04.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර පාරලෞකික පියාගෙන් සම්පූර්ණ උරුමය දිනා ගැනීම සඳහා, ඔබට ඇති සෑම දෙයක්ම හුවමාරු කරගන්න. මෙය ඉතා විශාල ව්‍යාපාරයකි.

ප්‍රශ්නය:
නාටකය පිළිබඳ දැනුම, ඔය දරුවන්ට බොහෝ උපකාර වන්නේ කුමන කාරණාවේද?

පිළිතුර:
ඔබගේ සිරුරේ රෝගයක් ඇති විට, නාටකය පිළිබඳ දැනුම ඔබට බොහෝ සේ උපකාර වෙයි, මන්ද, මෙම නාටකය ඒ ආකාරයෙන්ම කිසිම වෙනසකින් තොරව නැවත සිදුවන බව ඔබ දන්නවා. මේ ගැන විලාප නගා හඬන්නට අවශ්‍ය නැත. කර්ම ගිණුම් පියවිය යුතුයි. උපත් 21හි සතුට හා සසඳන කල, අත්විඳින මෙම දුක, නොගිණිය හැකි තරම්ය. සම්පූර්ණ දැනුම නොමැති විට, ඔබට අසහනය දැනෙයි.

ඕම් ශාන්ති.
දෙවියන් පවසයි. තමන්ගේම සිරුරක් නොමැති ඒකායන කෙනා දෙවියන්ය. දෙවියන්ට නමක්, ස්වරූපයක්, තැනක්, කාලයක් නොමැත්තේ නැහැ නැත. දෙවියන්ට තමන්ගේම කියා සිරුරක් නැත. අන් සියලුම ජීවාත්මයන්ට තමන්ගේම සිරුරු තිබේ. පියා දැන් පවසන්නේ මිහිරිතම ආධ්‍යාත්මික දරුවනේ, තමන් ජීවාත්ම බව සලකමින් මෙහි අසුන් ගන්න. කොහොමනමුත්, සවන් දෙන්නේ, චරිත කොටසක් රඟපාන්නේ සහ සිරුර තුළින් ක්‍රියා සිදු කරන්නේ, ජීවාත්මයයි. සංස්කාර රැගෙන යන්නේ ජීවාත්මයයි. සිරුර තුළින් හොඳ සහ නරක ක්‍රියාවන්හි ඵලය අත්විඳින්නේ ජීවාත්මයයි. සිරුරක් නොමැතිව කිසි කෙනෙක් කිසිවක් අත්විඳින්නේ නැත (එමෙන්ම ඵල විපාක විඳින්නේ නැත). පියා මෙසේ පවසන්නේ මේ නිසයි තමන් ජීවාත්ම බව සලකා මෙහි අසුන් ගන්න. බාබා අපට ඥානය පවසනවා. ජීවාත්මය වන මා, මෙම සිරුර තුළින් අසා සිටිනවා. දෙවියන් පවසයි මන්මනාභව! ඔබගේ සිරුර ඇතුළු සියලුම ශාරීරික ආගම් අත්හරින්න, තමන් ජීවයක් බව සලකා පියා සිහි කරන්න. ගීතාවේ දෙවියන් වන, එක් පියා පමණයි ඔබට මෙය පවසන්නේ. දෙවියන් යනු, උපත සහ මරණය ඉක්මවා සිටින ඒකායන කෙනාය. පියා පහදා දෙන්නේ මගේ උපත අලෞකිකයි. මා මෙම කෙනා තුළට ඇතුළු වන ආකාරයෙන්, වෙනත් කිසිවෙක් මේ අන්දමට උපතක් නොගනී. ඔබ මෙය ඉතා හොඳින් සිහියේ තබා ගත යුතුයි. දෙවියන් සෑම දෙයක්ම සිදුකරනවා නොවෙයි, ඔහු පිදුම් ලබන්නට සුදුසු සහ පුදන්නෙක් හෝ ඔහු වැලි කැට හෝ ගල් වල සිටිනවා නොවෙයි. ඔවුන් අවතරණ 24ක් පෙන්වයි, කිඹුලෙක් සහ මාළුවෙක් තුළ අවතරණය වීම, පර්ශු-රාමා අවතරණය (පොරවක් ඇති රාමා). දෙවියන් අසුන්ගෙන පර්ශු-රාමා ලෙස අවතරණය වී පොරවකින් හිංසන සිදුකරයිද කියා, ඔබට දැන් වැටහෙයි. එය වැරදියි. දෙවියන් සෑම තැනකම සිටින බව ඔවුන් පවසා ඇති සේම, කල්පයේ කාල වකවානුව, වසර සිය දහස් ගණනක් දීර්ඝ බව ඔවුන් ලියා තිබේ. මෙය අන්ත අන්ධකාරය ලෙස හැඳින්වෙයි, එනම්, ඔවුන්ට ඥානය නැත. දැනුම තුළින් ආලෝකය තිබේ. දැන් අවිද්‍යාවේ අන්ත අඳුර තිබේ. ඔය දරුවන් දැන් සිටින්නේ උපරිම ආලෝකයේය. ඔබ සියලු දෙනාව ඉතා හොඳින් දනී. ඥානය නොමැති අය, අඛණ්ඩව වන්දනාමාන ආදිය සිදුකරයි. ඔබ දැන් සියලු දෙනාව හඳුනයි, එබැවින් කිසි කෙනෙක්ව වන්දනා කිරීමට අවශ්‍ය නැත. ඔබව දැන් පිදීමෙන් නිදහස් කර තිබේ. ඔබ දැන් පිදුම් ලබන්නට සුදුසු දේවතාවන් වීමට උත්සාහ දරමින් සිටියි. ඔබ පිදුම්-ලබන්නට සුදුසු දේවතාවන්ව සිට ඉන්පසුව පුදන මනුෂ්‍යයන් විය. මනුෂ්‍යයන්ට රකුසු උපදෙස් තිබේ, මෙසේ ගායනා කර තිබෙන්නේ මේ නිසයි මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පත් කළා. ’මනුෂ්‍යයන්ව දේවතාවන් බවට පරිවර්ථනය කිරීමට දෙවියන්ට වැඩි කලක් ගත වූයේ නැත.‘ ඔහු තත්පරයකදී ඔබව දේවතාවන් කරවයි. පියාව හඳුනාගත් සැනින්, ඔබ ඔහුට ශිව බාබා කියා ඇමතීය. ’බාබා‘ කීමෙන්, ඔබ ලෝකයේ අධිපතියන් බවට සහ දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත්වන බව, ඔබගේ හදවතට ඇතුළු වෙයි. එම ඒකායන කෙනා, අසීමිත පියාය. ඔබ දැන් පැමිණ, සැනෙකින් පියාට අයත් වී ඇත. එවිට පියා පවසන්නේ ඔබගේ පවුලේ අය සමග නිවසේ වාසය කරන අතර, පාරලෞකික පියාගෙන් උරුමය දිනාගන්න. ඔබගේ ලෞකික උරුමයන් ඔබට ලැබෙමින් තිබුණු අතර ඔබ දැන් ලෞකික උරුමය, පාරලෞකික පියාගේ උරුමය සමග හුවමාරු කළ යුතුයි. මෙය ඉතා හොඳ ව්‍යාපාරයකි. ලෞකික උරුමයක් කුමක් වෙයිද? මෙය අසීමිත උරුමයක් වන අතර දුප්පත් අයට එය විගසින් හිමි කර ගත හැක. ඔහු දුප්පත් අයව දරුකමට හදාගනී. පියා, දුප්පතුන්ගේ ස්වාමීය. මෙසේද සිහි කර තිබේ මා දුප්පතුන්ගේ ස්වාමීය. වඩාත්ම දුප්පත්, භාරතයයි. මා පැමිණෙන්නේ භාරතයේය. මා පැමිණ එය ධනවත් කරවනවා. භාරතයේ වර්ණනාව බොහෝ වැදගත්. ශ්‍රේෂ්ඨතම වන්දනා ස්ථානය එයයි. කෙසේවෙතත්, කල්පයේ කාල පරාසය එතරම් දීර්ඝ බව පැවසීමෙන්, ඔවුන්ට මෙය මුළුමනින්ම අමතක වී තිබේ. භාරතය බොහෝ ධනවත්ව තිබී දැන් දුප්පත් වී ඇති බව ඔවුන්ට වැටහෙයි. පෙරකල ධාන්‍ය ආදි සියල්ලම මෙහි සිට පිටරට යැවීය. භාරතය ඉතා දුප්පත් බවත් ඔවුන් උපකාර කරන්නේ ඒ නිසා බවත් ඔබට දැන් වැටහෙනවා. එය