12.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා තුළ සියලුම දරුවන් කෙරෙහි සෙනෙහස තිබෙන මුත්, ක්ෂණිකව පියාගේ අවවාද පිළිගන්නා අය, පියා විසින් ඇදගන්නවා. ගුණවත් දරුවන් පියාගේ සෙනෙහස ඇද ගනී.

ප්‍රශ්නය:
පියා ගෙන ඇති කොන්ත්‍රාත්තුව කුමක්ද?

පිළිතුර:
සියලු දෙනාව ලස්සණ මලක් බවට පත් කොට, ආපසු නිවසට රැගෙන යාමේ කොන්ත්‍රාත්තුව ගෙන ඇත්තේ එක් පියා පමණයි. පියා මෙන් තවත් කොන්ත්‍රාත්කරුවෙක් මුළු ලොවෙහිම නොමැත. සෑම දෙනාටම විමුක්තිය ලබා දීමට පැමිණෙන්නේ ඔහු පමණයි. පියාට සේවය නොකර සිටිය නොහැක. එබැවින් ඔය දරුවන්ද සේවයේ යෙදී, එය ඔප්පු කර පෙන්විය යුතුය. ඔබට ඇසුණු දේවල් ගණන් නොගෙන සිටින්න එපා.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර දෙනවා : දරුවනි, තමන් ජීවාත්ම බව සලකා, මෙතැන අසුන් ගෙන සිටින්න. මෙය විස්තර කරන්නේ එක් පරමාත්ම පියා පමණයි. තමන් ජීවාත්ම බව සලකන්නේ කෙසේද කියා, වෙනත් කිසිම මනුෂ්‍යයෙකුට, වෙනත් අයට විස්තර කර දිය නොහැක. පරම පියා පැමිණ ඔබට මෙය කියා දෙන්නේ, වසර 5000කට පසුවයි. මෙය දන්නේ ඔය දරුවන් පමණයි. මෙය වඩාත්ම ශුභදායක වූ සංගම යුගය බව, කිසිවෙක් නොදනී. ඔබ වඩාත්ම ශුභ වූ සංගම යුගයේ සිටින බව, ඔය දරුවන් මතක තබා ගත යුතුයි. මෙයද මන්මනභව්ය. පියා පවසන්නේ : ඔබ ආපසු නිවසට යා යුතු බැවින්, මා සිහිපත් කරන්න. ඔබගේ උපත් 84 දැන් අවසන් වීගෙන යනවා. ඔබ දැන් සතෝප්‍රධාන් වී, ආපසු නිවසට යා යුතුයි. ඇතමෙක් බාබාව සිහි කරන්නේම නැහැ. පියා සෑම කෙනෙකුගේම උත්සාහයන් හොඳින් දන්නවා. මෙහිදීද, ඇතමෙක් මෙහි සිටින අතර තවත් අය පිටත සිටියි. දරුවන් මෙතැන අසුන්ගෙන සිටිනවා මා දකින මුත්, මා සිහිපත් කරන්නේ, මිහිරි, සේවයට ලැදි දරුවන්ව බව, බාබා දන්නවා. මම ඔවුන් දෙස බලා සිතන්නේ මේ කෙනා කුමන ආකාරයේ මලක්ද, එමෙන්ම ඔහුට ඇති ගුණධර්ම මොනවාද? ඇතමෙක් කෙසේද යත්, ඔවුන්ට කිසිම ගුණධර්ම නොමැත. එවන් දරුවන් දෙස බලා, බාබා කුමක් කරන්නද? පියා, කාන්දමයි, පිවිතුරු ජීවාත්මයයි, එබැවින් ඔහුට අනිවාර්යෙන්ම එම ආකර්ෂණය තිබේ. කෙසේවෙතත්, ඇතුලත ඇති දේ බාබා දනී. පියා, ඔහුගේ මුළු වාර්ථාවම ඔබට පෙන්වයි, එබැවින් ඔය දරුවන්ද මෙය පෙන්විය යුතුයි. පියා ඔබට පවසන්නේ : මම මෙහි පැමිණියේ ඔබව ලෝකයට අධිපතියන් කර වීමටයි. ඉන්පසුව එය රඳා පවතින්නේ එක් එක් කෙනා