08.02.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සෑමවිටම හිසකුඩුම්බි බ්‍රාහ්මණයන් ඔබයි යන්න මතක තබාගන්න. ඔබ උසස් වෙමින් සිටිනවා. එබැවින් ප්‍රීතියෙන් සිටින්න. ඔබ හා කතා කිරීමට ඉගෙන ගන්න. එවිට ඔබ අප්‍රමාණ සතුටක් අත්විඳිනවා ඇත.

ප්‍රශ්නය:
පරම පියාගෙන් රැකවරණය ලබාගත හැකි අය කවුරුන්ද? පරම පියා රැකවරණය දෙන්නේ කවුරුන්ට ද?

පිළිතුර:
පරම පියාගෙන් රැකවරණය ලබාගැනීමට හැකිවනුයේ සම්පූර්ණයෙන් ඇල්ම නැසූවන් හට පමණයි. ඔබේ බුද්ධියෙහි මිත්‍රයින් හෝ නෑදෑයින් කිසිවකුට හෝ ඇල්ම නොතිබිය යුතුයි. ඔබේ බුද්ධියෙහි තිබිය යුතු දේ තමයි: "මාගේ යැයි සිටින්නේ එක් බාබායි. අන් කිසිවකු නොවේ" සේවය කළ හැක්කේ එවන් දරුවන්ටයි. පියා රැකවරණය දෙන්නේ එවන් දරුවන්ට පමණයි.

ඕම් ශාන්ති.
ඔබේ ආධ්‍යාත්මික පියා, ගුරුවරයා සහ ගුරු වනුයේ ඔහුයි. ඉතා හොඳින් මේ දේ ඔය දරුවන් හඳුතා ගෙන ඇත. මෙය ලොව නොදනී. සන්යාසීන් "ශිවෝහම්" මා ශිවා යැයි තමන්ටම කියා ගත්තා වුවත් පියා ගුරුවරයා සහ ගුරූ ද තමාම යැයි නොකියති. ඔවුන් සරලව තමන්ට "ශිවෝහම්" මා ශිවාය. "තත්-ත්වම්" ඔබලාත් එසේම යැයි කියති. එසේ දෙවියන් සර්ව ව්‍යාප්ත වූයේ නම් එවිට සෑම දෙනාම පියා, ගුරුවරයා සහ ගුරූ වනු ඇත. කොහොම වෙතත් තමන්ව එලෙස කිසිවකු සලකන්නේත් නැත. මනුෂ්‍යයන් තමාම දෙවියන් පරමාත්මා යැයි කියා ගැනීම හාත්පසින්ම වැරැද්දකි. පරම පියා විසින් පැහැදිළි කරන ඕනෑම දෙයක් දරුවන් ඉතා හොඳින් ඔබේ බුද්ධියෙහි ධාරණය කරගන්න ඕන. වෙනත් අධ්‍යාපනයන්හි බොහෝ විෂයන් තිබෙයි. ඒ සෑම දේම සිසුන්ගේ බුද්ධියෙහි රැඳෙන්නේත් නැහැ. මෙහි පියා කුමක් ඉගැන්වූවත් එය දරුවන්ගේ බුද්ධියෙහි එක් ක්‍ෂණයකින් ඇතුල්වෙයි. ඔබ නිර්මාපකයාගේත් නිර්මාණයේ මුල, මැද සහ අන්තය ගැනත් පවසයි. ඔබ තුන් කාලයම දැනගත් ස්වදර්ශන චක්‍රධාරියා වී සිටිනවා. භෞතික අධ්‍යාපනයෙහි සියලු විෂයන් සම්පූර්ණයෙන් වෙනස්ය. ඔබ සෑම දෙනාටම ඔප්පු කරමින් පැහැදිළි කර සිටින්නේ ඒකායන පියා තමයි සැමටම සත්ගතිය පිරිනමන්නා කියා. පරමාත්මාවයි සියලු ජීව සත්තාවන් මෙනෙහි කරන්නේ. ඔවුන් කියයි: ඕ දෙවි පියාණෙනි! එමනිසා, නිසැකවම ඔබට උරුමය ලැබෙන්නේ පරම පියාගෙනි. එම උරුමය අහිමි වූ දා සිට මිනිස්සු දුක අත්විඳිනවා. මෙය සතුට හා දුක පිළිබඳ නාටකයකි. මෙකල සියල්ලන්ම අපවිත්‍රව අසතුටිනුයි සිටින්නේ. පාරිශුද්ධ වීම මගින් ඔබ අනිවාර්යෙන්ම සතුට අත්විඳී. සතුටු ලොව ස්ථාපනය කරන්නා පරම පියායි. පරම පියා තමයි ඔබට පැහැදිළි කරන්නේ යන වග ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තබාගන්න ඕන. පරම පියා පමණයි ඥානාන්විත කෙනා. පරම පියා ලොවේ ආරම්භය, මධ්‍යය සහ අවසානයේ දැනුම ලබාදෙනවා. ස්ථාපිත වී ඇති අනෙකුත් සියලු ආගම් පැමිණෙන්නේ ඔවුනට අදාල කාලයේ දීයි. මේ විෂයන් අන් කිසිවකුගේත් බුද්ධියෙහි නොමැත. පරම පියා මෙම දැනුම දරුවන් වෙනුවෙන් පහසු කර ඇත. ඔහු සරලව විස්තර සහිතව පැහැදිළි කරයි: ඔබේ පියා වූ මා ස්මරණය කරන්න. එවිට ඔබ තමෝප්‍රධාන් බවෙන් සතෝප්‍රධාන් බවට පත්වේවි. යෝගාවට විශාල වශයෙන් ප්‍රශස්තියක් ඇත. භාරතයේ පුරාතනික යෝගාව සිහිපත් කරන නමුත් යෝගාවෙත් ලැබෙන යහපත ගැන කිසිවකු නොදනී. අශාරිරික දෙවියන් විසින් උගන්වනු ලබන එම යෝගාවමයි ගීතාවෙහි සඳහන් කර තිබෙන්නේ. අනෙකුත් සියලු යෝගාවන් මිනිසුන් විසින් උගන්වන ලද ඒවායි. දේවතාවන්ට යෝගාව පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. හතයෝගා ආදිය උගන්වන්නේ මනුෂ්‍යයින්මයි. දේවතාවරු ඒවා හදාරන්නේ ද හෝ උගන්වන්නේ ද නැත. දිව්‍යමය ලොවේ යෝගාවේ අවශ්‍යතාවයක් නැත. යෝගාව තුළින් සැවොම පාරිශුද්ධ වෙනවා. මෙහිමයි ඔවුන් එසේ පත්වන්නේ. පරම පියා ලොව අළුත් කිරීමට සංගම යුගයේ දී පැමිණෙනවා. ඔබ දැන් පරණ ලොවෙන් නව ලොවට යාමට වෙනස් වෙමින් සිටිනවා. මෙය යම් කෙනෙකුට පැහැදිළි කරන එක පුදුමයකි. හිසකුඩුම්බිය, අප බ්‍රහමින්වරු තමයි. හිසකුඩුම්බි බ්‍රහමින්වරුන් සිටින්නේ සංගම යුගය හා ස්වර්ණමය යුගය අතර මැදයි. ඔබ උසස් බවට පත්වන සංගම යුගය මෙය වේ. ඔබ අතිශයින් උසස් වන ජීවාත්මයන් බව ඔය දරුවන්ගේ බුද්ධියෙහි ඇත්නම්, එවිට ඔබ සදා ප්‍රීතියෙන් සිටීවි. ඔබ බොහෝ සේවය කරයිද, බොහෝ ප්‍රීතියෙන් ඔබ සිටීවි. ඔබ ආදායමක් ලබන්න ඕන, එසේම අන් අයටත් ආදායමක් ලබන්නට පොළඹවන්න ඕන. ඔබ ප්‍රදර්ශන වලදී බොහෝ සේ සේවය කරද්දී, ඔබට සවන් දෙන්නන් බොහෝ සේ සතුට ලබාවි. එහි යහපත ඔබටත් එසේම