17.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම අපූරු අධ්‍යයනය ඔබට උගන්වන්නේ අසීමිත පියායි. පරම පියා හෝ ඔහු විසින් උගන්වන දේ පිළිබඳව ඔබ තුළ කිසිම සැකයක් නොතිබිය යුතුයි. ඔබ විසින් තබා ගත යුතු පළවෙනිම ශ්‍රද්ධාව නම් තමාට උගන්වන කෙනා කෙරෙහි ඇති ශ්‍රද්ධාවයි.

ප්‍රශ්නය:
සිහිකිරීමේ වන්දනාවේ නිරන්තරයෙන්ම නිරත වෙන්නැයි කියා ඔය දරුවන්ට ශ්‍රීමත් ලැබී තිබෙන්නේ ඇයි?

පිළිතුර:
මන්ද ඔබව බිමට ඇද දැමූ සතුරු මායා තවමත් ඔබ පසුපසින් එන නිසාය. ඇය දැන් ඔබව අතහරින්නේ නැහැ. එමනිසා, ඔබ නොසැලකිලිමත් නොවිය යුතුයි. ඔබ සංගම යුගයේ සිටියත් කල්ප බාගයක් පුරාම ඇයට අයිති වී සිටි නිසා ඇය ඔබව එතරම් ලෙහෙසියෙන් අතහරිනා එකක් නැහැ. සිහි කිරීම අමතක වුණු සැනකින්ම මායා ඔබ ලවා පාපකාරී ක්‍රියා කරවනවා. එමනිසා, ඔබ ප්‍රවේසම් විය යුතුයි. යක්ෂ මත පිළිපදින්න එපා.

ඕම් ශාන්ති.
මේ කාලයේ දරුවනුත් බාබාත් සිටිනවා. බාබා සියලුම දරුවන්ට කියනවා 'ඔහෝ දරුවනි,' එවිට දරුවනුත් 'ඔහෝ බාබා' කියා කියනවා. දරුවන් රාශියක් සිටිනවා. මෙම ඥානය ඔය ජීවයන්ටම පමණක් ඇත්තක් බව ඔබලාට වැටහෙනවා. එකම එක පියාට දරුවන් රාශියක් සිටිනවා. තමන්ට ඉගැන්වීමට පරම පියා පැමිණ සිටිනා බව ඔය දරුවන් දන්නවා. පළමුවෙන්ම, ඔහු අපේ බාබායි. පසුව ඔහු ගුරුවරයාත් ගුරුත් වෙනවා. පරම පියා සෑම විටම පරම පියාමයි. ඉතින් ඔහු ඔබව පාරිශුද්ධ කරවීමට සිහිකිරීමේ වන්දනාව ඔබලාට උගන්වනවා. මෙය අපූරු අධ්‍යයනයක් බව ඔය දරුවන්ටත් තේරෙනවා. පරම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට නාටකයේ මුල, මැද හා අග පිළිබඳ වූ රහස් කියා දෙන්න බැහැ. අසීමිත පියා කියා ඔහුව හඳුන්වන්නේ මේ නිසායි. දරුවන් තුළ අනිවාර්යෙන්ම මෙම ශ්‍රද්ධාව තිබෙනවා. මේ පිළිබඳව කිසිම ගැටළුවක් නැහැ. අසීමිත පියා හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මෙම අසීමිත අධ්‍යයනය ඔබට කියා දිය නොහැකියි. මෙම ලෝකය අපිරිසිදු නිසා පාරිශුද්ධ ලෝකයට තමාව ගෙන යාමට පැමිණෙන්න කියා ඔබ බාබාට කන්නලව් කළා. පරම පියා ඔබව පාරිශුද්ධ ලෝකයට ගෙන යනවා. එහිදී ඔබ බාබා පැමිණ අපව පාරිශුද්ධ ලෝකයට ගෙන යන්නැයි කියා කියනා එකක් නැහැ. ඔහු ඔය ජීවයන්ගේ පරම පියා බව ඔය දරවන් දන්නවා. එවිට ශාරීරික අවධානය බිඳී යනවා. ජීව කියනවා ඔහු අපේ පරම