05.02.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම ඉගෙනුම හොඳම ඉගෙනුම වේ. ආදායම් ලබා ගැනීමේ මාර්ගය වන්නේ මෙයයි. මෙම ඉගෙනුමෙන් ඔබට සමර්ථ වීමට උවමනා නම්, ගුරුවරයාගේ උපදෙස් නොකඩවා අනුගමනය කරන්න.

ප්‍රශ්නය:
නාටකයේ රහස් දකිමින් පියා තම දරුවන්ව උනන්දු කරවන්නේ කුමන උත්සාහය දැරීමටද?

පිළිතුර:
සියලුම දරුවන් අනුපිළිවෙලට සතෝප්‍රධාන් වන බව බාබා දනී. එහෙත් ඔහු උත්සාහ ගැනීමට උනන්දු කරවයි. පියා කියනවා: දරුවනි, දඬුවම් නොවිඳීමට බොහෝ උත්සාහ කරන්න. දඬුවම් විඳීමෙන් නිදහස් වීමට, හැකි පමණ සෙනෙහසින් පියා ස්මරණය කරන්න. ඇවිදින විට, අසුන්ගෙන සිටින විට සහ වැඩපල කරන විට ස්මරණය කරන්න. එවිට බොහෝ සතුට ඇතිවන අතර ජීවය තමෝප්‍රධාන් සිට සතෝප්‍රධාන් වේ.

ඕම් ශාන්ති.
බාබා දැනුම හා යෝගා ඔබලාට උගන්වන බව ඔබ දරුවන් දනී. දරුවන් වන ඔබ තමාගේ යෝගාව කුමක් වැනි දැයි දනී. උපත් 84ක ගිණුම නිසා පවිත්‍රව සිටි අප දැන් අපවිත්‍ර වී ඇත. මෙය උපත් 84ක චක්‍රයකි. උපත් 84ක් ගන්නා අය පමණක් මෙය දනී. ඔබ දරුවන් පියා මෙන් මෙය දැනගෙන ඇත. ඔබට මෙවැනි පියෙක් දැන් විශ්වාස කිරීමට නොහැකි නම්, ඔබ වෙන කවුරු විශ්වාස කරන්නද? පියාගෙන් ඔබ උපදෙස් ලබයි. ඔහුව සම්පූර්ණයෙන්ම විශ්වාස නොකරන අය බොහෝ වේ. බොහෝ මිලියන ගණනකින් අතලොස්සක් පමණ ඔහු විශ්වාස කරති. පියාද පැහැදිලි දැනුම දෙයි. ඔබගේ උත්සාහයට අනුව ඔබ දරුවන් පමණක් මෙය පිළිගන්නවා ඇත. සියලු දෙනාම එක හා සමානව පිළි නොගනී. සියලු දෙනාම එක හා සමානව ගුරුවරුන්ගේ ඉගැන්වීම් පිළගෙන ඉගෙන ගන්නේ නැත. සමහරු ලකුණු 20ක්ද, අන් අය ඊට වඩා වැඩි හෝ අඩු ලකුණු ද ගන්නවා ඇත. සමහරු අසමර්ථ වේ. ඔවුන් අසමර්ථ වන්නේ මන්ද? ඊට හේතුව ඔවුන් ගුරුවරයාගේ උපදෙස් අනුගමනය නොකරන බැවිනි. එහිදී ඔබට බොහෝ උපදෙස් ලැබෙනවා ඇත. මෙහිදී ඔබ ලබන්නේ එක විධානයකි. මෙය ඉතාමත් විශ්මයජනක විධානයකි. ඔබලා සත්‍ය ලෙසම උපත් 84ක් ලබා ගන්නා බව ඔබ දරුවන් දනී. 'මම ඇතුල්වන කෙනා' යැයි පියා කියයි. මෙය කීවේ කවුද? ශිව බාබාය. භගීරාත් යැයි කියන මම ඇතුළුවන කෙනා ඔහුගේ උපත් දැන නොසිටියේය. ඔබ දරුවන් ද නොදත්තේය. මම දැන් ඔබට විස්තර කරමි. ඔබ මෙවැනි උපත් ගණනක් සතෝප්‍රධාන්ව සිට සතෝ, රජෝ, තමෝ යන තත්ත්වයන් තුළින් නොකඩවා පහළට බසී. ඔබ දැන් මෙහි පැමිණ ඇත්තේ ඉගෙන ගැනීමටය. ඉගෙනීම අදායමකි, අදායම ලබා ගැනීමේ ක්‍රමයකි. මෙය හොඳම ඉගෙනුම වේ. ලෞකික ඉගෙනීමකදී අයි සී එස් ඉතාමත් හොඳයැයි ඔවුන් කියති. දිව්‍යමය කලා 16කින් පිරුණු දේවතාවරුන් වන ඔබලාට දැන් කිසිම ගුණවත් කමක් නැත. 'මම ගුණවත් කමින් තොරය, මට ගුණවත් කම් නැත' යැයි ගයති. ඔවුන් නොකඩවා මෙසේ කියති. පියා සර්ව ව්‍යාප්ත සහ දේවතාවරුන් තුළ ද සිටී යැයි ඔවුන් විශ්වාස කරති. මම ගුණවත් නැත කියා දේවතාවන් ඉදිරියේ කියන්නේ මේ නිසා වේ. ඔබට පමණක් අනුකම්පාව ඇත. ප්‍රමෝදමත් සහ අනුකම්පා සහගත කෙනා බාබා බවද අපහට ඔහු අනුකම්පා කරන බවද සිහිපත් කරති. අහෝ පියාණෙනි, අනුකම්පා කරන්න! යැයි ජනයා කියති. ඔවුන් පියාට කතා කරති. දැන් පියා අප ඉදිරියට පැමිණ ඇත. එවැනි පියෙකු දන්නා කෙනාට බොහෝ සතුට ද ඇත. සෑම වසර 5000කදීම ලොව රාජධානිය අපට දෙන්නේ මෙම අසීමිත පියා වේ. එමනිසා, බොහෝ සතුට අත්විඳිය යුතුය. ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබ ඉතාමත් උසස් වන බව ඔබ දනී. ශ්‍රීමත් අනුගමනය කරන්නේ නම් ඔබ උසස් වේ. කල්ප බාගයක් පුරා රාවන්ගේ අණසක තිබුණි. බාබා නොකඩවාම පැහැදිලිව විස්තර කරයි. ඔබ උපත් 84ක් ගෙන ඇත. ඔබ සතෝප්‍රධාන් වී සිටියේය. ඔබ දැන් නැවත සතෝප්‍රධාන් විය යුතුය. මෙය රාවන්ගේ රාජ්‍යය වේ. රාමාගේ රාජ්‍යය ස්ථාපනය කළ හැක්කේ ඔබ රාවන්ව පරාජය කළ විට පමණි. ඔබ මා අපකීර්තියට ලක් කරයි. පියා කියයි මෙය ද නාටකයේ දෛවෝපගත වූවකි. දැන් ඒ සියලු දේ වලින් ඈත්වන්න යැයි යන පැහැදිලි කිරීම ඔබට ලබා දෙයි. එකම කෙනා පමණක් සිහි කරන්න. සත්‍යයේ ආශ්‍රය ඔබව උපත් 21ක්ම එතෙර කරවන බව කියැවේ. එසේනම්, ඔබව ගිල්වන්නේ කවුද? සාගරයේ ඔබව ගිල්වන්නේ කවුද? බාබා ඔහුගේ දරුවන්ගෙන් අසනවා