20.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ යෝගා බලයෙන් මෙම ලුණු රසැති සමුද්‍ර මාර්ගය තරණය කොට, ආපසු නිවසට යා යුතුයි. එබැවින් ඔබ යා යුතු ස්ථානය සිහි කරන්න. ඔබ දැන් දුගී බවින් ධනවත් වන බව සිතා සතුටින් සිටින්න.

ප්‍රශ්නය:
දිව්‍යමය ගුණධර්ම යන විෂයට අවධානය යොමු කරන දරුවන්ගේ සළකුණු මොනවාද?

පිළිතුර:
ඔවුන්ගේ බුද්ධියේ රැඳී තිබෙන්නේ මා කරන ක්‍රියා දකිනා අය, එම දේම කරයි. ඔවුන් කිසිවෙකුට කරදර නොකරයි. ඔවුන් කිසිම විටෙක නරක හෝ වැරදි වචන කතා නොකරයි. ඔවුන්ගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා තුළින් කිසිවෙකුට දුකක් සිදු නොකරයි. පියා මෙන් සතුට ලබා දීමේ අරමුණ කෙනෙකුට ඇති විට පමණයි, එම කෙනා දිව්‍යමය ගුණධර්ම යන විෂයට අවධානය යොමු කරනවා යැයි කිව හැකි වන්නේ.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා, මිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට විස්තර කර දෙයි. ඔහු ඔබට සිහිපත් කිරීමේ වන්දනාව කියා දෙනවා. සිහිපත් කිරීමේ වන්දනාවේ අරුත, ඔය දරුවන්ට වැටහෙන්නට ඇති. භක්ති මාර්ගයේද, මිනිසුන් දේවතාවන් සහ ශිව බාබාව සිහි කරයි, නමුත් ඔවුන්ගේ පාපයන් දුරුවන්නේ සිහිපත් කිරීම තුළින් පමණක් බව ඔවුන් නොදනී. පියා පාරිශුද්ධකරුවා බවත්, ඔහු ඔබට පිවිතුරු වන අන්දම පෙන්වා දෙන බවත් ඔය දරුවන් දන්නවා. පිවිතුරු විය යුත්තේ ජීවය වන අතර අපවිත්‍ර වන්නේද ජීවයයි. පියා පැමිණෙන්නේ භාරතයේ පමණක් වන අතර ඔබට සිහිපත් කිරීමේ වන්දනාව කියා දෙන බවද ඔය දරුවන් දන්නවා. ඔහුට වෙන තැනකදී එය ඔබට කියා දිය නොහැක. ඔය දරුවන් බොහෝ භෞතික වන්දනා ගමන් ගොස් තිබේ. මෙම වන්දනාව ඔබට ඉගැන්විය හැක්කේ එක් පියාට පමණයි. නුවණ නැතිකම (වටහා නොගැනීම) යන අගුලෙන් සෑම කෙනෙකුගේම බුද්ධිය වැසී තිබෙන්නේ මායා නිසා බව, පියා ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. ඔබ කොතරම් ඥානවන්තව, ධනවත්ව සහ පිවිතුරුව සිටියාද කියා, පියාගෙන් ඔබට දැන් දැනගැනීමට ලැබී තිබේ. අපි මුළු ලොවෙහිම අධිපතියන් වී සිටියා. අප දැන් නැවත වතාවක් එය බවට පත් වෙමින් සිටිනවා. පියා අපට ඉතාමත් විශාල, අසීමිත අධිරාජ්‍යයක් ලබා දෙනවා. භෞතික පියෙක් සමහර විට ඔබට සියයක්, දාහක් හෝ මිලියනයක් ලබා දෙයි, නමුත් මෙහිදි, මිහිරිතම, අසීමිත පියා පැමිණ ඇත්තේ ඔබට අසීමිත අධිරාජයක් ලබා දීමටය. මේ නිසයි ඉගෙන ගැනීමට ඔබ මෙහි පැමිණ ඇත්තේ. කාගෙන්ද? අසීමිත බාබාගෙන්. 'බාබා' යන වචනය, 'මමා' යන වචනයට වඩා මිහිරිය. මමා රැකවරණය ලබා දෙන මුත්, පියා, ඔබට අසීමිත උරුමය ලබා දෙන පියාය. ඔබ දැන් නිරතුරුවම සතුටින් සහ නිරතුරුවම භාග්‍යවන්තව සිටින අය බවට පත් වෙමින් සිටිනවා, මනාලයා සමග සිටීමේ භාග්‍යය ඇති අය. බාබා අපව නැවත වතාවක් කවුරුන් බවටද පත් කරවන්නේ? මෙය අළුත් දෙයක් නොවෙයි. රජ කෙනෙක් දිවා කල ධනවත්වද, රාත්‍රියේදී දුප්පත් වන බවද සිහි කෙරේ. (රාත්‍රියේදී දුප්පතෙක් ලෙස වෙස් වලා ගෙන, රාජධානියේ තත්ත්වය බැලීමට ගිය රජුගේ කතාව). ඔබද දහවල ධනවත්ව සිටින අතර, ඉන්පසුව අසීමිත රාත්‍රියේදී ඔබ දුප්පත් වෙයි. බාබා ඔබට දිනපතාම සිහි කර දෙන්නේ දරුවනි, ඊයේ ඔබ ධනවත් ලෝක අධිපතියන්ව සිටි නමුත් අද ඔබ සිඟන්නන් බවට පත් වී සිටියි. උදෑසන දැන් නැවත වතාවක් පැමිණෙන බැවින් ඔබ එවිට ධනවත් වෙයි. මෙය ඉතාමත්ම පහසු දෙයකි. ඔය දරුවන් ධනවත් වීම ගැන බොහෝ සතුටින් සිටිය යුතුයි. බ්‍රහ්මින්වරුන්ගේ දහවල සහ රාත්‍රිය තිබේ. ඔබ දැන් දිවාකල ධනවත් වෙමින් සිටියි. ඔබ අනිවාර්යෙන්ම එය වෙයි, නමුත් ඔබ දරණ උත්සාහයට අනුව අංක පිළිවෙලටයි. පියා පවසන්නේ මෙය, ඔබ පමණක් යෝගා බලයෙන් තරණය කරන, ලුණු රසැති සමුද්‍ර මාර්ගයයි. ඔබ යන ස්ථානය සිහිපත් කළ යුතුයි. අපි දැන් ආපසු නිවසට යා යුතුයි. අපව ආපසු නිවසට රැගෙන යෑමට බාබාම පැමිණ සිටියි. ඔහු බොහෝ සෙනෙහසින් යුතුව විස්තර කරයි මිහිරි දරුවනි, ඔබ පිවිතුරුව සිටියා, ඉන්පසුව උපත් 84 ක් ගැනීමෙන් ඔබ අපවිත්‍ර වී තිබේ, එබැවින් ඔබ නැවත වතාවක් පිවිතුරු විය යුතුයි. පිවිතුරු වීමට වෙනත් මාර්ගයක් නොමැත. පාරිශුද්ධකරුවා පැමිණි විට, ඔහුගේ උපදෙස් අනුගමනය කිරීමෙන් ඔබ පිවිතුරු වන බව ඔබ දන්නවා. එම තත්ත්වය ලබා ගැනීමෙන් ඔය දරුවන් බොහෝ සතුට අත්විඳියි. පියා පවසන්නේ ඔබ උපත් 21 කට නිරන්තර සතුටින් සිටියි. පියා ඔබට සතුටු දේශයේ උරුමය ලබා දෙන අතර, රාවණ් ඔබට දුක් දේශයේ උරුමය ලබා දෙයි. ඔය