14.04.24    Avyakt Bapdada      Sinhala Murli     15.03.99    Om Shanti    Madhuban


ඔබගේ කර්මතීට් ස්ථිතියට ළඟා වීම සදහා ඔබගේ පාලන බලය වැඩි කර, ස්ව-පාලකයෙක් වන්න.


අද දින, බාප්දාදා, සෑම තැනකම සිටින ඔහුගේ සියලුම රාජකීය විශේෂ ආදරණීය (රාජ් දුලාරේ) දරුවන්ව, පරමාත්ම දෙවියන් සෙනෙහස පාන දරුවන්ව දකිනවා. පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස සහ ආදරය ලැබෙන්නේ ඉතාම සුළු දරු පිරිසකටයි. එවන් භාග්‍යයක් ලැබීමට සුදුසු වන්නේ ඉතා සුළු දරුවන් පිරිසකටයි. එවන් භාග්‍යවන්ත දරුවන් දැක, බාප්දාදා බොහෝ සතුටු වනවා. රාජකීය දරුවෙක් (ඔටුන්න හිමි කුමරෙක්) වීම යනු, රජ දරුවෙක් වීමය. තමන් රජවරු බව ඔබ සලකනවාද? ඔබගේ නාමය වන්නේ රාජ යෝගීවරුය. රාජ යෝගීවරයෙක් වීම යනු, රජ කෙනෙක් වැනි දරුවෙක් වීමය. ඔබ වර්ථමානයේ රජවරු වන අතර අනාගතයේද රජවරුන්ය. ඔබගේ ද්විත්ව රාජකීය තත්ත්වය ඔබ අත්දකිනවාද? ඔය සෑම කෙනෙක්ම තමන් රජ කෙනෙක්ද කියා පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබට තමන්ව පාලනය කළ හැකිද? ඔබගේ සියලුම සේවකයන් ඔබගේ නියෝග වලට අනුව ඔබගේ රාජධානියේ සේවය කරනවාද? රජෙකුගේ විශේෂත්වය කුමක්ද කියා, ඔබ දන්නවා නේද? ඔබට පාලන බලය මෙන්ම හසුරුවා ගැනීමේ බලය, යන බල දෙකම තිබෙනවාද කියා තමන්ගෙන් විමසන්න. ඔබගේ රාජධානියේ සියලුම සේවකයන් සිටින්නේ, ඔබගේ පාලනය යටතේද?

අද, බාප්දාදා, දරුවන්ගේ පාලන බලය සහ හසුරුවා ගැනීමේ බලය පරීක්ෂා කරමින් සිටියා. ඔහු දුටුවේ කුමක්ද? ඔබ සියලු දෙනාම කොහොමත් මෙය දන්නවා. බාප්දාදා දුටුවේ, තවමත් සියලු දෙනාටම ස්ථාවර සහ බාධක නොමැති රාජධානියක් නොමැති බවයි. එය ස්ථාවර විය යුතුයි, නමුත් එයට විටින් විට බාධා පැමිණෙයි. මන්ද? නිරන්තරයෙන් තමන්ව පාලනය කිරීම වෙනුවට ඔබ අන් අයව පාලනය කිරීමට තැත් කරයි. මෙයත් ඔබගේ රාජධානියට බාධා කරයි. ඔබගේ භෞතික ඉන්ද්‍රියන් බාහිර දේවල් මත යැපෙන විට, ඉන් අදහස් වන්නේ ඔබ අන් අයව පාලනය කිරීමට තැත් කරන බවයි. ඉන් අදහස් වන්නේ ඔබ මායාගේ රාජධානියේ බලපෑමට හසු වන බවයි, ඔබ අන් අය මත යැපෙන තත්ත්වයට පත් වෙයි. වර්ථමානයේ අඩු සංඛ්‍යාවක් හොදින් සිටින නමුත් වැඩි පිරිසක් මායාගේ වත්මන් විශේෂ බලපෑම යටතේ සිටියි, එහි ප්‍රතිඵලය ලෙස, තඹ යුගයේ සිට කලි යුගයේ අවසානය දක්වා ඇති සංස්කාර මතු වී ඔබගේ ආදි සහ සනාතන සංස්කාර වලට බාධා කිරීමයි. ඔබගේම සංස්කාර ඔබගේම රාජධානියට බාධා කරයි. විශේෂයෙන්ම මෙම සංස්කාර තිබීම, නිෂ්ඵල සිතිවිලි ඇති කිරීමේ සංස්කාර, කාලය අපතේ හැරීමේ සහ නිෂ්ඵල අන්තර් සම්බන්ධතා තිබීම, එනම්, අන් අයට සවන් දීමේ, හෝ අන් අයට දේවල් පැවසීම. පළමුව ඔබගේ නිෂ්ඵලත්වයේ සංස්කාර සහ දෙවනුව ඔබගේ නොසැලකිල්ලේ සංස්කාර, බොහෝ විවිධ රාජකීය ආකාර වලින් ඔබගේ රාජධානියට බාධා කරයි. අවසන් කාලය දැන් සමීපව පැමිණෙන නමුත් ආරම්භයේ කිසි විටෙක මතු නොවූ සංස්කාර දැන් මතු වන බව බොහෝ දරුවන් තවමත් පවසයි. දැන් පවා වාතාවරණයට සංස්කාර මතු වනවා. මෙයට හේතුව කුමක්ද? මෙම දේවමය මාර්ගයේ, මායා ඔබට පහර දී, ඔබව අධෛර්යමත් කර, ඔබව ඇය සතු කර ගන්නේ මෙහෙමයි. ඔබ දැන් පවා තවමත්, ඒ ආකාරයට ගමන් කරන නිසා, ඔබ සමාන වීමේ සාර්ථකත්වය අත්කර ගනීවිද කියා ඔබ සිතයි. එක හෝ තව කාරණාවකදි, විශේෂයෙන් ඔබ දුර්වල කාරණාවකදි, මායා ඔබව අධෛර්යමත් කිරීමට තැත් කරයි. මායා ඔබගේ සංස්කාර වලට පහර දෙන්නේ මේ අන්දමටයි. ඔබ ඉතා හොදින් ගමන් කරමින් සිටියත්, ඔබව අධෛර්යමත් කිරීමට, ඔබගේ එක හෝ වෙනත් පැරණි සංස්කාරයක් ඉස්මතු කිරීමට මායා ස්වරූපයක් ආරූඪ කර ගනිවි. ඔබගේ සියලුම පැරණි සංස්කාර අවසන් කාලය වන විට, විනාශ කර දැමිය යුතුයි. එබැවින් තවමත් ඉතිරිව තිබෙන සංස්කාර විටෙක මතු විය හැක. කෙසේවෙතත්, බාප්දාදා ඔය සියලුම භාග්‍යවන්ත දරුවන්ට සංඥා කරන්නේ බිය නොවී, නමුත් මායාගේ ක්‍රම වටහාගන්නා ලෙසයි. අලසකම සහ නිෂ්ඵලත්වය යන දෙකට විශේෂ අවධානයක් යොමු කරන්න. නිෂේධනීයත්වයත් මෙයට ඇතුලත්ය. මේ කරුණු දෙකටම අවධානය යොමු කරන්න. වත්මන් කාලයේ මායා ඔබට ප්‍රහාර එල්ල කරන්නේ මේ අන්දමට බව වටහා ගන්න.

