05.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සෙනෙහසින් යුතුව පියාව සිහිපත් කරන්න, එවිට ඔබට එපිටට යෑමට හැකි වෙයි. එක් බැල්මකින් එපිටට යෑම යනු, ලෝකයේ අධිපතියෙක් වීමය.

ප්‍රශ්නය:
මෙහි සැබෑ අරුත කුමක්ද? ’ස්වාමියා, සත්‍යගුරු, එක් බැල්මකින් ජීවය එපිටට ගෙන යයි'?

පිළිතුර:
ජීවයකට පියාගෙන් තෙවැනි ඇස ලැබුණු විට, එමෙන්ම එම ජීවය, එම ඇසෙන් පියාව හඳුනාගත් විට, ඔහුට එපිටට යෑමට හැකි වෙයි, එනම්, ජීවය විමුක්තිය ලබා ගනී. බාබා පවසන්නේ : දරුවනි, ජීවාත්ම අවධානයට පත්ව, ඔබගේ ඇස් මා මත යොමු කරන්න, එනම්, මා සිහිපත් කරන්න. අන් සෑම කෙනෙකුගෙන්ම ඉවත් වී, තමන්ව මා සමග පමණක් සම්බන්ධ කරගන්න, එවිට ඔබට එපිටට යෑමට හැකි වෙයි, එනම්, පීඩාවන් සහ දුප්පත් බවින් ඔබ ධනවත් වෙයි.

ඕම් ශාන්ති.
මිහිරිතම, ආධ්‍යාත්මික දරුවන් යන්නේ කා වෙතටද? ආධ්‍යාත්මික පියා වෙතටයි. ඔබ ශිව බාබා වෙතට යන බව ඔබට වැටහෙනවා. ශිව බාබා, සියලුම ජීවයන්ගේ පියා බව ඔබ දන්නවා. එම කෙනා පරම ගුරුවරයා මෙන්ම පරම ගුරු බවත්, යන විශ්වාසය ඔය දරුවන්ට තිබිය යුතුයි. ’පරම' යන්නෙහි අරුත උත්තරීතරය. ඔබ සිහි කළ යුත්තේ එක් අයව පමණයි. ඔබ ඇස් වලින් මුණගැසෙයි. ස්වාමියා, සත්ගුරු, එක් බැල්මකින් ඔබව එපිටට ගෙන ගියා යැයි සිහි කෙරෙයි. ඔබ මෙහි අරුත වටහා ගත යුතුයි. එක් බැල්මකින් එපිටට ගෙන යන්නේ කාවද? එය සැබවින්ම මුළු ලොවම විය යුතුයි, මන්ද ඔහු සියල්ලන්ටම විමුක්තිය ලබා දෙන්නාය. ඔහු මෙම අපවිත්‍ර ලෝකයෙන් සියලු දෙනාවම ඉවතට ගෙන යන කෙනාය. ඔබට ලැබෙන්නේ කුමන බැල්මක්ද? එය ලැබෙන්නේ මෙම ඇස් දෙකෙන්ද? නැත. ඔය ජීවයන්ට දැනුමේ තෙවැනි ඇස ලැබෙයි, එය මගින්, අප සියලු දෙනාගේම පියා, එම කෙනා බව ඔය ජීව දන්නවා. පියා ජීවයන්ට අවවාද කරයි මා සිහිපත් කරන්න. පියා ජීවයන්ට විස්තර කරයි අපවිත්‍ර සහ තමෝප්‍රධාන් වී ඇත්තේ ජීවාත්මයන්ය. මෙය ඔබගේ 84 වන උපත වන අතර නාටකය දැන් අවසන් වීගෙනයි යන්නේ එය අනිවාර්යෙන්ම අවසන් විය යුතුයි. සෑම චක්‍රයකදීම, පැරණි ලෝකය එවිට අළුත් වෙයි. අළුත් එක ඉන්පසුව පරණ වෙයි. එයට විවිධ නම් තිබේ. අළුත් ලෝකයට ස්වර්ණමය යුගය යැයි