එසේය. වැදගත් කෙනෙක් අසමත් වූ විට, එම කෙනාට උපකාර කරන්නේ කෙසේද කියා මිනිසුන් ඔවුන් අතරේ තීරණයක් ගනී. වඩාත්ම පැරණි වන්නේ මෙම භාරතයයි. භාරතයම දිව්‍යලෝකය විය. ප්‍රථමයෙන් ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබුණි. සිදුවී ඇත්තේ ඔවුන් එහි කාල පරාසය දීර්ඝ කිරීමයි, ඔවුන් අවුලට පත්වී ඇත්තේ ඒ නිසයි. ඔවුන් භාරතයට බොහෝ උපකාර කරයි. පියාද පැමිණිය යුත්තේ භාරතයේය. ඔබ පියාගෙන් උරුමය හිමි කරගන්නා බව, ඔය දරුවන් දන්නවා. මෙම කෙනා (බ්‍රහ්මා) කළ ආකාරයෙන්ම, ඔබගේ භෞතික පියවරුන්ගෙන් ලැබුණු උරුමය, ඔබ මෙම පාරලෞකික පියාගේ උරුමය සමග හුවමාරු කරගන්නවා. බලන්න, ඔබට ඔබගේ පාරලෞකික පියාගෙන් කිරුළක් සහ සිහසුනක් ලැබෙනවා. මෙම ආධිපත්‍යය සහ එම ‘බූරුකම‘ අතර විශාල වෙනසක් තිබේ. මෙවන් කියමනකි පියා අනුගමනය කරන්න. සාගින්නේ මිය යාම පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා පවසන්නේ සියලු දේම භාරකරුවෙක් ලෙස බලාගන්න. පියා පැමිණ ඔබට පහසු මඟක් පෙන්වයි. දරුවන් බොහෝ අපහසුතා වලට මුහුණ දී තිබේ, ඔවුන් පියාට කන්නලව් කරන්නේ මේ නිසයි අහෝ පරම පිතා, පරමාත්ම ජීවය, අනුකම්පා කරන්න! සතුට ඇති කල කිසිවෙක් පියා සිහි කරන්නේ නැත. දුක ඇති කල සියලු දෙනාම ඔහුව සිහි කරයි. ඔහුව සිහි කරන්නේ කෙසේද කියා, පියා දැන් ඔබට පෙන්වා දෙයි. ඔහුව සිහි කරන්නේ කෙසේද කියාවත් ඔබ නොදනී. මමම පැමිණ ඔබට එය පෙන්වා දෙනවා. දරුවනේ, තමන් ජීවාත්ම බව සලකා, පාරලෞකික පියාව සිහි කරන්න, එවිට ඔබගේ පාපයන් කැපී යයි. බාබා සිහි කිරීමෙන් ඔබට සතුට ලැබෙන අතර සිරුරේ සියලු දුක් විඳීම අවසන් වෙයි. ඔය ජීවාත්ම සහ ඔබගේ සිරුරු යන දෙකම පිවිතුරු වෙයි. ඔබ බොහෝ පිවිතුරුව සිටියා. ඉන්පසුව පුනර්භව ගැනීමේදි ජීවාත්ම මළකඩ වලින් වැසී ඇත. රත්තරන් වලට වෙනත් ලෝහ මිශ්‍ර කරන ආකාරයට, ඔවුන්ට පැරණි සිරුරු ලැබෙයි. පිරිසිදු රත්තරන් වල ආභරණ ද පිරිසිදුයි එයට එම දීප්තිය තිබේ. වෙනත් ලෝහ මිශ්‍ර කරන ලද ආභරණ කළු පැහැ ගැන්වෙයි. පියා පවසන්නේ ඔබ තුළද වෙනත් ලෝහ මිශ්‍ර වී තිබේ. එය දැන් ඉවත් කළ යුතුයි. එය ඉවත් කරන්නේ කෙසේද? පියා සමග යෝගාවේ සිටින්න. ඔබට උගන්වන ඒකායන කෙනා සමග ඔබ යෝගාවේ සිටිය යුතුයි. එම ඒකායන කෙනා සියල්ලයි පියා, ගුරුවරයා සහ සත්ගුරු. ඔහු සිහිකරන්න, එවිට ඔබගේ පාපයන් අහෝසි වෙයි. තවද ඔහු ඔබට උගන්වයි. ඔබ මට පාරිශුද්ධකරු සහ සර්ව බලධාරි ලෙස අමතයි. පියා ඔබට සෑම කල්පයකම එකම ආකාරයට පහදා දෙයි. සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ දරුවනේ, ඔබ වසර 5000කට පසුව පැමිණ මා හමුවී ඇත. ඔබ බොහෝ කලක් නැතිව සිට දැන් හමුවූ ලෙස හැඳින්වෙන්නේ මේ නිසයි. දැන් සිරුරේ අහංකාරකම අතහැර, ජීව අවධානයට පත්වන්න. පියා හැර වෙනත් කිසිවෙකුට ලබා දිය නොහැකි, ජීවාත්ම පිළිබඳ දැනුම, ඔබට ලබා දී ඇත. ජීවාත්ම ගැන දැනුම ඇති කිසිම මනුෂ්‍යයෙක් නැත. කිසිදු සන්යාසි කෙනෙක්, සාන්තුවරයෙක් හෝ ගුරූ කෙනෙක් මෙය නොදනී. ඔවුන්ට දැන් එම බලය නැත. සෑම කෙනෙකුගේම බලය අඩු වී ඇත. මුළු වෘක‍්ෂයම සම්පූර්ණ දිරාපත් තත්වයකට පත් වී ඇත. අළුත් එක දැන් ස්ථාපනය කෙරෙනවා. පියා පැමිණ ඔබට විවිධත්ව වෘක‍්ෂයේ රහස් ගැන විස්තර කරයි. ඔහු පවසන්නේ පෙරකල, ඔබ රාමාගේ රාජධානියේ සිටි අතර පසුව ඔබ පාපයේ මාර්ගයට ගිය පසු, රාවනගේ රාජධානිය ආරම්භ වී, එවිට අනෙක් ආගම් පැමිණියා භක්ති මාර්ගය ඇරඹුනා. පෙර ඔබ මේ ගැන දැන සිටියේ නැහැ. ඕනෑම කෙනෙකුගෙන් ගොස් විමසන්න ඔබ නිර්මාණකරු හෝ නිර්මාණයේ මුල, මැද සහ අවසානය ගැන දන්නවාද? කිසිවෙකුට ඔබට කීමට නොහැකි වෙයි. පියා බැතිමතුන්ට පවසන්නේ තමන්ටම දැන් විනිශ්චය කළ හැක. ඔබට දැන්වීම් පුවරුවල පවා ලිවිය හැක නාටකයේ අධ්‍යක‍්ෂක, නිර්මාණකරු සහ ප්‍රධාන නළුවාව නොදන්නා නළුවෙක්ව ඔබ හඳුන්වන්නේ කෙසේද? ජීවාත්ම වන අප, මෙහි පැමිණ, අපගේ විවිධ චරිත කොටස් රඟපෑම සඳහා ශරීර හදාගනී, එබැවින් මෙය නිසැකවම නාට්‍යයකි. ගීතාව මව වන අතර ශිවා, පියාය, එමෙන්ම ඉතිරි සියල්ල නිර්මාණයයි. නව ලෝකය නිර්මාණය කෙරෙන්නේ ගීතාව මගිනි. නව ලෝකය නිර්මාණය කරන්නේ කෙසේද කියා කිසිවෙකු නොදනී. ප්‍රථමයෙන් නව ලෝකයේ සිටින්නේ ඔය ජීවාත්ම පමණයි. මෙය දැන් වඩාත්ම සුබදායක සංගම-යුගී ලෝකයයි. මෙම ලෝකය අළුත් නොවන අතර පැරණිද නැත. මෙය සංගම යුගයයි. මෙය බ්‍රහ්මනයන්ගේ මුදුන් ගැටයයි. බහු-රූපි ප්‍රතිමාවේ ඔවුන් ශිව බාබාව හෝ බ්‍රහ්මන මුදුන් ගැටය නොපෙන්වයි. ඔබ ඉහළින් මුදුන් ගැටය පෙන්වා තිබේ. ඔය බ්‍රහ්මනයන් මෙහි අසුන්ගෙන සිටිනවා. දේවතාවන්ට පසුව, ක‍්ෂත්‍රියයන් සිටියි. තඹ යුගයේ ඔවුන් ආමාශයට වන්දනා කරන අයයි (බහු-රූපි ප්‍රතිමාවේ වෛශ්‍යයන් පෙන්වන්නේ ආමාශයෙනි), ඉන්පසුව ඔවුන් ශුද්‍රයන් වෙයි. මෙය කරණම් ගැසීමකි. ඔබ සිහිකළ යුත්තේ කරණම පමණයි. ඔබට මෙය උපත් 84හි වන්දනා ගමනයි. ඔබට