පරම පියාගේ ඇසුරේ අත්දැකීම සහ ඒකාබද්ධ ස්වරූපය ඔබ තුළ ඉස්මතු ස්වරූපයකින් තබා ගන්න. පියා කොහොමත් ඔබට අයත් බවත් ඔහු ඔබ සමග සිටින බවත් පමණක් නොසිතන්න. ඔහුගේ ඇසුරේ ප්‍රායෝගික අත්දැකීම ඔබ ඉස්මතු කර තබා ගන්න විට, මායාගේ මෙම ප්‍රහාරය, ප්‍රහාරයක් නොව ඒ වෙනුවට එය මායාගේ පරාජය වෙයි. එය මායාගේ පරාජය වෙයි, ඇගේ ප්‍රහාරයක් නොවෙයි. කිසිම විටෙක බිය වී, කුමක් සිදු වෙනවාද හෝ යමක් සිදු වන්නේ මන්ද කියා නොසිතන්න. සරළව ඔබගේ එඩිතරකම පවත්වා ගෙන, පියාගේ ඇසුර තිබීමේ අවධානයෙන් සිටින්න. ඔබට තවමත් පරම පියාගේ ඇසුර තිබෙනවාද, නැත්නම් එම ඇසුරේ ඔබගේ අත්දැකීම යටපත් වී තිබේද කියා පරීක්ෂා කර බලන්න. පියා ඔබ සමග සිටින බවට දැනුම ඔබට තිබේ. කෙසේවෙතත්, මෙම දැනුවත් වීම සමගම ඔබ පරම පියාගේ බලය ගැනත් දන්නවා. ඔහු සර්ව බලධාරියා, සියලු බල ඇති ඒකායන කෙනාය. එබැවින් සියලු බලයන්ගේ ශක්තිය ඔබ තුළ ඉස්මතු වීම අත්දකින්න. පියාගේ ඇසුර අත්විදීම යන්නෙහි අරුත එයයි. නොසැලකිලිමත් වී මෙසේ සිතීම ආරම්භ නොකරන්න “ පියා හැර මට වෙන කවුද ඉන්නේ? පියා සෑම විටම සිටිනවා.” ඔහු සිටියි නම්, එවිට ඔබ සමග බලයද සිටිනවාද? ඔබ ලෝකයේ මිනිසුන්ට පවසන්නේ, දෙවියන් සර්ව ව්‍යාප්ත නම් එවිට ඔහුගේ ගුණධර්මත් පෙනෙන්ට සහ අත්විදින්නට තිබෙයි. එබැවින් බාප්දාදාද ඔබගෙන් විමසන්නේ, පියා ඔබ සමග සහ ඔබ හා ඒකාබද්ධව සිටිනවා නම්, ඔබ සිදු කරන සෑම දේකම ඔබ බලය අත්විදිනවාද? අන් අයත් මෙම බලය අත්දකිනවාද? ඔබ සිතන්නේ කුමක්ද? ද්විත්ව විදේශිකයන් සිතනනේ කුමක්ද? ඔබට මෙම බලය තිබෙනවාද? ඔබට එය නිරතුරුව තිබෙනවාද? සියලු දෙනාම ප්‍රථම ප්‍රශ්නයට “ඔව්” කියා පිළිතුරු දෙනවා. ඔව්. කෙසේවෙතත්, එය නිරතුරුව තිබෙනවාද යන දෙවන පැනය අසන විට, ඔබ ඒ ගැන සිතන්න පටන් ගනී. එබැවින් එය නිරන්තර සහ නොබිදි නැහැ නේද? ඔබ නිකුත් කරන්නේ කුමන අභියෝගයද? ඔබ නිර්මාණය කරන්නේ නිරන්තර රාජධානියක්ද නැත්නම් බාධා ඇති රාජධානියක්ද? ඔබ සිදු කරන්නේ කුමක්ද? එය නිරන්තර රාජධානියක් නේද? ගුරුවරු කතා කරන්න! එය නිරන්තරද? එබැවින් තමන්ගේ රාජධානිය නිරන්තරද කියා පරීක්ෂා කරන්න. ඔබට අවශ්‍ය හොද රාජධානියක්, සෑම කලටම ප්‍රතිලාභයක් හිමි කර ගැනීමටද, නැත්නම් ඔබගේ රාජධානියට විටින් විට බාධා ඇති වුණාට කමක් නැද්ද? ඔබට එය අවශ්‍ය මේ ආකාරයටද? ඔබට සෑම කලටම ලැබීම අවශ්‍ය නමුත් උත්සාහය අතින් එය ඇතැම් විට පමණක් වුනාට