12.02.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, දැන් ඔබේ ඇල්ම නම් වූ රැහැන් පට බිඳ දැමිය යුතුයි. මන්ද, මේ මුළු ලොවම විනාශ වීමටයි යන්නේ. මේ පරණ ලොවේ ඇති මොනම දෙයකටවත් කැමැත්තක් ඔබට නොතිබිය යුතුයි.

ප්‍රශ්නය:
ආධ්‍යාත්මික කුල්මත්භාවය ඇත්තන්ගේ නාමය කුමක් ද? එම කුල්මත්භාවය අත්විඳින්නේ කොයි දරුවන් ද?

පිළිතුර:
ආධ්‍යාත්මික කුල්මත්භාවය අත්විඳිනා දරුවන්ට කියන්නේ මස්ත් කලන්දාර් (කුල්මත් වූ රජවරු) කියාය. කලන්ගිදාර් වන්නේත් ඔවුන්මය. (මොණර පිහාටුවක් ඇත්තා අවමන් වූවායින් පසු ලද නාමයයි) රජවරු වීමේ කුල්මත්භාවය ඔවුන්ට සැමවිටම තිබෙයි. දැන් ඔවුන් දිළිඳු බවෙන් ධනවත් වෙමින් සිටිනවා යන්න ඔවුන්ගේ බුද්ධිය තුළ පවතී. රුද්‍රමාලයේ ඇමිණෙන්නට සිටිනා අය එම කුල්මත්භාවය අත්විඳී. තමන් දැන් නිවසට ගොස් ඉන්පසු නව ලොවට යනවා කියන විශ්වාසය ඇති දරුවන් එම කුල්මත්භාවය අත්විඳී.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියාට ආධ්‍යාත්මික දරුවන් සමඟ හදින් හදට කරන කතාබහක් තිබෙනවා. මෙයට කියන්නේ ජීව සත්තාවන් (spirits) සඳහා වූ ආධ්‍යාත්මික ඥානය කියායි. සත්තාව (spirit) වූ කලී ඥාන සාගරය වේ. මනුෂ්‍ය ජීවයන් හට කිසිදා ඥාන සාගරය විය නොහැක. මනුෂ්‍යයන් භක්ති සාගර වේ. සියල්ලන්ම මනුෂ්‍යයි. බ්‍රහ්මණයින් බවට පත්වූවන් පැමිණ ඥාන සාගරය කෙරෙත් ඥානය ලබා මාස්ටර් (බාල) ඥාන සාගරයන් වෙති. එම දේවතාවන් භක්ති කරන්නේ නැහැ. ඔවුන්ට මෙම ඥානය ඇත්තෙත් නැහැ. දේවතාවන්ට මෙම දැනුම නොමැත. පරමාත්ම පරම පියාට පමණක් මෙම ඥානය තිබෙන නිසයි ඔහුට පමණක් දියමන්තියක් බඳු යැයි කියන්නේ. ඔහුම පැමිණ සිප්පි කටුවක් මෙන් වූ ඔබව දියමන්තියක් බවටත්, එසේම ඔබේ ගල් බුද්ධි දිව්‍යමය බුද්ධි බවටත් වෙනස් කරනවා. මනුෂ්‍යයන් කවුරුත් මේ කිසිවක් දන්නේ නැහැ. අනතුරුව මනුෂ්‍යයන් දේවතාවරුන් වෙනවා. ඔවුන් දේවතාවරුන් වන්නේ ශ්‍රීමත් අනුගමනය කිරීම මගිනී. ඉන්පසු අඩ කල්පයකට මනුෂ්‍යයන්ගේ අනුදැනුම අවශ්‍ය නොවේ. මෙහි මිනිස්සු නොයෙක් ගුරුන්ගෙන් උපදෙස් ලබනවා. ඵරම පියා ඔබට කියනවා ඔබ ශ්‍රීමත් ලබන්නේ සත්ගුරුගෙන්ය කියා. සීක් මිනිස්සු පවසන්නේ අමරණීය රූපයේ සිටින සත්ගුරු ගැනයි. එහි අර්ථය ඔවුන්ට නොවැටහේ. ඔවුන් හඬ නගා "සත්ගුරු අකාල් ස්වරූප්" කියති. එනම් අමරණීය ස්වරූපයෙන් සිටින්නා සත්ගතිය ලබා දෙනවා කියති. අමරණීය ස්වරූපය කියා කිව හැක්කේ පරමාත්මය වූ පරම පියාට පමණයි. සත්ගුරු සහ ගුරු කෙනෙකු අතර දිවා රැයේ වෙනසක් තිබෙනවා. ඔවුන් බ්‍රහ්මාගේ දහවල සහ රාත්‍රිය ගැන කතා කරති. ඔව් ඇත්තෙන්ම බ්‍රහ්මා පුණරුප්පත්ති ගන්නා නිසායි එසේ බ්‍රහ්මාගේ දහවල සහ බ්‍රහ්මාගේ රාත්‍රිය කියන්නේ. බ්‍රහ්මා ඉන්පසු විෂ්ණු දෙවිවරයා වෙනවා. ඔබ ශිව් බාබාව වර්ණනා කරන්නේ: ඔහුගේ දිව්‍ය දියමන්තියක් බඳුයි කියායි. ඔය දරුවන් දැන් නිවසේ ඔබේ පවුලේ අය සමඟ ඉඳිමින් ම පාරිශුද්ධ වෙමින් සිටිනවා. ඔබ පාරිශුද්ධ වෙමින් මෙම දැනුම ධාරණය කරගන්න. කුමාරින්ට කිසිම බැඳීමක් නැහැ. ඔවුන් සරලව මතක් කරන්නේ තම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන්ව පමණයි. විවාහ වී ගිය පසු ඔවුන්ට පවුල් දෙකක් තිබෙයි. පරම පියා දැන් ඔබට කියන්නේ: අශාරිරික වන්න! ඔබ සැවොම දැන් නිවසට ආපසු යන්න ඕන. පාරිශුද්ධ වීමේ මාර්ගය මා ඔබට පෙන්වා දෙන්නම්, පාරිශුද්ධකරු මම වෙමි. ඔබ මා සිහිපත් කළොත් එම යෝග ගින්නෙන් ඔබේ උපත් ගණනාවක පව් පිළිස්සී යන බවට මම සහතික වෙමි. එය ඔබ පරණ රත්‍රන් ගින්නට දැමුවොත් කෙසේ එහි මිශ්‍රණය ඉවත් වී නියම රත්‍රන් ඉතිරි වන්නා සේය. ඉතින් මෙය යෝග ගින්නයි. මේ සංගම යුගයේදී පමණයි බාබා ඔබට මෙම රාජයෝගාව උගන්වන්නේ. අන්න ඒ නිසායි. ඔහු බොහෝ සේ වර්ණනාවට ලක් වූයේ. සැමටම දෙවියන් විසින් උගන්වන රාජයෝගාව ඉගෙන ගන්නට අවශ්‍යයි. සන්යාසීන් පිට රටවල් වලින් බොහෝ අයව ගෙනෙනවා. ඒ අය සිතන්නේ ඔවුන් සියල්ල අත්හළා කියායි. කෙසේවෙතත් ඔබලාත් සන්යාසීන්ය. නමුත් මෙය අසීමිත අත්හැරීම බව කිසිවකු නොදනී. අසීමිත අත්හැරීම උගන්වන්නේ ඒකායන පියායි. මේ පරණ ලෝකය දැන් අහවර වන බව ඔබ දන්නවා. මේ ලෝකයේ අපට රුචියක් දක්වන්නට තරම් දෙයක් නැහැ. අහවල් අහවල් අය ශරීරය අත්හැර තව එකක් ගන්නේ ඔවුන්ගේ කොටස කරන්නටයි. ඉතින් අපි අඩන්නේ මොනවට ද? ඇල්මේ රැහැන් පට කැඩි ගොස් ඇත. අපගේ සම්බන්ධතාවය දැන් නව ලොව හා යොමු වි