19.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ලොවේ දුක් පීඩාවේ ගෝෂාව අහවර කර ජය ගෝෂාව නැංවීමට පරම පියා පැමිණ සිටිනවා. පරණ ලොවේ ඇත්තේ දුක් පීඩාවේ ගෝෂාවයි. එවිට නව ලොවේ ඇත්තේ ජය ගෝෂාවයි.

ප්‍රශ්නය:
පරම පියාගෙන් සම්පූර්ණ උරුමය ලබා ගැනීම ධනවතෙකුට කළ නොහැකිව සිටිද්දී, දිළින්දෙකු පමණක් එය කිනම් දේව විනය අනුගමනය කිරීම මගින් ලබාගනී ද?

පිළිතුර:
දේව විනය යනු සම්පූර්ණ හිඟන්නෙක් වීමයි. ඔබ සතු සියල්ල අමතක කරන්න. ඉතින් දුප්පත් දරුවන්ට පහසුවෙන් සියල්ල අමතක කිරීමට හැකි වේ. කෙසේවෙතත්, තමන් සිටින්නේ දිව්‍යලෝකේ යැයි විශ්වාස කරන බුද්ධිය ඇත්තන් කිසිවක් අමතක නොකරති. ඒ නිසායි. තම ධනය, දේපල වස්තු, ඥාති මිත්‍රයින් සිහිපත් කරන්නන් හට සත්‍ය යෝගීන් විය නොහැක්කේ. ඔවුන්ට දිව්‍යලෝකයේ උසස් තත්ත්වයක් ලබාගත නොහැකි වේ.

ඕම් ශාන්ති.
සමස්ත ලොවේම රන්ඩු සරුවල් අහවර කිරීමට පරම පියා පැමිණ සිටින බව විශ්වසනීය බුද්ධිය ඇත්තන් ඉතා හොඳින් දැන. දැඩි විශ්වාසයෙන් සිටිති. පරම පියා මේ ශරීරය තුළට ඇතුල්ව සිටින බව ඥානවන්ත නුවණැති දරුවන් දන්නවා. ඔහුගේ නම ශිව බාබා. ඇයි ඔහු පැමිණියේ ? සිත් පීඩා අහවර කර ජයග්‍රහණය ඇති කිරීමටයි. රණ්ඩු සරුවල් බොහෝ සේ ඇත. මේ මරණ භූමියේ සියල්ලන්ම තමන්ගේ කර්ම ගිණුම් පියවා නිවසට යාමට ඇත. අමරණීය භූමියේ රණ්ඩු සරුවල් වැනි දේවල් නොමැත. මෙහි, ප්‍රචණ්ඩතා බොහෝ සේ ඇත. අධිකරණ විනිසුරුවන් ආදියත් බොහෝ ඇත. සෑම තැන්වලම සැහැසිකම බොහෝ සේය! බලන්න, විදේශ වලත් බොහෝ ප්‍රචණ්ඩතා තිබෙනවා! මුළු ලොවේම බොහෝ සේ ගැටුම් තිබෙනවා. මෙයට පරණ තමෝප්‍රධාන් ලොව යැයි කියති. සෑම තැන්වලම තිබෙන්නේ කුණුකන්දල්. සෑමතැනම කැලෑවක් මය. මේ සෑම දේම අහවර කරන්නයි අසීමිත පියා පැමිණ සිටින්නේ. ඔය දරුවන් දැන් ඉතාමත් ඥානවන්ත සහ නුවණැත්තන් වෙන්න ඕන. ඔය දරුවනුත් නොකඩවා රණ්ඩු සරුවල් වුණොත් ඔබ පරම පියාගේ උදව් කරුවන් වන්නේ කොහොම ද? බාබාට උවමනා කරන්නේ ඉතා හොඳින් උපකාර විය හැකි දරුවන්වයි. ඔහුට අවශ්‍ය කිසිවකු සමඟත් ගැටුමක් ඇති කරගන්නේ නැති