10.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ පියා ළඟට එන්නේ ප්‍රබෝධමත් වීමටයි. නැවත අළුත් වන්නයි. මෙහිදී ඔබ ලෞකික කම්පන වලින් ඈත් වී සත්‍ය කම්පනයේ ආශ්‍රය ලබයි.

ප්‍රශ්නය:
ඔබේ ප්‍රගතිය සඳහා බාබා නිරන්තරයෙන්ම දෙන උපදෙස කුමක්ද?

පිළිතුර:
සුමිහිරි දරුවනි, ඔබ අතරේ ඕපාදූප කතා නොකරන්න. කෙනෙක් ඒවා කියන්නට ආවොත් ඇහිද්දෙන්. නමුත් ඇහුම් කන් දෙන්න එපා. හොඳ ළමයින් සේවය සම්පූර්ණ කර යුතුකම් ඉටුකර බාබා සිහිපත් කිරීමේ යෙදේ. කොහොමනමුත්, සමහර දරුවන් බොහෝ සතුටින් අනවශ්‍ය දූෂිත දේ අසයි, කතා කරයි. මෙයින් කාලය අපතේ යන අතර ඔබට ප්‍රගතියක් නැත.

ඕම් ශාන්ති.
ඕම් ශාන්ති දෙපාරක් කිව්වත් නිවැරදියි. එහි තේරුම දරුවන්ට විස්තර කර දී ඇත. මම සාමකාමී ජීවාත්මයක්මි. මගේ ආගම ම සාමය නිසා පිට කැලෑ වල ඇවිද්දාට සාමය නොලැබේ. පියා කියන්නේ මා සාමකාමී පියා කියාය. මෙය ඉතා පහසු නමුත් මායා හා සටන නිසා අමාරු වී ඇත. පියාට මිස වෙන කෙනෙකුට මෙම ඥානය දිය නොහැක. ඥාන සාගරය වන්නේ පරමාත්ම පියා පමණි. ශරීර ඇති අයට සාම සාගර විය නොහැකියි. නිර්මාණකරු පමණක්ම නිර්මාණයේ මුල, මැද, අග පිළිබඳ ඥානය දෙයි. ඔබ දරුවන්ට එය ලැබෙමින් තිබේ. සමහර ඉතා හොඳ විශේෂ දරුවන් ද මෙය අමතක කරන්නේ පියා සිහිපත් කිරීම රසදිය සේ එක තැන නොසිටින හෙයිනි. පාසලේ දී ළමුන් අනුපිළිවෙලින් සිටී. ඔවුන්ට අංක දී ඇත. සත් යුගයේ දී ඔවුන්ට අංක නොලැබේ. මෙය නියම පාසලක් වන අතර මේවා තේරුම් ගැනීමට විපුල බුද්ධියක් අවශ්‍ය වේ. කල්ප බාගයක් භක්තිය වන අතර ඉන් පසු ඥාන සාගරය පැමිණ ඥානය දෙයි. භක්ති මාර්ගයේ අයට ඥානය දිය නොහැක්කේ ඔවුන් සැම දෙන ශරීර සහිත නිසාය. ශිව බාබා භක්ති කරන්නේ යැයි ඔබ නොකියයි. ඔහු කාට භක්ති කරන්නද? පියාට පමණි ඔහුට කියා ශරීරයක් නැත්තේ. ඔහු කාටවත් වඳින්නේ නැත. මිනිසුන් සැවොම නිර්මාණ වන නිසා කෙනෙකුට වඳියි. පියා නිර්මාණකරු පමණක් වන අතර අන් සියල්ලම සියලු පින්තූර ආදිය නිර්මාණ බවට පත් වේ. මේවා නැවත නැවත අමතක වේ. පියා තේරුම් කරයි : පියා නොමැතිව අසීමිත උරුමයක් ලැබිය නොහැකියි. ඔබට දෙව්ලොව අධිකාරීත්වය ලැබේ. අවුරුදු 5000ට පෙර ඔවුන්ගේ රාජධානිය තිබී ඇත. සූර්ය වංශය හා චන්ද්‍ර වංශය අවුරුදු 2500ක් පවතී. ඔබ මෙය ඊයේ මෙන් දනියි. පියාට මිස වෙන කෙනෙකුට කිසිවක් කියා දිය නොහැකියි. පියා පමණි පාරිශුද්ධකරුවාණන් වන්නේ. මේවා විස්තර කිරීමට කාලය ගත වේ. පියා ම මෙසේ කියයි : කෝටි ගණනකින් අතලොස්සක් තේරුම් ගනීවි. මෙම චක්‍රය විස්තර කර දිය යුතුයි. මේ ඥානය මුළු ලෝකය සඳහාමය. ඉණිමඟ ඉතා හොඳයි, නමුත් සමහර අය විස්තර කියා දෙන විට අහංකාර වෙයි. බාබා තේරුම් කරන්නේ ශාලා අයිතිකාරයින්ට මේවා තේරුම් කර දී මේ විස්තර සපයා දෘෂ්ඨි දෙන ලෙසයි. ඔබ දිගටම දියුණු වන විට අන් අය ද මේවාට කැමති වෙයි. සියල්ලෝම එයි. ඔබ අන් අයට තේරුම් කර දිය යුතුයි. බාබා කිසිවකු වෙත නොයයි. දෙවියන් කතා කරයි : වන්දනාකරුවන්ට වන්දනීය බව සුදුසු යැයි කිව නොහැක. කලියුගයේ දී එක්කෙනෙක්වත් පිරිසිඳු නැත. වන්දනීය ඉහළම ඉහළ අයවරුන් විසින් වන්දනීය දෙවි දේවතාවුන් සාදනු ලබයි. ඔවුන් කල්ප බාගයකට වන්දනාවට සුදුසු වන අතර අනෙක් කල්ප බාගය වන්දනාකරුවන් බවට පත් වේ. මේ බාබාද බොහෝ ගුරුවරු ළඟට ගියේය. දැන් ඔහු ඒ භක්ති මාර්ගය යැයි දනියි. ඔහුට දැන් ඔහුව වන්දනාවට සුදුසු බවට පත් කරවන සත්ගුරු හමු වී ඇත. ඔහු එක්කෙනෙක් පමණක් නොව, ඔබ සියල්ලන්වම මේ බවට පත් කරවයි. ජීවාත්ම සියලු දෙනාම වන්දනීය සතෝප්‍රධාන් වේ. දැන් ඒ අය තමෝප්‍රධාන් වන්දනාකරුවන් වී ඇත. මේ කරුණු තේරුම් ගත යුතු ඒවාය. බාබා කියයි : කළියුගයේ කිසිවෙක් පිරිසිඳු හා වන්දනීය විය නොහැක. හැම කෙනෙක්ම පාපය තුළින්ම උපදී. මේ රාවණ් රාජ්‍යයයි. ලක්ෂ්මි නාරායන නැවත උපදින විට රාවණ් නොමැති නිසා ඔවුන් වන්දනීය වේ. මිනිසුන් මේවා ගැන කතා කළත් රාම රාජ්‍යය කවදාද හෝ රාවණ් රාජ්‍යය කවදාදැයි නොදනී. බලන්න මෙකල සභා(දේශපාලන පක්ෂ) කොතරම්නම් තිබේද: ඒ ඒ ආකාරයේ සභා, මේ මේ ආකාරයේ සභා. ඔවුන් කෙනෙකුගෙන් යමක් ලැබෙන විට එකක් අතහැර අනෙක් එකට යයි. මෙකළ ඔබ දිව්‍ය බුද්ධි ඇති අය වෙමින් සිටී. එහිදීත් සමහර අය සියයට 20ක් වන අතර තවත් අය සියයට 50කි. රජදහනක් ස්ථාපනය වන බව පරමාත්ම පියා විස්තර කර දී තිබේ. මෙතෙක් පරමදාම් සිටි අය පහළට පැමණෙමින් සිටී. සර්කස් වල