කියයි. පියා විස්තර කර දී ඇත්තේ පළමුව ඔබ සිටියේ ස්වර්ණමය යුගයේය. ඉන්පසුව, පුනරුත්පත්ති ගනිමින්, ඔබ උපත් 84 පසු කළා. ඔය ජීව දැන් තමෝප්‍රධාන් වී තිබේ. ඔබ පියා සිහි කරන්නේ නම් ඔබට එපිටට යෑමට හැකි වෙයි. පියා ඔබට පෞද්ගලිකවම පවසන්නේ මා සිහිපත් කරන්න. ’මා' කියන්නේ කවුද? පරම පියා, පරමාත්ම ජීවය. පියා පවසන්නේ දරුවනි, ජීව අවධානයට පත් වන්න. ශරීර අවධානයට පත් නොවන්න. ජීව අවධානයට පත්වී, ඔබගේ ඇස් මා මතට යොමු කරන්න, එවිට ඔබට එපිටට යෑමට හැකි වෙයි. අඛණ්ඩව පියාව සිහිපත් කරන්න. මෙහි අපහසුතාවයක් නොමැත. ඉගෙන ගෙන ඔහුගේ චරිත කොටස රඟපාන්නේ ජීවයයි. එය ඉතාමත්ම කුඩායි. ඔය ජීව, මෙහි පහළට පැමිණෙන විට, ඔබ උපත් 84ක චරිත කොටස් රඟපානවා. ඉන්පසුව ඔබට ඒවා නැවතත් කිරීමට සිදුවනවා. ඔය ජීව ඔබගේ උපත් 84හි චරිත කොටස් රඟපාන අතර ඔබ දැන් අපවිත්‍ර වී තිබේ. ජීව තුළ දැන් ශක්තිය ඉතිරි වී නොමැත. දැන්, එපිටට යෑමට හැකි වීම වෙනුවට, ජීව, අසහනයට පත් වී ඇත, එනම් දුගී වී ඇත. ඉතිං, ඔවුන් එපිටට යන්නේ කෙසේද? මෙම වදන් භක්ති මාර්ගයට අයත් වන අතර පියා ඔබට ඒවා විස්තර කර දෙයි. ඔහු ඔබට වේදයන්, ශාස්ත්‍රීය ග්‍රන්ථ, එමෙන්ම පිළිරූ ආදිය ද විස්තර කර දෙයි. ඔබ මෙම පිංතූර සාදවා ඇත්තේ ශ්‍රීමත් අනුසාරයෙනි. ඔවුන් අසුර උපදෙස් පිළිපැද බොහෝ පිළිරූ සාදා තිබේ. එම පිළිරූ සාදා තිබෙන්නේ ගල් වලිනි. ඒවාට කිරීමට රාජකාරියක් නොමැත. පියා මෙහි පැමිණ ඔය දරුවන්ට උගන්වයි. මෙසේ කියමනක් තිබේ දෙවියන් කතා කරයි, එබැවින් එය ඔහුගේ දැනුම විය යුතුයි. කෙනෙක් මේ-මේ ගුරුවරයා බව ශිෂ්‍යයන් දනී. මෙහි, ඔය දරුවන් දන්නවා අසීමිත පියා, එක් වරක් පමණක් පැමිණ ඔබට මෙතරම් ආශ්චර්යමත් ඉගෙනුමක් කියා දෙන බව. එම ඉගෙනුම් සහ මෙම ඉගෙනුම අතර දහවල සහ රාත්‍රීය මෙන් වෙනසක් තිබේ. එම ඉගෙනුම ඉගෙන ගන්නා අතර, එය රාත්‍රිය බවට පත් වන අතර, මෙම ඉගෙනුම තුළින් ඔබ දහවලට යයි. ඔබ එම ඉගෙනුම්, උපතින් උපතට හදාරමින් සිටියා. මෙහිදි, පියා ඔබට පැහැදිලිවම පවසන්නේ ජීව පිවිතුරු වන විට, ඔවුන්ට දැනුම ධාරණය කිරීමට හැකි වෙයි. සිංහ දේනුවකගේ කිරි, තැබිය හැක්කේ රත්තරං භාජනයක පමණක් බව