07.02.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ජීවාත්ම සත්තා විඥානය ඔබව ලෝකයේ හිමිකරුවන් කරවන අතර ශරීර අවධානය ඔබ දිළිඳු බවට පත් කරයි. එමනිසා, ජීවාත්ම සත්තා විඥානය ඇති කර ගන්න.

ප්‍රශ්නය:
ඔබව අශරීරික කිරීමට උදව් වන්නේ කුමන අභ්‍යාසයද?

පිළිතුර:
හැම විටම ඔබ නළුවෙක් ලෙස සලකන්න. නළුවෙක් තම චරිත කොටස රඟපෑමෙන් පසු එම ඇඳුම් ආයිත්තම් ගලවනවා සේම ඔබ ද එය අනුගමනය කිරීම හුරු පුරුදු වෙන්න. ඔබේ ක්‍රියාවන් කර අවසන් වූ විගස, ඔබේ බාහිර ඇඳුම (ශරීරය) අතහැර අශරීරික වන්න. දිගටම ඔබලා සහෝදර ජීවාත්ම සත්තාවන් බව හුරු පුරුදු කරන්න. පාරිශුද්ධ වීමේ පහසුම මඟ මෙයයි. ශරීරය දෙස බැලීමෙනුයි අපරාධකාරී සිතිවිලි ඇති වන්නේ. එමනිසා, ඔබ අශරීරික වන්න.

ඕම් ශාන්ති.
පරම පියා මෙහි සිට විස්තර කර දෙන්නේ, ඔබ දරුවන් තේරුමක් නැති තත්ත්වයට පත් වී ඇති නිසයි. මෙය ඔබට අවුරුදු 5000කට පෙර දී ද විස්තර කර ඇති අතර, දිව්‍යමය ක්‍රියා කරන ආකාරය ද උගන්වා ඇත. ඔබ දේවි දේවතා ආගමට අයත් වූ අතර ඉනික්බිතිව නාටකයේ සැලැස්ම අනුව දිගටම නැවත උපත් ගැනීමට යෙදුනි. ඔබේ කලා බැස ගිය අතර දැන් ඔබ සත්‍යයෙන්ම බින්දුවේ තත්ත්වයට පැමිණ ඇත්තේ මෙය රාවණ්ගේ තමෝප්‍රධාන් රජදහන නිසාය. ඉන් පසුව එය සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්වයන්ට බඳුන් වේ. එය දැන් සම්පූර්ණයෙන්ම තමෝප්‍රධාන් බවට පත් වී ඇත. දැන් ඇත්තේ අවසානයයි. රාවණ්ගේ රජ දහනට කියන්නේ යක්ෂ රජදහන කියාය. භාරතයේ රාවණ් පුළුස්සා දමන සිරිත ඇත. භාරතයේ මිනිසුන් පමණි, රාම රාජ්‍යය සහ රාවණ රාජ්‍ය ගැන කතා කරන්නේ. රාම රාජ්‍යය සත් යුගයේ තිබෙන අතර රාවණ රාජ්‍යය තිබෙන්නේ කළි යුගයේය. මේ කරුණු තේරුම් ගත යුතු ඒවාය. බාබා පුදුමයට පත් වන්නේ ඉතා හොඳ ළමුන් ද සම්පූර්ණයෙන් එය නොදන්නා නිසා ඔවුන්ගේ වාසනාව නැති කර ගන්නා විටයි. රාවණ් දුබලතා ඔවුන් තුළ එල්ලී ඇත. ඔවුනොවුන් දිව්‍යමය යහගුණ ගැන කතා කරයි. පරම පියා විස්තර කරන්නේ ඔබ එසේ දේවත්වයෙන්ම සිටි අය බවයි. ඔබ උපත් 