04.02.24    Avyakt Bapdada      Sinhala Murli     31.01.98    Om Shanti    Madhuban


ගෞරවාන්විතව සමත් විම සඳහා ඔබ විසින් එකතු කර ගෙන ඇති සියලුම සම්පත් ගිණුම් පිරික්සා බලන්න.


අද, බාප්දාදා දෙස් විදෙස් සෑම තැනකම සිටින තම තරුණ මහළු සියලුම දරුවන්ගේ වාසනාව දැක සතුටු වෙනවා. මුලු කල්පයෙන්ම, බ්‍රහ්මණ ජීවාත්ම හැර වෙන කිසිඳු අයෙකුට මෙම වාසනාව ලැබි ඇත්තේ නැහැ. දේවතාවරුන් පවා වඩාත් උසස් ලෙස සලකන්නේ ඔය බ්‍රහ්මණ ජීවිතයයි. ඔබ සෑම කෙනෙක්ම තම තමන්ගේ ජීවිත ආරම්භයේ සිටම කෙතරම් වාසනාවන්ත වි ඇත්දැයි කියා පරික්ෂා කර බැලිය යුතුයි. දරුවෙක් උපත ලද සැනකින්ම තම මව හා පියාගෙන් පෝෂණය ලැබිමේ වාසනාව දිනා ගන්නවා. ඉන් අතතුරුව ගුරුවරයෙකුගේ ඉගැන්විම ලැබිමේ භාග්‍යය ලබනවා. පසුව ගුරු කෙනෙකුගෙන් උපදෙස් හෝ වරම් ලබනවා. ඔය දරුවන්ට පෝෂණය දෙන්නේ, උගන්වන්නේ, වරම් හා ශ්‍රීමත් දෙන්නේ කවුරුන්ද? ඒ ත්‍රිත්වයම ඔබ පරමාත්ම ජීවයගෙන් ලබනවා. පෝෂණය දෙස බලන්න. බලන්න බොහෝ දෙනෙක් අතරින් හරිම අතලොස්සක් පමණයි පරමාත්ම දෙවියන්ගේ පෝෂණය ලබන්නේ. ඔබ හැර වෙන කිසිම කෙනෙක්, පරමාත්ම දෙවියන්ගේ පරම ගුරුවරයාගේ ගුරුහරුකම් ලබන්නේ නැහැ. සත්ගුරුගෙන් වරම් හා ශ්‍රීමත් ලබන්නේ ද ඔය දරුවන්ම පමණයි. ඉතිත් ඔබගේ භාග්‍යය කෙතරම්දැයි කියා ඔබ පැහැදිලිව දන්නවා ද? එම භාග්‍යය අවධානයේ තබා ගෙන ඔබ දිගින්දිගටම ඔන්චිලි පදිනවා ද? මගේ භාග්‍ය කෙතරම් නම් අපුරුද යන ගීතය ඔබ ගායනා කරනවා ද?

