11.02.24    Avyakt Bapdada      Sinhala Murli     24.02.98    Om Shanti    Madhuban


පරම පියාට, සේවයට සහ පවුලට සෙනෙහස දක්වයි ද වෙහෙස දැරීමෙන් ඔබ නිදහස් වේවි.


අද දින, සෑම තැනින්ම දරුවන් පැමිණ සිටින්නේ ඔවුන්ගේ පියාගේ ජන්ම දිනය සමරන්නටයි. ඔබ පරම පියා හමුවේ පුද්ගලිකව සිටියත් ඔබේ සූක්‍ෂම (සුරදූත) ස්වරූපයෙන් සිටියත් ඔබලා සිටින්නේ පියාගේ ඉදිරිපිටමයි. පරම පියා සියලු දරුවන් දකිමින් සිටියි. එක් අතකින් මෙම හමුවීම සැමරීමෙන් ඔබලා සතුටු වෙනවා. අනෙක් අතට හැකිතාක් ඉක්මණින් පියා එළිදරව් කිරීමේ සේවයට උද්යෝගයත් උනන්දුවත් දක්වනවා. සියලු දිශාවන් වල සිටිනා දරුවන් දකිමින්, බාප්දාදා කෝටි ප්‍රකෝටි වාරයක් සුබ පැතුම් පිරිණමයි. පියාගේ ජන්ම දිනය සැමරීමට, දරුවන් සෑම කොණකින්ම ඈත ඈත ප්‍රදේශ වලින් කෙසේ පැමිණියේ ද, බාප්දාදාත් දරුවන් ගේ ජන්ම දිනය සැමරිම උදෙසා බොහෝ ඈත සිට පැමිණ සිටිනවා. වඩාත් ඈතිත් පැමිණියේ කවුරු ද? පියාද, ඔබලා ද? ඔබ කියාවි: අපි ආවේ ඉතාමත් ඈතක සිටයි. එවිට පියා කියාවි: මම ආවේ ඔබලාට වඩා ඈත දනව්වක සිටයි. කෙසේවෙතත්, ඔබට මෙහි පැමිණෙන්න කාලයක් ගතවෙයි. එහෙත්, පියාට එන්නට කිසිසේත් කාලයක් ගත්තේ නැහැ. ඔබ සැමට අහස් යානාවක් හෝ දුම්රියක් අල්ලන්න වෙයි. එහෙත් පියාට සරළව රථයක් ගන්න එක විතරයි තියෙන්නේ. පියාගේ ජන්ම දිනය සමරන්න පැමිණියේ ඔබ පමණක් නොවෙයි. පරම පියා ද සිය මුල්ම සහකරුවන් වූ බ්‍රහමිණ් ජීවයන්ගේ උපතින්ම සහකරුවන් වූ දරුවන්ගේ උපන් දිනය සමරණ්නට පැමිණ සිටිනවා. පරම පියා පහළ වුණේ තනියම නොවෙයි. බ්‍රහ්මා උපත ලැබුවේ බ්‍රහමිණ් දරුවන් සමඟයි. එනම් ඔවුන් පහළ වුණේ එකටමයි. පරම පියාට බ්‍රාහ්මණයන් නොමැතිව යාගයක් නිර්මාණය කළ නොහැක. එමනිසා, බාබා යග්‍යාව සහ බ්‍රහමිණ් නිර්මාණය කළේ බ්‍රහ්මා තුළින්ය. ඉන් අනතුරුවයි ඔබ සැවොම නිර්මාණය වුණේ. එමනිසා, පියා සමඟ ඔබ වසර දෙකක් හෝ මාස දෙකක් සිටී ද, ඔබේ දිව්‍යමය උපත වෙනුවෙන් ඔබ සැමටම සුබ පැතුම්. මෙම දිව්‍යමය උපත ඉතාමත් උසස් ය. දිව්‍යමය උපත ලද සෑම බ්‍රහමිණ් ජීවයකගේම වාසනාවේ බැබළෙන තාරකාව දැක පියා බොහෝ සතුටු වෙයි. එසේම නොකඩවා ගයන ගීතය: "වාහ්, දියමන්තියක් මෙන් අගනා ජීවිතයක් ඇති බ්‍රහමිණ් දරුවනි වාහ්. ඔබ සියලු දෙනාම වාහ්, වාහ්. "(චමත්කාර ජනකයි)නේද? පරම පියා ඔබව චමත්කාර දරුවන් කළා. පරම පියාගේ අලෞකික උපත ඉතා අසහාය වේ. එමෙන්ම ඔබ සැමදෙනාගේම උපන් දිනයන් ඉතාමත් සුන්දරයි අසහායයි. මෙලෙස වන්නේ පියාගේ උපත හෝ ජයන්තිය පමණයි. කිසිම කෙනෙකුට මෙවන් උපන් දිනයක් තිබුණේත් නැහැ. අශාරීරික කෙනාගේ මෙන් දිව්‍යමය උපන් දිනයක් කිසිදා, කිසිම කෙනෙකුට තිබෙන්නේත් නැහැ. සියලු ජීවයන් තමන්ටම වූ භෞතික ශරීර සමඟ උපදිනවා. නමුත් අශාරීරික කෙනා උපදින්නේ තවත් කෙනෙකුගේ ශරිරයට පිවිසීමෙනි. මේ අයුරින් මුළු චක්‍රය තුළදී කිසිවකු උපත ලබා ඇත්ද? භක්තිවන්තයින් ශිව ජයන්තිය යැයි සමරණ එවන් අසහාය උපතක් ඇත්තේ එකම එක පියාට පමණි. මෙම දිව්‍යමය උපතෙහි විශේෂත්වය ඔබ දන්නේ මේ නිසයි. භක්තිවන්තයන් එහි වැදගත්කම නොදන්නවා වුවද, ඔවුන් නොකඩවා අසා තිබෙන දේ අනුව අති උසස්ම කෙනා දෙවියන් යැයි සලකා එය සමරති. ඔබ දරුවන් නිකම් සමරන්නේ නැහැ. එහෙත් එය සමරනවාත් සමඟ තමන්ව පරම පියා මෙන්ම සමානද කරයි. අලෞකික දිව්‍යමය උපතේ වැදගත්කම ඔබ දනියි. වෙනත් දරුවන් තම පියාගේ උපන් දිනයේ එකම වේලාවට උපදින්නේ නැත. නමුත් ශිව් ජයන්තිය යනු පරම පියාගේ දිව්‍යමය උපතත් සමඟම ඔහුගේ දරුවන්ගේ දිව්‍යමය උපත ද වෙයි. ඔබ දියමන්ති ජුබිලිය සැමරුවේත් මේ නිසාය. පරම පියාගේ උපතත් සමඟ මෙය දරුවන්ගේ ද දිව්‍යමය උපත වේ. මෙම උපත පමණයි දියමන්තියක් තරම් වටිතා එකක් වන්නේ. එසේම මෙම දියමන්තියක් වන් උපන් දිනය සැමරීම මඟින් ඔබේ ජීවිතය දියමන්තියක් බවට පත්වේ. ඔබ සියලුම දරුවන් මෙහි අර්ථය වටහාගෙන අන් අයටත් පැහැදිලි කරනවා. ඔබ දරුවන් පියාගේ දිව්‍යමය උපත බොහෝ වැදගත් කමක් ඇතිව, උද්යෝගයෙන් උනන්දුවෙන් සමරන්නේ කෙසේද යන සියලු පුවත් බාප්දාදා අසමින් දකිමින් සිටිනවා. සේවාධාරී දරුවන්ගේ ධෛර්යයට ප්‍රතිචාරය වශයෙන් බාප්දාදා නොකඩවා ඔවුන්ට උදව් කරනවා. පියාගේ උදව් ඇත්තේ, දරුවන්ට ධෛර්යය ඇතොත්ය.

