06.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, රාජධානියේ තිළිණය ලැබෙන්නේ, ශ්‍රීමත් වලට අනුව, හොඳින් සේවය කරන දරුවන්ට පමණයි. ඔය දරුවන් දැන් පියාගේ උදව්කරුවන් බවට පත්ව සිටියි, එබැවින් ඔබට විශාල තිළිණයක් ලැබෙයි.

ප්‍රශ්නය:
කුමන දරුවන් ඉදිරියේද, පියාගේ දැනුමේ නර්ථනය ඉතා හොඳින් සිදුකරන්නේ?

පිළිතුර:
පියාගේ දැනුමේ නර්ථනය ඉතා හොඳින් සිදුකරන්නේ, දැනුම ගැන උනන්දුවක් මෙන්ම, යෝගාවේ කුල්මත්භාවය ඇති දරුවන් ඉදිරියේය. ශිෂ්‍යයින් අංක පිළිවෙලයි, එනමුදු මෙය ආශ්චර්යමත් පාසැලකි. සමහරුන්ට දැනුම ඇත්තේම නැහැ. ඔවුන්ට ඇත්තේ සෙනෙහස සහ විශ්වාසය පමණයි, එමෙන්ම ඔවුන් එම සෙනෙහස සහ විශ්වාසයේ පදනම මත, උරුමයකට හිමිකම් කියයි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර දෙයි. මෙයට ආධ්‍යාත්මික දැනුම යැයි කියයි. ආධ්‍යාත්මික දැනුම තිබෙන්නේ ආධ්‍යාත්මික පියාට පමණයි. කිසිම මනුෂ්‍යයෙකුට ආධ්‍යාත්මික දැනුම නොමැත. ඔබට ආධ්‍යාත්මික දැනුම ලබා දෙන්නේ එක් අයෙක් පමණක් වන අතර, ඔහුට දැනුමේ සාගරය යැයි කියයි. සෑම මනුෂ්‍යයෙකුටම ඔහුටම ආවේනික වූ විශේෂත්ව තිබේ. අධිනීතිඥයෙක්, අධිනීතිඥයෙක් වන අතර, වෛද්‍යවරයෙක්, වෛද්‍යවරයෙකි. සෑම කෙනෙකුගේම වගකීම සහ චරිත කොටස වෙනස්ය. සෑම ජීවයකටම අවිනාශී වූ, තමන්ගේම චරිත කොටසක් ලැබී තිබේ. ජීවයක් ඉතාමත්ම කුඩායි. එය විශ්මයකි! ඔවුන් ගායනා කරන්නේ නළල මැද ආශ්චර්යමත් තාරකාවක් බැබලෙයි. අශාරීරික ජීවයේ සිහසුන, මෙම ශරීරය බව සිහි කර තිබේ. එය ඉතාමත්ම කුඩා තිතක් වන අතර, අන් සියලුම ජීව, නළුවන්ය. එක් උපතක මුහුණුවර, තවත් උපතක මුහුණුවරට සමාන විය නොහැක. එක් උපතක චරිත කොටස, වෙනත් එකක චරිත කොටසට සමාන විය නොහැක. ඔහු අතීතයේ කවුරුන් වී සිටියාද, අනාගතයේදී කවුරු වෙයිද, කියා කිසිවෙකු නොදනී. පියා පමණයි, සංගම් යුගයේදී මෙතැන අසුන් ගෙන, ඔබට මෙය විස්තර කර දෙන්නේ. හිමිදිරි උදෑසන ඔය දරුවන් සිහිපත් කිරීමේ වන්දනාවේ අසුන් ගෙන සිටින විට, නිවී තිබුණු ජීව වල ආලෝකය, පහන් වෙයි. ජීව, බොහෝ මලකඩ වලින් වැසී තිබෙන නිසා, පියා ද රන්කරුවෙකුගේ රාජකාරිය කරයි. ඔවුන් තුළ වෙනත් ලෝහ මිශ්‍ර