05.05.24    Avyakt Bapdada      Sinhala Murli     15.11.99    Om Shanti    Madhuban


පරමාත්ම පියා හා සම වීමට ඇති පහසුම මඟ නම් කීකරු වීමයි.


අද බාප්දාදා තම පූජනීය හංසයින්ගේ සමූහය දෙස බලමින් සිටියි. සෑම විටම මනසින් ඥාන මිණිමුතු ආවර්ජණය කරමින් සිටිනා ඔය සෑම දරුවෙක්ම පූජනීය හංසයෙකි. පූජනීය හංසයකුගේ කාර්යය නම් නිශ්ඵලත්වයේ ගල් කැට ඉවත් කර ඥාන මිණිමුතු ආවර්ජණය කිරීමයි. සෑම මැණිකක්ම ඉතා අගනා මැණිකකි. ඔය සෑම දරුවෙක්ම ඥාන මිණිමුතු ආකර වී ඇත. ඔබලා නිරන්තරයෙන්ම ඒ ඥාන මිණිමුතු වලින් පිරි ඉතිරි සිටියි.

අද, බාප්දාදා සෑම දරුවෙක් තුළම එක් සුවිශේෂී දෙයක් පිරික්සමින් සිටියා. ඒ මොකක්ද? ඥානය හා යෝගාව ධාරණය කර ගැනීමට ඇති පහසුම මඟ නම් බාප් හා දාදාට කීකරුව ඉදිරියට යාමයි. පරමාත්ම පිය ස්වරූපයටත් පරම ගුරු ස්වරූපයටත් සත් ගුරු ස්වරූපයටත් ඔබ කීකරු විය යුතුයි. මෙම තුන් ස්වරූපයන්ටම කීකරු වෙනවා යනු පහසු උත්සාහවන්තයෙක් වීමයි. මන්ද, ඔබ කරනා සෑම ක්‍රියාවකටම බාබා මෙම ස්වරූප තුනෙන්ම උපදෙස් දෙනවා. උදේ පාන්දර අම්රිත් වේලාවේ පටන් රාත්‍රි නින්දට යාම තෙක් ඔබ දී ඇති උපදෙස් වලට අනුව සියල්ල කරමින් පැමිණීයා නම්, කිසිම දෙයක් ඔබට වෙහෙසකාරී හෝ අපහසුකාරී ලෙස නොදැනේ. සෑම මොහොතකදීම ඔබගේ සිතිවිලි. වචන හා ක්‍රියා සියල්ල සඳහා උපදෙස් දී තිබෙනවා. යමක් කළ යුතු ද නැද්ද කියා සිතිය යුත්තේවත් නැහැ. යමක් හරිද වැරදිද කියාවත් සිතීමට උත්සාහ දැරිය යුත්තේ නැහැ. පරමාත්ම දෙවියන්ගේ උපදෙස් අනිවාර්යෙන්ම උසස් උපදෙස්ය. ඉතින් මෙහි පැමිණ සිටිනා ඔය සියලුම කුමාර්වරුන්ගේ මෙම කණ්ඩායම ඉතාමත් හොඳයි. පරමාත්ම පියාට අයිති වුණු සැනෙකින්ම. ඔබ සෑම කෙනෙක්ම පරමාත්ම පියාට වුණු පොරොන්දුව කුමක්ද? ඔබ පරමාත්ම පියාට දුන් පළමු පොරොන්දුව කුමක්ද? "බාබා, මේ ශරීරිය, මනස හා මුදල් ... ". කොහොමත් කුමාර්වරුන් ලඟ එතරම් මුදලක් නැහැනේ - මා ලඟ ඇති සියල්ල ඔබගේයි." කියා ඔබ පොරොන්දු වුණා නේද? "ශරීරය, මනස හා ධනය ඇතුලු සෑම සබඳතාවක්මත් ඔබ සමඟම පමණයි" කියා ඔබ හොඳින්ම පොරොන්දු වුණාද? ඔබගේ ශරීරයත්, මනසත් ධනයත් සියල්ල අයිති පරමාත්ම පියාට නම් ඔබට කියා ඇත්තේ මොනවා ද? ඔබට අයිති යමක් තිබෙනවා ද? තව මොනවා ද තිබෙන්නේ? ඔබ ඔබගේ ශරීරය, මනස හා ධනය සියල්ල දී අන් සෑම කෙනෙක් සමඟම ඇති සබඳතා සියල්ලත් බාබා වෙත කැප කරලා ද? ගෘහවාසීන් මෙය