මේ කාලේ දරුවන්ගේ ස්නේහ සිතිවිලි බාප්දාදා වෙත යළි යළි ලැබෙමින් තිබේ: දැන්, හැකිතාක් ඉක්මණින් මා පරම පියාට සමාන වෙන්න ඕන. පරම පියාත් කියන්නේ: සුමිහිරි දරුවනි, ඔබ මෙහෙම වෙන්න ඕන. ඔබ සෑමදෙනාටම මෙම අධිෂ්ඨානයෙන් යුතු විශ්වාසය ඇත. කෙසේවෙතත්, ඔබ මෙය තහවුරු කරගන්න: මම මෙසේ නොවෙන්නට එහෙනම්, වෙන කවුරු මෙසේ වන්නද? මම මෙසේ වුණෙමි. මම මෙසේ වී සිටිමි. එවිට මම සෑම චක්‍රයේම නොකඩවා මෙසේ වන්නෙමි. මෙම දැඩි විශ්වාසය ඔබට තිබෙනවා ද? ශිව් ජයන්තිය සමරන්නට ඩබල් විදේශිකයන් ඇවිත් සිටිනවා. ඩබල් විදේශික සැමදෙනාම අත් ඔසවන්න! ලොවේ එක් ඉසව්වක් වත් මග නොහැරෙන්නට ඩබල් විදේශිකයන්ට තිබෙන මාහැඟි උද්යෝගය බාප්දාදා දකී. භාරත් වාසීන්ට සේවය සඳහා බොහෝ කාලයක් ලැබී තිබෙයි. ඒ නිසා, ඔවුන් සෑම ගමකටම පණිවිඩය ලබා දී තිබෙයි. කෙසේවෙතත්, ඩබල් විදේශිකයන්ට සේවය සඳහා භාරත්වාසීන්ට වඩා අඩු කාලයකි. එසේ වුවද, ඔවුන්ගේ උද්යෝගය සහ උනන්දුව නිසාම ඔවුන් කළ සේවාවන් බාබාට හොඳාකාරව ඔප්පු කර පෙන්නුවා. එසේම ඔවුන් දිගටම කරාවි. සියලුම විවිධ වෘත්තීයන් වල යෙදෙන්නන් උදෙසා, භාරතයේ පටන් ගෙන තිබෙන්නා වූ සේවයෙත්, බාබාගේ පණිවුඩය සියලු වෘත්තිකයන් හට ලබාදීම පහසු වී ඇත. හේතුව, සෑම වෘත්තියක්ම තමන්ගේ වෘත්තිය දියුණු කිරීමට ඔවුන්ට ඇති උවමනා නිසාය. එමනිසා, වෘත්තිකයන්ට සේවය කිරීමේ මෙම නව නිමැවුම බොහෝම හොඳයි. මෙමඟින් මෙහි පැමිණි විවිධ වෘත්තිකයන් තුළින් විශේෂ ජීවයන්ගේ මාර්ගයෙන් හොඳ උත්කර්ෂවත් බවක් එහි විය. ඒකට ඔබ කැමතියි. නැද්ද? වෘත්තිකයන්ට සේවය කිරීමට ඔබ කැමැතියි. නැද්ද? විදේශයේ අය හොඳ කණ්ඩායමක් රිට්රිට් පැවැත්වීමෙන් අනතුරුව ඔවුන්ව මෙහි ගෙනැවිත් ඇත. එයද හොඳ ක්‍රමවේදයකි. නොයෙක් වෘත්තිකයන් හට සේවය කිරීමේ අවස්ථාවක් භාරත්වාසීන් ලැබුවා සේ. ඒ අයුරින්ම, ඩබල් විදේශීයයන්ගේ ක්‍රම වේදත් ඉතා හොඳයි. දෙපාර්ශවයේම සේවයට බාබා කැමැතිය. ඒ දෙකම හොඳයි. ජග්දීශ් බායි ඉතා හොඳ නිර්මාණශීලී දෙයක් කර තිබෙනවා. විදේශයෙහි රිට්රීට් සහ සංවාද යන නව නිමැවුම කළේ කවුරු විසින් ද? (සැවොම එකතු වී කළා) භාරතයෙහිත්, සැවොම එකතු වී කර තිබෙනවා. නමුත් කවුරු හෝ කෙනෙක් උපකරණය වෙන්න