02.05.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැනුම ගයන කුරුල්ලන් බවට පත් වී අන් අයවත් පියා වැනි තත්ත්වයටම පත් කිරීමේ සේවය කරන්න. ඔබ වැනි තත්ත්වයට කී දෙනෙක් පත් කළාද යන්නත් ඔබගේ ස්මරණයෙහි වාර්තාව කෙසේ දැයි කියා පරීක්ෂා කර බැලීමත් සිදු කරන්න.

ප්‍රශ්නය:
වෙන කිසිම මනුෂ්‍යයෙක් විසින් පොරොන්දු විය නොහැකි පරමාත්ම දෙවියන් විසින් පමණක් ඔහුගේ දරුවන්ට පොරොන්දු වන දෙය කුමක්ද?

පිළිතුර:
බාබා කියන්නේ මම පොරොන්දු වෙනවා, මම අනිවාර්යෙන්ම ඔබ සියලු දෙනා නිවහන කරා ගෙන යනවා කියා. මගේ ශ්‍රීමත් පිළිපැද පිරිසිඳු වන්න. එවිට ඔබට ප්‍රථමයෙන්ම විමුක්තියටත් පසුව ජීවන මුක්ති දේශය වෙත යාමටත් හැකි වනු ඇත. සියලු දෙනාම විමුක්ති දේශය වෙත අනිවාර්යෙන්ම යා යුතුයි. කොහොමනමුත්, ඔබට එහි යාමට ඕනෑ වුවත් නැති වුවත් බලයෙන් හරි ඔබ ඔබගේ කර්ම අවසන් කළ යුතුයි. මම එන්නේ ඔබ සියලුම දෙනා ඔබගේ විශ්‍රාමික තත්ත්වයේ සිටින විටයි. මම සියලුම දෙනාවම නිවස කරා ගෙන යා යුතුයි.

ඕම් ශාන්ති.
දරුවනි, ඔබ දැන් ඔබගේ අධ්‍යාපනය වෙත සම්පූර්ණ අවධානය යොමු කළ යුතුයි. "සියලුම ගුණාංග වලිත් සපිරුණු, කලා දහසයෙන්ම සම්පුර්ණ වූ" යන පදය මෙහිදී මතක් වෙනවා. ඔබ දැන් මේ සියලුම ගුණාංග ඔබ තුළට ගත යුතුයි. ඔබ ඔබ තුළම පරීක්ෂා කර බැලිය යුතුයි මෙම ගුණාංග ඔබ තුළ තිබෙනවාද කියා. ඔබගේ අවධානය යොමු වන්නේ මෙම ගුණාංග තිබෙන අය වෙත පමණයි. මෙය ඇත්තෙන්ම ඔබ කෙතරම් දුරට අධ්‍යාපනය කරනවාද කොතරම් දුරට අන් අයට මෙය කියා දෙනවාද යන්න සමඟ තමයි බැඳෙන්නේ. ඔබ ඔබගෙන්ම ඇසිය යුතුයි ඔබ කී දෙනෙක්ට මෙම දැනුම ලබා දී තිබෙනවාද කියා. කොහොමනමුත්, තවමත් කිසිම කෙනෙක් දිව්‍ය තත්ත්වයට පත් වී නැහැ. පුර හඳක් තිබෙන විට එහි තිබෙන එළිය බොහෝ දුරකට විහි දෙනවා. මෙහිදීත් ඔබගේ උත්සාහය අනුව තමයි ඔබගේ තත්ත්වය ඔබට ලබා ගත හැක්කේ. දරුවනි, ඔබට මෙය හොඳින් තේරෙනවා, ඒ වගේම ඔබගේ ගුරුවරයාටත් මෙය හොඳින් තේරෙනවා. ඔහු ඔබ සියලුම දෙනා කෙරෙහි හොඳ අවධානයක් යොමු කරනවා; කෙතරම් දුරට ඔබ සේවය කරනවාද යන්නත් ඔහු අවධානයෙන් සිටින්නේ. බාබා ඔබ සියලුම දෙනා දෙස මල් ලෙස තමයි බලන්නේ. ඔබ සියලුම දෙනා ඔබගේ තත්ත්වය කුමක්ද කියා දන්නවා. ඔබ දන්නවා ඔබ කෙතරම් දුරට සතුටින් සිටිනවාද කියා. ඔබ සියලුම දෙනා මේ අතීන්ද්‍රිය සතුට අත් දකින්නේ ඔබගේ තත්ත්වය අනුවයි. පළමුවනම