වී ඇති, අපවිත්‍ර ජීවයන්ව, ඔහු පිවිතුරු කරයි. වෙනත් ලෝහ, මිශ්‍ර වෙනවා නේද? රිදී, තඹ, යකඩ ආදිය, යුග වලට දී ඇති නම්ය. ස්වර්ණමය යුගය සහ රිදී යුගය - ඔබ සතෝප්‍රධාන්ව සිට, ඉන්පසුව සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා යයි. කිසිම මනුෂ්‍යයෙක් හෝ ගුරු කෙනෙක් මෙම දේවල් විස්තර කර නොදෙයි. ඔවුන් සත්ගුරුගේ අමරණීය සිංහාසනය ගැන කතා කරයි. එම සත්ගුරුට සිංහාසනයක් අවශ්‍යයි. ඔය ජීවයන්ට තමන්ගේම සිංහාසන තිබෙන සේ, ඒ අන්දමින්ම, ඔහුද සිංහාසනයක් ගත යුතුයි. ඔහු පවසන්නේ මම ගන්නේ කුමන සිංහාසනයද කියා ලෝකයේ කිසි කෙනෙක් දන්නේ නැත. ඒ මිනිසුන් ’නැති, නැති‘ කියමින් සිටියා (මෙයත් නොවෙයි, එයත් නොවෙයි). අපි නොදන්නෙමු. ඔබද පෙර කල කිසිවක් දැන සිටියේ නැති බව ඔය දරුවන්ට වැටහෙනවා. කිසි දෙයක් නොතේරෙන අයට, නුවණ නැති අය යැයි කියයි. ඔවුන්ට බොහෝ නුවණ තිබුණු බව, භාරතයේ මිනිසුන් විශ්වාස කරති. රාජධානියේ භාග්‍යය ඔවුන්ගේ විය. ඔවුන් දැන් නුවණ නොමැති අය බවට පත්ව සිටියි. පියා පවසන්නේ ඔබ ආගමික ශාස්ත්‍ර ආදි සෑම දෙයක්ම හදාරා තිබෙන නමුත්, ඔබ දැන් සෑම දෙයක්ම අමතක කළ යුතුයි. එක් පියාව සිහිපත් කරන්න, එපමණයි. තම පවුලේ අය සමග ඔබට නිවසේ වාසය කළ හැක. සන්යාසීන්ගේ අනුගාමිකයන් ද නිවෙස් වල ජීවත් වෙති. සැබෑ අනුගාමිකයන්, ඔවුන් සමගම ජීවත් වෙති. සමහරු එක් තැනකද, තවත් සමහරු තවත් තැනකද ජීවත් වෙති. පියා මෙතැන අසුන් ගෙන මේ සෑම දෙයක්ම විස්තර කර දෙනවා. මෙයට දැනුමේ නර්ථනය යැයි කියයි. යෝගාව නිහැඬියාව වන නමුත්, දැනුමේ, නර්ථනය තිබේ. ඔබ සම්පූර්ණ නිහැඬියාවේ යෝගාවේ සිටිය යුතුයි. ඔවුන් සම්පූර්ණ නිශ්ශබ්දතාවය ගැන කතා කරයි විනාඩි තුනක සම්පූර්ණ නිශ්ශබ්දතාවය. කෙසේවෙතත්, කිසි කෙනෙකුට එහි අරුත නොවැටහෙයි. සන්යාසීන් සාමය සොයා, වන ගත වෙයි, නමුත් ඔවුන්ට එහිදී සාමය ලබා ගත නොහැක. ඇයගේ ගෙල වටා තිබුණු මාලයක් සොයමින් සිටි රැජිණකගේ කතාවක් තිබේ. එයින් කියැවෙන්නේ සාමය පිළිබඳවයි. පියා මෙකල ලබා දෙන නිදසුන්, ඉන්පසුව භක්ති මාර්ගයේ ද දිගටම පැවතෙයි. පියා මෙකල, පැරණි ලෝකය පරිවර්ථනය කරමින් එය අළුත් කරවයි. ඔහු, එය තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් කරවනවා. සියලු දෙනාම පාපය තුළින් උපදින නිසා, මෙම ලෝකය තමෝප්‍රධාන් සහ අපවිත්‍ර බව ඔබට වටහා ගත හැක. දේවතාවන් පාපය තුළින් ඉපදෙන්නේ නැත. එයට කියන්නේ සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර ලෝකය කියාය. ඔවුන් පාපය නොමැති ලොවක් ගැන කතා කරයි, නමුත් ඔවුන් එහි අරුත නොදනී. ඔබ වැඳුම් ලබන්නට සුදුස්සන් බවට පත් වී, ඉන්පසුව වැඳ වැටෙන අය වෙයි. බාබා ගැන ඔබ කිසිම විටෙක මෙසේ නොකියයි. පියා කිසිම විටෙක වැඳ වැටෙන අයෙක් නොවෙයි. දෙවියන් සෑම අංශුවකම සිටින බව මිනිසුන් කියයි. මේ නිසයි පියා පවසන්නේ ධර්මයට එවන් නිගාවක් ඇතිවන ඕනෑම විටෙක... ඒ මිනිසුන් එහි අරුත වටහා නොගෙන නිකම්ම එවන් ගාථා කියවයි. ඔවුන් සිතන්නේ, ජීවය අපවිත්‍ර නොවන බවත්, අපවිත්‍ර වන්නේ ශරීරය කියාය. පියා පවසන්නේ පළමුවෙන්ම අපවිත්‍ර වූයේ ජීවයයි. මේ නිසයි ශරීරය අපවිත්‍ර වී තිබෙන්නේ. රත්තරං වලට වෙනත් ලෝහ මිශ්‍ර වෙයි. එවිට එයින් සාදන ආභරණ ද එසේ වෙයි. කෙසේවෙතත්, ඒ සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. පියා විස්තර කර දෙන්නේ සෑම ශරීරයක් තුළම ජීවයක් තිබේ. ‘ජීවාත්මය‘ කියා කියනමුත්, ‘ජීවමාන පරමාත්මය‘ යැයි නොකියයි, ‘මහාත්මය‘ මිසක්, ‘මහා පරමාත්මය‘ යැයි නොකියයි. විවිධ ශරීර ගෙන, ඔහුගේ චරිත කොටස් රඟ දක්වන්නේ ජීවයයි. ඉතිං, යෝගාව යනු, සම්පූර්ණ නිශ්ශබ්දතාවයයි. මෙය, දැනුමේ නර්ථනයයි. පියාගේ දැනුමේ නර්ථනය සිදුවන්නේ උනන්දුව ඇති අය ඉදිරියේය. එක් එක් කෙනා තුළ කෙතරම් දැනුම තිබේද, එමෙන්ම එක් එක් කෙනා තුළ යෝගාවේ කුල්මත්භාවය කෙතරම් තිබේද කියා පියා දන්නවා. ගුරුවරයෙක් මෙය දනී. ඉතාමත්ම හොඳ ගුණවත් දරුවන් කවුරුන්ද කියා පියා ද දනී. සෑම තැනකටම ආරාධනා ලැබෙන්නේ හොඳ දරුවන්ටයි. දරුවන් අංකානුරූපයි. පුරවැසියන් නිර්මාණය වන්නේද, ඔවුන්ගේ උත්සාහයන් වලට අනුව, අංක පිළිවෙලටයි. මෙය පාසැලක් හෙවත් පාඨශාලාවකි. පාඨශාලාවක සෑම කෙනෙක්ම සෑම විටෙකම අසුන් ගන්නේ අංක පිළිවෙලටයි. මේ-මේ කෙනා දක්ෂ බවත් මේ-මේ කෙනා මධ්‍යම තරමේ කෙනෙක් බවත් ඔබට වටහා ගත හැක. මෙය, අසීමිත පංතියකි. මෙහිදී, ඔබට කිසිවෙක්, අංක පිළිවෙලට අසුන් ගැන්විය නොහැක. ඔහු ඉදිරියේ අසුන් ගෙන සිටින යම් කෙනෙක් තුළ කිසි දැනුමක් නොමැති බවත්, එමෙන්ම ඔහුට සෙනෙහස සහ විශ්වාසය පමණක් ඇති විට, බාබා එය දන්නවා. ඔහුට දැනුම හෝ සිහිපත් කිරීම නොමැත මේ ඉන්නේ බාබා බවත්, ඔහුගෙන් තමන් උරුමය හිමි කර ගත යුතු බවත්, පමණක් ඔහුට විශ්වාසය තිබේ. සෑම කෙනෙකුටම උරුමයක් ලැබෙයි, නමුත් රාජධානියේ තත්ත්වයක් හිමි වන්නේ අංක පිළිවෙලටය. ඉතා හොඳින් සේවය කරන අයට, ඉතා හොඳ තෑග්ගක් හිමි වෙයි. මෙහි, ඔවුන් සෑම කෙනාටම දිගින් දිගටම තෑගි ලබා දෙයි. අවවාද දෙන සහ මොළය වෙහෙසන අයට තෑගි ලැබෙයි. ලෝකයේ සැබෑ සාමය ඇති විය හැක්කේ කෙසේද කියා ඔබ දැන් දන්නවා. පියා ඔබට පවසා ඇත්තේ ලෝකයේ සාමය තිබුණේ කවදාද කියා ඒ මිනිසුන්ගෙන් විමසන්න. ඔබ ඒ ගැන කෙදිනක හෝ අසා හෝ දැක තිබේද? ඔබ ඉල්ලන්නේ කුමන අන්දමක සාමයක් ද? එය පැවතුණේ කවදාද? ඔබ පිළිතුරු දන්නා නිසා, ඔබට මෙවන් ප්‍රශ්න ඇසිය හැක. තමන්ම පිළිතුරු නොදැන, ප්‍රශ්න අසන අයව ඔබ හඳුන්වන්නේ කෙසේද? ඔබට පුවත්පත් වලින් ඔවුන් ගෙන් මෙසේ විමසිය හැක ඔබ සොයන්නේ කුමන ආකාරයක සාමයක්ද? අප සියලුම ජීව වාසය කරන ස්ථානයේ සාමය පැවතෙයි. පියා පවසන්නේ පළමුව සාම දේශය ද, දෙවනුව සතුටු දේශය ද සිහි කරන්න. ලෝක චක්‍රය පිළිබඳව සැබෑ දැනුම නොමැති නිසා, ඔවුන් බොහෝ මුසාවන් ආදිය කියා තිබේ. අප ද්විත්ව කිරුළු පලන් අය බවට පත් වන බව ඔය දරුවන් දන්නවා. අප දේවතාවන්ව සිටි අතර, දැන් මනුෂ්‍යයන් බවට පත් වී සිටිනවා. දේවතාවන්ට කියන්නේ දේවතාවන් කියාය. ඔවුන්ට දිව්‍යමය ගුණධර්ම ඇති නිසා, ඔවුන්ට මනුෂ්‍යයින් යැයි නොකියයි. දුර්වලතාවයන් ඇති අය කියන්නේ මට ගුණධර්ම නැත මා තුළ ගුණධර්ම නොමැත. ඔවුන් ශාස්ත්‍රීය ග්‍රන්ථ වල අසා ඇති දේවල් ගැන දිගින් දිගටම ගයයි. ඔවුන්, ගීත ගායනා කිරීමට පුරුදුකර ඇති ගිරව් මෙන්, ප්‍රශංසා ගීත ගයයි. ඔවුන් කියන්නේ බාබා, පැමිණ අප සියලු දෙනාවම පිවිතුරු කරන්න. ඇත්ත වශයෙන්ම බ්‍රහ්ම ලෝකයට, ලෝකයක් කියා කිව නොහැක. ජීව වන ඔබ වාසය කරන්නේ එහිය. ඇත්ත වශයෙන්ම, ඔබ ඔබගේ චරිත කොටස් රඟපාන එකම ලෝකය, මෙයයි. එය, නිහැඬියාවේ දේශයයි. පියා විස්තර කරන්නේ මම මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට මගේ හැඳින්වීම ලබා දෙනවා. තමන්ගේම උපත් ගැන නොදන්නා කෙනා තුළට මා ඇතුළු වනවා. ඔබ මෙය අසන්නේ දැන්ය. මම මෙම කෙනා තුළට ඇතුළු වන්නෙමි. මෙය පැරණි අපවිත්‍ර ලෝකයයි, රාවනගේ ලොවයි. අංක එකට පිවිතුරුව සිටි කෙනා, අවසාන අංකයේ අපවිත්‍ර කෙනා බවට පත්වී තිබේ. මම ඔහුව, මගේ රථය බවට පත් කරගන්නෙමි. පළවෙනියා, දැන් අවසානයේ මෙහි පැමිණ සිටියි. ඔහු නැවත වතාවක් පළමුවැනියා විය යුතුයි. බ්‍රහ්මාගේ මාර්ගයෙන් මම, ආදි සනාතන දෙවි දේවතා ධර්මය ස්ථාපනය කරන බව, පිංතූර වල ද විස්තර කර තිබෙනවා. මම, දේවතා ධර්මයට පැමිණෙන බව සඳහන් කර නොමැත. මම ඇතුළු වී අසුන් ගන්නා ශරීරයේ ජීවය, ඉන්පසුව නාරායන් බවට පත් වෙයි. වෙනත් විෂ්ණු කෙනෙක් නොමැත- එය ලක‍්ෂ්මි සහ නාරායන් හෝ රාධා සහ ක්‍රිෂ්ණා යන ජෝඩුවයි. විෂ්ණු යනු කවරෙක්ද කියා කිසිවෙක් නොදනී. පියා පවසන්නේ මම ඔබට වේද, ග්‍රන්ථ සහ සියලුම පිංතූර ආදියේ රහස් කියා දෙන්නෙමි. මා ඇතුළු වන කෙනා, ඉන්පසුව මෙය බවට පත් වෙයි. මෙය ගෘහ මාවතයි. මෙම බ්‍රහ්මා සහ සරස්වතී, ඉන්පසුව ලක‍්ෂ්මි සහ නාරායන් බවට පත් වෙයි. මම මෙම කෙනා (බ්‍රහ්මා) තුළට ඇතුළු වී, බ්‍රහ්මින්වරුන්ට දැනුම ලබා දෙන්නෙමි, එවිට මෙම බ්‍රහ්මාට ද එය ඇසෙයි. පළමුව ඇසෙන්නේ ඔහුටයි. මෙය විශාල බ්‍රහ්මපුත්‍ර ගංගාවයි. බ්‍රහ්මපුත්‍ර ගඟ සහ සාගරය අතර මේලාවක් සිදුවෙයි. සාගරය සහ ගඟ හමුවන ස්ථානයේ විශාල මේලාවක් සිදුවෙයි. මම මොහු තුළට ඇතුළු වෙමි. මෙම කෙනා ඉන්පසුව එය බවට පත් වෙයි. එය වීමට ගත වන්නේ එක් තත්පරයක් පමණයි. (බ්‍රහ්මා, විෂ්ණු බවට පත් වීමට). ඔහුට දර්ශනයක් ලැබී, සැනෙකින්, එය වන බවට, විශ්වාසය ඇති වෙයි. මම ලොවට අධිපති වීමටයි යන්නේ. එබැවින් මා කුමටද මෙම ’බූරුකම‘ තවත් කරගෙන යන්නේ? ඔහු සෑම දෙයක්ම අත්හැරියේය. බාබා පැමිණ ඇති බව, සහ මෙම ලෝකය අවසන් වීමට යන බව, ඔබ පළමුවෙන්ම දැන ගත් විට, ඔබ විගසින් දිව ආවේය. බාබා ඔබව පැහැරගත්තේ නැත. ඔව්, භත්තියක් ඇති කළ යුතුව තිබුණා. ඔවුන් කියන්නේ ක්‍රිෂ්ණා ඔවුන්ව පැහැරගත්තා කියාය. හොඳයි, ක්‍රීෂ්ණා ඔවුන්ව