15.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, සියල්ලන්ටම වඩා උසස් වීම උදෙසා වන යුගය වන්නේ මෙම සංගම් යුගයයි. ඔබ අපවිත්‍ර බවින් පවිත්‍ර විය යුත්තේත්, ලෝකය පවිත්‍ර කළ යුත්තේත් මේ යුගයේදීය.

ප්‍රශ්නය:
අවසානයේ දී සිදුවන වේදනාකාරී සිද්ධීන් නැරඹීමට හැකි ශක්තිය ඔබ වර්ධනය කර ගන්නේ කුමන පදනම මතද?

පිළිතුර:
ශරීරය පිළිබඳ අවධානය නොකඩවා ඉවතලන්න. අවසන් සිද්ධීන් ඉතා ප්‍රබලයි. ඔය දරුවන් ශක්තිමත් කරන්නට පියා, ඔබට අශරීරික වන්නට සංඥා කරයි. පියා මෙම ශරීරයෙන් වෙන්ව සිටිනවාක් සේ, ඔහු ඔබට උගන්වන්නේත් එයමයි : ඔය දරුවන් ද සැලකිය යුත්තේ ඔබගේ ශරීරයෙන් ඔබ වෙන්ව ඇති බවයි. අශරීරික වීම පුහුණු කරන්න. ඔබට දැන් නිවසට යාමට තිබෙන බව ඔබගේ බුද්ධියේ රැඳිය යුතුය.

ඕම් ශාන්ති.
ඕම් ශාන්ති. ඉතාමත් මිහිරි ආදරණීය දරුවන් තම ශරීරත් සමඟ මෙහි සිටිනවා. පරම පියාත් දැන් සිටින්නේ ශරීරයකයි. තම අශ්ව රථය පදවන ගමන් ඔහු ඔය දරුවන්ට කියා දෙන්නේ මොනවාද? එකම එක පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට ජීව මරණය ලබනා ආකාරය ඔබට කියාදෙන්න බැහැ. ඔය සෑම දරුවෙක්ම පරම පියාගේ හැඳින්වීම ලබා තිබෙනවා. ඔහු ඥාන සාගරය හා පාරිශුද්ධකරු වෙනවා. අපිරිසිදු ඔබ පාරිශුද්ධ වන්නේ ඥානයෙන්. ඒ වගේම ඔබ මුළු ලෝකයමත් පාරිශුද්ධ කළ යුතුයි. නාටක සැලැස්මට අනුව මෙම ලෝකය විනාශ වීමටයි තිබෙන්නේ. පරම පියාව හඳුනාගෙන බ්‍රහමින්වරුන් වුණු අය පමණයි නව ලෝකය පාලනය කිරීමට යන්නේ. පාරිශුද්ධ වීමට නම් ඔබ අනිවාර්යෙන්ම බ්‍රහමින්වරුන් විය යුතුයි. මෙම සංගම යුගය ඉතාමත් සුබම සුබ වූ යුගයයි. ඉතාමත් උසස්ම උසස් මිනිසුන් බවට පත්වීමට තිබෙනා යුගය එයයි. සාදු සන්යාසීන්, මහාත්මාවරුන්, උපදේශකවරුන්, ධනවතුන් හා ජනාධිපති වැනි අය උසස් පුද්ගලයින් කියා මිනිස්සු කියනවා. නමුත් ඒක එහෙම නොවෙයි. මෙය කලි යුගයේ දූෂිත වූ පැරණි ලෝකයයි. මෙම අපිරිසිඳු ලෝකයේ එකම එක පාරිශුද්ධ කෙනෙක්වත් නැහැ. ඔබලා දැන් සංගම යුගයේ අය වෙමින් සිටිනවා. ගංගාවන් පමණක් නොවෙයි, එහි ජලය පවා මිනිස්සු සලකන්නේ පාරිශුද්ධකරුවන් හැටියටයි. වතුර දකිනා ඕනෑම