කමක් නැද්ද? ඔවුන්ගේ ජීවන ශබ්දකෝෂයෙන්, ද්විත්ව විදේශිකයන්ට ඉවත් කිරීමට පවසන ලද්දේ කුමන වචනද? ඔබට මතකද? “ඇතැම් විට” සහ “ඇතැම් දේවල්”. ඔබ තවමත් “ඇතැම් විට” යන වචනය භාවිතා කරනවාද එසේ නැත්නම් එය අවසන් වෙනවාද? ජයන්ති, කතා කරන්න! කතා කරන්න! ඔබට ප්‍රතිඵලය ලබා දිය හැක, එහෙම නේද? ඇතැම් විට අවසන් වෙලාද? සෑම කලටම “ඇතැම් විට” යන වචනය අවසන් වී ඇති බව සිතන අය, ඔබගේ අත් ඔසවන්න! එය අවසන් වෙලාද, නැත්නම් එය දැන් අවසන් වෙනවාද? ඔබගේ අත් ඉහළට ඔසවන්න! මෙහි රූපවාහිනියේ සියලු දෙනාගේ අත් දිස් නොවු නමුත් සූක්ෂම දේශයේ ඇති රූපවාහිනියේ ඒ සියල්ල දිස් විය, මන්ද, මෙම රූපවාහිනිය කලි යුගයේ එකක් වන අතර එම රූපවාහිනිය සූක්ෂම දේශයේ විශ්මිත රූපවාහිනියක්, එබැවින් සියලු දෙනාගේ අත් පෙනෙයි. ඉතා හොදයි! බොහෝ දෙනෙක් ඔබගේ අත් එසවීය. ඔබගේ අත් එසවූ සියලු දෙනාටම සෑම කලටම සුබ පැතුම්. අච්චා. දැන් භාරතයේ ජනයා, ඔබගේ අත් ඔසවන්න! මෙය ප්‍රායෝගික අන්දමකින් සිදු කළ අය පමණයි අත් එසවිය යුත්තේ. නිකම්ම ඔබගේ අත් ඔසවන්න එපා. සෑම කලටම තමන්ව පාලනය කිරීමට හැකි සහ තම භෞතික ඉන්ද්‍රියන් නිත්‍යානුකූලව සහ සංයමයෙන් තබා ගන්නා අය පමණක් අත් ඔසවන්න! ඔබගේ අත් දුර්වලව නොව, ස්ථිරව ඔසවන්න. සමූහය තුළදි ඔබ තම අත් එසවූ බව නිරන්තරයෙන් සිහියේ තබා ගන්න. එමෙන්ම ඔබ බාප්දාදාට ඉතා මිහිරි දේවල් පවසයි. ඔබ පවසන්නේ: බාබා, ඔබ සෑම දෙයක්ම දන්නවා. මායා ඇතැම් විට පැමිණෙන බව ඔබ දන්නවා. එබැවින් ඔබ එසවූ අතේ ගෞරවය පවත්වා ගන්න. අඩු තරමින් ඔබ නිර්භීතව රැදී සිට ඇත. එබැවින් කිසිම විටෙක ඔබගේ එඩිතරකම අහිමි කර නොගන්න. ඔබ එඩිතරව සිටින විට ඔබට නියත වශයෙන්ම බාප්දාදාගේ උපකාර ලැබෙයි.

වත්මන් කාලයට අනුව, තමන්ව සහ ඔබගේ භෞතික ඉන්ද්‍රියන් පාලනය කිරීම අතින්, එනම්, තමන්ට පාලන බලය තිබීම අතින්, ඔබට මෙම බලය බොහෝ සේ අවශ්‍ය බව, අද දින බාප්දාදා දුටුවා. ඔය දරුවන්ගේ හදවතට සමීප කතාබස් ඇසීමෙන්, ඔබට පැය සතරක බලවත් ස්මරණයේ සිටීමට නොහැකි බව ඇසීමෙන්, බාප්දාදා මද සිනහවක් පෑවා. බාප්දාදා, පැය 8, පැය 4ක් බවට වෙනස් කළා, ඔය දරුවන් දැන් කියන්නේ පැය 2ක් හොද බවයි! ඉතිං, ඔබගේ පාලන බලය මෙයද? ඔබ දැන් සිටම මෙය පුහුණු නොකරන්නේ නම් ඔබ සම්මාන ඇතිව සමත් වන්නේ කෙසේද? ඔය සෑම කෙනෙක්ම තමන්ගේ පාලකයෙක් විය යුතුයි. දරුවනේ, ඔබ සිනහසෙනවා, මන්ද, බාබාට ඔබගේ සියලුම කතාබස් අද