84ක් අත්විඳ ඇත. එම වෙනස සහ ඔබ තමෝප්‍රධාන් වූ ආකාරය බාබා විස්තර කර දී ඇත. මෙය රාවණ් රාජ්‍යයයි. රාවණ් ලොකුම සතුරා වන අතර ඔහු භාරතය දුගී දුප්පත් බවට පත් කර ඇත. රාම රාජ්‍යයේ එතරම් විශාල මිනිසුන් සංඛ්‍යාවක් නැත. ඇත්තේ ද එකම ආගම පමණි. මෙහි, යක්ෂ බලපෑම් හැම කෙනෙකුටම ඇත. තරහ, කෑදරකම සහ බැඳීම ආදී වශයෙනි. ඔබ අවිනාශී බවත් ශරීර විනාශ වන බවත් ඔබට අමතක වී ඇත. ඔබ ජීවාත්ම සත්තා විඥානයට පැමිණෙන්නේ නැත. ශරීර අවධානය නම් ඕන තරම් ඇත. මේ දෙක අතර දවල් රෑ මෙන් පරතරයක් ඇත. ජීවාත්ම සත්තා විඥානයෙන් යුතු දෙවි දේවතාවුන් මුළු ලොව හිමිකරුවන් බවට පත් වේ. ශරීර අවධානය බවට පත් වීම නිසා ඔවුන් දුගී දුප්පත් බවට පත් විය. භාරතය රත්රන් ගේ කුරුල්ලා විය. ඔවුන් මේ ගැන කතා කළාට එහි තේරුම දන්නේ නැත. ශිව බාබා පැමිණෙන්නේ ඔබේ බුද්ධිය දිව්‍යමය කිරීමටයි. පරම පියා මෙසේ කියයි සුමිහිරි දරුවනි, මම ඔබව මුළු ලොව අයිතිකරුවන් කරවමි. මේ ලක්ෂ්මි නාරායන් දෙපල මුළු ලොව හිමිකරුවන් විය. ඔවුන්ට එම රජදහන දුන්නේ කවුද කියා ඔබ අසා තිබෙනවාද? එවැනි උසස් තත්ත්වයක් ලැබීමට ඔවුන් කළ ක්‍රියා මොනවාද? එය කර්ම පිළිබඳ කරුණකි. මිනිසුන් යක්ෂ ක්‍රියා කළ විට එයට විකර්ම යැයි කියයි. සත් යුගයේ දී කරන ක්‍රියා අකර්මය. එහි කර්ම ගිණුමක් නැත. පරම පියා මෙසේ විස්තර කරයි හරි හැටි තේරුම් නොගන්නා නිසා මිනිසුන් බොහෝ බාධා ඇති කරයි. ඔවුන් කියන්නේ ශිවා සහ ශංකර් දෙදෙනාම එකම කෙනා බවයි. කෙසේ වුවද, ඔවුන් ශිවා පමණක් අශරීරික කෙනා ලෙස පෙන්වන අතර ශංකර් පෙන්වන්නේ පාර්වතී සමඟය. ඒ අනුව ඔවුනොවුන්ගේ ක්‍රියා ද වෙනස්ය. ඇමති කෙනෙක් සහ ජනාධිපති කෙනෙක් එකම කෙනෙක් වන්නේ කෙසේද? ඔවුනොවුන්ගේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්ය. ඉතින් ඔවුන් කියන විදියට ශිවා සහ ශංකර් එකම වන්නේ කෙසේද? ඔබ දන්නවා රාමාගේ ප්‍රජාවට අයත් නොවන අයට මෙය නොතේරෙන බව. ඔවුන්ට පාප පහක් ඇති නිසා එම යක්ෂ ප්‍රජාව ඔබට අපහාස කර බාධක ඇති කරයි. දේවි