තැනකදී ඔවුන් සිතන්නේ ඉන් තමාට පාරිශුද්ධ විය හැකියි කියලයි. මෙය ඔවුන්ගේ බුද්ධියේ පැලපදියම් වෙලා. පිරිසක් එක තැනකට යන අතර තවත් පිරිසක් තවත් තැනකට යනවා. ඒ වතුරේ ස්නානය කිරීමට යනවා. කෙසේවෙතත්, වතුරින් කිසිම කෙනෙකුට පාරිශුද්ධ වෙන්න බැහැ. වතුරින් ස්නානය කර පාරිශුද්ධ විය හැකි නම්, මේ වන විට මුළු ලෝකයම පාරිශුද්ධ වී තිබේවි. ඒ සියලුම මිනිසුන් දැන් මේ වන විට පාරිශුද්ධ ලෝකයක සිටිය යුතුයි. එවන් පැරණි ක්‍රමයක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. කුණුකන්දල් සෑම එකක්ම ගිහින් මහ මුහුදට වැටෙනවා නම් ඉන් පිරිසිඳු වීමක් සිදුවන්නේ කෙසේද? පාරිශුද්ධ විය යුත්තේ ජීවාත්මයනුයි. ජීවාත්මයන්ව පාරිශුද්ධ කළ හැකි පරමාත්ම පියා මේ සඳහා අවශ්‍යයි. පාරිශුද්ධ ජීවීන් සිටින්නේ සත් යුගයේ බවත් අපිරිසිදු ජීවීන් සිටින්නේ කලි යුගයේ බවත් ඔබ පහදා දිය යුතුයි. ඔබ දැන් සිටින්නේ සංගම යුගයේයි. ඔබ අපිරිසිදු බවින් පාරිශද්ධ වීමට උත්සාහ දරණවා. තමන් පෙර සිටියේ ශුද්‍ර කුලයේ බවත් දැන් බ්‍රහමින් වංශයට අයත්ව සිටිනා බවත් දන්නවා. ශිව බාබා ප්‍රජාපිතා බ්‍රහ්මා හරහා ඔබව මෙම තත්ත්වයට පත් කරවනවා. ඔබලා, සැබෑම කටින් උපන් බ්‍රහමින්වරුනුයි. නමුත් ඒ බ්‍රහමින්වරුන් පාපයෙන් ඉපදෙනා අයයි. ඔහු ප්‍රජාපිතායි (ප්‍රජාවගේ පියා). එමනිසා, සෑම කෙනෙක්ම මිනිසුන්. බ්‍රහ්මා තමයි ඒ මිනිසුන්ගේ පියා. ඔහු තමයි මී මුත්තා. ඔහු අනිවාර්යෙන්ම සිටියා. දැන් කොහෙද ගිහින් සිටින්නේ ? ඔහු නැවත උපතක් ලබලා. බ්‍රහ්මාත් නැවත උපත් ලබනා බව ඔය දරුවන්ට පහදා දී තිබෙනවා. බ්‍රහ්මා සහ සරස්වතී, මව හා පියා පසුව විෂ්ණු යන නමින් හදුන්වන අධිරාජ්‍යයා හා අධිරාජිණිය බවට පත්වෙයි, නාරායන් හා ලක්ෂ්මී තමයි විශ්නු කියා හඳුන්වන්නේ. උපත් 84කට පසුව ඔවුන් බ්‍රහ්මා හා සරස්වතී වෙනවා. මෙම රහස් ඔබට පහදා දී තිබෙනවා. ජගදම්බා මුළු ලෝකයේම මව බව පහදා දී තිබෙනවා. සෑම කෙනෙකුගේම භෞතික මව ඒ ඒ අයගේ ගෙවල් වල සිටිනා නමුත් ජගදම්බා කවුදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. කිසිම කෙනෙක්ව නොදන්නා නිසා ඔහේ නිකම් අන්ධ විශ්වාසයෙන් මේවා කියනවා. තමන් වන්දනා කරනා අයවලුන් විසින් කරන්නේ මොනවා දැයි කියා ඔවුන් දන්නේ නැහැ. නිර්මාණකරු ඉහළම ඉහළ කෙනා බව ඔය දරුවන් දැන් දන්නවා. මෙය උඩු යටිකුරු වුණු ගසක්. එහි බීජය ඇත්තේ ඉහළිනුයි. ඔබව පාරිශුද්ධ කරවීම සඳහා පරම පියා ඉහළ සිට පහළට පැමිණිය යුතුයි. බාබා පැමිණ සිටිනා බව ඔය දරුවන් දන්නවා. ඔහු අපට මෙම ගසේ මුල, මැද හා අග පිළිබඳ දැනුම ලබා දී අපව ලෝකය පාලනය කරනා රජවරුන් හා රැජිණියන් බවට පත් කරවනවා. ඔය දරුවන් හැරෙන්න වෙන කිසිම කෙනෙක් මෙම ලෝකයේ රහස් දන්නේ නැහැ. පරම පියා කියනවා මම නැවතත් වසර 5000කට පසුව පැමිණ ඔය දරුවන්ට මෙම ඥානය කියා දෙන්නම්. මෙම නාටකය නියමිත වෙලයි තිබෙන්නේ. කෙනෙක් නිර්මාණකරු, අධ්‍යක්‍ෂක, ප්‍රධාන නළුවා දන්නේ නැතිනම්, නාටකයේ මුල, මැද හා අග ගැන දන්නේ නැතිනම්, ඔහු අඥානයෙක්. පරම පියා කියනවා මම මීට වසර 5000කට පෙරත් ඔබට ඉගැන්වූවා. මේ දෙන ආකාරයෙන්ම ඔහු තම හැඳින්වීම ඔබට ලබා දුන්නා. දැන් කරනවා වගේම මම ඔබව පාරිශුද්ධත්වයට පත් කෙරෙව්වා. තමන් ජිවයක් බව සලකා පරම පියාව සිහි කරන්න. ඔහු සියලුම බල ඇත්තා හා පාරිශුද්ධකරුයි. තම අවසන් මොහොතේදී සිහි කරනා දෙයට අනුව ඊලඟ උපත ලබනා බව සඳහන් කර තිබෙනවා, සතුන් වී උපදිනවා කියා සලකනවා (භක්ති මාර්ගයේ උපත් මිලියන 8.4ක් ගන්නවා කියා විශ්වාස කරනවා). ඔබ දැන් මේ මොහොතේ උපත ලබා සිටිනවා. නමුත් කුකුලන්, පූසන්, බල්ලන් හෝ කුරුල්ලන් වැනි සතුන් වී උපදින්නේ නැහැ. අසීමිත පියා දැන් පැමිණ සිටිනවා. ඔහු කියනවා මම සියලුම ජීවයන්ගේ පරම පියායි. රාග ගින්නේ අසුන්ගෙන සිට ඔබ සෑම කෙනෙක්ම අවලස්සන වෙලා. ඔබලාව ඥාන සෑය මත අසුන් ගැන්විය යුතුයි. දැන් ඔබලා ඥාන සෑයේ ඉඳ ගන්නවා. ඥාන සෑය මත අසුන් ගැනීමෙන් අනතුරුව පාපයේ ගැලෙන්න බැහැ. පාරිශුද්ධව සිටීමට ඔබලා පොරොන්දු වෙනවා. බාබා ඔබට ඒ රාඛිය බැඳීමට ඉඩ දෙන්නේ නැහැ. එය භක්ති මාර්ගයෙන් පැමිණි සිරිතක්. ඇත්තටම කියනවා නම් මෙය වත්මන් කාලයට අදාල වූවක්. පාරිශුද්ධ වීමෙන් තොරව තමන්ට ඇත්තටම පාරිශුද්ධ ලෝකයක පාලකවරුන් විය නොහැකි බව ඔබලාට තේරෙනවා. ඒ වුණත් එය හොඳින් ස්ථාවර කර