දරන උත්සාහය මතයි. එක් එක් කෙනා දරන උත්සාහය ගැන, කෙනෙක් දැනගෙන සිටිය යුතුයි. බාබා ලියන්නේ සෑම කෙනෙකුගේම රාජකාරිය ලියා, එය බාබාට එවන්න. එසේ නැත්නම් ඔවුන් ලවා එය ලියවා ගෙන, එය බාබාට එවන්නට කියන්න. විපරමින් සිටින, එමෙන්ම නුවණ ඇති බ්‍රහ්මණ ගුරුවරුන්, සෑම කෙනෙකු ලවාම, ඔවුන් කරන ව්‍යාපාරය මෙන්ම ඔවුන්ට ලැබෙන ආදායම ද ලියවා ගත යුතුයි. පියා තමන් ගැන සෑම දෙයක්ම ඔබට කියන අතර, ඔබට ලෝකයේ මුල, මැද සහ අවසානය පිළිබඳ දැනුම ද ලබා දෙයි. ඔහු සෑම කෙනෙකුගේම ස්ථීතිය දන්නවා. විවිධ මල් වර්ග තිබේ. (බාබා විවිධ මල් වර්ග පෙන්නුවා) බලන්න, මෙය කෙතරම් රාජකීය මලක්ද. එයට බොහෝ සුවඳ තිබෙන අතර, එය පිපෙන විට එයට අංක එකේ අලංකාරයක් තිබෙයි. ඔබද ලක්ෂ්මි සහ නාරායන මෙන් වටිනා අය බවට පත් වෙයි. ඉතිං, බාබා දිගින් දිගටම සෑම කෙනෙක් දෙසම බලයි. ඔහු සෑම කෙනෙකුටම ආලෝක කදම්බයක් ලබා දෙනවා නොවෙයි. ඔබ එක් එක්කෙනා කුමන ආකාරයේද, ඒ අනුව ඔබ (බාබාව) ඇද ගනී. කිසිම ගුණධර්මයක් නොමැති අය, බාබාගෙන් කිසිවක් ඇදගන්නේ කෙසේද? එවන් අය එහි ගොස් පැන්ස කිහිපයක් වටිනා තත්ත්වයක් හිමි කර ගනී. බාබා ඔය සෑම කෙනෙකුගේම ගුණධර්ම දකින අතර, ඔබට සෙනෙහසද ලබා දෙයි. ඔහුගේ දෙනෙත් එම සෙනෙහසින් තෙත් වෙයි. මෙම සේවයට ලැදි දරුවන් බොහෝ සේ සේවය කරයි. ඔවුන්ට සේවය නොකර, විවේක ගත නොහැක. ඇතමෙක් සේවය කරන්නේ කෙසේද කියාවත් නොදනී. ඔවුන් යෝගාවේ අසුන් ගන්නේද නැත. ඔවුන් කිසි දැනුමක් ධාරණය කරගන්නේ නැත. බාබාට හැඟෙන්නේ ඔවුන් කුමන තත්ත්වයක් හිමි කර ගනීද? කිසිවෙකුටත් සැඟවී සිටිය නොහැක. හොඳ බුද්ධියක් ඇති, එමෙන්ම මධ්‍යස්ථානයක් බලා ගන්නා දරුවන්, ඔවුන්ගේ වාර්ථාව එවිය යුතුයි. එවිට එක් එක් කෙනා කෙතරම් දුරට උත්සාහ දරන්නේද කියා බාබාට වටහා ගැනීමට හැකි වෙයි. බාබා දැනුමේ සාගරයයි. ඔහු ඔය දරුවන්ට දැනුම ලබා දෙනවා. සෑම කෙනෙක්ම කෙතරම් උත්සාහ දරන්නේද එමෙන්ම කෙතරම් ගුණවත් වන්නේද කියා විගසින් දැන ගත හැක. බාබා සෑම කෙනෙකුටම ආදරෙයි. මේ ගැන ගීතයක් තිබේ ඔය මල් වලට මෙන්ම, ඔය කටු වලටද සෙනෙහස තිබේ. එය අංක පිළිවෙලයි. එබැවින් ඔබ තුළ පියා කෙරෙහි කෙතරම් සෙනෙහස තිබේද යත්, පියා කියන දේ ඔබ සැනෙකින් කරනු ඇත. එවිට ඔබ බාබාට ආදරේ බව ඔහුට වැටහෙයි. ඔහුට එම ආකර්ෂණය දැනෙයි. පියාට කෙතරම් ආකර්ෂණයක් තිබේද යත්, ඔබ සම්පූර්ණයෙන්ම ඔහුට එල්ලී සිටියි. කෙසේවෙතත්, මලකඩ ඉවත් වන තුරු එම ආකර්ෂණය නොතිබෙයි. මම එක් එක් කෙනා දෙස බලන්නෙමි. බාබාට සේවය කළ හැකි දරුවන්ව අවශ්‍යයි. පියා මෙහි පැමිණෙන්නේ සේවය සඳහාය. ඔහු අපවිත්‍ර අයව පිවිතුරු කරවයි. ඔබ මෙය දන්නා මුත් ලෝකයේ මිනිසුන් මෙය නොදනී. දැන් සිටින්නේ ඔබගෙන් ඉතාමත්ම ටික දෙනයි. ඔබ යෝගාවේ සිටියේ නැත්නම්, එම ආකර්ෂණය නොතිබෙයි. එම උත්සාහය දරන්නේ ඔබගෙන් ඉතාමත්ම ටික දෙනෙකි. ඔබ එක් හෝ තවත් දෙයක සිරගත වෙයි. මෙය, ඔබට ඇසෙන සෑම දේකටම, ’ඇත්ත, ඇත්ත' කියා දිගටම කියන, ආධ්‍යාත්මික හමුවක් නොවෙයි. සියලුම ආගමික ග්‍රන්ථ අතරින් මාණික්‍යය වන්නේ එක් ගීතාව පමණයි. ගීතාවේ පමණයි රාජයෝගාව ගැන සඳහන් වී ඇත්තේ. ලෝකයේ අධිපති වන්නේ පරමාත්ම පියාම පමණයි. මෙම ගීතාව තුළින් ඔබගේ බලපෑම පැතිරෙන බව මම ඔය දරුවන්ට අඛණ්ඩව කියන නමුත්, එම බලය ද තිබිය යුතුයි. යෝගා බලයෙන් ඉතා හොඳ ශක්තියක් තිබිය යුතු වන අතර, ඔබ මෙහි ඉතාමත්ම දුර්වලය. දැන් ඉතිරි වී ඇති කාලය කෙටිය. ඔබ මිහිරි වන්නේ නම්, අන් අයද ඔබට මිහිරි වෙයි. ඔබ මට ආදරය කරන්නේ නම්, මමද ඔබට ආදරය කරන්නෙමි. මෙය, ජීවාත්මයේ සෙනෙහසයි. එක් බාබාගේ සිහිපත් කිරීමේ සිටින්න. මෙම සිහිපත් කිරීමෙන් පමණයි ඔබගේ පාපයන් දුරුවන්නේ. සමහරුන් බාබාව සිහි කරන්නේම නැත. පියා විස්තර කරන්නේ : මෙහි භක්තිය පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙය බාබාගේ රථය වන අතර, ශිව බාබා ඔබට උගන්වන්නේ ඔහු තුළිනි. ඔහුගේ දෙපා දොවා, එම වතුර පානය කරන්නට කියා, ශිව බාබා නොකියයි. ඔහුගේ දෙපා ස්පර්ශ කිරීමටවත් බාබා අවසර නොදෙයි. මෙය ඉගෙනුමකි. ඔහුගේ දෙපා ස්පර්ශ කිරීමෙන් කුමක් වෙයිද? පියා සියලු දෙනාටම විමුක්තිය ලබා දෙන්නාය. මෙම කරුණ වටහා ගන්නේ කෝටියකින් අතලොස්සක් පමණයි. මෙය වටහා ගැනීමට හැකි වන්නේ, පෙර චක්‍රයේ පැමිණි අයට පමණයි. පියා, අවිහිංසක ස්වාමියා, පැමිණ, අවිහිංසක මව්වරුන්ට දැනුම ලබා දී, ඔවුන්ව ඉහළ නංවයි. බාබා ඔබව ඉතාමත්ම ඉහළට, මුක්තියට සහ ජීවන-මුක්තියට රැගෙන යයි. පියා සරළව පවසන්නේ : දුර්ගුණ අත්හරින්න. කැලඹිම් ඇත්තේ මේ නිසයි. පියා විස්තර කරන්නේ : තමන්ව පරීක‍ෂා කර බලන්න. මට ඇති පළුදු මොනවාද? ව්‍යාපාරිකයන්, ලාභ, අලාභ බැලීමට දිනපතාම ඔවුන්ගේ ගිණුම් පරීක‍ෂා කරයි. ඔබව ලෝකයේ පාලකයන් කරවන, ඉතාමත්ම