03.05.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ මෙම ලෝකයේ ජීවත්ව සිටිනා අතරම මෙම දුක් දේශය අතහැර දමන්න. මන්ද, ඔබ දැන් ඔබගේ සතුටේ දේශය වෙත යා යුතුව ඇත.

ප්‍රශ්නය:
බාබා ඔබගෙන් ඉල්ලන ඔබ විසින් කළ යුතු පුංචි උත්සාහය කුමක්ද?

පිළිතුර:
බාබා කියනවා : දරුවනි, රාගය තමයි ඔබගේ ලොකුම හතුරා. ඔබ කෙසේ හෝ මෙය ජයගත යුතුයි. මම ඔබගෙන් ඉල්ලන, ඔබ විසින් කළ යුතු එකම පුංචි උත්සාහය මෙයයි. ඔබ සම්පූර්ණයෙන්ම පාරිශුද්ධත්වයට පත් විය යුතුයි. අපිරිසිඳු බවින් සම්පූර්ණ පාරිශුද්ධත්වයට පත් වෙනවා යනු දිව්‍යමය තත්ත්වයට පත් වීමයි. එසේ දිව්‍යමය තත්ත්වයට පත් වීමට සිටින අය දැන් ගල් බවට පත් විය යුතු නැහැ. ඔබ දැන් ලස්සන මල් බවට පත් වුවහොත් බාබා ඔබව ඔහුගේ දෑස් මත තබාගෙන නිවස කරා ගෙන යනවා ඇත.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික දරුවනි, ආධ්‍යාත්මික පියා ඔබට උගන්වනවා. ඔබ දන්නවා ඔබ සියලු දෙනාම දේවී දේවතාවන් බවට පත් වීමට යන බ්‍රහ්මින් දරුවන් බව. ඔබට මෙම ස්ථිර විශ්වාසය තිබෙනවා. ගුරුවරයෙක් අනිවාර්යෙන්ම ඔහු විසින් උගන්වන ළමයින්වත් එම තත්ත්වයටම පත් කරනවා. මෙය විශ්වාසය පිළිබඳ කාරණයක්. බාබා සෑම කල්පයකම පැමිණ මෙම අපායෙහි වෙසෙන අප සත් යුගයේ වෙසෙන්නන් බවට පත් කරවනවා. මුළු ලෝකය වෙනසකට ලක් කළ හැකි කුමන හෝ කෙනෙක් මෙහි සිටිය යුතුයි. බාබා ඔබ සත් යුගයේ වෙසෙන්නන් බවට පත් කරවනවා. රාවණ් ඔබව අපායේ වෙසෙන්නන් බවට පත් කරවනවා. වර්තමානයේ ඔබ සිටින්නේ රාවණ්ගේ රාජ්‍යයේයි. සත් යුගයේ තිබෙන්නේ රාමාගේ රාජ්‍යයයි. රාමාගේ රාජ්‍යය නිර්මාණය කිරීමට කෙනෙක් සිටිනවා නම් රාවණ්ගේ රාජ්‍යය නිර්මාණය කිරීමටත් කෙනෙක් සිටිය යුතුයි. මිනිසුන් දෙවියන් රාමා ලෙස හඳුන්වනවා. එමනිසා, ඔහු තමයි නව ලෝකය නිර්මාණය කරන්නේ. මෙම දැනුම ඉතා සරළ දෙයක්, එය එතරම් විශාල දෙයක් නොවේ. කොහොමනමුත්, සමහරු ඉන්නවා, ඔවුන් කියනවා ඔවුන්ගේ බුද්ධිය දිව්‍යමය තත්ත්වයට පත් කළ නොහැකි දෙයක් කියලා, ඔවුන් මායා ට බොහෝ සෙයින් ගොදුරු වී ඇති නිසා තමයි ඔවුන්ට සත් යුගයේ මිනිසුන් වීමට බොහෝ කරදර විය යුත්තේ මිනිසුන් දැන් තට්ටු පනහේ, සියයේ පවා ගොඩනැගිලි තනනවා. නමුත් සත් යුගයේ නම් එසේ තට්ටු බෙහොමයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ කාලයේදී තමයි