11.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම නාටකය පූර්ව නියමිත වූවකි. එකඳු ජීවාත්ම සත්තාවක් හෝ මෙම නාටකයෙන් නිදහස් කළ නොහැක. කිසිවෙකුට සදාතනික විමුක්තිය ලැබිය නොහැක.

ප්‍රශ්නය:
ඉහළම ඉහළ පාරිශුද්ධකරුවානන් වන පියා අවිහිංසකත්වයේ ස්වාමියා වන්නේ කෙසේද?

පිළිතුර:
පියා අහිංසකත්වයේ ස්වාමියා යැයි හඳුන්වන්නේ ඔබ දරුවන් හාල් මිටක් දීමෙන් පිළිතුරු ලෙස මාළිඟාවක් ලබන නිසයි. ඔබ මෙසේ කියයි: ශිව බාබා මගේ දරුවාය. ඔහු ඔබෙන් කිසිවක් නොගෙන හැම විට ඔබටම දෙන වර්ගයේ දරුවෙකි. භක්ති මාර්ගයේ ඔවුන් මෙසේ කියයි: කෙනෙක් කරන ක්‍රියා යම් සේ ද ඔහු ඉන් ලබන ප්‍රතිඵල ද එසේම වේ. කොහොමනමුත්, භක්ති මාර්ගයේ ඔවුන් ලබන කුමක් වුවත් ඉතා තාවකාලික කාලයකටයි. ඥාන මාර්ගයේ දී, ඔබ සැම දේම කරන්නේ තේරුමක් සහිතව වන අතර ඔබ ලබන දේ සෑම කාලයකටම වන්නේ ඒ නිසාය.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන් වන ඔබ හා හෘදයාංගම පිළිසඳරක යෙදේ. නැතහොත් ඔබ කියන්නේ ආධ්‍යාත්මික පියා ඔබ දරුවන්ට රාජයෝගා උගන්වන බවයි. ඔබ පැමිණ සිටින්නේ අසීමිත පියාගෙන් රාජයෝගා හැදෑරීමටයි. ඔබේ බුද්ධිය, පියා වෙත යා යුත්තේ ඒ නිසාය. මේ වූ කළී ජීවාත්ම සත්තාව සඳහා වූ දෙවියන්ගේ ඥානයයි. පරමාත්ම දෙවියන් කතා කරන්නේ සලිග්‍රෑම් දරුවන්ටයි. අහුම්කන් දිය යුත්තේ ඔබ ජීවාත්ම සත්තාවන් වන අතර, ඔබ ජීවාත්ම සත්තාවන් ලෙස සිටිය යුත්තේ ඒ නිසයි. කලින් ඔබ ශරීර ලෙස සිටියා. මේ ඉතා ශුභ සංගම් යුගයේ පියා පැමිණ ඔබ දරුවන් ජීවාත්ම සත්තා ලෙස හුරු කරයි. දැන් ඔබට ජීවාත්ම සත්තා ලෙස සහ ශරීර ලෙස වෙනස තේරෙන්න ඇති. පියා විස්තර කරන්නේ ඔබේ චරිත කොටස රඟපාන්නේ ජීවාත්ම සත්තාව ශරීරය මඟින් බවයි. හැදෑරීම් කරන්නේ ශරීර නොව ජීවාත්ම සත්තාවයි. කොහොමනමුත්, ශරීර ලෙස බලන නිසා ඔවුන් හිතන්නේ අහවලා උගන්වන බවයි. ඔබට උගන්වන්නේ අශරීරික කෙනාය. ඔහුගේ නම ශිවාය. ශිව බාබාට ඔහුගේම යැයි ශරීරයක් නොමැත. වෙන ඕනෑම කෙනෙකුට මේ මගේ ශරීරය යැයි කිව හැකියි. මෙය කීවේ කවුද? ජීවාත්ම සත්තාවයි. කොහොමනමුත්, ඒ සියල්ල ලෝකයේ ලෞකික භෞතික හැදෑරීම් වන අතර බොහෝ විවිධ විෂයයන් ඇත. BA ආදී බොහෝ උපාධි ඇත. මෙහි ඇත්තේ එක නමක් වන අතර උගන්වන්නේ ද එක්කෙනා මය. ඒ නිසා ඔබ පියා සිහිකළ යුතු මයි. අසීමිත පියා අපට උගන්වයි. ඔහුගේ නම කුමක් ද? ඔහුගේ නම ශිවාය. ඔහු නම හා ස්වරූපය අභිබවා නැත. නම් දී ඇත්තේ මනුෂ්‍ය ශරීර වලටය. කියන්නේ නම් මෙය අහවලාගේ ශරීරය කියාය. කොහොමනමුත්, ශිව බාබාට ශරීර නමක් නැත. මනුෂ්‍යයින්ගේ ශරීර වලට, නම් දී ඇති අතර ශිවා යන නම ලැබෙන්නේ අශරීරික පියාටය. ඔහු මෙහි පැමිණ ඔබට උගන්වන විට ද ඔහුගේ නම ශිවාය. මෙම ශරීරය ඔහුට අයත් නැත. ඇත්තේ එකම දෙවියන් මිස දහයක් දොළහක් නොවේ. ඔහු එක්කෙනෙක්ම වන නමුත් ඔහු අවතාර 24 කින් හඳුන්වයි. පියා මෙසේ කියයි ඔබ මාව බොහෝ පටලවා ඇත. මා ගස් ගල් වල ඇතැයි ඔබ කියා ඇත. ඔබ භක්ති මාර්ගයේ පටලැවුණා සේ මාවද බොහෝ සෙයින් පටලවා අවුල් කර ඇත. නාටකයට අනුව ඔහුගේ කතාව එතරම්ම සිසිල් වේ. ඔහු මෙසේ විස්තර කරයි : හැම කෙනෙක්ම මට අපහාස කර එතරම්ම පහත හෙලා ඇත. මිනිසුන් පරාර්ථ සේවය කරනවායැයි කීවත් පියා කියන්නේ : මා මිස වෙන කිසිවෙකුට පරාර්ථ සේවය කළ නොහැකියි. කවුරු හෝ කරන දේ අනුව ප්‍රතිඵල ලබයි. ඔබ දැන් එය ලබමින් සිටී. දෙවියන් භක්තියේ ඵලය දෙන බව සිහිකරන්නන් එසේ කියන්නේ ඔහු ඥාන සාගරය නිසාය. ඔබ කල්ප භාගයක්ම භක්ති මාර්ගයේ චාරිත්‍ර කර ඇත. මෙම ඥානය වූ කලී හැදෑරීමයි. පියාගෙන් මෙය ලැඛෙන්නේ එක වතාවකිනි. පියා එක් වරක් පමණක් පැමිණ මෙම ඉතා ශුභ සංගම් යුගයේ දී ඔබව උසස්ම මනුෂ්‍යයින් බවට පත් කර ආපසු යයි. මෙය ඥානය වන අතර එය භක්තියයි. ඔබ චක්‍ර භාගයක්ම භක්තිය සිදු කළේය. භක්තිය නොකරන අය සිතන්නේ ඇතැම් විට කෙනෙක් ඉපදී අසනීප වන්නේ ඔහු හෝ ඇය භක්ති නොකර ඇති නිසාය කියාය. කොහොමනමුත්, එය එසේ නොවේ. පියා මෙසේ කියයි : දරුවනි, ඔබ මට අඬගැසුවේ පැමිණ අපිරිසිඳු අය පිරිසිඳු කර සෑම කෙනෙකුට ම ගැලවීම ලබා දීමටයි. ඉතින් මා ආවා. භක්තිය ඥානයෙන් පරිබාහිරය. භක්තියෙන් චක්‍ර බාගයක්ම අන්ධකාර වන අතර ඥානයෙන් චක්‍ර භාගයක්ම ආලෝකය ලැබේ. රාම රාජ්‍යය සහ රාවණ් රාජ්‍යය යන දෙකම අසීමිතය. ඒවාහි කාලය සමානය. මේ කාලයේ දී මිනිසුන් ඉන්ද්‍රිය සතපන භෝගීන් වන