08.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ඔබගේ භෞතික ඇස් වලින් දකින සෑම දෙයක්ම දැන් විනාශය කරා යාමටයි සැරසෙන්නේ. එමනිසා, ඒ සෑම දෙයකටම අසීමිත වු නිරාශාවක් තබා ගන්න. බාබා ඒ නව ලොව තනන්නේ ඔබ සඳහාය.

ප්‍රශ්නය:
ඔබ නිශ්ශබ්දතාවයෙන් අසුන්ගෙන සිටීමෙහි ඇති වැදගත්කම කුමක්ද ?

පිළිතුර:
ඔබ නිශ්ශබ්දතාවයෙන් සිටිමේදී ඔබ විසින් ඒ නිහඬ දේශය සිහි කරනවා. ඔබට තේරෙනවා එසේ නිශ්ශබ්දතාවය අත්දකිනවා යනු ජීව මරණයක් අත්දැකිමක් බව. මෙහිදි බාබා සත්ගුරු වශයෙන් ඔබට නිශ්ශබ්දතාවය අත්දකින්නේ කෙසේද යන්න කියා දෙනවා. ඔබ ඔබගේ පව් පිසදා ලීමට නම් මෙම නිශ්ශබ්දතාවයේ සිටිය යුතුයි. ඔබට දැන් ඔබ විසින් ඉතා ඉක්මණින් යා යුතු නිවස පිළිබඳව හොඳ දැනුමක් තිබෙනවා. කොහොමනමුත්, අනෙක් සංවිධාන වල මිනිසුන් පවා නිශ්ශබ්දතාවය පුහුණු කළද ඔවුන් මෙම නිහඬ දේශය පිළිබඳව කිසිම දෙයක් නොදනී.

ඕම් ශාන්ති.
ශිව බාබා බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට දැන් හමු වී තිබෙන සුමිහිරි ආධ්‍යාත්මික දරුවන්ට කතා කරනවා. ගීතාවෙහි තිබෙන්නේ ක්‍රිෂ්ණා කතා කරනවා කියලා. නමුත් මේ කතා කරන්නේ ශිව බාබා පමණයි. ක්‍රිෂ්ණා ශිව බාබා ලෙස හැඳින්වීමට බැහැ. භාරතයේ සිටින සියලුම මිනිසුන් දන්නවා පියවරු දෙදෙනෙක් සිටිනවා කියා; භෞතික පියාත් (ලෞකික) එයින් එපිට පියාත් (පාරලෞකික) තමයි ඒ දෙන්නා. ඒ පාරලෞකික පියා උත්තරිතර පියා ලෙසත් හඳුන්වනවා. නමුත් ඔබගේ භෞතික පියා උත්තරිතර පියා ලෙස හැඳින්විය නොහැකියි. ඔබට මේ දේවල් විස්තර කර දෙන්නේ භෞතික පියා විසින් නොවේ. ඒ පාරලෞකික පියා විසින් තමයි පාරලෞකික දරුවන්ට කියා දෙන්නේ. ඔබ පළමුවෙන්ම සාම දේශයට යනවා. ඔබ එය නිර්වාණ දේශය කියාත්, මුක්තියේ දේශය හෝ ශබ්දයෙන් එපිට දේශය කියාත් හඳුන්වනවා. පරම පියා දැන් කියනවා : දරුවනි, ඔබ දැන් නිහඬ දේශයට නැවතත් යා යුතුයි. නිහඬතාවයේ කුලුන ලෙස හැඳින්විය හැක්කේ එම ස්ථානය පමණයි. ඔබ මෙහි පැමිණි විගසම ඔබ පළමුවෙන්ම කළ යුත්තේ නිශ්ශබ්දතාවයේ සිටීමයි. අනෙකුත් සත්සන් වලට යන මිනිසුන් පවා මෙසේ පළමුව නිශ්ශබ්දතාවයෙන් සිටියත් ඔවුන් ඒ සාම දේශය පිළබඳව කිසිවක් දන්නේ නැහැ. දරුවනි, ඔබට දැන් තේරෙනවා ඔබගේ ජීවාත්මය දැන් මේ ශරිරය අත්හැර ඔබගේ නිවස බලා යා යුතු බව. ඔබ ඔබගේ ශරිරය ඕනෑම අවස්ථාවක අත් හැරිමට ඉඩ තිබෙනවා. එමනිසා, පියා විසින් ඔබට උගන්වන සියලුම දේ දැන් ඔබ විසින් හොඳින් හැදෑරිය යුතුයි. ඔහු තමයි උත්තරිතර ගුරුවරයා වන්නේත්. ඔහු තමයි ඔබට ගැලවීම ලබා දෙන ගුරුවරයා. ඔබ ඔහුත් සමඟ සම්බන්ධතාවය තබා ගත යුතුයි. මොහු පමණයි මේ තුන් ආකාරයේම සේවය ඔබට කරන්නේ. වෙන කිසිම කෙනෙකුට මෙසේ තුන් ආකාරයක සේවයක් කළ නොහැකියි. මේ එකම පියා ඔබට නිශ්ශබ්දතාවය ගැනත් උගන්වනවා. ජීව මරණය යනු මෙසේ නිශ්ශබ්දතාවය අත්දැකීමයි. ඔබට දැන් තේරෙනවා ඒ සාම දේශය වෙත, ඔබගේ නිවහන වෙත ඔබ යා යුතු බව. කිසිම ජීවාත්මයකට ඔවුන් පිරිසිඳු වන තුරු නිවහන කරා යා නොහැකියි. කොහොමනමුත්, සෑම දෙනාම නිවහන කරා යා යුතුයි. ඔබ දැන් කුමන හෝ පවක් සිදු කළහොත් ඔබ ඒවාට දඬුවම් ලැබිය යුතු අතර එපමණක් නොව ඔබගේ තත්ත්වය පවා විනාශ වීමට ඉඩ තිබෙනවා. ඔබ මායා හට ගොදුරු වුවහොත් ඔබට ලැබෙන්නේ ඉතාමත් සුලු තිළිණයක් පමණයි. බාබා පැමිණ ඔබට මායා පරාජය කිරිමට උපදෙස් දෙනවා. කොහොමනමුත්, ඔබගේ නොසැළකිලිමත්භාවය නිසා ඔබ බාබා සිහි කරන්නේ නැහැ. මෙහිදී ඔබ පියා පමණයි සිහි කළ යුත්තේ. මිනිසුන් තවමත් භක්ති මාර්ගයට වී අඳුරේ අත පත ගානවා. ඔවුන්ම දන්නේ නැහැ ඔවුන් කා හටද ඔලුව නමන්නේ කියලා. නමුත් බාබා පැමිණ ඔබ එයින් මුදවා ගන්නවා. ඔබට විස්තර කර තිබෙනවා කොහොමද දැනුම එළිය වන්නේත් භක්තිය අඳුර වන්නේත් කියලා. අඳුර තිබියදී පමණයි ඔවුන් අත පත ගාමින් සිටින්නේ. දැනුමේ ආලෝකයෙන් තමයි දවස අරඹන්නේ. ඒ කියන්නේ සත් යුගයත් රිදී යුගයත් පැමිණෙනවා කියන එකයි. භක්තිය යනු තඹ යුගයත් යකඩ යුගයත් පටන් ගන්නා අන්ධකාරයයි. මේ සෑම යුගයකින්ම පෙන්නුම් කරන්නේ නාටකයේ කාලපරිච්ජේදයයි. එහි බාගයක් ආලෝකය වන අතර අනෙක් බාගය අඳුර ලෙස