06.02.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබගේ දිනුමේ සහ පරාජයේ ඉතිහාසය මතක තබා ගන්න. මෙය සතුට සහ දුක පිළිබඳ නාටකයකි. හතරෙන් තුනක් සතුට තිබෙන අතර, හතරෙන් එකක් දුක තිබේ. එය සමාන සතුට සහ දුක නොවෙයි.

ප්‍රශ්නය:
මෙම අසීමිත නාටකය බොහෝ ආශ්චර්යමත් වන්නේ කෙසේද?

පිළිතුර:
මෙම අසීමිත නාටකය බොහෝ ආශ්චර්යමත් වන්නේ, සැම තත්පරයකදීම, මුළු ලොව පුරාම සිදුවන කුමන හෝ සිදුවීමක් තිබේද, එය ඒ ආකාරයෙන්ම නැවත සිදුවෙයි. මෙම නාටකය අඛණ්ඩව උකුණෙක් මෙන් ගමන් කරයි, එය දිගින් දිගටම තත්පර කටුවේ හඬ සමඟින් ගෙවී යයි. එක් මොහොතක්, ඊළඟ මොහොතට සමාන විය නොහැක. මේ නිසයි මෙම නාටකය බොහෝ ආශ්චර්යමත් වන්නේ. මනුෂ්‍යයින් කුමන චරිත කොටස් රඟපාන්නේද හොඳ හෝ නරක - ඒවා නියම වී තිබේ. මෙය වැටහෙන්නේ ඔය දරුවන්ට පමණයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් දැන් ජීව අවධානයට පත් වී ඇති බැවින් ඕම් ශාන්ති හි තේරුම ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. ජීවය, ඔහුගේ හැඳීන්වීම ලබා දෙයි මම ජීවයක්මි. ජීවයන්ගේ ආදිතම ධර්මය වන්නේ සාමයයි. වැඩසටහනට අනුව සියලුම ජීවයන්ට දැන් තිබෙන්නේ ආපසු නිවසට යෑමයි. නිවසට යෑමේ මෙම වැඩසටහන ගැන ඔබට කියන්නේ කවුද? ඔබට නිසැකයෙන්ම මෙසේ කියන්නේ පියාය. ඕ ජීවයනි, පැරණි ලොව දැන් අවසන් විමටයි යන්නේ. සියලුම නළුවන් දැන් මෙහි පැමිණ සිටියි. එහි උඩ ඉතිරිව සිටින්නේ තව ජීව කිහිපයක් පමණයි. සෑම කෙනෙක්ම දැන් ආපසු නිවසට යා යුතුයි. ඉන්පසුව චරිත කොටස් නැවත ඒ ආකාරයෙන්ම සිදු විය යුතුයි. මුලදී ඔය දරුවන් අයත් වූයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයටයි. ඔබ මුලින් පැමිණියේ ස්වර්ණමය යුගයටයි, ඉන්පසුව පුනරුත්පත්ති ගැනීමෙන් අනතුරුව, ඔබ දැන් ඔබට අයත් නොවන රාජධානියට පැමිණ සිටියි. මෙය දන්නේ ඔය ජීවයන් පමණයිත වෙන කිසිවෙක් මෙය නොදනී. ඔබ, එක් පියාගේ දරුවන්ය. පියා ඔබට පවසන්නේ සුමිහිරිතම දරුවනි දරුවනි, ඔබ දැන් පහළට පැමිණ, රාවණ්ගේ විදේශ රාජධානියට වැටී ඇත. ඔබගේම රාජධානියේ භාග්‍යය ඔබට නැති වී තිබේ. ඔබ දේවතා ධර්මයට අයත්ව සිටි ස්වර්ණමය යුගයේ සිට දැනට වසර 5000ක් ගෙවී ගොසින්ය. ඔබ අනිවාර්යෙන්ම ඉනිමග දිගේ පහළට පැමිණිය යුතු නිසා, ඔබ චක්‍රයෙන් භාගයක්ම පාලනය කළා. ඔබ ස්වර්ණමය යුගයෙන් රිදී යුගයටත්, ඉන්පසුව