පැවසෙයි. ඔය දරුවන් දැන් රත්තරං භාජන බවට පත් වන බව, ඔබට දැන් වැටහෙයි. ඔබ එවිටත් මනුෂ්‍යයින්මයි, නමුත් ඔය ජීව සම්පූර්ණයෙන්ම පිවිතුරු විය යුතුයි. ඔබ කැරට් 24ක්ව සිටි අතර, දැන් කැරට් 9ක් වී තිබේ. දැල්වුණු ජීවයේ ආලෝකය, දැන් නිවී ගොසින්ය. දැල්ල ආලෝකමත් වුණු සහ දැල්ල නිවුණු අය අතර වෙනසක් තිබේ. දැල්ල ආලෝකමත් කරන්නේ කෙසේද එමෙන්ම ඔබට තත්ත්වයක් හිමි කර ගත හැක්කේ කෙසේද කියා විස්තර කර දෙන්නේ පියා පමණයි. පියා පවසන්නේ මා සිහිපත් කරන්න. මාව ඉතා හොඳින් සිහිපත් කරන අයව, මා ඉතා හොඳින් සිහි කරනවා. ඔබව එක් බැල්මකින් එපිටට රැගෙන යන, ස්වාමියා වන්නේ, එක් පියා බවත් ඔය දරුවන් දන්නවා. මෙම කෙනාගේ ජීවයට ද එපිටට යෑමට හැකිය. ඔබ සෑම කෙනෙක්ම සලබයන් වන අතර ඔහුට කියන්නේ දැල්ල කියාය. සමහර සලබයන් පැමිණෙන්නේ නිකම්ම වටේ කැරකී යන්නට පමණක් වන අතර අන් අය මාව ඉතා හොඳින් හඳුනාගෙන, ජීවමානව මිය යයි. සමහරුන් වටේ කැරකී ආපසු යන අතර, ඉන්පසුව ඉඳහිට පමණක් පැමිණෙන අතර, නැවතත් ආපසු යයි. සංගම යුගයේ මේ සෑම දෙයක් පිළිබඳවම සිහිකර තිබේ. ශාස්ත්‍රීය ග්‍රන්ථ සෑදෙන්නේ, මෙකල සිදුවන සෑම දෙයක් පිළිබඳවයි. පියා පැමිණෙන්නේ එක් වරක් පමණයි, ඉන්පසුව ඔබට ඔබගේ උරුමය ලබා දීමෙන් අනතුරුව පිට වී යයි. අසීමිත පියා ඔබට නිසැකයෙන්ම අසීමිත උරුමයක් ලබා දෙනු ඇත. ’පරම්පරා 21කට' යන වැකිය සිහි කෙරෙනවා. ඔබට ස්වර්ණමය යුගයේ උරුමයක් ලබා දෙන්නේ කවුද? නිර්මාණකරු වන දෙවියන්, ඔහුගේ නිර්මාණයට, චක්‍රයෙන් භාගයකට උරුමයක් ලබා දෙනවා. සෑම කෙනෙක්ම ඔහුව සිහි කරයි. පියා, ගුරුවරයා, ස්වාමියා මෙන්ම සත්ගුරු වන්නේ ද ඔහුයි. ඔබ වෙනත් කෙනෙකුට ස්වාමි හෝ සත්ගුරු කියා ඇමතුවද, සත්‍යය වන්නේ එක් පියා පමණයි. පියාට සෑම විටෙකම සත්‍යය යැයි කියයි. ඔහු පැමිණ ලබා දෙන්නේ කුමන සත්‍යයද? ඔහු පැරණි ලෝකය, සත්‍ය දේශය බවට පත් කරවයි. අපි උත්සාහ දරන්නේ සත්‍ය දේශයටයි. එය සත්‍ය දේශයව පැවති කල, වෙනත් කිසිම දේශයක් පැවතුනේ නැත. ඒ සෑම එකක්ම ඇති වුනේ පසුවයි. සත්‍ය දේශය ගැන කිසි කෙනෙක් නොදනී. දැන් පවතින දේශයන් පිළිබඳව, සෑම කෙනෙක්ම සෑම දෙයක්ම දන්නවා. ඔවුන්ගේම