02.02.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, උසස් තත්ත්වයක් හිමි කරගැනීම සඳහා, පියා ඔබට උගන්වන දේවල්, කිසිදු වෙනසකින් තොරව, ඒ ආකාරයෙන්ම ධාරණය කරගන්න. නිරතුරුව, නොකඩවා ශ්‍රීමත් අනුගමනය කරන්න.

ප්‍රශ්නය:
ඔබට කිසිවක් ගැන පසුතැවිලී නොවීමට, ඔබ හොඳින් සිතා බැලිය යුත්තේ කුමක් ගැනද?

පිළිතුර:
සෑම ජීවාත්මයක්ම රඟපාන කුමන හෝ චරිත කොටසක් තිබේද, එය නාටකයේ නිවැරදිව නිශ්චිත වී තිබේ. මෙම නාටකය සදාතනිකයි, අවිනාශීය. මේ ගැන සිතන්න, එවිට ඔබ කිසි දේකට පසුතැවිලි නොවෙයි. පසුතැවිලි වන්නේ, නාටකයේ මුල, මැද සහ අවසානය ගැන අවබොධයක් නැති අය පමණයි. ඔය දරුවන් නොබැඳි නරඹන්නන් ලෙසින් නාටකය නැරඹිය යුතුයි - එය ඇති සැටියෙන්. මෙහි හැඬීම හෝ නොරොක් වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත.

ඕම් ශාන්ති.
ජීවාත්ම ඉතාමත්ම කුඩා බව, ආධ්‍යාත්මික පියා මෙහි අසුන්ගෙන ඔය ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර දෙයි. ජීවාත්මය ඉතා කුඩා නමුත්, කුඩා ජීවයට පෙනෙන ශරීරය, ඉතා විශාලයි. කුඩා ජීවාත්මය ඉන් වෙන් වන විට, ඔහුට කිසිවක් නොපෙනෙයි. ඔබ, ජීවය ගැන සහ එවැනි කුඩා තිතක් සිදුකරන කාර්ය ගැන සිතා බැලිය යුතුයි. එහි කිසියම් පළුදු ආදිය තිබේද කියා, ඉතා කුඩා දියමන්ති දෙස, විශාලක කාචයකින් බැලිය හැක. ජීවද ඉතාමත් කුඩාය. ඔවුන් දියමන්ති පරීක‍ෂා කිරීමට විශාලක කාචයක් භාවිත කරන අන්දම බලන්න. ජීවය වාසය කරන්නේ කොතැනද කියා බලන්න. ඔහුගේ සම්බන්ධය දෙස බලන්න. මෙම ඇස් දෙකින් ඔහුට මෙතරම් විශාල පොළවක් සහ අහසක් පෙනෙයි. තිත වෙන්ව යන විට, කිසිවක් ඉතිරි වන්නේ නැත. පියා තිතක් වන ආකාරයෙන්ම, ජීවාත්මයක්ද තිතකි. මෙතරම් කුඩා ජීවාත්මයක්, පිවතුරු සහ අපවිත්‍ර වෙයි. මෙම දේවල් ගැන ඉතා හොඳින් සිතා බැලිය යුතුයි. ජීවයක් යනු කුමක්ද හෝ පරමාත්ම ජීවය කුමක්ද කියා, වෙනත් කිසිවෙක් නොදනී. මෙතරම් කුඩා ජීවයක්, සිරුරක් තුළ සිටින විට, කරන දේ සහ දකින දේ බලන්න. මෙම ජීවය තුළ උපත් 84ක සම්පූර්ණ කොටසක් පටිගත වී තිබේ. ජීවාත්මයක් ක්‍රියා කරන ආකාරය විශ්මයකි. මෙතරම් කුඩා තිතක් තුළ උපත් 84කට, කොටසක් පටිගත වී තිබේ. ඔහු එක් ශරීරයක් හලා දමා තවෙකක් ගනී. නේරු මිය ගිය විට සහ ක්‍රිස්තු මිය ගිය විට, සිරුර මිය ගිය අතර, ජීවාත්මය සිරුර හැර ගියේය. සිරුර ඉතා විශාල වන අතර ජීවාත්මය අතිශයින් කුඩාය. බාබා බොහෝ විට මෙසේ විමසා තිබේ මෙම ලෝක චක්‍රය සෑම වසර 5000කට වරක් භ්‍රමණය වන බව, මිනිසුන්ට දැන ගන්නට ලැබෙන්නේ කෙසේද? කෙනෙක් මිය යන විට, එය අළුත් දෙයක් නොවෙයි. එම පුද්ගලයාගේ ජීවය එම සිරුර හැර ගොස් වෙනත් එකක් ගත්තා. එම ජීවාත්මය, වසර 5000කට පෙරද, මේ කාලයේදී එම නම සහ රූපය හැර දමා ගියා. ඔහු සිරුරක් හලා දමා තවෙකක් ගන්නා බව, ජීවාත්මය දැන් දන්නවා. ඔබ දැන් ශිව ජයන්තිය සමරයි. වසර 5000කට පෙරත් ඔබ ශිව ජයන්තිය සැමරූ බව ඔබ පෙන්වයි. සෑම වසර 5000කට වරක්ම දියමන්තියක් වැනි ශිව ජයන්තිය ඔබ සැමරුවා. මෙම දේවල් සත්‍යයි. ඔබ දැනුමේ සාගරය කැලතිය යුතුයි, එවිට ඔබට අන් අයට විස්තර කිරීමට හැකි වෙයි. මෙම උත්සව අළුත් නොවන බව ඔබ කියයි. සෑම වසර 5000කට වරක්, සියලුම නළුවන් තමන්ගේම සිරුරු ගන්නා සේ, ඉතිහාසය නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවෙයි. ඔවුන් තම නම්, රූප, ස්ථාන සහ කාලය හලා දමා වෙනත් ඒවා ගනී. මිනිසුන් පුදුමයට පත්වන ආකාරයට, මෙය ආවර්ජනය කර, ඒ ගැන ලියන්න. මා දරුවන්ගෙන් විමසන්නේ අප මින් පෙර හමු වී තිබෙනවාද? මෙය ඇසිය යුත්තේ කුඩා ජීවාත්මයෙන්. එම නමෙන් සහ රූපයෙන් මින් පෙර මාව මුණගැසුණාද? ඇසෙන්නේ ජීවයටයි. බොහෝ දෙනෙක් පිළිතුරු දෙන්නේ ඔව් බාබා අප මින් පෙර ඔබව පෙර කල්පයේදි මුණගැසුණා. ඔබ සෑම කෙනෙකුටම ඔබගේ බුද්ධිය තුළ චක්‍රයේ සම්පූර්ණ කොටස තිබේ. එම නළුවන් සීමිත නාට්‍ය වල සිටින අතර මෙය අසීමිත නාටකයයි. මෙම නාටකය ඉතා නිවැරදි එහි කිසිදු වෙනසක් විය නොහැක. යන්ත්‍රයකින් ක්‍රියාත්මක වන එම චිත්‍රපටි, සීමිතයි. නොකඩවා භ්‍රමණය වන තැටි, දෙකක් සිට හතරක් තිබිය හැක. එකම එක සදාතනික අවිනාශී අසීමිත නාටකය මෙය පමණයි. මෙතරම් කුඩා ජීවාත්මයක් චරිත කොටසක් රඟපා ඉන්පසුව එය තුළ ඇති වෙනත් කොටසක් රඟපායි. උපත් 84ක චිත්‍රපටි තැටියක් බොහෝ දිග වෙයි. මෙය සොබා දහමයි. මෙය සමහරුන්ගේ බුද්ධිය තුළ සනිටුහන් වෙයි. එය රෙකෝඩරයක් වැනිය එය බොහෝ ආශ්චර්යමත්ය. එය උපත් 8.4ක් විය නොහැක එය උපත් 84ක චක්‍රයකි. ඔබ එහි හැඳින්වීම ලබාදෙන්නේ කෙසේද? ඔබ මාධ්‍යවේදීන්ට එය විස්තර කළේ නම් ඔවුන් එය පුවත්පත් වල පල