04.05.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරම පියා කුමක් පැවසුවත් එය ඔබේ හදවතෙහි තදින් පතිත විය යුතුයි. සූර්ය වංශයෙහි උසස් පදවියක් අත්කර ගැනීමට ඔබ මෙහි පැමිණ ඇති හෙයින් ඔබ විසින් දැනුම ධාරණය කිරීම ද කළ යුතුව ඇත.

ප්‍රශ්නය:
නිරන්තරයෙන් නැවුම්ව පිබිදී සිටීමට තිබෙන මාර්ගය කුමක්ද?

පිළිතුර:
ඌෂ්ණාධික වේලාවේදී පංකා ඔබව පුබුදු කරන අයුරින්, ඔබත් ස්වදර්ශන චක්‍රය නොකඩවා දිගටම කරකවමින් සිටි විට ඔබ නැවුම්ව පිබිදී සිටිනවා ඇත. දරුවන් සමහරෙක් අසනවා: ස්වදර්ශන චක්‍රධාරියකු වීමට කොපමණ කාලයක් ගනීද? බාබා කියයි : දරුවනි, ඊට තත්පරයයි ගත වන්නේ. ඔය දරුවන් අනිවාර්යෙන්ම ස්වදර්ශන චක්‍රධාරින් විය යුතුයි, මන්ද, මෙමගින් තමයි ඔබ මේ භූමියේ පාලකයත් වන්නේ. සූර්ය වාංශිකයත් වන්නේ ස්වදර්ශන චක්‍රය කරකවන්නන් පමණයි.

ඕම් ශාන්ති.
පංකාවත් කැරකෙමින් සැම පුබුදුවයි. ඔබ මෙහි ඉඳිමින් ස්වදර්ශන චක්‍රය කරකවද්දී ඔබ ඉතා නැවුම් බවට පත්වෙයි. ස්වදර්ශන චක්‍රධාරි යන්නෙහි අරුත නොදත් කෙනෙක් සිටී නම් ඔහුට හෝ ඇයට ඔබ එය පහදා දිය යුතුයි. ඔවුන් එය තේරුම් නොගනී නම්, ඔවුන් ලොවේ පාලකයන් නොවනු ඇත. ස්වදර්ශන චක්‍රධාරියකුට තමන් ස්වදර්ශන චක්‍රධාරීන් වූයේ ලෝක පාලකයත් වීමටයි යන විශ්වාසය තිබෙනු ඇත. ඔවුන් මෙම චක්‍රය සමඟ ක්‍රිෂ්ණාව පෙන්වා ඇත. එසේම ලක්ෂ්මි සහ නාරායනගේ සංයුග්ම රූපයටත් ඔවුන් මෙම සංකේතය දී තිබේ. ඔහු තනිව සිටින රූපයේත් මෙය පෙත්වා තිබේ. ඔබ ස්වදර්ශන චක්‍රය වටහාගත යුතුයි. මන්ද, එවිටයි ඔබ ලෝක පාලකයකු වනවා ඇත්තේ. මෙය ඉතා පහසු දෙයක්. දරුවන් අසයි : බාබා, ස්වදර්ශ චක්‍රධාරියෙක් වීමට කොපමණ කාලයක් ගනී ද? දරුවනී. ඊට තත්පරයයි යන්නේ. ඉන්පසු ඔබ විශ්ණු රජවංශයේ කොටසට අයත් අය වෙනවා. දේවතාවරු කියන්නේ විශ්ණු වංශයට අයත් අයටයි. විශ්ණු වංශයේ කොටසක් වීම සඳහා මුලින්ම ඔබ ශිව වංශයේ කොටසක් බවට පත්විය යුතුයි. ඉන්පසු බාබා මෙහි ඉඳිමින් ඔබව සූර්ය වංශයේ කොටසට ඇතුල් කරයි. මේ වදන් ඉතා පහසුයි. අප නව ලොවෙහි සූර්ය වංශයේ කොටසක් බවට පත්වෙනවා. අප නව ලොවේ හිමිකරුවන් වෙනවා; ලෝක ගෝලයේ පාලකයන් වෙනවා. ස්වදර්ශන චක්‍රධාරීන් වීම සඳහා සහ විශ්ණු රාජවංශයේ කොටසක් වීමට ගත වන කාලය එක් තත්පරයයි. එසේ ඔබව කරවන්නේ ශිව් බාබායි. අන් කිසිම කෙනෙකුටවත් ඔබව එසේ කළ නොහැකියි. ඔය දරුවන් දන්නවා විශ්ණු වංශයට අයත්වන අය සිටින්නේ ස්වර්ණම යුගයේයි. මෙහි නොවෙයි. විශ්ණු වංශයේ කොටසක් බවට පත්වීම සඳහා වූ යුගය මෙය වේ. ඔබ මෙහි පැමිණ සිටින්නේ විශ්ණු වංශයේ කොටසක් වීම සඳහායි. එයටමයි සූර්ය වංශය කියන්නේත්. "ඥානාන්විත සූර්යවාංශික" යන වදන් ඉතා හොඳයි. විශ්ණු, ස්වර්ණම යුගයේ ස්වාමියා විය. ඔහු තුළ ලක්ෂ්මි සහ නාරායන දෙදෙනා අන්තර්ගත වේ. ඔය දරුවන් මෙහි පැමිණ සිටින්නේ ලක්ෂ්මි සහ නාරායන හෝ විශ්ණු වංශයේ කොටසක් වීමටයි. නව ලොවෙහි ස්වණම යුග ලොවෙහි විශ්ණු වංශයේ කොටසක් වීමෙහි විශාල සතුටක් තිබෙනවා. ඊට වඩා උසස් තත්ත්වයක් නොමැත. විශාල සතුටක් මෙහි තිබිය යුතුයි. එයයි ඔබේ අරමුණ සහ ඉලක්කය කියා ඔබ ප්‍රදර්ශන වලදී පැහැදිලි කරනවා. ඔවුන්ට කියන්න: මෙය ඉතාමත් ලොකු විශ්ව විද්‍යාලයක්; මෙයට ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලය කියා කියනවා. අරමුණ සහ ඉලක්කය මේ පින්තූරය තුළ තිබෙනවා. ඔය දරුවන් තමන්ගේ බුද්ධියෙහි තබාගත යුතු දේ ලියා තැබිය යුතුයි. එවිට එය පැහැදිලි කිරීමට තත්පරයයි ගතවෙන්නේ. ඔබට පැහැදිලි කළ හැක්කේ මෙපමණයි. එහි එය ලියා තිබෙනවා: නියතවම අප විශ්ණු වංශයේ දේවතාවරු වූවා. එනම්, අප දේවතා වංශයට අයත් වූවා; අප දිව්‍යලෝකයේ හිමිකරුවන් වූවා. පරම පියා පැහැදිලි කරයි : සුමිහිරිතම දරුවනි, වසර 5000කට පෙර භාරතයෙහි සූර්ය වාංශිකයන් වී සිටියේ ඔබයි. මෙය දැන් ඔය දරුවන්ගේ බුද්ධියට ඇතුල් වුණා. ඔය දරුවන්ට ශිව බාබා කියනවා : ඕ දරුවනි, සූර්ය වාංශිකයත් වී සිටියේ ඔබලායි. සූර්ය වංශ රාජධානිය ස්ථාපිත කිරීමට ශිව බාබා පැමිණීයා. සැබැවින්ම භාරතය දිව්‍යලෝකයක් විය. භක්තිය නැති කලෙක වන්දනාවට සුදුස්සන් වී සිටියේත් ඔවුන්මයි; එහි භක්තියේ මෙවලම් නොතිබුණි. එම ආගමීක ග්‍රන්ථ වල පමණයි වන්දනාවේ සිරිත් සම්ප්‍රදායන් ආදීත් තිබුණේ. ඒ සියල්ලක්ම