කරාද? මධුබන් සිටිනා අය මෙය කළා ද? හොඳින්ම කළා ද? මනසත් අයිති පරමාත්ම පියාට නම්, එයත් ඔබට අයිති නැහැ නේද? නැතිනම්, මේ මගේ මනසනේ මට ඕනෑ විදියට යොදා ගත හැකියි කියා ඔබ සිතනවා ද? ඔබ, ඔබගේ මනස පරමාත්ම පියාට දුන්නා, ඉතින් ඒ නිසා එය ඔබට භාර කළ දෙයක්. ඉතින් ඇයි සටන් කරන්නේ? "මගේ මනස කැලඹිලා. මගේ මනසේ නිශ්ඵල සිතිවිලි. මනස කරදරකාරීයි" එය ඔබගේ නොවෙයි. නමුත් විශ්වාසයෙන් භාර කර වූ දෙයක්. ඉතින් විශ්වාසයෙන් භාර කර වූ දෙයක් තමා වෙනුවෙන් යෙදවීම වංක වීමක් නොවේද? මායාට ඇතුලු විය හැකි දොරටු නම් "මම හා මගේ" ඔබගේ ශරීරයවත් ඔබට අයිති නැතිනම් "මම" යන ශාරීරික අවධානය තබා ගත හැක්කේ කෙසේද? ඔබගේ මනසවත් ඔබට අයිති නැහැ. ඉතින් කොහොමද "මගේ, මගේ" කියා කිව හැක්කේ? ඔබගේ මනස බාබාගේ ද, ඔබගේ ද? එය අයිති පියාට ද? නැතිනම් නිකම් නමට පමණක් බාබාගේ වෙලා ද? නැතිනම්, එය බාබාගේයි කියා ඔබ කියනවා. නමුත් සැබවින්ම නම් ඔබ සලකාගෙන සිටින්නේ එය තමාගේ වස්තුවක් ලෙසිනුයි. ඔබගේ පළමු පොරොන්දුව මතක තබා ගන්න, එවිට ශාරීරික අවධානය මත පැන නඟිනා "මම" හෝ "මගේ" කියා දෙයක් ඇති වන්නේ නැහැ. ඉතින් පරමාත්ම පියාගේ උපදේශය නම්: තම ශරීරය විශ්වාසය මත පදනම්ව තමාට භාර වුණු දෙයක් වශයෙන් සලකන්න. එසේනම් වෙහෙස විය යුතු ද? ඕනෑම දුබලතාවයක් පැන නඟින්නේ "මම හා මගේ" යන්න මතයි. එමනිසා, ශරීරය ඔබට අයිතිත් නැහැ. "මම" යන ශාරීරික අවධානයකුත් ඔබට නැහැ. ඔබ කීකරු නිසා. ඔබගේ මනසේ සිතිවිලි වලට පියා දී ඇති උපදෙස් මොනවා ද? සාධනීය හා කාරුණීක සිතිවිලි තබා ගන්න. අනවශ්‍ය සිතිවිලි සිතීමට පියා ඔබට අවසර දී තිබෙනවා ද? නැහැ. ඔබගේ මනස ඔබගේ නොවෙද්දීත් ඒ නිශ්ඵල සිතිවිලි ඔබ තුළ ඇති වෙනවා නම්, පරමාත්ම පියාගේ උපදෙස් හරිහැටි ක්‍රියාත්මක නොකරන බවයි ඉන් පෙනෙන්නේ නේද? පරමාත්ම දෙවියන්ගේ උපදෙස් පිළිපදිනා කීකරු දරුවෙක්ය තමන් යන්න පමණක් නිතර සිහියේ තබා ගන්න. යමක් පියාගේ උපදෙස් වලට අනුකුල ද නැත්ද යන්න සිතා බලන්න. පියෙක් සෑම විටම තම කීකරු දරුවන්ව සිහි කරනවා. එවන් දරුවන් නිරායාසයෙන්ම පියාගේ සෙනෙහසට ලක් වන අතර ඔහුට සමීපයි. ඉතින් එමනිසා, තමන් පරමාත්ම පියාට කිට්ටු කීකරු දරුවෙක්දැයි කියා පරික්ෂා කර බලන්න. අම්රිත් වේලාවේ දී එක් දෙයක් සිහි කර ගත හැකියි: "මම කවුද?" මම කීකරු ද?නැතිනම් විටෙක ඔබ උපදෙස් වලට කීකරු වී තවත් විටෙක ඉන් ඈත් වෙනවා ද?