හඳුන්වනවා. එය තමයි ප්‍රජාපිතා බ්‍රහ්ම කුමාරීන් හා කුමරුන්ගේ දිවා රැයෙහි කථාන්තරය. මෙය තරමක් බරපතල කාරණයක්. ඒ අසීමිත වූ පියා මේ අසීමිත වු සංගම් යුගයෙහිදී මෙහි පැමිණ අපට මෙම දැනුම ලබා දෙනවා. මේ නිසා තමයි මෙයට ශිව රාත්‍රිය යන නම යොදාගෙන තිබෙන්නේ. මිනිස්සු දන්නේ නැහැ මොකක්ද මේ ශිව රාත්‍රිය යන වචනයෙහි අර්ථය කියලා. කවුරු නැතත් ඔබ දන්නවා මෙම ශිව රාත්‍රියෙහි රහස. මෙය හරියට රාත්‍රිය අවසන් වී අලුයම උදා වීමට තතනන අවස්ථාව වැනි දෙයක්. මෙය හඳුන්වන්නේ ප්‍රයෝජනවත් වු සංගම් යුගය ලෙසයි එය නව ලොවෙහිත් පරණ ලොවෙහිත් අතරමැදි කාලපරිච්ජේදයයි. බාබා පැමිණෙන්නේ මෙම සංගම් යුගයෙහිදී පමණයි. ඔහු සෑම යුගයකදීම මෙහි පැමිණෙන්නේ නැහැ. ඔවුන් සත් යුගය හා රිදී යුගය අතර සංගමය පවා සංගම් යුගයක් යැයි කියති. පරම පියා කියනවා : එය වැරදීමක්. බාබා කියනවා : මා සිහි කරන්න, එවිට ඔබගේ පව් අවසන් වී යයි. මෙය හඳුන්වන්නේ යෝගා නැමැති ගින්න ලෙසයි. ඔබ සැවොම බ්‍රහමින් දරුවන්. ඔබ අනෙක් ජීවයන්ටත් මෙම දැනුම දිය යුත්තේ එවිට ඔවුනුත් මෙයින් පිරිසිඳු වන නිසයි. නමුත් අනෙක් බ්‍රහමින් සන්යාසීන් විසින් කරන්නේ අන් අය රාගය නැමැති ගින්නට දැමීමයි. එම බ්‍රහමින්ලාගේත් ඔබගේත් අතර ලොකු වෙනසක් තිබෙනවා. ඔවුන් පවින් ඉපදුනත් ඔබ උපදින්නේ කටින්. (දැනුමෙන්). ඔබ මේ සෑම දෙයක්ම ඉතා හොඳින් තේරුම් ගත යුතුයි. සැමටම කියා දෙන්න මේ අසීමිත පියා සිහි කිරිමෙන් ඔබගේ පව් විනාශ වී යනවා පමණක් නොව ඒ උත්තරිතර පියාගේ උරුමයත් ඔබට ලබා ගත හැකි බව. ඔබ දිව්‍යමය ගුණාංග ලබාගෙන අන් අයටත් ඒවා ලබා දෙන තරමට තමයි ඔබගේ තත්ත්වය උසස් වෙන්නේ. බාබා එන්නේත් අපිරිසිඳු වි සිටින අප පිරිසිඳු කරන්නයි. එමනිසා, ඔබ ඔහුගේ සේවය ද ඉටු කළ යුතුමයි. සැවොම අපිරිසිඳු අයයි. ගුරුන් වශයෙන් සිටින කිසිම කෙනෙකුට මේ පිරිසිඳු කිරිමේ කාර්යය කළ නොහැකියි. පාරිශුද්ධකරුවා ම යනු ශිව බාබාගේ නාමයයි. ඔහු මෙහි පැමිණෙන්නේ ඔබ සියලුම දෙනා සම්පුර්ණයෙන්ම අපිරිසිඳු වු