බුද්ධිමත් නුවණැති අයයි. මෙය පරණ ලොව බව ඔය දරුවන්ටත් වැටහෙයි. ආගම් ගිණිය නොහැකි තරම් තිබෙනවා. මෙය තමෝප්‍රධාන් නපුරු ලොවකි. මුළු ලොවම අපිරිසිදුයි. මේ පරණ අපිරිසිදු ලොවේ ඇත්තේ රණ්ඩුවීම හැර අන් දෙයක් නොවෙයි. මේ සියලු දේ නිමා කිරීමට සහ ජයග්‍රහණය ඇති කිරීමට පරම පියා පැමිණෙයි. මේ ලෝකයේ කොපමණ දුක අසාමය ඇත්ද කියා ඔබ සෑම කෙනෙක්ම දන්නවා. එම නිසායි. ලොවෙහි සාමය ඔවුන්ට ඇවැසි වන්නේ. මේ ලොවට සාමය ගෙනා හැක්කේ කොයි මනුෂ්‍යයාට ද? ඔවුන් අසීමිත පියාව ගල් මුල් තුළත් පෙන්වා ඇත. මෙයත් නාටකයයි. ඉතිත් පරම පියා ඔය දරුවන්ට කියනවා: දැන් අවදිව සිටින්න ක්‍රියාශීලීව සිටින්න! පරම පියාගේ උදව් කරුවන් වන්න! පරම පියාගෙන් ලබා ගන්න ඔබේ රාජධානියේ වාසනාව, අඩුවක් නැතිවම! එහි බොහෝ සතුට ඇත. පරම පියා කියයි: සුමිහිරි දරුවනී, නාටකය අනුව, අසීමිත පියා පැමිණ සිටින්නේ ඔබව කෝටි වාරයක වාසනාවන්තයන් කරවීමටයි. භාරතය පාලනය කළේ ලක්ෂ්මි සහ නාරායන්ය. භාරතය දිව්‍ය ලොවක් වී තමයි තිබුණේ. දිව්‍යලෝකය යනු ලෝක පුදුමයකි. රිදී යුගයට නම් එසේ කිව නොහැකියි. එවන් වූ දිව්‍යලෝකෙට යාමට දරුවන් උත්සාහ කළ යුතුයි. ඔබ එහි මුල් අවදියේම යා යුතුයි. ඔය දරුවන්ට දිව්‍ය ලොවට යාමට අවැසියි: ඔබට ලක්ෂ්මී හෝ නාරායන් මෙන් වීමට අවැසියි. දැන් මේ ලෝකය තුළ මහත් ආපදාවක් වීමට ඇත. ලේ ගඟුළු ගලා යාවි. ලේ ගඟුළු වලින් පසු එහි ගිතෙල් ගඟුළු තිබේවි. එයට කිරි සයුර කියති. මෙහි ඔවුන් විශාල තටාකයක් සාදා වෙන් කරගත් විශේෂ දිනයක දී එම තටාකය තුළ කිරි වත්කර ස්නානය කරති. ඔවුන් ශිව ලිංගය මතක් කිරි වත්කරති. ගිතෙල් ගඟුළු. කිරි ගඟුළු තිබෙනවා කීම ස්වර්ණම යුගයේ වර්ණනාවයි. එහි එවැනි දෙයක් නොතිබෙයි. ඔබ සෑම වසර 5000 දීම ලොවේ අධිපතීත් වනවා. මේ කාලයේ ඔබ වහලුන් ය. ඉන්පසු ඔබ අධිරජවරුන් වේවි. සියලු මහාභූත ඔබේ වහලුන් බවට පත්වේවි. එහි අවාරෙට වැසි නොවසී. ගංවතුර පිටාර නොගලයි. එහි ආපදා නොතිබෙයි. එහෙත් මෙහි බලන්න. මොන තරම් ආපදා තිබෙනවාද කියා. එහි වසන්නේ සත්‍ය වෛශ්‍යයාවන්ය. නපුරු වෛශ්‍යාවයන් නොසිටී. මෙහි නිර්මාංශ ආහාර ගන්නා කෙනෙකුට වෛශ්නව් කියති. නමුත් ඒක වැරැදියි! ඔවුන් නොකඩවා එකිනෙකාට පාපය තුළින් දුක් දෙමින් සිටින්නේ. පරම පියා ඔබට ඉතා හොඳින් පැහැදිලි කර දී තිබේ. ගැමි කොලුවෙක් ගැනත් සිහිපත් කරති. ක්‍රිෂ්ණා ගැමි කොලූවෙක් ලෙස පෙන්විය නොහැක: ඔහු පාරාදීසයේ අධිපතියෙකී. ඔහු උපත් 84ක් ගනී. ඔබ දන්නවා ඔබ භක්තියෙහි මොනතරම් පැකිළෙන්න ඇත්ද, මොනතරම් මුදල් නාස්ති කරන්න ඇත්ද කියා. පරම පියා අසනවා: මා ඔබට බොහෝ ධනය සහ අධිරාජ්‍ය වාසනාව දුන්නා ද. ඉතින් ඒ සියලු දේවල් දැන් කොහේද ගියේ? මා ඔබව ලොවට අධිපතීන් කෙරෙව්වා. ඉතින්, ඔබ මොනවද කළේ? පරම පියා නාටකය ගැන දන්නවා. පරණ ලොව නව ලොව වන අතර නව ලොව, පරණ ලොව වෙනවා. මෙය චක්‍රයකි. අතීතයේ සිදුවූ දෙයම දැන් නැවත සිදුවෙනවා. පරම පියා කියයි: දැන් ඉතිරිව තිබෙන්නේ සුළු කාලයයි. ඉතින් උත්සාහ කරන්න අනාගතය වෙනුවෙන් එකතු කරන්න. පරණ ලොවේ ඇති සියල්ලම දුහුවිලි බවට හැරේ. ධනවත් අය මෙම දැනුම නොගනී. පරම පියා දුප්පතාගේ ස්වාමියායි. දුප්පතා දැන් ධනවත් වේවි. එවිට ධනවත් අය එහි දුප්පතුන් වේවි. දැන් බොහෝ කෝටිපතීන් මෙහි සිටිනවා. ඔවුන් ඒවි නමුත් ඔවුන් දුප්පත් වෙනවා. මෙහි පරම පියා කියන්නේ: සියල්ල අමතක කරන්න. හිස් වූ සිඟන්නෙක් බවට පත්වන්න. මෙකල. ඔවුන් නිපදවා තිබෙන දේවල් දෙස බලන්න: කිලෝග්‍රෑම්, කිලෝමීටර් ආදී වශයෙන්. එකල රජ කෙනෙකුගේ පාලනයේ දී ඔහු අණ දුන්නේ ඔහුගේම භාෂාවෙනී. විදේශිකයන් ඒවා ආදර්ශය වශයෙන් ගත්තා. ඔවුන්ටම කියා ඥානයක් නොතිබුණී. ඔවුන් තමෝප්‍රධාන්. ඇමරිකාවෙහි. විනාශය සඳහා සූදානම් කිරීමට කොමපණ මුදල් වැය කරනවාද කියා බලන්න. ඔවුන් අහස් යානාවෙත් බෝම්බ ආදිය දමනවා. එහි ගින්නක් හටගනී. ඔය දරුවන් දන්නවා. පරම පියා ඇවිත් සිටින්නේ විනාශය සහ ස්ථාපන කටයුතු කිරීමටයි. ඔබ අතරේ ද, පැහැදිලි කිරීම් කරන්නේ අනුපිළිවෙලින්. සෑම කෙනෙකුගේම බුද්ධියෙහි විශ්වාසය එකම ප්‍රමාණයට නොවෙයි තිබෙන්නේ. බාබා කළේ කුමක්ද එය ඔබ අනුගමනය කළ යුතුයි. මේ පරණ ලොවෙහි එම පැන්ස කිහිපයෙන් කුමක්ද කරන්න යන්නේ ? මෙකල තිබෙන්නේ කොල නෝට්ටු. එහි ඔවුන්ට රන්කාසි තිබෙයි. එහි රත්තරන් මාලිඟා තනාවි. ඉතින්, රන්කාසි වල වටිනාකමක් නොතිබේවි. සෑම දේම නොමිලේ වාගේ තිබෙයි. එම භූමිය සතෝප්‍රධාන්ය. එය දැන් පරණ වී ඇත. එය සතෝප්‍රධාන් නව ලොවයි; එම ලොව සම්පූර්ණයෙන්ම අළුත්ය. ඔබ සූක්‍ෂම ලොවට ගියවිට එහිදී ඔබ අඹ යුෂ ආදිය පානය කරයි. එහෙත් එහි ගස් නොතිබේ: අශාරීරික ලොවේත් ගස් නොතිබේ. ඔබ දිව්‍යලෝකෙට ගියවිට, එහි ඔබට සියල්ලක්ම ලැබෙනවා. සියලු දේටම ඔබේ බුද්ධි පාවිච්චි කරන්න ඕන. සූක්‍ෂම ලොවෙහි ගස් නොතිබෙයි. ගස් වැවෙන්නේ පොළොවේ. අහසේ නොවෙයි. "උතුම් වූ බ්‍හ්මාණ්ඩය" කියා නමක් තිබුණත් එය හිස් අවකාශයයි. එම තාරකා අහසේ සැරසී තිබෙන්නාක් සේ. එලෙසම. ඔබ ජීවාත්මයන් එහි සැරසී සිටී. තාරකා ලොකුවට පෙනේ. එම බ්‍හ්මාණ්ඩයෙහි ලොකු ජීව සන්තාවන් කිසිවකුත් නොසිටී. මෙය බුද්ධියෙන් වටහාගත යුතු කාරණාවකි. ඔබ ඥාන සාගරය කලත්තන්න ඕන. ඉතින් ජීව සන්තාවන් ද වාසය කරන්නේ ඉහළ තැනකය: ඒවා ඉතා කුඩා තිත් වේ. මේ කාරණා සියල්ල ඔබ ධාරණය කරගත් විට පමණයි. තව කෙනෙකුටත් ඒවා ධාරණය කිරීමට ඔබ උපකාරවන්නේ ගුරුවරයෙක් සියල්ල දැන සිටී. ඒ නිසායි ඔහු අන් අයට උගන්වන්නේ. එසේ නැතිනම්. ඇයි ඔහු ගුරුවරයෙක් වන්නේ ? කෙසේවෙතත්, මෙහි ගුරුවරුන් ද අනුපිළිවෙලින් සිටින්නේ. පාරාදීසය ගැන ඔබට වටහාගත හැකියි. ඔබ පාරාදීසය නොදැක තිබෙනවා නොවෙයි. බොහෝ දරුවන් එහි විවාහ මංගල්‍ය සිදුවන ආකාරය එසේම එහි භාවිත කරන භාෂාව කුමක්ද ආදී දර්ශන දැක තිබෙනවා. ඔබ සියල්ල දැක තිබෙනවා. අවසානයේ දීත් දර්ශන දකින්න ලැබේවි. එහෙත් එය යෝග යුක්ත වූවන්ට පමණයි. සරලව නොකඩවා තම ඥාති මිත්‍රයන්, ධනය හා දේපල ආදිය සිහිපත් කරමින් සිටිනා අය කුමක් දකිනු ඇත් ද? අවසානය දක්වා රැඳී සිටින්නේ සැබෑ යෝගීන් පමණයි. ඔවුන් දැකීමෙන් පරම පියා සතුටු වෙනවා. උයනක් මල්වලිනුයි නිර්මාණය වෙන්නේ. මෙහි වසර 10 සිට 15 දක්වා සිටි බොහෝ අය පවා අත්හැර යනවා. ඔවුන්ට කියන්නේ වරා මල් කියායි. මමා සහ බාබා වෙනුවෙන් උපදෙස් දුන් සහ ව්‍යායාම් අභ්‍යාස පුහුණු කළ ඉතාමත් හොඳ සහෝදරියන් පවා