03.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සෑමවිටම පරම පියාගේ ස්මරණයෙහි ප්‍රීතියෙන් පිරී සිටින්න. වාතාවරණය පාරිශුද්ධ කිරීමේ සේවය ඔබට යෝග බලයෙන් කිරීමට තිබෙන නිසා නොකඩවා පරණ ශරීරයන් හි අවධානය අත්හරින්න.

ප්‍රශ්නය:
ශිෂ්‍යත්වයක් අත්කර ගැනීමට සහ රාජධානිය සඳහා තිලකයක් ලබන්නට ඔබ විසින් කළ යුතු උත්සාහය කුමක්ද?

පිළිතුර:
ස්මරණ වන්දනාව මත ඉඳීමේ උත්සාහයේ ඔබ යෙදෙන විට ඔබට රාජධානියේ තිලකයක් ලබාගත හැකි වනවා ඇත. තමන් විසින් එකිනෙකා සහෝදරයන් වශයෙන් සලකන්න පුරුදු වූ විට නම සහ රූපයේ අවධානය ඉවත් වී යනවා ඇත. නිෂ්ඵල දේවල් කිසිසේත් සවන් නොදෙන්න. පරම පියා විසින් කියන දේවල් පමණක් සවන් දෙන්න අනෙකුත් සියලු දේ වලට ඔබේ කන් වසාගන්න. සම්පූර්ණ අවධානය යොමු කළ විට පමණයි ඔබට ශිෂ්‍යත්වයක් දිනාගත හැකි වන්නේ.

ඕම් ශාන්ති.
ඔබ දරුවන් දන්නවා තමන් ශ්‍රීමත් අනුගමනය කිරීම මගින් ඔබේ රාජධානිය ස්ථාපනය කරමින් සිටින වග. ඔබේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින් ඔබ සේවය කරනා ප්‍රමාණය අනුවයි ඔබටම යහපත සලස්වා ගන්නේ. මෙහිදී, ගැටුම් වැනි දෙයක් නොතිබේ. ඔබ සරලව මේ පරණ ලොවේ අවධානය අතහැර ගොස් එහි සේන්දු වෙයි. බාබා සිහිපත් කිරීමෙන් ඔබට විශාල සතුටක් ඇතිවේ. ඔබ සැමවිටම ස්මරණයෙහි සිටියොත් ඔබට සතුටම පමණක් තිබෙයි. පියා අමතක කිරීමෙන් ඔබ මැලවී යයි. ඔය දරුවන් සැම විටම සතුටින් සිටිය යුතුයි. මා ජීව සත්තාවක්, මාගේ පියා වූ ජීව සත්තාව මේ කටින් කතා කරනවා. මා ජීව සත්තාව මේ කන් වලින් සවන් දෙනවා. එවැනි පුරුදු පුහුණුව ඇතිකිරීමට ඔබ උත්සාහ කළ යුතුයි. ඔබ නිවසට ආපසු යන්නේ පරම පියා ස්මරණය කරමිනි. මෙම ස්මරණ වන්දනාව ඔබට විශාල බලයක් ලබා දෙයි. ඔබ ලොවට අධිපතීන් වීමට බොහෝ ශක්තිය ඔබට ලැබෙයි. පරම පියා කියනවා: ඔබ සදා මා පමණක් ස්මරණය කරන්න, ඔබේ පාපයන් ක්‍ෂය වී යාවි. ඔබ මෙය ස්ථිර කරගත යුතු වේ. මනස හික්මීමේ මෙම මන්ත්‍රය ප්‍රයෝජනවත් වනවා ඇත්තේ අවසානයේදීය. ඔබ විසින් සෑම කෙනෙකුටම දීමට ඇති පණිවිඩය නම්: තමාව