දී සමහර අය හොඳ නළුවන් වන අතර අනෙක් අය සාමාන්‍ය අයයි. මෙය අසීමිත කාරණයකි. ඔබට සියල්ල හොඳින් විස්තර කර ඇත. ඔබ මෙහි පැමිණෙන්නේ නවතාවය සඳහා මිස නිකම් වාඩි වී සිටීමට නොවේ. සමහර අය රැගෙන එන්නේ එසේ නිරන්තරව ලෞකික කම්පන ඇති අයයි. ඔබ දරුවන් පියාගේ උපදෙස් පිළිපැදීම නිසා මායා පරාජය කරයි. මායා සෑම විටම නැවත නැවත ඔබේ බුද්ධිය වෙනතක හරවයි. මෙහිදී බාබා එය නැවත ඇද දෙයි. බාබා වැරදි දේ නොකියයි. පියා වූ කලී සත්‍යයයි. ඔබ වාඩි වී සිටින්නේ සත්‍යය ඇසුරේය. අන් සැවොම බොරුවේ ඇසුරයි. ඒවාට සත්සන් යන්න කීමද වැරදියි. මිනිසුන් පරමාත්මය වන්දනා කළත් ඒ කවුදැයි නොදනී. ඒ නිසා එය අන්ධ විශ්වාසයයි. බලන්න අගාකාන්ට කොතරම් අනුගාමිකයන් සිටියාද? ඔහු කොහේ ගියත් බොහෝ තෑගි ලබයි. දියමන්ති පවා තෑගි ලබයි. සාමාන්‍යයෙන් කෙනෙක් දියමන්ති සමඟ කිරා බලන්නේ නැත. සත්යුගයේදී දියමන්ති හා මුතු මැණික් ගල් කැට මෙන් ඇති අතර ඒවායින් ගොඩනැගිලි ද සාදයි. මෙහිදී දියමන්ති තෑගි වශයෙන්වත් නොදේ. මිනිසුන්ට බොහෝ මුදල් ඇති නිසා ඒවා දෙයි. ඔවුන් මුදල් දෙන්නේ පාපීන්ට නිසා එම දානයෙන් පව් සිදු වෙයි. ඔවුන් අජමිල් වැනි පාපකාරීන් වෙයි. පරමාත්ම දෙවියන් මිස මිනිසෙක් මේවා තේරුම් නොකරයි. 'දෙවියන්' යැයි කියූ විට මිනිසුන්ට පැටලේ. දෙවියන් අශරීරික වන අතර ඔබ නිසැකවම ලිවිය යුතුයි ත්‍රිමූර්ති කියා. ඒ ශිව බාබා පමණක් නොවේ. බ්‍රහ්මා, විෂ්ණු, ශංකර් යන නම් ද ඇත. ඔවුන්ට නමස්කාර වේවා. ඔවුන්ට ගුරු පදවිය ද දෙයි. ශිවා, ශංකර් එක්කෙනෙක් යැයි ඔවුන් කියයි. ශංකර් ඥානය දෙන්නේ කෙසේද? අමරණීයත්වයේ කතාන්දරය ඇත. සියලු දෙනාම පාර්වතීලාය. ඔබ සැමට බාබා ඥානය දෙයි. භක්තියේ ඵලය ලබා දෙන්නේ ඒ ශිව බාබා පමණි. ඊශ්වර හෝ භගවාන් නොවේ. ශිව බාබා යන නම ඉතා මිහිරිය. පියාම මෙසේ කියයි : 'සුමිහිරි දරුවනි', ඉතින් ඔහු බාබා නොවේද? සියලු දෙනාම සංස්කාර වලින් පිරී ඇති බව ඔහු කියයි. කෙනෙක් ක්‍රියාවට අනුවම හැඩගැසේ. එසේ නොවේ නම්, ඔහු අපිරිසිඳු වන්නේ කෙසේද? එහි බලපෑමෙන් ඔහු අපිරිසිඳු වේ; දූෂිත වේ. දෙවි දේවතාවුන් උසස්ය. ඔවුන්ගේ කීර්තිය ගායනා කර ඇත: ඔබලා සියලු ගුණාංග