තත්පරයකදී සෑම දෙයක්ම සිහිවෙයි. අපි මේ ආකාරයට චක්‍රය වටා යයි. මෙම පිළිරුව නිවැරදි වන අතර එම පිළිරුව වැරදියි. පියා හැර වෙනත් කිසිවෙකුට නිවැරදි පිංතූරය සෑදවිය නොහැක. පියා මෙම කෙනාගේ මාර්ගයෙන් විස්තර කරයි ඔබ කරණම ගසන්නේ මෙහෙමයි. ඔබගේ වන්දනා ගමන තත්පරයකදී සිදුවෙයි. කිසිදු අපහසුතාවයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. පියා ඔබට උගන්වන බව ඔය ආධ්‍යාත්මික දරුවන්ට වැටහෙනවා. සත්‍යයේ ආශ්‍රය (සත්සංග), සත්‍ය පියාය. වෙනත් සමාගම් අසත්‍යයි. පියා සත්‍ය දේශය ස්ථාපිත කරයි. මනුෂ්‍යයන්ට එම බලය නැත. එය කළ හැක්කේ දෙවියන්ට පමණයි. ඥාන සාගරය ලෙස හැඳින්වෙන්නේ දෙවියන්ම පමණයි. මෙය පරමාත්ම ජීවයේ වර්ණනාව බව පූජකයන් සහ තාපසයන් නොදනී. එම සාම සාගරය, ඔබට සාමය ලබා දෙයි. ඔබ උදෑසනද අභ්‍යාසයේ යෙදෙයි. ඔබ තම සිරුරු වලින් වෙන්වී පියාගේ සිහි කිරීමේ සිටියි. ඔබ මෙහි පැමිණ ඇත්තේ ජීවමානව මියැදෙන්නටයි. ඔබ තමන්ව පියාට කැප කරයි. මෙය පැරණි ලෝකය සහ පැරණි ඇඳුම්ය, එබැවින් ඔබ තුළ එය කෙරෙහි නීරසයක් තිබේ ඒවා දමා පිටත්ව යාමට ඔබට අවශ්‍යයි. ඔබ කිසිවක් සිහි නොකළ යුතුයි. ඔබට සියල්ල අමතක වී ඇත. සියලු දේ ලබා දුන්නේ දෙවියන් බවත් ඔබ පවසයි. එබැවින් දැන් එය ආපසු ඔහුට දෙන්න. එවිට දෙවියන් ඔබට පවසන්නේ භාරකරුවෙක් වන්න, එපමණයි. දෙවියන් භාරකරු වන්නේ නැත. භාරකරුවන් වන්න, එවිට ඔබ කිසිදු පාපයක් නොකරයි. පෙරකල, පාපකාරී ජීව සමග පාපකාරි ජීවයන්ගේ ගනුදෙනු සිදුවිය. දැන් සංගම යුගයේ ඔබගේ හුවමාරුව තිබෙන්නේ පාපකාරී ජීව සමග නොවෙයි. ඔබ පාපකාරි ජීවයන්ට පරිත්‍යාග කළොත්, එම පාපය ඔබගේ හිස මත එක්රැස් වෙයි. ඔබ දෙවියන්ගේ නාමයෙන් පාපකාරී ජීවයන්ට එය ලබාදෙයි. පියා කිසිවක් නොගනී. පියා පවසන්නේ ගොස් මධ්‍යස්ථානයක් විවෘත කරන්න, එවිට බොහෝ දෙනෙකුට යහපතක් සිදුවෙයි. පියා විස්තර කරන්නේ කුමක් සිදුවුණත්, එය ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකින් තොරව, නාටකයට අනුව නැවත සිදුවෙයි. එබැවින් හැඬීම සහ වැලපීම පිළිබඳ ප්‍රශ්නයක් නැත. කර්ම ගිණුම් පියවීම හොඳයි. ශාඛ ඖෂධවේදීන් පවසන්නේ සියලු රෝග පිට දමයි. පියාද පවසන්නේ ඉතිරිව ඇති සියලුම කර්ම ගිණුම්, යෝගාවෙන් හෝ දඬුවම් ලැබීමෙන් පියවිය යුතුයි. දඬුවම් ලැබීම ඉතා දරුණුයි. දඬුවම් ලැබීමට වඩා, රෝග ආදිය තුළින් ගිණුම් පියවීම වඩාත් හොඳයි. බොහෝ සතුට තිබෙන