තඹ සහ කලි යුග වලටත් ගිය බව අමතක නොකරන්න. ඔබගේ ජයග්‍රහණයේ සහ පැරදුමේ ඉතිහාසය සිහි කරන්න. ස්වර්ණමය යුගයෙදී ඔය දරුවන් සතුටු දේශයේ සතෝප්‍රධාන් වැසියන්ව සිටි බව ඔබ දන්නවා. ඉන්පසුව පුනරුත්පත්ති ගැනීමෙන්, ඔබ දුක් දේශයේ සම්පූර්ණයෙන්ම පරිහානීයේ තත්ත්වයට පත්ව සිටියි. ඔය ජීව දැන් නැවත වතාවක් පියාගෙන් ශ්‍රීමත් ලබනවා මන්ද, ජීව බොහෝ කාලයක් තිස්සේ පරම පියාගෙන් වෙන්ව සිටි නිසා. ඔය දරුවන් බොහෝ කාලයක් වෙන්වී සිටියා. පළමුවෙන්ම වෙන් වූවන් වූයේ ඔබයි, ඉන්පසුව ඔබ අඛණ්ඩව ඔබගේ සතුටෙහි චරිත කොටස් රඟපෑවා. ඉන්පසුව ඔබගේ රාජධානියේ භාග්‍යය උදුරා ගනු ලැබුවා ඔබ ශෝකයේ චරිත කොටස් තුළට ඇතුළු වුණා. ඔය දරුවන් දැන් නැවත වතාවක් ඔබගේ සතුට සහ සාමයේ රාජධානියේ භාග්‍යය හිමි කර ගත යුතුයි. ජීවයන් පවසන්නේ, ලෝකයේ සාමය තිබිය යුතුයි කියාය. මෙකල, එය තමෝප්‍රධාන් වීම නිසා, ලෝකයේ අසාමය තිබේ. මෙය, සාමය සහ අසාමය, සතුට සහ දුක පිළිබඳ නාටකයකි. වසර 5000කට පෙර, ලොවෙහි සාමය තිබුණු බව ඔබ දන්නවා. අශාරීරික ලෝකය, සාම දේශයයි. ජීව වාසය කරන තැනක, අසාමය පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. ස්වර්ණමය යුගයේදි, ලොවෙහි සාමය තිබිණි, ඉන්පසුව පහළට වැටීමෙන්, අසාමය ඇතිවිය. සෑම කෙනෙකුටම දැන් අවශ්‍ය වන්නේ ලොවෙහි සාමය තිබීමටයි. විශාල බ්‍රහ්ම තත්ත්වයට, ලෝකය යැයි කිව නොහැක. ඔය ජීව වාසය කරන, එතැනට කියන්නේ බ්‍රහ්මාන්ද් කියාය. ජීවයන්ගේ ආදිතම ධර්මය, සාමයයි. ජීවයක් ශරීරයෙන් වෙන් වූ විට, ඔහු සාමකාමී වන අතර, ඔහු ශබ්ද හෝ චලන ඇති කරන්නේ තවත් ශරීරයක් ගත් පසු පමණයි. ඔය දරුවන් දැන් මෙහි පැමිණ ඇත්තේ ඇයි? ඔබ කියන්නේ බාබා, අපව අපගේ සාම දේශයට සහ සතුටු දේශයට රැගෙන යන්න. සාම දේශයේ හෙවත් මුක්ති දේශයේ සතුටෙහි හෝ දුකෙහි චරිත කොටසක් නොමැත. සතුටු දේශය, ස්වර්ණමය යුගය වන අතර, කලි යුගය, දුක් දේශයයි. ඔබ පහළට එන අන්දම, ඉනිමග පිංතූරයේ පෙන්වා ඇත. ඔබ ඉනිමග දිගේ පහළට එයි. ඔබ ඉහළට නගින්නේ එක් වරක් පමණයි. ඔබ පිවිතුරු වන විට, ඉහළ නගින අතර, ඔබ අපවිත්‍ර වන විට, පහළට පැමිණෙයි. පිවිතුරු නොවී, ඔබට ඉහළට නැගිය නොහැක. මේ නිසයි ඔබ කන්නලව් කරන්නේ බාබා, පැමිණ අපව පිවිතුරු කරන්න. ඔබ පළමුවෙන්ම පිවිතුරු සාම දේශයට ගොස්, ඉන්පසුව සතුටු දේශයට යයි. පළමුව සතුට ඇති අතර, ඉන්පසුව