වලින් පිරී ඇති මුත් අප පිරිහුණු පාපකාරීහු වෙති. එමනිසා, ඔබ දෙවියන් යැයි ඔබට කිව නොහැක. පියා මෙහි සිට දැන් මිනිසුන් දෙවි දේවතාවුන් කරවයි. ගුරුනානක්ගේ ග්‍රන්ථයේ මේ ප්‍රසංසාව තිබේ. සික්වරු කියනවා සත් ශ්‍රී අකාල් කියා. අමරණීය ප්‍රතිරූපය වන්නේ සැබෑ සත්ගුරුය. එමනිසා, ඔබ එය පමණක් විශ්වාස කළ යුතුයි. ඔවුන් එකක් කියා වෙනෙකක් කරයි. ඔවුන් කිසිවක තේරුම දන්නේ නැත. සත්ගුරු වන පරමාත්ම පියා, අමරණිය ප්‍රතිරූපය, මෙහි සිට ඔබට තේරුම් කර දෙනවා. ඔබට අනුපිළිවෙලක් ඇත. ඔබ අතර සමහරු මෙහි වාඩි වී සිටියද, ඔබට කිසිවක් නොතේරීමට පුළුවන. කෙනෙකු මෙයින් පිටත් වූ විගස, සියල්ල අහවර වෙයි. බාබා ලෞකික සල්ලාප ඇසීම මේ දරුවන්ට තහනම් කරනවා. සමහර දරුවන් ඒ වගේ දේවල් ඉතා සතුටෙන් ඇහුම්කන් දෙමින් කතා කරයි. ඔවුන් පියාගේ උසස් කියමන් අමතක කරයි. ඇත්තෙන්ම හොඳ ළමයින් ඔවුන්ගේ සේවා යුතුකම සම්පූර්ණ කරමින් කුල්මත් බවින් මත් වී සිටියි. බාබා තේරුම් කර දී ඇත. ක්‍රිෂ්ණා හා ක්‍රිස්තියානීන් අතර හොඳ සම්බන්ධයක් ඇත කියා. ක්‍රිෂ්ණාට රාජධානියක් ඇත. පසුව ඔවුන්ට ලක්ෂ්මි නාරායන යැයි නම් ලැබේ. ඔබ පාරාදීසය යැයි කියනවා හාම ක්‍රිෂ්ණා සිහිවේ. ක්‍රිෂ්ණා කුඩා ළමයෙක් නිසා ඔබට ලක්ෂ්මි නාරායන අමතක වෙයි. කුඩා ළමුන් පාරිශුද්ධය. බිළිදුන් උපදින දර්ශන ඔබ දැක ඇත. හෙදියන් ඔවුන් ගැන බලා ගනී. ළමා කාලයේ කොටස තරුණ මහළු බවට වඩා වෙනස්ය. සියල්ල නාටකයයි. ඒ ගැන සිතිවිලි අවශ්‍ය නැත. නාටකය නියමිත වූවකි. මගේ කොටසද නාටක සැලැස්ම අනුවයි. මායා ද එනවා මෙන් පියාද පාදූර්භූත වෙයි. ඇතැම් අය පියාගේ උපදෙස් ගන්නා අතර අනෙක් අය රාවණ් පසුපස යයි. කවුද රාවණ්? ඔබ දැක තිබේද? ඇත්තේ පින්තූර පමණි. ශිව බාබාට හැඩය ඇත. රාවණ්ගේ හැඩය කුමක්ද? පව් පහේ භූතයන් පැමිණි විට ඒ රාවණ්ය. මේ යක්ෂයින්ගේ ලෝකයයි. ඔබ දැන් අළුත් වේ. මෙහිදී ඔබේ ශරීර පවා යක්ෂයින්ගේ මෙනි. ඔබ ක්‍රම ක්‍රමයෙන් පාරිශුද්ධියට පත් වේ. එවිට ඔබේ ශරීර අතහැර සතෝප්‍රධාන් ශරීර ලබයි. එම ශරීර පිරිසිඳුය. ඒ ඔබ ජීවාත්මය ලෙස පිරිසිඳු වූ විටය. රත්රන් පිරසිඳු වූ විට අභරණ ලැබේ. ඔවුන් රන් වලට තවත් දේවල් එකතු