ආදරණීය බාබාව, ඔබ කොතෙක් වේලා සිහි කළාද කියා, ඔබත් ගිණුම් තබා ගත යුතුයි. ඔබ ඔහුව සිහිපත් කළේ ඉතාමත් කෙටි වෙලාවකට කියා ඔබ දකින්නේ නම්, ඔබට තමන් ගැන ලැජ්ජාවක් ඇති වෙයි මම එවන් බාබා කෙනෙක්ව සිහි කළේ නැද්ද? අපේ බාබා සියල්ලන්ටම වඩා ආශ්චර්යමත්ම කෙනායි. මුළු ලෝකයෙන්ම, වඩාත්ම චමත්කාරජනක වන්නේ දිව්‍යලෝකයයි. ඒ මිනිසුන් කියන්නේ දිව්‍යලෝකය වසර සිය දහස් ගණනක් පවතින බවය, නමුත් ඔබ කියන්නේ චක්‍රය වසර 5000ක් බවයි. මෙය දහවල සහ රාත්‍රිය තරම් වූ වෙනසකි. ඉතා පැරණි බැතිමතුන් වන අයට බාබා තමන්ව කැප කරයි. ඔවුන් බොහෝ භක්තිය සිදු කර ඇත. බාබා, මේ උපතේදී ගීතාව හැදෑරූ අතර, ඔහු නාරායනගේ පිංතූරයක් ද තබා ගත්තා. ඔහු ලක්ෂ්මිව සේවිකාවක් වීමෙන් නිදහස් කළ බැවින් ඔහු බොහෝ සතුටු විය. අප අපගේ ශරීර අත්හැර ගොස් ස්වර්ණමය යුගයේ තවත් එකක් ගන්නා අයුරින්ම, ඔහු ගොස් ලස්සණ රාජකුමාරයෙක් වීමේ සතුට බාබාටද තිබිණි. ඔහු අඛණ්ඩව ඔබටද උත්සාහ දැරීමට දිරි ගන්වයි. ඔබ නිකම්ම මෙය වන්නේ කෙසේද? ඔබ ඉතා හොඳින් බාබාව සිහිපත් කරන්නේ නම්, ඔබ දිව්‍යලෝකයේ උරුමය හිමි කරගනී. ඇතමෙක් කොහෙත්ම ඉගෙන ගන්නේ නැත, තවද ඔවුන් දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්නේද නැත. ඔවුන් ගිණුමක් තබා ගන්නේද නැත. උසස් වීමට සිටින අය පමණක් සෑම විටෙකම තම වාර්ථාව තබා ගනී. එසේ නැත්නම් ඔවුන් නිකම් පම්පෝරි ගානවා පමණයි. ඔවුන් දින 15කට 20කට පමණ පසු ඔවුන්ගේ වාර්ථාව ලිවීම නතර කර දමයි. මෙහි සියලුම විභාග ආදිය සැඟවුණු වේශයක් ගනී. පියා සෑම කෙනෙකුගේම සුදුසුකම් දන්නවා. ඔබ සැනෙකින් පියාගේ අණ පිළිපදින්නේ නම්, ඔබට කීකරු, එමෙන්ම අණ පිළිපදින කෙනෙක් යැයි කියයි. බාබා පවසන්නේ : දරුවනි, ඔබ දැන් බොහෝ සේවය කළ යුතුයි. හොඳ දරුවන් බොහෝ දෙනෙක් පියාගෙන් දික්කසාද වී, පිට වී යයි. එම කෙනා කිසි කෙනෙක්ව දික්කසාද කරන්නේ නැත. නාටකයට අනුව, එම කෙනා විශාල කොන්ත්‍රාත්තුවක් ගැනීමට පැමිණ සිටියි. විශාලතම කොන්ත්‍රාත්කරුවා වන්නේ මමයි. මම සෑම කෙනෙක්වම ලස්සණ කර, ඔවුන්ව ආපසු නිවසට රැගෙන යන්නෙමි. අපවිත්‍ර අයව පිවිතුරු කරවන්නේ එක් කොන්ත්‍රාත්කරුවා පමණක් බව, ඔය දරුවන් දන්නවා. ඔහු දැන් ඔබ ඉදිරියේ අසුන් ගෙන සිටිනවා. ඇතමෙකුට බොහෝ විශ්වාසය ඇති මුත්, තවත් සමහරෙකුට විශ්වාසයක් ඇත්තේම නැත. අද