10.02.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ජීව අවධානයෙන් සිටීම පුහුණු වන්න, එවිට ඔබ තුළ දිව්‍යමය ගුණධර්ම වර්ධනය වන අතර ඔබගේ සාපරාදී සිතිවිලි අවසන් වී, ඔබට අනන්ත සතුට අත්විඳීමට හැකි වෙයි.

ප්‍රශ්නය:
ඔබගේ හැසීරීම නිවැරදි කර, නිරන්තරයෙන් සතුටින් සිටීම සඳහා, ඔබගේ බුද්ධියේ ඔබ සෑම විටෙකම තබා ගත යුත්තේ කුමක්ද?

පිළිතුර:
ඔබ ඔබගේ දිව්‍යමය ආධිපත්‍යය ස්ථාපනය කරනා බව, සෑම විටෙකම ඔබගේ සිහියේ තබා ගන්න. අප මරණයේ දේශය අතහැර දමා, අමරණීය දේශයට යනවා. මෙය කිරීමෙන් ඔබ ඉතාමත්ම සතුටින් රැඳී සිටින අතර, ඔබගේ හැසිරීම ද නිවැරදි වෙයි, මන්ද, අමරණීය දේශයට, නව ලෝකයට යෑමට, ඔබට අනිවාර්යෙන්ම දිව්‍යමය ගුණධර්ම අවශ්‍යයි. තවද ස්ව-ආධිපත්‍යය ලබා ගැනීම සඳහා, ඔබ බොහෝ දෙනෙකුට යහපත ගෙන ආ යුතුයි. ඔබ සෑම දෙනාටම මාර්ගය පෙන්විය යුතුයි.

ඕම් ශාන්ති.
ඔය දරුවන් මෙහි අයත් වන බව, ඔබ නො සැලකිය යුතුයි. ඔබ දැන් දන්නවා, රාමාගේ රාජධානිය හෝ සුර්ය වංශික රාජධානිය යනුවෙන් හැඳින්වූ ඔබගේ රාජධානියේ, බොහෝ සාමය සහ සතුට තිබිණි. අප දැන් නැවත වතාවක් දේවතාවන් බවට පත් වනවා. මින් පෙරද අප මෙය බවට පත් වූවා. සියලුම ගුණධර්ම වලින් පිරිපුන්, දිව්‍යමය ගුණධර්මය තිබුණු අය වූයේ අපයි. අප සිටියේ අපගේ රාජධානියේ. දැන් අප සිටින්නේ රාවනගේ රාජධානියේ. අප අපගේ රාජධානියේ බොහෝ සතුටින් කල් ගෙව්වා. ඉතිං ඔබ නැවත වතාවක් ඔබගේ රාජධානියට යනවාය යන, මහත් සතුට සහ විශ්වාසය ඔබ තුළ තිබිය යුතුයි. රාවන ඔබගේ රාජධානිය ඔබගෙන් උදුරා ගත්තා. ඔබගේම සූර්ය වංශික රාජධානිය ඔබට තිබුණු බව ඔබ දන්නවා. අප රාමාගේ රාජධානියට අයත් වූ අතර, අපට දිව්‍යමය ගුණධර්ම තිබිණි. අප බොහෝ සතුටින් සිටි අතර, ඉන්පසුව රාවන අපගේ රාජධානියේ භාග්‍යය අපගෙන් පැහැර ගත්තා. පියා දැන් පැමිණ, අපට අයත්ව තිබූ දේ, සහ අපට නුහුරු දේ අතර වෙනස අපට කියා දෙනවා. චක්‍රයෙන් භාගයක් අප රාමාගේ රාජධානියේ සිටි අතර, ඉන්පසුව අවසන් චක්‍ර භාගයේදී අප රාවනගේ රාජධානියේ සිටිනවා. ඔය දරුවන්ට සෑම දෙයක් ගැනම විශ්වාසයක් තිබේ නම්, ඔබ සතුටින් රැඳී සිටින අතර, ඔබගේ හැසිරීම ද නිවැරදී වෙයි. අප දැන් අපට නුහුරු රාජධානියේ බොහෝ දුකින් සිටින්නෙමු. හින්දූන්, භාරතයේ ජනතාව, විදෙස් පාලනයක් යටතේ දුකින් සිටි