මෙවලම්ය. අසීමිත පියා වූ ශිව් බාබා මෙහි ඉඳිමින් පැහැදිලි කරනවා. ඔහු දැනුමේ සාගරයයි. මානව වෘක්ෂයේ බීජයයි. ඔහුට වෘක්ෂ දෙවියා කියාත් බ්‍රහස්පති දෙවියා (Lord of Jupiter) කියාත් කියති. බ්‍රහස්පති දශාව උච්චතම වශයෙන් සැලකේ. ඔබට වෘක්‍ෂ දෙවියා පැහැදිලි කරයි : ඔබ වන්දනාවට සුදුසු දේවතාවරු විය, පසුව ඔබ වන්දනාකරැවන් වීය. පාපයෙන් තොර වූ දේවතාවරුන් ගියේ කොහේද? නියත වශයෙන්ම ඔවුන් පුණරුප්පත්ති ගෙන පහතට පැමිණ ඇත. ඉතිත්, ඔබේ හදවතේ හෝ කොලයක් මත සෑම වචනයක්ම සටහත් කර තැබිය යුතුයි. මෙය පැහැදිලි කරන්නේ කවුරුන්ද? ශිව් බාබා. ඔහුම පමණයි දිව්‍යලෝකය නිර්මාණය කළේ. ශිව බාබාම පමණයි දිව්‍යලෝක ප්‍රාප්තිය ඔය දරුවන්ට දෙන්නේ. මෙය පියා හැර අන් කිසිවකුටත් ලබා දිය නොහැක. ලෞකීක පියෙක් ශරීරධාරියෙකී. ඔබ තමන්ව ජීව සත්තාවන් යැයි සලකන අතර ඔබ පාරලෞකීක පියාව "බාබා" ස්මරණය කරනවා. එමනිසා, බාබා ප්‍රතිචාරය දෙයි. "ඕ දරුවනි" කියා. එමනිසා, අසීමිත පියා වන්නේ ඔහු තමයි. ඔබ තමයි වන්දනීය සූර්යවංශ දේවතාවරුන් වී සිටියේ. ඉන්පසු ඔබම වන්දනා කරුවන් විය. මෙය රාවණ රාජ්‍යයයි. සෑම වසරේම නොකඩවා රාවණගේ රූකඩ පුළුස්සනවා, එසේ තිබිය දීත්, ඔහු මිය ගියේ නැත දොළොස් මසකට පසු නැවතත් රාවණව පුළුස්සනවා. මෙහි අරුත ඔවුන්ම රාවණ සමාජයට අයිති බව ඔප්පු කර ඇත. රාවණ, එනම්, පස්පව් වල රාජධානිය සැම විටම පවතිනවා. ස්වර්ණම යුගයේ සියල්ලක්ම උසස් විය. යකඩ යුගය දැන් පරණ සහ නරක ලොවකි. මෙම චක්‍රය නොකඩවා කැරකේ. ප්‍රජාපිතා බ්‍රහ්මා කුලයට අයත් වූ ඔබලා, දැන් සංගම යුගයේ සිටිනවා. බ්‍රහමින්වරු යන්න ඔබේ බුද්ධියේ ඇත. ඔබ දැන් ශුද්‍ර කුලයට අයත් නොවේ. මෙකල. මෙය යක්‍ෂ රාජධානියයි. පරම පියාට කියන්නේ දුක නැති කර සතුට ලබාදෙන්නා කියායි. එහෙත් දැන් එම සතුට කොහේ ද ඇත්තේ? ස්වර්ණම යුගයෙහියි. දුක ඇත්තේ කොහේ ද? යකඩ යුගයෙහියි. දුක නැති කර සතුට ප්‍රදානය කරන්නා ශිව් බාබායි. ඔහු සතුටේ ප්‍රාප්තිය ඔබට ලබා දෙයි. සතුටු දේශය කියන්නේ ස්වර්ණම යුගයටයි. එහි දුක ගැන සඳහන් නොවේ. එහි ඔබේ ආයු කාලය දීර්ඝයි. එහිදී අඬන්නට අවැසි