18.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පරමාත්ම පියා වූ කලී පිරිනමන්නාය. ඔබ දරුවන් පියාගෙන් කිසිවක් යැදිය යුතු නැත. යමක් යැදීමට වඩා මරණය උතුම් යැයි කියමනක් ද තිබේ.

ප්‍රශ්නය:
ඔබට කිසිවක් ගැන කණස්සලු හෝ සිතිවිලි ඇති නොවන පරිදි කුමන ආකාරයේ අවධානයක් නිරන්තරව තිබිය යුතුද?

පිළිතුර:
කුමක් සිදු වුවත් එය හොඳ හෝ නරක වුවත්, සිදු වූයේ නාටකයේ තිරණය වී තිබූ ආකාරයටයි. නාටකය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වී අවසන් වූ විට නැවත මුල සිට ක්‍රියාත්මක වේ. ඔබ දරන උත්සාහයේ ප්‍රමාණයට අනුකූලව ඔබේ තත්ත්වය ඔබට ලැබේ. මේ කරුණු සම්බන්ධව පරීක්ෂාකාරී වීමෙන් ඔබට සිත් තැවුල් සහ දුකින් මිදිය හැක. බාබාගේ උපදේශය නම් : දරුවනි, අතීතය මෙනෙහි නොකරන්න. වැරදි සහගත දේ ඇසීමට හෝ කතා කිරීමට පවා නොයන්න. අතීතයට ගියා වූ කිසිම දෙයක් නැවත නොකරනවා පමණක් නොව සිතීමට ද නොයන්න.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, ආධ්‍යාත්මික දරුවන්ට කරුණු පහදා දෙයි. ආධ්‍යාත්මික පියා මහා දානපතියා ද වේ. ඔහු ඉබේම දරුවන්ට සියල්ල ලබා දේ. ඔහු පැමිණෙනුයේ ඔබ ලෝක අධිරාජ්‍යයන් කිරීමටයි. දරුවනි, ඔබ මෙවන් තත්ත්වයක් ලබනුයේ කෙලෙසදැයි ඔහු ඔබට පහදා දෙයි. එමෙන්ම නිරන්තර උපදෙස් ලබා දෙයි. අන්‍යයන්ගෙන් යමක් යැදීමට වඩා මරණය උතුම්ය. ඔබට කිසිවක් යැදීමට අවශ්‍ය නොවේ. ඇතැම් දරුවන් නිරන්තරයෙන් බලය, ආශිර්වාද හෝ අනුකම්පාව වැනි දෑ අයැද සිටී. ඔබ භක්ති මාර්ගයෙහි සිටින කළ, ඔබ ද මෙවැනි දෑ ඔහුගෙන් යදිමින් නිතරම වන්දනා කරමින් හිස නමමින්, ක්‍රමාණුකූලව ඉණිමඟෙහි පහළට බස්නා ලදී. දැන් ඔබට එලෙස කිසිවක් ඔහුගෙන් යදිමින් සිටිය යුතු නොවේ. බාබා ප්‍රකාශ කර සිටිනුයේ මගේ උපදෙස් අනුගමනය කරන්න. මින් එක් උපදෙසක් නම් අතීතය සිහිපත් නොකරන්න. නාටකයෙහි සිදුවූයේ කුමක්ද දැන් එය අතීතයට ගොසිනි. ඒ ගැන නොසිතන්න. නැවත නොකිරීමෙන් ද වලකින්න. බාබා කියනුයේ නිරන්තරයෙන් මා පමණක් සිහිපත් කරන්න. දරුවනි, බාබා ඔබට උපදෙස් දෙයි ඔහු ඔබට