ඇසුණා. ඔබට විනාඩි 3ක ට්‍රැෆික් කන්ට්‍රෝල් තිබිය නොහැකි බව ඔබ කියන නිසා ඔබ බාබාව හිනස්සනවා. ඒ වෙනුවට එය ඔබගේ සිරුරු වල පාලනයක් පමණක් වනවා. ඔබට නොසෙලවි සිට ගත හැක. කෙසේවෙතත්, ඇතැම් විටක ඔබට ඔබගේ මනස පාලනය කළ හැකි නමුත් ඇතැම් විට නොහැක. ඇයි? ඔබගේ පාලන බලය ඔබ වැඩි කළ යුතුයි. ඔබගේ අතට ඉහළට එසවීමට කියා ඔබ අණ කරන විට, එය ඉහළට යන සේම, ඔබගේ මනසට අණ කරන්න. ඔබගේ බාහුව බිදී ගොස් නොමැති නම් ඔබට එය එසවිය හැක. ඒ ආකාරයෙන්ම, ඔබගේ මනසේ සියුම් බලය, ඔබගේ පාලනය යටතේ තිබිය යුතුයි. ඔබ එය තම පාලනය යටතට ගෙන ආ යුතුයි. ඔබ එයට නතර කිරීමට අණ කළ වහාම එය නතර විය යුතුයි. ඔබ එයට සේවය ගැන සිතීමට පවසන සැනින්, එය සේවය ගැන සිතීමේ කාර්යබහුල විය යුතුයි. ඔබ එයට පරමදාමයට යාමට පවසන සැනින්, එය පරමදාමයට යා යුතුයි. එයට සූක්ෂම දේශයට යාමට කියන්න, එය තත්පරයක් ඇතුලත එහි යා යුතුයි. ඔබ එයට සිතන්න කියන ඕනෑම දෙයක්, එයට සිතීමට හැකි විය යුතුයි. දැන් මෙම බලය වැඩි කරගන්න. සුඵ සංස්කාර වලට සහ සටන් කිරීමට ඔබගේ කාලය අපතේ නොහරින්න, එසේ සිදු කර, ඔබ අද මේ සංස්කාරය පලවා හැරිය බවත් ඊයෙ දිනයේ වෙනත් සංස්කාරයක් පලවා හැරිය බවත් නොකියන්න. ඔබට පාලන බලය තිබෙන විට විවිධ සංස්කාර වෙනුවෙන් විවිධ කාල වකවානු වැය කිරීමට ඔබට සිදු වන්නේ නැහැ. ඔබ මනසට මෙසේ පැවසු විට, “ සිතන්න එපා, කිසිවක් නොකරන්න, කතා නොකරන්න”, ඔබ එයට නතර වීමට කියූ සැනින් එය නතර විය යුතුයි. ඔබගේ කර්මතීට් ස්ථිතියට ඔබට ළගා විය හැක්කේ මේ අන්දමටයි. ඔබට කර්මතීට් වීමට අවශ්‍යයි නේද? ඔබ මෙය විය යුතු බව, බාප්දාදාද පවසනවා. මෙය බවට පත් වීමට වෙන කිසිවෙක් මෙහි පැමිණෙන්නේ නැහැ; මෙය විය යුත්තේ ඔබයි. බාබා ඔබව ඔහු සමග ආපසු රැගෙන යනවා, නමුත් ඔබගෙන් කර්මතීට් වී ඇති අය පමණයි. ඔබ පරම පියා සමග ආපසු නිවහනට යනවා නේද? එසේ නැත්නම් ඔබ පසුව පිටුපසින් එනවාද? (අප ඔබ සමග යනවා). ඔබ පියා සමග ආපසු යන බව පැවසූ විට, ඔබ ඉතා හොදින් කතා කළා. කෙසේවෙතත්, ඔබගේ ගිණුම් ඔබ පියවනවාද කියා ඔබගෙන් විමසු විට, ඔබ “හා ජී” කීවේ නැත. ඔබ කර්මතීට් වීමෙන් පසුව පෙරළා නිවහනට යනවා නේද? පියා සමග ආපසු යෑම යනු, ඔහුගේ සහකරු ලෙස ආපසු යෑමයි. යුවළක් හොදින් ගැලපිය යුතුයි. එසේ නැත්නම් එක්කෙනෙක් උස වන අතර අනෙකා මිටි විය යුතුද? ඔවුන් සමාන විය යුතුයි. ඒ අන්දමින්ම ඔබ කර්මතීට් විය යුතුයි. ඔබ දැන් කිරීමට