ඔවුන් මෙහි සිටින නමුත්, හෙට ඔවුන් පිටව යනු ඇත, මන්ද, ඔවුන්ගේ හැසිරීම එවැන්නකි. ඔවුන්ගේ යටි සිත අනිවාර්යෙන්ම ඇතුලතින් ඔවුන්ව පෙලනු ඇත; මම බාබා සමග දිවි ගෙවමින්, ඔහු වෙනුවෙන් කරන්නේ මොනවාද? ඔබ සේවය නොකරන්නේ නම්, ඔබට කුමක් ලැබෙයිද? චපාති සාදන්න, එළවළු පිසින්න - පෙරද ඔබ මේ දේවල් කළා. ඔබ කර ඇති අළුත් දේවල් මොනවාද? ඔබ සේවයේ සාක‍්ෂි පෙන්විය යුතුයි. මම මෙපමණ ප්‍රමාණයකට මාර්ගය පෙන්වූවා. මෙම නාටකය ඉතාමත්ම අපූරු ලෙසකින් නිර්මාණය වී තිබේ. සිදුවන සෑම දෙයක්ම ඔබ ප්‍රායෝගිකවම දකිනවා. ආගමික ග්‍රන්ථ වල ඔවුන් ක්‍රිෂ්ණාගේ දිව්‍යමය ක්‍රියා ගැන ලියා තිබෙන නමුත්, ඇත්ත වශයෙන්ම එම දිව්‍යමය ක්‍රියා, එකම පියාගේය. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නේ ඔහුම පමණයි. එවන් ක්‍රියා, වෙනත් කෙනෙකුට කළ නොහැක. ඔබ යහපත් ක්‍රියා සිදුකළ යුතුයි. කෙසේවෙතත්, කෙනෙක් පැහැර ගෙන යාම ආදිය, සිහි කිරීමට තරම් වටින ක්‍රියාවන් නොවෙයි. සියලු දෙනාටම විමුක්තිය ලබා දෙන්නේ, එක් පරම පියා පමණයි. ඔහු සෑම චක්‍රයකදීම පැමිණ, දිව්‍යලෝකය ස්ථාපනය කරයි. වසර සිය දහස් ගණනක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. එබැවින් ඔය දරුවන් ඔබගේ අපිරිසිදු පුරුදු අත් හළ යුතුයි. එසේ නැත්නම් ඔබට කුමන තත්ත්වයක් හිමි වෙයිද? ඔබගේ ගුණධර්ම දැක, ආදරවන්තයා ආදරයෙන් බැ‍ඳනු ඇත. ඔහුගේ සේවය සිදුකරන අය සමග, ඔහු ආදරයෙන් බැඳනු ඇත. කිසිම සේවයක් නොකරන අයගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? මෙම කරුණු ඉතාමත්ම පැහැදිලිව වටහා ගත යුතුය. පියා විස්තර කරන්නේ : ඔබ ඉතාමත්ම වාසනාවන්තයි. ඔබ තරම් වාසනාවන්ත වෙනත් කිසිවෙකු නොමැත. ඔබ දිව්‍යලෝකයට යන නමුත්, ඔබ ඔබගේ තිළිණය උසස් කර ගත යුතුයි. එසේ නොමැති නම් ඔබගේ තත්ත්වය අඩු වනු ඇත. මෙය චක්‍රයෙන් චක්‍රයට සිදුවන කරුණකි. ඔබට ලැබෙන ඕනෑම දේකින් ඔබ සතුටු නොවිය යුතුයි. ඔබ ඉතාමත්ම හොඳ උත්සාහයක් දැරිය යුතුයි. ඔබ කී දෙනෙක්ව තමන්ට සමාන කළේද කියා, සේවයේ සාක‍්ෂි ද ලබා දිය යුතුයි. ඔබගේ පුරවැසියන් කොහේද ? පියා සහ ගුරුවරයා සෑම කෙනෙකුටම උත්සාහ දැරීමට දිරි ගන්වයි. කෙසේවෙතත්, එය එම කෙනාගේ භාග්‍යයේ තිබිය යුතුයි. විශාලතම ආශිර්වාදය වන්නේ, පියා, සාමයේ නිවහන අත්හැර දමා, අපවිත්‍ර ලෝකයේ අපවිත්‍ර ශරීරයකට මෙහි