නොවේද? උද්‍යාන පාලකයා සහ ඔරු පදවන්නා යන නම් වලින් මාව හඳුන්වන බව ඔබ දනී. තේරුම නොදන්නා බැවින් ඔවුන් පියාව අපකීර්තියට ලක් කරයි. එවිට අසීමිත පියා ඔවුනට අසීමිත සතුට දෙනවා ඇත. ඔහුව අපකීර්තියට ලක් කරන අයව ඔහු උසස් කරවයි. ඔවුන් ඔහුව අපහාසයට ලක් කරනා බව ඔවුනට නොවැටහේ. පියා සර්ව ව්‍යාප්ත යැයි ඔවුන් කියති. කෙසේවෙතත්, එය එසේ විය නොහැක. ඔබ සෑම කෙනෙකුම ඔබගේ චරිත කොටස ලබා ඇත. දේවතාවරුන්ගේ රාජධානිය ඇති විට වෙන කිසිම රාජ්‍යයක් නොතිබුණු බව ඔබ දනී. එකල භාරතය සතෝප්‍රධාන් විය. දැන් එය තමෝප්‍රධාන් වේ. ලොව සතෝප්‍රධාන් කිරීමට පියා පැමිණේ. ඔබ දරුවන් පමණක් මෙය දනී. මුළු ලොවම මෙය දනී නම්, ඔවුන් ඉගෙන ගැනීමට මෙහි පැමිණෙන්නේ කෙසේද? එමනිසා, ඔබ දරුවන්ට බොහෝ සතුට තිබිය යුතුය. සතුට තරම් වෙනත් පෝෂණයක් නැත. ඔබ ස්වර්ණමය යුගයේදී බොහෝ සතුටින් සිටියේය. දේවතාවරුන්ගේ ආහාරපාන බොහෝ සූක්ෂම වේ. එහි බොහෝ සතුට ඇත. ඔබට දැන් සතුට ලැබේ. ඔබ සතෝප්‍රධාන්ව සිටි බව ඔබ දනී. බාබා හොඳම ක්‍රමවේද ඔබට කියයි. ගීතාවේ ද පළමුවන වචනය මන්මනාභව් වේ. මෙය ගීතා කථාංගයයි. ක්‍රිෂ්ණාගේ නම ගීතාවට ඇතුළු කිරීමෙන් සියලු දෙනාම ව්‍යාකූල කර ඇත. එය භක්ති මාර්ගය වේ. පියා දැනුම ඔබට කියා දෙයි. මෙහි කිසි පටලැවිල්ලක් නැත. ඔබ තමෝප්‍රධාන් වලින් සතෝප්‍රධාන් විය යුතුය. මෙය තමෝප්‍රධාන් ලොව වේ. යකඩ යුගයේ සිටින ජනයාගේ තත්ත්වය දෙස බලන්න. බොහෝ ජනයා ඇත. ස්වර්ණමය යුගයේදී එකම ආගමක් සහ එක භාෂාවක් සහ එක පුතෙක් සිටියහ. එකම රාජධානිය වීය. මෙම නාටකය දෛවෝපගත වේ. එකක් ලොව චක්‍රයේ දැනුම ද, අනෙක යෝගාව ද වේ. දැනුමේ දූරියා (හෝලි දිනයට පසුව සැමටම පාට වතුර ඉසින දවස) සහ හෝලි (ඔවුන් දර පුළුස්සා ගින්දරට වඳින දවස) ඇත. පියා ඔබට ප්‍රධාන කරුණු පහදයි. දැන් මේ ඇත්තේ සෑම කෙනෙකුගේම සම්පුර්ණයෙන්ම පරිහාණියට පත් වූ තමෝප්‍රධාන් තත්ත්වය වන අතර විනාශය ඔබ ඉදිරියේ ඇත. අහෝ පාරිශුද්ධකරුවාණෙනි, පැමිණෙන්න! යැයි ඔබ මට ආරාධනා කළේය. ඔබ අපවිත්‍ර වී ඇත. පාරිශුද්ධකරුවා