බවත්, දැන් ඔවුන්ගේම රාජධානියේ සතුටින් ඉන්නා බවත් වටහා ගනී. කෙසේවෙතත්, එම සතුට කපුටෙකුගේ අසූචි මෙන් තාවකාලිකය. ඔය දරුවන් දැන් සදාකාලික සතුට ඇති ලෝකයට යනවා. එබැවින් ඔය දරුවන් ඇතුලතින් බොහෝ සතුටින් සිටිය යුතුයි. ඔබට මෙම දැනුම ලැබී නොමැති නම්, ඔබගේ බුද්ධිය ගලක් මෙනි. ඔය දරුවන් අනිවාර්යෙන්ම ඔබගේම රාජධානිය හිමි කරගන්නා බව දන්නවා. මෙහි කිසි අපහසුවක් පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. අප අපගේ රාජධානිය හිමි කර ගෙන, චක්‍රයෙන් භාගයක් එහි පාලනය කළා. ඉන්පසුව රාවන අපට තිබුණු සියලු දේම විනාශ කර දැමුවා. හොඳ දරුවෙකුගේ හැසිරීම නරක් වූ විට, ඔවුන් කියන්නේ ඔබගේ සිහිය විකල් වෙලාද? මේවා අසීමිත කාරණාවන්ය. මායා සම්පූර්ණයෙන්ම ඔබගේ සිහිය විකල් කළ බව, ඔබ තේරුම් ගත යුතුයි. අප අඛණ්ඩව ඇද වැටුනා. අසීමිත පියා දැන් අපට දිව්‍යමය ගුණධර්ම කියා දෙනවා. එබැවින් සතුටෙහි රසදිය කඳ ඉහළ නැඟිය යුතුයි. ගුරුවරයෙක් දැනුම ලබා දෙන විට, ශිෂ්‍යයින් සතුටට පත් වනවා. මෙය අසීමිත ඥානයයි. ඔබ තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි මා තුළ කිසියම් රාක්ෂක ගති තිබේද? ඔබ අංග සම්පූර්ණ නොවන්නේ නම්, දඬුවම් විඳීමට සිදුවෙයි. කෙසේවෙතත්, අප දඬුවම් විඳින්නේ කුමටද? එබැවින් ඔබට මෙම රාජධානිය හිමි කර දෙන පියාව, ඔබ සිහි කළ යුතුයි. අප දැන් අපට පෙර තිබුණු ගුණධර්ම ධාරණය කර ගත යුතුයි. එහි, රජ සහ රැජින කොයි ආකාරයේද, පුරවැසියන්ද එසේය සියල්ලන්ටම දිව්‍යමය ගුණධර්ම තිබේ. ඔබට දිව්‍යමය ගුණධර්ම වැටහෙයි. සමහරුන්ට මේවා නොවැටහෙයි නම්, ඔවුන් ඒවා වර්ධනය කරගන්නේ කෙසේද? සියලුම ගුණධර්ම වලින් පිරිපුන් වීම පිළිබඳව ඔවුන් ගායනා කරති, එබැවින් ඔබ උත්සාහ දරා ඒ වගේ විය යුතුයි. එසේ විමට උත්සාහ දැරීම අවශ්‍යයි. සාපරාදී ඇසක් තිබේ. පියා පවසන්නේ තමන් ජීවයක් බව සලකන්න එවිට සෑම සාපරාදී සිතිවිල්ලක්ම අවසන් වෙයි. පියා ඔබට බොහෝ ක්‍රම විස්තර කර දෙයි. දිව්‍යමය ගුණධර්ම ඇති අයට දේවතාවන් යැයි කියන අතර, ඒවා නොමැති අයට මනුෂ්‍යයින් යැයි කියයි. දෙගොල්ලන්ම මනුෂ්‍යයින් වන නමුත් දේවතාවන් වැඳුම් ලබන්නේ ඇයි? ඔවුන්ට දිව්‍යමය ගුණධර්ම ඇති බැවිනි, එනමුදු මනුෂ්‍යයින්ගේ ක්‍රියාකාරකම් රිලවුන්ගේ මෙනි. ඔවුන් එකිනෙකා සමග