අම්රිත් වේලාවේ දී, අවදි වුණු සැනකින්ම, ඔබ පරමාත්ම දේව ස්නේහයේ ගැලී අවදි වෙනවා. පරමාත්ම දෙවියන්ට ඇති සෙනෙහස ඔබව අවදි කරවනවා. ඔබගේ දවස ඇරඹෙන්නේම එම දේව සෙනෙහසිනුයි. මෙම සෙනෙහස තිබුණේ නැතිනම්, ඔබට අවදි වීමට වත් හැකි වෙන එකක් නැහැ. සෙනෙහස ඔබගේ හෝරා යන්ත්‍රයේ සීනුව ගසනවා. සෙනෙහසේ සීනුව ඔබව අවදි කරවනවා. මුලු දවස පුරාවටම, පරමාත්ම දෙවියන්ගේ ඇසුර ඔබට සෑම කාර්යයක්ම කරවිමට ශක්තිය දෙනවා. පරමාත්ම පියාම මෙහි පැමිණ ඔබට ඉගැන්වීම සඳහා තම පරම දේශය අතහැර පැමිණීමට තරම් ඔබගේ වාසනාව අති මහත් වෙනවා. ඔබට ඉගැන්වීම සඳහාම තම නිවහනත් අතහැර පරමාත්ම දෙවියන්ම පැමිණෙනවාය යන්න ඔබ කවදාවත් අසා තිබෙනවා ද? ජීවාත්ම කෙතරම් දුර බැහැර සිට පැමිණියත්, පරම දේශය තරම් දුර තැනක් තවත් නැහැ. ඊටත් වඩා දුර තැනක් තිබෙනවා ද? ඇමරිකාව අප්‍රිකාව දුරයි ද? ඉහළම ඉහළ තැන වන්නේ පරම දේශයයි. ඉහළම ඉහළ කෙනා වන පරමාත්ම දෙවියන්, පැමිණෙන්නේත් ඉහළම ඉහළ දේශයේ සිටයි. ඒත් ඉහළම ඉහළ දේ ඉගැන්විමටයි. ඔබගේ වාසනාව එතරම් උසස් භාග්‍යයක් බව ඔබ සලකනවා ද? සත්ගුරු ස්වරූපයෙන්, ඔහු ඔබට ශ්‍රීමත් මෙන්ම සෑම කාර්යයකදීම ඔහුගේ සහාය ඔබට දෙනවා. උපදෙස් දෙනවා පමණක් නොව, ඔහු තම සහායකත්වය දෙනවා. ඔය දරුවන් ගයන ගීතය කුමක්ද? ඔබ මා සමඟම ද සිටින්නේ දුර ඈතින් ද සිටින්නේ? මා සමඟමයි සිටින්නේ. එහෙම නේද? ඔබ ඕනෑම කෙනෙකුට සවන් දුන්නොත්, ඒ පරම ගුරුවරයායි. කෑම ගන්නා විටත් ඔබ කන්නේ බාප්දාදා සමඟයි. ඔය දරුවන් පොරොන්දු වි සිටිනවා: මම ඔබ සමඟම ජීවත් වෙන්නම්, කන්නේ බොන්නේ, නිදන්නේ එමෙන්ම නැවත නිවහන බලා යන්නේත් ඔබ සමඟම පමණයි කියා ඔබ පොරොන්දු වී තිබෙනවා. තනිවම නින්දට නොයන්න. එසේ වුවහොත් ඔබගේ සිහින වලට පවා නරක සිතිවිලි ඇති වෙනවා. එනිසා, තනිව නින්දට යන්න එපා. අවදි වන විටත් ඔබ අවදි වන්නේ පරමාත්ම දෙවියන් සමඟයි. කෑම කන විට, යන එන විට, ඔබ ඒ සියල්ල කරන්නේ පරමාත්ම දෙවියන් සමඟයි. ඔබ තම කාර්යාලයට හෝ ව්‍යාපාරයට යන විට, ඔබ එම ව්‍යාපාරයේ භාරකරු පමණි, පාලකයා වන්නේ පරමාත්ම පියායි. වැඩට යන විට, ඔබගේ අධ්‍යක්ෂක නැතිනම් ඔබගේ බොස් වන්නේ බාප්දාදායි. ඔබ උපකරණයක් බවට පත්වි සෑම දෙයක්ම ඔහුගේ උපදෙස් වලට අනුව ඉටු කරයි. ඇතැම් විට ඔබ දුකින් සිටින විට පරමාත්ම පියා ඔබගේ මිතුරා වී ඔබව උද්යෝගිමත් කරවනවා. ඔහු ඔබගේ මිතුරාත් වෙනවා. සෙනෙහසේ කඳුළු හෙළන විට, පරමාත්ම පියා පැමිණ ඒ කඳුළු පිසදා, තම හද මංජුසාවේ ඒවා පිණි පබළු සේ බහාලනවා. ඇතැම් විට ඔබ මුරණ්ඩු වී උකටලීව සිටිනා විට, ඔබ හරිම මිහිරි ලෙසකින් මුහුණ එල්ලා ගන්නවා- එවිට බාබා පැමිණ ඔබ හා යාළු වීමට බලනවා. කමක් නෑ දරුව, ඉදිරියට යන්න. වුණු දේ වෙලා ඉවරයි. දැන් ඒක අමතක කරන්න. අතීතය අතීතයටමයි. මේ ආකාරයෙන් ඔහු ඔබව සනසන්න බලනවා. ඉතින් ඔබ මුළු දවසම ගත කරන්නේ කා සමඟ ද? බාප්දාදා සමඟයි. ඇතැම් විට දරුවන්, බාබා, මට ඔබව අමතක වෙනවා. කියා කියන විට බාප්දාදාට ඒක හරි පුදුමයි. එක පැත්තකින් ඔබ කියනවා එකටමයි සිටින්නේ කියලා. ඉතින් තමන් හා එකටම සිටින කෙනාව ඔබට අමතක කරන්න පුළුවන් ද? එවිට බාබා හරි හොඳයි. තමා සමඟ එකටම ඉන්න කෙනාවත් අමතක කිරීමට තරම් ඔබ එහෙනම් ශක්තිමත් වී සිටිනවා කියා කියනවා. එකටම සිටියත් පොඩි මායාවකට හෝ ඔබව වෙන් කරවන්න පුලුවන්.

දරුවන් කරන සෙල්ලම් දෙස බාප්දාදා බලා කියන්නේ: නිරන්තරයෙන් තම වාසනාව ගැන අවධානයෙන් සිටින්න. ඔව් මගේ වාසනාව ඉතාමත් ශ්‍රේෂ්ඨයි කියා ඔබ කියනවා. නමුත් ඒ සිතිවිලි වල ප්‍රතිමුර්තියක් බවට පමණක් පත්වි ඔබ අවධානයේ ප්‍රතිමුර්තියක් වන්නේ නැහැ. මම මෙහෙමයි. මම අරහෙමයි කියා ඔබ කියනවා. ඉතාමත් හොඳින් ඔබ ඒවා අන් අයටත් කියනවා. නමුත් දැන් ඔබ සිතන හා කියන දෙයෙහි ප්‍රතිමුර්තීන් විය යුතුයි. එහි ප්‍රතිමුර්තියක් විමට ඔබට නොහැකි වෙනවා. සෑම අංශයකින්ම ප්‍රතිමුර්තියක් වන්න. කුමනාකාරයේ දෙයක් සිතුවත් ඒ දෙයෙහි ස්වරූපය වීම ඔබ අත්දැකිය යුතුයි. ලොකුම ස්වරූපය නම් ඔබගේ අත්දැකීම් වල ප්‍රතිමුර්තියක් විමයි. සදාතනික ස්වරූපයේ ඔබ පරමදාමයේ සිටිනා විට සිතිවිලි ප්‍රතිරූපයක් බවට ඔබ පත් වන්නේ නැහැ. අවධානයේ ප්‍රතිමුර්තියක් පමණයි. මම ජීවාත්මයක්, මම ජීවාත්මයක් කියාවත් ඔබට සිතීමට අවශ්‍ය වන්නේ නැහැ. ඔබ ඒ තත්ත්වයේම සිටිනවා. දැන් මේ කාලයේ දරණ උත්සාහයේ ප්‍රතිමුර්තියක් බවට ඔබ ආරම්භයේ දී පත් වෙනවා. මම දේවතාවරයෙක් මම දේවතාවරයෙක් කියා ඔබට කීමට සිදු වන්නේ නැහැ. ඔබ එම ස්වරූපයේම සිටිනවා. එමනිසා, ඔබ තම සදාතනික ස්වරූපයේ ප්‍රතිමුර්තියක් නිසා, දැන් මෙම කාලයේ දීද ප්‍රතිමුර්තියක් වන්න. එසේ වීමෙන්, ඔබගේ ගුණාංග හා බල ඉබේටම ඉස්මතු වනු ඇත. ඕනෑම රාජකාරියක් කරනා කෙනෙක් තම ආසනය මත