කරයි. චක්‍රයේ මුල, මැද සහ අග පිළිබඳ දැනුම මේ දරුවන්ගේ බුද්ධියේ නිරන්තරයෙන් කැරකැවේ. මිනිසුන් කිසිවක් නොදනී. ඍෂිවරු සහ උත්තමයන් පවා 'නෙති, නෙති' (මෙයද නොවේ වෙනකක් ද නොවේ) කියමින් ගිය බව ඔවුන් කියනවා. අපි කියනවා ලක්ෂ්මි සහ නාරායනගෙන් ඇසුවත් ඔවුන් ද 'නෙති, නෙති' කියා කියන බව. කොහොමනමුත්, මේ ගැටළුව ඔවුන්ට දැමිය නොහැකියි. ඔවුන්ගෙන් අසන්නේ කවුද? මේ ප්‍රශ්නය අසන්නේ ගුරු ලා ගෙන් පමණයි. ඔවුන්ගෙන් ඔබට මේ ප්‍රශ්නය ඇසිය හැකියි. ඔවුන්ට කියා දීමට ඔබට බොහෝ වෙහෙස වීමට සිදු වෙනවා. ඔබේ උගුර පවා වේදනා දෙනවා. පියා කතා කරන්නේ ඔහුව හඳුනාගත් ඔහුගේ දරුවන්ට පමණයි. ඔහු අන් අය හා අනවශ්‍ය ලෙස කරදර වලට පැටලෙන්නේ නැහැ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ සේවා මුරය සම්පූර්ණ කර ඔබේම ආනන්දයෙන් කුලමත් ව සිටින්න. අනවශ්‍ය දේවල් ගැන කතා කිරීම හෝ සවන් දීම නොකරන්න. එකම පියාගේ උසස් කරුණු පමණක් ඔබේ බුද්ධියේ තබා ගන්න. ඔහුව අමතක නොකරන්න.

2. නිරන්තරයෙන් සතුටින් සිටීමට, නිර්මාණකරු සහ නිර්මාණය ගැන දැනුම නිරන්තරයෙන් ඔබේ බුද්ධියේ කරකවන්න. එනම්, මෙය පමණක් විග්‍රහ කරගන්න. කිසිවක් ගැන කිසිඳු සිතිවිල්ලක් ගන්න එපා. මේ සඳහා, නාටකය හොඳින් තේරුම් ගෙන ඔබේ චරිත කොටස රඟපාන්න.

වරදානය:
ඔබ ‘මම’ යන අවධානය, ‘බාබා’ තුළ මුසු කර, නිරන්තර සහ පහසු යෝගීවරයෙක් වේවා.

ඔවුන්ගේ සෑම හුස්මකම පරම පියා කෙරෙහි සෙනෙහස ඇති දරුවන්, ඔවුන්ගේ සෑම හුස්මකම සිටින්නේ ‘බාබා, බාබා’ පමණක් වන අයට, යෝගාවේ සිටීමට දැඩි වෙහෙසක් දැරීමට අවශ්‍ය නොවෙයි. ඔවුන් ස්මරණයේ සිටින බවට සහතිකය වන්නේ ‘මම’ යන වචනය කිසිම විටෙක ඔවුන්ගේ මුවින් පිට නොවීමයි. මතු වන්නේ ‘බාබා, බාබා’ පමණයි. ‘මම’ යන සිහිය,’බාබා’ තුළ මුස වී ඇත. කොදු නාරටිය බාබාය, බාබා ඔබව දිරිමත් කළා, බාබා නිරන්තරයෙන් ඔබ සමගයි. ‘ඔබ සමග සිටීමට, ඔබ සමගින් ආහාර ගැනීමට, ඔබ සමග ඇවිදිමට සහ ගමන් කිරීමට’. මෙම අවධානය ඔබගේ ස්වරූපයේ ඉස්මතු වූ විට, ඔබ පහසු යෝගීවරයෙක් බව කියයි.

පාඨය:
‘මම, මම’ (මියාව්) කීම යනු බළලා වන මායා කැදවීමයි, එමෙන්ම ‘බාබා, බාබා’ කීමෙන් මායා දිව යයි.