යන්නේ කුමක්ද? දැන් ඔබගේ රාජධානිය හොදින් රැක බලා ගන්න. දිනපතා අධිකරණයක් පවත්වන්න. ඔබගේ රාජධානියේ පාලකයා ඔබයි, එහෙම නේද? එබැවින් තමන්ගේම අධිකරණය පවත්වා, ඔබගේ සේවකයන් හොදින්ද කියා විමසන්න. සෑම දෙයක්ම පිළිවෙලට තිබේද කියා පරීක්ෂා කරන්න. බ්‍රහ්ම පියාද දිනපතාම අධිකරණය පැවැත්වීය. දිනපොතේ ඔබට එහි පිටපතක් තිබේ. එය ඔවුන්ට පෙන්වන්න! බ්‍රහ්ම පියාද උත්සාහ දැරීය. ඔහු දිනපතාම තමන්ගේම අධිකරණය පැවැත්වූ නිසයි, ඔහු කර්මතීට් වුණේ. එසේ නම් ඔබට තව කෙතරම් කාලය අවශ්‍යද? නැත්නම් ඔබ නිති සූදානම්ද? මෙම ස්ථිතිය තිබීමෙන් සේවය විගසින් සිදු වෙයි. මන්ද? එයට හේතුව, ඔබගේ සිතිවිලි, වදන් සහ ඔබගේ මුහුණු සහ ක්‍රියා තුළින් සිදුවන අන්තර් සම්බන්ධතා යන සියල්ලම එකවර බලවත් වෙයි. තුන් ආකාරයේම සේවය එකවර සිදු කිරීමෙන් හොද ප්‍රතිඵලයක් විගසින් ලැබෙයි. ඔබට මෙම සාධනාව (ආධ්‍යාත්මික උත්සාහය) සිදු කීරීමට තිබෙන නිසා, සේවය සිදු වන්නේ ඉතා අඩුවෙන් බව නොසිතන්න. නැහැ, ඔබ සිදු කරන සේවයෙන් ඔබට පහසු සාර්ථකත්වයක් ලැබෙයි. සේවය කිරීමට සිටින ඔය සියලුම උපකරණයන් තුළ සාමූහිකව එවන් ස්ථිතියක් තිබෙයි නම්, එවිට අඩු උත්සාහයක් අවශ්‍ය වන අතර ඔබ වැඩි සාර්ථකත්වයක් ලබා ගනියි. එබැවින් පාලන බලය කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන්න. ඔබට ඔබගේ සිතිවිලි, කාලය සහ සංස්කාර පාලනය කිරීමට හැකි විය යුතුයි. ඔබ රජවරු බව බාප්දාදා ඔබට බොහෝ වාර ගණනාවක් පවසා ඇත. ඔබ, ඔබගේ මනස සහ බුද්ධිය, ඔබට අවශ්‍ය විට, අවශ්‍ය අන්දමට, අවශ්‍ය තැනක සහ අවශ්‍ය කාලයක් පුරා නිතීයට අනුව සහ සංයමයෙන් තබා ගත යුතුයි. ඔබ ඔබගේ මනසට යම් දෙයක් නොකරන ලෙස කීමෙන් පසුව ඒ තිබියදි එය සිදු කරන්නේ නම්, එය එවිටත් සිදු වන්නේ නම්, එය නීතිය සහ සංයමය නොවෙයි. එබැවින් තමන්ගේ පාලකයන් වන ඔබලා, ඔබගේ රාජධානිය ප්‍රායෝගික කරගන්න. එය ප්‍රායෝගික කිරීමට ඔබට අවශ්‍යයි නේද? ඔබ එය ප්‍රායෝගික බවට පත් කරනවා, නමුත් බාප්දාදා ඔබට දැනටමත් පවසා ඇත්තේ “නිරන්තරයෙන්” යන වචනය එයට එකතු කරන ලෙසයි. බාප්දාදා තව එක් වරක් පැමිණෙනවා, මේ වාරයට පැමිණෙන අවසන් වතාව. තව එක වතාවක් ඉතිරිව තිබෙනවා. මෙම අවසන් වතාවේ බාබා ඔබගේ ප්‍රතිඵලය විමසනවා. ඔබට දින 15ක් තිබෙනවා. එබැවින් දින 15 කදි ඔබ යම් ප්‍රතිඵලයක් පෙන්නනවාද, නැද්ද? ගුරුවරු කතා කරන්න! දින 15කින් ඔබ මෙම ප්‍රතිඵලය භාර දෙනවාද?