පියායි. මෙතරම් දැනුම් සම්භාරයක් පරම පියාටම හැරෙන්න වෙන කිසිම කෙනෙකුට දිය නොහැකියි යන ශ්‍රද්ධාවවත් ඔබ තුළ අවම වශයෙන් තිබිය යුතුයි. පළමුවෙන්ම, මෙම ශ්‍රද්ධාව ඔබගේ බුද්ධියේ තිබිය යුතුයි. බුද්ධියේ ශ්‍රද්ධාව තබා ගන්නේ ජීවයයි. ජීවයට ඥානය ලැබෙනවා මේ අපේ බාබා. මෙම ශ්‍රද්ධාව ඔය දරුවන් තුළ ඉතාමත් ඉහළින් තිබිය යුතුයි. කිසිම දෙයක් කියන්න අවශ්‍ය නැහැ. ජීව වන අප අපගේ ශරීර අතහැර තවත් එකක් ගන්නවා. සියලුම සංස්කාර ඇත්තේ ජීවයේයි. බාබා දැන් පැමිණ සිටිනා බව ඔබලා දන්නවා. ආපසු අපට මෙම ලෝකයට පැමිණීමට සිදු නොවන ආකාරයේ ක්‍රියා පිළිබඳව ඔහු අපට උගන්වා අපව දැනුවත් කරවනවා. තමන් ආපසු මෙම ලෝකයට පැමිණිය යුතුයි කියා ඒ අය විශ්වාස කරනවා. ඔබ එසේ විශ්වාස කරන්නේ නැහැ. මෙම අමරණීයත්වයේ කතාන්තරයට ඇහුම්කන් දී ඔබ අමරණීය දේශයට යනවා. අමරණිය දේශය ඔබ සදා අමරණියව සිටිනා තැනයි. අමරණිය දේශ වන්නේ ස්වර්ණමය යුගය හා රිදී යුගයයි. ඔය දරුවන් ඉතාමත් සතුටු විය යුතුයි. පරම පියා හැරෙන්න වෙන කිසිම කෙනෙක්ට මෙම දැනුම උගන්වන්න බැහැ. අපට උගන්වන්නේ පරම පියායි. අන් සෑම ගුරුවරයෙක්ම සාමාන්‍ය මානව ජීවයනුයි. පාරිශුද්ධකරු කියා කියනා පරම පියා, දුක නැති කර සතුට දානය කරන්නාම පැමිණ දැන් ඔබට උගන්වනවා. ඔහු ඉදිරියටම නොපැමිණ ඔබ කොහොමද රාජයෝග අධ්‍යයනය ඉගෙන ගන්නේ. පරම පියා කියනවා මා මෙහි පැමිණෙන්නේ ඔය මිහිරි දරුවන්ට උගන්වන්නයි. මා මොහුට ඇතුළු වන්නේ ඔබට ඉගැන්වීමටයි. පරමාත්මය ඔබ අමතයි කියා සැබවින්ම කියනා නිසා ඔහුට අනිවාර්යෙන්ම ශරීරයක් අවශ්‍යයි. කටක් පමණක් නොව මුළු ශරීරයක්ම ඔහුට අවශ්‍යයි. ඔහුම කියනවා ආදරණීය ආධ්‍යාත්මික දරුවනි, මම සෑම කල්පයකම සංගම යුගයේදී මෙම සාමාන්‍ය ශරීරයට ඇතුළු වෙනවා. ඔහු දුප්පත්මත් නැහැ. ධනවත්මත් නැහැ. ඔහු සාමාන්‍යයි. ඔහු අපේ බාබා බවත් අප ජීව බවත් වූ විශ්වාසය ඔය දරුවන් තුළ තිබිය යුතුයි. ඔහු අප ජීවයන්ගේ බාබායි. ඔහු ලෝකයේ සියලුම ජීවයන්ගේ බාබායි. අසිමිත බාබා කියා ඔහුව හඳුන්වන්නේ මේ නිසායි. මිනිස්සු ශිවාගේ උපන් දිනය සමරණවා. නමුත් කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. කොයි කාලයේ පටන් ද මිනිස්සු ශිව ජන්මය සමරන්න පටන් ගත්තේ කියා ඇසුවහොත් ඔවුන් කියාවි ඉතාමත් පුරාතණ කාලයක පටන් කියලා. ඒ වුණත් ඒ කවදා පටන් ද? දවසක් තිබිය යුතුයි. නාටකය