ජීවාත්මයක් ලෙස සලකන්න: එම ශරීරය නැසෙන සුළුයි. පරම පියාගේ නියෝගය: මා ස්මරණය කරන්න. එවිට ඔබ පාරිශුද්ධ වේවි. ඔය දරුවන් පරම පියාගේ ස්මරණයෙහි ඉඳිනවා. එයත් සමඟ, නිර්මාණයේ මුල, මැද සහ අන්තය ගැන දත් හෙයින් ඔබට දැනුමත් තිබෙනවා. ඔබ ජීවාත්මයන් සියලු දැනුම ඇත්තන්ය. ඔබ ස්වදර්ශන චක්‍රධාරින් වේ. ඔබ මෙහි ඉඳිමින් විශාල ආදායමක් උපයා ගෙන ඇත. ඔබ දිවා රාත්‍රියේ හුදෙක් උපයමින් සිටින්නේ. මෙහි පැමිණියේ සත්‍ය ආදායමක් ඉපයීම සඳහායි. වෙන කොතැනකවත් ඔබත් එක්ක යන ආදායමක් ඔබට ඉපයිය නොහැක. මෙහි මධුභන් වල ඔබට වෙනත් රාජකාරියක් නැත. වාතාවරණය ඉතාමත් හොඳයි. ඔබ යෝගා බලයෙන් වාතාවරණය ශුද්ධ කිරීමත් කරයි. ඔබ බොහෝ සේවය කරයි. තමන්ට සේවය කරන්නන් ද භාරතයට සේවය කරයි. අනතුරුව මෙම පරණ ලොව පවා නොපවතී. ඔබද මෙහි නොසිටී. ලොව එවිසින්ම අළුත් වේවි. ඔය දරුවන්ගේ බුද්ධියෙහි සියලු දැනුම ඇත. ඔබ පෙර චක්‍රයේ සේම නොකඩවා සේවයේ යෙදෙනා බවත් ඔබ දැන සිටී. දිනෙන් දින, ඔබ අන් බොහෝ දෙනෙක්ව ඔබට සමාන කරවයි. මෙම දැනුමට සවන් දෙන විට ඔබට හිරිගඩු පිපී ඔබ බොහෝ සතුටට පත් වෙනවා. මිනිස්සු මේ දැනුම මින් පෙර කිසිවකුගෙනුත් නොඇසූ බවත් ඔබ බ්‍රහමින්වරුන්ගෙත් පමණක් ඇසූ බවත් කියති. භක්ති මාර්ගයේ උත්සාහයක් අවශ්‍ය නොවේ. එහෙත් මෙහි ඔබට සම්පූර්ණ පරණ ලොවම අමතක කරන්නට සිදු වේ. මෙම අසීමිත අත්හැරීම සඳහා ඔබව පොළඹවන්නේ පරම පියායි. ඔය දරුවන් අනුක්‍රමිකව සිටින්නේ. ඔබට තිබෙන සතුටත් අනුක්‍රමිකයි: සැවොම එක හා සමාන නොවේ. දැනුම සහ යෝගාව පවා එක හා සමාන නොවේ. අනෙකුත් සියලු මනුෂ්‍යයන් යන්නේ ශරීරධාරියකු වෙතයි. නමුත් ඔබ මෙහි එන්නේ තමන්ට කියා ශරීරයක් නොමැති කෙනෙක් වෙතටයි. නොකඩවා ස්මරණය සඳහා ඔබ බොහෝ සේ උත්සාහ දරයි ද, නොකඩවා ඔබ සතෝප්‍රධාන් වනවා ඇත; ඔබේ සතුට නොකඩවා වැඩි වේවි. මෙය පරමාත්මය වෙනුවෙන් ජීවාත්මයන්ට තිබෙන පිවිතුරු සෙනෙහස වේ. ඔහු අශාරීරිකයෙකි. ඔබෙන් මලකඩ ඉවත් වූ තරමට එහි බොහෝ ආකර්ෂණය තිබේවි. ඔබ කොපමණ සතුටින් සිටිනවාද කියා ඔබේ තරාතිරමෙන් සොයා බැලිය