ආගම් ස්ථාපිත කළ අය ගැන ඔවුන් දන්නා නමුත්, සූර්ය රාජවංශය, චන්ද්‍ර රාජවංශය සහ සංගම් යුගයේ බ්‍රහ්මණ වංශය ගැන කිසි කෙනෙක් නොදනී. මිනිසුන් ප්‍රජාපිතා බ්‍රහ්මා ගැන විශ්වාස කරයි. ඔවුන් කියන්නේ බ්‍රහ්මණයින් වන ඔවුන්, බ්‍රහ්මාගේ දරුවන් බවයි. කෙසේවෙතත්, ඔවුන් භෞතික නිර්මාණයක් වන අතර, ඔබ මුඛයෙන් උපන් නිර්මාණයයි. ඔවුන් අපවිත්‍ර වන අතර, මුඛයෙන් උපන් නිර්මාණය වන ඔබ පිවිතුරුය. ඔබ, මුඛයෙන් උපන් නිර්මාණය වී, ඉන්පසුව රාවනගේ රාජධානියේ අපවිත්‍ර ලෝකයෙන් පිට වී යයි. එහි රාවනගේ රාජධානිය නොපවතී. ඔබ දැන් අළුත් ලෝකයට යනවා. එයට කියන්නේ පාපයන් නොමැති ලෝකය කියාය. ලෝකය, අළුත් සහ පරණ වෙයි. එය මෙසේ වනනේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. එය වෙන කිසි කෙනෙකුගේ බුද්ධියේ නොමැත. වසර සිය දහස් ගණනක දෙයක් ගැන කිසි කෙනෙකුට කිසි දෙයක් දැන ගැනීමට නොහැක. මෙය කෙටි කාලයක කාරණාවකි. පියා මෙතැන අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙනවා. පියා පවසන්නේ මම පැමිණෙන්නේ ධර්මය, විශේෂයෙන්ම භාරතයේ, අන්ත අපහාසයට ලක් වන විටයි. වෙනත් ස්ථාන වල, අශාරීරික පරමාත්ම ජීවය යනු කවුරුන්ද කියාවත් කිසි කෙනෙක් නොදනී. ඔවුන් විශාල ලිංගමයක් සාදා, එය එතැන තැන්පත් කර තිබේ. ජීවයක ප්‍රමාණය කිසි විටෙක විශාල හෝ කුඩා නොවන බව, ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. ජීවයක් අවිනාශී වන අයුරින්ම පියා ද අවිනාශීය. ඔහු පරම ජීවයයි. පරම යනු, ඔහු සදාකාලිකවම පිවිතුරුයි, එමෙන්ම දුර්ගුණ වලින් තොරයි. ඔය ජීවයන් ද දුර්ගුණ වලින් තොර විය. ලෝකය ද දුර්ගුණ වලින් තොර විය. එයට කියන්නේ සම්පූර්ණයෙන්ම දුර්ගුණ නොමැති, අළුත් ලෝකය කියාය, ඉන්පසුව එය අනිවාර්යෙන්ම පැරණි වෙයි. අංශක දිගින් දිගටම අඩු වෙයි සූර්ය වංශික රාජධානිය අංශක දෙකකින් අඩු වෙයි, ඉන්පසුව එය අඛණ්ඩව පරණ වෙයි. ඉන්පසුව අනිත් සෑම දේශයකම පැවැත්ම ආරම්භ වනවා. ඒවාට කියන්නේ අතුරු කතා කියාය. කෙසේවෙතත්, ඒවා එකිනෙක සමග මිශ්‍ර වනවා. නාටකයේ සැලසුමට අනුව කුමක් සිදුවුවත්, එය ඒ අයුරින්ම නැවත වතාවක් සිදුවනවා. බෞද්ධයින්ගේ නායකයා