බාප්දාදා සෑම විටම කියනවා: ඕනෑම ස්වරූපයකින් ඔබ එකම එක බාබා සමඟ පවත්වා ගන්නා සබඳතාවක් සිහිපත් කර "බාබා" කියා තම හදවතින්ම කී විට ඔබට එම සමීපත්වය දැනේවි. මන්ත්‍රයක් සේ "බාබා,බාබා" කියන්න එපා. ඒ අනිත් අය "රාමා, රාමා" කියනවා වගේ ඔබ "බාබා, බාබා" කියනවා. හදවතින්ම "බාබා" යන්න මතු වීමට ඉඩ හරින්න. ඕනෑම ක්‍රියාවක් කිරිමට පෙර ඔබගේ මනස, ශරිරය හා ධනය වෙනුවෙන් බාබා දී ඇති උපදෙස් මොනවාදැයි කියා සිහි කරන්න. ඔය කුමාර්වරුන්ගේ අතේ මුදල් කෙතරම් අඩුවෙන් තිබුණත් පරමාත්ම පියා විසින් ඔබට දී ඇති උපදෙස් වලට අනුව ඔබ ඒ මුදල් සම්බන්ධයෙන් ගිණුම් තබා ගන්නවා ද? නැතිනම්, තමන්ට හිතෙන හිතෙන පරිදි ඒවා භාවිත කරනවා ද? ඔය සෑම කුමාර්වරයෙක්ටම තම මුදල් සම්බන්ධයෙන් ගිණුම් තබා ගැනීමට උපදෙස් දී තිබෙනවා: කොහොමද, මොනවාට ද මුදල් යෙදවිය යුත්තේ. කොහොමද, මොනවාට ද ඔබගේ මනස හා ශරීරය යෙදවිය යුත්තේ.මේ සියල්ලම සම්බන්ධයෙන් ගිණුම් තබා ගත යුතුයි. දාදීලා ධාරණා කරුණු පිළිබඳව පන්ති පවත්වන විට ඔබගේ මුදල් පරිහරණය කෙසේ විය යුතු ද, තබා ගත යුත්තේ මොන ගිණුම් ද කියා ඔබට පැහැදිලි කරනවා. තම ගිණුම් පවත්වා ගන්නේ කෙසේද මුදල් පරිහරණය කරන්නේ කෙසේද කියා ඔය කුමාර්වරුන් දන්නවා ද? මේ ගැන දන්නවා ද? ටික දෙනයි නේ අත ඔසවන්නේ. මෙහි අලුත් අයත් සිටිනවා. ඒ අයට මෙය තේරෙන්නේ නැහැ. කළ යුත්තේ කුමක්දැයි කියා ඔබ අනිවාර්යෙන්ම ඔවුන්ට කිව යුතුයි. එවිට ඔවුන්ට නිදහස් විය හැකියි. කිසිම බරක් දැනෙනා එකක් නැහැ. ඔබ සෑම කෙනෙකුටම ඉලක්කයක් තිබෙනවා: කුමර්වරයෙක් යනු නිදහස් කෙනෙකි. නිදහස් වගේම සැහැල්ලු (double light) යි. කුමාර්වරුන්ගේ ඉලක්කය අංක එකේ තැනට පැමිණීමයි. කෙසේවෙතත්, මෙම අරමුණත් සමඟින් එයට සරිලන සුදුසුකමුත් ඔබට තිබිය යුතුයි. ඉතාමත් උසස් ඉලක්කයක් තබා ගෙන නමුත් එයට ගැලපෙන සුදුසුකම් නොමැති නම්. අරමුණ කරා ලඟා වීම අපහසු වේවි. එමනිසා, ඕනෑම ක්‍රියාවක් කිරීමට ප්‍රථම නිරන්තරයෙන් පරමාත්ම පියාගේ උපදෙස් ඔබගේ සිහියේ තබා ගත යුතුයි.