දුක ඇතිවෙයි. සතුටට වැඩි පරාසයක් තිබේ. එය සමාන වූයේ නම්, යහපතක් අත් වන්නේ නැත. එවිට එය නිෂ්ඵල වෙයි. පියා විස්තර කරන්නේ මෙම පෙර නියම වූ නාටකයේ, හතරෙන් තුනක් සතුට තිබෙන අතර, හතරෙන් එකක දුක තිබේ. දුක ටිකක් තිබේ. මේ නිසයි මෙයට සතුටේ සහ දුකෙහි නාටකයක් යැයි කියන්නේ. ඔය දරුවන් හැරුණු කොට, අන් කිසිවෙකු ඔහුව හඳුනා නොගන්න බව, පියා දන්නවා. මම ඔබට මගේ හැඳින්වීම මෙන්ම ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ හැඳින්වීමද ලබා දී තිබේ. මම ඔබව අදේව වාදීන්ගෙන්, දේව වාදීන් බවට පත් කොට තිබේ. ඔබ ලෝක තුන දන්නවා. භාරතයේ මිනිසුන් චක්‍රයේ කාල වකවානුව වත් නොදනී. බාබා දැන් නැවත වතාවක් ඔබට උගන්වන බව දන්නේ ඔබ පමණයි. පියා, අප්‍රසිද්ධ වේශයකින් විදේශයට පැමිණ සිටියි. බාබා ද අප්‍රසිද්ධයි. මිනිසුන් භෞතිකව තමන්ව දන්නා නමුත්, ඔවුන් ජීවය නොදනී. ජීවය, අවිනාශී වන අතර, ශරීරය විනාශ වෙයි. ඔබ කිසිම විටෙක ජීවය හෝ ජීවයේ පියාව අමතක නොකළ යුතුයි. අපි අසීමිත පියාගෙන් අපගේ උරුමය හිමි කරගනිමින් සිටිනවා. ඔබ පිවිතුරු වූ විට, ඔබට ඔබගේ උරුමය හිමි වෙයි. මෙම රාවණ්ගේ රාජධානියේ ඔබ අපවිත්‍රයි, මේ නිසයි ඔබ පියාට කන්නලව් කරන්නේ. ඔබට පියවරුන් දෙදෙනෙක් සිටියි. පරම පියා, පරමාත්ම ජීවය, සියලුම ජීවයන්ගේ පියාය. සියලුම සහෝදරයන් පියා වන්නේ නැත. භාරතයේ ධර්මය අන්ත අපහාසයට ලක් වූ විට, සියලුම ආගමික ජීවයන්ගේ පාරලෞකික පියාව, සියලු දෙනාට අමතක වූ විට, එවිටයි ඔහු පැමිණෙන්නේ. මෙයද නාටකයකි. නාටකයක සිදුවන කුමන හෝ සිදුවීමක් අඛණ්ඩව නැවත නැවතත් සිදුවෙයි. ඔය ජීව, ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා පැමිණ, බොහෝ වාර ගණනාවක් නැවත ආපසු යයි. මෙම නාටකය සදාකාලිකවම උකුණෙක් මෙන් ගමන් කරයිත එය කිසිදාක අවසන් වන්නේ නැත. එය තත්පර කටුවක ටික් හඬ මෙන් ගෙවී යයි, නමුත් එක් මොහොතක් තවත් මොහොතක් හා සමාන විය නොහැක. එය බොහෝ ආශ්චර්යමත් නාටකයකි. තත්පරෙන් තත්පරයට, ලෝකයේ කුමක් සිදු වුවද, ඉන්පසුව එය නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවෙයි. සෑම ආගමකම ප්‍රධාන නළුවන් සියලු දෙනාවම පෙන්වයි. ඔවුන් සෑම කෙනෙක්ම තමන්ගේම ආගම් ස්ථාපනය කරයි. ඔවුන් රාජධානියක් ස්ථාපනය කරන්නේ නැත. පරමාත්ම පියා පමණයි ආගමක් මෙන්ම රාජධානියක්ද. රජ පෙළපතක්ද ස්ථාපනය