නිසා ලෝක ජනගහනය වැඩි වී ආයු කාලය ද කෙටි වේ. ඔවුන් විවිධ මාර්ග වලින් එය වැඩි නොවීමට ක්‍රම නිර්මාණය කරයි. ඔබ දරුවන් දන්නවා එසේ වූ විශාල ජනගහනයක් කුඩා කිරීම පියාට පමණක් පැවරුණු යුක්ති ධර්මයක් බව. පියා පැමිණ එය කුඩා කරයි. ඔබ මෙසේ අඬගසයි : බාබා, පැමිණ අනාගමිකත්වය විනාශ කර මේ ලෝකය කුඩා කරන්න. බාබා එය කොතෙක් කුඩා කරනවාදැයි ලෝකයා නොදනී. මනුෂ්‍යයින් සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරිවේ. අනෙක් සියලුම ජීවාත්ම සත්තාවන් ඔවුන්ගේ නිවහනට ගොස් නැවත අනුපිළිවලින් පැමිණ ඔවුන්ගේ චරිත කොටස් රඟපායි. නාටකයේ අන්තිම චරිත කොටස් රඟපාන අය ගෙදරින් කල් පසු වී පැමිණෙයි. නාටකයක ඔවුන්ගේ කටයුතු කිරීමට ඔවුන්ගේ චරිත කොටස සඳහා පහුවෙමින් පැමිණේ. ඔබටද එසේමය. පසුව රඟ දක්වන අය පසුව පැමිණේ. නාටකයේ මුලින් රඟ දක්වන අය ස්වර්ණමය යුගයේ මුලට මෙහි පැමිණේ. ඔබ හරි හැටි බැළුවොත් පසුව එන අය තවමත් එන බව දැකිය හැකිය. ශාඛා සහ අතු වල අය අවසානය දක්වා දිගටම පැමිණේ. මේ කාලයේ දී ඔබට ඥානය විස්තර කෙරේ. උදෑසන ඔබ හිඳගෙන සිහිපත් කිරීමේ සිටින විට එය අභ්‍යාසයකි. ජීවාත්ම සත්තාව ඔහුගේ පියා සිහිකළ යුතුමයි. 'යෝගා' යන වචනය අමතක කරන්න. මිනිසුන් එයින් අවුලට පත්වේ. මට යෝගා නොමැති යැයි ඔවුන් කියයි. පියා මෙසේ කියයි : ඕ! ඔබට ඔබේ පියා සිහි කළ නොහැකිද? මෙය හොඳද? ඔබ මා සිහි නොකර පිරිසිඳු වන්නේ කෙසේද? පාරිශුද්ධකරුවාණන් වන්නේ පරමාත්ම පියාය. පියා පැමිණ ඔබට නාටකයේ මුල, මැද, අග රහස් විස්තර කර දෙයි. මෙය විවිධ ආගම් සහ විවිධ මනුෂ්‍යයින්ගේ ගසයි. මුළු ලෝකයේ සියලුම මනුෂ්‍යයින් නළුවන්ය. ඔවුන් බොහෝ ඇත. මිනිසුන් ගණනය කර මෙසේ කියයි: එක වර්ෂයකදී මෙතරම් මිලියන ගණනක් උපදී. කොහොමනමුත්, මෙහි එතරම් ඉඩකඩ නැත. පියා මෙසේ කියන්නේ ඒ නිසාය : මම මෙහි එන්නේ සංඛ්‍යාව අඩු කිරීමටයි. ඉහළ සිට සියලුම ජීවාත්ම සත්තා පැමිණි විට මගේ නිවහන හිස්වේ. තාමත් ඉහළ සිටින අය පවා පහළට එනු ඇත. ගස සම්පූර්ණයෙන්ම වියළී නොයයි. එය දිගටම වර්ධනය වේ. අවසානයේ දී ඉහළ කිසිවෙක් ඉතිරි නොවුණ කළ, සැම කෙනාම ආපසු යාවි. නව ලෝකයේ මිනිසුන් ටික