බාප්දාදා ඔබට මීට පෙරත් කියා තිබෙනවා ඔබගේ බ්‍රහමිණ් ජීවිතයේ ප්‍රධානම ධනවස්තුන් නම් ඔබ සතු සිතිවිලි. කාලය හා හුස්මයි. ඔබගේ හුස්මත් ඉතාමත් වටිනවා. එක හුස්මක්වත් සාමාන්‍ය හුස්මක් කර ගන්න එපා. එක් හුස්මක්වත් අපතේ හැර ගන්න එපා. භක්ති මාර්ගයේ දී මිනිස්සු, "ඔබගේ සෑම හුස්මකදීම තම ඉටු දෙවියන් සිහි කරන්න"යි කියා කියනවා. හුස්ම පවා අපතේ යන්න ඉඩ දෙන්න එපා. ඥානයේ හා බලයන්ගේ ධන වස්තුන් තිබෙනවා. නමුත් ප්‍රධාන ධනවස්තුන් තුන (කාලය, සිතිවිලි හා හුස්ම) ඔබට ලැබී ඇති උපදෙස් පරිදි නිසි සේ පරිහරණය කරනවා ද? ඒ කිසිවක් අපතේ හරින්නේ නැහැ නේද? ඒවා අපතේ හරිනවා නම්, ඔබට කිසිම දෙයක් එකතු කර ගත නොහැකි වෙනවා. ඔබගේ ඉතිරි කිරීමේ ගිණුම් දැන් මේ සංගම යුගයේදී සාදා ගත යුතුයි. ස්වර්ණමය හා රිදී යුග වලදී ඔබට උසස් තත්ත්වයක් දිනා ගැනීමට අවශ්‍ය නම්, නැතිනම්. තඹ යුගයේ දී හා කලි යුගයේ දී වන්දනීය තත්ත්වයක් දිනා ගැනීමට අවශ්‍ය නම්. ඒ දෙකටම අවශ්‍ය කරනා ගිණුම සාදා ගත යුත්තේ මෙම සංගම යුගයේ දීයි. ඉතින් මෙසේ බලනා විට මෙම සංගම යුගයේ කෙටි ජීවිත කාලය තුළ ඇති ඔබගේ සිතිවිලි. කාලය හා හුස්ම කෙතරම් වටිනවාදැයි කියා බලන්න. මේ සම්බන්ධයෙන් නොසැලකිලිමත් වන්න එපා. ඔබ කැමති කැමති පරිදි ඔබගේ දවස සාමාන්‍ය විදියට ගත වෙන්න ඉඩ හරින්න එපා. එසේ ගත වන දිනය එක් දිනයක් පමණක් නොවෙයි. විශාල හානියක් වන දිනයක් වේවි. කුමන හෝ ආකාරයක අනවශ්‍ය සිතිවිල්ලක් පැමිණී ඕනෑම මොහොතකදී හෝ කාලය අපතේ යැවෙනා මොහොතකදී එය නිකම් විනාඩි පහක අපතේ යාමක් නේ කියා සිතන්න එපා, ඒ විනාඩි කිහිපයත් ඔබ ඉතිරි කර ගත යුතුයි. වර්තමාන කාලයට අනුව, ස්වභාවධර්මය තම කාර්යය ඉතාමත් වේගයෙන් කරගෙන යනවා. එක් එක් ආකාරයෙන් සෙල්ලම් දැක්විය හැක්කේ කෙසේදැයි කියා ඇය නිතර නිතර පෙන්වනවා. කොහේ හෝ තැනක සිට තම සෙල්ලම් ඇය පෙන්වනවා. කෙසේවෙතත්, ඔය බ්‍රහමිණ් දරුවන්, ස්වභාවධර්මයේ ස්වාමීන් ඉහළින්ම පියාසර කර යන තත්ත්වයේ සෙල්ලම් කරනවා. ඉතින්. ස්වභාව ධර්මයෙන් නොයෙකුත් සෙල්ලම් පෙන්නුවත්, ඉහළින් පියාසර කර යාමේ සෙල්ලම් කරන්නේ කොහොමද කියලත් ඔය බ්‍රහමිණ්වරුන් පෙන්වනවා නේද?