අන් අයටත් ඇති වේවි. කුඩා මධ්‍යස්ථාන තුළ පවා පින්තූර පහක් හයක් තිබිය යුතුයි. එවිට ඔවුන්ට පැහැදිළි කිරීම පහසු වේවි. ඔබ මුළු දවසේම බොහෝ සේ සේවය කරන්න ඕන. ඔබේ මිත්‍රයින්ට ඥාතීන්ට ඇලීමකින් තොරව සිටින්න ඕන. ඔබ පියවි දෑසින් දකින සියල්ලක්ම විනාශ වී යනවා. නමුත් දිව්‍ය දර්ශනයෙන් දකිනා දේවල් ස්ථාපනය වෙමින් පවතී. මේ අයුරින් තමා සමඟම නොකඩවා කතා කළ විට ඔබ ශක්තිමත් වේවි. ඔබ අසීමිත පියාව හමු වූ සතුට අත්විඳිය යුතුයි. රජෙකුට උපන් කෙනෙකුට පිරිසිදු ආඩම්බරයක් තිබේවි. ඔය දරුවන් දිව්‍යලෝකයේ අධිපතීන් වෙමින් සිටිනවා. ඔබ සියලු දෙනාම තමන් වෙනුවෙන් උත්සාහ දරනවා. පරම පියා සරලව කියයි: රාගයේ චිතකය මත ඉඳීමෙන් ඔබ අවලස්සන වූවා. දැන් ඥානයේ චිතකය මත අසුත් ගන්න. එවිට, ඔබ ලස්සන අය වේවි. මේ සිතිවිලි නොකඩවා ඔබේ බුද්ධි තුළ කරකැවිය යුතුයි. ඔබේ කාර්යාලයේ සිටියත් පවා නොකඩවා ස්මරණය තිබිය යුතුයි. ඔබට කාලය නැති කමක් නොව, ලැබෙන ඕනෑම වේලාවට ආධ්‍යාත්මික ආදායමක් උපයන්න. එය ඉමහත් ආදායමකි. ඔබට ධනය සහ නිරෝගී සුවය සම සමව ලබනවා. අර්ජුනා සහ භීල් (වැසියා)ගේ කතාවක් තිබෙනවා. ඔබට පවුලේ අය සමඟ ජීවත් වන ගමන්ම දැනුමෙත් ඉහළටම යා හැකියි. නිවසේ පවුලේ අයත් සමඟ ඉඳිමින් දැනුම සහ යෝගාව තුළින් ඔබට මෙහි වාසය කරන අයටත් වඩා වේගයෙන් ඉදිරියට යා හැකියි. සියල්ලක්ම අනුක්‍රමික වීම මත රඳා පවතී. සියල්ලන්ම මෙහි ඉඳගත්තොත් එවිට සේවය සිදු කෙරන්නේ කෙසේ ද? යළි ප්‍රාණවත් වී සේවයෙහි ඔබ නිරත වන්න. සේවයේ සිතිවිලි ඔබට තිබිය යුතුයි. බාප් සහ දාදා දෙදෙනාම එක්ව සිටිනා නිසා බාබාට ප්‍රදර්ශන වලට යා නොහැකියි. බාබාගේ ජීවය සහ මේ කෙනාගේ ජීවය එක්ව සිටී. මෙය අපූර්වතම යුවලක්. ඔය දරුවන් හැර අන් කිසිවකුට මේ යුවල ගැන දැනගත නොහැකිය. බාබා ඔහුව යුවලක අංගයක් ලෙස සිතමින් ඔහුත් කියනවා: දිගුකල් නැතිවී සිට දැන් හමුවූ බාබාගේ එකම පුත්‍රයා මම වෙමි. ලක්ෂ්මි නාරායන්ගේ පින්තූර දකිමින් ඔහු ඉමහත් සතුටක් අත්විඳිනවා: මේ මගේ ඊළඟ උපතයි. අනිවාර්යෙන් මා සිංහාසනයේ අසුන් ගන්නවා. ඔබලාත් රාජයෝග හදාරනවා. අරමුණ සහ ඉලක්කය ඔබ ඉදිරියේ ඇත. මොහුට තමන් දිගුකල් වියෝගයෙන් පසු දැන් හමුවූ බාබාගේ පුතනුවන් යන සතුට ඇත. එසේ වුවත් එම සතුට ඔහුට අඛණ්ඩව පවත්වා ගැනීමට නොහැකිය. ඔහුගේ සිතිවිලි නොයෙක් දිශා වලට ගමන් කරයි. ස්මරණය අඛණ්ඩව පවතියි. වෙනත් සිතිවිලි නොඑයි කියා නාටකයෙහි නීතිය නොවෙයි. ඔබට ස්මරණයෙහි ඉඳීමට මායාගේ කුණාටු ඉඩ නොදේ. මා හට එය පහසු බව මා දන්නවා. මන්ද, බාබා මා තුළට ඇතුල් වී සිටිනවා. මම තමයි නොම්මර එකේ දිගුකල් වියෝවෙන් පසු දැන් හමු වූ බාබාගේ දරුවා. ප්‍රථම අංකයේ රජකුමරු මමයි. එසේ වුවත් මා හට ස්මරණයේ ඉඳීමට අමතක වෙනවා. නොයෙක් විදියේ සිතිවිලි ඇතිවෙනවා. මේකයි මායා. මේ බාබාට මෙලෙස අත්දැකීම් තිබුණු නිසා තමයි ඔබට පැහැදිළි කිරීමට ඔහුට හැකි වූයේ. ඔබ කර්මාතීත් තත්ත්වයට ළඟා වන විට මෙවැනි සිතිවිලි නතර වේවි. ජීවාත්මය සම්පූර්ණ වනවිට ශරීරය නොතිබේවි. ශිව බාබා සදා පාරිශුද්ධයි. ඔහු මේ අපවිත්‍ර ලොවට පැමිණීමන් අපවිත්‍ර ශරීරයට ඇතුල් වී ඔහුව පාරිශුද්ධ කිරීමත් ඔහුගේ කොටස වේ. ඔහුත් මේ නාටකයේ බැඳී සිටී. ඔබ පාරිශුද්ධ වූ විට ඔබට අළුත් ශරීරයක් අවශ්‍ය වෙයි. ශිව බාබාට තමන්ටම කියා ශරීරයක් නැත. වැදගත් වන්නේ මේ ශරීරය තුළ සිටින මේ ජීවාත්මයයි (බ්‍රහ්ම බාබා). ඔහුට කුමක්ද ඇත්තේ? ඔහු මුරලිය පවසා වෙන් වී යනවා. ඔහු නිදහස්. සමහර විට මෙහි එනවා, සමහර විට වෙන තැනකට යනවා. මුරලිය පවසත්තේ ශිව බාබා තමයි කියා ඔය දරුවන්ටත් දැනෙනවා. ඔය දරුවන්ට දැන් වැටහුණා ඔබ දේව සේවයට ඉදිරිපත් වී සිටින්නේ පරම පියාට සහය වීමටයි කියා. පරම පියා කියනවා: මා පැමිණියේ මාගේ සුමිහිරි නිවස අත්හැරලායි. පරම දනව්ව යනු අභිබැවූ දේශය වූ අශාරීරික ලොවයි. කෙසේ වෙතත් මුළු නාටකයම මෙලොව මත පැවතේ. මෙය අපූර්වතම නාටකයක්ය යන්න ඔබට වැටහේ. කෙසේවෙතත්, මේ එක් ලොවයි තිබෙන්නේ. ඒ මිනිස්සු හඳට යන්න වෑයම් කරනවා. එය විද්‍යාවේ බලයයි. අප නිශ්ශබ්දතාවයේ බලයෙන් විද්‍යා බලය ජයගත් විට එවිට විද්‍යාවත් සතුට ගෙන දෙනවා ඇත. මෙහි විද්‍යාව සතුට සේම දුකත් දෙනවා. එහි සතුට මිස අන් දෙයක් නැත: දුකේ සේයාවක් වත් නොතිබෙයි. ඔබේ බුද්ධිය තුළ දවස පුරාම මේ දේවල් තිබිය යුතුයි. බාබාට බොහෝ සේ සිතිවිලි ඇත. බන්ධනයෙහි සිටින්නන් විෂ වෙනුවෙන් බොහෝ සේ ගුටි කා ඇත. ඇතැම් අය කෙසේ හෝ ඇල්ම නිසා අසු වී ඇත. විශ්වාසය ඇති බුද්ධිය ඇත්තන් හනිකට කියන්නේ: අපට අමෘතයයි පානය කරන්න ඕන කියාය. මේ සඳහා ඔබ ඇල්ම නැසූවන් වීමට අවැසි වේ. ඔබේ හදවත් පරණ ලොවෙන් ඉවත් කළ යුතුයි. එවන් සේවාධාරින්ට පමණයි හද සිහසුන මත නැගිය හැක්කේ. ඔවුන්ට ආරක්‍ෂා ස්ථානය ලබා දිය හැකියි. කුමාරියක් සැමියාගේ ආරක්‍ෂාව ගනී ද, ඇයව විෂ නොදී නොතබා ගනී. ඒ හෙයින් ඇයට පියාගේ රැකවරණය ගන්නට වෙයි. කෙසේ වෙතත්, ඔබ සම්පූර්ණයෙන් ඇල්ම නැසූවන් බවට පත්වීම අවැසිය. අපට සියලු ස්වාමිපුරුෂයන්ගේත් ස්වාමිපුරුෂයාව හමු වී තිබෙන නිසා අප දැන් බුද්ධි යෝගාවෙන් ඔහු හා නියැළී සිටිනවා. "මගේ කියා ඇත්තේ එකම එක්කෙනායි වෙන කිසිවකු නොවේ" කුමරියක් සැමියා සමඟ ආදරයෙන් සිටින්නාක් සේම මෙය ජීවාත්මයක් පරමාත්මයට ආදරය කිරීමයි. ඔබ එම කෙනාගෙන් දුක ලැබූවත් මොහුගෙන් ඔබ සතුට ලබනවා. මෙයයි සංගම යුගය: කිසිවකුත් ඒ ගැන නොදනී. ඔබ බොහෝ සේ සතුටු වෙන්න ඕන. අපට ඔරුකාරයාව, අපව මල් උයනට අරන් යන උයන්පල්ලාව හමුවුණා. මෙකල, සියලුම මනුෂ්‍යයන් කටු මෙන් වී සිටිනවා. ලොකුම කටුව රාගයයි. මුලින්ම ඔබ පාපයෙන් තොර මල් වී සිටියා. ඉන්පසු ඔබේ කලාවන් කෙමෙන් ක්‍ෂය වී ගියා. ඉන්පසු දැන් ඔබ ලොකු කටු බවට පත්ව සිටිනවා. බාබාට බාබුල්නාථ කියාත් කියනවා. නියම නම ශිවා බව ඔබ දන්නවා. ඔහුට බාබුල්නාථ කියා අමතනු ලැබුවේ ඔහු කටු මල් බවට වෙනස් කළ නිසාවෙනි. භක්ති මාර්ගයේ ඔහුට බොහෝ නම් දී තිබෙනවා. ඇත්තෙන්ම ඇත්තේ ශිවා යන එක් නාමයයි. ඔබ රුද්‍ර ඥාන යග්යාව කීවත් ශිව ඥාන යග්යාව කීවත් එකමයි. විනාශයේ ගින්න දැල්වුණේ රුද්‍ර ඥාන යග්යාවෙනි. ඉන්පසු ක්‍රිෂ්ණ භූමිය එනම් ආදී සනාථන දේවතා ධර්මය ස්ථාපිත වූවා. මේ යග්යාව තුළිනුයි ඔබ මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට වෙනස් වෙන්නේ. ඔවුන් එවැනි අපූරු පින්තූර නිර්මාණය කර තිබෙනවා. විශ්ණුගේ නාභියෙන් බ්‍රහ්මා මතු වු සේ පෙන්වා ඇත. මේ සියලු දේ ඔබ දන්නවා. බ්‍රහ්මා සහ සරස්වතී තමයි ලක්ෂ්මි සහ නාරායන් බවට පත්වන්නේ කියා ඔබ දන්නවා. මෙම විශ්වාසය ඔබට තිබෙනවා. ලක්ෂ්මි සහ නාරායන් උපත් 84ක් ගැනීමෙන් පසු බ්‍රහ්මා සහ සරස්වතී වෙනවා. මිනිස්සු මේ දේවල් ඇසුවොත් පුදුම වෙයි. සතුට ඔවුනුත් අත්විඳින්න ඕන. එහෙත් මායා සුළු පටු නැහැ. කාම රාගය තමයි ලොකුම හතුරා. මායා ඔබව කිසියම් කෙනෙකුගේ නම හෝ ස්වරූපයෙහි අසුකර ඔබව වට්ටයි. ඇය ඔබව පරම පියාව ස්මරණය කිරිමෙන් වලක්වයි. එවිට එම සතුට අඩු වී යයි. ඔබ බොහෝ දෙනෙකුට පැහැදිළි කර තිබෙනවා යනුවෙන් සතුටු නොවිය යුතුයි. පළමුවෙත් කොපමණ දුරට බාබාව සිහිපත් කරනවාද යන්න බැලිය යුතුයි: මා රාත්‍රියෙහි නින්දට පෙර බාබා සිහිපත් කළාද, මට එය අමතක වුණාද? සමහර දරුවන් ඔවුන්ගේ විනය ඉතා දැඩිව රකී. ඔය දරුවන් ඉතාමත් වාසනාවන්තයි. පියාගේ හිසමත විශාල බරක් තිබෙනවා. කොහොම වෙතත් රථාචාර්යයාට සහනයක් ලැබෙනවා. ඔහුට දැනුමත් යෝගාවත් තිබෙනවා. මේවා නොමැතිව ඔහුට ලක්ෂ්මි නාරායන්ගේ පදවිය ලබාගත හැක්කේ කෙසේ ද? බාබාට තමා පරම පියාගේ එකම දරුවා වීම ගැනත් ඔහුට බොහෝ දරුවන් සිටීම ගැනත් සතුට ඇත. ඔහුට මෙම කුල්මත් බව තිබෙන නමුත් මායාත් බාධාවන් ඇති කරනවා. ඔය දරුවනුත් මායාගෙන් මෙම බාධක අත්දකිනවා ඇති. තවද ඔබ ඉදිරියට යනවාත් සමඟම කර්මාතීත් තත්ත්වය උදාවේවි. මේ බාප් සහ දාදා දෙදෙනාම එකට සිටිනවා. ඔහු කියයි: සුමිහිරි දරුවනි, පරම පියා ස්නේහ සාගරයයි. මේ කෙනාගේ ජීවය ඔහු හා එකට එක්ව සිටිනවා. මොහුටත් සෙනෙහස තිබෙනවා. ඔහුගේ ඕනෑම ක්‍රියාවක් දැකීමෙත් ඔවුනුත් එයම කරන බව ඔහු වටහාගත්තා. ඔබ ඉතා සුමිහිරිව සිටිය යුතුයි. ඔය දරුවන් ඉතාමත් බුද්ධිමත් වීම අවැසිය. මදක් බලන්න. ලක්ෂ්මි සහ නාරායන් කොපමණ බුද්ධිමත් ද කියා. ඔවුන් ලෝක රාජධානිය ලබාගත්තේ බුද්ධිමත් වීම මගිනී. බොහෝ පුරවැසියන් බිහිවන්නේ ප්‍රදර්ශන තුළිනි. භාරතය ඉතා විශාලයි. ඒ හෙයින් ඔබට එපමණට සේවය කිරීමට ඇත. දෙවනුව ඔබ ස්මරණයේ ඉඳ ඔබේ පාපයන් නැති කරගන්න ඕන. සේවය කිරීම සඳහා බොහෝ අවස්ථාවන් ඇත. ඔබට දුම්රියේදී ඔබේ බැජ් එකෙන් සේවය කළ හැකියි: මේ තමයි බාබා, මේ තමයි උරුමය කියා. වසර 5000කට පෙර නිසැකවම භාරතය දිව්‍යලෝකය වී තිබුණා. එය ලක්ෂ්මි නාරායන්ගේ රාජධානිය විය. ඔවුන්ගේ රාජධානිය නැවතත් ඒමට ඇත. අප බාබාගේ ස්මරණයෙහි සිටීම මගින් පිවිතුරු ලොවට හිමිකරුවන් වෙමින් සිටිනවා. බොහෝ සේ දුම්රියේ දී සේවය කළ හැකියි. දුම්රියේ එක් පෙට්ටියක සේවය කිරීමෙන් පසු ඔබ ඊළඟ එකට ගොස් සේවය කරන්න. එවන් ලෙස සේවය කරන්නන් හට හද සිහසුන මතට නැඟිය හැකියි. ඔවුන්ට කියන්න: අප ඔබට සුබ ආරංචියක් කියන්නයි ආවේ. වන්දනීය දේවතාවරුන් වී සිටියේ ඔබයි. උපත් 84ක් ගනිමිත් සිටින අතර තුර ඔබ වඳිනා අය බවට පත්වුණා. දැන් නැවතත් වන්දනීය අය වන්න. ඉනිමඟේ පින්තූරය ඉතා හොඳයි. එමගින් ඔබට සතෝ, රජෝ සහ තමෝ තත්ත්වයන් ගැන ඔප්පු කළ හැකි වේ. පාසල් වල අවසන් විභාගයට කිට්ටු වනවාත් සමඟ සිසුනට පිම්මෙන් ඉදිරියට යාමේ උනන්දුවක් ඇතිවෙතවා. මෙහිත් කාලය නාස්ති කළ අයට පිම්මක් ගෙන සේවයේ නියැළිය යුතු බවත් කියා තිබෙනවා. සේවය කිරීම සඳහාත් සීමා මායිම් බොහෝ ඇත. බාබාට නොයෙක් තැන් වලට යැවීම සඳහා සේවාධාරි දියණියන් මතුවිය යුතුයි. දේවාල තුළත් ඉතා හොඳ සේවාවන් සිදුකළ හැකියි. දේවතා ධර්මයට අයත් අය එසැනින් මෙය වටහා ගනීවි. ගංගා නදියේ ස්නානයට යන අය වෙතත් ගොස් ඔබට පැහැදිලි කළ හැකියි. නිසැකවම මෙය ඔවුන්ගේ හදවතින්ම පිළිගනීවි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. නිරන්තරයෙන් ප්‍රීතිමත්ව සිටීම සඳහා ආධ්‍යාත්මික සේවය කරන්න. සත්‍ය ආදායමක් උපයන්න. එසේම ආදායමක් ඉපයීම සඳහා අන් අයටත් පිබිදීමක් ලබාදෙන්න.

2. ඔබේ හදවත පරණ ලොවෙන් ඉවත් කරන්න. ඇල්ම විනාශ කළ කෙනෙක් වන්න. ඒකායන පියා කෙරෙහි සත්‍ය සෙනෙහස දක්වන්න.

වරදානය:
සංගම යුගයේ වැදගත්කම දැනගෙන ඒ තුළින් සෑම මොහොතකම විශේෂ අවධානයක් යොමු කරමින් සිටීම තුළින් ඔබ වීර නළුවෙක් බවට වේවා.

සෑම ක්‍රියාවක්ම කරන අතරතුර, ඔබේ අවධානය තුළ නිරන්තරයෙන් මෙම ආශිර්වාදය තබා ගන්න: මම වීර නළුවෙක්මි. එවිට ඔබේ සෑම ක්‍රියාවක්ම විශේෂ වන අතර සෑම තත්පරයක්ම, සෑම මොහොතක්ම සහ සෑම සිතුවිල්ලක්ම උසස් වනු ඇත. මිනිත්තු පහක් පමණක් සාමාන්‍ය යැයි ඔබට පැවසිය නොහැක. සංගම යුගයේ මිනිත්තු පහක් පවා ඉතා වැදගත් වේ. මෙහි මිනිත්තු පහක් එහි වසර පහකට වඩා උසස් වන බැවින් කාලය කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබගේ රාජ්‍යයෙහි භාග්‍යය සදාකාලිකවම ලැබීමට නම්, සෑම විටම අවධානය යොමු කරන්න.

පාඨය:
සිතිවිලිවල අධිෂ්ඨාන ශක්තිය ඇති අයට සෑම කාර්යයක්ම කළ හැකිය.