පැමිණි විට, ඔහු බොහෝ දෙනෙක්ව බෞද්ධාගමට හැරවූවා. ඔහු ඔවුන්ගේ ආගම වෙනස් කළා. හින්දූන් ඔවුන්ම තම ආගම වෙනස් කළා. ඔවුන්ගේ ක්‍රියා දූෂිත වූ බැවින්, ඔවුන් තම ආගමේ ද දූෂිත විය ඔවුන් පාපයේ මාර්ගයට ගියා. මිනිසුන් ජගන්නාත් දේවාලයට යන නමුත්, ඔවුන් කිසි කෙනෙක් ඒ ගැන නොසිතයි. ඔවුන්ම දූෂිත බැවින්, ඔවුන් එහි ඇති පිළිරූ ද දූෂිත ලෙස පිළිඹිමු කොට තිබේ. දේවතාවන් එසේ වූයේ, පාපයේ මාර්ගයට ගිය පසු බව ඔවුන්ට නොවැටහෙයි. එම පිළිරූ, ඒ කාලය ගැනයි. 'දේවතා' යන නම ඉතාමත්ම හොඳයි. හින්දු යන නම, හින්දුස්ථාන් වලින් උපුටා ගත් එකකි. මේ නිසයි ඔවුන් තමන්ට හින්දූන් යැයි කියා ගන්නේ. එය ඉතා විශාල වරදකි. මේ නිසයි පියා පවසන්නේ අන්ත අධර්මිෂ්ඨකම ඇති ඕනෑම විටෙක, මම පැමිණෙන්නෙමි.... බාබා පැමිණෙන්නේ භාරතයේය. ඔහු හින්දුස්ථාන් වල පැමිණෙනවා කියා ඔහු පවසන්නේ නැත. මෙය භාරතයයි. හින්දුස්ථාන් හෝ හින්දු ආගමක් නොමැත. එයට හින්දුස්ථාන් යන නම දුන්නේ ඉස්ලාම් මිනිසුන්ය. මෙයද නාටකයේ නියම වී තිබේ. ඔබ මෙය හොඳින් වටහා ගත යුතුයි. මෙයද දැනුමයි. පුනරුත්පත්ති ගැනීමේදී සහ පාපයේ මාර්ගයට ගිය විට, ඔවුන් දූෂිත විය. ඉන්පසුව මිනිසුන් පිළිරූ ඉදිරියට ගොස් කියන්නේ ඔබ සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර වන අතර, අපි දූෂිත පාපතරයන්ය. වෙනත් කිසිම දේශයක අය, තමන් පහත් බව හෝ ගුණධර්ම නොමැති අය බව නොකියයි. ඔවුන් ගෙන් කිසි කෙනෙක් එසේ කියනවා ඔබ අසා නොමැත. සීක්වරුන් ද, ග්‍රාන්ත් එක ඉදිරියේ අසුන් ගනී, නමුත් ඔවුන් කිසිම විටෙක මෙසේ නොකියයි නානක්, ඔබ පාපයෙන් තොර වන අතර අප පාපතරයන්ය. නානක්ගේ අනුගාමිකයන් අතේ වළල්ලක් පලඳීති. මෙය පාපයෙන් තොර වීමේ සළකුණකි. කෙසේවෙතත්, ඔවුන්ට පාපයෙන් තොරව සිටිය නොහැක. ඔවුන් වැරදි ලෙස සළකුණ පමණක් තබා ගෙන ඇත, හින්දූන්, පාරිශුද්ධත්වයේ සළකුණ වන නූලක් පලඳින ආකාරයෙන්ම. මෙකල, ඔවුන් ධර්මය ගැන විශ්වාස නොකරති. මෙකල, භක්ති මාර්ගය දිගටම පැවතෙනවා. මෙයට කියන්නේ භක්තියේ ඇදහිල්ල කියාය. දැනුම ඇදහීම පවතින්නේ ස්වර්ණමය යුගයේය. ස්වර්ණමය යුගයේ දේවතාවන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරය. කලි