(ඔරිස්සාවේ හට ගත් කුණාටුවෙන් සිදු වුණු හානිය ගැන විස්තර කරමින් දරුවෙක් බාප්දාදාට ලිපියක් ලියා තිබුණා) ස්වභාව ධර්මය තම සෙල්ලම් පෙන්වන්නේ කෙසේදැයි කියා ඔබ දැක්කා. කෙසේවෙතත්, බාප්දාදා ඔබගෙන් අසන්නේ: ඔබ නිකම්ම ඇයගේ සෙල්ලම් දෙස බල බලා සිටියා ද? ඒ සෙල්ලම් බල බලා සිටියා ද නැතිනම් ඉහළින් පියාසර කරමින් ඔබ කරනා සෙල්ලම කරමින් සිටියා ද? නැතිනම් ප්‍රවෘත්ති අස අසා සිටියා ද? ඒ සෑම තොරතුරක්ම ඔබ ඇසිය යුතුයි. නමුත් ඒත් සමඟම ඔබගේ පියාසර තත්ත්වය රඳවා ගැනීමේ අවශ්‍යතාවයත් එම තොරතුරු වලට ඇහුම් කන් දීමේ අවශ්‍යතාවය වගේම එක සමානව පැවතියා ද? ඇතැම් දරුවන් අදෘශ්‍යමාන යෝගීන්, ඔවුන්ට බාප්දාදාගෙන් විශාල සහායක් ලැබී තිබෙනවා. කෙසේවෙතත්, කිසිම දෙයකින් නොසැලී. නොබැඳි නිරීක්ෂකයන්ව සිටිමින් වාතාවරණය සැහැල්ලුවෙන් තබා ගැනීමට උදව් කළ දරුවනුත් සිටිනවා. රජය හා අසල්වැසි ප්‍රාන්ත භෞතික උදව් දීමට සූදානම් වූවාක් සේ. ඔය බ්‍රහමිණ් ජීවාත්මයනුත් බලයේ. සාමයේ හා සතුටේ සහයෝගය දානය කිරීමේ දේවමය කාර්යය ඉටු කළා ද? මේ මේ රජය විසින් මේ මේ ආකාරයේ උදව් කළා කියා ඔවුන් ඉක්මනින්ම නිවේදන කළා. ඒ වගේම බාප්දාදාත් ඔබගෙන් අසන්නේ: ඔය බ්‍රහමිණ්වරුන් ඔබගේ රාජකාරිය කළාද? ඔබත් සිහි කල්පනාවෙන් සිටිය යුතුයි. භෞතික උදව් දීම අත්‍යාවශ්‍යයි. බාප්දාදා ඒකට එපා කියන්නේ නැහැ. නමුත් ඔය බ්‍රහමිණ් ජීවාත්මයන්ගේ සුවිශේෂී කාර්යභාරය නම් වෙන කිසිම කෙනෙකුට කළ නොහැකි ආකාරයේ සහයෝගය දැක්වීමයි. ඉතින් ඒ ආකාරයෙන් ඔබ සිහි බුද්ධියෙන් සහයෝගශීලී වුණා ද? මේ සහයෝගය ඔබ අනිවාර්යෙන්ම දැක්විය යුතුයි නේද? නැතිනම් ඔවුන්ට ආහාර පාන, ඇඳුම් පැළදුම් පමණක් ඇති ද? පළමුවෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන්නේ මනසේ සාමයයි. සිදුවීමට මුහුණ දීමට අවශ්‍ය කරනා ශක්තියයි. එමනිසා, භෞතික ආධාරත් සමඟ. මෙම සියුම් සහයෝගයත් ඔවුනට අවශ්‍යයි. එය දිය හැක්කේ ඔය බ්‍රහමිණ්වරුන්ටම පමණයි. වෙන කිසිම කෙනෙකුට මෙම සහයෝගය දැක්විය නොහැකියි. ඒ සිදු වුණු දේ ලොකු දෙයක් නොවෙයි; පොඩි පෙරහුරුවක් පමණයි. සැබෑම දේ තව සිදු වී නැහැ. බාබාත් කාලයත් ඒ සිදු වීමට යන දෙයට ඔබලාව සූදානම් කරවනවා. එමනිසා, ඔබ සතු බල හා ධන වස්තුන් නිවැරදි ලෙස නිවැරදි වෙලාවට යොදා ගන්නේ කෙසේදැයි කියා ඔබ දන්නවාද?

ඔය කුමාර්වරුන් මොනවාද කරන්න යන්නේ? බල සියල්ල එකතු කර ගෙන ද? සාමය එකතු කර ගෙන ද? ඒවා පරිහරණය කරන්නේ කෙසේදැයි කියා ඔබ දන්නවා ද? හරිම හොඳට ඔබ සෑම කෙනෙක්ම අත් ඔසවනවා. දැන් එසේනම් එය ප්‍රායෝගිකව කරලාම පෙන්වන්න. සෑම දෙයක්ම ඔබ දැකිය යුතුයි. ඇසිය යුතුයි ඒ වගේම නොබැඳි නිරීක්ෂකයෙක්ව සිට සහයෝගයත් දැක්විය යුතුයි. සැබෑම කොටස රඟදැක්වෙන මොහොතේ දී ඔබ සෑම දෙයක්ම නිර්භීතව, නොබැඳි නිරීක්ෂකයෙකුව සිට නරඹමින් එමෙන්ම තමන්ගේ චරිත කොටසත් රඟදැක්විය යුතුයි. මොන චරිතය ද? දානපතියාගේ ඔය දරුවන් දානපතියන් වී සෑම ජීවාත්මයකටම ඕනෑ කරන සෑම දෙයක්ම දිය යුතුයි. එමනිසා, ඔබලා මාස්ටර් දානපතීන් නේද? ඔබගේ කොටස එකතු කර ගන්න. දානපතියෙක් විය හැක්කේ ඔබ එකතු කර ගත් තරමටයි. එකතු කර ගැනීම සඳහා අවසානය තෙක්ම ඔබ සිටියහොත් දානපතියෙක් විය නොහැකි වෙනවා. උපත් ගණනාවකටම ලඟා කර ගැනීමේ හැකියාව ඇති උසස් තත්ත්වය ඔබට ලබා ගත නොහැකි වේවි. එමනිසා, එක් දෙයක් තමා ලඟ හොඳින් ගබඩා කර තබා ගන්න. සුබ පැතුම් හා උතුම් හැඟීම් වල ධන නිධානය සෑම විටම පිරි ඉතිරි යත්වා. දෙවනුව, සෑම කෙනෙකුටම ඒ ඒ අයට අවශ්‍ය ඕනෑම විශේෂ බලයක් ඕනෑම වෙලාවක දී දෙන්න. දැන්, කාලයේ හැටියට, ඔබගේ උත්සාහයට සිතිවිලි හා කාලය යොදන්න. එමෙන්ම දානපතියෙකු ද වී මුලු ලෝකයටම ඔබගේ සහයෝගය දෙන්න. තමා වෙනුවෙන් දැරිය යුත්තේ කුමනාකාරයේ උත්සාහයක්දැයි කියා ඔබට කියා දී තිබෙනවා. අම්රිත් වේලාවේ දී: මම කීකරු දරුවෙක්මි කියා සිතන්න. ඔබ විසින් කරනා සෑම දෙයක් සම්බන්ධයෙන්ම ඔබට උපදෙස් දී තිබෙනවා. අවදි විය යුත්තේ කෙසේද. නිදා ගත යුත්තේ කෙසේද, කෑම ගත යුත්තේ කෙසේද කර්මයෝගීවරයෙක් විය යුත්තේ කෙසේද යන සෑම කාරණයක් සම්බන්ධයෙන්ම ඔබට උපදෙස් ලැබී තිබෙනවා. ඔබ විසින් කරනා සෑම ක්‍රියාවකටම උපදෙස් ලැබී තිබෙනවා. පරමාත්ම පියාට කීකරු වෙනවා යනු පියා හා සම වීමයි. කිසිම සැකයකින් තොරව ශ්‍රීමත් පිළිපදින්න. ඔබගේම හිතුමතයට (මන්මත්) හෝ අන් අයගේ මතයට (පරමත්) අනුව ක්‍රියා කරන්න එපා. ශ්‍රීමත් වලට කිසිම දෙයක් එකතු කරන්න එපා. එක් විටෙක මන්මත් අනුව ක්‍රියා කර තවත් විටෙක පරමත් අනුව ක්‍රියා කරනවා නම් ඔබ වෙහෙසට පත් වේවි. එය වැඩ අපහසු කරවනවා. මන්ද මන්මත් හෝ පරමත් ඔබට පියාසර කර යාමට ඉඩ දෙන්නේ නැහැ. මන්මත් හා පරමත් පිළිපදිනා අය සිටින්නේ බරින්, ඒ බර ඔබට පියාසර කර යාමට ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රීමත් ඔබව ඩබල් ලයිට් (දීප්තිමත් හා සැහැල්ලු) කරවනවා. ශ්‍රීමත් පිළිපදිනවා යනු ඉතාමත් පහසුවෙන් පරමාත්ම පියා හා සම වීමයි. සිදුවන කිසිම සිදුවීමකට ශ්‍රීමත් පිළිපදිනා කිසිම කෙනෙක්ව පහත හෙළිය නොහැකියි. ඉතින් ශ්‍රීමත් පිළිපදින්නේ කෙසේදැයි කියා ඔබ දන්නවා ද?