පසුවයි. බාබා එන්නේත් මෙම නාටකයේ තිබෙන පිළිවෙලටයි. දරුවන්ට පළමුවෙන්ම ඔහු උගන්වන්නේ, කවුද ඇල්ෆා කියන්නේ කියලයි. මා සිහිකරන්න. ඔබ කියනවා: ඔහු තමයි පාරිශුද්ධකරුවා. ආධ්‍යාත්මික පියා පාරිශුද්ධකරුවා ලෙස හඳුන්වනවා. ඔවුන් කියනවා: අහෝ දෙවියනි! අහෝ පියාණෙනි! නමුත් කිසිම කෙනෙක් ඔහුව නියම වශයෙන් හඳුනාගෙන නැහැ. ඒ මිනිස්සු තවමත් ජීවත් වෙන්නේ අපායේ. නමුත් ඔබ දැන් එහි නෙවෙයි ඉන්නේ. ඔව් ඔබ යම් දෙයකට ගොදුරු වී සම්පුර්ණයෙන්ම වැටුණහොත් ඔබ ලබා ගත් ලැබීම් සියල්ලම විනාශ වී යනවා. ප්‍රධානම කාරණය තමයි අපිරිසිඳු බවින් පිරිසිඳු තත්ත්වයට පත්වීම. මෙය පාපකාරී ලොවක්. එම ලෝකය දෙවි දේවතාවුන් විසින් පාලනය කෙරෙනා නිසා එහි කිසිම පවක් සිදුවන්නේ නැහැ. දරුවනි, ඔබ දන්නවා එම දෙවි දේවතාවුන් තමයි ප්‍රථමයෙන්ම පැමිණෙන්නේ. ඔවුන් පරම්පරා 21ක් සඳහා උරුමය ලබනවා. එය පාරිශුද්ධත්වයේ, සාමයේ හා සතුටේ අප්‍රමාණ වු දායාදයක්. සත් යුගය හඳුන්වන්නේ සම්පුර්ණ සතුටේ දේශය ලෙසයි. රිදි යුගයෙහිදී කලා දෙකකින් අඩු නිසා එය අර්ධයි. මන්ද, කලා අඩු නම් එහි ආලෝකයත් අඩුයි. සෙඳහි කලා අඩු වී යන විට එහි ආලෝකය කෙමෙන් කෙමෙන් නැති වී යනවා. අවසානයේදී එය නිකම්ම ඉරක් බවට පත් වෙනවා. මේ දෙයමයි ඔබටත් සිදු වන්නේ. නමුත් ඔබගේ ආලෝකයත් සම්පුර්ණයෙන්ම නැති වි යන්නේ නැහැ. එය විශාල පිටි ගෝනියක ඇති ලුනු ස්වල්පයක් වැනියි. බාබා උගන්වන්නේ ඔබගේ ජීවාත්මයටයි. මෙය තමයි ජීවාත්මයන්ගේත් උත්තරිතර ජීවාත්මයේත් හමු වීම. ඔබ මේ සඳහා ඔබගේ බුද්ධිය පාවිච්චි කළ යුතුයි. කවදාද ඒ උත්තරිතර ජීවාත්මය පැමිණෙන්නේ ? මෙහි ජීවාත්මයන් බොහොමයක් පැමිණ සිටියදීයි. මෙහි බොහොමයක් මනුෂ්‍යයන් සිටියදී තමයි ඒ උත්තරිතර ජීවාත්මය ඔබ හමු වීමට පැමිණෙන්නේ. ඇයි මේ උත්තරිතර ජීවාත්මයත් අනෙකුත් ජීවාත්මයනුත් අතර හමුවක් සිදුවන්නේ ? තවත් මෙවැනි හමුවීම් රාශියක් තිබෙනවා. නමුත් ඒ සෑම හමුවීමක්ම තිබෙන්නේ ජීවයන් අපිරිසිඳු තත්ත්වයට පත් කිරිමටයි. නමුත්, උයනේ පාලකයා මඟින් ඔබ දැන් කටු