බොහෝ සේ සණ්ඩු සරුවල් ආදිය කරගනී. ස්වර්ණමය යුගයෙදී එවන් දේවල් සිදුවන්නේ නැත. කෙසේවෙතත්, මෙහි එවන් දේ තිබේ. ඔබ වරදක් සිදු කළොත් ඔබ නිසැකයෙන්ම එය ඉවසිය යුතුයි. ඔබ ජීව අවධානයෙන් නොසිටින්නේ නම්, ඔබ ඉවසිය යුතුයි. ඔබ ජීව අවධානයට වැඩියෙන් පත් වන තරමට, ඔබ වැඩියෙන් දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගනී. ඔබ තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි මට දිව්‍යමය ගුණධර්ම තිබේද? පියා සතුට පිරිනමන්නාය, එබැවින් දරුවන්ගේ වගකීම වන්නේ සෑම දෙනාටම සතුට ලබා දීමය. ඔබගේ හදවතින් විමසන්න මම කාට හෝ දුක ලබා දෙන්නේද? කෙසේවෙතත් සමහර මිනිසුන්ට එවන් පුරුද්දක් තිබේ, ඔවුන්ට දුක ලබා දීමෙන් මිදිය නොහැක. ඔවුන් තමන්ව නිවැරදි කරගන්නේම නැහැ ඔවුන් සිරකරුවන් මෙනි. ඔවුන් සිර මැදුරේ සිටින විට තමන් සතුටින් සිටින බව සලකයි. පියා පවසන්නේ එහි සිරමැදිරි නොමැත. සිර මැදිරියකට යාමට කිසි කෙනෙක් පාපයන් සිදු නොකරයි. මෙහිදී සිරමැදිරියේ ඔවුන්ට දඩුවම් විඳිමට සිදුවෙයි. ඔබ ඔබගේ රාජධානියේ සිටින විට, බොහෝ ධනවත්ව සිටි බව ඔබට දැන් වැටහෙයි. බ්‍රහ්මණ වංශයට අයත් අයට වැටහෙයි, ඔවුන් තමන්ගේම රාජධානිය ස්ථාපනය කරන බව. දේවතාවන්ගේ රාජධානිය වූ එම ස්ථානය, අපගේ රාජධානියයි. ජීවයකට දැනුම ලැබුණු විට ඔවුන් සතුටට පත් වෙයි. ඔබ අනිවාර්යෙන්ම සජීවී ජීව යැයි කිව යුතුයි. සජීවී ජීව වන අප, දේවතා ධර්මයට අයත්ව සිටි විට, අපට ලොව පුරාවටම තිබුණේ එක් රාජධානියක් පමණයි. මෙම දැනුම ඔබටයි. ඔවුන්ද සතෝප්‍රධාන්ව සිටි බවත්, එය ඔවුන්ගේ රාජධානියව පැවතුණු බවත් භාරතයේ මිනිසුන්ට නොවැටහෙයි. මේ සියලු දැනුම වැටහෙන්නේ ඔබට පමණයි. ඉතිං අප දේවතාවන්ව සිටි අතර, අප දැන් එය බවට පත් විය යුතුයි. බාධක තිබෙන නමුත් ඔබ දිනෙන් දින අඛණ්ඩව දියුණු වෙයි. ඔබගේ නාමය දිගින් දිගටම කීර්තිමත් වෙයි. මෙය හොඳ සංවිධානයක් බවත්, යහපත් ක්‍රියාවන් සිදු කරන බවත් සෑම කෙනෙකුටම වැටහෙයි. ඔබ ඉතාමත් පහසු මාවතක් පෙන්වයි. මෙසේ කියවෙයි ඔබගේම රාජධානියේ ඔබ සතේප්‍රධාන් දේවතාවන්ව සිටියා. ඔබ දැන් තමෝප්‍රධාන් වී තිබේ. වෙන කිසිවෙක් තමන් රාවනගේ රාජධානියේ සිටින බව නොසලකයි. ඔබ බොහෝ පිවිතුරු සහ පිරිසිදුව සිටි බවත් දැන් පහතට වැටී ඇති බවත් ඔබ දන්නවා. නැවත