පැමිණීමයි. එසේ නොමැති නම්, ඔබට නිර්මාණකරු සහ නිර්මාණයේ දැනුම ලබා දෙන්නේ කවුද ? ස්වර්ණමය යුගයේ රාමාගේ රාජධානිය ද, කලි යුගයේ රාවනගේ රාජධානිය ද තිබෙන බව, කිසිම කෙනෙකුගේ බුද්ධියට ඇතුළු නොවෙයි. රාමාගේ රාජධානියේ තිබුණේ එක් රාජධානිය පමණක් වන නමුත්, රාවනගේ රාජධානියේ රාජධානි අනේක ප්‍රමාණයක් තිබේ. මේ නිසයි ඔබ අසන්නේ : ඔබ දිව්‍යලෝකයේ වැසියන්ද, නැත්නම් අපායේ වැසියන්ද ? කෙසේවෙතත්, මිනිසුන් සිටින්නේ කොහේද කියා ඔවුන්ට වැටහෙන්නේ නැත. මෙය කටු කැලෑව වන අතර, එය මල් උයනයි. එබැවින් ඔබ දැන් මව, පියා සහ විශේෂ ආදරණීය දරුවන්ව අනුගමනය කළ යුතුයි, මන්ද, ඔබ උසස් වන්නේ, එවිට පමණයි. පියා බොහෝ විස්තර කරන නමුත් වටහා ගැනීමට ඇති අය පමණක් එය වටහා ගනීවි. ඇතමෙක් මෙය අසා, ඉන්පසුව ඉතා හොඳින් ඥාන සාගරය කලතයි. තවත් අය, ඔවුන් ඇසූ සෑම දෙයක්ම ගණන් නොගෙන, නෑසුනාක් මෙන් සිටියි. සෑම තැනකම ලියා තිබෙන්නේ ඔබ ශිව බාබාව සිහිපත් කරනවාද ? එවිට ඔබට නිසැකයෙන්ම ඔබගේ උරුමය ද සිහි වෙයි. ඔබට දිව්‍යමය ගුණධර්ම තිබේ නම්, ඔබ දේවතාවන් බවට පත් වෙයි. ඔබට කෝපය හෝ අසුර දුර්වලතාවයන් තිබේ නම්, උසස් තත්ත්වයක් හිමි කර ගැනීමට නොහැකි වනු ඇත. එහි නරක භූතාත්ම නොමැත. රාවණ ද එහි නොමැත, එබැවින් රාවණගේ නරක භූතාත්ම එහි පැමිණෙන්නේ කෙසේද? ශරීර අවධානය, රාගය, කෝපය, ආශාව ආදිය, විශාල නරක භූතාත්ම වන අතර, ඒවා ඉවත් කිරීමට ඇත්තේ එක් ක්‍රමයක් පමණයි බාබාගේ සිහිපත් කිරීමය. ඔබ බාබාගේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි, සියලුම නරක භූතාත්ම දිව යන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

රාත්‍රී පංතිය: බොහෝ දරුවන්ට අවශ්‍ය වන්නේ, අන් අය තමා හා සමාන කිරීමේ සේවය කිරීමට සහ තමන්ගේ පුරවැසියන් නිර්මාණය කරගැනීමටය. ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයන් සේවය කරන අන්දමින්, ඔවුන්ද එයම කිරීමට කැමතියි. වැඩියෙන් සිටින්නේ මව්වරුන්ය. පුන්කලස තබා ඇත්තේ මව්වරුන් මතයි, නමුත් මෙය ගෘහ මාවතයි. දෙගොල්ලන්ම අවශ්‍යයි. ඔබට දරුවන් කී දෙනෙක් සිටිද කියා බාබා විමසයි. ඔබ නිවැරදිව පිළිතුරු දෙනවාද කියා බාබා බලයි. මගේම දරුවන් පස් දෙනෙක් සිටින අතර, තවත් කෙනෙක් වන්නේ ශිව බාබාය. ඇතමෙක් මෙය නිකම් කියනවාට කියයි. ඇතමෙක් සැබවින්ම ඔහුව, ඔවුන්ගේ දරුවා