ඇතිනේ. ඒක හොඳයි. කවුරුත් තමන්ට සමාන අයගේ රැස්වීමට කැමැතියි. දෙවර්ගයෙන්ම කරන සේවාවන් වලින් ඔබට බොහෝ වර්ගයේ ජීවයන් සමීප කිරීමට අවස්ථාවක් ලැබෙයි. මේ ප්‍රතිඵලයට ඔබ කැමතියි නේද? රිට්රිට් වල ප්‍රතිඵලය හොඳයි ද? වෙනස් වෘත්තිකයන් ගේ සේවයේත් ප්‍රතිඵලය හොඳයි. මේ දේශයේ හරි විදේශයේ හරි නොකඩවා කුමක් හෝ තව නිමැවුමක් සිදුවෙමින් ඇත. භාරතයේ හෝ විදේශයේ වේවා සේවයට හොඳ උද්යෝගිමත් බවක් තිබෙනවා. තම හදවතින්ම පරාර්ථකාමීව සේවය කරමින් ඉදිරියට යන අය ඔවුන්ගේ පුණ්‍ය ගිණුමෙහි බොහෝ එකතු කර තිබෙනවා බාප්දාදා දකිනවා. සියලුම දරුවන් උදෙසා, පළමු ගිණුම නම් තමන්ගේ උත්සාහයේ ප්‍රතිලාභයයි; දෙවන ගිණුම නම් තමන් තෘප්තිමත්ව අන් අයවත් තෘප්තිමත් කිරීම මඟින් ආශීර්වාද ලබාගැනීම: තෙවන ගිණුම නම්, යෝග යුක්ත, යුක්ති යුක්ත ලෙස නිරවද්‍ය සේවය කිරීම සඳහා ප්‍රතිඵලය වශයෙන් පින් ලැබීමය. බාප්දාදා නොකඩවා දරුවන්ගේ මෙම ගිණුම් තුන නිරික්ෂණය කරයි. දරුවන් මෙම ගිණුම් තුනම එකතු කර තිබෙන බවට ඇඟවීම නම්, ඔවුන් තුලින්ම නිරන්තරව පහසු උත්සාහ දරන්නන් වී සිටින බව අත්දැකීමයි. එසේම අන් අය ඔවුන්ගෙන් පහසු උත්සාහය සඳහා ස්වභාවයෙන්ම උනන්දු කිරීමක් ලබාගනී. ඔවුන්ව පහසු උත්සාහය සඳහා සංඛේතවත් කරයි: ඔවුන්ට වෙහෙස දැරීමට අවැසි නොවේ. ඔවුන් පියාට සේවයට සහ පවුලට සෙනෙහස දක්වයි. මෙම තුන්වර්ගයේ සෙනෙහස ඔබව වෙහෙස දැරීමෙන් නිදහස් කරයි. ඔබ සියලු දරුවන් කෙරෙහිම බාප්දාදාට උසස් බලාපොරොත්තුවක් තිබෙනවා. එනම්, ඔබ සැම නිරන්තරයෙන් පහසු උත්සාහ කරන්නත් වීමය. ඔබ උපත් 63ක් පුරා භක්ති මාර්ගයේ වෙහෙස වීමෙන්, ව්‍යාකූල වී තැනින් තැන යෑමෙන් කල්ගත කළා. වෙහෙස දැරිමෙන් නිදහස් වීමට ඔබට ඇත්තේ මේ එකම එක උපතකි. ඔබ තවමත් නොකඩවා දිගුකලක් වෙහෙස වන්නේ නම්, එවිට සංගම් යුගයේ ආශීර්වාදය, සෙනෙහස තුළින් පහසු උත්සාහ දරන්නෙක් බවට පත්වීමේ ආශීර්වාදය ලබන්නේ කවදාද? මෙම යුගය අවසන් වන විට මෙම ආශීර්වාදය ද අවසන් වේවි. එමනිසා, හැකිතාක් ඉක්මණින් ලබාගන්න. මොන තරම් ලොකු කාර්යයක් හෝ ප්‍රශ්නයක් තිබුණත් ඔබට වෙඬරු පිඩකින් හිසක‍යක් අරන් දමන්නාක් සේ එම කාර්යය හෝ ප්‍රශ්නය පහසු විය යුතුයි. බාප්දාදා