කරයි. ඔබට මෙය විටින් විට සඟරාවේද පල කළ හැක. අප කතා කරන්නේ මේ සංගම යුගයේ දේවල් ගැනයි. මෙම දේවල් ස්වර්ණමය යුගයේ හෝ කලි යුගයේ නොපවති. සතුන් ආදිය සහ අන් සෑම දෙයක් ගැනම කියනු ලබන්නේ, ඔබ වසර 5000කට පසුව නැවතත් ඒ සියලු දේ දකින බවයි කිසිදු වෙනසක් විය නොහැක. නාටකයේ ඇති සෑම දෙයක්ම නියමිතයි. සත් යුගයේ සතුන් ඉතා අලංකාර වෙයි. නාට්‍යයක රූගත කිරීම සිදුවන ආකරයෙන්ම, මුළු ලෝකයේම ඉතිහාසය සහ භූගෝලය රූගත කිරීම සිදුවෙමින් පවතිනවා. මැස්සෙක් පියඹා ගියොත්, එය ඒ ආකාරයෙන්ම නැවතත් සිදුවෙයි. අපි ඒ සුළු දේවල් ගැන දැන් කනස්සල්ලට පත්වන්නේ නැහැ. ප්‍රථමයෙන් පියාම පවසන්නේ මා සෑම යුගයකම සංගම යුගයෙදි මෙම භාග්‍යවන්ත රථය තුළට ඇතුළු වනවා. ඔහු එය තුළට ඇතුළු වන ආකාරය පැවසුවේ, ජීවාත්මයයි. ජීවාත්මය, ඉතාමත්ම කුඩා තිතකි. එවිට ඔහු දැනුමේ සාගරය ලෙසද හැඳින්වෙනවා. ඔය දරුවන්ගෙන්, මෙම දේවල් වටහාගැනීමට හැකි වන්නේ, නුවණ ඇති අයට පමණයි. මා සෑම වසර 5000කම පැමිණෙනවා. මෙය බොහෝ වටිනා ඉගෙනුමක්. නිවැරදි දැනුම තිබෙන්නේ පියාට පමණක් වන අතර ඔහු ඔය දරුවන්ට එය ලබාදෙයි. කෙනෙක් ඔබගෙන් විමසන්නේ නම්, සත් යුගයේ කාල වකවානුව වසර 1250ක් බව ඔබට සැනෙකින් ඔහුට කීමට හැකි වෙයි. එහි සෑම උපතකම කාල වකවානුව වසර 150කි. එතරම් දීර්ඝ කොටසක් වාදනය වෙයි. ඔබගේ බුද්ධිය තුළ මුළු චක්‍රයම තිබේ. අපි උපත් 84ක් ගන්නවා. මුළු ලෝකයම මේ ආකාරයෙන් නොකඩවා චක්‍රාකාරව භ්‍රමණය වෙයි. මෙම නාටකය සදාතනිකයි, අවිනාශී සහ පෙර නිශ්චිත වූ එකකි එයට අළුතින් එකතු කිරීමක් සිදුකළ නොහැක. මෙසේ සිහිකර තිබේ සෑම දෙයක්ම නියමිත වී ඇති බැවින් කිසි දෙයක් ගැන කනස්සලු වන්නේ කුමටද? සිදුවන කුමන දෙයක් වුවත් නාටකයේ නියම වී තිබේ. ඔබ නොබැඳි නරඹන්නෙක් ලෙසින් එය නැරඹිය යුතුයි. සීමිත නාට්‍ය වල එවන් චරිත කොටස් රඟපාන විට, මෘදු හදවත් ඇති අය අඬන්නට පටන් ගනි. එය නාටකයක් පමණක් වන නමුත් මෙය සැබැවයි. මෙහිදි, සෑම ජීවාත්මයක්ම තමන්ගේම චරිත කොටස රඟපායි. නාටකය කිසිදා නතර නොවෙයි. මෙහි ඇඬීම හෝ නොරොක් වීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙය අළුත් දෙයක් නොවෙයි. නාටකයේ මුල, මැද සහ අවසානය අවබෝධ කර නොගන්නා අය පමණයි පසුතැවිලි වන්නේ. මෙය දන්නේ ඔබ පමණයි. මෙකල