යුගයේ, සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර කෙනෙක් සිටිය නොහැක. පාරිශුද්ධ වූ ගෘහ මාවත ස්ථාපනය කරන්නේ පියා පමණයි. අන් සෑම ගුරුන්ම අයත් වන්නේ හුදකලාවේ මාවතටය. ගෘහ මාවතේ බලය වැඩි වී තිබේ. පියා පවසන්නේ ඔබ හදාරා ඇති කිසිම දේකින්, ඔබට මා ලබාගත නොහැක. මා පැමිණි විට, එක් බැල්මකින්, මා සියලු දෙනාවම එපිටට රැගෙන යන්නෙමි. මෙසේ සිහි කෙරේ ස්වාමියා, සත්ගුරු, සෑම කෙනෙක්වම එක් බැල්මකින් එගොඩට රැගෙන යයි. ඔබ මෙහි පැමිණ සිටින්නේ ඇයි? එපිටට යාමට හැකි වීමටයි, ලෝකයේ අධිපතියෙක් වීමටයි. පියාව සිහිපත් කරන්න, එවිට ඔබට එපිටට යෑමට හැකි වෙයි. මෙසේ කිරීමෙන් ඔබ මෙය බවට පත් වෙයි කියා කිසි කෙනෙක් නොකියයි. පියා පමණක් පවසන්නේ ඔබ මෙය විය යුතුයි. ලක‍්ෂ්මි සහ නාරායන් එම තත්ත්වයට පත් වූයේ කෙසේද? කිසිම කෙනෙක් නොදනී. පියා ඔය දරුවන්ට සෑම දෙයක්ම කියයි. මෙම කෙනා උපත් 84ක් ගෙන අපවිත්‍ර වී තිබේ. මම දැන් පැමිණ සිටින්නේ ඔබව මේ අන්දමට පත් කිරීමටයි. පියා ඔබට ඔහුගේම හැඳින්වීම ලබා දී, ඔබව එක් බැල්මකින් එපිටට ද රැගෙන යයි. ඔබ මෙසේ කියන්නේ කවුරුන් ගැනද? එක් සත්ගුරු ගැනය. එවැනි ගුරුන් බොහොමයක් සිටින අතර, අසරණ මව්වරුන් අහිංසකය. ඔබ සෑම කෙනෙක්ම අහිංසක ස්වාමියාගේ දරුවන්ය. ඔවුන් ශංකර් ගැන කියන්නේ, ඔහුගේ ඇස විවර කළ සැනින් විනාශය සිදු වූ බවය. එසේ නම්, එය පාපයක් වෙයි. පියා, එවන් ක්‍රියා වලට කිසිම විටෙක උපදෙස් ලබා නොදෙයි. විනාශය වෙනත් දෙයකින් සිදු වෙයි. පියා එවන් උපදෙස් ලබා නොදෙයි. විද්‍යාවේ මෙම සියලුම නව නපැයුම් අඛණ්ඩව නිමවෙමින් පවතිනවා. ඔවුන් තමන්ගේම වංශය විනාශ කරන බව ඔවුන්ට වැටහෙනවා. ඔවුන්ද එයින් බැඳී සිටියි ඔවුන්ට එය අත්හැරිය නොහැක. ඔවුන්ගේ නම් බොහෝ සේ කීර්තිමත් කෙරෙනවා. ඔවුන් හඳට යන මුත් එයින් කිසි ප්‍රයෝජනයක් නැත. සුමිහිරිතම දරුවනි, ඔබගේ ද්‍රිෂ්ඨිය, පියා මතට යොමු කරන්න, එනම්, ඕ ජීවයනි, ඔබගේ පියාව සිහි කරන්න, එවිට ඔබට එපිටට යෑමට හැකි වෙයි. බාබා පවසන්නේ මාව සිහිපත් කරන අයව, මම සිහි කරන්නෙමි. මට සේවය කරන අයව මා සිහි කරනවා, එබැවින් ඔවුන්ට