නැවත උත්පත්ති ගැනීමේදී ඔබගේ බුද්ධිය, දිව්‍යමය බවින් ගලක් බවට වෙනස් විය. අප දැන් අපගේම රාජධානිය ස්ථාපනය කරන බැවින්, ඔබ තුළ එම උද්යෝගය තිබී, ඔබ උත්සාහ දැරීමේ නිරත විය යුතුයි. පෙර චක්‍රයේදී මෙහි නිරත වූවන් නිසැකයෙන්ම දැන් එහි නිරත වෙයි. අප අපගේ දේවතා රාජධානිය, අපගේ උත්සාහයන් වලට අනුව, අංක පිළිවෙලට ස්ථාපනය කරමින් සිටිනවා. ඔබට මෙයද නැවත නැවතත් අමතක වෙනවා. එසේ නොමැති නම් ඇතුලාන්තයේ බොහෝ සතුට තිබෙයි. මන්මනභව් වීමට අඛණ්ඩව එකිනෙකාට මතක් කර දෙන්න. ඔබ දැන් ඔබගේ රාජධානිය හිමි කරගනිමින් සිටින පියාව සිහි කරන්න. මෙය අලුත් දෙයක් නොවෙයි. ඒ තුළින් අප දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්නා ශ්‍රීමත්, පියා අපට සෑම චක්‍රයකදීම ලබා දෙනවා. එසේ නොමැති නම් අපට දඬුවම් විඳීමට සිදුවී ඉන්පසුව පහත් තත්ත්වයක් හිමි කර ගැනීමට සිදුවෙයි. මෙය විශාල ලොතරැයියකි. ඔබ දැන් උත්සාහ දරා උසස් ස්ථානයක් හිමි කර ගතහොත්, සෑම චක්‍රයකදීම ඔබට එය අඛණ්ඩව ලැබෙයි. පියා ඔබට ඉතාමත්ම පහසුවෙන් විස්තර කර දෙයි. ප්‍රදර්ශන වලදී නොකඩවා විස්තර කරන්න භාරතයේ ජනතාව වන ඔබලා, දේවතා රාජධානියට අයත්ව සිටියේය. ඉන්පසුව පුනරුත්පත්ති ගෙන ඉනිමග දිගේ පහළට පැමිණීමෙන්, ඔබ දැන් මේ තත්ත්වයට පත්ව තිබේ. බාබා ඔබට ඉතාමත්ම පහසුවෙන් විස්තර කරයි. ඔහු උත්තරීතර පියා, උත්තරීතර ගුරුවරයා මෙන්ම උත්තරීතර ගුරු ද වන්නේය. අඛණ්ඩව තරඟයේ යෙදෙන ඔය ශිෂ්‍යයින් බොහෝ දෙනෙක් සිටියි. කී දෙනෙක් දුර්ගුණ වලින් තොර වී, පිවිතුරුව රැඳී සිටිනවාද කියා බාබා ලැයිස්තුවක් ඉල්ලා ඇත. ජීවය, නළල මැද දිලිසෙන බව ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. පියා පවසන්නේ මමත් පැමිණ මෙතැන අසුන් ගෙන (නළල මැද) මගේම කොටස රඟපාන්නෙමි. මගේ කොටස වන්නේ අපවිත්‍ර අයව පිවිතුරු කිරීමයි. මම ඥාන සාගරයයි. දරුවන් ඉපදෙන විට, සමහරුන් ඉතාමත් හොඳ අතර, සමහරුන් නරක අතට හැරෙනවා. ඔවුන් එවිට, මෙම දැනුම අසා විශ්මයට පත්ව, ඥානය අන් අයටත් කියා දී, ඉන්පසුව පැන ගිය අය වෙයි. ඕ මායා! ඔබ ඉතාමත්ම බලවත්ය! කෙසේවෙතත්, පියා පවසන්නේ ඔවුන් පැන ගියත්, ඔවුන් කොහේ යන්නද? ඔබව එගොඩට ගෙන යන්නේ මෙම පියා පමණයි. විමුක්තිය පිරිනමන්නා එක් පියා පමණයි. කෙසේවෙතත්, කිසි කෙනෙක් මෙම