සදාතනිකයි. නමුත් නාටකයේ සිදු වන ඕනෑම දෙයකට වේලාවක් හා ස්ථානයක් තිබිය යුතුයි. කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. ශිව බාබා මෙහි පැමිණෙනවා. නමුත් මිනිස්සු එතරම් ආදරයකින් ශිව ජයන්තිය සමරණ්නේ නැහැ. ඇස් වල කඳුළුත් පුරවාගෙන මිනිස්සු නේරුතුමාගේ ජන්මෝත්සවය සමරණවා. ශිව ජයන්තිය ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔය දරුවන් දැන් අත්දැකීම් ලත් අයයි. කිසිම දෙයක් දන්නේ නැති මිනිසුන් රාශියක් සිටිනවා. විවිධාකර වූ මේලාවන් ගණනාවක් පැවැත්වෙනවා. ඒවාට යන අයට එහි ඇත්තේ මොනවාදැයි කියා බාබා අමරණාත් ගැන කියනවා වගේ කියා දිය හැකියි. ඔහු එහි ගොස් සැබවින්ම සිදු වන්නේ කුමක්දැයි කියා දැක බලා ගත්තා. අනිත් අය කියන්නේ තමන්ට අහන්න ලැබුණු දේවල් පමණයි. අයිස් ප්‍රතිමාවක් තිබෙනවා කියා කෙනෙක් කිව්වා. ඔවුන් 'හා, ඇත්තමයි' කියා එය පිළිගත්තා. හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද යන්න ගැන ඔය දරුවන් දැන් අත්දැකීම් ලබලයි සිටින්නේ. මේ වන තෙක් ඔබට අහන්න ලැබුණු දේ, ඔබ විසින් ඉගෙන ගත් දේ වැරදියි. ශරීරය මිත්‍යාවක්, මායා මිත්‍යාවක්, මුළු ලෝකයම මිත්‍යාවක් කියා කියනවා. මෙය මිත්‍යාවේ දේශයයි. එය සත්‍යයේ දේශයයි. ස්වර්ණමය, රිදී හා තඹ යුග අතීතයේ තිබුණු ඒවා වන අතර කලි යුගය තවමත් තිබෙනවා. මේ ගැන දන්නේ ඉතාමත් ටික දෙනයි. ඔබගේ බුද්ධියේ මේ සියලුම සිතිවිලි තිබෙනවා. පරම පියා ළඟ මුළු ඥානයම තිබෙනවා. ඔහුව හඳුන්වන්නේ ඥාන සාගරය කියලයි. ගුරුවරයෙකුත් අන් අයව තමා හා සම කරවයි. අසීමිත පියාත් ඔබව තමා හා සම කරවීමට උත්සාහ දරණවා. භෞතික පියෙක් ඔබව තමා හා සම කරවන්නේ නැහැ. ඔබ දැන් පැමිණ සිටින්නේ අසීමිත පියා ළඟටයි. ඔය දරුවන්ව තමා හා සම කළ යුතු බව ඔහු දන්නවා. ගුරුවරයෙක් තම ශිෂ්‍යයින්ව තමා හා සම කරවූවත් ඔවුන් එක් එක් මට්ටම් වලට යනවා සේ පරම පියාත් කියන්නේ එයමයි. ඔබ ඔබගේ තරමින් මේ තත්ත්වයට පත් වේවි. මා ඔබට උගන්වන්නේ අවිනාශී දැනුමකුයි. ඔබ සෑම කෙනෙක්ම ඉගෙන ගන්නා කිසිම දෙයක් අපතේ යන්නේ නැහැ. තවත් ඔබ ඉදිරියට යන විට මිනිස්සු ඔබට කියාවි මීට වසර හතරකට අටකට පෙර මම මේ දැනුමට ඇහුම්කන් දුන්නා. දැන් මම නැවතත් පැමිණියා. එසේ පැමිණෙන අය පසුව මාව හොඳින් අල්ලා ගන්නවා. ඔහු තමයි ගිණිදැල්ල. ඇතැම් සළඹයින් මුළුමනින් ම