ශක්තිය ලැබෙයි. මෙතැන අසුන්ගෙන සිටින සියලුම දෙනාගෙන්, එපිටට යන අය, රජවරුන් බවට පත් වෙයි. මෙසේ සිහි කෙරේ තමන්ව සියලු දෙනාගෙන් ඉවත් කරගෙන, එක් අයට සම්බන්ධ කරගන්න. එම කෙනා අශාරීරිකයි. ඔය ජීව ද අශාරීරිකයි. පියා පවසන්නේ මා සිහිපත් කරන්න. ඔබම කියන්නේ ඕ පාරිශුද්ධකරුවාණෙනි! ඔබ මෙසේ කියන්නේ කාටද? බ්‍රහ්මාට, විෂ්ණුට හෝ ශංකර්ටද? නැත. පාරිශුද්ධකරුවා එක් අයෙක් පමණක් වන අතර, ඔහු සදාතනිකව පිවිතුරුය. ඔහුට සර්ව බලධරයා යැයි කියයි. පියාම ඔබට ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳව කියා දෙයි. ඔහු සියලු ශාස්ත්‍රීය ග්‍රන්ථ ආදිය දන්නවා. සන්යාසීන් ආගමික පොත් හදාරා නම්බු නාමයක් හිමි කරගන්නා අතර, පියාට නම්බු නාමයක් දැනටමත් ලැබී තිබේ. ඔහු ඉගෙනගැනීමෙන් එය හිමි කරගන්නේ නැත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දැල්ලෙහි, ජීවමානව මියැදෙන සලබයන් වන්න, එය වටා බ්‍රමණය වන අය පමණක් නොවන්න. දේවමය ඉගෙනුම ධාරණය කරගැනීම සඳහා, ඔබගේ බුද්ධිය සම්පූර්ණයෙන්ම පිවිතුරු කරගන්න.

2. සියලු දෙනාගෙන්ම තමන්ව ඉවත් කරගෙන, එක් පියාගේ ආශ්‍රයේ පමණක් සිටින්න. ඒකායන කෙනාගේ සිහිපත් කිරීම සමගින්, එපිටට යන්න.

වරදානය:
ඔබගේ හදවත තුළ අවබෝධය තිබීමෙන්, ඔබ හදවත සනසන්නාගෙන් ආශිර්වාද හිමි කර ගන්නා, ස්ව- පරිවර්ථකයෙක් වේවා.

තමන්ව පරිවර්ථනය කරගැනීම සදහා, ඔබගේ හදවත තුළ කාරණා දෙකක් පිළිබදව සත්‍ය අවබෝධයක් තිබිය යුතුයි: 1) ඔබගේ දුර්වලතා පිළිබද අවබෝධය 2) යම් දේකට උපකරණයක් වන පුද්ගලයාගේ තත්ත්වය, ආශාවන් සහ මනසේ හැගීම් පිළිබද අවබෝධය. අහිතකර සිදුවීමක ප්‍රශ්න පත්‍රයක් පැමිණීමට හේතුව වටහාගෙන, එම ශ්‍රේෂ්ඨ අවබෝධය තුළින් සමත් වන්න. ඔබගේ මනෝ ස්ථිතිය උසස් වන අතර අහිතකර සිදුවීම ප්‍රශ්න පත්‍රයකි: මෙම අවබෝධය, ඔබට තමන්ව පරිවර්ථනය කරගැනීමට පහසුවෙන් මග පාදයි. ඔබ අවංක හදවතකින් එය අවබෝධ කර ගත් විට, ඔබට හදවත සනසන්නාගෙන් ආශිර්වාද ලැබෙයි.

පාඨය:
උරුමකරුවෙක් යනු, සෑම විටම නිති සූදානමින් සිටින සහ සෑම අවස්ථාවකදීම ‘ජී හසූර් (හොදයි, මගේ ස්වාමී), මා පැමිණ සිටිනවා’ කියා පවසන කෙනෙකි.