ශ්‍රීමත් දෙයි. එනම් ඔබේ කාර්යය වනුයේ ඒවා අනුගමනය කිරීමයි. ශ්‍රීමත් උපදෙස් වූ කලී අති උත්තම උපදෙස් සමුදාය වේ. ඔබට කොපමණ ගැටලු සහ පිළිතුරු තිබුණත් බාබා ඒවා වචන කිහිපයකින්ම පහදා දෙයි. මා පාරිශුද්ධත්වයට පත් කරන්නායි. මා සිහිපත් කිරීමෙන් ඔබේ පව් විනාශ වී යයි. එපමණි. ඔබ වෙනත් කෙනෙකු සිහිපත් කරන ලෙස උපදෙස් දෙන්නේද ? ඔබට පියාව සිහිපත් කිරීම පමණයි ඇත්තේ. ඔබට කිසිම ව්‍යසනයකට කම්පා වීමට හැඬීමට අවශ්‍ය නොවේ. අසීමිත පියාගේ මතකය ඔබත් සමඟ තබා ගන්න. ඔහු ඔබට දෙන අනෙක් උපදේශය කුමක්ද? දිව්‍ය තත්ත්වයට පත්වීම උදෙසා උපත් අසූ හතරෙහි චක්‍රය මෙනෙහි කරන්න. කල්ප භාගයක් පුරා ඔබ දේවතාවන් වැඳුම් කළා. (එහි කුඩා දරුවෙකුගේ හැඬුම් ශබ්දයක් ඇසුණා) සියලුම මධ්‍යස්ථාන විසින් උපදෙසක් දිය යුතුයි කුඩා දරුවන් නොගෙනෙන ලෙස. ඔවුන් සඳහා වෙනත් යම් කිසි වැඩපිළිවෙලක් යෙදිය යුතුයි. පියාගෙන් තම උරුමය ලැබීමට කැමති අය සියලු අවශ්‍යතා ඒ සඳහා සපුරා ගත යුතුයි. මෙම විශ්ව විද්‍යාලය අයත් වනුයේ ආධ්‍යාත්මික පියාටයි. එතැනට කුඩා දරුවන් ගෙන ඒම අවශ්‍ය නොවේ. ගුරුවරුන් වන ඔබේ රාජකාරිය නම් සේවය කළ හැකි බුද්ධිමතුන් ගෙනැවිත් දැනුමෙන් ප්‍රබෝධමත් කිරීමයි. ඔබ මෙතැනට වැදගත් පුද්ගලයකු හෝ සාමාන්‍ය පුද්ගලයෙකු ගෙනාවද මෙය තවම විශ්ව විද්‍යාලයකි. මෙතැනට කුඩා දරුවන් ගෙන එන අය මෙය විශ්ව විද්‍යාලයක් බව අවබෝධ කර නොගනී. අවබෝධ කර ගත යුතු ප්‍රධානතම දෙය නම් මෙය විශ්ව විද්‍යාලයක් බවයි. මෙහි ශිෂ්‍යයන් ඉතා හොඳ සහ හොඳ අවබෝධ ශක්තියක් ඇති අය විය යුතුයි. තවම ස්ථාවර නොවූ ශිෂ්‍යයන් ගෙන් බාධක පැමිණේ. ඔවුන්ගේ බුද්ධිය ඉබාගාතේ යයි. මන්ද, ඔවුන් පියා ගැන සිහියෙන් නොසිටින නිසාය. ඔවුන්ට තම සිහිය පියා කෙරෙහි තබාගත නොහැකි නමුත් අන්‍යයන්ටත් පාඩු ගෙන දේ. ඔබ ඔබේ කුඩා දරුවන් මෙහි ගෙන ඒ නම්, එය ඔබට පාඩුවකි. ඇතැම් අය අවබෝධ කරගෙන නැහැ මෙය ඔවුන්ව සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ සිට දිව්‍ය තත්ත්වයට පත් කරන දේව පියාගේ විශ්ව විද්‍යාලය බව. බාබා කියන්නේ ඔබ නිවසෙහි දී දරුවන් සමඟ සිට ඔවුන් බලාගත යුතුයි යනුවෙනි. ඔබ සතියක් මෙහි නැවතී සිටිය යුතු නොවේ. දින තුනක් හෝ හතරක් වුවද සෑහේ. මෙය ඉතා පහසු දැනුමකි. ඔබට ඇත්තේ පියාව අවබෝධ කර ගැනීමටයි. අසීමිත පියාව අවබෝධ කර ගැනීමෙන් ඔබ අසීමිත උරුමයක් ලබයි. උරුමය කුමක්ද? ලෝකය නැමති අසීමිත අධිරාජ්‍යයයි. ප්‍රදර්ශන සහ කෞතුකාගාර වල සේවය කිරීමෙන් ප්‍රයෝජනයක් නැතැයි නොසිතන්න. ඉන් ගැණිය නොහැකි යටත් වැසියන් පිරිසක් බිහි වේ. තුන් වංශයන් බ්‍රහ්මින්, සූර්ය සහ චන්ද්‍ර වංශ සියල්ලම බිහිවනුයේ මෙහිය. එමනිසා, මෙය අති විශාල විශ්ව විද්‍යාලයකි. අසීමිත පියා ඔබට උගන්වයි. ඔබේ බුද්ධිය සම්පූර්ණයෙන්ම දැනුමෙන් පිරිය යුතුයි. කොහොමනමුත්, දැන් බාබා සාමාන්‍ය ශරීරයක සිට ඔබට සරළ ලෙස උගන්වයි. මේ නිසා තමයි මිනිසුන් එයට අකමැත්ත සහ මෙය දේව පියාගේ විශ්ව විද්‍යාලයමදැයි අවිශ්වාසය පළකරනුයේ. බාබා කියන්නේ මම දුප්පතුන්ගේ නායකයා සහ මම උගන්වනුයේ ඔවුන්ට පමණක් බවත්ය. ධනවතුන්ට මෙහි පැමිණ ඉගෙන ගැනීමට ශක්තියක් නැහැ. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ මාලිගා බුද්ධියෙහි තබා ගැනීමටයි. දුප්පතුන් ධනවත් වන අතර ධනවතුන් දුප්පත් වේ. නීතිය මෙයයි. ධනවතුන්ට පරිත්‍යාගයන් දෙනවාද? මෙයත් පරිත්‍යාගයක් ස්ථීරසාර මිණිමුතු වන් දැනුම. ධනවතුන්ට පහසුවෙන් මෙය ගත නොහැක. එය ඔවුන්ගේ බුද්ධියෙහි රඳා නොපවතී. ඔවුන් ඔවුන්ගේ සීමිත වූ වස්තුවට සහ ධනයට කොටු වී සිටී. ඔවුන්ට එම සැප සම්පත් දෙව් ලොව වැනිය. ඔවුන් කියන්නේ අපට වෙනත් දිව්‍යලෝකයක් අනවශ්‍ය බවයි. වැදගත් පුද්ගලයකු මරණයට පත් වූ විට, ඔවුන් කියන්නේ ඔහු දිව්‍යලෝකයට ගිය බවයි. ඔවුන්ම ඔහු දිව්‍යලෝකයට ගිය බව කියන නිසා, ඔවුන් දැන් අනිවාර්යෙන්ම සිටින්නේ අපායෙහිය. කොහොමනමුත්, ඔවුන්ගේ එම ගල් බුද්ධියට අපාය කුමක්ද කියාවත් තේරුම් ගත නොහැක. ඔබේ මෙම විශ්ව විද්‍යාලය ඉතා විශාලයි. බාබා කියන්නේ මම එන්නේ බුද්ධිය අගුළු වැටුණු අයට ඉගැන්වීමටයි. බාබා පැමිණි විට, ඔහු ඔබේ බුද්ධියේ අගුළු විවෘත කරයි. බාබා ඔබේ බුද්ධියේ අගුළු විවෘත කර ගැනීමට උපදෙස් දෙයි. ඔබට පියාගෙන් කිසිවක් ඉල්ලිය යුතු නොවේ. ඔබට තිබිය යුත්තේ ඔහු පිළිබඳ විශ්වාසයක් පමණි. ඔහු තමයි අප භක්ති මාර්ගයේදී මතක් කළ අපේ සදාදරණීය බාබා. එදා ඔබ ඒ සිහිපත් කළ තැනැත්තා දැන් අනිවාර්යෙන්ම පැමිණ ඇත. ඔබ යමක් නැවත කිරීමක් ලෙස සිහිපත් කරයි. දරුවනි, බාබා පැමිණි විට කරනුයේ ඔබට කරුණු පහදාදීම පමණකි. ඉන්පසු ඔබට ඇත්තේ සමාජයට ගොස් පියා පැමිණ ඇති බව අන්‍යයන්ට පහදා දීමටයි. ඔහු අපට කියන්නේ කුමක්ද? ඔහු කියනුයේ දරුවනි, ඔබ සැම දෙනා ම අපිරිසිඳුයි. මට පමණයි හැකියාව තියෙන්නේ ඔබව පිරිසිඳු කිරීමට. ඔබ සැම ජීවයක්ම අපිරිසිඳු වී ඇත. එනිසා ඔබ දැන් මා පමණක් සිහිපත් කළ යුතුයි. පාරිශුද්ධත්වයට පත් කරන පියාව, මා වන උත්තරීතර ජීවය, මෙනෙහි කරන්න. මෙවිට මගෙන් කිසිවක් යැදීමට අවශ්‍ය නොවේ. ඔබ කල්ප භාගයක් භක්ති මාර්ගයේ දී මගෙන් අයැද සිටියද තවම කිසිවක්ම නොලැබුණි. ඔබ දැන් යැදීම නවතිය යුතුයි. මම ඔබට අවශ්‍ය සියලු දේ සපයනවා. ඔබ ඔබේ උරුමය කෙසේ හෝ බාබාට කැප වී ලබා ගන්න. ඉතා බුද්ධිමත් දරුවෝ ඉක්මණින් පියා කියන දේ වටහා ගනී. පිය උරුමය නම් පරම්පරා විසි එකක් සඳහා දිව්‍යලෝක රාජධානියයි. ඔබ දන්නවා ඔබ අපායෙහි සිටින විට දෙවියන්ගේ නාමය පතුරුවමින් හා දේව ක්‍රියා මඟින් තාවකාලික සතුටක් අත්දකිනවා. මිනිසුන් යහපත් ක්‍රියා සඳහා දෙන්නේ ඉතාමත් පහත් තත්ත්වයක්. ප්‍රධාන වශයෙන් මෙය කරනුයේ ව්‍යාපාරිකයන්. එනිසා ඔබ වන ව්‍යාපාරිකයන් ව්‍යාපාරය කළ යුත්තේ පියා සමඟයි. පියෙකුගේ දරුවන් ඔහු සමඟ ව්‍යාපාර කරගෙන යනවා. ඔවුන් ඔවුන්ගේ පියාගේ දේපළ ගෙන ඉන් තමන්ගේ සමුගෙන ගිය අයව පිනවනවා. ඔවුන් පරිත්‍යාග කිරීම් සහ යහපත් ක්‍රියාවන්ගේ අවිවේකී ලෙස යෙදෙමින්, ධර්ම ශාලා සෑදීම, පන්සල් සෑදීම, වැනි ඔවුන්ගේ පියාව සිහිවීම පිණිස නොයෙකුත් ක්‍රියා වල යෙදෙනවා. ඔවුන්ට ඔහුගේ නම එමඟින් ආරක්ෂා කළ යුතුයි. මන්ද, ඔවුන් අනිවාර්යෙන්ම තම දේපළ ලබාගත් තැනැත්තා වෙනුවෙන් යම්කිසි දෙයක් කළ යුතුයි. එනිසා, එය ද ව්‍යාපාරයේම කොටසක් බවට