13.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, බාබා ඔබගේ හදවත් වලට කෙබඳු ආකාරයක විනෝදයක් ලබා දෙනවාද යත්, උපත් 21කට ඔබට විනෝද වීමට සල්පිල් ආදියට යෑමට අවශ්‍ය වන්නේ නැත.

ප්‍රශ්නය:
දැන් පියාගේ උදව්කරුවන් වන දරුවන්ට ඇති සහතිකය කුමක්ද?

පිළිතුර:
ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, රාජධානිය ස්ථාපනය කිරීමට උදව්කරුවන් වන දරුවන් වෙතට, මරණය පැමිණිය නොහැක, යන සහතිකය තිබේ; ස්වර්ණමය යුග රාජධානියේ කිසිම විටෙක අකල් මරණ සිදු විය නොහැක. උදව්කරුවන් වන දරුවන්ට, පියාගෙන් කෙබඳු තෑග්ගක් ලැබේද යත්, ඔවුන් පරම්පරා 21කට අමරණීය වන්නේය.

ඕම් ශාන්ති.
පෙර නියමිත වූ ලෝක චක්‍රයට අනුව, ඔහු පෙර චක්‍රයේදී කතා කළ එම ආකාරයෙන්ම, ශිව දෙවියන් කතා කරයි. ඔය දරුවන්ට දැන් ඔබගේ හැඳින්වීම මෙන්ම පියාගේ හැඳින්වීම ද ලැබී තිබේ. ඔබ දැන් අසීමිත පියාව මෙන්ම අසීමිත ලෝකයේ මුල, මැද සහ අවසානය ද දන්නවා. සමහරුන්ට ඔවුන්ගේ උත්සාහයට අනුව, අංක පිළිවෙලට, ඉතාමත්ම හොඳින් එය වැටහෙන අතර, එබැවින් ඉන්පසුව ඔවුන්ට අන් අයටද එය විස්තර කර දීමට හැකිය. ඇතමෙකුට භාගෙට වැටහෙන අතර, තවත් සමහරෙකුට ඊටත් අඩුවෙන්ය. යුද්ධයකදී, ප්‍රධාන අණදෙන නිලධාරී සිටින අතර, ඉන්පසුව සමහරුන් කපිතාන්වරුන් වන අතර, සමහරු ඊටත් අඩුය. රාජධානියේ මාලාවේද, සමහරු ධනවත් පුරවැසියන් වන අතර අන් අය දුගී පුරවැසියන් වෙයි; එය අංකානුරූපයි. ඔය දරුවන් දන්නවා, ශ්‍රීමත් අනුගමනය කිරීමෙන්, තම තමන්ම ශ්‍රේෂ්ඨ ලෝක රාජධානිය ස්ථාපනය කරන බව. ඔය එක් එක් කෙනා දරන උත්සාහයට අනුකූලව, ඔබට පියාගෙන් තෑග්ගක් ලැබෙයි. මෙකල සාමය ගැන අවවාද ලබා දෙන මිනිසුන්ට තෑගි ලැබෙනවා. ඔය දරුවන්ටද තෑග්ගක් ලැබෙයි. ඒ මිනිසුන්ට මෙම තෑග්ග ලබා ගැනීමට නොහැක. ඔවුන්ට ලැබෙන සෑම දෙයක්ම තාවකාලික කලකටයි. ඔබ පියාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් තමන්ගේම රාජධානිය ස්ථාපනය කරගන්නවා. මෙය උපත් 21කට සහ පරම්පරා 21කට සහතිකයකි. ඔවුන්ගේ ළමා කාලයේ හෝ වැඩහිටි අවස්ථාවේදී, කිසිවෙකුට එහිදී මරණය පැමිණෙන්නේ නැත. මෙය ඔබගේ මනසේ හෝ හදවතේ නොතිබුණු බවත්, එමෙන්ම ඔබගේ සිහිවටනද තිබෙන, එමෙන්ම වසර 5000කට පෙරත් ඔබ සේවය කළ ස්ථානයකයි ඔබ මේ අසුන් ගෙන සිටින්නේ, කියා ඔබ දන්නවා. දිල්වාලා දේවාලය, අචල් ගර් සහ ගුරු ශිකර් තිබේ. ඔහුගේ සිහිවටනය නිර්මාණය කර තිබෙන, උසස්ම-උසස් සත්ගුරුව