අච්චා, මධුබන් වල අය දින 15කින් මෙම ප්‍රතිඵලය පෙන්වනවාද? දැන් ඔව් හෝ නැහැ කියා කියන්න! දැන් ඔබගේ අත් ඔසවන්න! ඔබ එසවූ අත් වල ගෞරවය රැක ගන්න! අච්චා. ඔබ උත්සාහ කරන බව සිතන අය, උත්සාහ කරන අය, ඔබගේ අත් ඔසවන්න. ග්‍යාන් සරෝවර් වල අය, ශාන්තිවාන් වල අය සිටගන්න! (බාප්දාදා මධුබන්, ග්‍යාන් සරෝවර් සහ ශාන්තිවාන් වල සියලුම ප්‍රධාන උපකරණයන්ට ඔහු ඉදිරියට පැමිණෙන ලෙස අඩ ගැසුවා).

බාප්දාදා ඔබ සියලු දෙනාව කැදෙව්වේ, සියලු දෙනාටම ඔබගේ දර්ශනයක් ලබා ගැනීමට හැකි වීමටයි. ඔබ සියලු දෙනාව දැකීමට සියල්ලෝම සතුටු වනවා. අච්චා. (ප්‍රේක්ෂකයන්ට) ඔහුට අවශ්‍ය කුමක්ද කියා දැන් බාප්දාදා ඔබට කියන්නම්. වන්දනා ස්ථාන සතර තිබෙනවා: පාන්ඩව භවන්, ශාන්තිවාන්, ග්‍යාන් සරෝවර් සහ රෝහල. පස්වැන්න කුඩාය. මේ සතරම පිළිබදව බාප්දාදාට බලාපොරොත්තුවක් තිබෙනවා. මාස තුනක කාලයකදි, ඔය රජවරු නිරන්තර, බාධා නොමැති, බාධක වලින් නිදහස් සහ තමන්ගේ නොසැලෙන පාලකයන් බවට පත් වීමේ ප්‍රතිඵලය දැකීමට බාප්දාදාට අවශ්‍යයි. මාස තුනක කාලයකදි, කිසිම තැනකින් වෙනත් කිසිම සිදුවීමක් පිළිබදව කිසිවක් ඇසීමට සිදු නොවිය යුතුයි. ඔබ සියලු දෙනාම තමන්ගේ අංක එකේ පාලකයන් වීමට යනවා. ඔබට මාස තුනකින් මෙම ප්‍රතිඵලය ලබා දිය හැකිද? (නිර්වායිර් සහෝදරයාගෙන් විමසනවා). ඔබ පාණ්ඩවයන්ව නියෝජනය කරනවා. මෙය කළ හැකිද? දාදී කෙහොමත් සිටිනවා, නමුත් ඉදිරියේ අසුන්ගෙන සිටින ඔබ සියලු දෙනාද එයට ඇතුලත්. මෙය කළ හැකිද? (ඔව්, එය කළ හැකියි, කියා දාදි පවසනවා). මෙය කළ හැකි, කියා ඔබ සිතන්නේ නම්, පාණ්ඩව භවන් සිට පැමිණි අය ඔබගේ අත් ඔසවන්න. අච්චා, කෙනෙක් දුර්වල නම් හෝ කෙනෙකුට යම් දෙයක් සිදු වුනොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබගේ සහකරුවන්ට ඔබගේ ඇසුර ලබා දෙන අතරම ඔබට මෙම ප්‍රතිඵලය භාරදිය හැකි බව විශ්වාස කිරීමට එඩිතරකම තිබෙන්නේ කාටද? ඔබට මෙම එඩිතරකම තිබෙනවාද? මෙය කළ හැකිද? එසේ නැත්නම් ඔබ තුළ එඩිතරකම තිබෙන්නේ තමන් වෙනුවෙන් පමණයිද? ඔබට අන් අයගේ දේවල් වලට ඉඩ දිය හැකිද? ඔබට අන් අයගේ වැරදි වලට ඉඩ දිය හැකිද? වාතාවරණයට කිසි දෙයක් පතුරුවා හරින්න එපා, ඒ වෙනුවට එයට ඉඩ දෙන්න. ඔබට මේ තරම් වත් කළ හැකිද? හඩ නගා “හා ජී” කියන්න. සුබ පැතුම්! මාස තුනක කාලයකට පසුව බාප්දාදා ඔබගේ වාර්ථාව බලනවා. නරක වාර්ථා හෝ පැමිණිලි නොතිබිය යුතුයි. එකිනෙකාට මෙම චිත්ත තරංග ලබා දෙන්න. සෙනෙහසින් පිරි චිත්ත තරංග ලබා දෙන්න. තව දුරටත් දබර නොකරන්න.