කරන්නේ. ඒ මිනිසුන් ආගමක් ස්ථාපනය කරන අතර, සෑම කෙනෙක්ම ඔවුන් පසුපස පහළට පැමිණිය යුතුයි. සියලු දෙනාවම ආපසු රැගෙන යන්නේ කවුද? පියා. සමහරු ඉතාමත්ම කෙටි කොටස් රඟපාන අතර, ඉන්පසුව ඒවා අවසන් වෙයි. කෘමීන් සහ විෂබීජ මෙන්, ඔවුන් මතු වී මිය යයි. ඔවුන්ට නාටකයේ කිසි වැදගත්කමක් නොමැති සේය. ඔබගේ අවධානය යොමු වන්නේ කොතැනටද? සෑම කෙනෙක්ම ඕ දෙවි පියාණෙනි! ඕ පරම පියාණෙනි, පරමාත්ම ජීවය! යැයි කියන නිර්මාණකරු වෙතටයි. ඔහු සියලුම ජීවයන්ගේ පියාය. ආරම්භයේදී ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබුණි. මෙය එතරම් විශාල අසීමිත ගසකි. බොහෝ මත තිබෙන අතර, බොහෝ විවිධ දේවල් මතු වී තිබේ. ඒවා ගණන් කිරීමට පවා අපහසු වී ඇත. එහි පදනම නොමැත. අන් සියලු දෙනා තවමත් සිටියි. පියා පවසන්නේ සුමිහිරිතම දරුවනි, මම පැමිණෙන්නේ අන් සියලුම ආගම් තිබෙන විට නමුත් එක් ධර්මය නොමැති විටයි. පදනම අතුරුදහන් වී ඇති අතර, ඔවුන්ගේ පිළිරූ පමණක් ඉතිරි වී තිබේ. තිබුණේ එක් ආදි සනාතන ධර්මය පමණයි. අන් සියලුම ඒවා පැමිණියේ පසුවයි. දිව්‍යලෝකයට නොයන බොහෝ දෙනෙක් රිදී යුගයේ සිටියි. ඔබ දැන් උත්සාහ දරන්නේ දිව්‍යලෝකයට, නව ලොවට යාමටයි. පියා පවසන්නේ ඔබ මා සිහිපත් කර පිවිතුරු වී, එමෙන්ම දිව්‍යමය ගුණධර්මද ධාරණය කළ විට, ඔබ දිව්‍යලෝකයට යයි. කෙසේවෙතත්, ගසෙහි බොහෝ අතු රිකිලි තිබේ. ඔය දරුවන් ගස මෙන්ම, ඒ සියලුම ආදි සනාතන දේවතාවන් දිව්‍යලෝකයේ සිටි ආකාරයද දන්නවා. දැන් දිව්‍යලෝකය තව දුරටත් නො පවතිත එය දැන් අපායයි. මේ නිසයි පියා ප්‍රශ්නාවලිය සාදවා තිබෙන්නේ ඔබ ස්වර්ණමය යුග, දිව්‍යලෝකයේ වැසියෙක්ද, එසේ නොමැති නම්, කලි යුග අපායේ වැසියෙක්ද, කියා ඔබගේ හදවතින් අසන්න. ඔබ ස්වර්ණමය යුගයේ සිට කලි යුගයට පහළට පැමිණෙයි. ඉන්පසුව, ඔබ නැවතත් ඉහළට යන්නේ කෙසේද? පියා ඔබට ඉගැන්වීම් ලබා දෙනවා ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්නේ කෙසේද? තමන් ජීවයක් යැයි සළකා, මා සිහි කරන්න, එවිට මෙම යෝගා ගින්නෙන්, ඔබගේ පාපයන් කැපී යයි. මම පෙර චක්‍රයේද ඔබට දැනුම කියා දී, ඔබව දේවතාවන් බවට පත් කළා. ඔබ දැන් තමෝප්‍රධාන් වී තිබේ. එවිට ඔබව සතෝප්‍රධාන් කරන කෙනෙක් නිසැකයෙන්ම සිටිය යුතුයි. කිසිම මනුෂ්‍යයෙකුට පාරිශුද්ධකරුවා විය නොහැක. මිනිසුන්, ඕ පාරිශුද්ධකරුවාණෙනි! ඕ දෙවියනි! කියා