මෙම දැනුම තුළින් අප ලබාගන්නා කුමන හෝ තත්ත්වයක් වෙයිද, චක්‍රය වටා යාමෙන් පසුව අප නැවතත් එයම බවට පත්වෙයි. මේවා ඔබ ආවර්ජනය කළ යුතු ඉතා ආශ්චර්යමත් දේවල්ය. කිසිම මනුෂ්‍යයෙක් මෙම දේවල් ගැන නොදනී. ඍෂිවරු සහ මුනිවරු පවා පැවසුවේ අප නිර්මාණකරු හෝ නිර්මාණය නොදනිමු. නිර්මාණකරු මෙතරම් කුඩා තිතක් බව, ඔවුන් දැනගන්නේ කෙසේද? නව ලෝකයේ නිර්මාණකරු, ඔහුම පමණයි. ඔහු ඔය දරුවන්ට උගන්වනවා. දැනුමේ සාගරය ඔහුයි. මෙම දේවල් විස්තර කරන්නේ ඔය දරුවන් පමණයි. ඔබ නොදන්නා බව ඔබ නොකියයි. පියා ඔබට මෙකල විස්තර කර දෙයි. ඔබට කිසි දේකට පසුතැවිලී වීමට අවශ්‍ය නොවේ. ඔබ නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටිය යුතුයි. එම නාටක වල සේයා පටිය, භාවිත කිරීම නිසා ගෙවී යයි එය පරණ වන විට ඔබ ඒ වෙනුවට අළුත් එකක් දමා පරණ එක විනාශ කර දමයි. මෙම නාටකය අසීමිතයි, අවිනාශීයි. ඔබ මෙම දේවල් ගැන සිතා බලා ඒවා ස්ථීර කරගත යුතුයි. නාටකය මෙයයි. අපි පියාගේ ශ්‍රීමත් අනුගමනය කරමින් අපවිත්‍ර බවින් පිවිතුරු වනවා. අපවිත්‍ර අපට පිවිතුරු වීමට හෝ තමෝප්‍රධාන් බවින් අපට සතෝප්‍රධාන් වීමට වෙනත් මඟක් තිබිය නොහැක. අපගේ චරිත කොටස් රඟපාන අතර, සතෝප්‍රධාන් බවින් අප තමෝප්‍රධාන් වී ඇති අතර අපි දැන් සතෝප්‍රධාන් විය යුතුයි. ජීවයක් විනාශ නොවන අතර ඔහුගේ චරිත කොටස විනාශ වන්නේද නැත. මෙවැනි දේවල් ගැන කිසිවෙක් සිතන්නේ නැත. මිනිසුන්ට මෙම දේවල් ඇසෙන විට ඔවුන් විශ්මයට පත්වෙයි. ඔවුන් කරන්නේ භක්ති මාර්ගයේ ආගමික පත පොත හැදෑරීම පමණයි. රාමායනය, භගවතය, ගීතාව ආදි සියල්ල එකයි. මෙහිදි ඔබ ඥාන සාගරය කැලතිය යුතුයි. අසීමිත පියා පහදා දෙන සෑම දෙයක්ම ඔහු විස්තර කරන එම ආකාරයෙන්ම අපි ධාරණය කරගත යුතුයි. එවිට අපට හොඳ තත්ත්වයක් හිමි කරගත හැක. සියලු දෙනාටම එකම ප්‍රමාණයට ධාරණය කර ගත නොහැක. සමහර මිනිසුන් බොහෝ ගැඹුරින් සහ සියුම්ව පහදා දෙයි. මෙකල ඔබ දේශන දීමට බන්ධනාගාර වලට යයි. ඔබ ගණිකාවන් වෙතටද යයි. බිහිරි සහ ගොළු අය වෙතටද ඔය දරුවන් යා යුතුයි, මන්ද ඔවුන්ටත් මෙයට අයිතියක් තිබේ. ඔවුන්ට සංඥා මගින් වටහාගැනීමට හැකි වෙයි. වටහාගන්න ජීවය තිබෙන්නේ ඇතුලතයි. ඔවුන් ඉදිරියේ පිංතූරයක් තබන්න, එවිට ඔවුන්ට අඩු තරමින් එය කියවීමට හැකි වෙයි. බුද්ධිය