09.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ආපසු මහ ගෙදර යා යුතු නිසා සෑම දිශාවකම ඇලීම් රැහැන් කඩා දැමිය යුතුයි. බ්‍රාහ්මණ වංශයේ නම කැතවන විදියේ පාප ක්‍රියා කිසිත් නොකරන්න.

ප්‍රශ්නය:
පියා ගොඩාක් සතුටු වන්නේ මොන වාගේ දරුවන් දකින්නටද ? පියා ඇස් මෙන් බලාගන්නා දරුවන් කවුරුන්ද?

පිළිතුර:
පියා සතුටු වන්නේ සේවයට ලැදි අන් අයට සතුට ගෙන දීමට උනන්දු කරවන දරුවන්ටයි. බාබාගේ ඇස් තුළ සිටිනුයේ බාබාට පමණක් ඇහුම්කන් දෙන බාබාට පමණක් කතා කරන සිහියෙන් බුද්ධියෙන් යුත් දරුවන්ටයි. බාබා මෙසේ කියයි : මගේ සේවය කරන දරුවන්ට මා තුළ ඇති සෙනෙහස ඉතා විශාලය. මම එවැනි දරුවන් සිහිපත් කරමි.

ඕම් ශාන්ති.
ඔය සුමිහිරි, ආධ්‍යාත්මික දරුවන් දන්නවා ඔබ පියා ඉදිරියේ වාඩි වී සිටින බව. ඔහු පියා වන අතර ගුරුවරයාගේ ස්වරූපයෙන් ඔබට උගන්වන එකම කෙනා ද වේ. එම පියාම පාරිශුද්ධකරුවා වන අතර ගැලවීම ලබා දෙන එකම කෙනා ද වේ. ඔහුත් සමඟ ඔබව ආපසු ගෙන යන එකම කෙනා ද ඔහුය. ඔහු ඉතා පහසු මඟක් ද පෙන්වා දේ. ඔබ අපිරිසිදු බවින් පිරිසිඳු බවට පත් කරවීමේදී ඔහු ඔබව වෙහෙසට පත් නොකරයි. ඔබ කොහේ ගියත් පිටරට එහෙ මෙහෙ ගියත් සරළව ඔබ ජීවාත්මයක් ලෙස සලකන්න. කොහොමත් ඔබ එසේ සැලකුවා වුවත් බාබා කියා දෙන්නේ, ඔබ ජීවාත්මයන්ය යන ශ්‍රද්ධාවත් ඇතිව, ශරීර අවධානයෙන් වෙන්ව ජීවාත්ම විඥානයට පත් වීමටයි. අප ජීවාත්මයන් වන අතර අපේ චරිත කොටස රඟපෑමට ශරීරයක් යොදා ගනී. එක චරිත කොටසක් රඟදැක්වූවායින් පසු එය අතහැර වෙනත් ශරීරයක් ගනී. සමහරුන්ට අවුරුදු 100ක, සමහරුන්ට අවුරුදු 80ක, සමහරුන්ට අවුරුදු දෙකක සහ තවත් සමහරුන්ට හය මාසයක චරිත කොටසක් ආදී වශයෙනි. සමහරු උපදිනවා හාම මිය යයි. සමහරු උපතට පෙර දරු ගැබේදීම මිය යයි. මෙහි නැවත උපතේත් සත් යුගයේ නැවත උපතේත් විශාල වෙනසක් ඇත. මෙහිදී දරුගැබ තුළින් උපත ලබයි, මෙය දරුගැබේ සිර ගෙය යැයි කියනු ලබයි. සත් යුගයේදී දරුගැබ සිරගෙයක් වන්නේ නැත. එහිදී පාප ක්‍රියා කිරීමක් නැත. එහි රාවණ් රාජ්‍යයක් නැත. පියා සියල්ල පැහැදිලි කරයි. අසීමිත පියා මෙම ශරීරය තුළින් මෙහි සිට විස්තර කියා දේ. මේ ශරීරයට අයිති ජීවාත්මය ද එය අසා සිටී. මේ ඥානය කියා දෙන්නේ ඔහුටම