බවට පත් කරගනී. ඔහුව, ඔවුන්ගේ උරුමකරුවා බවට පත් කරගන්නා අය, ජයග්‍රාහී මාලාවේ ඇමිණෙයි. ඔහුව සැබවින්ම උරුමකරුවා බවට පත් කරගන්නා අය, ඔවුන් ද උරුමකරුවන් වෙයි. ස්වාමියා, අවංක හදවතක් සමග සතුටට පත් වන නමුත්, අන් සෑම කෙනෙක්ම නිකම් කියනවාට මෙය කියයි. මෙකල, පාරලෞකික පියා පමණයි සියලු දෙනාටම උරුමයක් ලබා දෙන්නේ. මේ නිසයි උපත් 21කට ඔබට උරුමයක් ලබා දෙන, එම කෙනාව, ඔබ සිහි කළ යුත්තේ. මේ සෑම කෙනෙක්ම මෙහි රැඳී සිටින්නේ නැත, යන දැනුම ඔබගේ බුද්ධියේ තිබේ. ඔබ සැබවින්ම බාබාව ඔබගේ උරුමකරුවා බවට පත් කර තිබේද, එසේ නොමැති නම්, එසේ කිරීම ගැන ඔබ සිතා බැලුවාද, එමෙන්ම බාබා ඔබගේ උරුමකරුවා බවට පත් කිරීමේ අරුත ඔබට වැටහෙනවාද කියා, පියා ඔබ සෑම කෙනෙකුගේම ස්ථීතිය දකියි. බොහෝ දෙනෙකුට මෙය නොවැටහෙන අතර, බාබාව ඔවුන්ගේ උරුමකරුවා බවට පත් කිරීමට නොහැකි වන්නේ, මායා ගේ බලපෑම නිසාය. මෙකළ, ඔබ එක්කෝ දෙවියන්ගේ බලපෑමට, එසේ නැත්නම් මායාගේ බලපෑමට ලක්වෙයි. දෙවියන්ගේ බලපෑම ඇති අය, ඔහුව, ඔවුන්ගේ උරුමකරුවා බවට පත් කරවයි. අටක මෙන්ම 108ක මාලාවක්ද තිබේ. අට, නිසැකයෙන්ම විශ්මයන් සිදුකරනවා ඇති. ඔවුන් සැබවින්ම බාබාව, ඔවුන්ගේ උරුමකරුවා බවට පත් කරන්නට ඇති. ඔවුන් ඔහුව, ඔවුන්ගේ උරුමකරුවා බවට පත් කරන නමුත්, ඔවුන්ද උරුමයක් හිමි කරගනී. එවන් ශ්‍රේෂ්ඨ උරුමකරුවෙක් ඇතිකළ අය, ඒ හා සමාන ශ්‍රේෂ්ඨ ක්‍රියාද සිදු කරනවා ඇති. ඔබ කිසිම පාපකාරී ක්‍රියාවක් සිදු නොකළ යුතුයි. සියලුම දුර්ගුණ, පාපකාරී ක්‍රියාවන්ය. පියා අමතක කොට, වෙනත් කෙනෙක් සිහි කිරීමද, පාපකාරී ක්‍රියාවකි. පියා යනු පියාය. පියා මෙම මුඛය තුළින් පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහි කරන්න. ඔබට මෙම උපදේශය ලැබී තිබේ. එබැවින් ඔබ ඔහුව සම්පූර්ණයෙන්ම සිහි කළ යුතුයි. මේ සඳහා විශාල උත්සාහයක් අවශ්‍ය වෙයි. ඔබ එක් පියාව සිහි කරන්නේ නම්, මායා ඔබට මෙතරම් කරදර නොකරනු ඇත. කෙසේවෙතත්, මායාද බලවත්ය. මායා ඔබ ලවා පාපකාරී ක්‍රියා සිදු කරවන බව ඔබට වැටහෙනවා. ඇය, ශ්‍රේෂ්ඨ මහාරතීන්වත් බිමට වට්ටවයි. දවසින් දවස මධ්‍යස්ථාන ගණන දිගින් දිගටම ව්‍යාප්ත වෙයි. ගීතා පාඨශාලා සහ කෞතුකාගාර අඛණ්ඩව විවෘත වෙයි. මුළු ලෝකයේම මනුෂ්‍යයින්, පියා කියන දේ මෙන්ම බ්‍රහ්මා කියන දේද පිළිගනීවි. බ්‍රහ්මාට පමණයි ප්‍රජාපිතා