වලින් මල් බවට පත් වෙනවා. ඔබ මෙම තත්ත්වයට පත්වෙන්නේ කෙසේද ? ස්මරණයේ බලයෙන්. බාබා තමයි සර්ව බලධාරියා ලෙස හඳූන්වන්නේ. බාබා එසේ සර්ව බලධාරියා වනවා සේම රාවණුත් එතරම්ම බලවත්. බාබා ඔහු විසින්ම කියනවා : මායා බොහොම ශක්තිමත්. ඒ වගේම බලවත්. සමහර අය කියනවා: බාබා, මම ඔබව සිහි කරන්න උත්සාහ කරනවා, නමුත් මායා එයට ඉඩ දෙන්නේ නැහැ. එමනිසා, ඔබත් මායාත් විරුද්ධවාදීන් දෙදෙනෙක්. බාබා ඇවිත් මායා පරාජය කරන හැටි කියා දෙනවා. පසුව නැවත මායා ඔබව ගිල දමනවා. දෙවි දේවතාවුන් යක්ෂයින් සමඟ දබර කරනවා පෙන්වා තිබෙනවා. නමුත් එසේ සිදුවන්නේ නැහැ. ඔබ දෙදෙනා අතර තිබෙන සටන නම් ඔබ බාබා මෙනෙහි කරන මාර්ගය මැදට මායා පැමිණෙනවා. එමනිසා, ඔබගේ ඉලක්කය වන දේවතා තත්ත්වයට යාමට ඔබට අපහසු වනවා. නමුත් දැනුම මාර්ගයේදි ඔබට මෙය සිදුවන්නේ නැහැ. ඔබගේ ස්මරණයෙහිදී ඔබට මෙවැනි බාධක බොහොමයක්ම එනවා. මායා නිරන්තරයෙන්ම ඔබට බාබා අමතක කරවනවා. ඔබ ශරිර අවධානයට පත් වු විට මායා ඔබව ගොදුරු කර ගන්නවා. රාගයෙන් පිරුණු අය බොහෝ නරක වචන පාවිච්චි කරනවා. මෙය රාවණ්ගේ රාජ්‍යයයි. ඉතින් ඔබට විස්තර කර තිබෙනවා, පිරිසිඳු වෙන්න කියා. නමුත් ඔබ කරන්නේ නැහැ. බාබා කියනවා : දරුවනි, පවෙහි ගැලෙන්න එපා. ඔබගේ මුහුණ කැත කර ගන්න එපා. කොහොමනමුත්, ඔවුන් තවමත් බාබා හට ලියනවා : බාබා, මායා තවමත් අපව ගොදුරු කර ගන්නවා. අපි අපගේ මුහුණු කැතකරගෙන තියෙන්නේ. අවලස්සන යන වචනයත් ලස්සන යන වචනයත් දෙකම ඔබ බොහෝ යොදා ගන්නවා. පවෙහි ගැලුණු අය අවලස්සනයි. පවෙන් තොර අය ලස්සනයි. වෙන කිසිම කෙනෙක් නොදන්නවා වුණත් ඔබ දන්නවා මෙම වචන දෙකෙහි අර්ථය. ක්‍රිෂ්ණා වුවත් හඳූන්වන්නේ අවලස්සන සහ ලස්සන කෙනා හැටියටයි. (ශ්‍යාම් සුන්දර). පරම පියා මෙහි තේරුම ඔබට පහදා දෙනවා. ඔහු තමයි සත් යුගයේ පළවෙනි කුමාරයා. ඔහු පළමුවෙන්ම එන විට බොහොම ලස්සනයි. පසුව උපත් ගන්නවාත් සමඟ ඔහු ටිකෙන් ටික අවලස්සන වීමට පටන් ගන්නවා. මේ නිසා තමයි ඔහු ශ්‍යාම් සුන්දර ලෙස හඳූන්වන්නේ. පරම පියා මෙහි