බිලි වන අතර අනිත් අය වටේ කැරකි කැරකී සිට යන්න යනවා. මුලදී එවන් සළඹයින් රැසක්ම ගින්නට බිළිවුණා. නාටක සැලැස්මට අනූව බතියක් නිර්මාණය කළ යුතුව තිබුණා. සෑම කල්පයකදීම එය ඒ ආකාරයට සිදු වෙමින් පැවතුණා. මීට පෙර කල්පයේදී සිදු වුණු දේ ඒ ආකාරයෙන්ම සිදු වන අතර ඒ දෙයම ඉදිරියටත් සිදු වේවි. කෙසේවෙතත්, තමන් ජීවයක්ය යන දැඩි විශ්වාසයත් පරම පියා තමාට උගන්වනවාය යන විශ්වාසයත් ඔබ තුළ තිබිය යුතුයි. මෙම ශ්‍රද්ධාවේ ස්ථාවර වන්න. අමතක කරන්න එපා. තම පියා තමාගේ පියායි කියා නොසලකනා මිනිසෙක් නැහැ. පියාගෙන් වෙන්ව සිටියත් තමන් පියාගෙන් වෙන් වෙලාය කියා හෝ ඔහු සිතාවි. ඔහු අසීමිත පරම පියායි. අපි කවදාවත් ඔහුව අතහරින්නේ නැහැ. අවසානය දක්වාම අප ඔහුත් සමඟම සිටිමු. ඒ පරම පියා සෑම කෙනෙක්ටම මුක්තිය දානය කරනවා. සෑම වසර 5000 කට වතාවක්ම ඔහු පැමිණෙනවා. ස්වර්ණමය යුගයේ සිටින්නේ ඉතාමත් සුළු ජනගහනයක් බව ඔබ දන්නවා. අන් සියල්ලම ශාන්ත දේශයේ වැසියනුයි. මෙම ඥානයෙන් ඔබ අමතන්නේ පරම පියා පමණයි. වෙන කිසිම කෙනෙකුට මෙය දෙන්න බැහැ. වෙන කිසිම කෙනෙකුගේ බුද්ධියට මෙය යන්නේ නැහැ. ඔහු ඔය ජීවයන්ගේ පියායි. ඔහු සජීවී බීජයයි. ඔහු දෙන්නේ කුමන ඥානයද? ලෝක වෘක්ෂයේ ඥානයයි. නිර්මාණකරු අනිවාර්යෙන්ම නිර්මාණයේ දැනුම දේ. ස්වර්ණමය යුගය තිබුණේ කවදාද, එය ගියේ කොහාටද කියා ඔබ දන්නවාද? ඔබ දැන් සිටින්නේ බාබා ඉදිරියේයි. බාබා ඔබ අමතනවා. නිරන්තරයෙන්ම දැඩි විශ්වාසයෙන් සිටින්න ඒ අප සියලුම ජීවයන්ගේ පරම පියායි. ඔහු අපට උගන්වනවා. ඔහු භෞතික ගුරුවරයෙක් නොවෙයි. අපට උගන්වන අශරීරික ශිව බාබා මෙම ශරීරයේ සිටිනවා. ඔහු අශරීරික වූවත් ඔහු ඥාන සාගරයයි. ඔහුට රූපයක් නැහැයි කියා මිනිස්සු කියනවා. ඥාන සාගරය, සතුටේ සාගරය කියා කිව්වත් මිනිසුන්ට එය තේරෙන්නේ නැහැ. නාටකයට අනූව ඔවුන් බොහෝ දුර ඈතට ගොස් සිටිනා අතර පරම පියා ඔබව ළඟටම ගෙන එනවා. මෙය වසර 5000 ක කතාවකුයි. සෑම වසර 5000 කට වතාවක්ම බාබා ඔබට ඉගැන්වීමට පැමිණෙන බව ඔබට තේරෙනවා. මෙම දැනුම වෙන කිසිම කෙනෙකුගෙන් ලබා ගත නොහැකිය. මෙම ඥානය නව ලෝකයටයි. මිනිසුන් තමෝප්‍රධාන් නිසා ඒ කිසිම කෙනෙක්ට මෙය දෙන්න බැහැ. ඔවුන්ට කිසිම කෙනෙක්ව සතෝප්‍රධාන් කරවන්න බැහැ. ඔවුන් එන්න එන්නම තමෝප්‍රධාන් වෙනවා. බාබා මොහුට ඇතුළු වී ඔබට සියල්ල කියා දෙන බව