ඔබට හමුවී තිබේ. අචල් ගර්හි අරුතද ඔබට වැටහී තිබේ. (නොසෙලවෙන ඒකායන කෙනාගේ නිවහන). එය නිවහනේ ප්‍රශංසාවයි. ඔබ තමන්ගේම උත්සාහයන් තුළින්, උසස්ම-උසස් තත්ත්වය හිමි කරගනි. එය ඔබගේ ආශ්චර්යමත් අජීවී සිහිවටනයයි. ඔබ දැන් මෙහි පැමිණ, ජීවමාන ස්වරූපයෙන් අසුන් ගෙන තිබේ. මෙම සෑම දෙයක්ම පෙර චක්‍රයේදී සිදුවුණු ආධ්‍යාත්මික ක්‍රියාවන්ය. එහි සම්පූර්ණ සිහිවටනයම ඇත්තේ මෙහිය. එය අංක එකේ සිහිවටනයයි. කෙනෙක් වැදගත් වූ විභාගයක් සමත් වූ විට, ඔහු තුළ එම අභ්‍යන්තර සතුට සහ දීප්තිය තිබේ. ඔහුගේ ගෘහ භාණ්ඩ සහ ඇඳුම් විලාශයද ඉතා හොඳය. ඔබ ලෝකයේ අධිපතියන් බවට පත් වනවා. කිසිවෙකුව ඔබ සමග සංසන්දනය කළ නොහැක. තවද මෙය පාසැලකි. ඔබට උගන්වන කෙනාවත් ඔබ දැන් දන්නවා. දෙවියන් කතා කරයි. ඔබ භක්ති මාර්ගයේ සිහි කළ සහ වන්දනා කළ කෙනා ගැන, කිසිවක් දැන සිටියේ නැත. පියා පෞද්ගලිකවම මෙහි පැමිණ, මෙම සියලුම රහස් ඔබට විස්තර කර දෙන්නේ, ඒ සෑම එකක්ම ඔබගේ අවසන් ස්ථීතියේ සිහිවටන බැවිනි. ප්‍රතිඵලය තවමත් නිකුත් වී නොමැත. ඔබගේ ස්ථීතිය සම්පූර්ණ වූ විට, එහි සිහිවටනයක් ඉන්පසුව භක්ති මාර්ගයේදී නිර්මාණය කරයි. නිදසුනක් වශයෙන් රක‍ෂා බන්දන් උත්සවය තිබේ. අපි සම්පූර්ණ රාඛිය බැඳ, අපගේ රාජධානියේ භාග්‍යය හිමි කර ගත් පසු, අපි එම උත්සවය සමරන්නේ නැත. සියලුම මන්ත්‍ර වල තේරුම ඔබට විස්තර කර දී තිබේ. ’ඕම්' හී තේරුම ද ඔබට විස්තර කර දී තිබේ. ’ඕම්'හි අරුත දිග හෝ සංකීර්ණ නැත. ’ඕම්'යනු මම ජීවාත්මයක් වන අතර, මෙය මගේ ශරීරයයි. අවිද්‍යා මාර්ගයේ ඔබ ශරීර අවධානයෙන් සිටින නිසා, තමන් ශරීරයක් බව සළකයි. දිනෙන් දින, භක්ති මාර්ගය, වැඩි වැඩියෙන් පහත් තත්ත්වයකට ඇද වැටෙයි; එය වැඩි වැඩියෙන් තමෝප්‍රධාන් වනවා. සෑම දෙයක්ම පළමුව, සතෝප්‍රධාන්ය. ඔබ එක් සත්‍ය ශිව බාබා පමණක් සිහිපත් කළ, මුල් කාලයේදී භක්තියද සතෝප්‍රධාන් විය. ඔබගෙන් ඉතාමත්ම ටික දෙනයි එකල සිටියේ. දවසින් දවස ව්‍යාප්තිය සිදු විය යුතුයි. විදේශයන්හි, එකවර දරු උපත් ගණනාවක් සිදුකරන අයට තෑගි ලබා දෙයි. පියා පවසන්නේ : විශාලතම සතුරා වන්නේ රාගයයි. ලෝක ජනගහනය ඉතා අධික ලෙස වර්ධනය වී ඇත. දැන් පාරිශුද්ධත්වයට පත් වන්න! ඔය දරුවන්ට දැන් පියාගෙන් ලෝකයේ මුල, මැද සහ අවසානය ගැන දැනගන්නට ලැබී තිබේ. ස්වර්ණමය යුගයෙදී භක්තිය පිළිබඳ නමක් හෝ සලකුණක්වත් නොමැත. මිනිසුන්ට එහි ගොස් විනෝද වීම