අසුන් ගත් විට, එම රාජකාරියට අදාල සියලු බලතල ඉස්මතු වෙනවා. ඉතින්, ඔබත් සෑම විටම තම ස්වරූපයේ අසුනේ අසුන් ගෙන සිටිනා විට, සෑම ගුණාංගයක්ම, සෑම බලයක්ම හා සෑම කුල්මත් බවක්ම ඉබේටම ඉස්මතු වේවි. ඔබට ඒ සම්බන්ධයෙන් වෙහෙස වී වැඩ කිරීමට සිදු වන එකක් නැහැ. උපත් ගණනාවක අනිකුත් ගති ස්වභාවයන් අවසන් කර දමන ස්වභාවික බ්‍රහ්මණ ගති ස්වභාවය යනු මෙයයි. අන් ගති ස්වභාවයන් බ්‍රහ්මණවරයෙකුගේ ගති ස්වභාවයන් නොවෙයි. ඒ මගේ හැටි කියා ඔබ යම් දෙයකට කියාවි. නමුත් මගේ හැටි කියා කියන්නේ කවුද? එවිට එය බ්‍රහ්මණ ස්වරූපයක් ද ක්ෂත්‍රිය ස්වරූපයක් ද? එසේත් නැතිනම් තම පෙර උපත පිළිබඳ අවධානයකට පැමිණ කියන දෙයක් ද? බ්‍රහමණවරුන්ගේ ගති ස්වභාවය බ්‍රහ්මා සේ විය යුතුයි. ඒ මගේ ස්වභාවයයි කියා ඔබ කියු විට තමන්ටම කියා වෙතම ගති ස්වභාවයක් එසේ ඔබට තබා ගත හැකි දැයි කියා සලකා බලන්න. තම පැරණි ගති ස්වභාවය නැති කර ගැනීමට ඔබ තවමත් උත්සාහ දරනවා නම් එය නැවත නැවතත් තවමත් ඉස්මතු වෙනවා නම්, තමන් ඒ මොහොතේ දී බ්‍රහ්මණවරයෙකු නොව ක්ෂත්‍රියකු බව ඔබ තේරුම් ගත යුතු වෙනවා. අතීතය අවසන් කිරීමට ඔබ තවමත් සටන් කරනවා. ඉතින් ඔබ ඇතැම් විට බ්‍රහමින්වරයෙක් වි අන් වෙලාවට ක්ෂත්‍රියයෙක් වන අයෙක්ද? ඔබ තමන්ව හඳුන්වා ගන්නේ කෙසේද? ක්ෂත්‍රිය කුමාරයින් ද බ්‍රහ්ම කුමාරයින් ද? කවුද? ක්ෂත්‍රිය කුමාරයින් ද? ඔබ බ්‍රහ්ම කුමාරයින් හා බ්‍රහ්ම කුමාරිනුයි. වෙන කිසිඳු නමක් ඔබට නැහැ. ක්ෂත්‍රිය කුමාර මෙහෙ එන්න කියා ඔබ කාට හෝ කතා කරනවා ද? කවදාවත් එසේ කියනවා ද? නැතිනම් තමන් ගැන වුවත් මම බ්‍රහ්ම කුමාරයෙක් නොවෙයි ක්ෂත්‍රිය කුමාරයෙක් කියා ඔබ කියනවා ද? බ්‍රහ්මණවරයෙක් වෙනවා යනු බ්‍රහ්ම බාබා සේම වුණු ගති ස්වභාවයක් පවත්වා ගැනීමයි. එවැනි වචන කිසි විටෙක නොකියන්න. වැරදීමකින්වත් එසේ කියන්න එපා. මා මොනවා කරන්න ද, මගේ හැටි එහෙමනේ කියාවත් කිසි විටෙක නොකියන්න. මෙය සමාවට කරුණු කීම වේ. මෙසේ කීමත් තමාව නිදහස් කර ගැනීමට කියනා සමාවට කරුණුයි. ඔබ අළුත් උපතක් ලබා තිබෙනවා. ඉතින් පැරණි ගති ස්වභාවය මතුවිය හැක්කේ කෙසේ ද? එසේ වෙනවා නම් ඉන් අදහස් වන්නේ ඔබ සම්පුර්ණයෙන්ම මිය ගොස් නැති බවයි. තවමත් ටිකක් පණ තියෙනවා වගේයි. බ්‍රහමණ ජීවිතයක් යනු බ්‍රහ්ම බාබාගේ සෑම පියවරක්ම බ්‍රහමින්වරුන්ගේ ද පියවර වන ජීවිතයකි.