දෙනෙක් වූ අතර දැන් බොහෝයි. සෑම කෙනාගේම ශරීරය දිගටම වෙනස් වේ. හැම චක්‍රයේ ම එම උපත් ගත්ත අය පමණක් නැවත දැන් එසේම උපදී. පියා හැර වෙන කිසිවෙකුට ලෝක නාටකය දිගහැරෙන ආකාරය කිව නොහැක. ඔබට පවා තේරුම් ගත හැක්කේ ඔබේ උත්සාහයට අනුව අනුපිළිවලටයි. අසීමිත නාටකය ඒ තරම්ම විශාලය. තේරුම් ගත යුතු දේ බොහෝය. අසීමිත පියා ඥාන සාගරයයි. අන් සියලු දෙනා සීමිතයි. ඔවුන් වේද ග්‍රන්ථ ආදිය විවිධ දේ ලිව්වත් එතරම් ප්‍රමාණයක් කළ නොහැකියි. ඔබ මුල සිට දිගටම ලිවීමට ගත හොත් එය විශාල ගීතාවක් වේ. සියල්ල මුද්‍රණය කළ හොත් එම ගීතාව මෙම ගොඩනැගිල්ලටත් වඩා විශාල වෙයි. එම නිසයි මෙය පිළිබඳ ඔවුන් මෙසේ ලියන්නේ: ඔබ සාගරය තීන්ත බවට පත් කළත්... ඊළඟට ඔවුන් කියන්නේ ගේ කුරුල්ලන් සාගරය ගිල ගන්නවා කියාය. මුළු ඥාන සාගරය ගිල දමන ගේ කුරුල්ලන් ඔබයි. ඔබ දැන් බ්‍රහ්මින්වරු බවට පත් වී ඇත. ඔබ දැන් ඥානය ලබා ඇත. ඔබ දැන් සැම දෙයක්ම දැන ගන්නේ ඥානය තුළිණි. ඔබ හැම චක්‍රයකම හැදෑරීම සඳහා මෙහි පැමිණේ. අඩු හෝ වැඩි නොව කිසිම ප්‍රශ්නයක් නැත. ඔබ උත්සාහ කළ තරමට ඔබ ලබන දේ මහත් වේ. ඔබ හැම කෙකුටම ඔබ කොතරම් උත්සාහයක් දරනවාද හා කොතරම් වටිනාකමක් ලබනවාදැයි තේරුම් ගත හැකියි. පාසලක සිසුන් විභාගයක් සමත් වෙන්නේ අනුපිළිවලිනි. සූර්ය වංශය සහ චන්ද්‍ර වංශය යන දෙකම බිහිවෙයි. අසමත් වන අය චන්ද්‍ර වංශය වෙයි. රාමා දුනු හී සහිතව පෙන්වන්නේ මන්දැයි කිසිවකු නොදනී. ඔවුන් ඉතිහාසය ප්‍රචණ්ඩ කර ඇත. මෙකළ ඇත්තේ ප්‍රචණ්ඩත්වය හැර වෙනකක් නොවේ. කෙනෙක් යමක් කරයි ද ඒ අනුව ඔහු ඵල ලබයි. එනම්, කෙනෙක් රෝහලක් සෑදුවොත් ඊළඟ උපතේදී ඔහු ආයු ලබා සෞඛ්‍යමත් වේ. ධර්ම ශාලා සහ පාසල් සාදන අය කල්ප භාගයකට තාවකාලික සතුට ලබයි. ඔබ මෙහි පැමිණි පසු බාබා ඔබෙන් මෙසේ අසයි : ඔබට ළමුන් කී දෙනෙක් සිටීද? ශාරීරික ළමුන් තිදෙනාත් එක් ශිව බාබාත්. මක් නිසාද ඔහු උරුමයක් ලබා දෙනවා සේම උරුමයක් ලබා ගන්නා නිසාය. එවැනි විස්තරයක් ඇත. ඔහු ලබා දෙන්නා මිස කිසිවක් අවශ්‍ය කෙනෙක් නොවේ. ඔබ හාල් අහුරක් දී පිළිතුරු වශයෙන් මාළිඟාවක් ලබා ගන්නා නිසා ඔහු අවිහිංසකත්වයේ පියා වේ. ඔහු