පත් වෙනවා. මේ සියලුම දේ ලෞකික දේවල්. දැන් බාබා කියන්නේ අතීතය මතක් කරන්න එපා. වැරදි දේට අහුම්කන් දෙන්න එපා. මිනිසුන් ඔබෙන් අපිළිවෙළින් යුත් ප්‍රශ්න ඇසුවොත්, ඔවුන්ට කියන්න එවැනි කරුණු කෙරෙහි යන්න අවශ්‍ය නැහැ. පළමුව ඔබ පියාව සිහිපත් කරන්න. ඉතිහාසගත භාරතයේ යෝගා ඉතා ප්‍රසිද්ධයි. ඔබ පියාව සිහිපත් කරන සහ දිව්‍යමය ගුණ ධර්ම ග්‍රහණය කර ගන්නා ප්‍රමාණයට. ඔබ ඉතා උසස් තත්ත්වයක් ලබා ගන්නවා. මෙය විශ්ව විද්‍යාලයක්. ඔබේ අරමුණ සහ ඉලක්කය ඔබේ ඉදිරියෙන් ඇත. ඔබ ඔවුන් වගේ වීමට උත්සාහ කළ යුතුයි. ඔබ ඔවුන්ගේ දිව්‍යමය ගුණධර්ම ග්‍රහණය කරගත යුතුයි. කිසිම හේතුවක් නිසා ඔබ කිසිවකු අසතුටට පත් නොකළ යුතුයි. ඉන් අවබෝධ වනුයේ ඔබ පරිත්‍යාගශීලී සහ සතුට ලබා දෙන පියාගේ සහ දුකින් මුදවා ගන්නාගේ දරුවෙකු බවයි. එමඟින් ඔබ කරන සේවය ද ප්‍රදර්ශනය වේ. අලුත් අයත් විශාල පිරිසක් එනවා. දින දහයක් හෝ දොළහක් වැනි සුළු කාලයකින් පැමිණ ඇතැම් අය වසර විසි එකක් තිහක් පමණ සිට එන අයට වඩා වේගයෙන් ඉදිරියට යනවා. දරුවනි, ඔබ අන්‍යයන්වත් ඔබේ තත්ත්වයට පත් කළ යුතුයි. බ්‍රහ්මින් කෙනෙකු නොවී ඔබට දේව තත්ත්වයට පත් විය නොහැක. බ්‍රහ්මා නම් ඉතාම උසස් වූ සීයාණන්ය. ඉන් විස්තර වනුයේ අතීතයේ මෙහි සිටි අය අනිවාර්යෙන්ම නැවත පැමිණිය යුතුයි. සමරණු ලැබූ සියලුම උත්සව අනිවාර්යෙන්ම සිදු වූ අතර නැවතත් අනිවාර්යෙන් එයම සිදු වේ. මෙකළ සියලුම වර්ගයේ උත්සව සිදු වෙමින් පවතී. බාබා නැවත නැවතත් රක්ෂා බන්ධන් වල වැදගත්කම පහදා දෙයි. ඔබ බාබාගේ දරුවන්. එනිසා, ඔබ අනිවාර්යෙන් පිරිසිඳු විය යුතුයි. පාරිශුද්ධත්වයට පත්කරන්නාණෙනි, පැමිණෙන්න, කියා ඔබ බාබාට කථා කළා. එනිසාම ඔබට මාර්ගය පෙන්වීමට බාබා පැමිණ ඇත. තම උරුමය කල්පයෙන් කල්පයට ලබා ගත් අයම නිරන්තරයෙන් නිවැරදිව ගොස් තම උරුමය ලබා ගනී. ඔබට මෙය නිරීක්ෂකයකු ලෙස නැරඹිය හැක. බාප්දාදාත් නිරීක්ෂකයකු ලෙස බලනවා. එක් එක් අය උසස් තත්ත්ව ලබනුයේ කෙසේද සහ ඔවුන්ගේ චරිතය කෙබඳුද කියා. මෙම ගුරුවරයා සියල්ලම දන්නවා. ඔහු දන්නවා ඔබ කී දෙනෙකු