තිබෙන්නේ ජීවාත්මය තුළයි. කෙනෙක් අන්ධ වුවත් අංගවිකල වුවත්, ඔහුට එක හෝ තවත් ආකාරයකට වටහාගැනීමට හැකිය. අන්ධ අයට කන් තිබේ. ඔබගේ ඉනිමගෙහි පිංතූරය ඉතා හොඳයි. ඔබට මෙම දැනුම ඕනෑම කෙනෙකුට විස්තර කර, ඔවුන්ව දෙව්ලොව යාමට සුදුස්සන් බවට පත්කළ හැක. ජීවයට පියාගෙන් ඔහුගේ උරුමය හිමි කරගත හැක. ජීවයට දෙව්ලොව යා හැක. අවයව ආබාධිත විය හැක. එහි කොරගහන හෝ ආබාධිත කිසිවෙකු නැත. එහි ජීවාත්මය සහ සිරුර යන දෙකම පිවිතුරුයි. පදාර්ථද පිවිතුරුයි. අළුත් දේවල් නිසැකවම සතෝප්‍රධාන්ය. මෙම නාටකය, කල් තියා තීරණය වූ එකකි. එක තත්පරයක් ඊලඟ තත්පරයට සමාන විය නොහැක. එක හා සමාන තත්පර දෙකක් තිබිය නොහැක සෑම විටම සුළු වෙනසක් තිබෙයි. ඔබ එවන් නාටකය, නොබැඳි නිරීක‍්ෂකයෙක් විලසින්, එය ඇති සැටියෙන් වටහාගත යුතුයි. මෙකල ඔබට මෙම දැනුම ලැබෙන අතර ඔබට නැවතත් එය නොලැබෙයි. පෙර ඔබට මෙම දැනුම තිබුණේ නැහැ. මෙය සදාතනික සහ අවිනාශී පෙර නියමිත වූ නාටකය ලෙස හැඳින්වෙයි. එය හොඳින් තේරුම් ගෙන, ධාරණය කර අන් අයට විස්තර කරන්න. මෙම දැනුම දන්නේ ඔය බ්‍රහ්මනයන් පමණයි. ඔබට ශක්තිය දෙන බලවත් ඖෂධය ලැබෙනවා. හොඳම, වන ඕනෑම දෙයක් වර්ණනාවට ලක් වෙයි. නව ලෝකය ස්ථාපිත වන්නේ කෙසේද සහ එවිට එම රාජධානිය කෙබඳු වෙයිද කියා, ඔබ අංක පිලිවෙලට දැනගනී. මෙය දන්නා අයට අන් අයට විස්තර කිරීමටද හැක. ඔබට බොහෝ සතුට තිබේ. සමහරුන්ට සතයක් තරම්වත් වටින, සතුට නොමැත. එක් එක් කෙනාට තමන්ටම අයත් චරිත කොටස තිබේ. තම බුද්ධියේ මෙය සනිටුහන් වන අයට, සහ ඥාන සාගරය කලතන අයට, අන් අයට විස්තර කිරීමටද පුළුවනි. මෙය ඔබගේ ඉගෙනුම වන අතර ඔබ පත් වන්නේ එය බවටයි. ඔබට ඕනෑම කෙනෙකුට විස්තර කළ හැක ඔබ ජීවාත්මයක්. පරමාත්ම ජීවය සිහි කරන්නේ ජීවාත්මයයි. සියලුම ජීවාත්ම සහෝදරයන්ය. මෙසේ කියයි දෙවියන් එක්කෙනෙකි. සියලුම මනුෂ්‍යයන් තුළ ජීවයක් තිබේ. සියලුම ජීවයන්ගේ පාරලෞකික පියා එක්කෙනෙකි. තම බුද්ධියේ ස්ථීර විශ්වාසය ඇති අයගේ සිත වෙනස් කිරීමට කිසිවෙකුට නොහැක. ඔවුන් දුර්වල අයගේ සිත විගසින් වෙනස් කරයි. සර්ව ව්‍යාප්තියේ අදහස ගැන ඔවුන් බොහෝ තර්ක පවත්වයි. ඔවුන්ගේම දැනුම තුළ, ඔවුන්ද බොහෝ ස්ථාවරයි. ඔවුන් අපගේ ආගමට අයත් නොවීම, විය හැකිය. ඔවුන් දේවතා ධර්මයට අයත් බව ඔබට කිව හැක්කේ කෙසේද? ආදි සනාතන දෙවි දේවතා ධර්මය අතුරුදහන් වී ඇත. ඔබගේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් වූ අය, පිවිතුරු පවුල් මාවතට අයත් වූ බව ඔය දරුවන් දන්නවා. එය දැන් අපවිත්‍ර වී ඇත. මුලදි පිදුම් ලැබීමට සුදුසුව සිටි අය, දැන් පුදන්නන් වී ඇත. ඔබ බොහෝ කරුණු ඉගෙනගෙන තිබේ නම්, ඔබට තව බොහෝ දෙනෙකුට විස්තර කිරීමට හැකිවෙයි. ලෝක චක්‍රය භ්‍රමණය වන ආකාරය, පියා ඔබට විස්තර කරන අතර ඔබ ඉන්පසුව අන් අයට විස්තර කළ යුතුයි. ඔබ හැර වෙනත් කිසිවෙකු මෙය නොදනී. ඔබද අංකානුරූපයි. අළුතෙන් අය පැමිණෙන නිසා, බාබාටද කරුණු නැවත නැවතත් කීමට සිදුවෙයි. ආරම්භයේ ස්ථාපනය සිදුවූයේ කෙසේද කියා ඔවුන් විමසයි, එවිට ඔබට එය නැවත නැවතත් පැවසීමට සිදුවෙයි. ඔබ බොහෝ කාර්යබහුලව රැඳී සිටියි. ඔබට පිංතූර භාවිත කර විස්තර කිරීමටද පුළුවනි. කෙසේවෙතත් සෑම කෙනෙකුටම එකම ප්‍රමාණයට ඥානය ධාරණය කිරීමට නොහැක. මෙහි, ඔබට දැනුම අවශ්‍යයි, ඔබට සිහි කිරීම අවශ්‍යයි, එමෙන්ම ඔබට ඉතා හොඳ ධාරණාව අවශ්‍යයි. සතෝප්‍රධාන් වීම සඳහා ඔබ අනිවාර්යෙන් පියා සිහි කළ යුතුයි. ඇතැම් දරුවන් තමන්ගේම ව්‍යාපාරවල සිරවී සිටියි. ඔවුන් කිසිම උත්සාහයක් දරන්නේ නැත. මෙයත් නාටකයේ නියමිත වී ඇත. ඔබ එක් එක්කෙනා, පෙර කල්පයේ සිදුකළ උත්සාහය කෙතරම්ද, ඔබ නැවතත් එම උත්සාහයම දරයි. අවසානයේ ඔබ සහෝදරයන් ලෙස ජීවත් විය යුතුයි. ඔබ අශාරීරිකව පැමිණි අතර ඔබ අශාරීරිකව ආපසු යා යුතුයි. අවසානයේ ඔබට වෙන කිසිවෙකු සිහි නොවිය යුතුයි. තවමත් කිසි කෙනෙකුට ආපසු යා නොහැක. විනාශය සිදුවීමට පෙර කිසිවෙක් දෙව්ලොව යන්නේ කෙසේද? ඔවුන් නිසැකවම සූක‍්ෂම දේශයට යයි හෝ නැවත මෙහි උපතක් ගනී. තවමත් ඉතිරිව ඇති දුර්වලතා ඉවත් කරගැනීමට ඔවුන් උත්සාහ දරනු ඇත. නමුත් ඔවුන්ට වටහාගැනීමට හැකි වන්නේ ඔවුන් වයසින් වැඩුණු පසුවයි. මේ සියල්ල නාට්‍යයේ තීරණය වී ඇත. ඔබට ස්ථාවර ස්ථීතියක් තිබෙන්නේ අවසානයේදි පමණයි. ඔබ සෑම දෙයක්ම ලියාගන්නා විට, ඔබට ඒ සියල්ල සිහි වනවා නොවෙයි. එසේ නම් පුස්තකාල ආදියේ මෙතරම් පොත් තිබෙන්නේ ඇයි? වෛද්‍යවරු සහ නීතිඥයින් බොහෝ පොත් ළඟ තබාගනී ඔවුන් දිගටම ඒවා හදාරයි. එහි, මනුෂ්‍යයන්, මනුෂ්‍යයන් වෙනුවෙන් නීතිඥයන් වෙයි. ඔය ජීව, ජීව වෙනුවෙන් නීතිඥයින් වෙයි. ඔය