02.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, අන් අයත් සමඟ තිබෙන සියලුම බැඳීම් නැතිකොට ඒකායන කෙනා සමඟ පමණක් සියලුම බැඳීම් තබාගන්න. ඔබ දකින සියලුම දෙනා දෙස සහෝදරාත්මක හැඟීමෙන් බලන්න. ශරීරය දෙස බැලීමෙන් ඔබගේ දැකීම දුර්වල කරගන්න එපා. එවිට ඔබගේ වචන වඩාත් බලවත් වෙයි.

ප්‍රශ්නය:
දරුවනි, ඔබ විසින් පියාට ණය ගෙවීමට තිබෙනවාද, නැතිනම් පියා විසින් ඔබට ණය ගෙවීමට තිබෙනවාද?

පිළිතුර:
දරුවනි, ඔබට උරුමයක් තිබෙනවා; බාබා තමයි ඔබට ණය. දරුවන් විසින් දෙන ත්‍යාග සියල්ලටම බාබා සිය දහස් ගණනකින් ගෙවිය යුතුයි. දෙවියන්ගේ නාමයෙන් ඔබ දැන් දෙනු ලබන සියලුම දෙයෙහි ප්‍රතිඵලය ඔබට ඊළඟ උපතේ දී ලැබෙනවා. ඔබ මෙහිදී දෙන සහල් අතමිටකට අනාගත ලෝකාධිපතියන් බවට පත්වීමට ඔබට පුළුවන්. එමනිසා, පරිත්‍යාශීලී සිතක් ඇති කරගන්න. නමුත් කිසිම විටෙක ඔබ බාබාට දෙනවා යැයි සිතන්න එපා.

ඕම් ශාන්ති.
සෑම ප්‍රදර්ශන ස්ථානයකමත්, කෞතුකාගාරයකටමත් මෙම දැනුම ලබා දෙන්න. මන්ද, ඔවුන් සියල්ලන්ම දැන් ඉන්නේ අසිහියෙන්. දරුවනි, ඔබ දන්නවා මෙය තමයි බොහොම ප්‍රයෝජනවත් වූ සංගම් යුගය කියලා. මේ ගැන සිහියෙන් ඉන්නේ ඔබ පමණයි. එමනිසා, අන් අයටත් මෙම සංගම් යුගයෙහි වැදගත්කම පෙන්වා දෙන්න. කෞතුකාගාර කියන්නේ විශාල සේවයක් කළ හැකි ස්ථානයක්. මිනිසුන් බොහොමයක් එම ස්ථාන වලට යනවා. නමුත් සේවය කරන දරුවන් බොහොම ටිකයි ඉන්නේ. සියලුම මධ්‍යස්ථාන සේවා ස්ථාන. දිල්ලි මධ්‍යස්ථානයෙහි ලියා තිබෙන්නේ, ආධ්‍යාත්මික කෞතුකාගාරය යනුවෙන්. කොහොමනමුත්, එහි අදහස නිවැරදි නැහැ. බොහෝ මිනිසුන් ඔබෙන් අසනවා ඔබ භාරතයට කරන සේවය මොකක්ද? කියලා. බාබා කියනවා මෙය විශාල කැළයක්. මේ අවස්ථාවේදී ඔබ ඉන්නේ සංගම් යුගයේ. ඔබ ඉන්නේ කැළයකත් නොවේ, ලස්සන වත්තකත් නොවේ. ඔබ දැන් ඒ ලස්සන වත්තට යාම සඳහා උත්සාහ කරනවා. ඔබ මේ රාවන්ගේ රාජ්‍යය රාමාගේ රාජ්‍යය බවට පත් කරනවා. මේ සඳහා වන වියදම් කොහොමද පියවා ගන්නේ කියා මිනිසුන් ඇසුවහොත් ඔවුන්ට කියන්න අපි බීකේවරු අපි විසින්ම වියදම් පියවා ගන්නවා කියලා. දැන් රාමාගේ රාජ්‍යය පැතිරීගෙන යන්නේ. ටික දවසකට මෙහි පැමිණ අප කුමක්ද කරන්නේ කියා බලන්න. අපගේ ඉලක්කය හා අරමුණ තේරුම් ගන්න. මිනිසුන් රාජාණ්ඩු ක්‍රමය අනුමත කරන්නේ නැති නිසා තමයි ඔවුන් ඒ ආණ්ඩු ක්‍රමය නවතා දැම්මේ. කොහොමනමුත්, මෙම අවස්ථාවේදී රජවරුන් පවා තමෝප්‍රධාන් තත්ත්වයට පත් වී ඇති නිසා කිසිම කෙනෙක් ඔවුන්ට කැමති නැහැ. කොහොමනමුත්, නාටකයට අනුව එය ඔවුන්ගේ වැරැද්දක් නොවේ. ඔවුන්ට රඟපෑමට ඇති කොටස තමයි ඔවුන් රඟපාන්නේ. බාබාගේ කොටස වන ස්ථාපනය ඔහු සෑම කල්පයකම සිදු කරනවා. ඔබ ඔබ වෙනුවෙන්මයි ගෙවන්නේ. ශ්‍රීමත් වලට අනුකූලව ඔබ ඔබගේ රාජ්‍යය නිර්මාණය කරනවා. වෙන කිසිම කෙනෙකේ මේ දේවල් පිළිබඳව දන්නේ නැහැ. ඔබ තමයි කිසිම කෙනෙක් නොදන්නා නමුත් සුප්‍රසිද්ධම යුධ භටයින්. ඒ වුණත් සාමාන්‍ය යුධ හමුදාවක නම්, නොදන්නා භටයින් නැහැ. සියලුම යුධ භටයින් සඳහා නාම ලේඛනයක් තබා තිබෙනවා. යුධ භටයකුගේ නමක් හෝ නොම්මරයක් නාම ලේඛනයේ නොතිබීම සිදුවිය නොහැකි දෙයක්. ඒ කොහොම වුවත් ඔබ සියලුම දෙනා කිසිම කෙනෙක් නොදන්නා යුධ භටයින්. ඔබගේ නම කිසිම ලේඛනයක නැහැ. ඔබ කිසිම යුධ අවියක් තබාගෙන ඉන්නෙත් නැහැ. කිසිම භෞතික භීතියක් මෙහිදී ඇති වන්නේ නැහැ. ඔබ මේ ලෝකය වෙනස් කරන්නේ ඔබගේ යෝග බලයෙනුයි. සත්‍යය තමයි සර්ව බලධාරියා. ඉතින්, ඔබ ඔහුගේ ස්මරණය තබා ගැනීමෙන් ඔහුගෙන් බලය ලබා ගන්නවා. ඔබ බාබා සමඟ යෝගා වෙන්නේ සතෝප්‍රධාන් තත්ත්වයට පත්වීමටයි. ඔබ සතෝප්‍රධාන් වූ විට ඔබට අවශ්‍ය වෙන්නේ සතෝප්‍රධාන් රාජ්‍යයක්. ඔබ එම රාජ්‍යය නිර්මාණය කරන්නේ ශ්‍රීමත් වලට අනුවයි. කිසිම දෙයක් අපට පෙනෙන්නට නොතිබේ නම්, එය සූක්ෂම දෙයක් ලෙස තමයි සළකන්නේ. ඔබගේ භෞතික ඇස් වලින් ඔබට ශිව බාබා දෙස බැලිය නොහැකියි. ඔබ සූක්ෂම වගේම ඔබ ඔහුගෙන් ලබන බලයත් ඉතා සූක්ෂම ආකාරයට තමයි එන්නේ. ඔබට තේරෙනවා දැන් ඔබ අපිරිසිඳු තත්ත්වයේ සිට පිරිසිඳු තත්ත්වයට පත්වෙනවා කියලා. පාරිශුද්ධත්වය තිබෙන තැන අනිවාර්යෙන්ම බලයකුත් තිබෙනවා. සත් යුගයේදී නම්, ඔබ සියලුම දෙනා පිරිසිඳු අය. බාබා ඔබට ඔබගේ උපත් 84හි කතන්දරය දැන් කියා දෙනවා. ඔබ බාබාගෙන් බලය රැගෙන පිරිසිඳු වී පසුව එම බලයෙන් එම පිරිසිඳු රාජ්‍යය පාලනය කරනවා. මේ ලෝකය භෞතික බලයක් මඟින් කිසිම විටෙක විනාශ කළ නොහැකියි. මෙහිදී ඔබගේ යෝග බලයේ ප්‍රශ්නයක් තමයි පැන නඟින්නේ. අනෙක් අය එකිනෙකා අතර සණ්ඩු කරමින් සිටින විට රාජ්‍යය ඔබේ අතට එනවා. ඉතින්, ඒ සර්ව බලධාරී බාබාගෙන් ඔබ අනිවාර්යෙන්ම බලය ලබාගත යුතුයි. ඔබ බාබා ගැනත් දන්නවා, ඒ වගේම ඔහු විසින් කරනු ලබන නිර්මාණයේ මුල, මැද හා අග පිළිබඳවත් හොඳින් දන්නවා. ඔබ දන්නවා ස්වදර්ශන චක්‍රය පවා කරකවන්නේ ඔබ විසින් පමණක් බව. සෑම දෙනාම මෙය මතක් කරන්නේ නැහැ. දරුවනි, ඔබ මේ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි. මන්ද, ඔබ තමයි මෙම දැනුම ලබා ගන්නේ. පිටස්තර ලෝකයේ කිසිම කෙනෙක් මේ දේවල් පිළිබඳව දන්නේ නැහැ. එමනිසා තමයි ඔවුන්ට මෙම පන්තියට පැමිණ අසුන්ගත නොහැක්කේ. ඔවුන් සියලුම දෙනා බාබා හට පාරිශුද්ධකරුවා ලෙස අඬ ගසනවා. නමුත් ඒ කිසිම කෙනෙක් ඔවුන් අපිරිසිඳු බව සළකන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම ගයනවා සීතාගේ රාමා, පාරිශුද්ධකරුවාණෙනි, මෙහි පැමිණෙන්න කියලා. ඔබ සියලු දෙනා මනමාලියන් වන අතර බාබා තමයි මනමාලයා. ඔහු සියලුම දෙනා ගලවා ගන්නට පැමිණෙනවා. ඔබව සරසන්නට පැමිණෙනවා. ඔබළඟ දැන් එන්ජිම දෙකක් තිබෙනවා. රොල්ස් රොයිස් එකක එන්ජිම කොතරම් අගේද? ඒ වගේම තමයි බාබාත්. ඔවුන් කියනවා අහෝ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! අපව පිරිසිඳු කර ඔබත් සමඟ ගෙන යන්න! යනුවෙන්. ඔබ සියලුම දෙනා මෙහි නිශ්ශබ්දව හිඳගෙන සිටිනවා. මෙහිදී සීනු හැඬවීම අවශ්‍ය නැහැ. මෙහි කිසිම අපහසු දෙයක් නැහැ. ඔබට තියෙන්නේ ඇවිදින විටත් බාබා මෙනෙහි කිරීමයි. ඔබට හමුවෙන සෑම කෙනෙකුටම මෙම මාර්ගය පෙන්වන්න. බාබා කියනවා මට වන්දනා කරන අයටත් ලක්ෂ්මී හා නාරායන්, රාධේ ක්‍රිෂ්ණා හට වන්දනා කරන අයටත් මෙය ලබා දෙන්න. මෙය ලබාගත හැකි යැයි සිතෙන අයට පමණක් මෙය ලබා දෙන්න. අපිරිසිඳුතාවය ඇති මිනිසුන්ම අපිරිසිඳු අයට දෙනවා. බාබා තමයි සර්ව අධිකාරීත්වයෙන් යුතු කෙනා. ඔබ ඔහුගෙන් බලය ලබාගෙන උසස් අය බවට පත් වෙනවා. රාවන් පැමිණෙන විට එය තමයි රිදී යුගයේත් තඹ යුගයේත් සංගමය. මෙය තමයි කලි යුගයේත් ස්වර්ණමය යුගයේත් සංගමය. ඔබ දන්නවා මෙම දැනුම කොතරම් කාලයකට තිබෙනවාද, වැඳීම කොතරම් කාලයකට තිබෙනවාද කියලා. එමනිසා, ඔබ එය තේරුම් ගෙන