අර්ථය ඔබට කියා දෙනවා. ශිව බාබා සදා පවිත්‍රයි. ඔහු ඇවිත් ඔය දරුවන්ව ලස්සන කරවනවා. අපිරිසිඳු අය අවලස්සනයි. පිරිසිඳු අය ලස්සනයි. ඔවුන්ට ස්වභාවික වු අලංකාරයක් තිබෙනවා. ඔය දරුවන් මෙහි පැමිණ ඇත්තේ ලෝකයේ පාලකයන් බවට පත්වීමටයි. එමනිසා, මව්වරුන් තමයි සත් යුගයේ දොරටු අරින්නේ යනුවෙන් පියා පැවසූ දේට ප්‍රශංසාව තිබෙනවා. ඒ නිසයි කියමනක් තිබෙන්නේ මව්වරුන්ට ආචාර! ඔබ, ’මව්වරුන්ට ආචාර' කියා කියන විට ඔබ තේරුම් ගත යුතුයි එහි පියෙක් ද සිටින වග. බාබා මව්වරුන්ගේ කීර්තිය තවත් වැඩි කරනවා. පළමුව ලක්ෂ්මී පසුව නාරායන. මෙහි, මයා (Mr) පළමුව හා පසුව මිය (Mrs) යනුවෙන් තිබෙනවා. නාටකය නිර්මාණය වි ඇත්තේ මේ ආකාරයටයි. බාබා, නිර්මාණකරුවා පළමුවෙන්ම ඔහුගේ හැඳින්වීම කරනවා. ඔබට පියවරුන් දෙදෙනෙක් සිටිනවා. එක්කෙනෙක් තමයි ඔබගේ ලෞකික පියා. අනෙක් කෙනා තමයි පාරලෞකික පියා. ඔබ සිහිකළ යුත්තේ ඒ අසීමිත පියාවයි. මන්ද, ඔබ ඔබගේ දායාදය ලබන්නේ ඔහුගෙන් නිසායි. සීමිත වු දායාදයන් ලබනා අතරේ පවා ඔබ සිහි කරන්නේ අසීමිත පියාය. ඔබ කියනවා: බාබා, ඔබ පැමිණි විට අප අන් සියලු සබඳතා බිඳ දමා ඔබත් සමඟ පමණක් සම්බන්ධය පවත්වනවා. කවුද මෙය කියන්නේ ? ජීවාත්මය විසින් තමයි මෙය කියන්නේ. ජීවාත්මයන් ඔවුන්ගේ ඉන්ද්‍රියන් මාර්ගයෙන් ඔවුන්ගේ චරිත කොටස රඟපානවා. සෑම ජීවාත්මයක්ම උපත් ලබා ගන්නේ ඔවුන් කර ඇති කර්ම වලට අනුකූලවයි. ඔහු පොහොසත් කෙනෙක් හෝ දුප්පත් අයෙක් වන්නේ ඔහුගේ කර්ම වලට අනුවයි. ලක්ෂ්මී හා නාරායන තමයි මේ ලෝකය පාලනය කරමින් සිටියේ. ඔවුන් මොනවද කළේ ? ඔබ පමණයි මෙය දන්නේ. ඔබට පමණයි මෙය කියා දිය හැක්කේ. ක්‍ෂුද්‍රා සමාජයට අයත් කිසිම කෙනෙකුට මෙය කියා දිය නොහැකියි. බාබා කියනවා : ඔබගේ භෞතික ඇස්වලින් දැකිය හැකි සියලුම දේට නිරාශාවක් තබා ගන්න. ඒ සෑම දෙයක්ම දැන් විනාශවීමටයි යන්නේ. නව නිවසක් තැනුව හොත් ඔබට පරණ නිවස ගැන කිසිම ආශාවක් නැහැ නේද ? දරුවන් කියාවි, ඔවුන්ගේ පියා විසින් නව නිවසක් තනා දී ඇති බවත් ඔවුන් එහි