අච්චා, ඉතින් ඔය කුමාර්වරුන් මොකද කරන්න යන්නේ? ඔබලාට ආරාධනා කර තිබෙනවා. එමනිසා. ඔබට ඒ විශේෂ ආගන්තුක සත්කාර කළා ද? ඔබලා හරිම ආදරණීය අයයි. ඉතින් දැන් ඔබලා කරන්න යන්නේ කුමක්ද? ප්‍රතිචාරයක් දක්වනවා ද නැතිනම් ගෙදර ගිය සැනෙකින්ම සියල්ල අමතක කර දමනවා ද? මෙහි සිටිනා විට මෙහි ඇති සියල්ල මතකයේ තබා ගෙන සිට පසුව ගෙදර ගිය පසු ඒ ගෙදර දේවල් මතකයේ තබා ගෙනම සිටීමක් සිදු වන්නේ නැහැ නේද? ඒක එහෙම නොවෙයි නේද? ඔබලා ඉතාමත් හොඳින් මෙහිදී විනෝද වෙනවා. මායාගේ ප්‍රහාර වලින් ඔබ ආරක්ෂිතයි. මධුබන් වලදීත් මායා අත්විඳි කවුරු හෝ මෙහි සිටිනවා ද? මධුබන් වලදීත් වෙහෙස වීමට සිදු වුණු කෙනෙක් කවුරු හෝ මෙහි සිටිනවා ද? ඔබලා ආරක්ෂිතයි. ඒක හොඳයි. බාප්දාදාට සතුටුයි. තරුණ කණ්ඩායම වෙතට රජයේ අවධානයත් යොමුවන කාලයක් උදා වේවි. කෙසේවෙතත්, එය සිදු වන්නේ ඔබ බාධක ජය ගත්තන් වූ විටයි. බාධක ජය ගත්තෙක් කියා කිව හැක්කේ කාට ද? ඒ ඔය සෑම දෙනාමයි. නේද? ඔබ කිසිම කුමාර්වරයෙකුට විරුද්ධව නැඟී සිටීමට කිසිම බාධකයකට ධෛර්යයක් නොමැති වුණු විට පමණයි ඔබලාට බාධක ජය ගත්තන් කියා කිව හැක්කේ. බාධක පහරට ඉඩ නොදෙන්න, මන්ද, ඔබ ඒවා ජය ගත යුතුයි. බාධක ජය ගත්තෙක් වීමට ඔබ ධෛර්යවන්ත ද? නැතිනම්, නැවත ආපසු නිවස බලා ගිය පසු. ලියුම් ලියන්න පටන් ගන්නවා ද: " දාදී, එහේ සිටිනා විට නම් සියල්ලම හොඳයි. නමුත් මම ම දන්නේ නැහැ මොනවා වුණාද කියලා" මෙහෙම ලියුම් ලියන්නේ නැහැ නේද? හොඳ තොරතුරු ලියන්න. තමන් හොඳින් සිටිනවා. තමන් බාධක ජය ගත්තෙක් කියා ලියන්න. එක වචනයක් ලියන්න. දිග ලියුම් ඕනෑ නැහැ. "OK" කියා පමණක් ලියන්න. අච්චා.

මධුබන් වල විශේෂත්වය පවා බාප්දාදා වෙතට ළගා වී ඇත. ඔවුන් තම වාර්ථා එවා තිබේ. මේවා බාප්දාදා වෙතට ළගා වී ඇත. බාප්දාදා සෑම දරුවෙක් පිළිබදව සලකන්නේ, බාබාගේ උපදෙස් පිළිපදින කීකරු දරුවන් ලෙසයි. ඔබට කිරීමට විශේෂ කාර්යයක් ලබා දුන් සැනින් ඔබ නිති සූදානම් වීමෙන් එය සිදු කරයි. එබැවින් බාප්දාදා ඔබට විශේෂ සුබ පැතුම් ලබා දෙයි. ඔය සෑම කෙනෙක්ම ඔබගේ වාර්ථාව පැහැදිලිව ලියා ඇත. (දාදිට කතා කරමින්). ඔබ ඔවුන්ගේ ප්‍රතිඵල දෙසත් බලා පංතියක් පැවැත්විය යුතුයි. ඔවුන් ඉතා හොදින් ඔවුන්ගේ මනෝ ස්ථිතිය ගැන ලියා තිබෙනවා. බාප්දාදා කොහොමත් ඔය සියලු දෙනාටම සුබ පතනවා. ස්වාමී, අවංක හදවත් සමග සතුටු වනවා. අච්චා.