බාප්දාදා ඔබගේ වාසනාව දෙස බලනවා. එය ඉතාමත් උසස් වාසනාවක්. එමනිසා, මෙම වාසනාව ඉදිරියේ එවන් වචන ගැලපෙන්නේ නැති වචන වෙනවා. ඔබ මෙම වසර මුක්තියේ වසර ලෙසින් සමරනවා. නේද? ඔබ දෙන පන්ති මොනවාද? මෙය මුක්තියේ නිදහසේ වසරයි. දැන්ම එසේ ද නැතිනම් 1999දී ද? වසර 1998 තමයි මුක්තියේ වසර. මෙම වසර මුක්තියේ වසරයි කියා සලකනා අය අත ඔසවන්න. බලන්න, අත ඔසවන්න හරිම ලේසියි. මෙම සමුහයේ අසුන් ගෙන සතුටින් පැද්දි පැද්දි ඉන්න කොට නිකම්ම අත් එසවෙනවා. දැන් අත් ඔසවා ඔබගේ හදවතින්ම පොරොන්දු වෙන්න. මුක්ති වසරේ දී කුමන දෙයක් සිදු වුණත් මෙම පොරොන්දුව කඩන්නේ නැහැ යි කියා පොරොන්දු වන්න. හොඳින්ම පොරොන්දු වුණාද? අත් ඔසවන විට පරිස්සම් වන්න. මෙම ටීවී එකේ පටිගත කර ගත්තත් නැතත් බාප්දාදා ළඟ ඔබගේ ඡායාරූපය තිබෙනවා. එමනිසා එවන් දුර්වල වචන වලින් මිදෙන්න. ඔබගේ වචනත් පරමාත්ම පියාගේ වචන සේම මිහිරි කර ගන්න. සෑම ජීවාත්මයක් කෙරෙහිම වන ඔබගේ වචන යහපත් පැතුම් වලින් පුරවා ගන්න. වැදගත්කමින් යුතු වචන යනුවෙන් හඳුන්වන්නේ මේවායි. යන එන අතර සාමාන්‍ය වචන කතා නොකරන්න. ඔබ ළඟට එන ඕනෑම කෙනෙක් ඔබ මේ පිට කරන්නේ වචන ද පබළු ද කියා ඔවුන්ට දැනිය යුතුයි. යහපත් පැතුම් වලින් පිරි වචන දියමන්ති මුතු පබළු වගේයි. බාප්දාදා ඔබට කීපවරක්ම ඔබට සම්පත් එකතු කර ගැනීමට ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් බව සඳහන් කර තිබෙනවා. දැන් මේ කාලයේ දී ඔබ සියලුම සම්පත් වන කාලය, සිතිවිලි, වචන ඥාන ධනය, යෝග බලය හා දිව්‍යම ජීවිතයක සියලුම ගුණාංග නම් වු සම්පත් එකතු කර ගත්තේ නැතිනම් ඒවා එකතු කර ගැනීමට නැවතත් මෙවන් කාලයක් නම් ඔබට නැවත ලැබෙන්නේ නැත. මුලු දවස