අන් අයටත් තේරුම් කර දිය යුතුයි. ප්‍රධානම දෙය තමයි ඒ අසීමිත පියාව සිහි කිරීම. ඒ අසීමිත පියා එන විට විනාශය අනිවාර්යෙන්ම සිදු වෙනවා. මහා භාරත යුද්ධය පටන් ගත්තේ කවදාද? බාබා විසින් රාජයෝග දැනුම ලබා දුන් පසුවයි එය සිදුවන්නේ. ඔබ දන්නවා විනාශය සිදුවන්නේ පරණ ලෝකයේ අවසානයේදීත් නව ලෝකයේ ආරම්භයේදීත් කියලා. දැන්නම් ලෝකයේ සියලුම දෙනා සිටින්නේ බලවත් අන්ධකාරයේ. ඔබ දැන් සියලුම දෙනා අවදි කළ යුතුයි. මිනිසුන් කල්ප භාගයක් තිස්සේම නිදාගෙන සිටියා. බාබා විස්තර කරනවා ඔබ ජීවාත්මයක් ලෙස සළකා සියලුම දෙනා දෙස සහෝදරාත්මක හැඟීමෙන් බලන්න. එවිට ඔබ අන් අයට දැනුම ලබා දෙන විට ඔබ කතා කරන වචන වල බලයක් තිබෙනවා. ජීවයන් තමයි පිරිසිඳු වන්නේත් අපිරිසිඳු වන්නේත්. ඔබ පිරිසිඳු වුවහොත් ඔබට පිරිසිඳු ශරීරයක් ලැබෙනවා. නමුත් තවම ඔබට එය ලබාගත නොහැකියි. ඔබ සියලුම දෙනා පිරිසිඳු විය යුතුයි. සමහරු යෝග බලයෙන් පිරිසිඳු වන අතර තවත් සමහරු දඬුවම් ලැබීම මඟිනුත් පිරිසිදු වෙනවා. මෙම ස්මරණයේ වන්දනා ගමනට තමයි ඔබ උත්සාහ කළ යුත්තේ. ඔබ කොහේ සිටියත් බාබාගේ ස්මරණයෙන් යුතු වන්න. පූජකවරුන් සෑම අවස්ථාවකම ජේසු තුමාගේ ස්මරණයෙන් තමයි ඉන්නේ. භාරතයේ මිනිසුනුත් නොයෙකුත් අය සිහි කරමින් යනවා. බාබා කියනවා එකම කෙනා හැර වෙන කිසිවෙක් ගැන මතක් කරන්න එපා. ඔබ මුක්තිය සඳහාත් ජීවන මුක්තිය සඳහාත් ඒ අසීමිත පියාගෙන් උරුමය ලබනවා. ඔබ එක් ක්‍ෂණයකින් ජීවන මුක්තිය ලබනවා. ස්වර්ණම යුගයේ සියලුම අය ජීවන මුක්තිය ලැබ සිටියා. නමුත් කලි යුගයේ සියලුම දෙනා සිටින්නේ නොයෙකුත් බැඳීම් වලින්. වෙන කිසිම කෙනෙක් මේ දේවල් පිළිබඳව දන්නේ නැහැ. දරුවනි, බාබා තමයි මේ සියලුම දේ ඔබට කියා දෙන්නේ. එමනිසා, ඔබ බාබාගේ නාමය පතුරුවාලිය යුතුයි. ඔබ සෑම තැනකම සංචාරය කළ යුතුයි. මේ සංගම් යුගයේ දී ඒ අසීමිත පියා මෙහි පැමිණ, අසීමිත උරුමය ලබා දීමේ ආරංචිය සෑම කෙනෙක්ටම ලබා දීම ඔබගේ කාර්යයක්. බාබා කියනවා මා පමණක් සිහි කරන්න. එවිට ඔබගේ සියලුම පව් නැති වී යයි. මෙය තමයි බාබා විසින් කියන ලද සත්‍ය ගීතාව. මිනිසුන් පස්සේ යාමට ගොස්, ඔවුන් නැවත නැවතත් පසු බසිනවා. ඔබ බාබාගේ දිශාවන් පිළිපැදීමෙන් ඔහුගෙන් උරුමය ලබනවා. එකම දෙය තමයි ඔබ යන සෑම තැනකදීම බාබාගේ ස්මරණයෙන් යා යුතුයි ඒ වගේම සියල්ලන්ටම මෙම දැනුම ලබාදිය යුතුයි. ඔබගේ බැජ් එකත් තියෙනවා. ඒවා නොමිලයේ ලබාදීම ප්‍රශ්නයක් නැහැ. නමුත් මොහු මෙය ලැබිය හැකි තරම් ශක්තිමත් කෙනෙක්ද කියා බැලිය යුතුයි. දරුවනි, බාබා ඔබට පැමිණිල්ලක් කරනවා ඔබ ඔබගේ භෞතික පියවරුන් මතක් කරනවා පාරලෞකික පියා වන මා අමතක කරලා! ඔබට ලැජ්ජාවක් නැද්ද ? ඔබම තමයි ඒ පිරිසිඳු ගෘහ ජීවිතයේ සිටියේ. ඔබ දැන් නැවතත් ඒ පිරිසිඳු තත්ත්වයට පත්විය යුතුයි. ඔබ තමයි බාබාත් සමඟ ගනුදෙනු හදා ගන්නේ. ඔබගේ ඇතුලාන්තයට ගොස් පරීක්‍ෂා කර බලන්න මගේ බුද්ධිය සෑම තැනකම යනවාද? ඔබ කෙතරම් දුරට බාබා සිහි කරනවාද? බාබා කියනවා අන් සියලුම දෙනා සමඟ ඇති බැඳීම් සියල්ල නවතා මොහුත් සමඟ පමණක් සම්බන්ධය තබා ගන්න. ඔබ කිසිම වැරැද්දක් නොකළ යුතුයි. ඔබට කියා තිබෙන්නේ කෙනෙක් දෙස බලන විට සහෝදරාත්මක හැඟීමෙන් බලන්න කියලා. එවිට ඔබ ශරීරය දෙස නොබලන නිසා ඔබගේ දැකීම දුර්වල වෙන්නේ නැහැ. කොහොමනමුත්, මෙම ඉලක්කය අපහසු ඉලක්කයක්. මේ අවස්ථාවේදී පමණයි ඔබ මෙම දැනුම ලබා ගන්නේ. හැමෝම සහෝදරත්වය ගැන කතා කරනවා. මිනිසුන් ඒ පිළිබඳව කතා කරන එක හරි. ඔබ සියලුම දෙනා ඒ උත්තරීතර පියා, උත්තරීතර ජීවයේ දරුවන්. බාබා සත් යුගය නිර්මාණය කරනවා. ඉතින් එසේනම්, ඇයි ඔබ සියලුම දෙනා පියා සත් යුගය නිර්මාණය කරන විට මෙහි ඉඳගෙන ඉන්නේ? මේ ආකාරයට විස්තර කරගෙන දිගින් දිගටම දියුණු වන්න. බාබාට නිරන්තරයෙන් විවෘත වන මධ්‍යස්ථාන සඳහා සේවය කරන ළමයින් අවශ්‍යයි. ඔබට සේවය සඳහා ආශාවක් තිබිය යුතුයි. ඔබ දන්නවා ඔබ විසින් බොහොමයක් දෙනෙකුට සේවය කළ යුතු බව. මේ සියලුම දේ බලා ගැනීම සඳහා හොඳ මහාරාතී ගුරුවරුන් අවශ්‍යයි. ගුරුවරුන් බිහිවෙන්නේත් අනුපිළිවෙලින්. බාබා කියනවා ඔබ ලක්ෂ්මී හා නාරායන් සඳහා තනවා තිබෙන කෝවිල් වලත් ශිවා සඳහා තනවා තිබෙන කෝවිල් වලත් සෙනග රැස්වන ගංගා අසලත් මෙම සේවය ගෙන යා යුතුයි. විස්තර කරන්න සත්‍යය විසින්ම කියනවා රාගය තමයි ඔබගේ ලොකුම හතුරා, ආදී වශයෙන්. ඔබ ශ්‍රීමත් වලට අනුව නිරන්තරයෙන් සේවයෙහි යෙදිය යුතුයි. මෙය ඔබගේ සත්‍යයේ පවුලයි. ඔබගේ මෙම පවුල තුළට විත් දවස් හතක් නැවතී මෙම භති එක කරන්න. දරුවනි, ඔබ විශාල සතුටක් අත්දැකිය යුතුයි. මේ අසීමිත පියා මඟින් තමයි ඔබ මිලියන ගණනින් වාසනාවන්ත වන්නේ. වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ, සත්‍යය විසින්ම අපට ඉගැන්විය හැකි බව. ඔබ මෙහි ඉගෙන ගන්නා නිසා ඔබ කොපමණ සතුටක් අත්දැකියි යුතුද? ඔබ මෙහි ඉගෙන ගන්නේ සියලුම ස්ථාන වලින් උසස්ම ස්ථානය කරා යාමටයි. එමනිසා, ඔබට හොඳ හදවතක් තිබිය යුතුයි. බාබා ඔබට ණය වෙලා ඉන්නේ. ඔබ දැන් සත්‍යය සඳහා දෙනු ලබන ඕනෑම දෙයක ඵලය ඔබට ලැබෙන්නේ ඊළඟ උපතේදීයි. ඔබ සියලුම දේ බාබාට දෙන විට බාබා ඔබටත් දිය යුතුයි. කිසිම විටෙක හිතන්න එපා ඔබ බාබාට යමක් දුන්නා කියලා. කිසිම වෙලාවක එසේ සිතන්න එපා. බොහෝ දෙනෙක්ට මෙවැනි සිතිවිලි තිබෙනවා මම බාබාට බොහෝ දේවල් දී තිබෙනවා නමුත්, මට කිසිම සත්කාරයක් නැහැ ආදී වශයෙන්. ඔබ සහල් අතමිටක් දීමෙන් මුළු ලොවක්ම ලබනවා. බාබා ඔබට දෙන කෙනෙක්. රජවරුන්ට රාජකීයත්වය තිබෙනවා. ඔබට රජ කෙනෙක් ප්‍රථම වතාවට හමු වී, ඔබ යම්කිසි ත්‍යාගයක් දුනහොත් ඔහු එය ඔහුගේම දෑතින් භාර ගන්නේ නැහැ. ඔහු ඔහුගේ පුරෝහිතයාට සංඥාවක් කරනවා එය ගන්න කියා. ශිව බාබාටත් ඔබගෙන් කිසිම ත්‍යාගයක් ගැනීමට බැහැ. ඔහු තමයි උත්තරීතර පියා. ඔබ ඔහු ඉදිරියෙන් ත්‍යාගයක් තබනවා. ඒ වෙනුවට ඔහු ඔබට සිය දහස් ගණනින් ලබා දෙනවා. කිසිම අවස්ථාවක හිතන්න එපා ඔබ බාබාට දුන්නා කියලා. සෑම විටම මතක තබා ගන්න ඔබ බාබාගෙන් ලබනවා කියලා. එහිදී ඔබ මිලියනපතියන් බවට පත් වෙනවා. ඔබ ප්‍රායෝගික වශයෙන් මිලියන ගණනින් වාසනාවන්තයින් බවට පත් වෙනවා. හොඳ පරිත්‍යාගශීලී හදවතින් දෙන බොහෝ දරුවන් ඉන්නවා. නමුත් සමහර මසුරු අයත් ඉන්නවා. ඔවුන් සිතන්නේ නැහැ ඔවුන් මිලියනපතියන් වන්නට යන බව. අපි ඉතා සතුටින් යුතු අය බවට පත් වෙනවා. දෙවියන්, පියා මෙහි නැති විට, ඔබ දෙන සෑම දෙයකටම ඔහුගෙන් ඔබට වක්‍රාකාරව ඵලය ලැබෙනවා. නමුත් ඒ තාවකාලිකවයි. ඔහු මෙහි ඉන්නා විට උපත් 21ක් සඳහා ඔබට තිළිණයක් ලබා දෙනවා. ශිව බාබාගේ නිධන් ගබඩාව නිරන්තරයෙන් පිරී ඉතිරී යනවා. බාබා හට ගණන් කළ නොහැකි තරම් දරුවන් ඉන්නවා, නමුත් ඔවුන් දෙන දෙය කෙතරම් සූක්ෂමව