කියන විට, ඔවුන්ගේ බුද්ධිය උඩ ඉහළට ගමන් කරයි. ඔහු අශාරීරිකයි. අන් සියල්ලම නළුවන්යත ඔවුන් අඛණ්ඩව පුනරුත්පත්ති ගනී. මම පුනරුත්පත්තියට ඔබ්බෙන් සිටිමි. මෙම නාටකය පෙර නියම වූ එකකි. කිසි කෙනෙක් එය නොදනී. ඔබද එය දැන සිටියේ නැත. ඔබට දැන් ස්ව දර්ශන චක්‍රධාරීන් යැයි කියයි. ඔබ ජීවයන්ගේ ධර්මයේ ස්ථාවරව සිටියි. ඔබ ජීව, යන විශ්වාසය තබා ගන්න. මෙම ලෝක චක්‍රය බ්‍රමණය වන ආකාරය ගැන පියා විස්තර කරයි. මේ නිසයි ඔබට ස්ව දර්ශන චක්‍රධාරීන් යැයි කියන්නේ. වෙන කිසිවෙකුට මෙම ඥානය නොමැත. එබැවින් ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. පියා, අපගේ ගුරුවරයාය. ඔහු ඉතාමත් මිහිරි බාබා කෙනෙකි. බාබා තරම් මිහිරි වෙන කිසිවෙක් නොමැත. පාරලෞකික පියාගේ ඔය දරුවන් තමයි එපිටින් ඇති ලෝකයේ (පරලෝකය) වාසය කරන ජීවයන් වන්නේ. පියාද වාසය කරන්නේ උත්තරීතර දේශයේය. භෞතික පියෙක් දරුවන් ඇති කර, ඔවුන් පෝෂණය කර, අවසානයේදී ඔවුන්ට සෑම දෙයක්ම දෙයි, මන්ද ඔවුන් ඔහුගේ උරුමකරුවන් නිසා. නීතිය එයයි. ඒ හා සමානව, ඔබද අසීමිත පියාගේ දරුවන් වී ඇත. පියා පවසන්නේ දැන් සෑම කෙනෙක්ම ශබ්දයට ඔබ්බෙන් ඇති, ඔවුන්ගේ නිවසට යා යුතුයි. එහි නිහැඬියාව තිබෙන අතර, ඉන්පසුව චලනද, ඉන්පසුව කතා නාද ද තිබේ. දරුවන් සූක්ෂම දේශයට ගොස් දර්ශන ලබා ගනී. ජීවය ශරීරය අත්නොහරියි. නාටකයේ නියම වී ඇති කුමන දෙයක් වුවද, තත්පරයෙන් තත්පරයට නැවත වතාවක් ඒ අයුරින්ම සිදුවෙයි. එක් තත්පරයක් තව එකකට සමාන විය නොහැක. මනුෂ්‍යයෙක් කුමන චරිත කොටසක් රඟපාන්නේද - හොඳ හෝ නරක වේවා - එය නියම වී තිබේ. ස්වර්ණමය යුගයෙදී චරිත කොටස හොඳ වන අතර, කලි යුගයෙදී එය නරකයි. කලි යුගයේ මිනිසුන් බොහෝ දුකින් සිටියි. රාමාගේ රාජධානියේ අපිරිසිදු දේවල් නොමැත. රාමාගේ රාජධානියට සහ රාවණ්ගේ රාජධානියට එකවර පැවතිය නොහැක. නාටකය ගැන නොදන්නා බැවින් ඔවුන් කියන්නේ, දෙවියන් සතුට සහ දුක යන දෙකම ලබා දෙන බවය. කිසිවෙකු ශිව බාබාව නොදන්නා සේම, කිසිවෙකු රාවණ්ව ද නොදනී. ඔවුන් සෑම වසරකදීම ශිවාගේ උපන් දිනය සමරන අතර, සෑම වසරකදීම රාවණ්ගේ මරණයද සමරයි. අසීමිත පියා දැන් ඔබට ඔහුගේ හැඳින්වීම ලබා දෙනවා තමන් ජීවයක් යැයි සළකා, ඔබගේ පියා වන මා සිහිපත් කරන්න. පියා බොහෝ සේ මිහිරිය. බාබා අසුන්ගෙන ඔහුගේම ප්‍රශංසාව ගායනා කරන්නේ නැත. ඔහුගෙන් සතුට ලබා