ඔය දරුවන්ගෙන් සමහර අයගේ සෙල්ලම් දකින විට එය හාස්‍යජනක වුවත් බාබාට ඔබ ගැන අනුකම්පාවක් දැනේ. සමහර දරුවන්ට ප්‍රශ්නයක් හෝ යම් කාර්යයකට මුහුණ දෙන්න වුණොත් මෙය විටෙක ඔබේ මුහුණෙන් පෙනේ. ඔබේ මුහුණ මදක් වෙනස් වේ. එවිට යම් කෙනෙක්, මොකද වුණේ කියා ඇසූවිට, "කරන්නට වැඩ ගොඩාක් තිබුණා" යැයි ඔබ කියයි. ඔබට බාධක කිසිවක් නැතිනම්, එවිට බාධක විනාශ කරන්නත් (විග්න විනාශ්) යන නමින් ඔබව වර්ණනා කළ හැක්කේ කෙසේ ද? විඩාවේ සලකුණක් හෝ කනස්සල්ලක් වැනි දෙයක් මුහුණේ යාන්තමට වත් නොතිබිය යුතුයි. ඇයි? අඩ කල්පයක් පුරා වන්දනා කරමින් පවතින ඔබේ අජීවමාන ප්‍රතිමා වල යම් විඩාවක්, කනස්සල්ලක සලකුණක් හෝ තිබේ ද? එම අජීවමාන ප්‍රතිමා සැමවිටම මදහස පාමින් සිටියි. නමුත් එම ප්‍රතිමා වලින් පෙන්වන්නේ කවුරුන්ද? ඒවා නියෝජනය කරන්නේ ඔබලාවයි. එසේනම්, අජීවමාන ප්‍රතිරූප ජීවමාන ස්වරූපයෙන් සිටින ඔබලාගේ සිහිවටනයත්ය. බාප්දාදා කියයි: අල්ප මාත්‍රයක විඩාවක් හෝ වෙන විදියකින් කීවොත් නොරිස්සුම් ගතියක් නොතිබිය යුතුයි. බාප්දාදා මෙන්ම අනෙකුත් සෑම දෙනාම සිනහ මුසු මුහුණට කැමතියි. නොරුස්සන කෙනෙක් ඉදිරියට කවුරු හරි යයි ද? ඔවුන් මුලින්ම සිතන්නේ: දැන් මම යම් දෙයක් මෙයාට කියන්න ද, එපා ද? භක්තිවන්තයින් ඔබේ අජීවමාන පිළිම ඉදිරියට එන්නේ බොහෝ උද්යෝගිමත් බවෙන්. නමුත් ඔබ ජීවමාන ස්වරූපයෙහි දුක්බර වී සිටිනවාට ඔවුන් කැමැති වේද? දැන් බාප්දාදාට උවමනා කරන්නේ සියලු දරුවන්ගේ මුහුණු සුරංගනාවකගේ, වරදානය කරන්නෙකුගේ පිරිණමන්නෙකුගේ කරුණාබරිත, විඩාවෙන් තොර, පහසු යෝගියකු සහ පහසු උත්සාහ දරන්නෙකු ගේ ස්වරූපයෙන් තිබෙනවා දකින්නයි. කියන්න එපා "අවස්ථාවක් මෙහෙම තිබුණා ඒකයි" මෙසේ නොකියන්න! අවස්ථාව ඕන එකක් වුණාවේ. ඔබ නිරන්තරයෙන් සිතාසෙමින් ශාත්තව සිටින්න. කල්පනාකාරිව සහ පරිණත බවෙන් සිටීම, සැහැල්ලුවෙන් විනෝදකාමීව සිටීමත් සමඟ සමබර වෙන්න ඕන. මිනිසුන් ඔබ හමුවට හදිසියේ පැමිණී අවස්ථාවක, ඔබ පහසු උත්සාහ දරන්නෙක් ලෙස ඔවුන්ට නොපෙනුනොත් කුමක් වෙයි ද? එවිට ඔබේ එම පින්තූර යයි ඔවුන් අරන් යන්නේ. ඕනෑම වේලාවක ඔබේ පින්තූරයක් කවුරු හෝ හදිසියේ ගනී ද, එවිට ඔබේ වයස මාසයක් හෝ මාස