ගැනීමට දරුවන්ගෙන් පොරොන්දුවක් ගන්නවා. ඇතැම් අය ලෙයින් ලියා දෙනවා. අනිත් අය තවත් විදියකින් ලියා දෙනවා. බාබා, ඔබ පැමිණ සිටිනා නිසා මම අනිවාර්යෙන්ම මගේ උරුමය ඔබගෙන් දිනා ගන්නම්. අශාරීරික කෙනා ශාරීරික ස්වරූපයකින් මෙහි පැමිණෙනවා. පරමදාමයේ සිට පියා පැමිණෙනවාක් සේ තමයි ඔය ජීවයනුත් පහළට පැමිණෙන්නේ. තම තමන්ගේ චරිත කොටස රඟදැක්වීමට ඔබලා ඉහළ සිට පහළට පැමිණෙනවා. මෙය සතුට හා දුක අතර සිදුවන සෙල්ලමක් බව ඔබලාට තේරෙනවා. කල්ප භාගයකටම සතුට තිබෙනා අතර ඉතිරි කල්ප භාගයටම ඇත්තේ දුකයි. ඔබලා කල්පයෙන් තුන් කාලක්ම සතුට විඳිනා බව පරම පියා පැහැදිලි කර කියා දෙනවා. කල්ප භාගයකට පසුවත් ඔබලා ධනවත්ව සිටියා ඉතාමත් විශාල දේවාල පවා ඔබලා සෑදුවා. භක්තිය මුළුමනින්ම තමෝප්‍රධාන් වුණු විට තමයි දුක ඇරඹෙන්නේ. ඔබලා මුලදී ඉතාමත් පිරිසිඳු භක්තිවන්තයින් ලෙස සිටි බව පියා පැහැදිලි කරනවා ඔබලා වන්දනා කළේ එකම එක කෙනෙක්ව පමණයි. තමන්ව දේවතාවරුන් කර සතුටේ දේශය වෙතට තමන්ව ගෙන ගිය පරමාත්ම පියාව පමණයි ඔබලා වන්දනා කළේ. පසුව කලවම් භක්තියක් ඇරඹුණා. මුලදී, එකම එක කෙනෙකුගේ වන්දනාවක් තිබුණු අතර පසුව දේවතාවරුන් වන්දනා කරන්න පටන් ගත්තා. ඔබලා දැන් පංච මහා භූතයන්ගෙන් සැදි ශරීර පවා වන්දනා කරනවා. ජීවී අජීවී සෑම දෙයක්ම වන්දනා කරනවා. මහා භූතයෙන් සෑදුණු ශරීර දේවතා පිළිම වලටත් වඩා උසස් කියා මිනිස්සු සලකනවා. දේවතා පිළිම ස්පර්ෂ කරන්නේ බ්‍රහමින් පූජකවරුන් පමණයි. ඔබලාට ගුරූන් රාශියක් සිටියා. පරම පියා මේ සියල්ල ඔබට පහදා දෙනවා. මොහුත් කියනවා මම සෑම දෙයක්ම කර තිබෙනවා. මම සියල්ලම කළා. ඇස්, කන්, දිව, නාසය ආදී සියලු දෙයින්ම කළ යුතු හතායෝගාත් ශරීරයේ සෑම ඉන්ද්‍රියක්ම එහාට මෙහාට නවතා එක් එක් ආකාරයේ ව්‍යායාමත් සියල්ලම මා කර තිබෙනවා. ක්‍රම ක්‍රමයෙන් මට සියල්ලම නතර කිරීමට සිදු වුණා. මම ඒක කරන්නද මේක කරන්නද ? කම්මැලි වී, මට සියල්ල පැටළුණා. එක් එක් ආකාරයේ ප්‍රාණයාම (හුස්ම ඉහළ පහළ ගන්නා ව්‍යායාම) ක්‍රම ආදිය ඉගෙන ගැනීම හරිම අමාරුයි. කල්ප භාගයක් පුරාවටම භක්ති මාර්ගයේ සිටි ඔබලා දැන් මේ ගැන දන්නවා. පරම පියා සියල්ලම ඔබට නිවැරදිව කියා දෙනවා. භක්තිය පුරාතණ කාලයේ සිට පැවත එන්නක් කියා ඒ මිනිස්සු කියනවා. සත් යුගයේ භක්තියක් තිබිය හැක්කේ කෙසේද? මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මෝඩ බුද්ධියක් ඇති අයත් සිටිනවා. ස්වර්ණමය යුගයේදී ඔබ මෙසේ කියනා එකක් නැහැ. පරම පියා කියනවා මම සෑම වසර 5000කට වතාවක්ම පැමිණෙනවා. තමන්ගේම උපත් ගැනවත් නොදන්නා කෙනෙකුගේ ශරීරය ගෙන මම පැමිණෙනවා. අංක එකේ ලස්සනම ලස්සන මේ කෙනා දැන් අවලස්සන වෙලා. ජීවය එක් එක් ශරීර ගන්නවා. පරම පියා කියනවා මම දැන් මා ඇතුළුවන කෙනා තුළ තමයි සිටින්නේ. ඔබට කුමක් උගැන්වීම පිණිසද ? ජීව මරණයක් ලබනා හැටි. ඔබ මෙම ලෝකයට මිය යා යුතුයි. පාරිශුද්ධ වී ජීව මරණයක් ලද යුතුයි. මාගේ කොටස ඔබව පාරිශුද්ධ කරවීමයි. ඔය භාරතවාසීන් අහෝ පාරිශුද්ධකරුවාණනි ! කියා කන්නලව් කළා. කිසිම කෙනෙක් ගැලවුම්කරුවාණනි, පැමිණ අපව මෙම දුක් ලෝකයෙන් ගලවා ගන්නැයි කියා කියන්නේ නැහැ. සෑම කෙනෙක්ම උත්සාහ දරන්නේ මුක්ති දේශයට යාමටයි. ඔය දරුවන් දැන් සතුටු දේශයට යාමට උත්සාහ දරණවා. මෙය අදාල පවුල් මාර්ගයටයි. පවුල් මාර්ගයට අයිතිව සිටි ඔබ පාරිශුද්ධව සිටි නමුත් දැන් අපිරිසිදු වී ඇති බව ඔබලා දන්නවා. හුදෙකලා මාර්ගයේ සිටිනා අයට ගෘහවාසී ජීවිත ගත කරනා අය කරනා දේවල් කරන්න බැහැ. පවුල් වල සිටිනා අය තමයි යාගහෝම, පුදපූජා, දානමාන දීම් කරන්නේ. තමන් දැන් සෑම කෙනෙක්වම දන්නවා වගේ ඔබලාට හැඟෙනවා. අපි ගෙදර ඉන්නා ගමන්ම ශිව බාබා අපට උගන්වනවා. අසීමිත සතුටක් ඔබට දෙන්නේ අසීමිත පියායි. සෑහෙන කාලයකට පසුව මුණගැසෙනා නිසා ඔබ දැන් ආදරයෙන් කඳුළුත් සලනවා. බාබා කියා කියූ සැනකින්ම ඔබේ හිරිගඩු පිපෙනවා. ඔහෝ ! බාබා පැමිණ සිටින්නේ අප සියලුම දරුවන්ට සේවය කිරීමටයි. මෙම ඥානයෙන් බාබා අපව ලස්සන මල් කරවා ආපසු ගෙන යනවා. ඔහු අපව ඔහුත් සමඟ ගෙන යනවා. මෙම කිළිටි කුණු ලෝකයෙන් එහාට ගෙන යනවා. භක්ති මාර්ගයේදී ඔය ජීව, ’බාබා, ඔබ පැමිණි විට මා ඔබට භාර වෙන්නම්, මම වෙන කිසිම කෙනෙක් නොව ඔබගේම වන්නම්' කියා කිව්වා. ඒ සියල්ලම එක් එක් මට්ටම් වලින්ය. එක් එක් අයගේ චරිත කොටස ඒ ඒ අයට ආවේණිකයි. පරම පියා තමන්ට දිව්‍යලෝකයේ උරුමය ලබා දෙන නිසා ඔබෙන් ඇතැම් අය ඔහුට ඉතාමත් ආදරෙයි. සත් යුගයේ කිසිම ඇඬීමක් ගැන සඳහන් වී නැහැ. මෙහිදී මිනිස්සු හරියට අඬනවා. කෙනෙක් ස්වර්ගස්ථ වෙලා නම් ඇයි අඬන්නේ ? තවත් හයියෙන් බෙර ගැසිය යුතුයි. එහිදී තමෝප්‍රධාන් ශරීර අතහැර පිටත්වන විට හරිම සතුටින් බෙර ගසනවා. මෙම සිරිත මුල පටන්ම මෙහි ක්‍රියාත්මක වුණා. මෙහිදී, ඔබලා නිවහන වෙත යා යුතුයි කියා කියනවා. එහිදී තමන් නැවත උපත් ගත යුතුයි කියා ඔබලාට තේරෙනවා. පරම පියා මේ සියලුම දේවල් ඔබට පහදා දෙනවා. ගුමු ගුමු නද දෙන මීමැස්සන්ගේ උපමාව ඔබලා ගැනයි. ඔබලා කුණු ගොඩවල සිටිනා මැස්සන්ට ඥානය දෙන බ්‍රහමින්වරුන්ය. පරම පියා කියනවා ඔබ ඒ ශරීරත් අතහැර දැමිය යුතුයි. ජීව මරණයක් ලද යුතුයි. පරම පියා කියනවා තමන් ජීව බව සලකන්න. ඔබ දැන් නිවස බලා යා යුතුයි. තමන් ජීව බව සලකා පරම පියාව සිහි කළ යුතුයි. ශරීර අමතක කර දමන්න. පරම පියා ඉතාමත් මිහිරියි. ඔහු කියනවා මා පැමිණ සිටින්නේ ඔය දරුවන්ව ලෝක පාලකවරුන් කරවන්නයි. දැන් සාම දේශය හා සතුටේ දේශය සිහි කරන්න ඇල්ෆා සහ බීටා. මෙය දුක් දේශයයි. සාමයේ දේශය අප ජීවයන්ගේ නිවහනයි. අපගේ කොටස් අප රඟ පෑ අතර අප දැන් නිවසට යා යුතුයි. එහිදී මේ අපිරිසිඳු ශරීරය නොතිබේවි. මෙම ශරීරය දැන් සම්පූර්ණයෙන්ම දිරාපත් වෙලා. පියා දැන් පෞද්ගලිකවම මෙහි හිඳගෙන, සංඥා වලින් අපට උගන්වනවා. මම ජීවයක් වන අතර ඔබලාත් ජීවයන්ය. මම ශරීරයෙන් වෙන් වී මේ දේම ඔබට උගන්වමි. ඔබ සැලකිල්ලට ගත යුත්තේ ඔබව ශරීරයෙන් වෙන්ව ඇති බවයි. ඔබ දැන් නිවස බලා යා යුතුයි. ඔබ වැඩි කලක් මෙහි රැඳී සිටින්නේ නැත. විනාශය දැන් සිදුවන්නට යන බව ඔබ දනී. භාරතයේ ලේ ගංගා ගලා යාවි. පසුව භාරතයේ කිරි ගංගා ගලාගෙන යාවි. එම සියලුම ආගම් දැන් මෙහි ඇත්තේ එකටයි. ඒ සියල්ලන්ම ඔවුනොවුන්ම අරගල කරමින් මිය යාවි. අවසානයේ මරණය සිදුවන්නේ ඒ ආකාරයටයි. පකිස්ථානයේ සිදු වූයේ කුමක්ද? ඒ සිද්ධීන් ඉතා ප්‍රබල ඒවා වූවා (කොටස්වලට බෙදී වෙන්වන විට). කවුරු හෝ එය දුටුවානම් ඔවුන් සිහිවිකල් වෙනවා. බාබා දැන් ඔබව