කියා ශරීරයක් නැති ඥාන සාගරය වූ පියාය. ඔහුව සෑම විටම හඳුන්වන්නේ ශිවා නමිනි. ඔහු නැවත උපත අභිබවනවා මෙන්ම බොහෝ ශරීර හා නම් ද නොගනී. ඔහු නිරන්තරයෙන්ම ශිවා වේ. සදාකාලිකවම ශිවාය. ඔහුට භෞතික නමක් නැත. ඔහු මොහුගේ ශරීරයට ආවත් එම ශරීරයේ නම භාවිත නොකරයි. ඔබේ අත්හැරීම අසීමිත වන අතර අන් අය සීමිත ලෙස එය කරයි; ඔවුන්, නම් ද වෙනස් කරයි. බාබාත් ඔබට ලස්සන නම් බොහෝ දුන්නා. නාටකය අනුව, එසේ නම් දුන් බොහෝ අය අතුරුදන් වී ඇත. පියා සිතුවේ මෙසේය : ඔවුන් මට අයිති නිසා මාව අත් නොහැර මෙහිම සිටීවි. කොහොමනමුත්, ඔවුන් එය කළා. අළුත් නම් දීමේ කුමන ඵලයක්ද ? අතැම් සන්යාසීන් ද ගෙදර ගොස් පරණ නම් නැවත යොදා ගනී. ඔවුන් ගෙදර යයි. ඔවුන් අත්හැරීම් කළත් ඔවුන්ගේ යහළුවන් නෑදෑයින් ආදිය සිහි නොකර සිටියා නොවේ. සමහරු සියලු යහළුවන් හා නෑදෑයින් සිහි කරමින් සිටී. ඔවුන් එම බැඳීම් වලට කොටු වී ඇත. ඔවුන්ගේ බැමි ඉතා තදය. සමහරු වහාම ඒවා කඩා දමයි. ඔවුන් එසේ කළ යුතුමය. ඔබ නැවත ගෙදර යා යුතු බව පියා කියා දී ඇත. පියාම මෙහි සිට එසේ තේරුම් කර දෙයි. බාබා මෙය අද උදේද කියා දුන්නා. ’ඔබ දකින විට මගේ සිතට සතුටක් දැනේ' යනුවෙන් ගීතයක් ඇත. ඒ ඇයි? බාබාගේ ඇස් තුළ දරුවන් රඳවා ගන්නා නිසාය. ජීවාත්ම කොහොමත් ආලෝකමත්ය. පියා දරුවන් දකින්නා හාම සන්තෝෂ වෙයි. සමහර දරුවන් ඉතා හොඳයි. ඔවුන් මධ්‍යස්ථානයක් බලා ගනියි. සමහරුන් නම්, බ්‍රහ්මණ බව ලැබීමෙන් පසුවද පාපයේ යෙදෙයි. ඔවුන් අකීකරුය. මේ පියා සේවය කරන දරුවන් දැකීමටත් ඉතා සතුටුයි. අසීමිත පියා මෙසේ කියයි : ඔහු මේ පවුලේ නම කැත කළා. ඔවුන් කැත කරන්නේ බ්‍රහ්මණ වංශයේ නමයි. ඔහු තවත් කියා දේ : කෙනෙක්ගේ නමටත්, ස්වරූපයටත් හසුවන්න එපා. එසේ වීම ද යම් ප්‍රමාණයකට නම කැත කිරීමකි; එය සම්පූර්ණ ද වනු අත. ඔවුන් ලියා එවයි: බාබා, මා වැටුණා. මගේ මුහුණ කැත වුණා. මායා මාව රැවැට්ටුවා. මායාගේ කුණාටු ගොඩක් එනවා. පියා මෙසේ කියයි : කාමරාගය නම් වූ කඩුව භාවිතය ද දුකට හේතුවකි. ඔවුන් පොරොන්දුවක් දෙන්න යොදන්නේ ඒ නිසයි. සමහරු ලෙයින් එය ලියා දී අද මෙහි නැත. පියා මෙසේ කියයි : අහෝ මායා ! ඔබ ඉතා බලවත්ය ! ඔබ ඔවුන්ගේම ලේ වලින් ගිවිස ගත් දරුවන් ද ගිල