යැයි අමතන්නේ මට පමණි. දැන් මා සමඟ යෝගා කරන්න. නිරන්තරයෙන්ම මා පමණක් සිහිපත් කරන්න. ඔබ උපතක් උපතක් පාසාම අධර්මිෂ්ඨ වෙමින් සිටි නිසා මම දැන් ඔබට සියලුම නිවැරදි දේම පවසමි. ඔබ සතෝප්‍රධාන් වලින් තමෝප්‍රධාන් වී ඇත. පියා ඔබ දරුවන්ට ආමන්ත්‍රණය කරයි සුමිහිරි දරුවෙනි, දැන් ඔබ ජීවයන් තමෝප්‍රධාන් වී ඇත. ඔබව එසේ කළේ කවුද? පස්පව් වේ. ජනයා බොහෝ ප්‍රශ්න අසා ඔබගේ හිස නරක් කරයි. ඔවුන් ප්‍රශ්න වල තේරුම ගැන වාද කරන විට ඔවුනොවුන් අතර දබර කරති. ඔවුන් කැති පොලු පවා අතට ගනී. මෙහිදී පියා ඔබව අපවිත්‍ර බවින් පවිත්‍ර කරවයි. මෙතැනදී ග්‍රන්ථ කුමක් කරන්නද? ඔබ පවිත්‍ර විය යුතුය. යකඩ යුගයට පසුව ස්වර්ණමය යුගය පැමිණිය යුතු වේ. ඔබ නිසැකවම සතෝප්‍රධාන් විය යුතුය. තමා ජීවයක් යැයි සලකන්න යැයි පියා පවසයි. ඔබ ජීවයන් තමෝප්‍රධාන් වූ නිසා ඔබලාට තමෝප්‍රධාන් ශරීර ලැබී ඇත. රත්තරංවල කැරට් අනුව ආභරණද එසේම වේ. එය කලවම් වී ඇත. ඔබ දැන් කැරට් 24 රත්තරං විය යුතුය. ඔබ ජීව අවධානයට පත් වේවා! ශරීර අවධානයෙන් ඔබ කිලිටි වී ඇත. ඔබට සතුට නැත. ලෙඩරෝග ආදිය ඇත. පාරිශද්ධකරුවා මා පමණි. ඔබ මට අඬ ගැසීය. මම මුනිවරයකු හෝ සාන්තුවරයකු නොවේ. කෙනෙකු මෙහි පැමිණි විට ඔහුට ගුරුජී ව යම්තම් වත් දැකගන්න අවශ්‍ය යැයි කියති. මෙහි ගුරුජී කෙනෙකු නැති බව ඔහුට කියන්න. කෙසේවෙතත් යම්තම් දැකගැනීමෙන් යහපතක් නැත. පියා තේරුම් කර දෙන සියලු දේ පහසුය. ඔබ බොහෝ ස්මරණය කරන විට ඔබ තමෝප්‍රධාන් වලින් බොහෝ සතෝප්‍රධාන් වනවා ඇත. ඉන්පසු ඔබ දේවතාවරුන් වේ. නැවත වරක් සතෝප්‍රධාන් දේවතාවරුන් වීමට ඔබ මෙහි පැමිණ ඇත. මා ස්මරණය කිරීමෙන් ඔබගේ මලකඩ ඉවත්වී ඔබ සතෝප්‍රධාන් වේ යැයි පියා පවසයි. ඔබ උත්සාහ ගැනීමෙන් මෙය කළ හැකි වේ. ඔබ ඇවිදින විට හා වැඩපල කරන විට පියා ස්මරණය කරන්න. නාන විට ඔබට පියාව ස්මරණය කළ නොහැකි වේද? ඔබ ජීවයක් ලෙස සිතා පියාව ස්මරණය කරන්න. එවිට මලකඩ ඉවත් වී සතුටේ රසදිය ඉහළ නඟිනවා ඇත. මම ඔබට බොහෝ ධනය දුන්නෙමි. ඔබ මෙහි පැමිණ ඇත්තේ ලෝක පාලකයන් වීමටයි. එහි ඔබ රන් මාළිගා තනයි. බොහෝ දියමන්ති හා මිණිමුතු තිබෙනවා ඇත. භක්ති මාර්ගයේ තනන ලද දේවාල වල බොහෝ දියමන්ති හා මිණිමුතු ඔබ්බවා ඇත. බොහෝ රජවරු දේවාල තනයි. එතරම් දියමන්ති සහ රත්තරං කොතැනින් පැමිණියේද? දැන් ඒවා මෙහි නැත. නාට්‍යය නොකඩවා කැරකෙන සැටි ඔබ දනී. බොහෝ භක්ති කළ අයගේ බුද්ධියේ පමණක් මේවා රැඳෙනවා ඇත. අනුපිළිවෙලට ඔවුන් වටහා ගන්නවා ඇත. කවුරුන් බොහෝ සේවය කරන්නේද, කවුරුන් ඉතා සතුටින් සිටින්නේද හා ස්මරණයේ සිටින්නේදැයි හෙළි වේ. අවසානයේදී ඔබට එම තත්ත්වය ලැබෙනවා ඇත. යෝගා අවශ්‍ය වේ. ඔබ සතෝප්‍රධාන් විය යුතු වේ. පියා පැමිණ ඇත. එමනිසා, ඔබගේ උරුමය ඔහුගෙන් අයිති කර ගන්න. බාබා මා සමඟ වේ, මා ඔහුට සවන් දෙනවා යැයි මේ කෙනා කියයි. ඔහු ඔබලා සමඟ කතා කරනා විට මම සවන් දෙමි. ඔහු කා සමඟ හෝ කතා කරයි, නොවේද? මව්වරුන් වන ඔබලා දැනුමේ අමෘතය වන පුන් කලස ලබයි. එවිට මව්වරුන් වන ඔබ සේවය කර සියලු දෙනාටම මෙය බෙදා දෙනු ඇත. ඔබ සියලු දෙනාවම සීතාවරුන්ය. රාමා එකම කෙනා පමණි. ඔබ සියලු දෙනාම මනාලියන් වෙයි. මා පමණක් මනාලයා වේ. මා ඔබව සරසා නැන්දම්මාගේ ගෙදරට යවයි. ඔහු පියවරුන්ගෙත් පියා වේ, ස්වාමි පුරුෂයන්ගෙත් ස්වාමි පුරුෂයා වේ යැයි ගායනා කරති. එක පැත්තකින් ඔවුන් ඔහුට ප්‍රශංසා කරයි. අනෙක් පැත්තෙන් අපකීර්තියට ලක් කරයි. ශිව බාබාගේ ප්‍රශංසාව ක්‍රිෂ්ණාගේ ප්‍රශංසාවට වඩා වෙනස් වෙයි. එක එක්කෙනාගේ නිළය වෙනස් වෙයි. මෙහි ඔවුන් සියලු දෙනාම මිශ්‍ර කර එක්කෙනෙකු කර ඇත. මෙය කළුවර නගරය වෙයි. ඔබ දැන් බාබාට අයිති වී ඇත. ඔබ ශිව බාබාගේ මුණුබුරන් සහ මිණිබිරියන් වෙයි. ඔබ සියලු දෙනාටම අයිතියක් ඇත. මේ බාබාට කිසිම දේපලක් නැත. ඔබ සීමිත සහ අසීමිත දේපල ලබති. ඔබට උරුමයක් ලැබිය හැකි තුන්වන කෙනෙකු නැත. මම ඔහුගෙන් උරුමය හිමි කරගන්නේ යැයි මොහුද කියයි. පාරලෞකික උත්තරීතර පියා, උත්තරීතර ජීවය සියලු දෙනාම සිහිපත් කරයි. ස්වර්ණමය යුගයේදී ඔබ ඔහුව මතක් නොකරයි. ස්වර්ණමය