නොවේ. තවත් ශරීරයක් ගැනීමට තිබෙද්දී ඔබේ පරණ හැව ගලවා දමයි. දැන් ඔබේ ශරීර පරණ වී ඇති බව ඔබට වැටහෙනවා. දරුවන් ප්‍රථමයෙන් සතෝගුණීව සිටි නිසායි, දරුවන්ව බ්‍රහ්ම ධාතුවේ දැනුම ඇත්තන්ටත් වඩා උසස් යැයි සැලකුවේ. ඒ අය (සන්යාසීන්) තවමත් පාපතර ගෘහස්තය අත්හරිමින් සිටින්නේ, ඒ නිසා ඔවුන් සියලු පාපයන් ගැන දැන සිටී. එහෙත් කුඩා දරුවන් ඒවා නොදනී. මෙකල, මුළු ලොව පුරාම තිබෙන්නේ දූපිත රාජධානිය වූ රාවණ රාජධානියයි. ස්වර්ණම යුගයේ තිබුණේ උසස් දේවතාවරුන්ගේ රාජධානියයි. එය දැනට නොපවතී. ඉතිහාසය යළිත් සිදුවේවි. ඔබව උසස් කරවන්නේ කවුරුන් ද? මෙහි උසස් වූ එක් පුද්ගලයෙක් වත් නැත. මේ සඳහා ඉතා හොඳ බුද්ධියක් අවශ්‍යයි. මෙය දිව්‍යමය බුද්ධි ඇත්තන් වීම සඳහා වූ යුගයයි. පරම පියා පැමිණ ගල් බුද්ධි සහිතව සිටි ඔබව දිව්‍යමය බුද්ධි ඇත්තන් බවට වෙනස් කරනවා. මෙසේ කියා ඇත : යහපත් ඇසුර ඔබව එතෙර කරවයි. නරක ඇසුර ඔබව ගිල්වයි. සත්‍ය පියා හැරෙන්නට ලොවෙහි ඇති සියලු ඇසුර නරක ඇසුර වේ. පරම පියා කියයි : ඔබව සම්පූර්ණ පාපයෙන් තොර (නිර්විකාරි) කරවීමෙන් පසු මා නික්ම යනවා. ඉන්පසු, ඔබව කවුරු සම්පූර්ණ පාපීන් කරවයි ද? ඔවුන් කියයි: අප කුමක් දනී ද? ඔහ්! එහෙනම් කවුරුත් ද ඔබව නිර්දෝශීන් කළේ? කිසිවෙක් නොදනී. මෙහි හිඳිමින් ඔබට පැහැදිලි කරන්නේ පරම පියායි. මිනිස්සු කිසිවක් නොදනී. මෙය රාවණ රාජ්‍යයයි. පියා මිය ගිය කෙනෙකු ගෙත් අසන්න ඔහු ගියේ කොතැනට ද කියා. එවිට ඔහු පිළිතුරු දෙන්නේ ඔහුගේ පියා දිවංගත වුණා කියා. හොඳයි. එහෙනම්, ඔහු සිටියේ අපායේයි. එයින් ඔබවත් අපායේ වැසියකු කර ඇත. පැහැදිලි කිරීමට මෙය එවන් පහසු කරුණු වේ. කිසිවකුත් තමන් අපා වැසියකු යැයි නොසිතනු ඇත. අපායට වෛශ්‍යාලය කියාත් දිව්‍යලෝකයට ශිවාලය කියාත් කියති. වසර 5000කට පෙර තිබුණේ දිව්‍යලෝකයයි. ලොවේ හිමිකරු, අධිරජවරු සහ අධිරාජිණීයත් වී සිටියේ ඔබලායි. අනතුරුව ඔබලා පුණරුප්පත්ති ලැබුවා. උපරිම උපත් සංඛ්‍යාවක් අරන් තිබෙන්නේ ඔබමයි. මෙසේ කියා ඇත : ජීවාත්මයන් පරමාත්ම ගෙන් දිගු කලක් වෙන්ව සිටියා කියා. ඔබමයි මුලින්ම පැමිණ ආදී සනාථන දේවී දේවතා ධර්මයට අයත් වූයේත් ඉන්පසු ඔබ උපත් 84ක් ගෙන අපවිත්‍ර වූ බවත් ඔබට මතකයි. දැන් ඔබ පාරිශුද්ධ විය යුතුයි. මිනිස්සු කන්නලව් කරයි: ඕ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! එබැවින්, ඔවුන්ම සහතික කරනවා සියල්ලන්වම පාරිශුද්ධ කිරීමට පරම සත්ගුරු පමණක් පැමිණෙන බවට. ඔහුමත් කියන්නේ : මා මේ කෙනා තුළ හිඳිමිනුයි ඔබලාව පාරිශුද්ධ කරවන්නේ. කෙසේවෙතත්, එහි මිලියන 8.4ක් ජීවීන් නොසිටී. උපත් 84ක් ඇත. ස්වර්ණම යුගයෙහි ලක්ෂ්මි සහ නාරායනගේ පුරවැසියන් සිටියා. නමුත් දැන් ඔවුන් නැත. ඔවුන් ගියේ කොහේද? ඔවුනුත් උපත් 84ක් අරගත යුතුයි. දේවතාවරුන්ගේ ලෝක ඉතිහාසය පුණරාවර්ථනය වේ. සූර්ය වංශය සහ චන්ද්‍ර වංශය පුණරාවර්ථනය විය යුතුයි. පරම පියා ඔබව වටිනා අය කරවමින් සිටිනවා. ඔබ සාමාන්‍ය මනුෂ්‍යයාගෙන් නාරායන බවට වෙනස් වීම සඳහා මෙම පාඨශාලාවට හෝ විශ්ව විද්‍යාලයට පැමිණියා කියා කියයි. ඔබේ අරමුණත් ඉලක්කයත් මෙය වේ. හොඳින් උත්සාහ කරනා අය සමත් වේවි, උත්සාහ නොකරන අය පුරවැසියන් වේවි. ඇතැම් අය බොහෝ ධනවත් සහ තවත් අය සාමාන්‍ය ධනවත් අය වේවි: රාජධානියක් නිර්මාණය වෙමින් ඇත. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීම මගිත් උසස් බවට පත්වන බව ඔබ දන්නවා. ඔබ ශ්‍රී ලක්ෂ්මි නාරායන හෝ දේවතාවක් බවට පත්වන්නේ ශ්‍රී ශ්‍රී ශිව් බාබා ගේ ශ්‍රීමත් අනුගමනය කිරිමෙනී. ශ්‍රී යනු උසස් බවයි. මෙකල කිසිම කෙනෙකුට ශ්‍රී කියා කිව නොහැක. කෙසේවෙතත්, මෙහි ඕනෑම කෙනෙකුට ශ්‍රී ශ්‍රී කියනවා. දේවතාවරුන් විනා අන් කිසිම කෙනෙකුට උසස් විය නොහැක. භාරතය සියල්ලට වඩා උසස් වී තිබූ අතර දැන් රාවණ රාජ්‍යයෙහි භාරතයේ ප්‍රශංසාව අහවර වී ඇත. භාරතය ගැන බොහෝ සේ වර්ණනා ද එමෙන්ම නිග්‍රහ ද ඇත. භාරතය ඉතා ධනවත් වී තිබු අතර එය දැන් සම්පූර්ණයෙන් දරිද්‍රතාවයට පත්ව ඇත. මිනිස්සු දේවී දේවතා පිළිම ඉදිරියට ගොස් ඔවුන්ගේ ප්‍රශස්ති ගයමින් කියන්නේ: මා යහගුණ තොමැති කෙනෙකි. මා සතුව ගුණධර්ම නැත. මෙසේ කියන්නේ දේවතා පිළිම වලටයි. එහෙත් කරුණාබරිත වන්නේ ඔවුන් (දේවතාවන්) නොවේ. එකම