දෙකක් වේවා එය බාබා විස්තර කරන අයුරින් තිබෙන්න ඕන. පිරිණමන්නෙක් වෙන්න. ගන්න කෙනෙක් නොවෙයි. පිරිණමන කෙනෙක් වෙන්න. කෙනෙක් ඔබට මොනවා දුන්නත්, හොඳ වේවා නරක වේවා. ලොකු හදවතක් ඇත්තන් ඔබලාය. සියලුම පියවරුන්ගේ උසස්තම කෙනාට අයිති අය. නරක දෙයක් කෙතෙක් දුන්නත් ලොකු හදවතින් ඔබ එය පිළිගත්තවා නොවෙයි. නමුත් ඔබ පිරිණමන්නා වී ඒ කෙනාට සහයෝගය, සෙනෙහස සහ ශක්තිය දෙන්න. ඔබේ අභ්‍යන්තර අවධියෙන් එම කෙනාට කුමක් හෝ තෑග්ගක් දෙන්න. ඔබ විශාල හදවතක් ඇති සියලු පියවරුන්ගේත් උසස්ම පියාගේ දරුවන්ය. එම ජීව සත්තාව වෙනුවෙන් අමතර සෙනෙහසක් ඔබේ හදවතෙහි මතුවේවා. එම සෙනෙහසේ බලයෙන් එම ජීවය පරිවර්තනය වනවා ඇත. ඔබ එවන් ලොකු හදවත් ඇත්තන් ද? නැත්නම්. ඔබලාට ඇත්තේ කුඩා හදවත් ද? පිළිගැනීමේ බලය ඔබට තිබෙනවා ද? එහෙනම්, සෑම දේම පිළිගන්න. බොහෝ කුණු කසල සාගරයට විසිකරති. නමුත් සාගරය එසේ විසිකරපු කෙනාට එම කුණු හරවා විසි කරන්නේ නැත. ඔබ මාස්ටර්ලා. දැනුමේ සාගරයේ සියලු බලයන්ගේ සාගරයේ දරුවන්ය.

එසේනම්, බාප්දාදාට දකිත්ත උවමනා දේ ඔබ ඇසුවේ ද? ඔබ දරුවන්ගේ බහුතරයම මෙම වසරේම ස්වයං පරිවර්තනය කිරිමේ අරමුණ තබා ඇත. අනාගතයේ යම් වේලාවක එය කරනවා කියා හෝ ඔබ ඒ ගැන සිතනවා කියා හෝ නොකියන්න. එහෙත් ඔබ එය අනිවාර්යෙන්ම කරනවාමයි. නිවසට ආපසු යාමට තිබෙද්දී, ඔබ එය කරනවා ද නැත්නම් ඒ ගැන සිතන්න යනවා ද? මෙය කරනවාමයි කියා දැනෙන අය එක් අතකින් අත්පුඩි ගහන්න (වනන්න) (සැවොම අත් එසෙව්වා) බොහෝම හොඳයි. නිකම්ම අත් ඔසවන්න එපා. එහෙත් ඔබේ මනස තුළ අධිෂ්ඨානයේ අත ද ඔසවන්න. භෞතික අත් ඔසවන එක ලෙහෙසියි. ඔබේ මනසෙහි අධිෂ්ඨානයේ අත ඔබව නිරන්තරයෙන් සඵලතාවයේ ප්‍රතිමූර්තියක් කරයි. ඔබ කුමක් සිතුවත් එය සිදුවෙන්න ඕන. ඔබේ සිතිවිලි ඇත්ත වශයෙන්ම සාධනීය වනවා ඇත. ඔබට නිශේධනීය කිසිවක් සිතිය නොහැකිය. නිශේධනීය සිතිවිලි වල මාර්ගය සදහටම වැසී ඇත. එය වසා දමන්නේ කෙසේ ද කියා ඔබ දන්නේ ද? හෝ එය ඉබේම විවෘත වෙනවා ද, සැඬ සුළඟට දොර ඒ විසින්ම ඇරෙනවාක් මෙන් එය ඇරෙනවා ද? එය එහෙම නොවෙයි තේ ද? දොර වසා ඇතැයි ඔබ සිතන්න පුළුවන්, එහෙත් සැඬ සුළඟට දොර ඇරේවි. ඒ නිසා බුරුල්ව වසා නොතබන්න. අච්චා.

ඩබල් විදේශිකයන්ගේ උත්සව සැමරීම හොඳින් තිබුණා. එහෙම නේද? (දැනුමෙහි වසර දහයක් සහ ඊට වඩා සිටිනා විදේශීය සහෝදර සහෝදරියත් හට ගෞරවය දැක්වීම පිණිස උත්සවයක් පැවැත්විය.) ඔබ ඉත් විනෝද වුණේ ද? උත්සවය සමරා විනෝද වූ අය අත් ඔසවන්න. පාණ්ඩවයත් ද සිටියා. මෙහි වැදගත්කම කුමක් ද? මෙසේ සැමරීමේ වැදගත්කම කුමක් ද? සැමරීම කියන්නේ ඒ බවට පත්වීමයි. මෙම කිරුළ නිරන්තරව පැළඳ සිටින්න. ඔබ ස්වයං උත්සාහයට සහ සේවයේ වගකීමට කුමක් කියා කියන්නේ ද? එය හුදෙක් විනෝදයකි. සේවයේ වින්දනයේ කිරුළ නිරන්තරයෙන් පළඳින්න. හැමෝම රන් සළුවක් "ගෝල්ඩන් චුනි" පැළඳ සිටියා. ඇයි රන් සළුවක් පැළඳගෙන සිටියේ? නිරන්තරයෙන් ස්වර්ණම යුග අවධිය පිහිටුවා ගැනීමටයි. එය රජත නොවෙයි ස්වර්ණම යුග අභ්‍යන්තර අවධියයි. මල් මාලත් පැළඳ සිටියා. මාල දෙකක්. ඒවා නිකම් මාල දෙකක් ද? එකක් නිරන්තරව පියාගේ ගෙල වටා ඇති මාලයයි. මෙම මාලය කිසිවිට ගලවන්න එපා. එය පියාගේ ගෙලෙහිම තිබෙද්දෙන්. දෙවෙනි එක නිරන්තරව සේවයෙහි යෙදී අන් අයවත් ඔබ පියාගේ ගෙලෙහි මාලයේ කොටසක් කරයි. මාල දෙක මෙය වේ. එහෙනම්, මෙම උත්සවය සැමරූ අය විනෝදයක් ලැබුවා ද? එය නැරඹූ අයත් විනෝද වුණා. එහෙනම්, සැමරීමේ අර්ථය බාබා ඔබට කීවා. ඒ වාගේම, සමරණවා කියන්නේ උද්යෝගය සහ උනන්දුව වැඩි කිරීමටත්ය. බාප්දාදා සැම දෙනාගේම අත්දැකීමත් දැක්කා. හොඳ අත්දැකීම් ඔබලාට තිබෙයි. සතුට සහ කුල්මත් බව සෑම කෙනෙකුගේම මුහුණින් දිස්වෙනවා. සරළව ඔබේ ස්වරූපය බලවත්ව තබාගන්න. සිනහව, පරිණත බව, කල්පනාකාරී බව ඒත් එක්කම සැහැල්ලුව සහ විනෝද වීම තබාගන්න. වත්මන් කාලයට අනුව, බොහෝ දෙනෙක් සිටින්නේ මේ දේවල් සවන් දෙමිනි. බොහෝම ටික දෙනයි මේවා වටහාගන්නේ. එසේම ඔබව දැකීමෙනුත් අත්දැකීම් ලබනා අය ද බොහෝ සිටියි. මේ දේවල් ඔබ විසින් කියනවා වෙනුවට ඔබේ මුහුණේ පරම පියාගේ හැඳින්වීම දැකීමට හැකිවිය යුතුයි. ඒ නිසා මෙය හොඳින් තිබුණා. මේවා දැකීමෙන් බාප්දාදාත් සතුටු වුණා. මේ වසරේ මේ වාරය සැමරීමෙහි විශේෂ වාරයක් විය. සැමවිටම සැමදේම එකවාගේ තිබෙන්නේ නැහැ.

(බාප්දාදා සරඹයක් මෙහෙයෙවා.) සැමටම පාලනය කිරීමේ බලය තිබෙනවා ද? ඕනෑම වේලාවක දී තමන්ගේ භෞතික ඉන්ද්‍රියන් තමන්ට පාලනය කළ හැකි ද? ඔබ ස්වයං පාලක බවට පත්වුණේ ද? ස්වයං පාලකයාට පමණයි ලොව පාලකයන් විය හැක්කේ. ඔබට අවැසි ඕනෑම වේලාවක වාතාවරණය කුමක් වුණත් ඔබේ මනසටත් බුද්ධියටත් නතර වෙන්නැයි අණ කළොත් ඒවා නතර වෙයි ද? නැත්තම්, ඊට කාලයක් ගතවේ ද? සෑම කෙනෙක්ම දවස පුරාම යළි යළි මෙම උත්සාහයෙහි යෙදෙන එක අත්‍යවශ්‍යයි. මනස සහ බුද්ධිය කාර්යබහුල වේලාවක දී උත්සාහ කර බලන්න. තත්පරයක් තුළ නවත්වන්න පුළුවන් වෙයිද, "stop" කියා සිතූ පමණින් නතර වෙනවා ද? එසේ නතර වීමට මිනිත්තු තුනක් හෝ පහක් වැය නොකළ යුතුයි. මෙම පුහුණුව අවසානයේ දී ඔබට ප්‍රයෝජනවත් වේවි. මෙම පදනම මත ගෞරවයෙන් ඔබට සමත් වීමට හැකිවේවි. අච්චා.