පුරාවටම සෑම සම්පතකම ගිණුම පරීක්ෂා කර බලන්න. ඔබගේ භෞතික මිල මුදල් වල ගිණුම් ඔබ නිතර පරීක්ෂා කරන්නාක් සේ. මෙම සම්පත් ද ඔබ කෙතරම් දුරට එකතු කර ගෙන තිබෙනවා දැයි කියා පරික්ෂා කර බලන්න. මේ සෑම සම්පතක්ම ඔබට තිබිය යුතුයි. ගෞරවයෙන් සමත් විමට අවශ්‍ය නම්, සෑම සම්පතකම හර මේ ගිණුම පූර්ණ වි තිබිය යුතු අතර උපත් 21කටම එම හර ගිණුම ඔබට අත්විඳිය හැකි විය යුතුයි. කාලයේ 'ප්‍රමාද වැඩිය' (ටූ ලේට්) සීනුව තවම නාද කරලා නැහැ. නමුත් එය නාද වෙනවා. ඒ ගැන ඔබට කලින්ම දින වේලාවන් කියන්නේ නැහැ. හදිසියේම දැන් ප්‍රමාද වැඩියි කියා සීනුව නාද වේවි. එවිට ඔබ මොනවා කරන්න ද? ඒ වෙලාවට එකතු කර ගන්න පුළුවන් වෙයි ද? ඔබ කෙතරම් සිතාගෙන සිටියත් ඒ වෙලාවට ඔබට වෙලාවක් නැති වෙයි. මෙන්න මේ නිසා තමයි බාප්දාදා නොයෙක් වර එකතු කර ගන්න, එකතු කර ගන්න, එකතු කර ගත්ත යන සංඥාව දෙන්නේ. දැන් ඔබ සෑම කෙනෙක්ම හඳුන්වන්නේ සෑම බලයක්ම ඇත්තෙක් වශයෙනුයි. ඇතැම් බල පමණක් ඇත්තෙක් වශයෙත් නොවෙයි. ඉදිරියේ දී, සෑම ගුණධර්මයකින්ම, පිරේවි. ගුණ ධර්ම කිහිපයකින් නොවෙයි. ඒ සෑම සම්පතක්ම ඔබ දැන් එකතු කර ගත යුතුයි. සෑම ගුණධර්මයක්ම හා සෑම බලයක්ම ඔබ එකතු කර ගත යුතුයි. සෑම සම්පතක්ම කුමන හෝ ගුණධර්මයක් හෝ බලයක් හා සම්බන්ධ වෙනවා. සාමාන්‍ය වචන කතා නොකර සිටින අතර මිහිරි වචන කතා කිරීමේ ගුණය ඇති කරගන්නවා සේ සෑම සම්පතකටම එයට අදාල සම්බන්ධතාවය තිබෙනවා.

බාප්දාදා ඔය දරුවන්ට ආදරේ නිසා නිතර නිතරම මෙම ඉඟිය ඔබට දෙනවා. අද සමුහයේ සෑම වර්ගයකම අය සිටිනවා. කුඩා දරුවනුත් ගුරුවරුනුත් සිටිනවා, ගුරුවරුන් තමයි කැප වුණු අය. කුමාරින් හා ගෘහවාසීනුත් සිටිනවා. සෑම වර්ගයකම අය සිටිනවා. අච්චා.

සෑම කෙනෙකුටම අවස්ථාවක් දී තිබිම හොඳයි. එය හරිම හොඳයි. බොහෝ කාලයකට පෙර දරුවන් එක් ඉල්ලීමක් කළා නේද? බාබාව මුණ ගැසෙන්න අපට අවස්ථාවක් එන්නේ කවදාද කියලා. ඉතින් දැන් හොඳයි. සෑම වර්ගයකම මල් කලඹක් බාබා ඉදිරියේ තිබෙනවා. මුලු ලෝකයේම ගුරුවරුන්ගෙන් බාප්දාදාට එක පිරිසිඳු ආසාවක් තිබෙනවා. චෝදනා ලිපි ගොනු දැන් අවසන් විය යුතුයි. බාප්දාදා ළඟත් ගොඩක් ලිපි ගොනු තිබෙනවා. ඉතින් දැන් මේ අවුරුද්දේදී ඔබගේ ලිපි ගොනුව අවසන් කරන්න. ඔබ fine විය යුතුයි. ඊටත් වඩා Refine විය යුතුයි. ඔබ මෙයට කැමතියි නේද? අන් අය කෙසේවන් අය වුවත් ඔවුන් සමඟ හැසිරෙන විදිය ඉගෙන ගන්න. අන් අය කුමන දෙයක් කළත්, ඔවුන් නොනවත්වාම ඔබට බාධා වෙන ආකාරයේ දේවල් කළත් ඒ බාධා සමඟ ඔබ කොපමණ කාලයක් ගත කරන්න ද? ඒවාටත් සම්පුර්ණතා දිනයක් තිබිය යුතුයි. ඉතින් එක එක්කෙනා මොනවාද කරන්නේ කියා අන් අය දෙස බලන්න එපා. මා කළ යුත්තේ කුමක්ද? ඒ කෙනා මහා පර්වතයක් නම් මම ඉන් ඉවත් විය යුතුයි. කන්ද අයින් වෙන්නේ නැහැනේ. ඒ කෙනා වෙනස් වුවහොත් මා වෙනස් වෙන්නම්, කන්ද අයින් උණොත් පමණයි මට ඉදිරියට යන්න පුළුවන් කියා කිසිවිටෙක සිතන්න එපා. කන්ද ඉවත් වන්නේත් නැහැ. ඔබ ඔබගේ ගමනාන්තයට යන්නේත් නැහැ. එමනිසා, ඒ ජීවාත්මය කෙරෙහි පිරිසිඳු හැඟීම් තිබෙනවා නම්, පොඩි ඉඟියක් දී ඔබගේ මතය හා බුද්ධිය හිස් කර ගන්න. බාධක වල ප්‍රතිමුර්තිත් වුණු අය ගැන සිත සිතා ඔබගේ කාලය ගත කරන්න එපා. සෑම දෙයක්ම අංකානුරූප නිසා සෑම කෙනෙකුගේම ස්වභාවන් ඒ පරිදිමයි. කෙසේවෙතත්, ඔබ අංක එක විය යුතුයි. තමාව පරිවර්තනය කර ගන්න, බාධා ගෙන එන අය කෙරෙහි හා නිශ්ඵල සිතිවිලි ඇති අය කෙරෙහි යහපත් හැඟීමෙන් සිටින්න. ඒ සඳහා මද කාලයක් උත්සාහයක් අවශ්‍ය වේවි. ඒ උණත්, අවසානයේ දී ජයග්‍රහණයේ මල්මාලා වැටෙන්නේ ස්ව පරිවර්ථනය ගෙන ආ අයගේ ගෙල මතයි. තම යහපත් සිතිවිලි වලින් එම ජීවාත්ම තුළ පරිවර්ථනයක් ගෙන ආ හැකි නම් එය කරන්න. නැතිනම් පොඩි ඉඟියක් දෙන්න. ඔබගේ වගකීමට නැවතීමේ තිත තබා තමා තුළ පරිවර්ථනය ගෙනැවිත් ඉදිරියටම පියාසර