ඔබ වගේ හැඩගසා තිබේද සහ ඔබ කොපමණ කාලයක් සිහියෙන් සිටින්නේ ද යනුවෙන්. පළමුවෙන්ම, ඔබේ බුද්ධියෙහි රැඳී තිබිය යුතුයි, මෙය දේව පියාගේ විශ්ව විද්‍යාලය බව. විශ්ව විද්‍යාලයක් සාමාන්‍යයෙන් දැනුම දීම පිණිසයි. සාමාන්‍ය මිනිසුන් සඳහා ඇත්තේ සාමාන්‍ය විශ්ව විද්‍යාලයි. මෙය අසීමිතයි. බාබාට පමණයි හැකියාව ඇත්තේ විනාශය අවසාන කිරීමට සහ ගැලවීම ගෙන ඒමටත්. අපාය දෙව්ලොවක් කළ හැක්කේ බාබාට පමණයි. බාබා ඔහුගේ දෘෂ්ඨිය සියලුම ජීව කෙරෙහි තබාගෙනයි සිටින්නේ. ඔහුට සියලුම කෙනෙකුට යහපත සැලසීමට ඇත. ඔවුන් සියල්ලන්ම නිවස වෙත ගෙන යා යුතුයි. බාබා ඔබව පමණක්ම සිහිපත් නොකරයි. ඔහුත් ලෝකයේ සියලුම ජිවීන් සිහිපත් කරයි. එහි සිටිනුයේ ඉගෙනීම ලැබූවන් පමණි. සියල්ලන්ම තම අංකයට අනූව ගෙදර යන බව ඔබ වටහා ගත යුතුයි. ඔවුන් තම අංකයට අනූව මෙම ලොවට එන්නා සේම, සෑම ජිවයක්ම මෙහි එන්නේ තම නොම්බරයට අනූවයි. ඉන් පහදා දෙනුයේ ඔබත් ගෙදර යන්නේ නොම්බර පිළිවෙළටයි. නැවත සිදුවන දේ මෙයට පෙර කල්පයේ දී සිදු වූ දෙයමයි. මේවත් ඔබට පහදා දුන්නා. ඉන්පසු ඔබ නව ලොවට යනවා. අනුපිළිවෙලට නව ලොවට යන අය ඔබයි. එනිසා මෙම දැනුම විස්තර කර දීමට ඉන්නේත් ඔබයි. බාබා ගැන දැනගැනීමෙන්, ඔබ ඔබේම ආගම තේරුම් ගන්නවා මෙන්ම සියලුම ආගම් නැමති වෘක්ෂය පිළිබඳව ද දැනුමක් ලබයි. එහිදී කිසිවක් ඇසිය යුතු නොවේ. ඔබට ආශිර්වාද වත් පැතිමට අවශ්‍ය නැත. සමහරු ලියනවා බාබා, අපට අනුකම්පා කරන්න. අපට සමාවන්න. බාබා එවැනි දේ නොකරයි. බාබා එන්නේ ඔබට මාර්ගය පෙන්වීමටයි. නාටකයේ මගේ කොටස සියල්ලන් පිරිසිඳු කිරීමයි. කල්පයෙන් කල්පයට මගේ කොටස මා රඟපාන ආකාරයට මා එය රඟපානවා. කුමක් සිදු වූවත්, එය හොඳ හෝ නරක වුවත්, හැමදේම නාටකයේ තියෙන දේවල්. එහි කිසි විටෙක කනගාටු වීමට අවශ්‍ය නැහැ. ඔබ නිරන්තරයෙන් දියුණුව ලබා ගත යුතුයි. මෙම නාටකය අසීමිතයි. චක්‍රය කැරකී අවසාන වූ විට එය නැවත පටන් ගනී. ඔබ එක් එක්කෙනා ලබා ගන්නා තත්ත්වය ඔබ දරණ උත්සාහයේ ප්‍රමාණයට වේ. එහි දී නැගීමට කිසිඳු ප්‍රශ්නයක් නැත. භක්ති මාර්ගයේ දී ඔබ බොහෝ දේ ප්‍රශ්න කර ඇත. ඔබේ මුදල් සියල්ල එයට වියදම් කළේය. ඒ සියල්ල නාටකයේ තීරණය වී තිබූ දේය. බාබා එය ඔබට සරළ ලෙස පහදා දෙයි. කල්ප භාගයක් වන්දනා කරමින් සහ ආගමික ග්‍රන්ථ ඉගෙන ගිනිමින් වියදම් කිරීමෙන් බොහෝ අලාභ ලැබීය. දැන් ඔබ මුදල් වියදම් කළ යුතු නැත. බාබා පරිත්‍යාගශීලීය. පරිත්‍යාගශීලීයෙකුට ඔබෙන් කිසිවක් අවශ්‍ය නොවේ. ඔහු එන්නේ දීමටයි. ශිව බාබාට ඔබෙන් යමක් දිය යුතු යැයි නොසිතන්න. ඔබ වැඩියෙන් සිතන්න ඔබට ශිව බාබාගෙන් බොහෝ දේ ලැබුණු බව. ඔබ මෙහි එන්නේ ගන්නයි. ශිෂ්‍යයන් ගුරුවරයකු ළඟට යන්නේ දැනුම ලැබීමටයි. ඔබ භෞතික පියවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ ගුරූන්ගෙන් ලබා ගන්නා දේ ඔබව නැති කරනවා. දරුවනි. ඔබ දැන් ශ්‍රීමත් අනුගමනය කළ යුතුයි. එවිට පමණයි ඔබට හැකියාව ඇත්තේ උසස් තත්ත්වයක් ලබන්න. ශිව බාබා දෙගුණයක් උසස්. ඔහු තමයි, ශ්‍රී ශ්‍රී. ඔබ වෙන්නේ ශ්‍රී එකක් පමණයි. ශ්‍රී යන වචනය ශ්‍රී ලක්ෂ්මිට සහ ශ්‍රී නාරායන්ට භාවිත කරයි. ශ්‍රී ලක්ෂ්මි සහ ශ්‍රී නාරායන් දෙදෙනා එක් එක්කෙනාට වෙනස්. නමුත් විෂ්ණුට ශ්‍රී ශ්‍රී යනුවෙන් කියයි. මන්ද ඔවුන් දෙදෙනාගේම එක් වූ අවස්ථාව එය නිසයි. කොහොමනමුත්, ඔවුන් දෙදෙනාව නිර්මාණය කළේ කවුද? ශ්‍රී ශ්‍රී වන කෙනාට පමණි, එය කළ හැක්කේ. වෙන කිසිවකු නැහැ ශ්‍රී ශ්‍රී කියා. මේ කාලයේ, මිනිසුන්ට ශ්‍රී ලක්ෂ්මි නාරායන්, ශ්‍රී සීතා රාම් කියා නම් තියෙනවා. එනිසා, දරුවනි ඔබ මේවා ග්‍රහණය කරගත යුතු අතර ඉන් සතුට ආරක්ෂා කර ගත යුතුයි. මේ කාලයේ ඔවුන් ද ආධ්‍යාත්මික සම්මන්ත්‍රණ පවත්වනවා. නමුත්, ආධ්‍යාත්මික යන වචනයේ තේරුමවත් දන්නේ නැහැ. ඔහු හැර අන් කෙනෙකුට ආධ්‍යාත්මික දැනුම දෙන්න බෑ. සියලුම ජීවීන්ගේ පියා බාබායි. ඔහුව දන්නේ ආධ්‍යාත්මික කෙනා හැටියටයි. ඔවුන් ආධ්‍යාත්මික දේත් දර්ශනයක් ලෙස පරිහරණය කරනවා. ඔබ දන්නවා මෙය එක් එක්කෙනා අසතුටට පත් කරවන වනාන්තරයක් බව. ඔබ දන්නවා ඔබේ ආගම තමයි උසස්ම දිව්‍ය ආගම නම් වූ අපරාධයන්ගෙන් තොර ආගම බව, එහි වධහිංසා නැත. තරහවත් අපරාධයක්. ඔබ එය කොපමණ සුළු කොට තැකුවද, මෙහි ඔබ සම්පූර්ණයෙන්ම අපරාධ වලින් තොර විය යුතුයි. සත්යුගයෙහි දී ඔබේ සිතිවිලි, වචන හෝ ක්‍රියාවන් වත් නරක නොවිය යුතුයි. ඔබ කවුරු හෝ පොලීසියක වැඩ කරන්නේ නම් ඔබ එහිදී ගැලපෙන ක්‍රම භාවිත කළ යුතුයි. හැකියාව තිබෙන තරමට ඔබ සෑම දෙයක්ම ආදරෙන් කළ යුතුයි. බාබාට ඔහුගේම වූ අත්දැකීම් ඇත. ඔහු සියල්ල සෙනෙහසින් යුතුව සිදු කළේය. මේ සදහා විශාල වශයෙන් උපායශීලී බව අවශ්‍ය වේ. ඔබ එකකට සිය ගුණයකින් දඩුවම් ලැබෙන ආකාරය මහා සෙනෙහසකින් යුතුව කෙනෙකුට පහදා දිය යුතුය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අප දුකින් මුදවන සහ සතුට පිරිනමන පරමාත්ම පියාගේ දරුවන්ය. එමනිසා, කිසිවකුගේ දුකට හේතු බවට පත් නොවන්න. ඔබේ අරමුණ හා ඉලක්කය ඔබ ඉදිරියේ තබාගෙන දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. අන් අයවත් ඔබ මෙන් කරවන සේවය සිදු කරන්න.

2. එක් එක්කෙනා නාටකය තුළ රඟපාන බව තේරුම් ගන්න සහ අතීත සිදුවීම් ගැන කණගාටු නොවන්න. ඔබේ සිතිවිලි, වචන සහ ක්‍රියා වලින් කිසිම වරදක් නොවන ලෙස අවධානයෙන් සිටින්න. ඉන් ද්විත්ව ප්‍රචණ්ඩත්වයෙන් තොර වන්න.

වරදානය:
එකම එක පරමාත්ම පියාව ඔබේ සහායකයා කරවාගෙන ඔහුගේ ඇසුරේ රැඳී සිටිමින් ඔබ සම්පූර්ණයෙන්ම පිවිතුරු ජීවාත්මයක් වේවා.

සම්පූර්‍ණයෙන්ම නිර්මල ජීවාත්මයක් යනු තම සිතිවිල්ලෙන් සහ සිහිනයෙන් පවා බ්‍රහ්මචාරී පාරිශුද්ධත්වය තමා තුළට කාවද්දා ගෙන, සෑම පියවරකදීම බ්‍රහ්ම පියාගේ ඉගැන්වීම් අනුගමනය කරන අයෙකි. පාරිශුද්ධත්වය යනු පරමාත්ම පියා ඔබේ නිරන්තර සහායකයා කර ගැනීම සහ පරමාත්ම පියාගේ ඇසුරේම සිටීමයි. සමූහයේ ඇසුර හා පවුලේ ආදරයේ ආචාරධර්ම පද්ධතීන් වෙනස් කාරණයකි. ඔබ රැස්ව සිටින ආදර ඇසුර ඇති වන්නේ පරමාත්ම පියා නිසා පමණි. පරමාත්ම පියා නිසා නොවේ නම්, පවුල පැමිණෙන්නේ කොහෙන්ද? පරමාත්ම පියා බීජය නිසා ඔබ කිසිවිටෙක බීජය අමතක නොකළ යුතුය.

පාඨය:
යම් කෙනෙක් කෙරෙහි ආකර්ෂණයෙන් බැඳෙනවා වෙනුවට මෙම ඥානය කෙරෙහි අන් අය තුළ ආකර්ෂණයක් ඇති කරන්නෙකු වන්න.