සිදුවෙනවාද බලන්න. බාබාත් බ්‍රහ්ම බාබාත් පමණයි මේ ගැන දන්නේ. බාබා ඉන්නේ බ්‍රහ්ම බාබා කියන බෑගයේ. මෙම බෑගය සාමාන්‍ය දෙයක් නිසා තමයි ළමයින්ට පිටට ගිය විට මෙය අමතක වෙන්නේ. දැනුමත් යෝගාත් තිබුණේ නැතහොත් එහි කුමන හෝ ප්‍රශ්නයක් තිබෙනවා. මායා බොහොම හොඳ ළමයින් පවා නැතිකර දමනවා. මායා බාබාගෙන් ඔවුන්ව ඈත් කරවනවා. ඔබට ශිව බාබා මතක් කිරීමට අපහසුද? ඔබ තුළ අප්‍රමාණ වූ සතුටක් තිබිය යුතුයි. ඔබ බලන් සිටි දවස දැන් ඔබ ළඟටම පැමිණ තිබෙනවා. ඔබ ඒ දවස්වල කිව්වා ඔබ පැමිණි විට මා ඔබ වෙනුවෙන්ම වෙන් වෙනවා කියලා. බාබා දැන් පැමිණ ඔබව ලබාගෙන තිබෙනවා. එමනිසා, ඔබ බොහොම වාසනාවන්තයි. ඔබ බොහෝ සෙයින් සතුට අත්දැකිය යුතුයි. කොහොමනමුත්, මායා තමයි ඔබගේ සතුට නැති කරන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබා විසින් දැන් ඔබව තෝරාගෙන තිබෙනවා. ඔහු ඔබගේ ගුරුවරයාත් වන නිසා දැන් ඔහු ඔබට උගන්වනවා. එමනිසා, ඔබ බොහොම වාසනාවන්තයි. ඔබගේ දසදහස් ගණනින් වූ වාසනාව මතක් කිරීමෙන් ඔබට සතුටු සිතින් සිටිය හැකියි.

2. සෑම ජීවාත්මයක්ම ඔබගේ සහෝදර ජීවාත්මයන්ය යන දැකීම තබා ගන්න. ශරීරය දෙස බලන්න එපා. බාබාත් සමඟ ගණුදෙනුව ආරම්භ කළ පසු ඔබගේ බුද්ධියට කිසිම තැනක යාමට ඉඩ දෙන්න එපා.

වරදානය:
ඔබ ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් වී, මෙම අලෞකික ජීවිතයේදි, ඔබගේ සම්බන්ධතා වල බලයෙන් අවිනාශී සෙනෙහස සහ සහයෝගය ලබා ගනිත්වා.

මෙම අලෞකික ජීවිතයේදි ඔය දරුවන්ට දෙයාකාරයකින් සම්බන්ධතාවන්හි බලය ලැබෙයි. එකක් සියලු සම්බන්ධතා පරම පියා සමග තිබීම වන අතර දෙවැන්න, ඔබගේ දිව්‍යමය පවුලේ අය සමග ඇති සබැදියාවන්ය. මෙම සම්බන්ධතා තුළින් ඔබට නිරතුරුව අඛණ්ඩව පරහිතකාමි සෙනෙහස, අවිනාශී සෙනෙහස සහ සහයෝගය ලැබෙයි. එබැවින් ඔබට සම්බන්ධතාවල එම බලයද තිබෙයි. ඔබ බොහෝ ශ්‍රේෂ්ඨ සහ අලෞකික ජීවිතයක බලය ඇති ආශිර්වාද ලත් ජීවාත්මයි, එබැවින් ඔබ ඉල්ලීම් (අර්සි) ඉදිරිපත් කරන අය නොවෙයි, නමුත් නිරතුරුවම සතුටින් රැදී සිටින අයයි(රාසි).

පාඨය:
අශාරීරිකව සහ නොබැදි නරඹන්නෙක් ලෙස හිදිමින් සැලසුමක් සාදන්න, එවිට ඔබ තත්පරයකදි නොකඩවා ඔබගේ මනෝ ස්ථිතිය සරළ කර ගනියි.