09.02.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ශිව ජයන්ති දින ඔබ අශාරීරික වූ පියාණන්ගේ ජීවන චරිතය මහත් ගෞරවයෙන් සැමටම කියා දිය යුතුය. මේ ශිව ජයන්තිය දියමන්ති වටී.

ප්‍රශ්නය:
බ්‍රහමින් වූ ඔබේ සැබෑ දිවාලිය කවදාද? කෙසේද?

පිළිතුර:
සත්‍ය නම් ඔබට සැබෑ දීවාලී වන්නේ ශිව ජයන්තියයි. මක් නිසාද යත් ජීවාත්මයන් වන ඔබේ ආලෝකය ශිව බාබා පැමිණ දල්වයි. සෑම නිවසකම පහන් දැල්වේ. එනම්, සෑම ජීවාත්ම සත්තාවකගේම ආලෝකය දැල්වේ. ඔවුන් දල්වන්නේ භෞතික පහන්ය. ශිව බාබා පැමිණ ඔබේ සැබෑ පහන දල්වයි. ශිව ජයන්තිය ඉතා උදාර ලෙස ඔබ සමරන්නේ ඒ නිසාය.

ඕම් ශාන්ති.
මිහිරි ආධ්‍යාත්මික දරුවන් ශිව ජයන්තිය සමරයි. භාරතයේ මිනිසුන් ද ශිව ජයන්තිය සමරයි. ඉහළම කෙනාගේ උපන් දිනය සැමරිය යුතුයි. ඒ අතර ඔවුන් ඔහු සෑම තැනම ඇතැයි ද කියයි. එය සැමගේම උපන් දිනය විය නොහැකියි. උපන් දිනය සමරන්නේ කවදාද? දරු ගැබෙන් දරුවා බිහිවන දිනයයි. ශිව ජයන්තිය නිසැකවම සැමරිය යුතුයි. ආර්ය සමාජ අය ද එය සමරයි. ඔබ දැන් සමරන්නේ ශිව බාබාගේ 83 වන උපන් දිනයයි. ඔහු අශාරීරිකය, එසේනම් ඔහුට උපන් දිනයක් තිබෙන්නේ කෙසේද? උසස්ම අයටත් ආරාධනා පත්‍ර යැවේ. ඔවුන් මෙසේ ඇසිය හැකිය ඔබ ඔහුට උපන් දිනයක් සමරන්නේ කෙසේද? ඔහු උපන්නේ කවදාද? කෙසේද? ඔහුගේ ශරීරයට දුන් නම කුමක්ද? නමුත් බුද්ධිය ගල් මිනිසුන් මේ කිසිවක් නො අසයි. ඔබට මෙසේ කියයි ඔහු අශාරීරිකයි. ඔහුගේ නම ශිවා. අප ඔහුගේ අනන්‍ය දරුවන්ය (සැලිග්‍රෑම්). ඔබ දන්නවා එම අනන්‍ය දරුවා ශරීරය තුළ ඉන්නා බව. නම දී ඇත්තේ ශරීරයටයි. ශිවා වූ කලී උත්තරීතර ජීවාත්මයයි. වැඩසටහන් මේ තරම් උසස් හා වර්ණවත් වන්නේ මේ නිසාය. දිනෙන් දින ඔබ වර්ණනාත්මකව විස්තර කරන්නේ ශිව බාබා බ්‍රහ්මාගේ ශරීරයට පැමිණෙන දිනය ශිව ජයන්තිය ලෙසයි. එහි දිනය හෝ වේලාවක් නැත. ඔහු කියන්නේ මා සාමාන්‍ය ශරීරයකට ඇතුල් වූවා කියාය. නමුත් කොයි වෙලාවෙද මොහොත කියන්නේ නැත. එසේ කීවා නම්, එය භෞතික උපතක් වනු ඇත. ඔහුට කේන්දරයක් නැත. ඇත්තෙන්ම නම්, ඔහුගේ කේන්දරය උසස්ම වෙයි. ඔහුගේ ක්‍රියා ද උසස්ම වෙයි. දෙවියන්ගේ වර්ණනාව අසීමිතය. එනම්, ඔහු යමක් නිසැකයෙන්ම කර ඇත. නේරුතුමා, ගාන්ධිතුමා වැනි අයගේ ද වර්ණනා ඇත. නමුත් මොහුගේ වර්ණනාව කියා නිම කළ නොහැක. ඔබ කියන්නේ ඔහු ඥාන සාගරයයි, සාම සාගරයයි කියාය. ඔහු ඔහුමය. ඉතින්, ඔහු සෑම තැනම සිටින්නේ කෙසේද? නමුත් මිනිසුන් කිසිවක් නොදනී. මෙය සමරන විටද කිසිවෙක් කිසිවක් නො අසයි. ඔවුන් මෙසේ ඇසිය යුතුයි ඔහුගේ උපන් දිනය සමරණ බැවින් ඔහු පැමිණිය යුතුම නේද? භක්තිවන්තයෝ බොහෝ ඇත. රජයන් මෙය නොදන්නේ නම්, භක්තිවන්තයින්, මුණිවරයින් ආදීන්ගේ මුද්දර නිකුත් නොකළ යුතුයි. රජයන් අනුව මිනිසුන් ද එසේ වෙයි. ඔබ දරුවන් පියාගේ ජීවන චරිතය හොඳින් දනී. ඔබට තරම් පිරිසිඳු ආඩම්බරයක් කිසිවෙකුටත් නැත. අනෙක් සියලුම ජයන්තීන්ට වඩා ශිව ජයන්තිය දියමන්ති වටී. පියාණන්ගේ පැමිණීම, බෙලිකටු දියමන්ති කරවාලයි. ශ්‍රී ක්‍රිෂ්ණා ද ඉහළට එසවුණේ පියා නිසාය. ඔහුගේ උපත වටිනා කියන්නේ ඒ නිසාය. ඔහු මුලින් නොවටිනා බෙලි කටුවක් සේ සිටි අතර, බාබා ඔහුව දියමන්තියක් බවට පත් කළේය. මිනිසුන් මේවා දන්නේ නැත. ඔහු එවැනි වූ ලොව කුමරෙකු කළේ කවුද? ඒ නිසා මිනිසුන් ක්‍රිෂ්ණාගේ උපන් දිනය ද සමරයි. දරුවා මව් කුසෙන් ඉපදී පැසක් තුළ පාවී ගියේය. ඔහු ලොව කුමරෙකි, කුමට බිය විය යුතුද? කාන්ස් වැනි යක්ෂයින් එහි සිටිය හැක්කේ කෙසේද? ඒවා පොත්වල සටහන් පමණි. ඔබ ඉතා උපක්‍රමශීලීව මේවා පැහැදිලි කළ යුතුය. සැමටම එකම ප්‍රමාණයට එය කළ නොහැක. හරියට විස්තර නොකරන්නේනම් එය වැරදි සේවාවකි. ශිව ජයන්තියේදී ශිවා පමණක් පැසසිය යුතුය. පියා කියන්නේ මෙසේය මිනිසුන් ශිව ජයන්තිය ආරම්භය ගැනවත් අසන්නේ නැත. එසේ සඳහනක් ද නැත. ඔහුගේ වර්ණනාව අසීමිතය. මිනිසුන් ශිව බාබා අවිහිංසකත්වයේ ස්වාමියා යැයි වර්ණනා කරයි. ඔහු අවිහිංසක මහාභාණ්ඩාගාරිකයාය. ශිවා හා ශංකර් එක යැයි මිනිසුන් කියති. නමුත් ශංකර් අවිහිංසකත්වයේ ස්වාමියා නොවේ. ඔවුන් කියන්නේ කල්ප විනාශය සිදුවන්නේ ශංකර් තිත්ත මල් අනුභව කර තෙවෙනි ඇස විවෘත කරන විට බවයි. ඉතින් ඔහු අවිහිංසක වන්නේ කෙසේද? පැසසිය යුත්තේ ශිවාම පමණි. ශිව සිද්ධස්ථාන වලට ගොස් තේරුම් කර දෙන්න. එසේ විස්තර කරන විට ඔවුන්ගේ හිස කැරකී යයි. ඉතින් ඔවුන් මෙය ඉතා යහපත් යැයි කියා, බොහෝ දෙනෙක් ආ හැකිය. ඔවුන්ට මෙසේ කියන්න අප ආරාධනයෙන් පැමිණි අයට අශාරීරික උතුම් පියා වූ උත්තරීතර ජීවාත්මය ගැන කියා දෙමු. නමුත් ඔවුන් කියන්නේ ගාන්ධි වැන්නන් ගැනයි. දැන් ඔබ හරිහැටි ශිවා ගැන කියා දුන් විට ඔහු හැම තැනම ඉන්නවා යැයි කියූ කාරණය මිනිසුන්ගේ බුද්ධියෙන් ඈත් වී යනවා ඇත. දෙදෙනෙකුගේ ප්‍රශංසාවන් සමාන නැත. ප්‍රදර්ශන හෝ කූඩාරම් ශිව සිද්ධස්ථාන බවට පත් නොවේ. සැබෑ ලෙසින්ම ශිව සිද්ධස්ථානය වන්නේ නිර්මාණ කාර්යයේ මුල, මැද, අග රහස් කියාදෙන මෙම ස්ථානයයි. මෙය හින්දි ඉංග්‍රීසි දෙකෙන්ම තිබිය යුතුයි. ලොකු මිනිස්සු මෙය දකින විට, කවුද මේ උත්තරීතර පියා ගැන කියා දෙන්නේ කියා බලයි. නිර්මාණය ගැන පමණක් ගැන කිව්වොත් ඔවුන් සිතනවා ඇත්තේ සමූලඝාතනයෙන් පසු නව නිමැවුමක් සිදුවන බවයි. නමුත් එසේ නොවේ, පියා පැමිණ කරන්නේ අපිරිසිදු වූ අය පාරිශුද්ධත්වයට පත් කිරීම යැයි ඔබ පෙන්වූ විට ඔවුන් පුදුම වනවා ඇත. එවිට ශිව සිද්ධස්ථාන වලට බොහෝ පිරිස් පැමිණේවි. විශාල ශාලාවක් තිබිය යුතුය. පාන්දර තෙක් යමින් ලක්ෂ්මී නාරායන් රාජධානිය ස්ථාපනය ගැන කියා දිය යුතුයි. සියලු දෙනාගේ පියා වන අශාරීරික ශිව බාබා පැමිණ රාජයෝග උගන්වයි. සිද්ධස්ථාන වලට ගොස් සේවා කිරීම ගැන ඔබ සිතා බැලිය යුතුයි. සිද්ධස්ථාන වලට මිනිසුන් යන්නේ පාන්දරය. ඝණ්ඨා නාද වන්නේ ද පාන්දරය. ශිව බාබා පැමිණෙන්නේ ද පාන්දරය. ඔහු මැදියම් රෑ නොපැමිණෙයි. මිනිසුන් එවිට නිදිබර වී ඇති නිසා තේරුම්කර දිය නොහැකියි. හවස් යාමයේ ද සමහරුන්ට කල් වේලා තිබිය හැකිය. පහන් හොඳින් දැල්විය යුතුයි. ශිව බාබා පැමිණ ඔබ අවදි කරවයි. මෙය සැබෑ දීපවාලී වන අතර ගෙදර පහන් සේම ඔබ ජීවාත්මය ද ආලෝකමත් විය යුතුයි. මෙය නියම දීපවාලී අදහසයි. සමහරුන්ගේ කිසිඳු ආලෝකයක් නැත. ඔබනම් ආලෝකමත් වී ඇති බව දැන් ඔබ දනී. කෙනෙක් මළ විට පහනක් දල්වන්නේ අන්ධකාරය නැසීමටයි. කොහොමනමුත්, ඊටත් පෙර, පළමුව ඔබ ආත්මය අඳුරින් නොනිඳා ආලෝකමත් කළ යුතුයි. නොඑසේ වූ විට මිනිසුන් ඝණ අඳුරේ සිටියි. ජීවාත්මය ශරීරයෙන් වෙන්වුණු ඇසිල්ලේම තවත් ශරිරයක් ගනී. එවිට අන්ධකාරය ප්‍රශ්නයක් නැත. පහන් දැල්වීම භක්ති ක්‍රමයකි. තෙල් ඉවර වූ විට පහන නිවේ. මිනිසුන් මේවා හී අර්ථය මෝහාන්ධකාරය නැසීම බව නොදනී. මළවුන්ට ආහාර පිදීම ගැන ද ඔවුන් නොදනී. ඉස්සර එසේ කර නොයෙක් ප්‍රශ්න ඇසුවත් දැන් එසේ කරන්නේ නැත. ඔවුන් මෙහිද පැමිණේ. ඇතැම් විට යම් යම් දේ කියයි. ඔබ සතුටින් දැයි ඇසූ විට, ඔව් කියයි. මෙහි පැමිණි පසුනම් නිසැකයෙන්ම හොඳ ගෙදරක උපත ලබයි. ඥානය නැති පවුලක උපත ලබයි. බ්‍රාහ්මණ පවුලකට යා නොහැක්කේ ඔවුන් රාග පාපයට නොයන හෙයිනි. ඔවුන් පිරිසිඳුය. නමුත් යන ගෙදර සතුට ඇති ගෙදරක් වන අතර ඔවුන්ගේ මට්ටම අනුව එය තීරණය වේ. එහිදී කතාකළ නොහැකි වුවත් එම පොඩි එකා පවුල බබලවයි. දරුවා ලොකු වන විට ඥානයේ බැබලීම පෙන්වමින්, ඉගෙනීමේ සංස්කාර නිසා කුඩා කලම මෙය හැදෑරීම