කෙනායි කරුණාබරිත. ඔහු ඔබව මනුෂ්‍ය බවෙත් දේවතාවත් බවට වෙනස් කරයි. ඔහු දැන් ඔබේ පියා, ගුරුවරයා සහ සත්ගුරු වේ. ඔහු සහතික කරනවා : මා ස්මරණය කිරීම මගින් ඔබේ බොහෝ උපත් වල පාපයත් පිළිස්සී යාවි. මා ඔබව ආපසු නිවසට මා සමඟම අරගෙන යනවා. ඉන්පසු ඔබ නව ලොවට යා යුතු වේ. මෙය වසර 5000ක චක්‍රයයි. නව ලොවක් තිබුණා වාගේම අනිවාර්යෙන්ම නැවතත් නව ලොවක් ඇති වෙනවා. ලොව අපවිත්‍ර වූ කල, පරම පියා ඇවිත් එය පාරිශුද්ධ කරනවා ඇත. පරම පියා කියයි : රාවණ ඔබව අපවිත්‍ර කළා. එවිට මා ඔබව පවිත්‍ර කරනවා. කෙසේවෙතත්, මිනිස්සු සරළව සෙල්ලම් බඩු සමඟ සෙල්ලම් කරන්නාක් සේ නොකඩවා වන්දනාමාන කරති. රාවණ හිස් දහයක් සමඟ සිතුවම් කර තිබෙන්නේ ඇයිද කියා මිනිසුන් නොදනී. ඔවුන් විශ්ණුව අත් හතරක් ඇතිව පෙන්වා ඇත. එහෙත් එවැනි මිනිසුත් සිටිය නොහැක. අත් හතරක් ඇති මිනිස්සු සිටියොත් ඔහුගේ දරුවනුත් එසේ වනු ඇත. මෙහි සැමටම ඇත්තේ අත් දෙකකි. ඔවුන් කිසිවක් නොදනී. ඔවුන් සරළව භක්ති මාර්ගයේ වේද ග්‍රන්ථයත් කියවති. ඔවුන්ට බොහෝ සේ ආනුගාමිකයන් සිටී. එය පුදුමයකි. දැනුමේ අධිකාරි පරමාත්ම පියාය. මනුෂ්‍යයෙකුට දැනුමේ අධිකාරියෙක් විය නොහැක. ඔබ මට ඥාන සාගරය යැයි කියයි. "සර්ව බලධාරී" යන ප්‍රශංසාව අයත් වන්නේ පරම පියාටයි. ඔබ පරම පියා සිහිපත් කළ විට ඔහුගෙන් ලොවේ හිමිකරුවන් විය හැකි බලය ඔබට ලැබෙනවා. ඔබට බොහෝ බලයත්, ඔබ පාපයෙන් තොර වීත් සිටි බව ඔබට වැටහෙයි. මුළු ලොවම ඔබලාම පාලනය කළා. එමනිසා, ඔබ සියලු බල ඇත්තන් කියා අමතනු ලැබුවා, නොවේ ද? මේ ලක්ෂ්මි සහ නාරායන මුළු ලොවේම අධිපතීන් වූවා. එම බලය ඔවුන්ට ලැබුණේ කොහෙන්ද? පරම පියාගෙනි. දෙවියන් අති උසස්ම කෙනායි. එවන් පහසු පැහැදිලි කිරීමක් ඔහු ඔබට දෙනවා. ඔබට ස්වාධිපත්‍යය ලැබෙත උපත් 84 චක්‍රය පහසුවෙන් ඔබට වටහාගත හැකියි. අපවිත්‍ර අයට ලෝක ස්වාධිපත්‍යය ලබාගත නොහැක. අපවිත්‍ර අය දේවතා පිළිම ඉදිරියේ හිස නමා වන්දනා කරති. තමන් බැතිමතුන්ය යන්න ඔවුන් වටහාගත් නිසා පාරිශුද්ධ වූවන් ඉදිරියේ හිස නමා වඳිති. භක්ති මාර්ගයත් අඩ චක්‍රයක් පවතී. දැන් ඔබට