වාසය කිරීමට යන බවත්. මෙම පරණ නිවස කඩා දමනු ඇත. මෙය අසීමිත කාරණයක්. දරුවනි, ඔබට තේරෙනවා බාබා පැමිණ සිටින්නේ සත් යුගය නිර්මාණය කිරිමට බව. මේ ලෝකය දැන් පරණ, අපිරිසිඳු ලෝකයක්. ත්‍රිමුර්ති ශිවා ඉදිරිපිට අසුන්ගෙන සිටින ඔබ දැන් ජයග්‍රාහී විය යුතුයි. කොහොමනමුත්, ත්‍රිමුර්තිය ඔබගේ වංශ සලකුණයි. ඔබගේ මේ බ්‍රහමින් වංශය තමයි බොහෝ උසස් වූ වංශය. දැන් රාජ්‍යයක් බිහිවීමටයි යන්නේ. ඔබ බ්‍රහමින් දරුවන් පමණයි මෙම කරුණු ගැන දන්නේ. ශිව බාබා දැන් බ්‍රහ්ම බාබා මාර්ගයෙන් ඔබට උගන්වන්නේ ඔබ දිව්‍ය තත්ත්වයට පත් කිරීමටයි. විනාශය අනිවාර්යෙන්ම පැමිණිය යුතුයි. මේ ලෝකය තමෝප්‍රධාන් තත්ත්වයට පත් වු විට ස්වභාවික වියසන පවා මෙම විනාශයට උපකාර කරනවා. විද්‍යාඥයින්ගේ බුද්ධිය දැන් බොහෝ දේවල් සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ උදරෙයන් මිසයිල එනවා කියලා දෙයක් නැහැ. ඔවුන් විසින්ම මේ දේවල් හදා ඇත්තේ ඔවුන්ගේම වංශයේ විනාශයටයි. දරුවනි, ඔබ දන්නවා ශිව බාබා තමයි උසස්ම කෙනා කියලා. ශිව බාබා සහ දෙවි දේවතාවුන් පමණයි වැඳුම් ලැබිය යුත්තේ. බ්‍රහ්මීන් දරුවන් එසේ වැඳුම් ලැබිය යුතු නැහැ. මන්ද, ඔවුන්ගේ ජීවාත්මය පිරිසිඳු වුවත් ඔවුන්ගේ ශරීරය පිරිසිඳු නැහැ. ඔබ දෙවි දේවතාවුන් බවට පත් වූ විට ඔබගේ ශරීරයත් පිරිසිඳු වෙනවා. මේ කාලයේදි ඔබ ප්‍රශංසාවට සුදුසුකම් ලබනවා. කියමනක් තිබෙනවා: මව්වරුන්ට ආචාර ! මව්වරුන්ගේ හමුදාව විසින් කළේ කුමක්ද? ශ්‍රීමත් වලට අනුකූලව දැනුම දෙන්නේ ඔවුන් පමණයි. ඔබ වැනි මව්වරුන් දැනුම දෙන්නේ ශ්‍රීමත් වලට අනුවයි. ඔබ දැනුම නැමැති අමුර්තය සැමටම ලබා දෙනවා. ඔබ පමණයි මෙය නිවැරදිවම තේරුම් ගන්නේ. මිනිස්සු ග්‍රන්ථවල ඇති කතා නිකම්ම කතාකරමින් සිටිනවා. ඔවුන් සෑම දෙයටම සත්‍යයි, සත්‍යයි යනුවෙන් පවසනවා. ඔබ මේ ගැනත් ඔවුන්ට පැවසුවහොත් එයත් සත්‍යයි, සත්‍යයි කියා කියාවි. ඔබනම් තවත් සත්‍යයි කියමින් සිටින්නේ නැහැ. මිනිසුන්ගේ බුද්ධිය දැන් ගල් බවට පත්වෙලා. ගල් බුද්ධියක් ඇති