ඒ අන්දමින්ම ඔය ද්විත්ව විදේශිකයන්ද ඒ ආකාරයටම ප්‍රතිඵලයක් ලබා දෙනවාද? ඔබ සියලු දෙනාම මෙය විය යුතුයි, එහෙම නේද? මෙම ප්‍රතිඵලය මාස තුනකින් ඔබට භාර දිය හැකි බව සහ ඔබගේ සහකරුවන් ලවා එය සිදු කළ හැකි බව විශ්වාස කරන ද්විත්ව විදේශිකයන් ඔබගේ අත ඔසවන්න! මෙහි සිටින ඔබගෙන් යම් කෙනෙක් උත්සාහ කරන්නම් කියා සිතන නමුත්, මේ මොහොතේ එම කැප වීම කළ නොහැකි අය, ඔබගේ අත ඔසවන්න! ඔබට පිරිසිදු හදවතක් තිබෙනවා, එමෙන්ම පිරිසිදු හදවත් ඇති අයට උදව් ලැබෙනවා. (ඉන්පසුව බාප්දාදා සියලුම ප්‍රාන්ත වල අය ලවා අත් ඔසවා, ඔවුන් සිටින ස්ථාන වල සිටගන්නා ලෙස පැවසුවා. ප්‍රථමයෙන් මහාරාශ්ත්‍ර වල සහෝදර සහෝදරියන්, ඉන්පසුව දිල්ලිය සහ කර්නාටක වල අයට සිටගෙන පොරොන්දුවක් දීමට පවසන ලදි. ඉන්පසුව යූපී වල සේවයේ යෙදි සිටි අයට සුබ පැතුම් ලබා දුන්නා. ) අච්චා.

තමන්ගේ පාලකයන් වන සෑම තැනකම සිටින සියලුම ජීවාත්මයන්ට, නිරන්තර රාජධානියකට නිරතුරුව සුදුසුව සිටින ජීවාත්මයන්ට, පියා මෙන් තම කර්මතීට් ස්ථිතියට ළගා වන ජීවාත්මයන්ට, පියාව අනුගමනය කරන තීව්‍ර උත්සාහ දරන ජීවාත්මයන්ට, අන් අය වෙනුවෙන් සුබ පැතුම් ලබා දෙන සහ නිරන්තරයෙන් ඔවුන්ගේ සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් වල සහයෝගය ලබා දෙන දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
බාධක ඇති කරන ජීවාත්ම, ඔබගේ ගුරුවරුන් බව සලකා, ඔවුන්ගෙන් පාඩම් ඉගෙනගෙන ඒ අනුව ඔබ අත්දැකීම් වල ප්‍රතිරුවක් වේවා.

බාධක ඇති කිරීමට උපකරණ වන ජීවාත්ම, බාධක ඇති කරන ජීවාත්ම ලෙස නොදකින්න, නමුත් එවන් ජීවාත්ම, ඔබට ඉදිරියට ගමන් කිරීමට මග පාදන පාඩම් උගන්වන, උපකරණ ජීවාත්ම ලෙස සලකන්න. ඔවුන්, ඔබව අත්දැකීම් ඇත්තෙක් බවට පත් කරන ඔබගේ ගුරුවරු බව සලකන්න. ඔබට අපහාස කරන අය ඔබගේ මිතුරන් බව ඔබ කියන බැවින්, එසේ නම්, ඔබට බාධක අභිබවා යාමට මග පාදන සහ ඔබට අත්දැකීම් ලබා දෙන අය, ඔබගේ ගුරුවරුන්ය. එබැවින් බාධක ඇති කරන ජීවාත්ම දෙස එම ද්‍රිෂ්ඨියෙන් බලනවා වෙනුවට, ඔබට බාධක අභිබවා යාමට මග පාදන උපකරණ ලෙස සහ ඔබව නොසැලෙන කෙනෙක් බවට පත් කිරීමට ඔවුන් උපකරණ බව නිරන්තරයෙන් සලකන්න. ඔබගේ අත්දැකීම් වල අධිකාරිත්වය මේ අයුරින් නොකඩවා වැඩි වෙයි.

පාඨය:
පැමිණිලි ලිපි ගොනුව අවසන් කර, කදිම සහ සුපිරි වන්න.