ඔවුන් එවැනි ගොඩනැගිලි තනන්නේ. ඔබ දන්නවා සත් යුගයේදී නම් මෙහි ඇති ආකාරයට මෙන් ගොඩනැගිලි තැනෙන්නේ නැති බව. බාබා ඔහු විසින්ම විස්තර කර දෙනවා : මේ මුළු ලෝකයේම එතරම් විශාල වෘක්ෂයක් තැති නිසා, එතරම් විශාල ගොඩනැගිලි තැනීම එහිදී අවශ්‍ය වෙන්නේ නැහැ. එහිදී ඔබට විශාල වශයෙන් භුමිය තිබෙනවා. මෙහි එතරම් භූමිය නැති නිසා තමයි, භුමිය ඉතා ඉහළ මිළක් වන්නේ. එහිදී නම් භූමිය වෙනුවෙන් කිසිම වියදමක් දැරීමට සිදුවෙන්නේ නැහැ. එහිදී නගර සභාවට වරිපනම් ගෙවිය යුතු වෙන්නේත් නැහැ. මිනිසුන්ට ඔවුන්ට අවශ්‍ය ඕනෑම තරමකින් භූමිය ලබා ගත හැකියි. ඔබ මෙහි මෙම දැනුම හදාරන ආකාරයට තමයි පියා විසින් එම සතුට ඔබටත් අත්දැකීමට ඉඩ දෙන්නේ. මහල් සියයක පමණ ගොඩනැගිල්ලක් තැනීමට නම් විශාල පිරි වැයක් දැරීමට සිදු වෙනවා. එහිදී නම් කිසිම දෙයකට ඔබ වියදම් කළ යුතු වෙන්නේ නැහැ. නමුත් සියලුම දෙනා ඉතාමත් පොහොසත්, මිල මුදල් වල කිසිම වටිනා කමක් නැහැ. එම මුදල් සමඟ ඔබ කුමක්ද කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඔබ එහිදී ගොඩනැගිලි තතන්නේ මුතු, මැණික් හා රත්රන් ආදියෙනුයි. දරුවන්ට දැන් බොහෝ ඥානය පියා විසින් පහළ කර දී තිබෙනවා. මෙය ඥානයෙහිත් ඔබගේ සිහියත් පිළිබඳ ප්‍රශ්නයක පමණයි: සතෝ හා තමෝ බුද්ධියක් පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. සතෝ ප්‍රධාන් බුද්ධියක් තිබෙන අය සත් යුගයේ පාලකවරුන් නමුත් තමෝ ප්‍රධාන් බුද්ධියක් තිබෙන සියලුම දෙනා අපායේ පාලකවරුන්ය. මෙය ඇත්තෙන්ම පාරාදීසයක් නොවේ. මෙම ලෝකය සම්පුර්ණයෙන් පරිහානියට ලක් වී තිබෙන ස්ථානයක්. මිනිසුන් මෙතරම් දුකක් අත් දකින නිසා තමයි. ඔවුන් දෙවියන් හට කතා කරන්නේ. කොහොමනමුත්, පසුව ඔවුන් ඔහු අමතක කර දමනවා. ඔවුන් නොයෙකුත් සම්මන්ත්‍රණ තබමින් ඔවුන්ගේම ඔළුවලට ගසා ගන්නවා. ඔවුන් සිතන්නේ එම දේවල් වලින් ඔවුන්ගේ සහයෝගය තබා ගත හැකියි කියා. කොහොමනමුත්, ඔබ දන්නවා සියල්ලන්ටම එකමුතු විය නොහැකි බව. මේ මුළු වෘක්ෂයම දැන් හොඳටම දිරාපත් වූ තත්ත්වයට පැමිණ තිබෙන්නේ. එය දැන් නැවතත් හොඳින් වැඩිය යුතුයි. ඔබ දන්නවා කලි යුගය කොහොමද සත් යුගය බවට පත් වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී පමණයි බාබා ඔබට මෙම දැනුම ලබා දෙන්නේ. සත්යුග වාසින් කලියුග වාසීන් බවට පත් වී සංගම් යුග