දේවතාවන් සම්පූර්ණයෙන් පාපයෙන් තොරයි. ඔවුන්ට එතරම්ම උසස් තත්ත්වයක් ඇත. ඔබ දැන් තේරුම් ගන්නවා ඔබ එතරම්ම පාපයෙන් සිටියා. සැවොම ඉපදී ඇත්තේ පාපය තුළින්ය. සන්‍යාසීන්ද ඉපදී ඇත්තේ පාපය තුළිනි. ඉන්පසු ඔවුන් අභිනිෂ්ක්‍රමණය කරයි. මෙවැනි දෑ සත් යුගයේ නොමැත. සන්‍යාසීන්ට සත් යුගය තේරෙන්නේ නැත. ඔවුන් කියන්නේ සත් යුගය සැම කල් ඇති බවත්, ක්‍රිෂ්ණා රාධේ හැම තැනම සිටින බවත්ය. විවිධ මතිමතාන්තර ඇති අතර ගණන් කළ නොහැකි තරම් ආගම් ද ඇත. ඔබ මේ දැන් ලබනා දිව්‍යමය උපදෙස් දිගටම කල්ප භාගයකටයි. ඔබ බ්‍රහ්මාගේ මුවින් උපදින අතර ඉන්පසු විශ්ණු වංශයට අයිති වී ඉන්පසු චන්ද්‍ර වංශයට අයිති වේ. මෙහි රාජධානි නැත. ඒ දෙක වංශ පරම්පරාවක් ලෙස කියන අතර 'බ්‍රාහ්මණ කුලය' ලෙස සඳහන් කරයි. එය වංශයක් නොවේ. රාජධානි නැත. ඔබට පමණයි මෙය තේරුම් යන්නේ. ඔබ අතරින් ද සමහර දෙනෙක් පමණි මෙය තේරුම් ගන්නේ. සමහරු නවීකරණය වන්නේ ම නැත. ඔවුන්ට එක පාපයක් හෝ තව එකක් ඇත. මෙය නැන්දා මාමාගේ ගෙදර යනවා මෙන් නොවේ. පරම පියා දිගටම ඔබට මෙසේ කියා දේ ඔබ සහෝදර සහෝදරියන් ලෙස තම තමා දෙස සැලකුවොත් අපරාධකාරී දැක්මක් ඇති නොවේ. මේ හැම සඳහාම ලොකු ධෛර්යයක් අවශ්‍යය. සමහරු මෙසේ කියයි ඔබ විවාහ නොවනවා නම් මේ ගෙදරින් පිටවන්න! එමනිසා, ධෛර්යය අවශ්‍යයි. ඔබ ඔබම පරීක්ෂා කර බලන්න. ඔබ දරුවන් මිලියන බොහෝ වාරයක් වාසනාවන්ත වෙමින් සිටියි. මෙහි ඇති සියල්ල විනාශයට යමින් තිබේ. හැම දෙයක්ම අළු දූවිලි බවට පත් වේ. ඇතැම් අය දිගටම හොඳ ධෛර්යයක් ඇතිව ඉදිරියට යයි. තව සමහරු ධෛර්යය තිබී අසමත් ද වෙයි. පරම පියා දිගටම හැම සිදුවීමක් ම විස්තර කර දෙයි. කෙසේ වුවද ඔබ යමක් නොකරන්නේ නම්, එහි තේරුම වන්නේ ඔබට සම්පූර්ණ යෝගාව නොමැති බවයි. භාරතයේ පෞරුණික වූ රාජයෝගාව ඉතා ප්‍රසිද්ධය. මේ යෝගාවෙන් පමණි, ඔබ ලෝකයේ හිමිකරුවන් බවට පත් වන්නේ. අධ්‍යයනය යනු ආදායම ලැබීමේ උපාය මාර්ගයයි, ප්‍රභවයයි. ඉගෙනීමෙන් පමණි ඔබේ උසස් තත්ත්වය අනුපිළිවෙළින් ඇති වන්නේ. සොයුරු සොයුරියන් ලෙස නෑ සබඳකමේ දී පවා