බැවින්, උපත් 21හි සතුට හා සසඳන විට, එම අත්විඳින දුක එතරම් දෙයක් නොවෙයි. සම්පූර්ණ දැනුම නොමැති විට, රෝග නිසා අසහනයක් ඇතිවෙයි. කෙනෙක් රෝගාතූර වූ විට, ඔහු බොහෝ සේ දෙවියන් සිහි කරයි. එයත් හොඳයි. ඔබ සිහි කළ යුත්තේ ඒකායන කෙනා පමණයි. ඔහු නෙකාඩවා ඔබට විස්තර ද කරයි. ඒ මිනිසුන් ගුරූන් සිහි කරයි. ඔවුන්ට බොහෝ ගුරූන් සිටියි. එක් සත්ගුරුව හඳුනන්නේ ඔබ පමණයි. සර්ව බලධාරී ඔහුයි. පියා පවසන්නේ මා එම වේද සහ ග්‍රාන්ත් ආදිය දන්නවා. ඒවා භක්තියේ මෙවලම්ය. ඒවා තුළින් කිසිවෙකුට මා ලබා ගත නොහැක. පියා පැමිණෙන්නේ පාපකාරී ජීවාත්මයන්ගේ ලෝකයටයි. මෙහි පුණ්‍යාත්ම සිටින්නේ කෙසේද? සම්පූර්ණ උපත් 84 ගෙන ඇති කෙනාගේ සිරුර තුළට මා ඇතුළු වනවා. සෑම දෙයක්ම ප්‍රථමයෙන් ඇසෙන්නේ මේ කෙනාටයි. බාබා පවසන්නේ ඔබට මෙහිදි ඉතා හොඳින් සිහිපත් කිරීමේ වන්දනා ගමනේ සිටිය හැක. මෙහිදීද කුණාටු පැමිණෙන නමුත් පියා නොකඩවා විස්තර කරයි තමන් ජීවාත්ම බව සලකා පියා සිහි කරන්න. ඔබ පෙර කල්පයේද මේ ආකාරයෙන්ම ඥානයට සවන් දුන්නා. ඔබ නොකඩවා දිනෙන් දින එයට සවන් දෙනවා. රාජධානියක් ස්ථාපිත කෙරෙනවා. පැරණි ලෝකයේ විනාශය ද සිදුවිය යුතුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. හිමිදිරි උදයෙන් අවදි වී, ශරීරයෙන් වෙන්වීමේ අභ්‍යාසය සිදුකරන්න. පැරණි ලෝකය හෝ පැරණි ඇඳුම සිහි නොකරන්න. ඔබ සෑම දෙයක්ම අමතක කළ යුතුයි.

2. සංගම යුගයේ ඔබගේ ගනුදෙනු, පාපකාරි ජීව සමග සිදු නොවිය යුතුයි. සතුටින් ඔබගේ කර්ම ගිණුම් පියවන්න. අඬන්න හෝ වැලපෙන්න එපා. සෑම දෙයක්ම පියාට කැප කර, සියල්ල භාරකරුවෙක් ලෙස රැක බලාගන්න.

වරදානය:
ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් වී, අවබෝධයේ බලයෙන් ස්ව-පරිවර්ථනය ගෙන ඒවා.

පහසු පරිවර්ථනයක පදනම වන්නේ අවබෝධ කර ගැනීමේ බලයයි. ඔබ අවබෝධයේ බලය වර්ධනය කරගන්නා තුරු, ඔබට එය අත්විදිය නොහැක. ඔබ මෙය අත්විදින තුරු, බ්‍රහ්මින් දිවියේ විශේෂත්වයේ අත්තිවාරම ශක්තිමත් විය නොහැකි අතර ඔබගේ ක්‍රියාකාරකම් වල කිසිදු උනන්දුවක් හෝ උද්යෝගයක්ද නොතිබෙයි. සෑම සිදුවීමකදීම අවබෝධ කර ගැනීමේ බලය ඔබව අත්දැකීම් ඇත්තෙක් කළ විට, එවිට ඔබ තීව්‍ර උත්සාහ දරන්නෙක් වෙයි. අවබෝධ කර ගැනීමේ බලය, ඔබට සෑම කලටම පහසු පරිවර්ථනයක් ගෙන ඒමට මග පාදයි.

පාඨය:
ඔබගේ භෞතික ස්වරූපයේදි සෙනෙහස ඉස්මතු කරගෙන බ්‍රහ්ම පියාට සමාන වන්න.