ගන්නා අය, ඔහුගේ ප්‍රශංසාව ගායනා කරති. ඔය දරුවන්ගේ උරුමය ඔබට පියාගෙන් ලැබෙයි. පියා, සෙනෙහසේ සාගරයයි. ඉන්පසුව ස්වර්ණමය යුගයේදී, ඔබ ආදරණීය මෙන්ම මිහිරිද වෙයි. එහිද දුර්ගුණ තිබේ යැයි කෙනෙක් කියන්නේ නම්, රාවණ්ගේ රාජධානිය එහි නොමැති බව ඔහුට කියන්න. රාවණ්ගේ රාජධානියේ පැවැත්ම ආරම්භ වූයේ තඹ යුගයෙදීය. සෑම දෙයක්ම ඔබට ඉතාමත් හොඳින් විස්තර කර දෙනවා. වෙන කිසිවෙක් ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නොදනී. එය ඔබට විස්තර කර දෙන්නේ මෙකල පමණයි. ඉන්පසුව ඔබ දේවතාවන් බවට පත් වෙයි. දේවතාවන්ට ඉහළින් කිසිවෙකු නොමැත. මේ නිසයි එහිදි ගුරුන් ආදිය අවශ්‍ය නොවන්නේ. මෙහි බොහෝ ගුරුන් සිටිති. ඇත්තේ එක් සත් ගුරු පමණයි. සීක්වරුන් අමරණීය සත්ගුරු ගැන කතා කරයි. අමරණීය ප්‍රතිරූපය වන්නේ සත්ගුරු පමණයි. ඔහු සියලු මරණයන්ට මරණයයි, මහා මරණයයි. ඒ මරණය පැමිණ එක් අයෙක්ව රැගෙන යයි. පියා පවසන්නේ මම සෑම කෙනෙක්ම ආපසු රැගෙන යන්නෙමි. මම ඔබ සෑම කෙනෙක්වම පිවිතුරු කොට, පළමුව සාම දේශයටද ඉන්පසුව සතුටු දේශයටද රැගෙන යන්නෙමි. මට අයත් වී, ඉන්පසුව මායාට අයත් වන අය ගැන කියන්නේ සත්ගුරුට අපහාස කරන අයට, උසස් තත්ත්වයක් හිමි කර ගත නොහැක. ඔවුන්ට දිව්‍යලෝකයේ සම්පූර්ණ සතුට ලබා ගැනීමට නොහැකි වෙයිත ඔවුන් පුරවැසියන් ගෙන් කොටසක් බවට පත් වෙයි. පියා පවසන්නේ දරුවනි, මට අපහාස නොකරන්න. මම ඔබව දිව්‍යලෝකයේ අධිපතියන් බවට පත් කරනවා, එබැවින් ඔබ දිව්‍යමය ගුණධර්මද ධාරණය කර ගත යුතුයි. ඔබ කිසිවෙකුට දුක් නොදිය යුතුයි. පියා පවසන්නේ මම පැමිණ සිටින්නේ ඔබව සතුටු දේශයේ අධිපතියන් බවට පත් කිරීමටයි. පියා, සෙනෙහසේ සාගරය වන අතර මනුෂ්‍යයින් දුක් දීමේ සාගරයි. ඔවුන් රාගයේ අසිපත භාවිත කර, එකිනෙකාට දුක ලබා දෙයි. එහිදි මෙම දේවල් නොපවති. එහි ඇත්තේ රාමාගේ රාජධානියයි. දරුවන් උපදින්නේ යෝගා බලයෙනි. මෙම යෝගා බලයෙන් ඔබ මුළු ලොවම පිවිතුරු කරනවා. ඔබ සටන්කාමීන්ය, නමුත් අප්‍රසිද්ධයි. ඔබ බොහෝ ප්‍රසිද්ධියට පත්වනවා, ඉන්පසුව, භක්ති මාර්ගයේදී, ඔය දේවතාවන්හට බොහෝ දේවාල තැනෙනවා. අමෘතයේ පුන්කලස, මව්වරුන්ගේ හිස මත තබන බව කියැවෙනවා. මෙසේ කියයි මව් එළදෙන. මෙය ඥානයයි. එය ජලය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ශිව ශක්ති සේනාව ඔබයි. ඒ මිනිසුන් ඔබව අනුකරණය කොට, ගුරුන් බවට පත් වී ඇත. ඔබ දැන් සත්‍යයේ ඔරුව තුළ අසුන් ගෙන සිටිනවා. මෙසේ කියමනක් තිබේ මගේ ඔරුව එතෙර කරවන්න. ඔබගේ ඔරුව එතෙර කිරීමට ඔබට දැන් ඔරුකරුවා හමුවී තිබේ. ඔහු ඔබව වෛශාලයෙන්, ශිවාලයට රැගෙන යයි. ඔහුට උයනේ අධිපති යැයි ද කියයි. ඔහු කටු කැලෑව, මල් උයනක් බවට පත් කරයි. එහි සතුට පමණක්ම ඇති අතර, මෙහි ඇත්තේ දුකය. බාබා ඔබට මුද්‍රණය කිරීමට කියූ අත් පත්‍රයේ ලියා ඇත්තේ ඔබගේ හදවතින් විමසන්න ඔබ දිව්‍යලෝකයේ වැසියෙක්ද, අපායේ වැසියෙක්ද? ඔබට බොහෝ ප්‍රශ්න ඇසිය හැක. දූෂණය ඇති බව සෑම කෙනෙක්ම කියයි. සැබවින්ම, යම් කාලයකදී, ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින්ද සිටින්නට ඇති. ඔවුන් දේවතාවන් වූ අතර, ඔවුන් දැන් නොමැත. එක් ධර්මය ස්ථාපනය කිරීමට දෙවියන් පැමිණෙන්නේ, දේවතා ධර්මය අතුරුදහන් වූ විටයි. එනම්, ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, තමන්ටම දිව්‍යලෝකය ස්ථාපනය කරගන්නවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දුක් සාගරයක් නොව, පියා මෙන් සෙනෙහසේ සාගරයක් වන්න. පියාට අපහාස ගෙන එන කිසිම ක්‍රියාවක් සිදු නොකරන්න. ඉතා මිහිරි මෙන්ම, ආදරණීය ද වන්න.

2. යෝගා බලයෙන් පිවිතුරු වී, අන් අයවද පිවිතුරු කරවන්න. කටු කැලෑව, මල් උයනක් බවට පත් කිරීමේ සේවයේ යෙදෙන්න. ඔබගේ මිහිරි බාබා, පියා මෙන්ම ගුරුවරයාද වීම නිසා, සෑම විටෙකම සතුටින් සිටින්න. ඔහු තරම් මිහිරි අන් කිසිවෙක් නොමැත.

වරදානය:
ඔබ දැනටමත් දෙවියන්ගේ ආදරය සහ සෙනෙහස ලබන රාජකීයයන් වන අතර එමඟින් අනාගතයේදීත් එසේම ලැබේවා.

සංගම යුගයේදී, හද සනසන්නාගේ ආදරය හා සෙනෙහස ලැබීමට සුදුස්සන් වන්නේ වාසනාවන්ත ඔය දරුවන් පමණි. පරමාත්ම දෙවියන්ගෙන් මෙම ආදරය හා සෙනෙහස ලැබෙන්නේ මිලියන ගණනින් අතළොස්සකට පමණි. මෙම දිව්‍යමය ආදරය හා සෙනෙහස සමඟ ඔබ රාජකීය, ආදරණීයයන් බවට පත් වේ. රාජකීය ආදරණීයයන් යනු දැන් රාජකීයයන් වෙන සහ අනාගතයේදීත් රාජකීයයන් වෙන අයයි. අනාගතයේ එවැනි අය වීමට පෙර පවා, ඔබ මේ මොහොතේ ස්වයං-ශ්‍රේෂ්ඨයන් වී ඇත. අනාගත රාජ්‍යයේ ප්‍රශංසාව වන්නේ: එක් රාජ්‍යයක්, එක ආගමක්, එලෙසම, මෙහි එක් එක් ජීවාත්මයේ රාජ්‍යය - සියලු භෞතික ඉන්ද්‍රියයන් එක් වියනක් යට එක්සත් වේ.

පාඨය:
පරමාත්ම පියාගේ චරිතය තම මුහුණින් පෙන්වන අය පරමාත්ම දෙවියන්ගේ ආදරය ලබන අයයි.