පැහැරගත්තේ නම්, ඔහු ඔවුන්ව රැජිණියන් බවට පත් කළා. ඉතිං, ඔබ මෙම දැනුම තුළින්, ලෝක අධිරාජයන් සහ අධිරාජිනියන් බවට පත් වනවා. මෙය හොඳය. නින්දාවට පත්වීමට අවශ්‍ය නැත. ඔබ එවිට කියන්නේ ඔබට නින්දා කළ විට පමණයි, ඔබ කලන්ගිදාර් (මොණර පිහාටු සහිත කිරුළ) වන්නේ. නින්දා කරන්නේ ශිව බාබාටයි. ඔවුන් බොහෝ සේ ඔහුට අපහාස කරයි. ඔවුන් කියන්නේ මා වන ජීවය, උත්තරීතර ජීවයයි, එමෙන්ම උත්තරීතර ජීවය, ජීවයයි. පියා දැන් විස්තර කරන්නේ එය එසේ නොවෙයි. ජීවයක් වන මා, මෙකල, බ්‍රහ්මින් කෙනෙක්මි. ශ්‍රේෂ්ඨතම වංශය, බ්‍රහ්මින් වංශයයි. එයට රජ පෙලපතක් යැයි කිව නොහැක. රජ පෙලපතක් ඇත්තේ, රාජධානියක් ඇති විටයි. මෙය ඔබගේ වංශයයි. එය ඉතාමත්ම පහසුයි. බ්‍රහ්මින්වරුන් වන අප, දේවතාවන් වීමටයි යන්නේ, අපි දිව්‍යමය ගුණධර්ම අනිවාර්යෙන්ම ධාරණය කළ යුත්තේ මේ නිසයි. දේවතාවන්ට සිගරට්, දුම්කොළ ආදිය, භෝග් වශයෙන්, කිසි විටෙක පූජා නොකරයි. ශ්‍රීනාත්ද්වාර් වල, ඔවුන් බොහෝ අනර්ඝ, පෝෂ්‍යදායි භෝග් පූජා කරයි. ඔවුන් විශාල ප්‍රමාණ වලින් එම භෝග් සාදයි, මන්ද ඉන්පසුව ඔවුන්ට ඒවා කඩයක තබා, වන්දනා කරුවන්ට විකිණිය හැකි බැවින්. මිනිසුන් තුළ ඒ වෙනුවෙන් විශාල සෙනෙහසක් සහ භක්තියක් තිබේ. එවන් දේ ස්වර්ණමය යුගයේදී සිදු වන්නේ නැත. එහිදී, කිසි දෙයක් නරක් කිරීමට, මැස්සන් ආදිය සිටින්නේ නැත. එහි, එවන් කිසිම ලෙඩ රෝග ආදිය නොතිබෙයි. වැදගත් මිනිසුන් තුළ බොහෝ සේ පිරිසිදුකම තිබේ. එවන් දේ එහි නොතිබෙයි. එහි, ලෙඩ රෝග ආදිය නොමැත. මේ සියලු ලෙඩ රෝග හටගන්නේ තඹ යුගයෙන් පසුවය. පියා පැමිණ ඔබව සදා නිරෝගී කරවයි. ඔබ පියා සිහිපත් කිරීමට උත්සාහ දරයි, එමගින් ඔබ සදා නිරෝගී වෙයි. ඔබට දීර්ඝායුෂ ද තිබේ. එය ඊයේ සිදුවූ දෙයක් මෙනි. ඔබට වසර 150ක ආයු කාලයක් තිබිණි. දැන් එය සාමාන්‍ය වශයෙන් වසර 40 සිට 45 දක්වා වූ ආයූ කාලයකි, මන්ද එම මිනිසුන් යෝගීන් වූ නමුත් මේ මිනිසුන් බෝගීන්ය (ඉන්ද්‍රියන් පිනවන අය). ඔබ රාජයෝගීන් සහ රාජ ඍෂිවරුන්ය, මේ නිසයි ඔබ පිවිතුරු වන්නේ. කෙසේවෙතත්, මෙය වඩාත් සුබ වූ සංගම් යුගයයි. එය සංගම් මාසයක් හෝ වර්ෂයක් නොවෙයි. පියා පවසන්නේ මම සෑම