සඳහා, දැන් බොහෝ ශෝභනය සහ සල්පිල් ආදිය තිබේ. පියා පැමිණ ඔබව විනෝදමත් කරනවා, එවිට ඔබ උපත් 21කට නිරතුරුවම විනෝදයෙන් සිටියි. සල්පිල් ආදියට යෑමට ඔබට සිතිවිල්ලක් වත් ඇති නොවනු ඇත. මිනිසුන් සතුට වෙනුවෙන් විවිධ ස්ථාන වලට යයි. ඔබට කඳුමුදුන් ආදියට යෑමට අවශ්‍ය නැත. බලන්න මෙහි මිනිසුන් මැරෙන අන්දම! මිනිසුන් ස්වර්ණමය හෝ කලි යුග ගැනවත් දිව්‍යලෝකය හෝ අපාය ගැනවත් නොදනි. ඔය දරුවන්ට සම්පූර්ණ දැනුම ලැබී තිබේ. පියා ඔබට ඔහු සමග සිටිය යුතු බව නොකියයි. ඔබ තම නිවෙස සහ පවුලේ අයද බලා ගත යුතුයි. යම් ගැටුමක් ඇති වූ විට දරුවන් වෙන් වෙයි. කෙසේවෙතත්, ඔබට පියා සමග සිටිය නොහැක. සෑම කෙනෙකුටම සතෝප්‍රධාන් විය නොහැක. ඇතමෙක් සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව වලද සිටියි. සෑම කෙනෙකුටම එකට ජීවත් වීමට නොහැක; රාජධානියක් නිර්මාණය වනවා. ඔබ එක් එක් කෙනා කොතරම් ප්‍රමාණයකට පියාව සිහිපත් කරනවාද, ඒ අනුව ඔබට රාධානියේ දී අංක පිළිවෙලට තත්ත්වයක් හිමි වනු ඇත. ප්‍රධානතම දෙය වන්නේ පියාව සිහි කිරීමය. පියාම මෙතැන අසුන් ගෙන ඔබට අභ්‍යාස කියා දෙයි. මෙය මළ නිහැඬියාවයි. ඔබට මෙහිදී කුමක් පෙනුනද, ඔබ එය නොදැකිය යුතුයි. ඔබගේ ශරීරය ඇතුළු සියලු දේම ඔබ අත්හල යුතුයි. ඔබට පෙනෙන්නේ මොනවාද? පළමුවෙන්ම ඔබට ඔබගේ නිවහන පෙනෙන අතර, දෙවනුව, ඔබගේ ඉගෙනුමට අනුව, ඔබට ලැබෙන්නට තිබෙන තත්ත්වය. ඔබ එම ස්වර්ණමය යුග රාජධානිය දන්නවා. ස්වර්ණමය යුගය ඇති විට, රිදී යුගය නොපවතින අතර, රිදී යුගය ඇති විට, තඹ යුගය නොපවතී. එය තඹ යුගය වන විට, කලි යුගය නොපවතී. දැන් එය කලි යුගය මෙන්ම සංගම යුගයද වෙයි. ඔබ පැරණි ලොවේ අසුන් ගෙන සිටියද, ඔබ සංගම යුගයේ අය බව, ඔබගේ බුද්ධියට වැටහෙයි. සංගම යුගය යනු කුමක්ද කියා ඔබ දන්නවා. වැඩියෙන්ම ශුභදායක සංගම් වර්ෂය, වැඩියෙන්ම ශුභදායක මාසය මෙන්ම වැඩියෙන්ම ශුභදායක දිනය ද ඇත්තේ වඩාත්ම ශුභදායක වූ සංගම් යුගයේය. වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින් වීමේ මොහොත ඇත්තේද වඩාත් ශුභ වූ සංගම යුගයේය. මෙය ඉතාමත්ම කෙටි අධික යුගයකි. ඔබ එය මගින් දිව්‍යලෝකයට යන කරණම ගසයි. වන්දනා ගමන් යන විට තාපසයින් සහ වෙනත් අයද කරණම් ගසන සැටි බාබා දැක තිබේ. ඔවුන් තමන්ට බොහෝ අපහසුතාවයන් කර ගනිති. මෙහිදි අපහසුතාවයක් පිළිබඳ ප්‍රශ්නයක් නැත. මෙය යෝගා බලය පිළිබඳ ප්‍රශ්නයකි. ඔය දරුවන්ට සිහිපත් කිරීමේ වන්දනාව අපහසු බව දැනෙනවාද? එය ගැන ඇසීමෙන් ඔබට බියක් නොදැනෙන සේ, එයට පහසු යෝගාව යැයි කියනු ලබයි. ඇතමෙක් කියන්නේ : බාබා, මට යෝගාවේ සිටින්නට නොහැක. පියා පවසන්නේ : තමන් ජීවාත්මයක් යැයි සලකන්න. ඔබ දරුවන් නොවේද? එම කෙනා ඔබගේ පියා මෙන්ම ඔබගේ ආදරවන්තයායි. සියලුම ආදරවන්තයින් ඔහුව සිහි කරයි. ’පියා' යන එක වචනය සෑහෙයි. භක්ති මාර්ගයේදී ඔබ ඔබගේ යහළුවන්, නෑදෑයින් ආදින් සිහි කළ මුත්, ඔබ නිසැකයෙන්ම ’ඕ දෙවියනි! ඕ ඊශ්වර!' කියා කිව්වා. දෙවියන් යනු කවුරුන්ද කියා පමණයි ඔබ දැන නොසිටියේ. සියලුම ජීවාත්මයන්ගේ පියා, උත්තරීතර ජීවාත්මයයි. මෙම ශරීරයේ පියා, ශාරීරික ජීවියෙකි. ජීවාත්මයන්ගේ පියා, අශාරීරිකයි. ඔහු කිසිම විටෙක පුනරුත්පත්ති නොගනී. අන් සෑම කෙනෙක්ම පුනරුත්පත්තියට ඇතුළු වෙයි, මේ නිසයි ඔබ පියා පමණක් සිහිපත් කරන්නේ. ඔහු අනිවාර්යෙන්ම යම් අවස්ථාවකදී ඔබට සතුට ලබා දුන්නා. ඔහුට දුක නැති කරන්නා සහ සතුට ලබා දෙන්නා යැයි කියයි, නමුත් මිනිසුන් ඔහුගේ නම, ස්වරූපය, දේශය හෝ කාලය නොදනී. මිනිසුන් තරමටම විවිධ මත තිබේ; ගණන් කළ නොහැකි තරම් මත තිබේ. පියා ඔබට බොහෝ සෙනෙහසින් යුතුව උගන්වයි. ඔහු පරමාත්ම දෙවියන්ය, ඔබට සාමය ලබා දෙන කෙනාය. ඔබට ඔහුගෙන් බොහෝ සේ සතුට ලැබෙයි. ඔහු එක් ගීතාව කියා, අපවිත්‍ර අයව පිවිතුරු කරයි. ගෘහස්ත මාවත ද තිබිය යුතුයි. ලෝක චක්‍රය වසර සිය දහස් ගණනක් බව මනුෂ්‍යයින් කියා තිබේ, එසේ නම් ගණන් කළ නොහැකි තරම් මනුෂ්‍යයින් සිටිය යුතුයි. ඔවුන් විශාල වරදක් සිදු කර ඇත. ඔබට මෙම දැනුම දැන් ලැබෙන අතර, එය ඉන්පසුව අතුරුදහන් වී යයි. වන්දනාවට ලක් වන පිළිරූ තිබේ. කෙසේවෙතත්, තමන් දේවතා ධර්මයට අයත් බව ඔවුන් නොසළකයි. කෙනෙක් කුමන පිළිරුවකටද වන්දනා කරන්නේ, ඔහු අයත් වන්නේ එම ආගමටය. ඔවුන් ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් බව ඔවුන්ට නොවැටහෙයි; එය ඔවුන්ගේ රජ පෙළපතයි. මෙය විස්තර කර දෙන්නේ පියා පමණයි. පියා පවසන්නේ : ඔබ පිවිතුරුව සිටි අතර, ඔබ දැන් තමෝප්‍රධාන් වී ඇත. ඔබ දැන් පිවිතුරු හා සතෝප්‍රධාන් විය යුතුයි. ගංගා නදියේ නෑමෙන් ඔබ මෙය බවට පත් වෙයිද? පාරිශුද්ධකරුවා වන්නේ පරමාත්ම පියාය. ඔහු පැමිණ ඔබට මාර්ගය පෙන්වූ විට පමණයි ඔබට පිවිතුරු විය හැකි වන්නේ. මිනිසුන් අඛණ්ඩව ඔහුට කන්නලව් කරන නමුත් ඔවුන් කිසිවක් නොදනී. අවයව තුළින් කන්නලව් කරන්නේ ජීවාත්මයයි: ඕ පාරිශුද්ධකරු බාබා, පැමිණ අපව පිවිතුරු කරන්න! සෑම කෙනෙක්ම අපවිත්‍ර වන අතර, දිගින් දිගටම රාගය නම් කොතේ පිළිස්සෙති. මෙම නාටකය ඒ අන්දමින් පෙර නියම වී තිබේ. එවිට පියා පැමිණ, සෑම කෙනෙක්වම පිවිතුරු කරවයි. පියා මෙය විස්තර කරන්නේ සංගම යුගයෙදී පමණයි. ස්වර්ණමය යුගයේ ඇත්තේ එක් ධර්මයක් පමණයි, මන්ද, ඉතිරි සියලු දෙනා ආපසු නිවසට ගොස් ඇති බැවිනි. ඔබ දැන් නාටකය වටහා ගෙන තිබේ. වෙනින් කිසිවෙක් මෙය නොදනී. නිර්මාණයේ මුල, මැද සහ අවසානය මෙන්ම එහි කාල වකවානුව දන්නේ ඔබ පමණයි. ඔවුන් සියලු දෙනාම ශුද්‍රයින් වන අතර, ඔබ බ්‍රහ්මණයින්ය. ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට ඔබ මෙය දන්නවා. කෙනෙක් වරදක් සිදු කළ විට, ඔහු අඩුවෙන් ඉගෙන ගෙන ඇති බව ඔහුගේ වාර්ථාවේ පෙන්නුම් කෙරෙයි. කෙනෙකුගේ චරිතයේ වාර්ථාවක්ද තිබේ. මෙහිද වාර්ථාවක් තිබිය යුතුයි. මෙය කිසි කෙනෙක් නොදන්නා සිහි කිරීමේ වන්දනාවයි. සැමටම වඩා වැදගත් විෂය වන්නේ සිහිපත් කිරීමේ වන්දනාවයි. තමන් ජීවාත්මයක් බව සළකා, පරමාත්ම පියාව සිහිපත් කරන්න. ජීවාත්මය මුඛය හරහා කියන්නේ: මම එක් ශරීරයක් අත්හැර තවෙකක් ගන්නෙමි. මේ සෑම දෙයක්ම විස්තර කර දෙන්නේ බ්‍රහ්ම බාබා නොවෙයි, නමුත් දැනුමේ සාගරය, උත්තරීතර පියා, උත්තරීතර ජිවාත්මයයි මෙම රථයේ අසුන් ගෙන සෑම දෙයක්ම විස්තර කර දෙන්නේ. ඔහුට ගවුමුඛි යැයි කියයි. (ගවයාගේ මුඛය). ඔබ මෙහි අසුන්ගෙන සිටින මෙහිද, දේවාලයක් නිර්මාණය කර ඇත. ඔබගේ ඉනිමගේ මෙන්, එහිද පඩිපෙළක් තිබේ. ඔබ ඒවා නැගීමෙන් වෙහෙසට පත් වන්නේ නැත. ඔබ මෙහි පියා වෙතට පැමිණ ඇත්තේ ඔහු සමග ඉගෙන ගෙන නැවුම් වීමටයි. එහි ගෙදර, ලෞකික ව්‍යාපාරික කටයුතු බොහොමයක් තිබේ. ඔබට යමකට සාමකාමීව සවන් දීමටවත් නොහැකි වෙයි. ඔබගේ සිතිවිලි දිගටම දිව යයි: මාව කිසිකෙනෙක් දැකිය යුතු නැත; මා විගසින් නිවසට යා යුතුයි. බොහෝ තැකීමක් තිබේ. නේවාසිකාගාරයක ඇති තැකීම මෙහි නොමැත. මෙය දෙවියන්ගේ පවුලයි. සාම දේශයේ වාසය කරන්නේ සහෝදරයන්ය. මෙහි ඔබගේ චරිත කොටස් රඟ පෑ යුතු නිසා සහෝදරයන් සහ සහෝදරියන් සිටියි. ස්වර්ණමය යුගයේද ඔබ සහෝදරයන් සහ සහෝදරියන්ය. එයට කියන්නේ නොබෙදුනු රාජධානිය කියාය. එහි සටන් හෝ ගැටුම් නොමැත. ඔබ උපත් 84ක් ගන්නා අන්දම ගැන සියලුම දැනුම ඔය දරුවන්ට ලැබී තිබේ. උපරිම භක්තිය කර ඇති අයගේ ගිණුම් ගැන පියා ඔබට කියා තිබේ. ශිවාගේ අමිශ්‍ර වන්දනාව