‍රධාන් කරවනවා කියා පැහැදිලි කර කියා දෙන්නේ පියා පමණයි. ඉතිහාසය හා භූගෝලය නැවතත් කැරකෙනවා. (History & Geography) යන ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න එපා කියා ඔබට දැන් කියා තිබෙනවා. ඔබ පාවිච්චි කළ යුත්තේ හින්දි වචනයි. සෑම කෙනෙක්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මිනිස්සු විශ්වාස කරන්නේ දෙවියන් ගීතාව දුන්නේ සංස්කෘත බසින් කියලයි. සත් යුගයේ කුමාරයා වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණායි. මෙම භාෂාව එහි තිබුණා කියා කිසිම තැනක සඳහන් වී නැහැ. භාෂාවක් අනිවාර්යෙන්ම තිබුණා. රජ කවුරු වුණත් ඔහුගේ භාෂාව ඔහුටම ආවේණිකයි. සත් යුගයේ රජවරුන්ගේ භාෂාව ඔවුන්ටම අයිති එකක්. එහි සංස්කෘත භාෂාව නැහැ. සත් යුගයේ සිරිත් විරිත් කලි යුගයේ සිරිත් විරිත් වලට වඩා වෙනස්. සමාජයේ කලි යුග සිරිත් විරිත් වලට කැමති නැති, ඔබ සෑම කෙනෙක්ම මීරාවරුන්ය. කලි යුගයේ සිරිත් විරිත් අත්හල විට, රණ්ඩුසැවල් රැසක් ඇති වෙනවා. පියා ඔබට ශ්‍රීමත් දෙනවා ලොකුම සතුරා වන රාගය ජය ගන්න. ලෝකය ජයගත් අයගේ පින්තූරයත් ඔබ ඉදිරියේ තිබෙනවා. ලෝකය පුරා සාමය ස්ථාපනය වන්නේ කෙසේද යන්න පිළිබඳ වූ උපදෙස් ඔබට ලැබෙනවා. සාමය දානය කරන්නා කියා කියූ විට සිහිපත් වන්නේ එකම එක පියාව පමණයි. පියාම පැමිණ සෑම කල්පයකදීම සාමය ස්ථාපනය කරවනවා. චක්‍රයේ කාල පරාසය දීර්ඝ කරවා ඇති නිසා එය හරියට මිනිස්සු කුම්භකරණ නිද්‍රාවේ නිදාගෙන ඉන්නවා වගේයි. පළමුවෙන්ම ඔහු අපගේ පියා මෙන්ම ගුරුවරයා ද වෙනවා කියන දැඩි විශ්වාසය මිනිසුන් තුළ ඇති කරවන්න. ගුරුවරයා සර්ව ව්‍යාප්තියි කියා කිව හැක්කේ කෙසේද? පියා පැමිණ අපට උගන්වන්නේ කෙසේද කියා දරුවන් වන ඔබලා දන්නවා. ඔහුගේ චරිත කතාවත් ඔබලා දන්නවා. අපාය දිව්‍යලෝකයක් බවට පරිවර්ථනය කරවීමට පියා පැමිණෙනවා. ඔහු ගුරුවරයා ද වී අපවත් ඔහු සමඟ ගෙන යනවා. ජීව අවිනාශීයි. ජීවයක් තමාගේ සම්පූර්ණ චරිත කොටස රඟපා පසුව නිවස බලා යනවා. තමාව ආපසු ගෙන යාමට ඔබට මඟ පෙන්වන්නාත් අවශ්‍ය වෙනවා. ඔහු ඔබගේ මඟ පෙන්වන්නා වී ඔබව දුකින් ගලවා ගෙන සෑම කෙනෙක්වම නිවස කරා ගෙන යනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කලි යුගයේ සිරිත් විරිත් හා සමාජ මතවාද සියල්ල අත්හැර දමා උසස් දේවමය වංශයක සිරිත් විරිත් උකහා ගන්න. අශාරීරික පියා කියන්නාක් සේ අශාරීරික වීම පුහුණු කරන්න.

2. අසීමිත පියා, පියා හා ගුරුවරයා වනවාක් සේම ඔබගේ සත්ගුරු ද වේ. මෙම ප්‍රතිවිරෝධය පිළිබඳව සැමට කියා දෙන්න. අසීමිත පියා සර්ව ව්‍යාප්ති නොවන බව ඔප්පු කර පෙන්වන්න.

වරදානය:
ළාමක, දඟකාර හැසිරීම්වලින් ඈත් වී ආධ්‍යාත්මික සැපයේ රැඳී සිටින ඔබට ආදරණීය බුද්ධියක් ලැබේවා.

ඇතැම් දරුවන් තම සීමිත ස්වභාවයන් හා සංස්කාර නිසා ළාමක, දඟකාර ලෙස හැසිරේ. "මගේ ස්වභාවය" හෝ "මගේ සංස්කාර" ගැන කතා කරන විට, ඔවුන් බොළඳ, දඟකාර ලෙස හැසිරීමට පටන් ගනී. මෙම "මගේ" (මෙරා) යන වචනය ඔබව භ්‍රමණය (ෆෙරා) බවට පත් කරයි. කෙසේවෙතත්, පරමාත්ම පියාගේ ස්වභාවයට වඩා වෙනස් කිසිවක් "මගේ" නොවේ: මගේ ස්වභාවය පරමාත්ම පියාගේ ස්වභාවයට වඩා වෙනස් විය නොහැක. ඒ නිසා සීමිත ළාමක, දඟකාර හැසිරීම්වලින් ඈත්වී ආධ්‍යාත්මික සැපයේ සිටින්න. ආදරණීය බුද්ධියක් ඇති විට ඔබට සෙනෙහසින් සෙල්ලක්කාරව හැසිරිය හැකි වේ.

පාඨය:
ඔබ පරමාත්ම පියාට, සේවයට සහ පවුලට ආදරය කරන විට, ඔබ උත්සාහයෙන් නිදහස් වනු ඇත.