තිබෙනවා. එවන් දරුවන් තමයි මස්ත් කලන්ගිදාර් ලා. රජවරු වන කුල්මත්භාවය ඔබට තිබෙනවා. මෙම කුල්මත්භාවය බාබාටත් තිබුණා: මා එහි ගොස් කලන්ගිදාර් වෙනවා: මා දුප්පත් බවෙන් ධනවත් වෙනවා. කියා. එම කුල්මත්භාවය ඇතුලාන්තයෙන් තිබුණු නිසායි ඔහුට මස්ක් කලන්ගිදාර් යැයි කීවේ. මොහුගේ දර්ශන ඔබට ලැබුණා. එමනිසා. මොහු කුල්මත් වූවා සේම ඔබත් කුල්මත් වී සිටිය යුතුයි. ඔබලාත් රුද්‍ර මාලයට එකතු වෙන්නයි යන්නේ. එම දැඩි විශ්වාසය ඇත්තන් කුල්මත් වී සිටිනු ඇත. අප ජීවාත්මයන් දැන් ආපසු නිවසට යන්න ඕන. ඉන්පසු අප නව ලොවට යනවා. මෙම විශ්වාසයෙන් යුතුව මොහු (බ්‍රහ්මා) දෙස බලනා අයට කුඩා ක්‍රිෂ්ණාව දැක ගත හැකි වේ. ඔහු ඉතාමත් ලස්සනයි. ක්‍රිෂ්ණා මෙහි නැත. ඔහුව අත්විඳීමට බොහෝ අය දැඩි ලෙස ආශාවෙන් සිටින්නේ. ඔවුන් ඔහුව ඔංචිලි පද්දවනවා. කිරි පොවනවා. එසේ කරන්නේ අජීව ප්‍රතිමාවටයි. එහෙත් මෙය සැබෑවයි. මොහුටත් තමන් නැවත එසේ දරුවෙක් බවට පත්වෙනවා යන විශ්වාසය තිබෙනවා. ඇතැම් දරුවන් පවා දිව්‍ය දර්ශනයෙන් කුඩා දරුවෙකු දැක තිබෙනවා. ඔබේ පියවි ඇසෙන් ඔහුව ඔබට නොපෙනේ. ජීවාත්මයකට දිව්‍ය දර්ශනය ලැබෙන විට ශරීරයේ අවධානය නොතිබෙයි. එවෙලෙහි ඔබ තමන්ව අධිරාජිණියක් සේත් ඔහුව දරුවකු සේත් සලකනු ඇත. මෙකල බොහෝ දෙනෙකු මෙම දර්ශනය ලබා ඇත. සුදු වස්ත්‍ර ඇඳගත් මිනිසුන්ගේ දර්ශනත් බොහෝ අය දැක තිබෙනවා. දර්ශනයෙන් ඔවුන්ට කියා තිබෙනවා: ඔවුන් ළඟට යන්න. ඔවුන්ගෙන් දැනුම ලබන්න. එවිට ඔබ ද ඔහු මෙන් කුමරෙක් වනවා ඇතැයි කියා. මෙය මැජික් එකක්. ඔබට හොඳ ගනුදෙනුවක් තිබෙනවා. ඔහු ඔබෙන් සිප්පි කටුවක් අරගෙන ඒ වෙනුවට ඔබට දියමන්ති සහ මුතු ලබා දෙයි. ඔබ දියමන්ති මෙන් වෙමින් සිටිනවා. ශිව බාබා ඔබව දියමන්ති මෙන් කරන නිසායි ඔහු උතුම් කෙනෙක් වන්නේ. මිනිස්සු එයට මැජික් කියන්නේ ඔවුන්ගේ අනවබෝධය නිසාවෙනී. දැනුමෙන් පුදුමයට පත්ව පසුව පැන යන අය වැරදි දේ කියනවා. මේ අයුරින් බොහෝ අය ද්‍රෝහීන් වී ඇත. එවැනි ද්‍රෝහීන් වූවන් හට උසස් තත්ත්වයක් නොලැබෙයි. ඔවුන් ගැනයි කියා තිබෙන්නේ: සත්ගුරුට නින්දා කළ අයට උසස් තනතුරක් නොලැබේය කියා. මෙහි සිටින්නේ සත්ය පියායි. ඔබට දැන් මෙය වැටහෙනවා. ඔහු