ආරම්භ කරන අය ඔබයි. ඉන්පසුව එය දිගටම වර්ධනය වනවා. ඒ සෑම දෙයක්ම භක්තියයි. ඇත්තේ එක් ඥානයයි. ශිව බාබා ඔබට උගන්වන බව ඔබ දන්නවා. මෙම බ්‍රහ්මා කිසි දෙයක් දැන සිටියේ නැත. මී මුත්තා වූ කෙනා, දැන් මෙකල එය වෙයි, ඉන්පසුව ඔහු අධිපතියෙක් වන අතර, ඔබටත් එය එසේමය. අධිපතියෙක් වන්නේ එක්කෙනෙක් පමණක් නොවෙයි. ඔබත් උත්සාහ දරනවා. මෙය අසීමිත පාසැලකි. එහි බොහෝ ශාඛා තිබේ. සෑම මාවතකම සහ සෑම නිවෙසකම මධ්‍යස්ථාන තිබෙයි. සමහරු කියන්නේ අපි මෙම පිංතූර අපගේ නිවසේ තබා, අපගේ මිත්‍රයන් සහ නෑදෑයන් පැමිණි විට අපි ඔවුන්ට මේ පිංතූර විස්තර කර දෙනවා. මෙම ගසේ පත්‍ර වන අය, මෙහි පැමිණෙයි. ඔබ සෑම දෙයක්ම කරන්නේ ඔවුන්ගේ යහපත වෙනුවෙනි. පිංතූර යොදා විස්තර කිරීම පහසුය. ඔබ බොහෝ ආගමික පොත් හදාරා ඇති අතර, ඔබ දැන් ඒ සෑම එකක්ම අමතක කළ යුතුයි. අපට උගන්වන කෙනා පරමාත්ම පියාය. සත්‍ය දැනුම කතා කරන්නේ ඒකායන ඔහුයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මළ නිහැඬියාවේ අභ්‍යාසය සිදු කිරීම සඳහා, ඔය ඇස් දෙකින් මෙහිදී දකින කිසිම දෙයක් දකින්න එපා. ඔබගේ ශරීරය ඇතුළු සෑම දෙයක්ම ඔබගේ බුද්ධියෙන් ඉවත් කර, ඔබගේ නිවහනේ සහ රාජධානියේ අවධානයෙන් සිටින්න.

2. ඔබගේ චරිතයේ වාර්ථාවක් තබා ගන්න. ඉගෙනුමේදී කිසිම අතපසුවීමක් සිදු කරන්න එපා. මෙම සංගම යුගයෙදී ඔබ වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයින් බවට පත් විය යුතු අතර, අන් අයවද එසේ කළ යුතුයි.

වරදානය:
ඔබ නිරන්තරයෙන් සියලු ලැබීම් වලින් පිරිපුන්ව සිටීමෙන් ඔබ සතුටු සහ ප්‍රබෝදමත් හැගීමකින් රැදී සිටිත්වා.

දේවතාවකගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන විට, ඔවුන් සෑම විටම පෙන්වන්නේ සිනහමුසු (ප්‍රබෝදමත්) මුහුණකි. ඔබගේ මෙකල සිහිවටන වල ප්‍රතිමාවන්හි ඔබ සිනහමුසුව සිටින අන්දම ඔවුන් පෙන්වයි. ප්‍රබෝදමත් වීම යනු, නිරන්තරයෙන් සියලු ලැබීම් වලින් පිරිපුන් වීමය. පිරිපුන් අයට පමණයි ප්‍රබෝදමත්ව සිටීමට හැකි වන්නේ. යම් ලැබීමක අඩුවක් ඇත්නම්, ඔබ ප්‍රබෝදමත්ව නොසිටියි. කෙනෙක් ප්‍රබෝදමත්ව සිටීමට කෙතරම් වෙර දැරුවත්, ඔහු පිටතින් සිනහසෙන නමුත් එය හදවතින් නොවෙයි, නමුත් ඔබ සිනහසෙන්නේ ඔබගේ හදවතින්ය, මන්ද, ඔබ ප්‍රබෝදමත් මෙන්ම සියලු ලැබීම් වලින් පිරිපුන්ය.

පාඨය:
සම්මාන ඇතිව සමත් වීම සදහා, ඔබගේ රැස් කිරීම් ගිණුම සෑම සම්පතකින්ම පුරවා තබා ගන්න.