කරන්න. මෙම බාධකයත් ඔබට පියාසර කිරීමට ඉඩ නොදෙන රන්වන් බන්ධනයකුයි. සත්‍යයේ තිරය පිටුපස ඇති මෙය ඉතාමත් සියුම් රැහැනක්. මේක ඇත්තක් නේද කියා ඔබට සිතෙනවා. සෑම විටම මෙසේ සිදු වෙනවා. මෙය සිදු නොවිය යුතුයි. කෙසේවෙතත්, ඒ දේවල් සියල්ල දැක දැක කොපමණ කාලයකට නවතින්නද? දැන් එම සියුම් රැහැන් වලින් තමන්ව නිදහස් කර ගනිමින් මුක්තියේ වසර සමරන්න. මෙන්න මේ නිසා තමයි බාප්දාදා විවිධ උත්සව ඔබ සමඟ සමරා ඔබගේ බලාපොරොත්තු ආශාවන් උනන්දුව හා උද්යෝගය සපුරාලීමට උත්සාහ කරන්නේ. මෙම වසරේ අවසන් උත්සවය මුක්ති වසර සැමරීමේ උත්සවය වේ. උත්සව වලදී දාදීලාට තෑගි දෙනවා. ඉතින් මුක්ති වසර උත්සවයේ දී ඔබගේ පරිසමාප්තියේ තෑග්ග බාප්දාදාට දෙන්න. අච්චා.

පරමාත්ම දෙවියන්ගේ පෝෂණය, ඉගැන්විම්, හා ශ්‍රීමත් ලැබීමට ඇති වාසනාවට අයිතිය ඇති සෑම සුවිශේෂී ජීවාත්මයක්ම, පරමාත්ම පියා හා සමානව තමාව තම සිතිවිලි වල ප්‍රතිමුර්තියක් වන කරවන ජීවාත්මයන්ව, පරමාත්ම දෙවියන්ගේ බලයෙන් සේවය කර පහසු සාර්ථකත්වය ලබන උපකරණ ජීවාත්මයන්ව, තම බද්ධ ස්වරූපයේ දී සෑම විටම පියාව අත්දකින, මිත්‍රත්වයේ සබැඳියාව සපුරන සහෝදර දරුවන්ව සෑම කෙනෙක්වම සෙනෙහසින් සිහි කර බාප්දාදා නමස්කාර කරයි.

වරදානය:
ඔබ තෘප්තිමත් භාවයේ ආභරණයක් වෙමින්, ඔබේ සබඳතාවල සහ සම්බන්ධතාවල සංතුෂ්ටියේ විශේෂත්වය සමඟින් ජපමාලයේ නූල් පොටක් බවට පත් වේවා.

සංගම යුගය යනු සංතුෂ්ටියේ යුගයයි. තමන් ගැනම සෑහීමකට පත්වන අය සහ ඔවුන්ගේ සබඳතා සහ සම්බන්ධතා තුළ නිරතුරුවම තෘප්තිමත් වන අතර අන් අයව ජපමාලයේ නූල් බවට පත් කරන අයවන අතර මන්දයත් ජපමාලය නිර්මාණය වන්නේ සබඳතා හරහා බැවිනි. එක් පබළු ඊළඟ පබළු සම්බන්ධ නොවේ නම්, ජපමාලය නිර්මාණය කළ නොහැක. එබැවින්, තෘප්තියේ ආභරණයක් වෙමින්, නිරතුරුවම තෘප්තිමත් වෙමින් සෑම කෙනෙකුම තෘප්තිමත් කරන්න. පවුලක සිටීමේ තේරුම නම් තෘප්තිමත්ව සිටීම සහ සෑම කෙනෙකුම තෘප්තිමත් කිරීමයි. කිසිම ආකාරයක ගැටුමක් ඇති නොවේවා.

පාඨය:
බාධක වල කාර්යය පැමිණීම වන අතර බාධක විනාශ කරන්නෙකු වීම ඔබේ කාර්යයයි.