සෑම තැනකම සිටිනා බාප්දාදාගේ ඔය කීකරු දරුවන් සෑම කෙනෙක්වම, නිරන්තරයෙන් බාධක ජය ගත්තන් වන දරුවන්ව, ඉතාමත් පහසුවෙන් හා අඛණ්ඩව ශ්‍රීමත් පිළිපදිනා අයව, වෙහෙස වීමෙන් මිදී සිටිනා අයව, නිරන්තරයෙන් පියාසර කරමින් අන් අයවත් සතුටින් පියාසර කරවන අයව, සියලුම ධන නිධානයන්ගෙන් පිරී ඉතිරී සිටින්නන්ව, පරමාත්ම පියාට සමීපව හා සමව සිටිනා දරුවන්ව සෑම කෙනෙක්වම සෙනෙහසින් සිහිපත් කර නමස්සේ කියයි. විශේෂයෙන්ම වෙහෙසින් මිදී සිටිනා, ඕනෑම වෙලාවක සූදානමින් සිටිනා කුමාර්වරුන්ව, පියාසර තත්ත්වයේ පියාසර කරමින් සිටිනා සෑම කෙනෙක්වමත් විශේෂයෙන් බාප්දාදා සෙනෙහසින් සිහිපත් කරනවා.

(එහි අසුන්ගෙන සිටින සියලුම සහෝදර සහෝදරියන්ට ද්‍රිෂ්ඨි ලබා දීම සදහා බාප්දාදා දියමන්ති ශාලාව වටේ සංචාරය කළා.) සෑම දරුවෙක් කෙරෙහිම බාප්දාදා තුළ බොහෝ සෙනෙහස තිබේ. බාප්දාදා තුළ ඔබ වෙනුවෙන් අඩුවෙන් සෙනෙහස ඇති බව නොසිතන්න. ඔබ බාබාව අමතක කළත් බාබා නිරන්තරයෙන් සෑම දරුවෙකුගේම මාලාවේ පබුළු භ්‍රමණය කරයි, මන්ද, සෑම දරුවෙකුගේම විශේෂත්වය නිරන්තරයෙන් බාප්දාදා ඉදිරියේ තිබේ. එකම දරුවෙක්වත් විශේෂ නැත්තේ නැහැ. සෑම දරුවෙක්ම විශේෂයි. පියා එකම දරුවෙක්වත් අමතක නොකරයි. එබැවින් ඔබ විශේෂ කාර්යයකට උපකරණ ජීවාත්ම බව සලකා ඔබ සියලු දෙනාම අඛණ්ඩව ඉදිරියට ගමන් කළ යුතුයි. අච්චා.

වරදානය:
ඔබ ආධ්‍යාත්මික රෝස මලක් වී, නිරන්තරයෙන් ආධ්‍යාත්මික මනෝ ස්ථිතියක රැදී සිටිමින් අන් අයව ජීවාත්ම ලෙස දැකිය යුතුයි.

ආධ්‍යාත්මික රෝස මලක් යනු, නිරන්තරයෙන් ආධ්‍යාත්මික සුගන්දයක් ඇති අයෙකි. ආධ්‍යාත්මික සුගන්දයක් ඇති අය කොහේ බැලුවත්, එමෙන්ම ඔවුන් කවුරු දෙස බැලුවත්, ඔවුන්ට පෙනෙන්නේ ශරීර නොව, ජීවාත්ම පමණයි. එබැවින් නිරන්තරයෙන් ආධ්‍යාත්මික මනෝ ස්ථිතියක රැදී සිට, අන් අයව ජීවාත්ම ලෙස දකින්න. පරම පියා උසස්ම උසස් වන සේම ඔහුගේ උද්‍යානයත් උසස්ම උසස් වන අතර ඔය දරුවන් විශේෂ අලංකාරයයි, එම උයනේ ආධ්‍යාත්මික රෝස මල්ය. ඔබගේ ආධ්‍යාත්මික සුවද, බොහෝ ජීවාත්මයන්ට යහපතක් සිදු කරයි.

පාඨය:
ඔබ විනය රීතීයක් කඩ කර, යම් කෙනෙක්ව සතුටු කරන්නේ නම්, එය ඔබගේ දුක් ගිණුමට එකතු වෙයි.