ඔබ දන්නවා. පරම පියා කියනවා දරුවනි, කිසිම වැරැද්දක් කරන්න එපා. ඔබව ඇදවට්ටවන ඔබගේ සතුරන් තවමත් ඔබ පසුපස ලුහුබඳිනවා. ඔවුන් ඔබව අතහරින්නේ නැහැ. දැන් ඔබ සංගම යුගයේ සිටියත් කල්ප බාගයක් පුරාවටම ඔවුන්ට අයිතිව සිටි නිසා ඔවුන් එතරම් ඉක්මණින් ඔබව අතහරින්නේ නැහැ. ප්‍රවේසම් වූයේ නැතිනම්, බාබාව සිහි කළේ නැති නම්, ඔවුන් ඔබ ලවා තව තවත් වැරදි කරවාවි. ඉන් ඔබ නිතර නිතරම කුමන හෝ ලෙසකින් පහර කෑම් වලට ලක් වේවි. මිනිස්සු තමාටමත් කම්මුල් පහර දී ගන්නවා. ඔවුන් කියනා ඒවා දෙස බලන්න! ශිවා හා ශංකර් එකම කෙනෙක් කියා ඔවුන් කියනවා. එක් අයෙකුගේ රාජකාරිය කුමක්ද, අනිත් අයගේ රාජකාරිය කුමක්ද? විශාල වෙනසක් තිබෙනවා. ශිව පරමාත්මය ඉහළම ඉහළ කෙනා වන අතර ශංකර් දේවතාවරයෙක්. ඉතින් ශිවා හා ශංකර් එකටමයි කියා කිව හැක්කේ කෙසේද? දෙදෙනාගේ චරිත කොටස් එකිනෙකට වෙනස්. මෙහි සිටිනා අයටත් නම් දෙක දෙක තිබෙනවා. රාධා ක්‍රිෂ්ණා, ලක්ෂ්මි නාරායන්, ශිව ශංකර්, වගේ. ඔවුන් නම් දෙකක් අරගෙන තිබෙනවා. මේ වන තෙක් පියා විසින් කියා දුන් දේවල් නැවතත් සිදු වේවි කියා ඔය දරුවන් දැන් දන්නවා. කෙසේවෙතත්, තව දින කිහිපයක් ඉතිරි වී තිබෙනවා. පරම පියා නිකම් මෙහි අසුන් ගෙන සිටීමට යන්නේ නැහැ. දරුවන් තම තමන්ගේ ප්‍රමාණයේ තරමට ඉගෙන ගෙන මුළුමනින්ම කර්මතීත් වේවි. නාටකයට අනූව රෝසරිය නිර්මාණය වේවි. කුමන රෝසරියද? සියලුම ජීවයන්ගේ රෝසරිය නිර්මාණය වන අතර පසුව ඔබ නිවහන බලා යාවි. අංක එකේ රෝසරිය ඔබටයි. ශිව බාබාගේ රෝසරිය ඉතාමත් දිගයි. තම තමන්ගේ චරිත රඟදැක්වීමට ජිව ක්‍රම ක්‍රමයෙන් පහළට පැමිණේවි. ඔබ සෑම කෙනෙක්ම 'බාබා, බාබා' කියා කියනවා. ඔබ සෑම කෙනෙක්ම එකම රෝසරියක පබළුයි. සෑම කෙනෙක්ම විෂ්ණු රෝසරියේ පබළුවක් වන්නේ නැහැ. පරම පියා මෙහි සිට ඔබට උගන්වනවා. ඔබ අනිවාර්යෙන්ම සූර්ය වංශයේ කොටසක් විය යුතුයි. අතීතයේ සූර්ය වංශයේ හා චන්ද්‍ර වංශයේ සිටි අය නැවතත් එම තත්ත්වයට පත් වේවි. ඔබ මෙම තත්ත්වය ලබන්නේ අධ්‍යයනයෙනුයි. පරම පියාගේ ඉගැන්වීමෙන් තොරව ඔබට මෙම තත්ත්වයට පත් වෙන්න බැහැ. ස්වරූප තිබෙනවා. නමුත් ඒ තත්ත්වයට පත් විය හැකි ආකාරයේ ක්‍රියාකලාපයක් කිසිම කෙනෙකුට නැහැ. ඔබ සත්‍ය නාරායන්ගේ කතාවට ඇහුම්කන් දෙනවා. ගරුඬ පුරාණයේ ඇති එවන් කතාන්තර මිනිස්සු එකිනෙකාට නිතර නිතරම කියා දෙනවා. පරම පියා කියනවා ඒ වස සයුර අපායේ අන්ත ආගාධයයි. විශේෂයෙන්ම මෙසේ කියන්නේ භාරතයටයි. බ්‍රහස්පති ග්‍රහයාත් සිටින්නේ භාරතයට උඩිනුයි. රුක් දෙවියන් භාරත වැසියන්ට උගන්වනවා. අසීමිත පියා මෙහි සිට අසීමිත දේවල් උගන්වනවා. ග්‍රහ අපල තිබෙනවා. සෙනසුරු අපලත් තිබෙන නිසා තමයි ඒ අපල දන් දෙන්නැයි කියන්නේ. පරම පියා කියනවා මෙම කළියුගය අවසානයේ දී සෑම කෙනෙක්ටම ලබා ඇත්තේ සෙනසුරු අපලයයි. දැන් රුක් දෙවියන් වන මා බ්‍රහස්පති ග්‍රහ බලපෑම ඔබ මත ගෙන ඒමට පැමිණ සිටිනවා. ස්වර්ණමය යුගයේ දී භාරතය පුරා තිබුණේ බ්‍රහස්පති ග්‍රහයායි. දැන් ඇත්තේ සෙනසුරු අපලයයි. මෙය අසීමිත කරුණක්. මේ දේවල් කිසිම ග්‍රන්ථයක සඳහන්ව නැහැ. සුළු වශයෙන් හෝ මෙම දැනුම යම් තරමකට අවබෝධ කරගෙන සිටිනා අයට පමණයි මෙම සඟරා ආදියත් තේරුම් ගත හැකි වන්නේ. සඟරා කියවීමෙන් අනතුරුව තවත් තේරුම් ගැනීමට කියා දුවගෙන ඒවි. අනිත් අයට කිසිම දෙයක් තේරෙන එකක් නැහැ. තරමක් දුරට ඉගෙන ගෙන අතහැර දමා ගිය අය දැනුමේ තෙල් බිඳක් වැටුණු විට නැවතත් අවදි වේවි. ඥානය තෙලක් ලෙසිනුත් හඳුන්වනවා. පරම පියා පැමිණ නිවීගෙන යන පහනට ඥාන තෙල වත්කරනවා. ඔහු කියනවා දරුවනි, මායාගේ කුණාටු පැමිණ ඔබගේ පහන නිවා දමාවි. ඇතැම් සළඹයින් දැල්ලට බිලි වන අතර අනිත් අය වටේ කැරකී කැරකී ඉඳ යන්න යනවා. ඒ දෙයම දැන් නැවතත් සිදු වෙනවා. එක් එක් මට්ටම් වල සළඹයින් සිටිනවා. මුලදී, ඔබ සම්පූර්ණයෙන්ම තම ගෙවල් දොරවල් අතහැර දමා මෙහි පැමිණ සළඹයින් වුණා. එය ඔබට ලොතරැයියක් ලැබුණා වගේ. අතීතයේ සිදු වුණු සෑම දෙයක්ම නැවතත් ඒ ආකාරයෙන්ම ඔබ කරාවි. ඇතැම් අය අතහැර දමා යන්න ගියත් ඔවුන් සත් යුගයට එන එකක් නැහැයි කියා සිතන්න එපා. ඔවුන් සළඹයින් වී ආදරවන්තියන් වුණා. පසුව මායා ඔවුන්ව පැරදවූවා. එමනිසා, ඔවුන්ගේ තත්ත්වය බාල වේවි. එය අනුපිළිවෙලයි. වෙන කිසිම ආධ්‍යාත්මික හමුවක සිටිනා අයගේ බුද්ධියට මෙය ඇතුළු වන්නේ නැහැ. තම තමන්ගේ දරණා උත්සාහයේ තරමට නව ලෝකය සඳහා අපි පරම පියා සමඟ ඉගෙන ගන්නවා යන්න ඔබගේ සිහියේ තිබෙනවා. අපි අසීමිත පියා ඉදිරියේම සිටින්නෙමු. එය සියුම් දෙයක්. එය දැකිය හැක්කේ දිව්‍යමය දර්ශනයකින් පමණයි. ජීවය වන මමත් කුඩා තිතකි. කෙසේවෙතත්, ශාරීරික අවධානය අතහැර දමා තමා ජිවයක් කියා සැලකීම තමයි ඉහළම අධ්‍යයනය. අනිකුත් ඉගෙන ගැනීම් වලදීත් අමාරු විෂයන්ගෙන් සිසුන් අසමත් වෙනවා. මෙම විෂය ඉතාමත් පහසුයි. නමුත් ඇතැම් අයට එය අපහසුයි. ශිව බාබා තමා ඉදිරියේම සිටිනා බව ඔබට දැන් තේරෙනවා. ඔබලාත් අශාරීරික ජීවයනුයි. නමුත් ඔබලාට ශරීර තිබෙනවා. මේ සියලුම දේ ඔබට කියන්නේ අසීමිත පියායි. වෙන කිසිම කෙනෙක්ට ඒවා කියා දෙන්න බැහැ. එවිට ඔබ මොනවද කරන්නේ? ඔහුට ස්තූති කරනවාද? නැහැ. බාබා කියනවා මෙම නාටකය සදාතනිකවම දෛවෝපගත වූවක්. මම කිසිම අළුත් දෙයක් කරන්න යන්නේ නැහැ. මම නාටකයට අනූව ඔබට උගන්වනවා. ස්තූති කිරීම් ඇත්තේ භක්ති මාර්ගයේයි. තම ශිෂ්‍යයන් හොඳින් ඉගෙන ගතහොත් තමාගේ නම කීර්තියට ලක් වේවි කියා ගුරුවරයෙක් සිතනවා. ඒ නිසා සිසුන්ට ස්තූතිවන්ත වෙනවා. හොඳින් ඉගෙන ගන්නා අයටත් හොඳින් උගන්වන අයටත් ස්තූතිය පුද දෙනවා. ශිෂ්‍යයින් තම ගුරුවරයාට ස්තූතිවන්ත වෙනවා. පරම පියා කියනවා ආදරණීය දරුවනි, ඔබලා ජීවත් වෙමින් නොනවත්වාම එවන් සේවයක් කරන්න. මීට පෙර කල්පයේදීත් ඔබ මෙය කළා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. තමාට මේ උගන්වන්නේ භෞතික පියෙක් නොවෙයි යන කුල්මත් බව හා ශ්‍රද්ධාවෙන් සෑම විටම සිටින්න. ඥාන සාගරය වන අශරීරික පියාම ගුරුවරයා වී ඔබට උගන්වනවා. මෙම අධ්‍යයනයෙන් අප සතෝප්‍රධාන් විය යුතුයි.

2. සෑම දිනකම ජීව පහනට ඥාන තෙල වත්කරන්න. මායාගේ කුණාටු වලටවත් ඔබව සෙලවිය නොහැකි වන තරමින් ඥාන තෙලින් නිරතුරුව ඒකාලෝක වී සිටින්න. සැබෑ සළඹයින් වී තමාව ගින්නට බිලි දෙන්න.

වරදානය:
ඔබ සහයෝගී ජීවාත්මයක් වීමෙන් නිරන්තරයෙන් ඒකාබද්ධ වූ එකම පරමාත්ම පියාට ආදරයෙන් සිටින පහසු යෝගී ආත්මයක් වේවා.

පරමාත්ම පියා කෙරෙහි ගැඹුරු ආදරයක් ඇති ආදරණීය දරුවන් පරමාත්ම පියාගේ උසස් කර්තව්‍යයට නිරන්තරයෙන් සහයෝගයෙන් කටයුතු කරනු ඇත. ඔවුන් සහයෝගයෙන් කටයුතු කරනතාක් දුරට, ඔවුන් ඒ අනුව පහසු යෝගීන් බවට පත් වනු ඇත. පරමාත්ම පියාට ආදරයෙන් බැඳුණු සහයෝගී ජීවාත්මයන්ට කිසිදා මායා සමඟ සහයෝගයෙන් කටයුතු කළ නොහැක; ඔවුන්ගේ සෑම සිතුවිල්ලකම බාබා සහ සේවය ඇත. එමනිසා, ඔවුන් නිදා සිටින විට පවා ඉතා සුවපහසු ලෙස නිදාගෙන සාමය හා බලය ලබා ගනී. ඔවුන්ගේ නින්ද හුදෙක් නින්දක් පමණක් නොවන අතර, විශාල ආදායමක් උපයාගෙන සතුටෙන් වැතිර සිටින්නාක් මෙන් වනු ඇත. ඒ තරම් පරිවර්තනයක් සිදුවේවි.

පාඨය:
සෙනෙහෙසේ කඳුළු හද බඳුනේ මුතුකැට වේ.