බ්‍රහ්මා (ප්‍රජාවගේ පියා) යැයි කියන්නේ. ජීවාත්ම වලට මනුෂ්‍යයින් යැයි නොකියයි. මනුෂ්‍ය ලෝකය නිර්මාණය කරන්නේ කවුද? ප්‍රජාපිතා බ්‍රහ්මාගේ නම සඳහන් කර තිබේ. මෙම කෙනා ශාරීරික වන අතර අනෙත් කෙනා අශාරීරිකය. එම කෙනා සදාතනිකයි. මෙම කෙනාටද සදාතනිකයි යැයි කියයි. ඒ දෙදෙනාගේම නම් උසස්ම වන්නේය. එම කෙනා ආධ්‍යාත්මික පියා වන අතර මෙම කෙනා ප්‍රජාපිතාය (ප්‍රජාවගේ පියා). දෙදෙනාම මෙතැන අසුන් ගෙන ඔබට උගන්වයි. ශ්‍රේෂ්ඨතම ජීවයන් වන්නේ ඔවුන්ය. ඔය දරුවන් බොහෝ සේ කුල්මත් විය යුතුයි! ඔබට බොහෝ සතුට තිබිය යුතුයි! කෙසේවෙතත්, මායා ඔබට සතුටින් සිටීමට හෝ කුල්මත්ව සිටීමට ඉඩ නොදෙයි. එවන් දරුවන් දිගටම දැනුමේ සාගරය කලතන්නේ නම්, ඔවුන්ට සේවය කිරීමට හැකි වන අතර, ඔවුන්ට සතුටින් සිටීමටද හැකි වෙයි, නමුත් ඒ සඳහා ටික කාලයක් ගත වනු ඇත. ඔබට සතුටින් රැඳී සිටීමට හැකි වන්නේ, ඔබගේ කර්මතීට් තත්ත්වයට පත් වූ විට පමණයි. අච්චා.

ආධ්‍යාත්මික බාප්දාදා, ආධ්‍යාත්මික දරුවන්ට, සෙනෙහස, සිහිපත් කිරීම සහ ශුභ රාත්‍රියක් කියයි.

ධාරණය සඳහා සාරාංශය:
1. සෑම රාත්‍රියකම ඔබගේ ගිණුම් පරීක‍ෂා කරන්න: දවස පුරාවට මම කොපමණ වෙලාවක් අතිශයින්ම මිහිරි බාබාව සිහිපත් කළාද ? පෙනුමට පමණක් ඔබගේ ගිණුම නොතබන්න, නමුත් නොපෙනෙන උත්සාහයක යෙදෙන්න.

2. පියා ඔබට ලබා දෙන දැනුමේ සාගරය මතගාන්න, එමෙන්ම සේවයේ සාක‍ෂි ලබා දෙන්න. ඔබ අසන දේවල් ගණනකට නොගෙන සිටින්නට එපා. තමන් තුළ කිසියම් අසුර ගති තිබේදැයි පරීක‍ෂා කර බලා, තිබේ නම්, ඒවා ඉවත් කර ගන්න.

වරදානය:
ඔබගේ නිරාශාවේ ආකල්පයෙන් ඔබ සැබෑ රාජ ඍෂිවරයෙක් වී, මෙම නීරස ලෝකයට ඇති බැදීමෙන් නිදහස් වේවා.

රාජ ඍෂිවරයෙක් යනු, රාජධානියක් තිබෙන අතර අසීමිත නිරාශාවක් ඇති අයෙක් වීම සහ ශරීර හෝ ශරීර වල පැරණි ලෝකයට සුළු බැදීමක් පවා නොතිබීමයි, මන්ද, මෙම පැරණි ලෝකය නීරස ලෝකයක් බවත් එහි කිසිම සාරයක් නොමැති බවත් ඔබ දන්නා නිසා. මෙම නීරස ලෝකය තුළ ඔබට බ්‍රහ්මින්වරුන්ගේ ශ්‍රේෂ්ඨ ලෝකය හමු වී ඇත. එබැවින් ඔබට එම ලෝකය කෙරෙහි තිබෙන්නේ අසීමිත නිරාශාවකි, එනම්, සුළු බැදීමක් පවා නොමැත. කිසිම කෙනෙකුට කිසිදු බැදීමක් හෝ යටහත් බවක් නොමැති විට ඔබ රාජ ඍෂිවරයෙක් හෝ තපස්වි කෙනෙක් ලෙස හැදින්වෙයි.

පාඨය:
යුක්තියුක්ත වදන් යනු මධුර මෙන්ම සුබ පැතුම් වලින් පිරි වදන්ය.