අද මෙහි නැත. මේ දියණියත් සහ බාප්දාදාත් දන්නවා මායා ඉතා බලසම්පන්න බව. මායා සමඟ අදෘෂ්‍යමාන සටනක් ඇත. අදෘෂ්‍යමාන කුණාටුත් ඇත. බාබා කියයි: මායා ඔබට බොහෝ කරදර ඇති කරාවි. මෙය ජය පරාජය තම නාටකයේ කල්තියා නියම වී තිබෙන්නකි. ඔබ අවි ගෙන සටන් නොකරයි. භාරතයේ මේ පුරාතන යෝගාව ඉතා ප්‍රසිද්ධයි. ඔබ එසේ පත්වන්නේ යෝග බලයෙනි. භෞතික බලයෙන් ලෝක රාජධානිය කිසිවකුටත් ලබාගත නොහැකි වේ. නාටකය පුදුම සහගතයි. වෙඬෙරු වලට බළලුන් දෙන්නෙකි. සටන් කරන විට ඔවුන් අතරට පැමිණී තෙවැත්තා එය අරගෙන ගිය කතාවක් තිබෙනවා. දියණීයන්ට දර්ශන ලැබී තිබෙනවා. ක්‍රිෂ්ණාගේ මුවේ වෙඬෙරු තිබුණා දුටුවා කියා. ඇත්තෙන්ම ක්‍රිෂ්ණාගේ මුවෙහි ඔවුන් නව ලොවයි දකින්නේ. ඔබ යෝග බලයෙන් වෙඬරු යැයි කියන රාජධානිය අත්කර ගනී. ඔවුන් රාජධානියක් වෙනුවෙන් සටන් වඳී. එමනිසා බොහෝ අය සටනෙහි මිය යති. මේ පරණ ලොවේ කර්ම ගිණුම් ගෙවා නිම කිරීමට ඇත. මේ ලොවේ කිසිම දෙයක් නොවෙයි ඉතිරි වන්නේ. ඔබට පරම පියාගේ ශ්‍රීමත් ලැබී ඇත. දරුවනී. නපුරු දේ නොඅසන්න. නපුරු දේ නොදකින්න. ඔවුන් වඳුරන්ගේ රූප නිර්මාණය කර තිබෙනවා. මෙකල. ඔවුන් එම රූපයමයි මිනිසුන්ටත් සාදන්නේ. කලින්. ඔවුන් චීනයෙන් ඇත්දළ ආදිය ගෙන්වූවා. ඔවුන් විදුරු වළලුත් පළඳින්න පුරුදු වී සිටියා. මෙහි. ආභරණ පැළඳීමට ඔවුන්ගේ නාස්, කණ් ආදිය විද ගනී. ස්වර්ණම යුගයේ කිසිවකුගේත් කන් නාස් විදීමේ අවශ්‍යයතාවය නොතිබේ. මෙහි මායා එවැනි කෙනෙකි. ඇය සැමගේ කන් සහ නාසයත් කපා හරී. ඔය දරුවන් දැන් පිරිසිදු සහ නිර්මල අය වෙමින් සිටිනවා. එහි ඇත්තේ ස්වභාවික සුන්දරත්වයයි. ඔබට කෘත්‍රිම කිසිම දෙයක් භාවිත කිරීමේ අවශ්‍යතාවය නොතිබේ. මෙහි ශරීර සෑදී ඇත්තේ තමෝප්‍රධාන් මූලධාතූන් වලින්. ඒ නිසායි ලෙඩ රෝග තිබෙන්නේ. මේ දේවල් එහි නොතිබේ. ඔය ජීවාත්මයන් දැන් ඉතාමත් සතුටින් සිටිනවා. එම අසීමිත පියා ඔබට උගන්වා සාමාන්‍ය නාරයන්ගෙන් නාරායන් බවට, එනම්. අමරණීය දේශයේ අධිපතීත් බවට ඔබව වෙනස් කරමින් සිටිනවා. මේ නිසායි මෙම වර්ණනාව තිබෙන්නේ: ඔබට අතීන්ද්‍රීය සතුට ගැන දැනගන්න