චක්‍රයකම වඩාත් සුබ වූ සංගම් යුගයේදී පැමිණෙන්නෙමි. පියා අඛණ්ඩව ඔබට දිනපතාම විස්තර කර දෙනවා. කෙසේවෙතත්, ඔහු පවසන්නේ එක් දෙයක් කිසි විටෙක අමතක නොකරන්න. ඔබට පිවිතුරු වීමට අවශ්‍ය නම්, මා සිහි කරන්න. තමන් ජීවයක් බව සළකන්න. සියලුම ශාරීරික ආගම් අත්හරින්න. ඔබ දැන් ආපසු නිවහනට යා යුතුයි. මා පැමිණ සිටින්නේ ඔය ජීව පිවිතුරු කිරීමටයි, එමගින් ඔබට පිවිතුරු ශරීර ද ලැබෙයි. මෙහි මිනිසුන් උපත ලබන්නේ පාපය තුළිනි. ඔය ජීව, සම්පූර්ණයෙන්ම පිවිතුරු වු විට, ඔබගේ පැරණි පාවහන් අත්හැර, අළුත්වා ලබා ගනී. ඔබ ගැන සිහිකර තිබෙන්නේ මව්වරුන්ට නමස්කාර වේවා. ඔබ මහපොළව ද පිවිතුරු කරයි. දිව්‍යලෝකයේ දොරටු විවෘත කරන්නේ ඔය මව්වරුන්ය, නමුත් කිසි කෙනෙක් මෙය නොදනි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ජීවයේ ආලෝකය දැල්වීම සඳහා, හිමිදිරි උදෑසන, සිහිපත් කිරීමේ වන්දනාවේ අසුන් ගන්න. බැඳුණු මලකඩ ඉවත් වන්නේ, සිහිපත් කිරීම තුළින් පමණයි. ජීවාත්මයේ මිශ්‍ර වී ඇති වෙනත් ලෝහ, සිහිපත් කිරීමෙන් ඉවත් කර, ඔබ පිරිසිදු රත්තරං බවට පත්විය යුතුයි.

2. පියාගෙන් උසස් තත්ත්වයක් යන තිළිණය, හිමි කරගැනීම සඳහා, විශ්වාසය සහ භක්තිය සමගම, දැනුමෙන් මෙන්ම ගුණධර්ම වලින් ද යුක්ත වන්න. සේවය කිරීමෙන් මෙය ප්‍රායෝගිකව පෙන්වන්න.

වරදානය:
ඔබ සරසන ලද පිළිරුවක් වී, ඔබගේ මුහුණෙන් සහ හැසිරීමෙන් පාරිශුද්ධත්වයේ සැරසිල්ල පෙන්වන්න.

බ්‍රහ්මින් දිවියේ සැරසිල්ල පාරිශුද්ධත්වයයි. සෑම මොහොතකම ඔබගේ මුහුණේ සහ ඔබගේ හැසිරීම තුළ සියලු දෙනාම පාරිශුද්ධත්වයේ අලංකාරය අත්විදිය යුතුයි. ඔබගේ බැල්මේ, මුහුණේ, දෑත් සහ දෙපාවල පවිත්‍රත්වයේ අලංකාරය සෑම විටම දිස් විය යුතුයි. සියලු දෙනාම මෙසේ පැවසිය යුතුයි: ‘මෙම කෙනාගේ මුහුණුවරේ පවිත්‍රතාවය පෙනෙනවා.’ ඔබගේ දෙනෙතේ පිවිතුරු බවේ දීප්තිය සහ ඔබගේ මුහුණ මත පිවිතුරු බවේ මද සිනහව තිබිය යුතුයි. ඔවුන්ට වෙනත් කිසිවක් නොපෙනිය යුතුයි. මෙය, පාරිශුද්ධත්වයේ සැරසිල්ලෙන් සරසන ලද ප්‍රතිරුවක් වීම ලෙස හැදින්වෙයි.

පාඨය:
නිෂ්ඵල නෑදෑකම් සහ සම්බන්ධතා ඔබගේ ගිණුම හිස් කරයි. එබැවින් සියලු නිෂ්ඵලත්වය අවසන් කරන්න.