දැනුම නොදනී. පෙර චක්‍රයේදී මෙය විශ්වාස කළ අය, දැන් මෙය විශ්වාස කරයි. ඔබගේ හැසිරීම ඔබ බොහෝ සේ නිවැරදි කර ගත යුතු අතර, ඔබ සේවයද කළ යුතුයි. ඔබ බොහෝ දෙනෙකුට යහපත ගෙන ආ යුතුයි. ගොස් බොහෝ දෙනෙකුට මාර්ගය පෙන්වන්න. බොහෝ මිහිරිව සෑම කෙනෙකුටම විස්තර කරන්න භාරතයේ මිනිසුන් වන ඔබලා ලෝකයේ පාලකයන්ව සිටියා. ඔබට මේ අන්දමින් ඔබගේ රාජ්‍යය දැන් නැවතත් හිමි කර ගත හැක. පියා ඔබට විස්තර කර දෙන ආකාරයෙන් වෙන කිසිවෙකුට ඔබට විස්තර කර දිය නොහැකි බව ඔබට වැටහෙනවා. කෙසේවෙතත්, ගමන් කරන අතර, ඔබ මායා අතින් පරාජය වෙනවා. පියාම පවසන්නේ දුර්ගුණ පරාජය කිරීමෙන් පමණයි, ඔබ ලෝකය ජයගන්නේ. එම දේවතාවන් ලෝකය ජයගත්තන් විය. ඔවුන් නිසැකයෙන්ම එවන් ක්‍රියා සිදු කරන්නට ඇති. කර්ම න්‍යාය ද පියා ඔබට විස්තර කර දී තිබේ. රාවනගේ රාජධානියේ ක්‍රියා පාපකිරී වන අතර, රාමාගේ රාජධානියේදී ක්‍රියාවන් උදාසීන වෙයි. ප්‍රධානතම දෙය වන්නේ රාගය ජය ගෙන, ලෝකය ජයගත්තෙක් වීමය. පියාව සිහි කරන්න, මන්ද ඔබ දැන් ආපසු නිවහනට යා යුතුයි. අප අපගේ රාජ්‍යය නිසැකයෙන්ම හිමි කරගන්නා බව අපට 100% ක් සහතිකයි. කෙසේවෙතත්, අප මෙහිදී පාලනය කරන්නේ නැත. අප මෙහිදී රාජධානිය හිමිකර ගන්නා අතර, ඉන්පසුව අමරණීය දේශයේදී පාලනය කරන්නෙමු. ඔබ දැන් මරණයේ දේශය සහ අමරණීය දේශය අතර සිටින බවත් ඔබට අමතක වෙනවා. මේ නිසයි පියා ඔබට නැවත නැවතත් මතක් කර දෙන්නේ. ඔබ ඔබගේ රාජධානියට යන බවට, ඔබ තුළ දැන් ස්ථීර විශ්වාසයක් තිබේ. මෙම පැරණි රාජධානිය අනිවාර්යෙන්ම අවසන් වෙයි. නව ලොවට යෑම සඳහා, ඔබ දැන් දිව්‍යමය ගුණධර්ම අනිවාර්යෙන්ම ධාරණය කර ගත යුතුයි. මේ අන්දමින් තමන්ටම කතා කරන්න. තමන් ජීවයක් බව සළකන්න, මන්ද ඔබ දැන් ආපසු නිවහනට යා යුතු වනවා. එබැවින් ඔබ ජීවයක් බව සැලකිය යුත්තේ මෙකලයි. එවිට ඔබට මෙම ඥානය ලබා ගැනීමට නැවත මෙහි පැමිණීමට සිදු නොවෙයි. එහි යෝගා කිරීමට අවශ්‍ය වන, දුර්ගුණ නොපවති. පිවිතුරු වීම සඳහා ඔබ යෝගාවේ සිටිය යුතු වන්නේ මෙකළයි. එහි සෑම කෙනෙක්ම හැදුණු අයයි. ඉන්පසුව ක්‍රම-ක්‍රමයෙන් දිගින් දිගටම අංශක අඩුවෙයි. මෙය ඉතාමත්ම පහසුයි. කෝපය මිනිසුන්ට දුක ඇති කරයි. ප්‍රධානතම දෙය ශරීර අවධානයයි. එහි, ශරීර අවධානය නොමැත. ජීව අවධානයට පත් වීමෙන් ඔබට සාපරාදී බැල්මක් ඇති