සෑම යුගයේම පැමිණෙයි කියා මිනිස්සු කියනවා. හොඳයි. යුගයන් හතරයි තිබෙන්නේ. ඉතිත් ඔබ අවතරණ 24ක් ඇතැයි කියන්නේ කොහොම ද? අනතුරුව ඔවුන් කියනවා. දෙවියන් ගල් මුල් වලත් සිටිනවා. දෙවියන් සියලු අංශු තුළ හෝ සෑම කෙනෙක් තුළමත් සිටිනවා කියා. පරම පියා පවසයි: මා තමයි සිප්පි කටු වන් අයව දියමන්ති සේ වෙනස් කරන්නේ එවිට. ඔබ මාව ගල් මුල් සහ සෑම දේ තුළටම දැමුවා! ඔහු සර්ව ව්‍යාප්තයි නම්. ඔහු සෑම දෙනා තුළමත් සිටී. එවිට. කිසිම වටිනාකමක් නොතිබෙනු ඇත. ඔබ මා නිග්රහ කර තිබෙන අන්දම බලන්න! බාබා කියනවා: මෙයත් නාටකයේ නියම වී තිබෙන්නේ. ඔබ එසේ පත් වූ විට, පරම පියා පැමිණ ඔබව නංවාලයි. එනම්. සාමාන්ය මනුෂ්‍යයාව දෙවි දේවතාවරුන් බවට ඔහු වෙනස් කරයි. එවිට ලොවේ ඉතිහාසය සහ භූගෝලය නැවත එසේම සිදුවේවි. ස්වර්ණම යුගයේ එම ලක්ෂ්මි සහ නාරායන් ම සිටීවි. එහි හුදෙක් භාරතය පමණක් තිබේවි. ආරම්භ කාලයේ දේවතාවරුන් සුළු පිරිසක් සිටීවි. අනතුරුව කෙමෙන් සියල්ල පැතිරි යයි. දැන් බලන්න වසර 5000කට පසු මිනිස්සු කොපමණ දෙනෙක් සිටිනවාද කියා. මෙම දැනුම වෙන කිසිවකුගේත් බුද්ධි වල නොමැත. ඉතිරි සියල්ලම භක්තියයි. ඔවුන් දේවතාවරුන්ගේ ප්‍රතිමා වල ප්‍රශස්ති ගයනවා. ඔවුන් ජීවමාන රූපයෙන් සිටියේ ද අනතුරුව ඔවුන් කොහි ගියේ ද යන වැටහීමක් ඔවුන්ට නැත. එම ප්‍රතිමාවන් වැඳුම් පිදුම් ලැබුවා. එහෙත් ඔවුන් දැන් කොහේද? දැන් ඔවුනුත් තමෝප්‍රධාන් වී පසුව සතෝප්‍රධාන් වීමට ඇත. මෙය කිසිවකුගේ බුද්ධියෙහි ඇතුල් නොවේ. එවන් තමෝප්‍රධාන් වූ බුද්ධි සතෝප්‍රධාන් කිරීම පරම පියාගේ වගකීම වේ. ලක්ෂ්මි සහ නාරායන් වර්ණාවට ලක් වූයේ ඔවුන් අතීතයේ සිටි නිසාවෙනී. දෙවියන් පමණයි අති උසස්ම කෙනා වන්නේ. ඉතිරි සියලු දෙනාම උපත විපතට ලක් වෙනවා. අති උසස්ම පියා වූ දෙවියන් මුක්තිය සහ ජීවන් මුක්තිය සියලු දෙනාටම ප්‍රධානය කරයි. ඔහු නොපැමිණියොත් මිනිස්සු පැන්සයකට නොවටී. තවද වඩාත් තමෝප්‍රධාන් වෙති. ඔවුන් අධිරාජ්යය පාලනය කරන විට පවුමක වටිනාකම ඔවුන්ට තිබුණී. එහිදී කිසිවකු වැඳුම් පිදුම් කළේ නැත. වන්දනීයට සුදුසු දෙවි දේවතාවරු පසුව පාප මාර්ගයේ වැටුණු කල ඔවුන් වන්දනා කරන්නන් බවට