බුද්ධිය දඟකාර වෙයි. මේ නිසයි පරම පියා ඔබව ඊටත් ඉහළට ගෙන යන්නේ. ඔබ හැම ජීවාත්ම සත්තාවන් බව සළකන්න. අන් සියලු දෙනා සහෝදර ජීවාත්ම සත්තාවන් බව සළකන්න. සියලු දෙනා සහෝදරවරුන් නම් වෙනත් දැක්මක් තිබිය නොහැකියි. ඔබ ශරීර දෙස බලන විට, අපරාධකාරී සිතිවිලි ඇති වේ. පරම පියා මෙසේ කියයි අශරීරිකව සිටින්න. ජීවාත්ම සත්තා අවධානයෙන් සිටින්න. ඔබ ජීවාත්ම සත්තාවන් බව සළකන්න. ජීවාත්ම සත්තාවන් අවිනාශීය. ඔබ ශරීරයක් තුළින් ඔබේ කොටස ඉටු කළ පසු, එම ශරීරයෙන් වෙන්වන්න. අනෙක් නළුවන් ඔවුන්ගේ කොටස් ඉටු කර ඇඳුම් මාරු කරයි. ඔබද ඔබේ වියපත් ඇඳුම ගලවා අළුත් ඇඳුම් ඇඳගන්න. මෙකල ජීවාත්ම සත්තාවන් තමෝප්‍රධාන් මෙන්ම ශරීර ද තමෝප්‍රධාන්ය. තමෝප්‍රධාන් ජීවාත්ම සත්තාවන්ට විමුක්තියට යා නොහැක. ඔවුන් පාරිශුද්ධියට පත් වූ විට පමණයි එහි යා හැක්කේ. අපිරිසිඳු ජීවාත්ම සත්තාවන්ට ආපසු ගෙදර යා නොහැක. අහවලා බ්‍රහ්ම ධාතුවට ගිළුණා යැයි කීම බොරුවකි. කිසිවෙකුට එහි යා නොහැකියි. එය හරියට එහි පරම්පරා ගසක් සැදෙනවා සේය. එය එහි ස්ථාවරව තිබේ. ඔබ බ්‍රහ්මින් දරුවන් පමණයි මෙය දන්නේ. ගීතාවේදී ඔවුන් බ්‍රහ්මින්වරුන්ගේ නම් සඳහන් නොකරයි. ඔහු තේරුම් කරනවා ප්‍රජාපිතා බ්‍රහ්මාගේ ශරීරයට ඇතුළු වන බව. එමනිසා, එම හදා ගැනීම අවශ්‍යය. අනෙක් බ්‍රහ්මින්වරු පාපකාරී වන අතර ඔබ පාපයෙන් තොරය. පාපයෙන් තොරව සිටීමේ දී ඔබ බොහෝ පහරකෑම් විඳදරා ගත යුතුයි. නමත් ස්වරූපයත් දැකීමේ දී බොහෝ අයට නරක සිතිවිලි පහළ වේ. සහෝදරයා සහෝදරිය ලෙස සම්බන්ධය පවා ඇතැම් විට පිරිහීමට හේතු වේ. එවිට ඔවුන් මෙසේ ලියයි බාබා මා වැටුණා. මගේ මූණ කිලිටි වුණා. පරම පියා මෙසේ කියයි විශ්මිතයි! මා මෙසේ කීවා සහෝදරයා සහෝදරිය ලෙස ජීවත් වන අතර ඔබ නැවතත් වැරදි ලෙස ක්‍රියා කළා! එවිට ඒ සඳහා ලැබෙන දඬුවම ඉතා දරුණුයි. ඇත්තෙන්ම කෙනෙක් වරදක් කළ විට සිර ගත කරනවා. මා ස්ථාපිත කරන භාරතය ඉතා පිරිසිඳු අතර එය නමින්ම ශිවාලය විය. කිසිවෙකුට මෙම ඥානය නැත. සෑම සියලු ආගමික ලේඛණ ආදිය භක්ති