පාරිශුද්ධකරුවා වනවා සේම ඥාන සාගරය ද වේ. දැන් පියා මෙසේ කියයි : මම ඔබට ඥාන මාර්ගයේ ලියවිලි වල සාරය විස්තර කරමි. භක්තියේ ඵලය චක්‍ර භාගයක්ම පවතී. සන්‍යාසීන් කියන්නේ මෙම සතුට කාක්කෙක් හෙළන වර්චස් පිඬක් සේ කියාය. එසේම ඔවුන් ගෙවල් දොරවල් අතහැර වන ගත විය. ඔවුන් කියන්නේ දිව්‍යලෝක සැප අනවශ්‍ය වන්නේ ඉනික්බිතිව අපායට ද යායුතු නිසා කියාය. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය සදාතනික විමුක්තියයි. කොහොමනමුත්, මෙම නාටකය අසීමිත බව ඔබ සිහිකළ යුතුයි. එකම ජීවාත්ම සත්තාවකටවත් මෙම නාටකයෙන් නිදහස් විය නොහැකියි. එය පූර්ව නියමිත වූවකි. මේ නිසයි සිහිකරන්නේ 'දෛවෝපගත දේ සිදුවේ' කියා. ඔවුන් භක්ති මාර්ගයේ සන්තාප වන්නේ ඒ නිසාය. අතීතයේ සිදු වූ දේ නැවත එසේ ම සිදුවේ. ඔබ උපත් 84 ක චක්‍රය වටා යයි. මෙම චක්‍රය අවසන් නොවේ. එය පූර්ව නියමිතය. එහි දී ඔබේ උත්සාහය නවත්වන්නේ කෙසේ ද? ඔබ එසේ කියන නිසාම එයින් පිටවිය ද නොහැක. සදාතනික විමුක්තිය ලැබීම, ආලෝකය තුළ ගිලී යෑම සහ බ්‍රහ්ම ධාතුව තුළ ගිලී යාම යන සියල්ල එකම වේ. නොගිණිය හැකි තරම් අදහස් ද නොගිණිය හැකි තරම් ආගම් ද ඇත. ඉන්පසු මිනිසුන් මෙසේ කියයි: ඔබේ ක්‍රම සහ විධි ඔබ පමණයි දන්නේ. ඔබ දෙන ශ්‍රීමත් අනුව අපි ගැලවීම ලබමු. එය දන්නේ ඔබ පමණි. ඔබ පැමිණි විට මේ සියල්ල දැන අපට පිරිසිඳු විය හැක. හැදෑරීම කර ගැලවීම ලැබිය හැකිය. ඔබ ගැලවීම ලැබුණු කළ කිසිවෙක් මට අඬ නොගසයි. මෙකල සෑම කෙනෙක් මත දුක් කඳු පතිත වේ. ඔවුන් පෙන්වා ඇත්තේ හේතුවක් නැති ලේ ගැලීම් සහ ගෝවර්ධන් කන්ද ඇඟිල්ලකින් ඔසවන ආකාරයයි. මෙහි තේරුම ඔබ දනී. ඔබ දරුවන් සුළු දෙනා මෙම දුක් කන්ද අයින් කරයි. ඔබ දුක් විඳදරා සිටී. ඔබට සෑම කෙනෙකුටම මනස හසුරුවන මන්ත්‍රය දිය යුතුව ඇත. ඔවුන් කියා ඇත්තේ තුල්සිදාස් යන අය හඳුන් කොටයක් ගලගා තිලක සෑදූ බවයි. ඔබ දරුවන් ඔබේ ම උත්සාහය තුළින් ස්වාධිපත්‍ය තිලකය ලබයි. ඔබ රජදහනක් වෙනුවෙන් හැදෑරීමක් කරයි. ඔබට රාජයෝගා තුළින් රජ දහනක් හදා දීම සඳහා ඉගැන්වීම් කරන්නේ පියා පමණි. ඔබ දැන් ගෙදර හිඳී. මෙය රජ වාසලක් නොවේ. රජවාසලක් යනු