බලවත් කරවයි. ඔහුත් ශරීර අවධානය ඉවත් කරයි. සමහර දරුවන් ස්මරණයේ නොසිටින අයුරු බාබා දැක තිබෙනවා, එනම් ඔවුන් හරි දුර්වලයි, මේ නිසයි සේවය ව්‍යාප්ත නොවන්නේ. දරුවන් නිතර නිතර ලියනවා බාබා, මට ඔබව සිහි කරන්න අමතක වුණා. මගේ බුද්ධිය ඔබ වෙත යොමු කළ නොහැකියි. බාබා පවසන්නේ ’යෝගා' යන වචනය අමතක කරන්න. ලෝක අධිරාජ්‍යය පිරිනමන පියා ඔබට අමතකද ? පෙර, භක්ති මාර්ගයේ දී ඔවුන්ගේ බුද්ධිය එහෙ මෙහෙ දුවනවානම්, ඔවුන්ම ඔවුන්ව කොනිත්තා ගන්නවා. බාබා පවසන්නේ ඔය ජීවයන් අවිනාශීයි. ඔබ පවිත්‍ර වෙනවා, පසුව අපවිත්‍ර වෙනවා. එය, ජීවයක් විශාල වෙනවා හෝ කුඩා වෙනවා යන්න නොවෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබටම කතා කරන්න ඔහෝ ! අපට සේවය කරන්නට බාබා පැමිණ තිබේ. අප නිවසේ සිටියදීම ඔහු අපට උගන්වයි ! අපට අසීමිත සතුට දෙන එකම, අසීමිත පියා අප දැන් සොයාගෙන තිබේ. සෙනෙහසේ කඳුළු බිඳු වැටෙන සහ ඔබේ හිරිගඩු පිපෙන තරම් වූ ඉතා සෙනෙහසින් ’බාබා' යැයි පවසන්න.

2. ඔබට දැන් නිවසට යාමට තිබේ, මේ නිසා සියලුදෙනා වෙත ඇති ඔබේ බැඳීම් ඉවත් කරමින් ජීවමානව මියැදෙන්න. එම ශරීරයත් අමතක කරන්න. එයින් වෙන් වීම පුහුණු කරන්න.

වරදානය:
අතීතයේ පැවති සියලු පැරැණි දේවල් සහ ආකල්ප අවසන් කර පූර්ණ සාර්ථකත්වයක් ලබා ගන්නා පිරිසිදු ජීවාත්මයක් බවට ඔබ පත්වේවා.

සේවය කිරීමේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට පහසුම මාර්ගය වන්නේ පිරිසිදු බුද්ධියක්, පිරිසිදු ආකල්පයක් සහ පිරිසිදු ක්‍රියා කිරීමයි. සේවයේ යම් කාර්යයක් ආරම්භ කිරීමට පෙර, පළමුව ඔබේ බුද්ධියේ කිසිදු ජීවාත්මයක අතීත ක්‍රියාවන් පිළිබඳව ඔබට කිසිදු අවබෝධයක් නොමැති බවට පරීක්ෂා කරගන්න. ඔබ ජීවාත්මයක් දෙස පැරණි ආකල්පයකින් සහ එම පැරණි දැක්මෙන් බැලුවහොත්, එම ජීවාත්මයට ඒ ආකාරයෙන් කථා කිරීමෙන් ඔබට පූර්ණ සාර්ථකත්වයක් ලබා ගත නොහැක. එබැවින්, අතීතයේ සියලු දේවල් සහ ආකල්ප අවසන් කර පිරිසිදු ජීවාත්මයක් බවට පත් වීමෙන් පමණක් ඔබට පූර්ණ සාර්ථකත්වයක් ලබා ගත හැකි වනු ඇත.

පාඨය:
ස්වයං පරිවර්තනයක් ඇති කර ගන්නන් ජයග්‍රාහී මල්මාලයකින් සැරස වේ.