අවැසි නම්. ගෝප ගෝපිකාවරුන්ගේත් විමසන්නැයි කියා. භක්තිවන්තයින් මේ දේවල් නොදනී. ඔබ අතරේත් දරුවන් ඉතා සුළු දෙනෙක් පමණයි සතුටිත් ඉඳිමින් නොකඩවා මේ දේවල් මත ගාන්නේ. අවිහිංසක අය බොහෝ සේ හිරිහැරයට ලක් වෙනවා. ප්‍රායෝගිකව සිදුවන සියලු දේ දෞපතීගේ සිහිවටනයයි. දෞපතී කෑ ගසා ඇඬුවේ ඇයි ? මිනිස්සු එය නොදනී. පරම පියා පැහැදිලි කර ඇත: ඔබ සියලු දෙනාම දෞපතීන් ය. ස්ත්‍රීත් සෑම විටම ස්ත්‍රීත් ම වන්නේ නැත. ඔබට එක දිගට ස්ත්‍රීන් විය හැක්කේ දෙවරක් පමණයි. නමුත් තවදුරටත් එසේ සිදු නොවේ. මව්වරු හඬ නඟනවා: බාබා, මාව ආරක්‍ෂා කරන්න! දුෂ්ශසාන් පාපය සඳහා මා හට වදහිංසා කරයි. මෙයට වෛශ්‍යාලය (ගණිකා මඩම) කියාත්, දිව්‍යලෝකෙට ශිවාලය (ශිව දෙවොල) කියාත් කියනවා. වෛශ්‍යාලය ස්ථාපනය කරන්නේ රාවණ විසින්. එවිට ශිවාලය ස්ථාපනය කරන්නේ ශිව බාබා විසිනී. ඔබට ඔහු දැනුම දෙනවා. පරම පියාට ඥානාන්විත කියා කියති. 'ඥානාන්විත' යන්නෙහි අරුත ඔහු සෑමදෙනාගේම හදවත් තුළ ඇති දේ දන්නා බව නොවෙයි. එයින් ඇතිවන ඵලය කුමක්ද ? පරම පියා කියයි: මා හැරෙන්නට ලොවේ ආරම්භය. මධ්‍යය සහ අන්තය පිළිබඳ දැනුම අන් කිසිවකුටත් දිය නොහැක. මා පමණයි මෙහි ඉඳිමින් ඔබට උගන්වන්නේ. ඥාන සාගරයත් ඒකායන පියාම වේ. භක්තියේ තිළිණය ඇත. ස්වර්ණම යුගයේ සහ රිදී යුගයේ භක්ති නොමැත. රාජධානිය ස්ථාපනය වන්නේ මෙම ඉගෙනුම තුළිනී. බලන්න කොපමණ උපදේශකවරු. ජනාධිපතිවරු ආදීන් සිටිනවා ද කියා. ඔවුන්ට උපදෙස් දීමට උපදේශකවරු නියම කර ඇත. ස්වර්ණම යුගයේ උපදේශකවරුන්ගේ අවශ්‍යතාවය නොතිබේ. පරම පියා ඔබව දැන් දක්‍ෂයින් කරවනවා. බලන්න, ලක්ෂ්මී සහ නාරායන් කොපමණ දක්‍ෂ අයද කියා. ඔබ පරම පියාගෙන් ලබන්නේ අසීමිත ස්වාධිපත්‍යයයි. මිනිස්සු පරම පියාගේ ජන්ම දිනය සමරති. ඒකාන්තයෙන්ම ශිව් බාබා භාරතයට ඇවිත් ඔබව ලොවේ අධිපතීත් බවට පත්කර ආපසු ගොස් තිබේ. එය වසර සියදහස් ගණනක දෙයක් නොවේ. එය ඊයේ සිදුවූවකි. අච්චා. තවත් පැහැදිලි කිරීමට තිබෙන්නේ කුමක් ද? පරම පියා කියයි:මන්මනාභව්! ඇත්ත වශයෙන්ම. මෙම ඉගෙනුම හුදෙක් සංඥාවක් පමණයි. අච්චා.