වාසීන් සත් යුග වාසීන් බවට පත් වෙනවා. සමහර මිනිසුන් අහනවා: මේ මිනිසුන් සියලුම දෙනා එම පාරාදීසයට යනවාද කියලා. නැහැ. නාරායන ගේ නියම කථාන්තරයට සවන් දුන් අය පමණයි එහි යන්නේ. අන් සියලුම දෙනා ඒ නිහඬ ලොව කරා යනවා. කොහොමනමුත්, මෙම දුක් සහිත ලොව නැවතත් නොඑන නිසා ඔබ මෙහි ජීවත්ව සිටින නමුත් මෙම ලෝකය පයින් ගසා දැමිය යුතුයි. මෙම පරණ ලෝකයට පයින් ගැසීමේ නොයෙකුත් විධි බාබා විසින් ඔබට කියා දෙනවා. කලක් මෙහි දේවී දේවතාවන්ගේ පාරාදීසයක්ව තිබුණා. දැන් බාබා පැමිණ එය නැවතත් එම තත්ත්වයටම පත් කරවනවා. අපි අපගේ රාජ්‍යයේ උරුමය පියාගෙන් දැන් ලබනවා. නාටකයට අනුව මෙම ලෝකය අනිවාර්යෙන්ම වෙනසකට ලක් විය යුතුයි. මෙම ලෝකය දැන් පරණ ලෝකයක්. මෙය ඔබට ස්වරණම යුගය ලෙස හැඳින්විය හැකිද? මිනිසුන්ගේ බුද්ධිය පාරාදීසය යනු කුමක්ද යන්න තේරුම් ගැනීමටත් බැරි ආකාරයට ගල් වී තිබෙනවා. බාබා කියනවා : වැදුම් පිදුම් බොහොමයක් කර ඇති අය තමයි මෙම දැනුම හොඳින් තේරුම් ගන්නේ. ඔවුන්ට තමයි ඔබ මෙය කියා දිය යුත්තේ. මෙම වංශයට අයත් නැති අය මෙය කෙසේ හෝ තේරුම් ගන්නේ නැහැ. ඉතින් ඇයි ඔබ ඔවුන්ට කියා දීමට යාමෙන් ඔබගේ කාලය අපතේ හරින්නේ. ඔවුන් ඔබගේ වංශයේ නොවේ නම් ඔබ මොන දේ පැවසුවත් ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් අහයි: ජිවාත්මය කියන්නේ මොකක්ද? උත්තරීතර ජීවාත්මය කියන්නේ මොකක්ද කියා. ඔවුන්ට ඇත්ත වශයෙන්ම මෙය දැන ගැනීමට අවශ්‍ය නැහැ ඉතින්, ඇයි ඔබ ඔවුන් ගැන කරදර වෙන්නේ. එමනිසා, බාබා විස්තර කර දෙනවා : එය පින්තූරය උඩින්ම සඳහන් කර තිබෙනවා. පරමාත්ම දෙවියන් ඔහු විසින්ම කථා කරනවා: මම සෑම සංගම් යුගයකදීම මෙම සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයට පැමිණෙනවා. මම මේ ඔහුගේ උපත් සංඛ්‍යාවවත් නොදන්නා කෙනාගේ ශරීරයට පැමිණ මෙම දැනුම ඔබට ලබා දෙනවා. මම ඔවුන් ගැන ඔහුට කියමි. සම්පූර්ණ අවුරුදු 5000ක චරිත කොටස රඟපාන කෙනා කවුද කියා මම ඔබට කියනවා. ඔහු අනිවාර්යෙන්ම පළමු නොම්මරය ලබා ගන්නා කෙනා බවට පත් විය යුතුයි. ඔවුන් සත් යුගයේ පහළවන කුමරු වන ශ්‍රී ක්‍රිෂ්ණා ගැනත් කියනවා. ඒ වගේම ඔහු විසින් උපත් 84ක් ගැනීම මගින් ඔහුට සිදු වී ඇති දෙය බලන්න? ඔහු තමයි පළවනම යාචකයා. “යාචකයකුගෙන් කුමරකු බවටත් - කුමරකුගෙන් යාචකයකු බවටත්“ යනුවෙන් කියමනක්ද තිබෙනවා. ඔහු කුමරකුගෙන් කොහොමද යාචකයකු බවට පත් වෙන්නේ යන්න ඔබ තේරුම් ගන්නවා. එවිට පියා පැමිණ ඔහුව බෙලි කටුවකින් දියමන්තියක් බවට පත් කරවනවා. දැන් දියමන්ති වශයෙන් සිටින අය පසුව බෙලි කටු වැනි තත්ත්වයට පත් වෙනවා. සෑම දෙනෙක්ම අනිවාර්යෙන්ම නැවත උපත් ලැබිය යුතුයි. ඔබට දැන් තේරෙනවා කවුද වැඩිපුරම උපත් සංඛ්‍යාවක් ලබන්නේ කියා. පළමුවෙන්ම, එය ශ්‍රී ක්‍රිෂ්ණාගේ රාජ්‍යය නිසා ඔහු මේ ලෙස වන බව ඔවුන් පිළිගත යුතුයි. මෙය ඇත්තෙන්ම බොහොම සුළු කාරණයක් නමුත්, මිනිසුන් මේ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. බාබා ඔවුන්ට මේ ගැන කියා දුන් විට ඔවුන් පුදුම වෙනවා. බාබා ඔබට පළමුවෙන්ම එන කෙනා පිළිබඳවත් අවසානයේ එන කෙනා පිළිබඳවත් කියා දෙනවා; පළමු වැනිම කෙනා දියමන්තියක් මෙන් වෙන නමුත් අවසාන කෙනා බෙලි කටුවක වටිනාකමක් පමණයි. ඔබ නැවත වරක් දියමන්තියක් බවට පත් විය යුතුයි: ඔබ නැවත වරක් පිරිසිඳු විය යුතුමයි. මෙහි තිබෙන අපහසුතාව කුමක් ද? මෙය ඔබගේ පාරලෞකික පියාගෙන් ලැබෙන අවවාදයක්: රාගය තමයි ඔබගේ පරම හතුරා. ඔබට හිතන්නවත් බැහැ ඔබ කොහොමද අපිරිසිඳුතාවයට පත් වූවේ කියා. ඒ ඔබ රාගයෙහි ගැලුණු නිසයි. ඔබ ඉතිත් බාබා හට නිතරම කතා කරන්නේ, ඔහුට පමණයි මෙය ඉටු කළ හැකි දිව්‍යමය බුද්ධියක් තිබෙන්නේ. ඔහුගේ බුද්ධිය කිසිම විටෙක ගල් බුද්ධියක් බවට පත් වෙන්නේ නැහැ. ඔහු අතරත් පළවන නොම්මරය ගන්නා කෙනා අතරත් සම්බන්ධයක් තිබෙනවා. දේවී දේවතාවන් බොහොමයක් සිටියත් මිනිසුන්ට මේ ගැන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ක්‍රිස්තියානි අය කියනවා එම පාරාදීසය ක්‍රිස්තුන් වහන්සේට ප්‍රථම අවුරුදු 3000ට පමණ පෙර තිබුණා කියා. ඔවුන් පසුව පැමිණි නිසා ඔවුන්ට තවමත් එම බලය තිබෙනවා. ක්‍රිස්තියානි අයට තවමත් හොඳ නැවුම් බුද්ධියක් තිබෙන නිසා සියල්ලන්ම ගොස් ඔවුන්ගෙන් තමයි ඉගෙන ගන්නේ. ඔවුන්ගේ ජනගහනයන් කෙමෙන් කෙමෙන් වැඩි වෙනවා. සියල්ලන්ම සතෝ, රජෝ, තමෝ යන අවස්ථා පසු කරනවා. ඔබ දන්නවා මෙහි සිටින සියලුම මිනිසුන් සියලුම දේ ඉගෙන ගත්තේ පිටරට වලින්. ඒ වගේම ඔබ දන්නවා සත් යුගයේදී ගොඩනැගිලි ආදිය තැනීමට එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ කියා. කෙනෙකුගේ බුද්ධියට දෙයක් ආ පසුවයි එය වර්ධනය වෙන්නේ. ඔවුන් එක් ගොඩනැගිල්ලක් තැනූ පසු තව තවත් ගොඩනැගිලි තතනවා. ඔවුන්ගේ බුද්ධියට තේරෙනවා කුමක්ද කළ යුත්තේ කියා. විද්‍යාඥයන් පවා ඔබ ළඟට පැමිණි විට ඔවුන්ගේ බුද්ධියත් උසස් තත්ත්වයකට පත් වෙනවා. ඔවුන් එහිදී ඉතා සීඝ්‍රයෙන් මාළිගා ආදිය තනනවා. මෙහිදී නම් කෝවිලක් හෝ ගොඩනැගිල්ලක් තැනීමට ඔවුන්ට අඩුම තරමේ මාස දොළහක් හෝ ගත වෙනවා. එහි සිටින ඉංජිනේරුවන් ඉතා දක්ෂ අයයි. එය සත් යුගයයි. ඒ වගේම එහි ගල් කැටත් නැහැ. ඔබ මෙහි සිටින විට ඔබ විසින් සිතිය යුතුයි ඔබ කෙතරම් ඉක්මනින් ඔබගේ ශරීරය අත් හැර ඔබගේ නිවහනට ගොස් නැවතත් සත් යුගයේ යෝග බලයෙන් උපත් ලබා ගන්නා ආකාරය. දරුවනි, ඔබට මෙම සතුට අත් දකින්න බැරිද? ඔබ මේ ගැන හිතන්නේ නැද්ද? විශේෂයෙන්ම සේවය කරන දරුවන් අනිවාර්යෙන්ම මේ ගැන හිතනවා. කෙනෙක් ට නීතිඥයෙක් වීම සඳහා සුදුසුකම් ලැබුණු හොත් ඔහු "මම මේ දේ කරනවා. මේ දේ කරනවා"යනුවෙන් හිතනවා. එමනිසා, ඔබත් සමහර විට හිතනවා ඇති ඔබ ශරීරය අත් හළ විට කිරීමට යන දේවල් ගැන. ඔබගේ ස්මරණය අනුව තමයි ඔබගේ ආයු කාලයත් දීර්ඝ වෙන්නේ. මේ අවස්ථාවේදී ඔබ ඒ අසීමිත පියාගේ දරුවන් වන නිසා මෙය ඉතාමත් හොඳ තත්ත්වයක්. ඔබ අයත් දෙවියන්ගේ පවුලටයි. ඔබට වෙන කිසිම සම්බන්ධතාවක් ඇත්තේ නැහැ. ඔබ සහෝදර සහෝදරියන් වශයෙනුත් සම්බන්ධකම් පැවැත්වූවා. ඔබ සියලුම දෙනා සහෝදරයන් ලෙස සළකන්න. ඔබ විසින් මෙය බොහෝ සෙයින් පුහුණු කළ යුතුයි. ඔබ සියලුම සහෝදරයන්ගේ වාසස්ථානය කුමක්ද? ඒ අමරණීය ජීවාත්මය වැජඹෙන්නේ මෙම සිංහාසනය මතයි. සියලුම ජීවාත්මයන්ගේ සිංහාසන දැන් දිරා ගොසින්. ඔබගේ සිංහාසනය තමයි බොහෝ සෙයින් දිරාපත්ව ඇත්තේ. ජීවාත්මය වැජඹෙන්නේ මෙම සිංහාසනයේයි. ඔබගේ බුද්ධිය විසින් තේරුම් ගත යුතුයි, කුමක්ද මෙම නළල මධ්‍යයේ තිබෙන්නේ කියා. ජීවාත්මයක් තරුවක් තරම් වූ සූක්ෂම දෙයක්. බාබා කියනවා : මමත් ඔබ වගේම තිතක් පමණයි. මම ඔබට වඩා විශාල කෙනෙක් නෙමේ. ඔබ දන්නවා ඔබ සියල්ලන්ම ශිව බාබාගේ දරුවන් බවත් ඔහුගෙන් ඔබගේ උරුමය ලැබිය හැකි බවත්. මේ නිසා තමයි ඔබ සියලුම දෙනා ජීවාත්මයන් බව සැලකිය යුත්තේ. සියලුම දෙනා සහෝදරයන්, බාබා මෙහි ඔබ ඉදිරිපිට සිටම ඔබට උගන්වනවා. ඔබ දියුණු වන විට තවත් දුරට ඔබව එදෙසට ශක්තිමත්ව ඇදී යයි. මේ බාධක සියල්ලක්ම වුවත් නාටකයට අනුව අනිවාර්යෙන්ම සිදු විය යුතුයි. බාබා කියනවා : ඔබ දැන් අපිරිසිදු නොවිය යුතුයි. බාබා දැන් ඔබට මෙය අවවාදයක් ලෙස පවසනවා. ජීවාත්මයන් දැන් සිටියාටත් වඩා අපිරිසිඳු වෙලා; ඔවුන් පාපයෙහි ගැලීමෙන් වෙන් වීමට අපොහොසත් වී තිබෙනවා. ඉතින් ආණ්ඩුව කියනවා : මධ්‍යසාර බොන්න එපා. නමුත්, ඔවුන් එය නොකඩවා කරනවා. සමහරුන්ට මධ්‍යසාර පොවා බෝම්බ ගෙනගොසින් ඒවාත් සමඟ මැරෙන්න කියා යවනවා. මෙයින් බොහෝ විපත් සිදු වෙනවා. ඔබ මෙහි සිටින විට ලෝක පාලකයන් බවට පත් වෙනවා. නමුත් ඔවුන් බෝම්බ දමමින් සිටිනවා. ඔවුන් කරන සෑම දෙයක්ම කරන්නේ විනාසය සඳහායි. මෙහි බොහෝ සණ්ඩු සරුවල් තිබෙනවා. ඔබ දැන් මෙහි හිඳගෙන සිටිමින් බාබා සිහිපත් කරන අතර එවිට ඔබ ලෝකයේ පාලකයන් බවට පත්වනවා ඇත. ඕනෑම අවස්ථාවකදී ඔබට බාබා ස්මරණය කිරීමට හැකි විය යුතුයි. මෙහිදී හතා යෝගා පිළිබඳව හෝ අසුන් ගන්නා නියමිත ආකාරයක් පිළබදව ප්‍රශ්නයක් නැහැ. බාබා ඔබට කිසිම අපහසුතාවක් දෙන්නේ නැහැ. ඔබ ඕනෑම ආකාරයකින් සිටියා වුවත්, මම බාබාගේ ආදරණීය දරුවෙක් යන කුල්මත් බවින් සිටින්න. ඔබ ඔබගේ රාජ්‍යය ලබන්නේ බටර් ටිකකින් කෙස් ගසක් අයින් කරන්නා වැනි වූ ඉතා පහසු ආකාරයකටයි. "තත්පරයකින් ජිවන මුක්තිය"යන්න මෙම අවස්ථාවේදී මතක් වෙනවා. ඔබ ඇවිදින විට හෝ හිඳගෙන සිටින විට බාබා සිහිපත් කරන්න. ඔබ පිරිසිඳු වුවේ නැතිනම් ඔබ කොහොමද නැවත යන්නේ ? ඔබ පිරිසිඳු වූවේ නැති නම් අනිවාර්යෙන්ම දඬුවම් ලැබිය යුතුයි. ඔබ ධර්ම රාජ්ගේ රාජ්‍යය පසු කරන විට බොහෝ කර්ම අවසන් වී තිබෙයි. ඔබ පිරිසිදු වී තිබෙන ප්‍රමාණය අනුව ඔබට ඔබගේ තත්ත්වය ලැබෙයි. ඔබ අපිරිසිදු තත්ත්වයෙන්ම සිටිය හොත් ඔබට වියළී ගිය චපාතියක් පමණයි ලැබෙන්නේ, ඔබ බාබා සිහි කරන තරමට තමයි ඔබගේ පව් විනාශ වී යන්නේ. මේ සඳහා කිසිම වියදමක් දැරිය යුතු වෙන්නේ නැහැ. ඔබ සමහර විට ගෙදර ඉන්නවා විය හැකියි. නමුත් මන්මනාභව් යන මන්ත්‍රය නිරන්තරයෙන් සිහි තබා ගන්න. මේ මන්ත්‍රයෙන් පමණයි ඔබට මායා පරාජය කළ හැක්කේ. ඔබ මේ මන්ත්‍ර ලබා ගත හොත් ඔබට නිවහන කරා යා හැකියි. ඔබ ඔබගේ තොල් වලින් මෙය මැතිරිය යුතු නැහැ. ඇල්ෆා සහ බීටා ඔබගේ රාජ්‍යය පමණක් සිහියේ තබා ගන්න. ඔබ දන්නවා පියා සිහි කළ හොත් පමණයි ඔබට සතෝප්‍රධාන් විය හැක්කේත් ඒ වගේම ඔබගේ පව් විනාශ කළ හැක්කේත් කියා. බාබා ඔබට ඔහුගේම අත්දැකීම් පවසනවා. මම කෑම ගැනීමට හිඳ ගත් විට