නොවෙයි ඔබ ශිෂ්ට බැල්මක් ඇති අයෙක් වෙයි. රාවනගේ රාජධානියේදී ඔබට සාපරාදී බැල්මක් තිබේ. ඔබගේම රාජධානියේදී ඔබ බොහෝ සේ සතුටින් සිටින බව ඔබ දන්නවා. රාගය හෝ කෝපය නොමැත. මෙය මත පදනම් වුණු ගීතයක් මුල් කාලයේදී ඇති විය. මෙම දුර්ගුණ එහි නොපවතී. අප බොහෝ වාර ගණනාවක් ජය ලබා ඉන්පසුව පරාජය වී තිබේ. ස්වර්ණමය යුගයේ සිට කලි යුගය දක්වා සිදු වූ සෑම දෙයක්ම නැවත සිදු විය යුතුයි. පියා සහ ගුරුවරයා, ඔහු තුළ තිබෙන දැනුම ඔබට අඛණ්ඩව ලබා දෙයි. මෙම ආධ්‍යාත්මික ගුරුවරයා ආශ්චර්යමත්ය. දෙවියන් උසස්ම උසස් වන අතර, ඔහු උසස්ම-උසස් ගුරුවරයාද වී, අපව උසස්ම-උසස් දේවතාවන් බවට පත් කරනවා. පියා දේවතා ධර්මය ස්ථාපනය කරන අන්දම ඔබටම බලා ගත හැක. තම තමන්ම දෙවි දේවතාවන් බවට පත් වනවා. ඒ සෑම කෙනෙක්ම දැන් තමන්ව හින්දූන් වශයෙන් හඳුන්වා ගනී. ඇත්ත වශයෙන්ම ආදි සනාතන දෙවි දේවතා ධර්මය තිබුණු බවත්, එනමුදු අනෙක් ආගම් දිගටම පැවතුණු බවත්, ඔවුන්ට විස්තර කර දි තිබේ. අතුරුදහන් වන්නේ දෙවි දේවතා ධර්මය පමණයි. මෙය ඉතාමත්ම පිවිතුරු ධර්මයකි. මෙය තරම් පිවිතුරු ධර්මයක් තවත් නොමැත. දැන්, පිවිතුරු නොවීම නිසා, ඒ කිසි කෙනෙකුට තමන් දේවතාවන් ලෙස හැඳින්විය නොහැක. ඔබ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත්ව සිටි බවත්, ඔබ දේවතාවන්ව වන්දනා කරන්නේ මේ නිසා බවත් ඔබට විස්තර කළ හැක. ක්‍රිස්තුට වන්දනාමාන කරන්නන්, ක්‍රිස්තියානුවන්ය. බුදුන්ට වන්දනාමාන කරන්නන්, බෞද්ධයින්ය. දේවතාවන්ට වන්දනාමාන කරන්නන් දේවතාවන්ය. එබැවින් ඔබ, තමන්ට හින්දූන් යැයි කියා ගන්නේ ඇයි? ඔබ ඒ අයට උපක්‍රමශීලීව විස්තර කළ යුතුයි. ඔබ නිකම්ම හින්දු ආගමක් නොමැති බව ඔවුන්ට කියන්නේ නම්, ඔවුන් කලබල වනු ඇත. ඔවුන් අයත් වූයේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයට බව ඔවුන්ට කියන්න, එවිට ඉපැරණි, ආදි, ධර්මය, හින්දු ආගම නොවන බව ඔවුන්ට වැටහෙයි. ආදි සහ ඉපැරණි යන වචන හොඳයි. දේවතාවන් පිවිතුරු වූ අතර දැන් අපවිත්‍රය, එබැවින් ඔවුන්ට දේවතාවන් යැයි තමන්ව හැඳින්විය නොහැක. සෑම චක්‍රයකදීම එය මෙසේ සිදුවෙයි. ඔබ ඒ රාජධානියේදී බොහෝ ධනවත් විය. ඔබ දැන් දරිද්‍රතාවයට පත්ව සිටියි. ඔවුන් කෝටිපතියන් විය. පියා ඔබට ඉතාමත්ම හොඳ ක්‍රම ලබා දෙයි. මෙසේ විමසයි ඔබ ස්වර්ණමය යුගයේ වැසියන්ද, කලි යුගයේ වැසියන්ද? ඔබ කලි යුගයට අයත් නම්, ඔබ නිසැකයෙන්ම අපායේ වැසියන්ය. ස්වර්ණමය යුගයේ වැසියන් වන අය, දේවතාවන්ය, දිව්‍යලෝකයේ වැසියන්. ඔබ ඔවුන්ගෙන් එවන් ප්‍රශ්න අසන්නේ නම්, එම ප්‍රශ්න අසන අයට අනිවාර්යෙන්ම අන් අයව පරිවර්ථනය කර, ඔවුන්ව දේවතාවන් බවට පත් කිරීමට හැකි බව ඔවුන්ට වැටහෙයි. මෙම ප්‍රශ්න වෙන කිසිවෙකුට ඇසිය නොහැක. භක්ති මාර්ගය වෙනස්ය. භක්තියේ ඵලය කුමක්ද? එය ඥානයයි. ස්වර්ණමය සහ රිදී යුගයන්හි භක්තිය නොමැත. ඥානය තුළින් චක්‍රයෙන් බාගයක් දහවල තිබෙන අතර, භක්තිය තුළින් චක්‍රයෙන් බාගයක් රාත්‍රිය තිබේ. මෙය පිළිගැනීමට ඇති අය, එය පිළිගනී. කිසිම දෙයක් පිළිනොගන්නා අය, ඥානය හෝ භක්තිය පිළිනොගනී. ඔවුන් දන්නේ මුදල් ඉපැයීමට පමණයි. ඔය දරුවන් දැන් ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, යෝගා බලයෙන් ඔබගේ රාජධානිය ස්ථාපනය කරනවා. ඉන්පසුව චක්‍ර බාගයකට පසුව, ඔබටද රාජධානිය අහිමි වෙයි. මෙම චක්‍රය නොකඩවාම බ්‍රමණය වෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බොහෝ දෙනෙකුට යහපත සිදු කිරීම සඳහා, ඔබ, ඔබගේ වචන බොහෝ මිහිරි කර ගත යුතුයි. මිහිරි වචන වලින් සේවය කරන්න. ඉවසිලිමත් වන්න.

2. කර්මයේ ගැඹුරු න්‍යාය තේරුම් ගෙන, දුර්ගුණ පරාජය කරන්න. ලෝකය ජයගන්නා දේවතාවන් බවට පත් වන්න. ජීව අවධානයට පත් වී, ඔබගේ සාපරාදී බැල්ම, ශිෂ්ට කරගන්න.

වරදානය:
ඔබගේ උසස් ක්‍රියා තුළින් දිව්‍යමය ගුණයන්ගෙන් යුත් "ප්‍රභූ ප්‍රසාද්" (දෙවියන් වහන්සේට පූජා කරන ලද ශුද්ධ ආහාරය) බෙදාගන්නා දේව දූතයෙකු බවට පත් වේවා.

වර්තමානය වන විට මේ දැනුම නැති ජීවාත්ම හෝ බ්‍රාහ්මීන් ජීවාත්ම යන දෙපිරිසටම ගුණාංග පිරිනැමීම අවශ්‍ය වේ. එබැවින්, දැන්, ඔබට සහ බ්‍රාහ්මණ පවුල සඳහා මෙම ක්‍රමය තීව්‍ර කරන්න. මෙම දිව්‍යමය ගුණ ඉතාමත් උසස් ප්‍රභූ ප්‍රසාදය වන අතර, එම නිසා බොහෝ දෙනෙකුට මෙම ප්‍රසාදය බෙදා දෙන්න. ඔබ ආදරයෙන් එකිනෙකාට තෝලි දෙනවා සේම, මෙම දිව්‍යමය ගුණ ඇති තෝලිය ලබා දෙන්න, මේ ආකාරයෙන්, දේවදූතයන්ගෙන් දේවත්වයට පත්වීමේ ඔබේ අරමුණ ඔබ සැම තුළම පහසුවෙන් දිස්වනු ඇත.

පාඨය:
ඔබගේ සන්නාහය වන යෝගාව නිරතුරුව පළඳින්න, එවිට ඔබේ සතුරා වන මායාට ඔබට පහර දීමට නොහැකි වනු ඇත.