සුමිහිරි ආදරණීය. බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන්හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බදාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සම්පූර්ණ විශ්වාසය ඇතිව පරම පියා අනුගමනය කරන්න. පරම පියාගේ සම්පූර්ණ උදව්කරුවෙක් වීමට ඥානවන්ත සහ නුවණක්කාර බවට පත්වන්න. ඇතුලාන්තයේ ගැටුමක් නොතබා ගන්න. ස්ථාපනය සහ විනාශය කාර්යයන් නරඹමින් බුද්ධියෙහි සම්පූර්ණ විශ්වාසය ඇතිව පරම පියා අනුගමනය කරන්න.

2. පරණ ලොවේ පැන්ස කිහිපයක වටිනාකමින් යුත් දේ වලින් ඔබේ බුද්ධිය ඉවත් කර සම්පූර්ණ සිඟන්නනෙක වන්න. ඔබේ ඥාති මිත්‍රයින් ධනය සහ දේපළ ආදිය අමතක කරන්න.

වරදානය:
සමූහයක සිටිමින් සැමට සෙනෙහස දක්වන අතරම එකම එක පරමාත්ම පියා ඔබේ බුද්ධියේ සහායකයා කරගනිමින් කර්ම යෝගීවරයෙක් බවට පත් වේවා.

ඇතැම් දරුවන් ආදරණීය රැස්වීමක වින්දනය විඳිනවා වෙනුවට වෙන් වී සිටිනවා. තමන් උගුලකට හසුවේ යැයි බියෙන් සිටින ඔවුන්ට දුරස්ථව සිටීම වඩා හොඳ යැයි හැඟේ. කෙසේවෙතත්, මෙය එසේ නොවේ; ඔබ උපත් 21 ක් පවුල තුළ සිටිය යුතුය. ඉතින් බය නිසා ඈත්වූයේ නම්, එබඳු සංස්කාර ඇත්තන් කර්ම සන්ය්‍යාසිවරුන් වෙති. ඔබ කර්ම සන්‍යාසි (අත්‍හැරීම) නොව කර්ම යෝගි විය යුතුය. රැස්ව සිටින්න, සැමට ආදරය කරන්න, එකම පරමාත්ම පියාට මිස අන් කිසිවෙකු ඔබේ බුද්ධියට උපකාරය කර නොගන්න. වෙනත් කිසිම ජීවාත්මයක, කිසිම ගුණයක් හෝ විශේෂත්වයක් ඔබේ බුද්ධිය ආකර්ෂණය කර නොගන්නා විට ඔබ පිරිසිදු කර්ම යෝගී ආත්මයක් යැයි කියනු ලැබේ.

පාඨය:
වම් අත නොව බාප්දාදාගේ දකුණු අත වන්න.