කරයි. ඥානය ලබාගෙන යන අය පැසසිය යුතුයි. ඔබ ශිවා උපත සමරයි. අනෙක් මිනිසුන් මෙහි තේරුම නොදනී. ඔබ මෙසේ ඇසිය යුතුයි. ඔහු සෑම තැනම සිටී නම් උපතක් සමරන්නේ කෙසේද? ඔබ දරුවන් දැන් ඉගෙනීම් කරමින් සිටී. ඔහු පියා සේම ගුරුවරයා ද, සත්ගුරු බවද ඔබ දනී. සික්වරු ද මෙසේ කියන බව බාබා තේරුම් කර දී ඇත. ඔහු සත් ශ්‍රී අකාල් වේ (සත්‍ය උසස් බව හා අමරණීය කොනා වීම). ඇත්තෙන්ම නම්, සියලු ජීවාත්ම අමරණීය ප්‍රතිබිම්බ වන අතර ශරීරයක් ගැනීම හා පිටවීම උපත මරණය සේ සැලකේ. ජීවාත්මය එකසේම පවතී. එය උපත් 84ක් ගනී. චක්‍රය අවසන් වන විට මා පැමිණ, මා කවුද සහ මොහු තුළට ඇතුල් වන්නේ කෙසේද යන්න ඔබට කියනා විට, එය ඔබට වටහා ගත හැකිය. ඉස්සර ඔබ තේරුම් ගත්තේ නැත. දෙවියන් පැමිණියැයි කිව්වත් ඒ කෙසේද, කවදාදැයි තේරුමක් නැත. දවසින් දවස මේවා ඔබේ බුද්ධියට ඇතුල් වේ. ඔබ දිගටම නව දෙයට ඇහුම්කන් දේ. ඉස්සර පියවරුන් දෙදෙනාගේ රහස ඔබ නොදනී. එකල ඔබ නොදරුවන්ය. දැනුදු ඔබ මෙසේ කියයි බාබා මම තාම අඩු වයසේ දරුවෙකි. දැනුම ලබාගෙන දවස් කිහිපයකි. පසුගිය චක්‍රයේ වූවා සේම මේ චක්‍රයේද දැනුදු සිදුවේ. මේ මහා ඥානයයි. ඒ සඳහා කාලය අවශ්‍ය බව පෙනේ. ජීවාත්ම උපදී, මියයයි. ඇතැම් විට මාස දෙකෙන් තුනෙන් ද මිය යයි. මෙහි පැමිණෙන විට මෙය නිවැරදි යැයි ඔබ දනී. ඔහු අපේ පියා ද අපි ඔහුගේ දරුවන් ද වේ. ඔවුන් ඔබ කියන සියල්ල පිළිගනී. බොහෝ මිනිසුන් මෙහි ඇදී එයි. එහෙත්, පිටතට ගිය සැනින් සියල්ල අහවර වෙයි. ඔවුන් මළා සේය. ඔවුන් නැවත නො එයි. එවිට ඔවුන්ට කුමක් වේද? අවසානයේදී ඔවුන් නැවත පැමිණ අලුතින් දැනුම ගනී. නැත්නම්, යටත් වැසියන් බවට පත්වේ. මේ සියල්ල තේරුම් කර දිය යුතුයි අප ශිව ජයන්තිය සමරන ආකාරය, ශිව බාබා ගැලවීම ලබාදෙන්නේ කෙසේද? ශිව බාබා දෙව්ලොව තෑගි කරයි. ඔහු මෙසේ කියයි මම ඔබට රාජයෝගා උගන්වා මුළු ලෝකයම හිමිකර දෙමි. ඒ මුල් පියා දෙව්ලොව නිර්මාණය කරන්නා සේම අපට දෙව්ලොව හිමිකර දෙයි. අපට රාජයෝගා උගන්වා දෙව්ලොව තනන ආකාරය ඔහුගේ ජීවිත කථාව ලෙස අපට කියා දෙයි. පියා කියාදෙන ආකාරයටම දරුවන්ටත් කියාදිය හැකි නොවේද? ඉතා හොඳින් කියාදෙන අය අවශ්‍යයි. ශිව සිද්ධස්ථාන වලදී උත්සවාකාරයෙන් මෙය හොඳින් කියා දිය යුතුයි. ලක්ෂ්මී නාරායන් දේවාලයේදී ශිවා ගැන කියනවාට ඔවුන් කැමති නැත, ඔවුන් ඒ ගැන සිතන්නේවත් නැත. ලක්ෂ්මී නාරායන් සේම රාධේ ක්‍රිෂ්ණා ගැන ද කියා දිය යුතුය. මේ සඳහා දෙවොල් වෙන් වෙන්ව අවශ්‍ය නොවේ. ක්‍රිෂ්ණ ජයන්තියේදී ක්‍රිෂ්ණා දෙවොලට ගොස් මෙසේ කිව හැකිය ක්‍රිෂ්ණා ලස්සනටත් කැතටත් සිහි කරන්නේ ඇයි? ඔවුන් කියන්නේ ඔහු ගම්බද ළමයෙකු බවත් හරක් බැටළුවන් බලාගත් බවත්ය. බාබා ද නිහතමානීව ඔහු ගැමියෙක් බවත් තොප්පි සපත්තු නැතිව සිටි බවත් කියයි. ශිව බාබා ඔහු තුළට පැමිණි පසු සිදු වූ දේ ද ඔහු කියයි. ඉතින් සියලු දෙනාටම මුල් කෙනා හඳුන්වා දිය යුතුයි. ශිව බාබා සිහිකළ යුතුයි. සියලු දෙනාම ගලවා ගන්නේ ඔහු පමණි. ඔවුන්ට රාමචන්ද්‍ර ගැනත් කියා දිය යුතුයි. නමුත් අනිවාර්යෙන්ම ශිව දෙවොලේදී ශීවා ගැනත් ලක්ෂ්මී නාරායන් ප්‍රශංසාව ලක්ෂ්මී නාරායන් දෙවොලේදීත් කියාදිය යුතුය. රාමා දොවොලට ගිය විට ඔබ රාමා ගැන කියාදිය යුතුයි. ඔබ දැන් දේවී දේවතා දහම ස්ථාපනය කරයි. කිසිවෙක් හින්දු ආගම ස්ථාපනය නොකළේය. එසේ වුවද, ඔබ කෙලින්ම කිව්වොත් හින්දු ආගමක් නැතැයි කියා, ඔවුන් කළබල වේවි. ඔවුන් සිතාවි ඔබ ක්‍රිස්තියානි කියා. ඔබට ඔවුන්ට මෙසේ කිව හැකියි අප අයත් වන්නේ මෙකළ හින්දු යැයි කියන ආදී සනාථන දේවී දේවතා දහමටයි. අච්චා

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ශිවාගේ උපන් දිනය මහත් හරසරින් සමරන්න. ශිව දෙවොලේදී ශිවා ගැනත් ලක්ෂ්මී නාරායන දෙවොලේදී රාධේ ක්‍රිෂ්ණා හා ලක්ෂ්මී නාරායන ගැනත් කියා දෙන්න. සැමට උපායශීලීව විස්තර කර දෙන්න.

2. මෝහාන්ධකාරයෙන් ගලවා ගැනීමට ජීවාත්ම සත්තාව නම් වූ පහන නිරතුරුව ඥානය නැමති තෙලෙන් දල්වා තබන්න. සැමගේ මෝහාන්ධකාරය දුරු කරලන්න.

වරදානය:
ඔබ නිත්‍ය, නොනවතින, මහා පරිත්‍යාගශීලියෙකු වී, නිරතුරුවම සේවය කරමින් සියලු වස්තු සම්භාරයෙන් පිරිපුන් අයෙක් බවට පත් වේවා.

සංගම යුගයේදී, බාප්දාදා ඔය දරුවන් සැමට ආශිර්වාද දෙයි: "ඔබ අචල හා නොනවතින භාවයට පත්වේවා". මෙම ආශිර්වාදය තම ජීවිතය තුළ තබා ගන්නා අය නිමක් නැති, මහා පරිත්‍යාගශීලීන්, එනම් නිරන්තරයෙන් පහසු අංක එකේ සේවාදායකයන් බවට හිමිකම් කියයි. තඹ යුගයේ සිට සැදැහැවතුන්ගේ ජීවආත්මයන් පවා පරිත්‍යාගශීලීන් බවට පත්වේ, නමුත් ඔවුන්ට මෙම කෙලවරක් නොමැති නිධානයන් පරිත්‍යාග කරන්නන් විය නොහැක. ඔවුන් විනාශ වන දේ සහ වස්තු පරිත්‍යාග කරන්නන් බවට පත් වන අතර, සියලු වස්තු වලින් පිරුණු දායකයාගේ දරුවන් වන ඔබට පරිත්‍යාග නොකර තත්පරයක්වත් සිටිය නොහැක.

පාඨය:
ඔබේ ස්වභාවයේ පහසුව ඇති විට අභ්‍යන්තර අවංකභාවය සහ පිරිසිදුකම හෙළි වේ.