නිරන්තරව තම හදවතිත්ම උයෝගයෙන් සහ උනන්දුවෙන් සැමරූ සියලු ජීවයන් දියමන්තියක් වන් අගනා ජීවිතයක් යැයි නිරන්තරයෙන් අත්දකින්නන්, ස්වයං අත්දැකීමත් අධිකාරිත්වයත් ඇති විශේෂ ජීවයන්, පරම පියාව තම මුහුණෙත් හෙළිදරව් කර, ඔහුගේ හැඳින්වීම ලබාදෙන සේවාධාරි ජීවයන්, සැහැල්ලුවෙන් විනෝදයෙන් සිට කල්පනාකාරි සහ පරිණත බව (Serious and mature) අතර සමබරතාවය නිරන්තරව පවත්වා ගැනීමෙන් සැමගේ ආශීර්වාදය හිමිකර ගත්තන්, මේ දේශයේ සහ විදේශයේ සියලු තැන් වලින් පැමිණි සියලු දරුවන්ට ශිව රාත්‍රිය වෙනුවෙන් සුබපැතුම්. සුබපැතුම් කරුණාවෙන් පිළිගන්න. ඒ වාගේම දිලාරාම්, හද සනසන්නා, බාප්දාදාගෙත් හද පත්ලෙන්ම සෙනෙහස ස්මරණය සහ නමස්කාරය කරුණාවෙන් පිළිගන්න.

වරදානය:
පරමාධිපත්‍යය සඳහා සියලු හිමිකම් ඇති ඔබේ ස්වරූපය සහ නමස්කාරයට සුදුසු ඔබේ ස්වරූපය පිළිබඳව දැනුවත්ව සිටීමෙන් ඔබ සියලු සම්පත්වලින් පිරුණු දානය කරන්නෙකු බවට පත් වේවා.

නිරතුරුවම දැනුවත්ව සිටින්න: මම නමස්කාරයට සුදුසු ජීවාත්මයක් වන අතර අන් අයට දානය කරන්නෙකු වන අතර අන් අයගෙන් ගන්නා අයෙකු නොවෙමි. පරමාත්ම පියා ඔබ සැමට ස්වකීය කැමැත්තෙන්ම සියල්ල දානය කරන්නා සේමල ඔබත් ප්‍රධාන දායකයෙකු බවට පත් විය යුතු අතරල කිසිවක් නොඉල්ලමින් දිගටම දීම ම කල යුතුය. පරමාධිපත්‍යයට අයිතියක් තිබීම සහ නමස්කාරයට සුදුස්සෙකු වීම පිළිබඳ ඔබේ ස්වරූපය පිළිබඳ දැනුවත්භාවය පවත්වා ගන්න. මිනිසුන් අද දක්වාම ඔබේ අජීවී රූප ඉදිරිපිටට ගොස් යමක් හෝ ආරක්ෂාවක් ඉල්ලා සිටිති. එනිසා, ඔබ ආරක්ෂාව ලබා දෙන්නකු මිස ආරක්ෂාව ඉල්ලන අයකු නොවේ. කෙසේ වෙතත්, දායාද කරන්නෙකු වීමටල සිහි කිරීමල සුභ පැතුම් සහ පිරිසිදු හැඟීම් ඇති කර ගනිමින් සේවය කිරීමෙන් සියලු වස්තූන්ගෙන් පූර්ණ වන්න.

පාඨය:
ඔබේ හැසිරීමේ සහ මුහුණේ ඇති සතුට අධ්‍යාත්මික පෞරුෂයක සළකුණකි.