රජවරුත් අධිරාජ්‍යයනුත් හමුවන ස්ථානයයි. මෙය පාසලකි. කිසිම බ්‍රහ්මින් ගුරුවරයෙක් පාපකාරී අයෙක් නොගෙන ආ යුතු යැයි කියා දී ඇත. අපිරිසිඳු අය වටපිටාව අපවිත්‍ර කරයි. මේ නිසයි ඔවුන්ට මෙහි ඒමට නොදෙන්නේ. ඔවුන් පාරිශුද්ධත්වයට පත් වූ කළ එන්න ඉඩ ලැබේ. සමහරුන්ට ඒමට ඉඩදීම අවශ්‍යය. ඔබ මෙයින් පිටව ගොස් අපවිත්‍ර වූ කළ කිසිවක් උකහා ගත නොහැකිය. මෙය ඔබටම කර ගන්නා සාපයකි. පාප වූ කලී රාවණ් උපදෙස්ය. ඔබ රාමාගේ උපදෙස් ගැනිම නවතා රාවණ්ගේ යක්ෂ උපදෙස් මඟින් පාපකාරී වී ගල් බවට පත් වේ. ගරුඬ පුරාණ පොතේ එවැනි භයානක කතා ලියා ඇත. පියා මෙසේ කියයි : මනුෂ්‍යයා මනුෂ්‍යයෙක් ම බවට පත්වේ. ඔවුන් සතුන් ආදී ලෙස නොඉපදේ. හැදෑරීමක අන්ධ විශ්වාසය පිළිබඳ ප්‍රශ්න නැත. මෙය ඔබේ අධ්‍යයනයයි. සිසුන් අධ්‍යයනය කර සමත් වී මුදල් උපයයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සැම කෙනෙකුටම හිත හසුරුවන මන්ත්‍රය බාබාගෙන් ලබා දෙන්න. අධ්‍යයනය කෙරේ උත්සාහවන්ත වී රජදහනේ තිලකයට හිමිකම් ලබන්න. මෙම දුක් කන්දරාව අහවර කිරීමට ඔබේ සහයෝගයේ ඇඟිල්ල දෙන්න.

2. සංගම් යුගයේ දී ඉතා උසස් මනුෂ්‍යයන් බවට පත් වීමට උත්සාහ කරන්න. පියා සිහිකරන අභ්‍යාසය කරන්න. යෝගා ගැන කතා කරමින් අවුලට පත් නොවන්න.

වරදානය:
සේවයේ ඇති වන බාධක, ඔබගේ ස්ව-වර්ධනයට පිය ගැට පෙළක් බව සලකා, ඒ අනුව ඔබ බාධක වලින් නිදහස් සහ සැබෑ සේවාධාරියෙක් ලෙස වඩාත් ඉහළට ගමන් කරත්වා.

සේවය, ඔබගේ බ්‍රහ්මින් දිවිය නිරන්තරයෙන් බාධක වලින් නිදහස්ව තබා ගැනීමට මගකි, එමෙන්ම, ඔබට බාධක වල විභාග ප්‍රශ්න පත්‍ර වැඩියෙන් ඇති වන්නේද සේවයේදීය. බාධක වලින් නිදහස් සේවාධාරියෙක්, සැබෑ සේවාධාරියෙක් ලෙස සැලකෙයි. බාධක පැමිණීම, නාටකයේ නියම වී තිබේ. ඒවා පැමිණීමට නියමිත අතර ඒවා අඛණ්ඩව පැමිණෙයි, මන්ද, ඔබව අත්දැකීම් ඇත්තෙක් කරවන්නේ බාධක සහ විභාග පත්‍රයි. ඒවා බාධක බව නොසලකන්න, නමුත් ඒවා ඔබට දියුණු වීමට මගක් ලෙස දකින්න, එවිට ඒවා ඔබට වඩාත් ඉහළට නැගීමට, අත්දැකීම් වල පියගැටපෙළක් ලෙස ඔබ අත්විදියි.

පාඨය:
බාධකයක ස්වරූපයක් නොවන්න, නමුත් බාධක විනාශ කරන්නෙකුගේ ස්වරූපය වන්න.