පත්විය. ඔවුන් සම්පූර්ණයෙන් පාපයෙන් තොරවූවන් (නිර්විකාරී) යන්න කිසිවකු නොදනී. ඔබ බ්‍රහමින් අතරේ සමහරුන් ද මෙය වටහාගන්නේ අනුපිළිවෙලටය. ඔබම සම්පූර්ණයෙන් වටහා නොගන්නේ නම්, අන් අයට පැහැදිළි කරන්නේ කොහොම ද? ඔබව බ්‍රහ්මකුමාර් හෝ බ්‍රහ්මකුමාරි යැයි කියා ගෙන පැහැදිළි කිරිමට නොහැකි නම් අන් අයට ඔබ කරන්නේ පාඩුවකි. එමනිසායි. ඔබ කිව යුත්තේ: ඔබට පැහැදිළි කිරීමට මාගේ ජ්යෙෂ්ඨ සහෝදරියකුට කතා කරන්නම් කියා. දියමන්තියක් බඳු භාරතය දැන් සිප්පි කටුවක් තරම් වී ඇත. සිඟන්නෙකු මෙන් සිටින භාරතයට කිරුළ පළන්දන්නේ කවුරුන් ද? දැන් ලක්ෂ්මි සහ නාරායන් කොහේද කියා අපට කියන්න. ඔවුන්ට එය කීමට නොහැකි වනු ඇත. ඔවුන් භක්තියේ සාගරය වන අතර ඔවුන්ට එම කුල්මත් බව පමණයි ඇත්තේ. ඔබලා මාස්ටර් ඥාන සාගර වේ. ඒ මිනිස්සු ග්රන්ථයත් ඥානය ලෙස සලකනවා. පරම පියා කියයි: ග්රන්ථ පොත් වල තිබෙන්නේ භක්තියේ චාරිත්‍ර සහ සම්ප්‍රදායන්ය. ඔබට දැනුමේ බලය බොහෝ සෙයින් තිබේ ද ඔබ බොහෝ සෙයින් චුම්භකයක් බවට පත්වේවි. එවිට සෑම දෙනාම ඇදී එනවා ඇත: දැනට ඔවුන් ඇදී නොඑයි. එහෙත්. ඔබ පියාව කොපමණ ස්මරණය කරයි ද ඔබේ යෝගාව සහ බලය මත එය රඳා පවතී. ඔබ පරම පියාව සැමවිට ස්මරණය නොකරන්නේ ඒ ඔබේ ශරීරයත් නොතිබෙනු ඇතැයි කියා නොව. ඔබ පණිවුඩ කරුවන් වී, බොහෝ අයට පණීවුඩය ඔබට දීමට තිබෙනවා. ඔය දරුවන් තමයි දූතයින් වන්නේ. මෙසේ වන්නේ අන් කිසිවකු නොවේ. ක්‍රිස්තු පැමිණ ක්‍රිස්තියාණු ධර්මය ස්ථාපිත කළා; ඔහු අන් කිසිවක් කළේ නැත. ඔහු තව කෙනෙකුගේ ශරිරයට පිවිසියා, අනෙක් අය ඔහු ලුහුබැඳ පහළට පැමිණීයා. රාජධානිය මෙහි ස්ථාපිත වුණා. ඔබ තව දුරටත් දියුණු වන විට, ඔබට සියලු දෙයෙහිම දර්ශන ලැබේවි: ඔබ කවුරු බවට පත්වේද සහ කළ පාප කර්මයන් මොනවාද යනුවෙන්. දර්ශනයක් ලබන්න වැඩි වේලාවක් නොයයි. මිනිස්සු කාසී ගොස් තමන්ව බිලි දෙනවා. එහි ඔවුන් සිටගෙන ළිඳක් තුළට පනි. දැන් එය රජය විසින් තහනම් කර ඇත. එසේ ඔවුන්ට මුක්තිය ලැබෙනු ඇතැයි ඔවුන් සිතනවා. පරම පියා කියනවා: කිසිම කෙනෙකුට මුක්තිය ලබන්න බැහැ. ඔබේ සියලු උපත් වල සියලු ගිණුම් සඳහා වබ කෙටි කාලයකට දඬුවම් ලබනවා. ඉන්පසු අළුතින් ආරම්භ කරනවා. තවමත් කිසිවකුටත් නිවසට යාමට නොහැකියි. ඔවුන් සිටින්නේ කොහේ ද? ජීවාත්මයින්ගේ වංශාවලී වෘක්ෂය එවිට නරක් වනු ඇත. ඔවුන් අනුක්රමිකව පහළට පැමිණ පසුව අනුක්රමිකව ආපසු යනවා. ඔය දරුවන් දර්ශන ලබා පසුව මේ පින්තූර සෑදුවා. ඔබට දැන් ඔබේ උපත් 84හි දැනුම සහ ලෝක චක්රයේ මුල. මැද සහ අන්තයේ දැනුම ලැබුණා. ඔබත් අනුක්රමිකයි. ඇතැම් අය වැඩියෙන් ලකුණු අරන් සමත් වෙනවා. ඇතැම් අය අඩුවෙන් ලකුණු අරන් සමත් වෙනවා. කිසිම කෙනෙකුට ලකුණු 100ක් ගන්න බැහැ. ලකුණු 100 ඇත්තේ පියාට පමණයි. කිසිම කෙනෙකුට එසේ වෙන්න බැහැ. සෑම දෙනා අතරේම යාන්තමක වෙනසක් තිබෙයි. සෑම දෙනාටම එක සමාන වෙන්න බැහැ. බොහෝ මනුෂ්‍යයන් සිටිනවා. ඒ සෑම කෙනෙකුටම තම තමන්ට අදාල හැඩරුව තිබෙනවා. සියලු ජීවාත්මයන් ඉතා කුඩා තිත් වේ. මිනිස්සු ඉතා ලොකු වුණත් දෙන්නෙකුට එක සමාන හැඩරුව තිබෙන්නේ නැහැ. බොහෝ ජීවාත්මයන් බොහෝ එකවාගේ සිටින නිසායි ඔවුන් ඉහළ නිවසේ සිටින්නේ. නාටකය කලින් නියම කරන ලද්දකි. ඒ තුළ යාන්තමින් හෝ වෙනසක් විය නොහැක. වරක් කැමරාකරණය කළායින් පසුව යළි ඔබ දකින්නේ එකම දෙයයි. ඔබ කියන්නේ: අප වසර 5000ට පෙරදීත් හමුවුණා. එය තත්පරයකට අඩු හෝ වැඩි විය නොහැකියි. එයයි නාටකය. නිර්මාපක සහ නිර්මාණය පිළිබඳ දැනුම තම බුද්ධියේ තිබෙනා අයට කියන්නේ ස්ව-දර්ශන චක්රධාරීන් කියායි. ඔබ මෙම දැනුම ලබන්නේ පරම පියාගෙන්. මනුෂ්‍යයන්ට මෙම ඥානය මනුෂ්‍යයන් ගෙන් ලබාගත නොහැක. මනුෂ්‍යයන් උගන්වන්නේ භක්තියයි. එහෙත් ඥානය උගන්වන්නේ ඒකායන පරම පියායි. ඥාන සාගරය පරම පියා පමණයි. ඔබ එවිට ඥාන ගඟුළු වේ. ජීවන මුක්තිය ලැබෙන්නේ ඥාන සාගරයෙන් ඥාන ගඟුළු තුළින් පමණී. ඒවා ජලයේ ගඟුළුයි. ජලය සැමදා පවතී. එහෙත් ඔබට ඥානය ලැබෙන්නේ සංගම යුගයේ දී පමණයි. භාරතයේ ජල ගඟුළු කවදත් පිටාර ගලනවා. සියලුම නගරවල් විනාශ වී යාවි. වෙනත් දේශයන් නොතිබේවි. මහ වරුසා ඇතිවී ජලය ගලා සාගරයට මුසු වෙයි. හුදෙක් ඉතිරි වන්නේ මේ භාරතය පමණයි. ඔබට දැන් සියලු දැනුම ලැබී ඇත. මෙයයි දැනුම ඉතිරි ඒවා භක්තියයි. දියමන්තියක් වාගේ සිටින්නේ ශිව බාබායි. එමනිසා. ඔහුගේ ජන්ම දිනය සමරනවා. ඔබ මිනිසුන්ගෙන් අසන්න. ශිව බාබා කුමක්ද කළේ? ඔහු පැමිණ අපවිත්‍ර අයව පවිත්‍ර කළා. ඔහු ආරම්භයේ මධ්යයේ සහ අන්තයේ දැනුම ඔබට කියා දෙනවා. එමනිසායි මෙසේ ගයා ඇත්තේ: ඥාන සූර්යයා උදාවන විට, ඥානය තුළින් දහවලත් භක්තිය තුළින් රාත්‍රියත් ඇති වේ. ඔබ දන්නවා ඔබේ උපත් 84 දැන් සම්පූර්ණ වී තිබෙන වග. බාබාව සිහිපත් කිරීම මඟින් දැන්, ඔබ පාරිශුද්ධ වෙනවා; ඔබට පාරිශුද්ධ ශරීර ලැබෙනවා. සැවොම පාරිශුද්ධ වන්නේ අංක අනුපිළිවෙලටයි. මෙය ඉතාමත් පහසුයි. ප්‍රධානම දේ තමයි සිහිපත් කිරීම. බොහෝ දෙනෙකු තමන්ව ජීවාත්මයක් සේ සිතන්නේ කෙසේද, පියාව සිහිපත් කරන්නේ කෙසේද යන්න නොදැන සිටිනවා. ඒ වුණාට ඔබ ඔහුගේ දරුවන් වී සිටිනවා එමනිසා, අනිවාර්යෙන්ම ඔබ දිව්‍යලෝකෙට යනවා. රාජධානිය ස්ථාපිත වන්නේ වර්තමාන උත්සාහයට අනුවයි. අච්චා.

සුමිහිරි, ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව පියා. බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම විටෙකම තමන් මාස්ටර් ඥාන සාගරය වී සිටිනවා යන කුලමත් බව තබාගන්න. ඥාන බලයෙන් තමාව පුරවාගෙන චුම්භකයක් (magnet) වන්න. ආධ්‍යානත්මික දූතයෙක් වන්න.

2. සත්ගුරුට පරම පියාගේ නාමයට කැළැලක් ඇතිවිය හැකි මොනම ක්‍රියාවක් වත් නොකරන්න. කුමක් සිදු වූවත් ඔබ නොහඬා සිටිය යුතුයි.

වරදානය:
ඔබ සත්‍යවාදී හා අවංක වෙමින් සත්‍යෙය් පදනම මත ඔබේ හැසිරීමෙන් හා මුහුණෙන් දිව්‍යවයේ අත්දැකීම දෙන්නන්නෙකු වේවා.

ලෝකයේ බොහෝ ජීවාත්ම තමන් අවංක සහ සත්‍යවාදී යැයි කියනවා මෙන්ම සිතති. කෙසේවෙතත්, පූර්ණ අවංකභාවය පදනම් විය හැක්කේ පාරිශුද්ධතාවය මත පමණි. පාරිශුද්ධභාවය නොමැති නම්, සෑම විටම සත්‍යය හෝ අවංකභාවය තිබිය නොහැක. සත්‍යයේ පදනම පාරිශුද්ධත්වය වන අතර සත්‍යයේ ප්‍රායෝගික සාක්ෂිය වන්නේ ඔබේ මුහුණේ සහ හැසිරීම් වල දිව්‍යත්වයයයි. පාරිශුද්ධත්වයේ පදනම මත ස්වභාවිකව සහ පහසුවෙන් සත්‍යයේ ස්වරූපය ඇත. ඔබ ජීවාත්මය සහ ඔබේ ශරීරය යන දෙකම පිරිසිදු වූ විට, ඔබ සම්පූර්ණයෙන්ම අවංක සහ සත්‍යවාදී, එනම් දිව්‍යවයයෙන් පිරුණු දේවතාවරයෙකු යැයි පැවසිය හැකිය.

පාඨය:
අසීමිත සේවාව කරමින් කාර්යබහුල වූ විට ඔබට ස්වභාවිකවම අසීමිත නිරාශාව ඇති වේ.