කාරණය තමයි බාබා හොඳින් ස්මරණය කිරීම. බාබා සිහිපත් කිරීමෙත් තමයි ඔබට දෙයක් ලබා ගත හැක්කේ. දරුවන්ට තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් වීමට ඉතා පහසු මාර්ගයක් පෙන්වා දී තිබෙනවා: ඒ තමයි ස්මරණය නමැති වන්දනා ගමන. ඔබ සියලු දෙනාම ඔබගේ හදවතින් ඇසිය යුතුයි: මගේ ස්මරණයෙහි වාර්තාව නිවැරදිද? මම අන් අයවත් මගේම තත්ත්වයට පත් කරනවාද? ඔබ තමයි දැනුම ගයන කුරුල්ලන් වෙන්නේ. සමහරු ගිරවුන් වන අතර සමහරු තවත් වර්ගයක කුරුල්ලෙක් බවට පත් වෙනවා. ඔබ පරවියන් බවට පත් නොවිය යුතුයි. ඔබ ගිරවුන් බවට පත් විය යුතුයි. ඔබ ඇතුළාන්තයට ගොස්, ඔබ කෙතරම් දුරට බාබා ස්මරණය කරනවාද යන්න බැලීම ඉතා පහසු දෙයක්. කෙතරම් දුරට ඔබ අතීන්ද්‍රිය සතුට අත් විඳිනවාද යන්න ඔබට පරීක්ෂා කර බැලිය හැකියි. ඔබ සාමාන්‍ය මනුෂ්‍යයින්ගෙන් අනිවාර්යෙන්ම දේවී දේවතා බවට පත් විය යුතුයි. මනුෂ්‍යයන් යනු මනුෂ්‍යයන්ය. ඔවුන් පුරුෂයන් හෝ ස්ත්‍රියන් වුවද ඔවුන් මනුෂ්‍යයන්ය. ඔබ දැන් දිව්‍යමය ගුණධර්ම උකහා ගනිමින් දේවී දේවතාවන් බවට පත් වෙමින් සිටිනවා. ඔබ හැර වෙන කිසිම කෙනෙක් දේවී දේවතාවන් බවට පත් වෙන්නේ නැහැ. ඔබ මෙහි පැමිණෙන්නේ දේවතා වංශයේ සාමාජිකයන් බවට පත් වීමටයි. ඔබ අතර කිසිම ශබ්දයක් හෝ කිසිම රණ්ඩුවක් හෝ එහිදී ඇති වෙන්නේ නැහැ. එවැනි පවුලක සාමාජිකයෙක් වීමට නම් ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. ඔබ විසින් නිවැරදිව විනීතව මෙම අධ්‍යාපනය කළ යුතුයි. මෙම අධ්‍යාපනය ඔබ විසින් කිසිම විටෙක අත් නොහැරිය යුතුයි. ඔබ අසනීපයෙන් සිටියත් ඔබගේ බුද්ධිය ශිව බාබාගේ ස්මරණයෙහි තිබිය යුතුයි. ඒ සඳහා ඔබගේ කට පාවිච්චි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඔබ දන්නවා ඔබ සියලුම දෙනා ශිව බාබාගේ ආදරණීය දරුවන් කියා. බාබා දැන් පැමිණ සිටින්නේ ඔහුත් සමඟ අප සියලු දෙනා ගෙන යන්නයි. ඔබ මෙම ස්මරණය ඉතා හොඳින් පුහුණු කළ යුතුයි. ඔබ කොහේ සිටියත් ශිව බාබාගේ ස්මරණයෙන් සිටිය යුතුයි. බාබා පැමිණ සිටින්නේ ඔබව සාමයේ දේශය හා සතුටේ දේශය වෙත ගෙන යාමටයි. එය ඉතා පහසුයි! බොහෝ දේ උකහාගත නොහැකි බොහෝ දෙනෙක් සිටිති. හරි, එහෙනම් ස්මරණයේ රැදී සිටින්න. මෙහි හිදගෙන සිටින ඔබ සියලු දෙනාම දරුවන්ය. එයත් අංකානුරූපයි. ඔව්, ඔබට අනිවාර්යෙන්ම ඒ බවට පත් වීමට තිබේ. ඔබ අනිවාර්යෙන්ම ශිව බාබා සිහිපත් කළ යුතුයි. ඔබ සියලු දෙනාම ඔබත් සමඟ මෙතෙක් කල් තිබූ සියලුම සබඳතා නවතා දැන් එකම පියා සමඟ පමණක් ඔබගේ සම්බන්ධය තබාගත යුතුයි. ඔබ වෙන කිසිම කෙනෙක් මතක් කරමින් නොසිටිය යුතුයි. ඔබ අවසානය වන තෙක්ම මෙම උත්සාහය කළ යුතුයි. ඔබ උත්සාහයක් දැරිය යුතුයි. ඇතුලාන්තයෙහි, එක් ශිව බාබා පමණක් සිහිපත් කිරීම තිබිය යුතුයි. ඔබ සංචාරයක හෝ විනෝද ගමනක යෙදෙන විට වුවද ඇතුලාන්තයෙන් එකම පියා පමණක් සිහි කළ යුතුයි. මේ සඳහා ඔබගේ කට පාවිච්චි කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම අධ්‍යාපනය ඉතාමත් පහසු අධ්‍යාපනයක්. බාබා ඔබට උගන්වා ඔහුගේ තත්ත්වයටම ඔබව පත් කරවනවා. දරුවනි, ඉතින් ඔබ නැවතත් ගෙදර යන විට මෙම තත්ත්වය ඔබ තුළ තිබිය යුතුයි. ඔබ මෙහි පැමිණියා සේම ඔබ නැවත යන විටත් මෙම සතෝප්‍රධාන් තත්ත්වය ඔබ තුළ තිබිය යුතුයි. මෙම කාරණය අන් අයට විස්තර කිරීම ඉතාමත් පහසු දෙයක්. ඔබේ ගෙදරදොරේ වැඩ සියල්ල කරමින් ඇවිදිමින් අවට ගමන් කරන අතරතුර ඔබ ඔබවම මල් බවට පත්කරවිය යුතුයි. ඔබ ඔබගේම ඇතුලාන්තය පරීක්ෂා කර බලන්න යම්කිසි දෙයක් ඔබට අවහිර කරනවා ද කියා. මෙසේ තමා ගැන පරීක්ෂා කර බැලීමෙහි ලා දියමන්තිය ඉතාමත් හොඳ නිදසුනක්. ඉතින් ඔබට පුළුවන් ඔබගේම කණ්ණාඩියෙන් බලන්න කුමක් හෝ කැළලක් හෝ පුංචි හෝ ශරීර අවධානයක් ඔබ හට තිබෙනවාද කියා. මේ අවස්ථාවේදී ඔබ සියලුම දෙනා උත්සාහයෙහි යෙදෙන්නන්. ඔබගේ අරමුණ හා ඉලක්කය ඔබ ඉදිරිපිට තිබේ. ඔබ මෙම ආරංචිය සියල්ලන්ටම ලබාදිය යුතුයි. බාබා කියනවා : ඔබ එයට විශාල ලෙස මුදල් වියදම් කළ යුතු වුවත් මෙය අනිවාර්යෙන්ම පත්තර වල දැමිය යුතුයි කියලා. එතකොට තමයි මිනිසුන් හට මෙම ආරංචිය ලැබිය හැක්කේ. ඔවුන්ට කියන්න බාබා සිහි කරන්න එවිට තමයි ඔබගේ පව් සිඳී යන්නේ කියා. එවිට තමයි ඔබට පිරිසිඳු විය හැක්කේ. තවම කිසිම කෙනෙක් එම පිරිසිඳු තත්ත්වයට පත් වී නැහැ. බාබා ඔබට කියා දී තිබෙනවා එම පිරිසිඳු ජීවයන් සිටින්නේ නව ලෝකයේ කියලා. මෙම පැරණි ලෝකය ඉතා අපිරිසිඳුයි. කිසිම ජීවයකට මෙම අවස්ථාවේදී පිරිසිඳු විය නොහැකියි. ඔබ පිරිසිඳු තත්ත්වයට පත් වූ විට ඔබට පුළුවන් ඔබගේ පරණ ශරීරය අත් හරින්න; ඔබ අනිවාර්යෙන්ම එම ශරීරය අත් හැරිය යුතුයි. බාබාගේ ස්මරණයෙන් සිටින විට ඔබට අනිවාර්යෙන්ම පිරිසිඳු විය හැකියි. ඔබ එම සාම දේශයේ සිට මෙහි පැමිණ මව් ගර්භය ගත් විගස නම්, ඔබ ඉතාමත් පිරිසිඳුයි. ඔබ විශාල චරිත කොටසක් මෙහිදී රඟපා තිබෙනවා. ඔබ මෙම චක්‍රය පුරාම ගොස් දැන් ඔබගේ නිවස වෙත යාමටත් කාලය උදා වෙලා. එතනින් ඔබ යන්නේ මාළිගාවක් වැනි වූ මව් ගර්භයකටයි. ඒ තමයි සතුටේ දේශය. කොහොමනමුත්, ඔබ විසින් එම තත්ත්වය ලැබීමට නම් ඔබ හොඳින් උත්සාහ කළ යුතුයි. මෙය ඇත්තෙන්ම අධ්‍යාපනයක්. දැන් මේ නිරය අවසන් වීමට යන අතර ශිවාගේ කෝවිල ආරම්භ වීමටයි යන්නේ. දැන් සියලුම දෙනා ඔවුන්ගේ නිවස බලා යා යුතුයි. ඔබත් දන්නවා ඔබගේ සිරුර මෙහිදී අත් හැර නව ලෝකයේ කුමර කුමරියන් වීමට යන බව. ඔබ සමහරු හිතනවා අපි සේවකයන්ගෙන් කොටසක් පමණක් වෙයි කියා. ඔබගේ මාර්ගය ඉතාමත් පැහැදිලි මගක් විය යුතුයි. ඔබ මේ බාබා පමණයි සිහි කළ යුත්තේ; වෙන කිසිම දෙයක් ඔබට මතක් විය නොයුතුයි. එවැනි ජීවයක් පිරිසිඳු යාචක ජීවයක් ලෙස බාබා හඳුන්වනවා. කිසිම ශරීරයක්වත් මෙහිදී මතක් විය යුතු නැහැ. මෙම ශරීර සියල්ලක්ම අපිරිසිඳු ශරීර බවට පත් වෙලා. මෙහිදී ඔබ ජීව මරණයක් අත් දැකිය යුතුයි. ඔබගේ බුද්ධියෙහි නිරන්තරයෙන් ඔබ නිවස කරා යන බව තිබිය යුතුයි. ඔබ ඔබගේ නිවස අමතක කර තිබෙනවා. එමනිසා, දැන් බාබා නැවතත් පැමිණ ඔබව එහි රැගෙන යනවා. මෙම සෙල්ලම දැන් අවසන් වෙමින් තිබෙන්නේ. බාබා විස්තර කරනවා : ඔබ සියලුම දෙනා දැන් ඔබගේ විශ්‍රාමික තත්ත්වයේ සිටින්නේ. මෙම ලෝකයේ සිටින සියලුම මිනිසුන් දැන් ඔවුන්ගේ විශ්‍රාමික තත්ත්වයෙන් සිටින්නේ. මම දැන් පැමිණ සිටින්නේ ඒ සියලුම දෙනා ශබ්දයෙන් තොර ලොවක් කරා ගෙන යාමටයි. බාබා කියනවා : දැන් තරුණ මහළු සියලුම දෙනා සිටින්නේ ඔවුන්ගේ විශ්‍රාමික තත්ත්වයේ කියා. ඔබ මුලදී මෙම විශ්‍රාමය යනු කුමක්ද කියා දන්නේ නැහැ. විශ්‍රාම ලබපු අය කුමන හෝ ගුරු කෙනෙක් සොයා යනවා. කල්ප බාගයක් මුළුල්ලේම ඔබ එවැනි භෞතික ගුරුවරුන් පසු පස ගියා. ඔබට මුලදී මේ කිසිම දෙයක් ගැන දැනුමක් තිබුනේ නැහැ. දැන් බාබා ඔහු විසින්ම කියනවා : තරුණ, මහළු සියලුම දෙනා දැන් ඔවුන්ගේ විශ්‍රාම අවධියට පැමිණ තිබෙනවා. සියලුම දෙනා අනිවාර්යෙන්ම විමුක්තිය ලැබිය යුතුයි. තරුණ, මහළු සියලු දෙනාම අවසාන වෙනවා. බාබා දැන් පැමිණ සිටින්නේ සියලුම දෙනා නිවස කරා ගෙන යාමටයි. දරුවනි, ඔබ මේ ගැන ඉතාමත් සතුටු විය යුතුයි. මෙහි නම් මිනිසුන් දුක පමණයි අත් දකින්නේ, ඔබ ඔබගේ ඒ සුමිහිරි නිවස මතක් කරනවා. මිනිසුන් හට එම නිවස කරා යලිත් යා යුතුව තිබෙනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඔවුන් එහි යා යුත්තේ කෙසේද කියා. ඔවුන් කියනවා : අපි සියලුම දෙනාට දැන් අවශ්‍ය සාමයයි. බාබා කියනවා : කොපමණ කාලයකට ඔබට සාමය අවශ්‍යද? ඔබ මෙහි සිටින විට ඔබගේ විවිධාකාරයේ චරිත කොටස් රඟ පෑ යුතුයි. කිසිම කෙනෙකුට මෙහිදී සාමයෙන් සිටිය නොහැකියි. කල්ප භාගයක් තිස්සේ එම ගුරුන් ඔබ නොයෙකුත් උත්සාහ වල යෙදවුවා. එසේ උත්සාහ කරමින් අන්ධ ලෙස ගිය නිසා ඔබ තව තවත් සාමය නැති කර ගත්තා. දැන් ඉතින් ඒ සාම දේශයේ පියාණන් ඔබ රැගෙන යාමට නැවතත් පැමිණ තිබෙනවා. ඔහුත් ඔබට උගන්වනවා. මිනිසුන් භක්ති කරන්නේ විමුක්තිය ලබා නිර්වාණ දනව්ව කරා යාමටයි; එය ශබ්ද වලින් තොර ලෝකය ලෙසත් හඳුන් වනවා. ඔවුන් සතුටු දේශය කරා යනවා යන්න කිසිම කෙනෙකුගේ මතයට ඇතුල් වන්නේ නැහැ. සියලුම දෙනා දැන් විශ්‍රාම තත්ත්වයට පත් වීමටයි යන්නේ; ශබ්දයෙන් තොර ලෝකයට (නිර්වාණයට ). නමුත් ඔබ උත්සාහ කරන්නේ සතුටු දේශය වෙත යාමටයි. ඔබ දන්නවා ඔබ ප්‍රථමයෙන්ම එම ශබ්දයෙන් තොර ලෝකය වෙත යා යුතුයි කියලා. දරුවනි, පරමාත්ම දෙවියන් විසින් දැන් ඔබට පොරොන්දුවක් වෙනවා : මම මාත් සමඟ මගේ සියලුම දරුවන් නිවහන වෙත රැගෙනත යනවා. ඔබ මේ සඳහා කල්ප භාගයක් තිස්සේම නොයෙකුත් කන්නලව් කරමින් සිටියා. දැන් ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීම මගින් මුක්තිය හා ජීවන මුක්තිය ලැබීමටයි යන්නේ. එසේ නැතිනම් ඔබ සියලුම දෙනා සාම දේශයට යන එක පමණයි සිදු වෙන්නේ. කෙනෙක් නිවස කරා යාමට කැමති වුවත් අකමැති වුවත් නාටකයට අනුව සියලුම දෙනා එහි යා යුතුයි. ඔබ එයට කැමති වුවත් අකමැති වුවත් මා පැමිණ සිටින්නේ ඔබ සියලුම දෙනා එහි රැගෙන යාමටයි. මම ඔබ සියලු දෙනාටම බලයෙන් හෝ ඔබගේ කර්ම අවසත් කිරීමට රුකුල් දී ඔබ සියලුම දෙනා නිවහන වෙත රැගෙන යනවා. ඒ සියලුම දෙනා ශබ්දයෙන් එපිට වූ එම සාම දේශයේ සිටින විට ඔබ සියලු දෙනාම සත් යුගය වෙත යනවා. කිසිම කෙනෙක් මෙහි ඉතිරි වන්නේ නැහැ. ඔබ නිවහන කරා යාමට අකමැති වුවහොත් ප්‍රථමයෙන්ම ඔබට දඬුවම් ලැබෙනවා. පසුව අනිවාර්යෙන්ම ඔබ මා සමඟ යා යුතුයි. ඒ තමයි මෙම නාටකය සකස් වී තිබෙන ආකාරය. එමනිසා තමයි ඔබ එහි යාමට පෙර ඔබ විසින් ලබා ගත යුතු සියලු ධනය දැන් ලබා ගන්නැයි කියන්නේ. ඔබ විසින් මේ ලබන තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක්. අවසානයේ දී එන දරුවන් මොනවගේ සතුටක් ද අත් දකින්නේ? බාබා සැමටම කියන්නේ දැන් ඔබ සියලුම දෙනා නිවස කරා යා යුතු බවයි. සියලුම ශරීරයන් ගිනි දළු අතර තිබිය දී මා සියලුම දෙනා නිවහන කරා ගෙන යනවා. මා විසින් ගෙන යන්නේ ඔබගේ ජීවාත්මය පමණයි. මගේ උපදෙස් යටතේ ඔබ දිව්‍යමය ගුණාංග උකහාගෙන සොළොස් කළා වලින් සමන්විත වුවහොත් ඔබට උසස් තත්ත්වයක් ලබා ගත හැකියි. එදවස් වල ඔබ මට කථා කොට කිව්වා: අප සියලු දෙනාටම මරණය ගෙන දෙන්න කියා. ඉතින් දැන් එම මරණය ඔබ ළඟට පැමිණ සිටිනවා. කිසිම කෙනෙකුට එයින් ගැලවුමක් නැහැ. මේ අපිරිසිඳු ශරීර කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. ඔබ මට කතා කළේ ඔබ සියලු දෙනාවම නිවස කරා ගෙන යාමටයි. එමනිසා, බාබා දැන් කියනවා : දරුවනි, මම දැන් ඔබ සියලු දෙනාම මෙම අපිරිසිඳු ලොවින් වෙන් කර ඒලස්සන නිවහන වෙත ගෙන යාමටයි පැමිණ සිටින්නේ. ඒ සියලුම පිළිම සාදා තිබෙන්නේ ඔබගේ ස්මරණයෙන් තමයි. දිල්වාලා (සියලුම දෙනාගේ හදවත දිනා ගන්නා කෙනා) හටත් දේවාලයක් තිබෙනවා. මෙහි අසුන් ගෙන සිටින්නේ ආදි දේව්. ශිව බාබාත් මෙහි ඉන්නවා. බාබාත් දාදාත් දෙදෙනාම මෙහි සිටිනවා, බාබා ඇතුල් වි සිටින්නේ මොහුගේ ශරීරය තුළටයි. ඔබ එහි යන විට ඔබට දක්නට ලැබෙන්නේ ආදි දේව්. ඔබගේ ජීවය තේරුම් ගන්නවා මෙහි අසුන් ගෙන සිටින්නේ බාප්දාදා බව. ඔබ විසිත් දැන් මේ රඟපාන චරිත කොටසෙහි මතකයෙත් තනන ලද සිහිවටන තමයි ඒ තියෙන්නේ. මහාරාතී (ඇත් සේනාව) ත් අශ්ව සේනාවකුත් පාබල සේනාවකුත් වශයෙන් කොටස් තිබෙනවා. නමුත් අජීවි මතක සටහන් වුවත් ඔබට තිබෙන්නේ ජීවී මතක සටහන්. එහි සිවිලිමෙහි දිව්‍යලෝකයත් පෙන්නුම් කර තිබෙනවා. ඔබ එහි නොයෙකුත් ආකාරයේ රූප දකිනවා. ඔබ දන්නවා දිල්වාලා දේවාලය මොන වාගේද කියලා. ඔබ දන්නවා මෙම දේවාලය කල්පයක් කල්පයක් පාසා ඔවුන් විසින් තනනවා කියා. ඔබ එහි ගොස් බලන්නේ ඒ එකම දෙයමයි. සමහර මිනිසුන් කලබල වී අහනවා: මෙම කඳු ආදිය දිරාපත් වී ගිය පසු ඒවා නැවතත් බිහි වන්නේ කොහොමද? එය විය හැකි දෙයක් ද? ඒ ආකාරයට හිතන්න එපා. දිව්‍යලෝකය දැන්ම පැමිණෙන්නේ නැහැ. එය කුමන ආකාරයටද පැමිණෙන්නේ? සියලුම දේ සිදුවන්නේ ඔබගේ උත්සාහය අනුවයි. ඔබ දැන් ඔබව සූදානම් කරන්නේ එම පාරාදීසය කරා යාමටයි. සමහර මිනිසුන් නොයෙකුත් නොතේරුම් ගැනීම් නිසා මෙම අධ්‍යාපනය නවතා දමනවා. බාබා කියනවා : මෙහි තිබෙන කිසිම දෙයකට ඔබ කලබල විය යුතු නැහැ. ඔබ මෙහිදී කරන සියලුම දේ ඔබගේම ලබා ගැනීම සඳහා කරන දේවල්. එය හඳුන්වන්නේ සතෝප්‍රධාන් ලෝකය ලෙසයි. ඔබ සමහරුන්ට එහි තිබෙන පළතුරු මල් ආදිය සමහර අවස්ථාවල දර්ශනය කරනවා. ඔවුන් සුක්ෂම ලොවට ගොස් අමෘතය බොනවා. කොහොමනමුත්, ඒ උත්තරීතර දනව්වේ මේ කිසිම දෙයක් ඔබට දක්නට ලැබෙන්නේ නැහැ. ඔබ ඒ දකින සියලුම දේ සිදු වන්නේ ඒ පාරාදීසයේදීයි. මෙම ලෝකයේ ඉතිහාසය හා භූගෝලය නැවත නැවතත් සිදු වෙනවා. ඔබට මේ පිළිබඳව හොඳ විශ්වාසයක් තිබිය යුතුයි. කොහොමනමුත්, ඔවුන්ට මෙම වාසනාව නැතිනම් ඔවුන් කියන්නේ: මෙය විය හැකි දෙයක්ද? දැන් අපට පෙනෙන්නට නැති මුතු මැණික් අපට දැකිය හැක්කේ කෙසේද? අපි කොහොමද වන්දනා ලැබීමට තරම් සුදුස්සන් වෙන්නේ. බාබා කියනවා : මෙම කතාන්තරයේ වන්දනා ලැබිය හැකි අය බවට පත් වී සිට පසුව නැවතත් වන්දනාකරුවන් බවට පත් වෙන්නේ කෙසේද කියා පවසා තිබෙනවා. ඔබ බ්‍රහ්මින් දරුවන් දේවී දේවතාවන් බවට පත් වී නැවතත් රණකාමීන්, වෙළඳ හා අවසානයේ ශුද්‍ර තත්ත්වයටත් පත් වෙනවා. මෙම නාටක චක්‍රය හොඳින් තේරුම් ගැනීම මගින් ඔබට ලෝක පාලකයත් වීමට පවා පුළුවන්. ඔබට මෙය හොඳින් තේරෙන තිසා තමයි ඔබ කියන්නේ: බාබා, අප දෙදෙනා මේ ආකාරයටම පසුගිය කල්පයේදීත් මුණ ගැසුණා කියා. ඇත්තෙන්ම මේ පිළිම සියල්ලම ඔබගේ ස්මරණයෙන් තනන ලද දේවල්. ඉතින් එම පාරාදීසය දැන් නැවතත් තැනෙනවා. ඔබගේ මෙම පින්තූර සියල්ලක්ම ඉතා වටිනා දේවල්. මිනිසුන් මේවා දකින විට බොහෝ සතුටු වෙනවා. ඔවුන් විසින් එවැනි පිත්තුර වෙන කිසිම ස්ථානයක දැක නැහැ. ඒ වගේම එවැනි දැනුමක් දෙන පින්තුර කිසිම කෙනෙකුට කිසිම දිනෙක නිර්මාණය කිරීමටත් බැහැ. ඔවුන්ට එය පිටපත් කිරීමටත් බැහැ. මෙම පින්තූර තමයි ඔබ වාසනාවන්ත බවට පත් කරවන ඔබගේ ධනය. ඔබ දන්නවා ඔබ ගන්නා සෑම පියවරක්ම සිය දහස් ගණනින් වටිනා පියවර බව; ඒවා ඔබේ ඉගෙනීමෙහි පියවරයි. ඔබ යෝග කරන තරමට, ඔබ දැනුම ලබා ගන්නා තරමට තමයි ඔබගේ වටිනාකම සිය දහස් ගණනින් ඉහළ යන්නේ. අනෙක් අතින් මායාත් ඇයගේ සියලුම බලයොදා ඔබ ළඟට එනවා. මේ අවස්ථාව්දී තමයි ඔබ අවලස්සන බවින් ලස්සන අය බවට පත් විය යුත්තේ. සත් යුගයේ දී නම් ඔබ ඉතාමත් ලස්සනයි. ඔබ ඉන්නේ රන් යුගයකයි. කලි යුගයේදී නම් ඔබ ඉතා අවලස්සනයි. ඔබ කලි යුගීන් ලෙස තමයි හැඳින්විය යුත්තේ. සියලුම දේ මෙම ආකාරයට වෙනස් වෙනවා. මෙම භුමිය නම් ඉතා නිසරු බිමක්. එහිදී නම් එම භුමිය පළවන පන්තියේ භුමියක්: සියලුම දේ ඇත්තේ සතෝප්‍රධාන් තත්ත්වයේ. ඔබ එවැනි රාජ්‍යයක පාලකයන් බවට පත් වීමටයි යන්නේ. ඔබ බොහෝ අවස්ථාවල මෙම රාජ්‍යයේ පාලකයන් බවට පත් වූවා. දැන් ඔබ නැවතත් එම රාජ්‍යයේ පාලකයන් වීමට උත්සාහ දැරිය යුතුයි. ඔබ උත්සාහ කළේ නැතිනම් එම තත්ත්වය ලබන්නේ කෙසේද? මෙහි කිසිම අපහසුවක් නැහැ. දැන් මුරලි මුද්‍රණය වෙමින් පවතිනවා. නමුත් පහු වන විට එය සිය දහස් ගණනින් මුද්‍රණය විය යුතුයි. දරුවන් කියයි ඔවුන්ට ඇති සියලුම මුදල් මෙම අධ්‍යාත්මික පවුල වෙනුවෙන් ඔවුන්ට වියදම් කිරීමට අවශ්‍යයයි කියා. එය නිකම් තබා ගෙන සිටීමෙන් ඇති ඵලය කුමක්ද? ඔබ තවත් දුරට යන විට සිදු වන්නේ කුමක්ද කියා බලන්න. ඔබ විනාශය සඳහා සියලුම සූදානම් කිරීම් දකිවී. දැන් ඒ සඳහා පුහුණු කිරීම් තිබෙනවා. පසුව ඔබට සම්පුර්ණ සාමය අත් දැකිය හැකියි. ඔබගේ බුද්ධීන් වල ඔබට මේ සියලුම දැනුම තිබෙනවා. එය ඉතා පහසුයි. බාබා පමණක් සිහි කරන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සම්පූර්ණ වූ පිරිසිඳු යාචකයෙක් වීමට නම් ඔබගේ ශරීරය අමතක කර දමන්න. ඔබගේ බුද්ධිය පිරිසිඳුව තබා ගන්න. ඔබගේ බුද්ධියෙහි නිතරම තිබිය යුතුයි ඔබ දැන් මෙම චරිත කොටස අවසන් කර ඔබගේ සුමිහිරි නිවහන වෙත යන බව.

2. ඔබ ඉගෙන ගන්නා සෑම පියවරක්ම සිය දහස් ගණනින් වටී. එමනිසා, දිනපතා ඉතා හොඳින් ඔබ මෙම අධ්‍යාපනය හැදෑරිය යුතුයි. එම දිව්‍යමය පවුලේ සාමාජිකයෙක් වීමට නම් ඔබ හොඳින් උත්සාහ කළ යුතුයි. ඔබ ඔබගෙන්ම අසන්න මා කෙතරම් දුරට අතින්ද්‍රිය සතුටක් අත් දකිනවාද කියා. ඔබට එම සතුට තිබෙනවාද?

වරදානය:
ඔබ සහයෝගීත්වයේ හස්තය සමග බුද්ධියේ ඇසුරින් වින්දනය විඳින වාසනාවන්ත ජීවාත්මයක් වේවා.

සහයෝගීතාවයේ සලකුණ නිරූපනය කර ඇත්තේ අතක අතක් අතැතිවය. පරමාත්ම පියා සමඟ නිරතුරුව සහයෝගයෙන් කටයුතු කිරීම යනු ඔබේ අත ඔහුගේ අතේ තබා ගැනීමයි. ඔබේ බුද්ධිය සමඟ ඔහුගේ ඇසුරෙහි නිරතුරුවම රැඳී සිටීම යනු ඔබේ හදවතින් එක් අයෙකුට ආදරය කිරීමයි. ඔබ ඔහු සමඟ අත්වැල් බැඳගෙන දේව උද්‍යානයක ගමන් කරන බව නිරතුරුව සිහිතබා ගන්න. එසේ කිරීමෙන්, ඔබ නිරන්තරයෙන් විනෝදාස්වාදය ලබා ගන්නා අතර නිරන්තරයෙන් සතුටින් හා පූර්ණ වනු ඇත. එවැනි වාසනාවන්ත ජීවාත්මයන් නිරන්තරයෙන් සතුට අත්විඳියි.

පාඨය:
ඔබගේ ආශිර්වාද ගිණුම රැස් කර ගැනීමේ මාර්ගය නම් සතුටින් සිටීම සහ අන්‍යයන් සතුටු කිරීමයි.