යුගයේ සිටින්නේ එකම පියෙකු වන අතර රාවන්ගේ රාජ්‍යයේ පියවරුන් දෙදෙනෙකු ඇත. සංගම යුගයේ පියවරුන් තිදෙනෙකු ඇත. ලෞකීක සහ පාරලෞකීක සහ ඉතාමත් විශ්මයජනක අලෞකීක පියා ද වේ. මොහු තුළින් පියා ඔබට ඔබගේ උරුමය දෙයි. ඔහු ද උරුමයක් ලබා ගන්නේ එම කෙනාගෙනි. බ්‍රහ්මාට ආදම් ද කියති. ඔහුට මීමුත්තා ද කියති. ශිවාට පියා පමණක් කියයි. මනුෂ්‍යයන්ගේ පරම්පරා ගස බ්‍රහ්මාගෙන් පැවත එයි. ඔහුට මීමුත්තා යැයි ව්‍යවහාර කරන්නේ මේ නිසාය. දැනුම ඉතාමත් පහසු වේ. ඔබ උපත් 84ක් ගෙන ඇත. මෙය විස්තර කරන පිංතූර ද ඇත. නොයෙක් ආකාරයේ වැරදි ප්‍රශ්න ඇසීමට අවශ්‍යතාවයක් නැත. සෘෂිවරයන්ගෙන් සහ මුනිවරයන්ගෙන් ඇසූ විට ඔවුන් නැත නැත යැයි කීවේය. දැන් පියාම පැමිණ ඔහුව හඳුන්වා දෙයි. එමනිසා, එවැනි පියෙකු ඔබ ඉතාමත් සෙනෙහසින් යුතුව මතක් කළ යුතුය. දැන් නාටකයට අනුව ඔබ දරුවන් ක්‍රම ක්‍රමයෙන් ඉහළට නඟියි. සෑම චක්‍රයකදීම ඔබ අනුපිළිවෙලට සතෝප්‍රධාන්, සතෝ, රජෝ සහ තමෝ වෙයි. ඒ අනුව ඔබ එහිදී අනුපිළිවෙලින් තත්ත්වයක් ලබනවා ඇත. දරුවනි, දඬුවම් නොවිඳීමට ඔබ එවැනි හොඳ උත්සාහයක් අරගන්න යැයි පියා කියන්නේ මේ නිසා වේ. ඔහු තවමත් අනිවාර්යෙන්ම ඔබව, උත්සාහ ගැනීමට උනන්දු කරවයි. ගිය කල්පයේ යම් කෙනෙකු වූ අය එසේ වන බව ඔහු දැන සිටියත් ඔහු අනිවාර්යෙන්ම ඔබව, උත්සාහ ගැනීමට උනන්දු කරවයි. සමීපව සිටින අය ඉතා හොඳින් වන්දනා කරති. ඔබලා පළමුව මට වැඳ ඉන්පසු දේවතාවරුන්ට වැන්දේය. ඔබ දැන් දේවතාවරුන් විය යුතු වේ. ඔබ යෝගා බලයෙන් ඔබගේ රාජධානිය ස්ථාපනය කරති. ඔබ යෝගා බලයෙන් ලොව රාජ්‍යය උරුම කර ගනිති. බාහිර බලයෙන් ලොව කිසිවෙකුට ලොව රාජ්‍යය උරුම කර ගත නොහැක. එම ජනයා සහෝදරයන් සමඟ සටන් කරවති. ඔවුන් බොහෝ ආයුධ නිශ්පාදනය කරති. ඔවුන් ඒවා ණයට ද නොකඩවා එකිනෙකාට විකුණති. කෙසේවෙතත්, එම ආයුධ විනාශය සඳහා ඇත. චක්‍රය වසර සියදහස් ගණනක් යැයි ඔවුන් සලකන නිසා ඔවුන්ගේ බුද්ධියට මේවා ඇතුළු නොවෙයි. ඔවුන් අන්ත ඝණ අඳුරේය. විනාශය සිදුවන මොහොතේදීත් ඔවුන් කුම්භකර්ණ නිද්‍රාවේ නිදාගෙන සිටියි. ඔබ දැන් අවදි වී ඇත. පියා දැල්වූ පහන වන අතර දැනුමින් පිරි කෙනා ද වේ. දරුවන් වන ඔබව ඔහු තමා හා සමාන කරවාලයි. එය භක්තිය වන අතර මෙය දැනුමයි. දැනුම තුළින් ඔබ සතුටට පත්වෙයි. තමා නැවතත් වතාවක් සතෝප්‍රධාන් වී සිටිනා බව ඔබට දැන් දැනිය යුතුයි. ඔබ පියාව සිහිපත් කළ යුතුයි. අසීමිත නිරාශාව කියන්නේ මෙයටයි. ස්වභාවික වියසනත් පැමිණේවි. ඒ කාලය වන විට ඔබට කෑම බීමවත් ඇති පමණට නොතිබෙයි. සතුටේ පෝෂණය පමණක් තුළින් ද අපි ජීවත් වෙයි. මේ සියල්ල විනාශයට යන බව ඔබ දනී. ප්‍රශ්න ගැටළු ඇතිකර ගැනීමට හේතුවක් නැත. නැවතත් වතාවක් දරුවන් වන ඔබව සතෝප්‍රධාන් කරවීමට මා පැමිණෙයි. සෑම කල්පයේදීම මෙය මගේ රාජකාරියයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පියාම අප ගැන අනුකම්පා කර පියාම අපට උගන්වනවා යන කුල්මත්භාවය තබා ගන්න. මෙම ඉගෙනුම ඔබට ආදායමක් වේ. එමනිසා, ඔබ එය අතපසු නොකළ යුතුය.

2. ඔබ ලොකු සතුටක් විඳිය යුතු අතර අන් අයටද එම අත්දැකීම දිය යුතුය. ඇවිදින විට හා වැඩපල කරන විට ජීවාත්ම අවධානයට පත්ව පියා සිහිකර නිසැකවම ජීවාත්මය සතෝප්‍රධාන් කරගන්න.

වරදානය:
ඔබ මාස්ටර් සර්වබලධාරි අයෙකු වී කාලයට අනුව සෑම බලයක්ම ප්‍රායෝගිකව අත්විඳින්නෙකු වේවා.

මාස්ටර්වරයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ කාලයට අනුව කුමන බලයක් ඉල්ලා සිටියද, එම බලය ඔබ එම මොහොතේම ප්‍රායෝගික ස්වරූපයෙන් අත්විඳින බවයි. ඔබ එයට අණකල වහාම එය ලැබිය යුතුය. ඉවසීමේ බලයට අණකල විටෙක ඒ වෙනුවට මුහුණ දීමට ඇති ශක්තිය ඔබ ඉදිරියට පැමිණේ නම් එයට ස්වාමියෙක් (මාස්ටර්වරයෙකු) වීම කියා නොකියයි. ඒ නිසා, යම් අවස්ථාවක ඔබට අවශ්‍ය බලය එම අවස්ථාවේදී භාවිත කිරීමට ඔබ වෙත පැමිණෙන්නේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න. තත්පරයකවත් වෙනසක් ඇත්නම්, ජයග්‍රාහී වීම වෙනුවට ඔබ පරාජය වනු ඇත.

පාඨය:
ඔබේ බුද්ධියට දේවමය කුල්මත්වීමක් ඇති තරමට, ඔබේ ක්‍රියාවන්හි නිහතමානී බව ද තිබිය යුතුය.