අය සහ දිව්‍යමය බුද්ධියක් ඇති අය මෙහිදී සිහිපත් වෙනවා. නේපාලයේ මෙසේ දිව්‍යමය දෙවියෙකුගේ රූපයකුත් තිබෙනවා. ලක්ෂ්මී හා නාරායනට මෙවැනි වූ වංශයක් තිබෙනවා. ප්‍රධානම කාරණය තමයි නිර්මාණකරුවා සහ නිර්මාණය ගැන රහස දැන ගැනීම. සෘෂිවරයින් හා මුනිවරයින් ඔහු ගැන කියන්නේ ’නේති, නේති' (මෙයත් නොවෙයි, එයත් නොවෙයි) කියාය. ඔබ දැන් පියාගෙන් සියලු දේම දන්නා අය බවට පත්වෙලා, එනම්, ඔබ දැන් දේවවාදීන් වී ඇත. මායා, රාවණ් තමයි ඔබව අදේවවාදීන් කරවන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම අවස්ථාවකම ඔබ බ්‍රහ්මාගේ කටින් උපන් දරුවන් බව සිහි තබා ගන්න. ඔබගේ වංශය තමයි ඉතා උසස් වංශය. ඔබ දැන් පාරිශුද්ධත්වයට පත් වී අන් අයවත් එම තත්ත්වයට පත්කළ යුතුයි. පාරිශුද්ධකරු වන පියාගේ උදව්කරුවකු වන්න.

2. බාබා ස්මරණය කිරිමෙහි නොසැළකිලිමත් නොවන්න. ඔබ ශරිර අවධානයට පත් වු විට මායා ඔබගේ ස්මරණ චාරිකාවට බාධක එල්ල කරයි. එමනිසා, පළමුව ශරිර අවධානය අත්හරින්න. යෝගා නැමැති ගින්නෙහි ඔබගේ පව් පුළුස්සා දමන්න.

වරදානය:
ඔබ නිවසේ රැදී සිටිමින් එහි පහසුකම් භාවිතා කරන අතර අසීමිත නිරාශාව ඇතිව නෙළුම් මලක් මෙන් නොබැදී සහ ආදරණීයව සිටිත්වා.

ඔබට පහසුකම් ලබා දී ඇත, එබැවින් ඔබ ඒවා පරිත්‍යාගශීලී හදවතකින් භාවිතා කළ යුතුයි. එම පහසුකම් තිබෙන්නේ ඔබට භාවිතා කිරීමට වන නමුත් ඔබගේ ආධ්‍යාත්මික උත්සාහය යටපත් වීමට ඔබ ඉඩ නොතැබිය යුතුයි. පූර්ණ සමබරතාවයක් තිබිය යුතුයි. පහසුකම් නරක නැහැ: ඒවා ඔබගේ කර්මයේ සහ යෝගාවේ ඵලයයි. කෙසේවෙතත්, ගෘහයක සිටිමින් එහි පහසුකම් භාවිතා කරන අතර නෙළුම් මලක් මෙන් නොබැදීව සහ පියාට ආදරණීය වන්න. ඒවා භාවිතා කරන අතර ඒවායේ බලපෑමට යටත් නොවන්න. ඔබගේ අසීමිත නිරාශාවේ ආකල්පයට, පහසුකම් තුළ මුසු වීමට ඉඩ නොදෙන්න. ප්‍රථමයෙන් මෙය තමා තුළින් ඉස්මතු කරගෙන ඉන්පසුව මෙම වාතාවරණය ලෝකයේ පතුරුවා හරින්න.

පාඨය:
අසහනයෙන් සිටින කෙනෙකුට, ඔහුගේ ආධ්‍යාත්මික ගරුත්වයේ ස්ථාවර වීමට මග පෑදීම හොදම සේවයයි.