මාර්ගයේ විච්චූරණයි. සත් යුගයේ දී සියලු දෙනා ගැලවීම ලබා ඇති අතර ඒ නිසයි උත්සාහයක් අවශ්‍ය නොවන්නේ. මෙහි දී, හැම කෙනෙක්ම විමුක්තියත් ගැලවීමත් සඳහා උත්සාහ කරන්නේ ඔවුන් පිරිහීම නිසාය. ඔවුන් ගංගා නම් ගඟේ ස්නානය කරන නමුත් එසේ කිරිමෙන් ගැලවීමක් ලැබෙයිද? එයින් ඔවුන් පිරිසිඳු වේද? ඔවුන් කිසිවක් දන්නේ නැත. ඔබද දන්නේ අනුපිළිවෙළිනි. ඔවුන්ට එය නොතේරෙයි නම් ඔවුන් අන් අයට විස්තර කරන්නේ කෙසේද? ඒ නිසයි බාබා ඔවුන් කොහේවත් නොයවන්නේ. ඔබ දිගටම මෙසේ ගයයි බාබා, ඔබ පැමිණි විට මම ඔබේ උපදෙස් අනුව දෙවි දේවතා බවට පත් වෙමි. දෙවි දේවතාවන්ගේ නිවහන වන්නේ සත් යුගය සහ ත්‍රේත යුගයයි. මෙහිදී, මිනිසුන් අහුවෙන්නේ වැඩියෙන්ම කාමරාගය නම් වූ පාපයටයි. ඔවුන්ට එම පාපයන් නොමැතිව සිටිය නොහැකියි. එය හරියට අම්මා තාත්තාගෙන් ප්‍රවේණියෙන් ලැබුණු දෙයක් ලෙසයි පෙනෙන්නේ. මෙහදී ඔබට උරුමය ලැබෙන්නේ රාමාගෙන්. ඔබට ලැබෙන්නේ පාරිශුද්ධයේ උරුමයයි. එහිදී පාපය ගැන ප්‍රශ්නයක් නැත. බැතිමතුන් කියන්නේ ක්‍රිෂ්ණා දෙවියන් කියාය. ඔබ ඔහුව පෙන්වන්නේ උපත් 84ක් ගන්නා කෙනෙක් වශයෙනි. ආ! දෙවියන් අශරීරිකයි. ඔහුගේ නම ශිවාය. පරම පියා ඔබට එතරම්ම හොඳින් විස්තර කරයි. ඔහු අනුකම්පා සහගතයි. ඔබ දරුවන් ද ඉතා හොඳ තේරුමක් ඇති අයයි. ඔබට බොහෝ වර්ණනා තිබේ. ඥාන සහ යෝගා බල ඇති අයට අන් අය ඇදී එයි. හොඳින් ඉගෙනගත් අයට හොඳ සැලකීමක් ලැබේ. අධ්‍යාපනය නොලැබූ අයට සැලකිලි ලැබෙන්නේ නැත. ඔබ දන්නවා මෙකළ සියලු දෙනා යක්ෂ ප්‍රජාවේ බව. ඔවුන්ට කිසිවක් නොතේරේ. ශිවා සහ ශංකර් අතර වෙනස ඉතා පැහැදිලිය. ඔහු අශරීරික ලෝකයේ සිටින අතර අනෙකා ඇත්තේ සූක්ෂම කලාපයේය. දෙදෙනාම සම වන්නේ කෙසේද? මෙය තමෝප්‍රධාන් ලෝකයයි. රාවණ් යක්ෂ ප්‍රජාවට අයත් වන අතර ඔබ ද එසේ ම කරවයි. පරම පියා ඔබව ඔහුසේම කර, අනතුරුව දෙවි දේවතා ප්‍රජාවට අයත් කරයි. එහි රාවණ් නැත. චක්‍ර භාගයක්ම ඔහු පිළිස්සී තිබේ. රාම රාජ්‍යය ඇත්තේ සත් යුගයේදීය. ගාන්ධිජීට රාම රාජ්‍යය අවශ්‍ය වූ නමුත් ඔහු එය කරන්නේ කෙසේද? ඔහු කිසිවෙකුට ජීවාත්ම සත්තා විඥානයට පත් වීමට ඉගැන්වූයේ නැත. පරම පියා පමණි සංගම යුගයේ මෙසේ කියන්නේ. ඔබ ජීවාත්ම සත්තා විඥානයට පත් වන්න. මේ එසේ උසස් වීමට තිබෙන කාලයයි. පරම පියා දිගටම විස්තර කරන්නේ ඔබට ඉමහත් ආදරයෙනි. ඔබද නැවත නැවතත් පරම පියාව බොහෝ ආදරයෙන් මෙසේ සිහි කළ යුතුයි බාබා, එය ඔබේ විශ්මයයි! අපට තිබුණේ ගල් බුද්ධියක් වන අතර දැන් අප උසස් බවට පත් කර ඇත. අපි පිළිපදින්නේ ඔබේ උපදෙස් පමණි. වෙන කිසිවෙකුගේ උපදෙසක් නොපිළිපදිමු. අවසානයේදී හැම කෙනෙක්ම මෙසේ කියාවි බ්‍රහ්ම කුමාරීන් සහ කුමාරවරුන් පිළිපදින්නේ දිව්‍යමය උපදෙස්ය. බාබා ඔබට ඉතා හොඳ දේ කියා දෙයි. ඔහු ඔබට මුල, මැද, අග හඳුන්වා දී ඔබේ චරිතය ද නවීකරණය කරයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් නැති වී සිට දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ දැක්ම පාරිශුද්ධ වීමට සහ ශුද්ධ කිරීම සඳහා, කිසිවෙකුගේ නම සහ ස්වරූපය දෙස නොබලන්න. අශරීරික වීම පුහුණු කරන්න. ඔබ ද ජීවාත්ම සත්තාවක් ලෙස සළකා ඔබේ සහෝදර ජීවාත්ම සත්තාව සමඟ කතා කරන්න.

2. හැම කෙනෙකුගේම සැලකිල්ල ලබා ගැනීම සඳහා ඥාන සහ යෝගා බල උකහා ගන්න. දිව්‍ය ගුණ වලින් පිරෙන්න. ඔබේ චරිතය උසස් කිරීමෙන් සේවය කරන්න.

වරදානය:
ඔබ අසනීප ගැන සවිඤ්ඤාණික නොවී, ජීවාත්මය පිළිබද සවිඤ්ඤාණික වී ඔබේ කර්ම ගිණුම් සතුටින් විසඳාගනීවා.

සෑම කෙනෙකුගේම ශරීරය දැන් වයසට ගොස් ඇති අතර ඒ නිසා සෑම කෙනෙකුටම කුඩා හෝ විශාල අසනීපයක් තිබේ. කෙසේ වෙතත්, ඔබේ ශරීරය ඔබේ මනසට බලපාන්නේ නම්, ඔබ දෙගුණයක් රෝගාතුර වී රෝග පිළිබඳ දැනුවත්භාවයට පත් වනු ඇත. එමනිසා, ඔබේ මනසට අසනීප පිළිබඳ සිතුවිලි ඇති වීමට ඉඩ නොතබන විට ඔබව ජීවාත්ම සවිඥානක ලෙස හඳුන්වනු ඇත. කිසිම අසනීපයකට කිසිවිටෙක බිය නොවන්න. බෙහෙත් වුවද නිකම් පලතුරක් ගන්නා ආකාරයෙන් ගෙන අසනීපයෙන් සමුගන්න. ඔබේ කර්ම ගිණුම් සතුටින් විසඳා ගන්න.

පාඨය:
සෑම ගුණයක්ම සහ බලයක්ම අත්විඳීම යනු අත්දැකීමේ ප්‍රතිමූර්තියක් වීමයි.