ඊට ප්‍රථම බාබාව ඉතා හොඳින් සිහි කරනවා. ‍කොහොමනමුත්, මම ඉතා ඉක්මනින් ඔහු අමතක කරනවා. මේ නිසයි සිහියට නැගෙන්නේ: තම හිස මත වගකීම් ඇති අය..... අහවලා හොඳ සේවයක් කරනවා, එමනිසා, එම ජීවාත්මය මා සිහිපත් කළ යුතුයි. බාබා සේවය කරන ළමුන් හට සෑහෙන සෙනෙහසක් දක්වනවා. ඔහු ඔබට කියන්නේ ශරීරයේ තිබෙන ජිවාත්මය සිහිපත් කරන්න කියලයි. ඔබ දැන් ශිව බාබා ළඟට පැමිණ සිටිනවා. බාබා එම නිවසේ සිට මෙහි පැමිණෙනවා. බාබා පැමිණ සිටිනවා කියා ඔබ කිව්වත් මිනිසුන්ට මෙය තේරෙන්නේ නැහැ. ඔබ ඔවුන්ට ඉතා දක්ෂ ලෙස මෙය පැවසිය යුතුයි. ඔබට පියවරුන් දෙදෙනෙක් සිටිනවා. ඒ තමයි ඔබගේ අසීමිත පියාත් සීමිත පියාත්. ඔබගේ අසීමිත පියා දැන් ඔබට රාජ්‍යයක් ලබා දෙනවා. මෙම පරණ ලෝකයේ විනාශය දැන් ඔබ ඉදිරිපිටයි තිබෙන්නේ. බාබා එක් ආගමක් ගෙන ඒමෙන් අන් සියලුම ආගම් නැති වී යනවා. බාබා කියනවා : මා මතක් කළ හොත් ඔබගේ සියලු පව් නැති වී යනවා. ඒවා පිච්චී යනවා. මෙය තමයි ඔබ තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් තත්ත්වයට පත් වන යෝගා ගින්න. බාබා ඔබට මෙම ක්‍රමය කියා දී තිබෙනවා. බාබා ඔබව ලස්සන මල් බවට පත් කොට ඔහුගේ ඇස් මත තබා ගෙන නිවහන වෙත ගෙන යනවා. මොන දෑස් මතද? දැනුම නමැති දෑස් මතයි. ඔහු සියලුම ජීවාත්මයන් ඔහුත් සමඟ ගෙන යනවා. ඔබ දන්නවා ඔබ අනිවාර්යෙන්ම එහි යනවා කියා. ඉතින් ඇයි ඔබ එම උරුමය ඊට පෙර ලබා නොගන්නේ. ඔබ මෙහිදී ලබන්නේ ඉතාමත් විශාල දෙයක්. කොහොමනමුත්, ඔබ බාබා අමතක කර දැමුවහොත් ඔබ බොහෝ සෙයින් දේවල් නැති කර ගන්නවා. එමනිසා, නියම නිවැරදි ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න. ඔබගේ පරමාත්ම පියා සිහි කළ හොත් පමණයි ඔබට පිරිසිඳු විය හැක්කේ. ඉන්පසු ඔබ මෙම ශරීරය අත්හැර නැවත ශරීරයක් ලබා ගන්නවා. එමනිසා, සුමිහිරි දරුවනි, ජීවාත්ම අවධානයට පැමිණෙන්න. ඔබ මෙම ක්‍රියාව ඉතා ශක්තිමත් ලෙස කළ යුතුයි. පියාත් සමඟ හොඳින් අධ්‍යාපනය සිදු කළහොත් ඔබගේ ඔරුව එගොඩ කර ගත හැකියි. එවිට ඔබට ශිවාගේ දේවාලයට (ශිවාලයට)යා හැකියි. "චන්ද්‍රකාන්ත් වේදාන්ත්"යන ග්‍රන්ථයෙහිත් මෙය සඳහන් වෙනවා, කොහොමද මේ ඔරුව යන්නේ? සමහරු සම්පුර්ණ ගමන අවසන් වීමට පෙර මගදී නැවෙන් බැස යනවා; කුමකට හෝ ඇදීමෙන්; ඉතින් එවිට නැව ඔවුන් නොමැතිව නිකම්ම යනවා. භක්ති මාර්ගයේ සියලුම ග්‍රන්ථ නැවතත් නිර්මාණය වෙනවා. ඔබ ඒවා නැවතත් පරිශීලනය කරනවා. ඉන්පසු නැවතත් පියා පැමිණි විට ඔබ නැවතත් ඒවා අමතක කර දමනවා. බාබා මෙහි පැමිණෙන්නේ සියලුම දෙනා නැවතත් නිවහන කරා ගෙන යාමටයි. භාරතයේ නැගීමත් බැසීමත් සිදුවන ආකාරය ඉතාමත් පැහැදිලියි. මොහු අවලස්සන වී නැවතත් ලස්සන වෙනවා. ඔහු බ්‍රහ්මා මගින් විෂ්ණු බවට පත් වී නැවතත් විෂ්ණු මගින් බ්‍රහ්මා බවට පත් වෙනවා. මෙම තත්ත්වයට පත් වෙන්නේ එක් අයෙක් පමණක් නොවේ. මේ විස්තර සියල්ලම ඔබ විසින් ලබා දිය යුතුයි. ක්‍රිෂ්ණා අවලස්සන බවින් ලස්සන වෙන ආකාරයේ, ශ්‍යාම් සුන්දර, විස්තරයත් ඔබ විසින් ලබා දිය යුතුයි. ක්‍රිෂ්ණාගේ පින්තූරයේ ඔහු සත් යුගයට යන ආකාරයත් අපායට පයින් ගසන ආකාරයත් හොඳින් පෙන්නුම් කරනවා. ඔබගේ අධිකාරිත්වයේ පින්තූරත් බෙහොමයක් තිබෙනවා. අව්වා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බාබා විසින් දෙන ලද අවවාදය පිළිපැදීමට ඔබට අවශ්‍ය නම් මෙම ආකල්පය ඔබ තුළ නිරන්තරයෙන් තබා ගන්න: අපි සියලුම ජිවාත්මයන් සහෝදරයන්ය; අපි අපේ නළල මැද වාසය කරන්නෙමු, අපි සියලුම දෙනා ඒ අසීමිත පියාගේ දරුවන් වන අතර මේ අපේ දේව පවුලයි. ජීවාත්ම අවධානයට පත් වීමේ පුරුද්ද කාවද්දා ගන්න.

2. ධර්මරාජ් ඉදිරියේ දඬුවම් ලැබීමෙන් වැලකී සිටීමට නම් ඔබගේ කර්ම ගිණුම් සියල්ල අවසන් කර දමන්න. මායා දමනය කර සතෝප්‍රධාන් වීමට ඔබට ලැබුණු මන්ත්‍රය මතක තබා ගන්න.

වරදානය:
ලක්ෂ්‍යයක ස්වරූපයෙන් ස්ථීරව සිටීමෙන් සහ නාට්‍යයේ කරුණ පිළිබඳ අවබෝධයෙන් සිටීමට අන් අයට මතක් කිරීමෙන් ඔබ බාධක විනාශ කරන්නෙකු බවට පත්වේවා.

ඕනෑම අවස්ථාවක ප්‍රශ්නාර්ථ ලකුණක් නොතබන, ලක්ෂ්‍යයක ස්වරූපයෙන් ස්ථාවරව සිටින සහ සෑම කාර්යයකදීම නාට්‍යයේ කරුණ අන් අයට මතක් කර දෙන දරුවන් බාධක විනාශ කරන්නන් ලෙස හැඳින්වේ. ඔවුන් අන් අයව බලවත් කර සාර්ථකත්වයේ ගමනාන්තයට සමීප කරයි. ඔවුන් යම් සීමිත සාර්ථකත්වයක් ලබා ගැනීම දුටු පමණින් සතුටු නොවන අතර අසීමිත සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත්වේ. ඒවා නිරන්තරයෙන් ස්ථායී වන අතර උස් අවධියක පවතී. ඔවුන්ගේම සාර්ථකත්වයේ අදියර සමඟ, ඔවුන් ඕනෑම සාර්ථකත්වයේ අඩුවක් පරිවර්තනය කරයි.

පාඨය:
ආශිර්වාද ලබාගෙන ආශිර්වාද කරන්න එවිට ඔබ ඉතා ඉක්මණනින් මායාව ජය ගන්නෙකු බවට පත් වනු ඇත.