දෙවියන් හමුවී ඇත. දෙවියන් කතා කරයි : මා ඔබට රාජයෝග උගන්වනවා. මා පැමිණීයේ ඔබේ භක්තියේ ඵලය ලබා දෙන්නටයි. මිනිසුන් ගයනවා: දෙවියන් නිසැකවම කුමක් හෝ රූපයකින් එනවාමැයි කියා. පරම පියා කියනවා : මා එන්නේ ගොන් කරත්තයක නොවේ. උපත් 84ක් සම්පූර්ණ කළ උසස්ම උසස් කෙනෙකු වී සිටි කෙනෙක් තුළටයි මා ඇතුල් වෙන්නේ. උසස් මිනිස්සු සිටින්නේ ස්වර්ණම යුගයේයි. යකඩ යුගයෙහි මිනිස්සු පහත් වූ තමෝප්‍රධාත් අයයි. පරම පියා පැමිණ ඔබව තමෝප්‍රධාත් බවෙන් සතෝප්‍රධාන් කරවනවා. මෙය ක්‍රීඩාවකි. එය ඔබ වටහා නොගත්තොත් කිසිදා ඔබ දිව්‍යලෝකයට නොයනවා ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාල්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙත් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පරම පියාගේ ඇසුරෙහි හිඳිමින් ඔබේ බුද්ධිය දිව්‍යමය කරගන්න. සම්පූර්ණ පාපයෙන් තොර වූවන් වන්න. නරක ඇසුරෙන් ඈත්ව සිටින්න.

2. ස්වදර්ශන චක්‍රධාරීන් වන ඔබයි නවලොවේ හිමිකරුවන්, මිහිතලයේ පාලකයන් යන සතුට සෑම විටම පවත්වා ගන්න. ශිව් බාබා ඔබව ඥානයෙන් සපිරි සහ අනතුරුව සූර්ය වාංශික අයවරුන් කරවීමටයි පැමිණ සිටින්නේ. මෙය ඔබේ ඉලක්කයයි.

වරදානය:
ඔබ බාධක විනෝදාත්මක ක්‍රීඩාවක් ලෙස සලකා ඒවා ජයගෙන බාධක වලින් මිදී ජයග්‍රාහී අයෙකු බවට පත් වේවා.

බාධක පැමිණීම හොඳ නමුත් ඒවාට ඔබව පරාජය කිරීමට ඉඩ නොදෙන්න. බාධක පැමිණෙන්නේ ඔබව ශක්තිමත් කිරීමට වන අතර, බාධක වලට බිය නොවී ඒවා විනෝදාත්මක ක්‍රීඩා ලෙස සලකන්න. මේවා අභිබවා ගොස් ජයග්‍රහණය කරන විට ඔබට බාධා වලින් නිදහස් වූ ජයග්‍රාහයකයකු යැයි කියනු ලැබේ. සර්වබලධාරී පරමාත්ම පියාණන්ගේ සමාගමය ඔබට ඇති බැවින් බිය විය යුතු නැත. සරළව පරමාත්ම පියා සිහි කිරීම හා සේවය කිරීමෙහි කාර්යබහුල වන විට ඔබ බාධා වලින් නිදහස් වනු ඇත. ඔබේ බුද්ධිය නිදහස්ව පවතින විට, බාධක හෝ මායා පැමිණෙන නමුත් ඔබ කාර්යබහුල වූ විට, මායා සහ බාධා ඉවත් වනු ඇත.

පාඨය:
ඔබේ සතුටු ගිණුමේ රැස් කර ගැනීම සඳහා, චර්යාධර්ම සංග්‍රහයට අනුව, ඔබේ හදවතින් සැමට සතුට ලබා දෙන්න.