හැකියි. මීට විශේෂ අයුරින් අසුන් ගැනීමක් අවශ්‍ය නොවේ. මෙය හථ යෝගාව නොවෙයි. ඔබට පහසු අයුරින් අසුන්ගෙන දිගටම බාබා සිහිකිරීම කළ හැකියි. නිදියමින් පවා ඔහුව සිහිපත් කළ හැකියි. අසීමිත පියා කියනවා: මා ස්මරණය කරන්න. එවිට ඔබ සතෝප්‍රධාන් වේ එසේම ඔබේ පව් කැපී යනවා ඇත. මේ අසීමිත පියාව, ඔබේ ගුරුවරයා සහ සත්ගුරුව ඔබ ඉතාමත් ආදරයෙන් සිහිපත් කළ යුතුයි. මෙතැනයි මායා බාධා ඇති කරන්නේ. ඔබේ ආහාර අනුභවය බාබාගේ ස්මරණයෙන් මෙන්ම ප්‍රීතියෙන් කරනවාද යන්ත සොයා බැලිය යුතුයි. ආදරවන්තියන් තම ආදරවන්තයාව හමුවී සිටිනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔවුන් සතුටින් සිටිනු ඇත. ස්මරණයෙහි ඉඳීම මගින් නොකඩවා ඔබ විශාල වශයෙන් එකතු කර ගතීවි. අරමුණ ඉතාමත් ඉහළ එකකි. ඔබ මොන තත්ත්වයෙන් මොන තත්ත්වයට පත්වෙනවා ද කියා බලන්න! කලින් ඔබ ඉතාමත් මෝඩයින් වී සිටියේ දැන් ඔබ බුද්ධිමත් වී සිටිනවා. ඔබේ අරමුණ සහ ඉලක්කය ඉතා අනර්ඝ පෙළේ ඇත. ඔබ දැන් ඔය පරණ හම හලා දමා පියාගේ ස්මරණයෙහි ඉඳිමින් අළුත් එකක් ගන්නවා. ඔබේ කර්මාථීත් තත්ත්වයට ඔබ ළඟා වෙද්දී ඔබේ පරණ හම් ගලවා දමනවා ඇත. ඔබේ නිවසට සමීප වූ වහා ඔබ එම නිවස සිහිපත් කරයි. බාබාගේ දැනුම ඉතාමත් සුමිහිරියි. ඔය දරුවන්ට බොහෝ කුල්මත් බවක් දැනිය යුතුයි. දෙවියන් මේ රථයෙහි අසුන් ගෙන ඔබට උගන්වයි! දැන් මේ ඔබේ ඉහළ නඟිත අවදියයි. ඉහළ නඟින තත්ත්වය සියල්ලන් සඳහාම යහපතක් වේ. ඔබ අළුත් කිසිවකට සවන් නොදෙයි. මේ දේවල් ඔබ විසින් බොහෝ වරක් අසා තිබෙයි. දැන් නැවතත් එයට සවන් දෙනවා. මේ දේවල් ඔබ සවන් දෙන විට ඇතුළාන්තය සතුටින් ඉපිලෙයි. ඉතාමත් කීර්තිමත් වන අප්‍රසිද්ධ සටන්කාමීන් ඔබලා වේ. ඔබ සමස්ත ලොවම දිව්‍යලෝකය කළා. ඒ නිසායි දේවතාවියන් ඉතාමත් පූජිත වූයේ. රඟපාන අයත් සහ රඟපාන්න පොළඹ වූ කෙනාත් සියල්ලන්ම පූජිත වූවා. දේවතා ධර්මයේ කුඩා පැලෑටිය ස්ථාපනය වෙමින් තිබෙන බව ඔය දරුවන් දන්නවා. මෙම ක්‍රමය දැන් තමයි පටන් ගන්නේ. ඔබ සැම තිලකයක් තබා ගන්නවා. හොඳින් ඉගෙත ගත් අය ශිෂ්‍යත්වයක් ලබන්නට