ගත්තා. පියා බලවත් වන සේම මායා ද බලවත්ව ඇත. ඔබ පියාගේ උරුමය කල්ප බාගයක් ලබන අතර මායා අනිත් බාගයේදී එය ඔබට අහිමි කරවයි. මෙය අදාල භාරතයටයි. හැම දෙයින්ම සම්පූර්ණව සිට ණය ගැත්තන් වීමට සිදුවන්නේ දෙවි දේවතාවුන්ව සිටි අයයි. දැන් ඔබ ලක්ෂ්මී නාරායන කෝවිලට ගිය කළ ඔබ ඊට අයිති බව කෙසේ අදහන්නද? ඔබ දැන් ඉගෙන ගනිමින් සිටී. මෙයාගේ ජීවාත්මයත් ශිව බාබා සමඟ ඉගෙන ගනී. ඉස්සර ඔබ හැම තැනටම ඔළුව නැමුවා, එකඟ වුණා. දැන් ඔබට ඥානය තිබේ. ඔබ හැම කෙනාගේම උපත් 84හි චරිතාපදානය දනී. හැම කෙනාම ඔහුගේ චරිත කොටස රඟපෑ යුතුව ඇත. පියා මෙසේ කියයි : දරුවනි, ඔබ සැමවිටම උද්යෝගයෙන් සිටිය යුතුයි. එවිට උද්යෝගයෙන් සිටීමේ සංස්කාරය ඔබත් සමඟ ඔබ ගෙන යනවා ඇත. ඔබ කවුරු වන්නේදැයි ඔබ දනී. අසීමිත පියා ඔබට මෙම උරුමය ලබා දෙයි. වෙන කිසිවෙකුට එය දිය නොහැක. ලක්ෂ්මී නාරායනට කුමක් වූයේදැයි දන්නෝ කිසිවෙක් නැත. ඔවුන් ආ තැනටම ගියේ යැයි සමහරු සිතයි. දැන් පියා මෙසේ කියයි : ඔබේ බුද්ධියෙන් නිශ්චය කරන්න. ඔබ භක්ති මාර්ගයේදී වේද ග්‍රන්ථ ආදිය ඉගෙන ගත්තා. දැන් මා ඔබට ඥානය දෙමින් සිටිනවා. දැන් තීරණය කරන්න භක්ති මාර්ගය හරිද, නැත්නම්, මා හරිද? පියා වන රාමා නිවැරදි අතර රාවණ් වැරදිය. මිනිසුන් හැම දේම ගැන බොරු කියයි. එය මෙම ඥානය ගැනයි. පළමුව ඔබ ව්‍යාජ දේ ගැන කියන්න පුරුදුව සිටි බව දනී. ඔබ දන් දෙමිනුත්, පින් කරමිනුත් ඉණිමගේ පහළටම බසිමින් සිටියා. ඔබ අන් ජීවාත්මයන්ට දුන්නා පමණි. පාපීව සිට තවත් පාපී කෙනෙකුට දන් දීමෙන් කෙනෙක් පිරිසිඳු හා පුන්‍යවන්ත වන්නේ කෙසේද? එහිදී ජීවාත්මයන් අතරේ ගණුදෙනු නොමැත. මෙහිදී මිනිසුන් අන් අයගෙන් රුපියල් සියදහස් ගණනින් ණය ගනී. මේ රාවන් රාජ්‍යයේ මිනිසුන් හැම විටම හැම පියවරකදීම දුකට පත් වේ. ඔබ දැන් සංගම් යුගයේ සිටින අතර සැම විට මිලියන ගණන් උපයයි. දෙවි දේවතාවුන් කෝටිපතියන් වූයේ කෙසේද? කවුරුත් නොදනී. දෙව්ලොව සත්‍ය ලෙසම තිබුණි. එහි සළකුණු ද ඇත. නමුත් ඔවුන් එසේ රාජ්‍යයක් ලැබීමට තරම් පසුගිය උපතේදී කුමක් කළා දැයි ඔවුන් නොදනී. එය නව ලෝකය වන අතර අනවශ්‍ය සිතිවිලි නැත. එය සතුටේ දේශය නම් වේ. ඒ අවුරුදු 5000කට පෙරයි. ඔබ පාරිශුද්ධ වීමේ සතුට විඳීම සඳහා උගනිමින් සිටී. නොයෙක් විදියේ ක්‍රම ඇත. පියා ඉතා පැහැදිලිව විස්තර කරයි. සාමයේ දේශය ජිවාත්මය වන ඔබේ නිවහනයි එය මිහිරි නිවස නම් වේ. මිනිසුන් පිට රටකට ගොස් ගෙදර එන කළ එම මිහිරිභාවය දැනේ. ඔබේ මිහිරි නිවස නම් සාමයේ දේශයයි. පියා සාමයේ සාගරයයි. පසුව එන අය සාම දේශයේ බොහෝ කල් සිට ඇත. බාබාගේ කොටස ඉතා කුඩාය. ඔබට වීරවරයන් හෝ වීරවරියන් වශයෙන් නාටකයේ චරිත කොටසක් ඇත. ඔබ ලොව හිමිකරුවෝ වෙති. වෙන අයට මෙම උද්දාමය නැත. කිසි කෙනෙකුට දෙව්ලොව සැපත නම් වූ වාසනාව නැත. ඔබ දරුවන්ට පමණි එය ලැබෙන්නේ. පියා, මෙසේ කියන දරුවන් දකින්න සතුටුයි: බාබා, මම ඔබට පමණයි කතා කරන්නේ. පියා කියයි : දරුවනි, මම ඔබ දකින්නට සතුටුයි. ඔබ රාග සෑයේ සිටිමින් මුළුමනින් දැවී ගොස් ඇති නිසා අවුරුදු 5000කින් පසු මම ආවේ ඔබ දුක් දේශයෙන් සතුටු දේශයට ගෙන යාමටයි. මට ඔවුන්ගේ සොහොන් වලට ගොස් කැඳවාගෙන ආ යුතුව ඇත. දැන් සියලු දෙනාම මෙහි පැමිණ ඇත. ඔවුන් සැමදෙන පාරිශුද්ධියට පත්කළ යුතුයි. පියා මෙසේ කියයි : සත්ගුරු පමණක් ඔබේ බුද්ධිය තුළ තබමින් අන් සැවොම අමතක කරන්න. එකම කෙනාට පමණක් සබඳතාවය තබා ගන්න. ඔබ කියන්න පුරුදු වී සිටියේ ඔබ ආ විට අන් සැවොම අමතක කර ඔබට අයිති වන්නම්. ඔබේ උපදෙස් පමණක් ලබා උසස් වන්නම්. මිනිසුන් ගායනා කරයි: ඉහළම ඉහළ නම්, දෙවියන් වන අතර ඔහු දෙන උපදෙස් සියල්ලටම ඉහළ වෙයි. පියා මෙසේ කියයි : මම දෙන ඥානය පසුව නැති වෙයි. ඔවුන් භක්ති මාර්ගයේදී ලියා ඇත්තේ මුල් ආරම්භයේ සිටම රාවණ් සිටි බවත් භක්තිය දිගටම කළ බවත්ය. ඔවුන්ගෙන් මෙසේ අසන්න: ඔබ කොච්චර කල් සිට රාවණ් පුච්චන්නේද? එසේ කරන්නේ ඇයි? ඔවුන් කිසිවක් දන්නේ නැත. ඔවුන්ට නොතේරෙන නිසාම මහත් ඉහළින් සමරයි. රාවණ් ගිණි තැබීමේ උළෙලට අමුත්තන්ට ආරාධනා කරයි. රාවණ් පඹයා සාදා ඇත්තේ කවදා සිටදැයි ඔවුන් නොදනී. දිනෙන් දින මේ පඹයා ටික ටික ලොකු වේ. මුල සිටම රාවණ් සිටියා යැයි ද ඔවුන් කියයි. කෙසේ වුවද, එසේ විය නොහැක. කොතෙක් කල් සිට රාවණ් පුච්චමින් ආවාද? ඔබ දන්නවා තව ඇත්තේ සුළු කාලයක් බවත් ඉන්පසු රාවණ් රාජ්‍යය නැතිවන බවත්. පියා මෙසේ කියයි : මේ රාවණ් ලොකුම සතුරාය. ඔහු පරාද කළ යුතුයි. මිනිසුන්ගේ බුද්ධියේ බොහෝ දේ ඇත. නාටකයේ ඇති දේ මොහොතින් මොහොත නියම කර ඇති ලෙස සිදු වේ. ඔබගේ චරිත කොටස් පැය කීයක්, මාස කීයක්, අවුරුදු කීයක් කළා දැයි ගණන් කළ හැකියි. මේ සියලු ඥානය ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. බාබා සියල්ල ඔබට තේරුම් කර දෙයි. මා පාරිශුද්ධකරුවා යැයි පියා කියයි. ඔබ ඒ සඳහා මට ආරාධනා කළේය. පිරිසිඳු ලෝකය යනු සාම දේශයත් සතුටු දේශයත් වේ. ඔබ සැවොම දැන් අපිරිසිඳුය. බාබා, බාබා යැයි සැමවිටම දිගටම කියන්න. මෙය අමතක නොකරන්න. ශිව බාබා සිහි කරන්න. මේ අපේම පියාය. පළමුව අසීමිත බාබා වෙයි. ’බාබා' යැයි කීමෙන් සතුටත් උරුමයත් ඔබට දැනේ. භගවාන් හෝ ඊෂ්වර යන වචන වලින් එම සිතිවිලි නොඑයි. අසීමිත පියා එය බ්‍රහ්මා මඟින් පහදා දුන් බව කා හටත් කියන්න. මෙය ඔහුගේ රථයයි. ඔහු මොහු මඟින් මෙසේ කියයි මා ඔබ දරුවන් දෙවි දේවතාවුන් කරවමි. මුළු දැනුමම මෙම පදක්කම තුළ ඇත. අවසානයේදී ඔබ සාමයේ දේශයත් සතුටේ දේශයත් පමණක් සිහි කරනු ඇත. ඔබ දුක් දේශය අමතක කරනු ඇත. අනික් අය අනුපිළිවලින් ඔවුන්ගේ වේලාව අනුව පසුව එන බව ඔබ දනී. ඉස්ලාම්, ක්‍රිස්තියානි, බෞද්ධ යනාදී බොහෝ ඇත. භාෂා ද බොහෝ ඇත. ආරම්භයේදී තිබුණේ එකම ආගමයි. දැන් බොහෝ පැමිණ ඇත. බොහෝ යුද්ධ ද සිදු වේ. හැම කෙනෙක්ම අනාථ වී ඇති නිසා සටන් කරයි. පියා මෙසේ කියයි : මා ඔබට දෙන රජදහන කිසිවෙකුට උදුරා ගත නොහැක. පියා දෙන දෙව්ලොව උරුමය කිසිවෙකුට ගත නොහැක. ඔබ නොසැලී, දැඩිව, අචලව සිටිය යුතුයි. මායාගේ කුණාටු නිසැකවම එනු ඇත. මුලින්ම සිටින තැනැත්තාට ඒවා පළමුව එයි. රෝග පීඩා ආදිය සදහටම අවසන් විය යුතුයි. එමනිසා, ඔබේ අසනීප වැඩිවන විට කර්ම ගිණුම් පියවීමේ බිය ඇතිවිය නොයුතුයි. මේ සියල්ල සිදුවන්නේ අවසානයේදීය. පසුව ඒ කිසිවක් නොවෙයි. මෙකල සියල්ල මතු වේ. මායා වයසක අයද නැවත තිරිහන් කරවයි. පිරිමින් විශ්‍රාම යන විට එහි ගැහැණුන් නැත. සන්‍යාසීවරු ද කැළයට ගොස් ජීවත් වෙයි. එහිද ගැහැණුන් නැත. ඔවුන් කිසිවෙක් දෙස නොබලයි. දානය රැගෙන පිටත් වී යයි. පළමුව ඔවුන් ගැහැණියෙක් දෙසවත් බැලුවේ නැත. ඔවුන් සිතුවේ බුද්ධිය ඔවුන් වෙත ඇදී යයි කියාය. සොයුරු සොයුරී සබඳතාවේ දී ද බුද්ධිය එසේ ඇදී යයි. බාබා මෙසේ කියන්නේ ඒ නිසාය : සහෝදරත්ව දැක්ම තබා ගන්න. ශරීරයේ නාමය ගැනවත් නොසිතන්න. මෙය ඉතා උසස් තත්ත්වයකි. ඔබ ඉහළම මුදුනට යා යුතුය. මෙම රාජධානිය ස්ථාපනය වෙමින් පවතී; එයට දැඩි උත්සාහයක් අවශ්‍ය වේ. ඔබ කියන්නේ: අපි ලක්ෂ්මී නාරායන වන්නෙමු. පියා මෙසේ කියයි : ශ්‍රීමත් අනුගමනය කර එසේ වන්න. මායාගේ කුණාටු එනු ඇත, නමුත් ඔබ භෞතික ඉන්ද්‍රිය මඟින් කිසිම පාපයක් නොකළ යුතුය. මිනිසුන් කොහොමත් බංකොලොත් වේ. ඔබ ඥානය ලැබූ නිසා බංකොලොත් වූවා නොවේ. මේ දේවල් සිදුවෙමින් යාවි. පියා මෙසේ කියයි : මම ආවේ ඔබේ අපිරිසිඳු බව පිරිසිඳු බවට පත් කිරීමටයි. ඇතැම් විට සමහරු හොඳ සේවයක් කර හොඳින් ඥානය තේරුම් කර පසුව බංකොලොත් වේ. කොහොමනමුත්, මායා ඉතා බල සම්පන්නය. හොඳම අය පවා වැටේ. පියා මෙහි සිට තේරුම් කරයි : මගේ සේවය කරන දරුවන් මගේ සෙනෙහස ලබන අයයි. ඔවුන් අන් අයද සතුටින් තබන අතර මම එවන් දරුවන් දිගටම සිහිපත් කරමි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. කිසිවකුගේ නමට හා ස්වරූපයට හසුවී ඔබේ පරපුරේ නම කැත නොකරන්න. මායාට රැවටී අන් අයගේ දුකට හේතු නොවන්න. පියාගෙන් ඔබේ උරුමයේ බලය ලබා ගන්න.

2. මෙහිදී සතුටින්ම නිරතුරුව ප්‍රබෝධමත් වීමේ සංස්කාරය ඇති කර ගන්න. පාපීන් සමඟ කිසිදු ක්‍රියාවක් නොකරන්න. අසනීප ආදිය ගැන බය නොවන්න. දැන් කර්ම ගිණුම් පියවන්න.

වරදානය:
සියලු නිෂ්ඵලත්වයට නැවතීමේ තිතක් තැබීමට ඔබගේ අධිෂ්ඨාන බලය භාවිතා කිරීමෙන් ඔබ අශාරීරික වේවා.

තත්පරයකදී අශාරීරික වීමේ පදනම වන්නේ අසීමිත නිරාශාවේ ආකල්පයක් තිබීමය. මෙම නිරාශාව කෙතරම් සරු භූමියක්ද යත්, ඔබ එහි කුමක් පැළ කළත් එය සැනෙකින් ඵල දරයි. එබැවින් දැන් සියලු නිෂ්ඵලත්වය අවසන් කිරීමට ඔබ තුළ සිතිවිල්ලක් ඇති වූ විට, එය තත්පරයකදී අවසන් වන ආකාරයේ එවන් අධිෂ්ඨාන බලයක් ඇති කර ගන්න. ඔබට අවශ්‍ය ඕනෑම විටෙක, අවශ්‍ය ඕනෑම තැනක සහ අවශ්‍ය ඕනෑම ස්ථිතියක, ඔබට තමන්ව ස්ථාවර කර ගැනීමට අවශ්‍ය වන්නේද, තත්පරයකදී තමන්ව එහි තැන්පත් කරගන්න. එමෙන්ම සේවයට ඔබව ඇද ගැනීමට ඉඩ නොහරින්න. තත්පරයකදී නැවතීමේ තිතක් තබන්න, එවිට ඔබ පහසුවෙන් අශාරීරික වෙයි.

පාඨය:
පරම පියාට සමාන වීම සදහා, වැරදී ඇති දේවල් නිවැරදි කරන අය වන්න.