ජීව, ජීවයන්ට උගන්වනවා. එය ලෞකික ඉගෙනුමක් වන අතර මෙය ආධ්‍යාත්මික ඉගෙනුමයි. මෙම ආධ්‍යාත්මික ඉගෙනුම තුළින්, ඔබ උපත් 21කට කිසිම වැරැද්දක් නොකරයි. රාවනගේ රාජධානියේ බොහෝ වැරදීම් සිදුවන අතර ඔබට ඒ නිසා බොහෝ සේ දරා ගැනීමට සිදුවෙයි. සම්පූර්ණයෙන් ඉගෙන නොගන්නා සහ තම කර්මතීට් තත්ත්වයට පත් නොවනා අයට, දඬුවම් දරාගැනීමට සිදුවෙයි. එවිට ඔවුන්ගේ තත්ත්වයද අඩුවෙයි. ඔබ ඥාන සාගරය කලතා, අන් අයට පිළිතුරු දෙන විට පමණයි, ඔබ මෙම දේවල් ගැන සිතන්නේ. පියාගේ ශිව ජයන්තිය සමරනු ලබන අතර, ඔහු පෙර කල්පයේද පැමිණි බව, ඔය දරුවන් දන්නවා. කිසිදු සටනක් ආදිය ගැන ප්‍රශ්නයක් නැත. ඒ සියල්ල ආගමික පොත්පත් වල ඇති දේවල්ය. මෙය ඉගෙනුමක්. ආදායමක් උපයා ගැනීමේදි සතුටක් තිබේ. සිය දහසක් උපයන අයට, වැඩියෙන් සතුට තිබේ. සමහරු කෝටිපතියන් වන අතර සමහරෙකුට තිබෙන්නේ මුදල් ටිකකි. කෙනෙකුට කෙතරම් දැනුමේ මැණික් තිබෙන්නේද, ඔවුන්ට ඒ තරමට සතුට තිබෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඥාන සාගරය කලතා, ඥානයේ මැණික් වලින් තමන්ව පුරවාගන්න. නාටකයේ රහස් ඉතා හොඳින් තේරුම් ගෙන, අන් අයටද එය විස්තර කර දෙන්න. කිසි දෙයක් ගැන පසුතැවිලි නොවන්න, නිරන්තරයෙන් ප්‍රබෝදමත්ව සිටින්න.

2. අවසානයේ ඔබට ඒකායන පියා හැර, වෙනත් කිසිවෙකු සිහි නොවීම සඳහා, දීර්ඝ කාලයක් පුරා ඔබගේ මානසික ස්ථීතිය නිරන්තර සහ ස්ථාවර කර ගත යුතුයි. ඔබ සහෝදරයන් බවත් ඔබ දැන් ආපසු නිවසට යන බවත්, පුහුණු වන්න.

වරදානය:
නොසැලකිලිමත්කමේ ඕනෑම රැල්ලකට සමු දෙමින් නිරන්තරයෙන් දැඩි උනන්දුව හා උද්යෝගය පවත්වා ගන්නා ඥානාන්විත ජීවාත්මයක් බවට ඔබ පත්වේවා.

සමහර දරුවන් අන් අය දෙස බලන විට නොසැලකිලිමත් වේ. ඔවුන් සිතන්නේ: හොඳයි, මෙය සෑම විටම සිදු වේ, එයට කමක් නැහැ. යමෙකු පැකිළෙන ආකාරය දෙස බලා ඔබ නොසැලකිලිමත් වී පසුව ඔබම පැකිළෙන්නේ නම් එය ඥානාන්විත වීමද? නොසැලකිලිමත්ව සිටින අයට පසුතැවිලි වීමේ කාලය ඉතා දුෂ්කර වන බැවින් බාප්දාදාට දයාව දැනේ. එමනිසා, ඥානාන්විත වන්න, නොසැලකිලිමත්කමේ හෝ අන් අය දෙස බැලීමේ රළ වලට ඔබේ මනසින් සමුදෙන්න. අන් අය දෙස නොබලන්න, නමුත් පියා දෙස බලන්න.

පාඨය:
උරුමක්කාර ගුණාත්මක ජීවාත්මයන් සූදානම් කරන විට හෙළිදරව් කිරීමේ බෙර වාදනය වනු ඇත.