සුදුස්සන් වනවා. ස්මරණ වන්දනාව මත ඉඳීමට ඔය දරුවන් බොහෝ සේ උත්සාහ කරන්න ඕන. තමන් සහෝදරයන් යැයි සලකන්න. එවිට නාම රූපයේ අවධානය ඉවත් වී යාවි. මේ සඳහායි උත්සාහය අවැසි වන්නේ. විශාල අවධානයක් දිය යුතු වේ. කිසි විට නිෂ්ඵල දේවලට සවන් නොදෙන්න. පරම පියා කියනවා: මා කියනා දේවල් පමණක් සවන් දෙන්න. ඕපාදූප වලට සවන් නොදෙන්න; ඒවාට ඔබේ කන් වසාගන්න. නොකඩවා සැමටම සාම දේශයට සතුටු දේශයට මාර්ගය පෙන්වන්න. ඔබ තමන්ට වඩාත් යහපත සලස්වා ගනීද: ඔබ ආදායමක් උපයා ගනී. පරම පියා ඇවිත් සිටින්නේ සියල්ලන්වම සරසා ආපසු නිවසට රැගෙන යාමටයි. පරම පියා සැම විට දරුවන්ගේ සහායකයායි. පරම පියා ඉමහත් සෙනෙහසින් බලන්නේ ඔහුගේ උදව්කරුවන් වන්නන් දෙසයි. අන් අයට මාර්ගය පෙන්වන අයව බාබා බොහෝ සේ සිහිපත් කරද්දී, පරම පියාගේ සිහිපත් කිරීමේ ඇදීම ඔවුන්ටත් දැනෙනවා. සිහිපත් කිරීමෙන් ඔබේ මල බැඳීම් නොකඩවා ඉවත් වී යාවි. පරම පියා සිහිපත් කිරීම යනු නිවස සිහිපත් කිරීමයි. නොකඩවා සැමවිටම "බාබා, බාබා!" කියන්න. බ්‍රහමින්වරුන්ගේ ආධ්‍යාත්මික වන්දනා ගමන මෙය වේ. පරමාත්මය සිහිපත් කරමින් සිටිද්දී ඔබ නිවසට යාවි. ඔබ වඩාත් ජීව අවධානයට පත්වන්න උත්සාහ කරයි ද, ඔබේ භෞතික ඉන්ද්‍රීයන් වඩාත් දමනය වේ. ඔබේ භෞතික ඉන්ද්‍රීයන් දමනය කිරීමට ඇති එකම ක්‍රමය ස්මරණය කිරීමයි. බ්‍රහමණ කුලයේ අලංකාරයන් වන ඔබ ආධ්‍යාත්මික ස්වදර්ශන චක්‍රධාරින් වේ. මෙය ඔබේ උසස්ම උච්ඡතම කුලය වේ. බ්‍රහමණ කුලය දේවතා වංශයටත් වඩා උසස් වනුයේ ඔබට උගන්වන්නේ පරම පියා නිසාවෙනි. ඔබ දැන් පරම පියාට අයිති වී සිටින්නේ බාබා වෙතින් ඔබේ ලෝක ස්වාධිපත්‍යයේ උරුමය ලබා ගැනීම පිණිසයි. ශිවාට සැමවිටම "බාබා" කියා අමතනවා. මුක්තිය ප්‍රදානය කරන්නා ශිව බාබායි. අන් කිසිම කෙනෙකුට මුක්තිය දිය නොහැක. සත්‍යම සත්ගුරු එකම එක අශාරිරික කෙනා පමණයි. ඔබට රාජධානිය දී අඩ කල්පයකට ඔහු වෙන්ව යනවා. එමනිසා, ප්‍රධාන දෙය තමයි ස්මරණය. අවසානයේ දී, ඔබේ ශරීර, ධනය, හෝ දේපල ආදියේ අවධානය නොතිබිය යුතුයි. නැතිනම්, ඔබට නැවත ඉපදීමට සිදුවේවි. භක්ති මාර්ගයේ ඔවුන් කාශියට ගොස් බිලි වෙති. ඔබත් ඔබව බිලි දෙන්න ඕන. එනම්, ඔබ පරම පියාට දැන් අයිති වීමයි. කාශියේ බිලි වීමෙන් තමන්ගේ පව් ක්‍ෂය වී යනවා කියා භක්ති මාර්ගයේ ඔවුන් විශ්වාස කරති. කෙසේවෙතත්, කිසිම කෙනෙකුට ආපසු නිවසට යා නොහැක. සියලු ජීව සත්තාවන් ඉහළ සිට පහළට පැමිණි විට විනාශය සිදුවනවා ඇත. පරම පියා නිවහනට යන අතර ඔබත් ඔහු සමඟ ආපසු යාවි. පාණ්ඩවයන් කඳු මුදුනේ උණුවී දියවී ගියා කියායි මිනිස්සු කියන්නේ. එය හරියටම දිවිනසා ගැනීමක් වාගේයි. පරම පියා ඉතා පැහැදිළිව ඔබට කියනවා: දරුවනි, මා පමණයි සියල්ලන්ටම සත්ගතිය ප්‍රදානය කරන්නේ. කිසිම ශරීරධාරියකුට සත්ගතිය ප්‍රදානය කළ නොහැකියි. භක්ති මාර්ගයේදී නොකඩවා ඉනිමඟ දිගේ ඔබ පහළට බැස ආවා. දැන් අවසානයේ පරම පියා ඇවිත් ඔබව බලෙන් ඉහළට අරගනී. අසීමිත සතුට නම් වූ ක්‍ෂණික දිනුම් ලොතරැයිය කියන්නේ මෙයටයි. එහි ඔවුන්ට අශ්ව රේස් තරඟ ඇත. එහෙත් මෙහි ඇත්තේ ජීවාත්මයන්ගේ රේස් තරඟයයි. කෙසේවෙතත්, මායා නිසා ඔබට හදිසි අනතුරු ඇති වේ. නැතිනම්, පරම පියාගෙන් ඔබ වෙන්වී යයි. මායා ඔබේ බුද්ධි යෝගාව කඩා දමයි. යම් කෙනෙක් රාගය නිසා පරාජිත වූ විට ඔහු විසින් ඉපයූ සියල්ල නැති වී යයි. කාම රාගය මහාම යක්‍ෂයා වේ. එය ඔබ මර්ධනය කිරීම මගින් ඔබ ලොව ජයගත් කෙනෙක් වනවා ඇත. ලොව ජයගත්තන් වූයේ ලක්ෂ්මී සහ නාරායන්. පරම පියා කියයි: මේ අවසන් උපතේ දී ඔබ අනිවාර්යෙන්ම පාරිශුද්ධ වෙන්නට ඕන. ඔබ ජයගත්තන් වනුයේ එවිටයි. එසේ නැතිනම්, ඔබ පරාජිතයන් වේවි. මේ මරණ භූමියෙහි අවසත් උපතයි මෙය. අමරණීය දේශයේ උපත් 21ක් සහ මරණ දේශයේ උපත් 63ක් ඇති රහස් කියා දෙන්නේ පරම පියාම පමණයි. දැන් ඔබ ඔබේ හදවතෙන් අසන්න ඕන: මා ලක්ෂ්මී සහ නාරායන් තරම් වීමට සුදුසු ද? ඔබට තිබෙන ධාරණයේ ප්‍රමාණය අනුවයි සතුටත් තිබෙන්නේ. කෙසේවෙතත්, එය ඔබේ වාසනාවේ නොමැති නම්, මෙය රෑඳෙන්නට මායා ඉඩ නොදේ. දිනෙන් දින මධුභනයේ බලපෑම නොකඩවා බොහෝ සේ වැඩි වේවි. ප්‍රධාන බැටරිය තිබෙන්නේ මෙහිය. සේවාධාරී දරුවන්ට බාබා බොහෝ ප්‍රිය කරයි. පරම පියා ඉතා හොඳ සේවාධාරි දරුවන් තෝරාගෙන ඔවුන්ට පිරික්සුම් පහනක් ලබා දෙනවා. ඔහු කියනවා: ඔබ සෙනෙහස දුන්නොත් සෙනෙහස ලබයි. බාබා සිහිපත් කරන්න. එවිට ඔබේ සිහිපත් කිරීමට ප්‍රතිචාරය ලැබෙයි. මුළු ලොවම එක් පැත්තක සහ ඔබ සත්‍ය බ්‍රහමින්වරු අනෙක් පැත්තක සිටිනවා. ඔබ අති උසස්ම පියාගේ සියල්ලන්ටම සත්ගතිය ලබා දෙන්නාගේ දරුවත්ය. ඔබේ මෙම දිව්‍ය උපත දියමන්තියක් බඳුයි. අපව සිප්පි කටු වලින් දියමන්ති බවට වෙනස් කරන්නේ ඔහුයි. ඔබට අඩ කල්පයක් ඔහුව මතක් කිරීමට අවශ්‍ය නොවන තරමට ඔහු බොහෝ සතුට ලබා දුන්නා. බාබා කියනවා: මා ඔබට විශාල ධනස්කන්ධයක් දුන්නා. නමුත් ඒවා සියල්ලක්ම ඔබ නැති කරගත්තා. මාගේ දෙවොල් වෙනුවෙන් බොහෝ සේ දියමන්ති මිණිමුතු යොදවා ගත්තා. දැන් දියමන්ති වල මිල බලන්න. එකල, ඔබ දියමන්ති මිලදී ගන්නා විට සුළු බෝනස් එකක්(අතිරේක වාසියක්) ලැබෙනවා. දැන් එළවළු ගත්තත් ඔබට මොන බෝනස් වත් ලැබෙන්නේ නැහැ. ඔබ ඔබේ රාජධානිය ලබාගත්තේ කෙසේද එය නැති කරගත්තේ කෙසේද කියා ඔබ දන්නවා. දැන් ඔබ නැවතත් වතාවක් එය ලබා ගන්නවා. මෙම දැනුම ඉතාමත් පුදුම සහගතයි. යම් කෙනෙකුගේ බුද්ධියෙහි එය රැඳෙන්නේ කලාතුරකිනි. ඔබේ මන්මත් වලින් වැඩක් නැහැ. ඔබ ජීවිතයේ විශ්‍රාමික අවදිය ගත කරන්න යන විට සියලු දේ ඔහුට දීමට සිදු වේ. ඔහුව ඔබේ උරුමක්කාරයා කරන්න වෙනවා. භක්ති මාර්ගයේත් මිනිස්සු දාන මාන කිරිම මගින් ඔහුව උරුමක්කාරයා කරගන්නවා. එහෙත් එය තාවකාලිකවයි. මෙහි ඔබ උපත් ගණනාවක් සඳහා ඔහුව උරුමක්කාරයා කරගනී. මෙසේ සිහිපත් කරනවා: පරම පියා අනුගමනය කරන්න. ඔහුව අනුගමනය කළ අයට උසස් පදවියක් ලැබෙනවා ඇත කියා. අසීමිත පියාට අයිති වීමෙන් ඔබ අසීමිත උරුමයක් හිමි කර ගන්නවා. ශිව බාබා පිරිනමන්නා වේ. එවිටද මෙය ඔහුගේ ධනවස්තු ගබඩාවයි. දෙවියන්ගේ නාමයෙන් පරිත්‍යාග කරන අයට ඔවුන්ගේ ඊළඟ උපතේ තාවකාලික සතුට ලැබේ. එය වක්‍රයි. එහෙත් මෙය ඍජුයි. ශිව බාබා ඔබට උපත් 21ක් සඳහා දෙනවා. සමහරු සිතන්නේ තමන් ශිව බාබාට දෙනවා කියායි. නමුත් එය ඔහුට අපහාස කිරීමක්. ඔබ ඔහුට දෙන්නේ ලබා ගැනීම සඳහායි. මෙයයි බාබාගේ ධනවස්තු ගබඩාව. ඔබේ දුක වේදනාව ඉවත් වී ඇත. ඔය දරුවන් දැන් අමරණීය දේශය වෙනුවෙන් ඉගෙත ගනිමින් සිටිනවා. මෙය කටු කැළයක් වන අතර බාබා ඔබව ගෙන යන්නේ මල් උයනකටයි. එබැවින්, ඔය දරුවන් බොහෝ සතුටින් සිටිය යුතුයි. දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්නත් ඕන. පරම පියා ඉතාමත් සෙනෙහසෙන් යුතුවයි ඔබව ඉතාමත් ලස්සන මල් බවට පත් කරවන්නේ. බාබා බොහෝ සෙනෙහසෙන් ඔබට පැහැදිලි කරයි: ඔබටම යහපත සලස්වාගන්න අවැසි නම් දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. අන් අයගේ අඩුපාඩු නොබලන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අසීමිත පියාගෙන් පිරික්සුම් පහනක් ලබා ගැනීම සඳහා ඔහුගේ සහායකයන් වන්න. ප්‍රධාන බැටරිය සමඟ ඔබේ සම්බන්ධතාවය යොමන්න. මොනම අවස්ථාවකටත් ඔබේ කාලය නාස්ති නොකරන්න.

2. සත්‍ය ආදායමක් ඉපයීමට සහ පරම පියාගේ සත්‍ය සේවයෙහි යෙදීමට ඒකායන පියාගේ ස්මරණයෙහි ඉඳින්න. මන්ද, වාතාවරණය පාරිශුද්ධ වන්නේ, ජීවාත්මය පාරිශුද්ධ වන්නේ, ඔබ අප්‍රමාණ සතුට අත්විඳින්නේ, එසේම ඔබේ භෞතික ඉන්ද්‍රියන් පාලනය වන්නේ ඔබ ස්මරණයෙහි ඉඳීම මගිනි.

වරදානය:
ඔබ ස්ව-පරිවර්ථනය තුළින්, ලෝක පරිවර්ථන කාර්යයේ, ඔබගේ හදවත ආශා කරන සාර්ථකත්වය අත්කර ගැනීමෙන් සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා.

ඔය සෑම කෙනෙක්ම තම ස්ව-පරිවර්ථනය තුළින් ලෝක පරිවර්ථන සේවයේ නියැලි සිටිනවා. අප නියත වශයෙන්ම මෙම ලෝකය පරිවර්ථනය කළ යුතුයි යන උනන්දුව සහ උද්යෝගය ඔය සෑම කෙනෙකුගේම මනසේ තිබෙන අතර පරිවර්ථනය අනිවාර්යෙන්ම සිදු වීමට යන බවට විශ්වාසයත් ඔබට තිබේ. එඩිතරකම ඇති තැන උනන්දුව සහ උද්යෝගය තිබේ. හදවත ආශා කරන, ලෝක පරිවර්ථන කාර්යයේ සාර්ථකත්වය ඔබට ලැබෙන්නේ ස්ව-පරිවර්ථනය තුළින් පමණයි. කෙසේවෙතත්, ඔබට මෙම සාර්ථකත්වය ඇති වන්නේ, ඔබගේ ආකල්පය, චිත්ත තරංග සහ වදන් යන තුනම එකවර බලවත් වූ විට පමණයි.

පාඨය:
ඔබගේ වදන් වල සෙනෙහස සහ සංයමයක් ඇති නම්, එවිට ඔබගේ වදන් වල බලය රැස් වෙයි.