දරුවන්ව දුර්ගුණ පහ යන සිරගේ තුළ, සිර ගත කළ, ඔබගේ පරණ සතුරා රාවණ් බව ඔය දරුවන් දැන් දන්නවා. පියා පැමිණ ඔබව ඉන් මුදවා ගන්නවා. ඔබ පියාව සිහිපත් කරන තරමට අනුව, ඔබ අන් අයට හැඳින්වීම ලබා දෙනවා. සිහිපත් කිරීම නොමැති අයට ශරීර අවධානය තිබෙයි. ඔවුන්ට ඔහුව සිහිපත් කිරීමට හෝ හැඳින්වීම ලබා දීමට නොහැක. ජීව වන අප සහෝදරයන්ය. අපගේ නිවසේ සිට අප මෙහි පැමිණ සිටින්නේ අපගේ විවිධ චරිත කොටස් රඟපෑමටයි. මුළු කොටසම රඟ දැක්වෙන අන්දම ඔබගේ බුද්ධියේ ඇත. ස්ථීර විශ්වාසයක් ඇති අය, මෙහි පැමිණ නැවුම් වෙයි. මෙය, ඔබ ගුරුවරයා සමග ජීවත් විය යුතු ඉගෙනුමක් නොවෙයි. නැත, ඔබට නිවසේ ජීවත්ව සිටියදී වුවද ඉගෙන ගත හැක. එක් සතියක් මෙය ඉතා හොඳින් තේරුම් ගන්න, එපමණයි. ඉන්පසුව, බ්‍රහ්මින් ගුරුවරුන්, සමහරුන්ව මාස හයකට පසුවත්, සමහරුන්ව මාස 12කට පසුවත් මෙහි කැඳවාගෙන එයි. බාබා පවසන්නේ ඔබට විශ්වාසය ඇතිවූනූ සැනින්ම ඔබ දිව එයි. ඔබ පාපයන් වල නොයෙදෙන බවට රාඛියක්ද බැඳ ගත යුතුයි මම ශිව බාබාට පොරොන්දුවක් වනවා. ශිව බාබා ඔබට පවසන්නේ දරුවනි, ඔබ අනිවාර්යෙන්ම පාපයන්ගෙන් තොර විය යුතුයි. ඔබ පාපයන් වල යෙදෙන්නේ නම්, ඔබ උපයා ගත් සියල්ලම නැතිවී ගොස්, සිය ගුණයක දඬුවම් විඳීමට සිදුවනු ඇත. ඔබ උපත් 63 ක් ගෙල සිරකර ගනිමින් සිටි අතර ඔබට දැන් පිවිතුරු වීමට යැයි කියයි. මා සිහිපත් කරන්න එවිට ඔබගේ පාපයන් පිළිස්සී යනු ඇත. ජීව, සහෝදරයන්ය. ඔබ කිසිවෙකුගේ රූපයේ හෝ නමෙහි සිර ගත නොවිය යුතුයි. කෙනෙක් නිතිපතා ඉගෙන ගන්නේ නැත්නම්, ඔබ ඔහුව මෙහි කැඳවා ගෙන ඒමට යුහුසුළු නොවිය යුතුයි. දවසින් වුවද ඊතලය ඉලක්කයට වැදිය හැකි බව බාබා කිව්වද, ඔබ ඔබගේ නුවණ ද භාවිත කළ යුතුයි. බ්‍රහ්මණයින් වන ඔබලා, වඩාත්ම ශ්‍රේෂ්ඨ අයයි. මෙය ඔබගේ ඉතාමත්ම උසස් වංශයයි. එහි ආධ්‍යාත්මික හමුවීම් ආදිය නොමැත. සත්සංගම් (ආධ්‍යාත්මික හමුවීම්) සිදු වන්නේ භක්ති මාර්ගයේය. සත්‍ය ආශ්‍රය ඔබව එගොඩ කරවන බව ඔබ දන්නවා. ස්වර්ණමය යුගය ස්ථාපනය කිරීමට ඇති විට, ඔබට සත්‍යයේ ආශ්‍රය ලැබෙනවා. මෙය කිසිවෙකුගේ බුද්ධියට ඇතුළු නොවන්නේ ඔවුන්ගේ බුද්ධීන් අගුල් වැටී ඇති බැවිනි. ඔබ දැන් ස්වර්ණමය යුගයට යා යුතුයි. ඉතාමත්ම සුබ වූ සංගම යුගයේදී ඔබට සත්‍යයේ ආශ්‍රය ලැබෙනවා. එම ගුරුන් සංගම යුගයට අයත් නොවෙයි. බාබා පැමිණි විට, ඔහු ඔබට ’දරුවා, දරුවා' කියා අමතයි. ඔබ එම ගුරුන්ට ’බාබා' යැයි නොකියයි. බුද්ධීන් ගොඩ්රෙජ් අගුල් වලින් සම්පූර්ණයෙන්ම අගුල් වැටී තිබේ. බාබා පැමිණ අගුල් විවෘත කරයි. මිනිසුන්ට පැමිණ ඔවුන්ගේ ජීවිත දියමන්ති මෙන් කිරීම සඳහා, බාබා කෙතරම් ක්‍රම නිර්මාණය කරනවාද කියා බලන්න. ඔහු සඟරා, පොත් පත් ආදියද මුද්‍රණය කරවයි. බොහෝ දෙනෙකුට යහපතක් සිදුවන්නේ නම්, ඔබට බොහෝ දෙනෙකුගෙන් ආශිර්වාද ලැබෙයි. ඔබ පුරවැසියන් නිර්මාණය කොට, තමන්ව බන්දනයන්ගෙන් මුදවා ගැනීමට උත්සාහ දැරිය යුතුයි. ඔබ අනිවාර්යෙන්ම ඔබගේ ජීවිකාව වෙනුවෙන් සේවය කළ යුතුයි. දේවමය සේවය සිදුවන්නේ උදෑසන සහ සවස පමණයි. ඒ වෙලාවට සෑම කෙනෙකුටම වෙලාව තිබේ. ඔබ පිටත කා සමග වැඩ කළත්, දිගින් දිගටම ඔවුන්ට පියවරුන් දෙදෙනාගේ හැඳින්වීම ලබා දෙන්න. සෑම කෙනෙකුටම වෙනස් ලෞකික පියෙක් සිටින නමුත්, සියලු දෙනාගේම පාරලෞකික පියා, එක්කෙනෙක්ය. ඔහු උත්තරීතරයි. බාබා පවසන්නේ මටද චරිත කොටසක් තිබේ. ඔය දරුවන් දැන් මගේ හැඳින්වීම දන්නවා. ඔබ ජීව ගැනද දන්නවා. ජීවයක් ගැන කියැවෙන්නේ නළල මධ්‍යයේ අසිරිමත් තරුවක් බැබලෙනවා. අමරණීය සිහසුන වන්නේද මෙයයි. ජීව කිසිවිටෙක මරණය අත්නොවිඳියි ඔවුන් පිරිසිදු වී, ඉන්පසුව අපිරිසිදු වනවා පමණයි. ජීවයකගේ සිහසුන, නළල මධ්‍යයේ තිබීම නිවැරදි සේ දැනෙයි. තිලකයේ සළකුණ ද තබන්නේ නළලෙහිය. පියා පවසන්නේ රාජධානිය සඳහා තමන්ට තිලකය දීම සඳහා, ඔබ තමන්ව සුදුසු බවට පත් කළ යුතුයි. මම සෑම කෙනෙකුටම රාජධානිය සඳහා තිලකය ලබා දෙන බව සිතන්න එපා. ඔබ එය තමන්ට ලබා දිය යුතුයි. බොහෝ සේවය කරන්නේ කවුරුන්ද කියා බාබා දන්නවා. සඟරාවේ ලිපි ඉතාමත්ම හොඳයි. ඒ සමගම, ඔබගේ පාපයන් දුරු කර ගැනීම සඳහා, ඔබ යෝගාව සඳහාද උත්සාහ දැරිය යුතුයි. දවසින් දවස ඔබ ඉතා හොඳ රාජයෝගීන් බවට පත් වෙයි. ඔබ දැන් ඔබගේ ශරීරය අත්හැර ආපසු නිවසට යන බව වැටහෙයි. දරුවන් සූක‍්ෂම දේශයට යයි. ඔබ අශාරීරික ලෝකයද ඉතා හොඳින් දන්නවා එය ජීව වන අපගේ නිවහනයි. සාම දේශයට යෑම සඳහා මිනිසුන් භක්තියේ යෙදෙති. ඔවුන් සතුටු දේශය ගැන දන්නේවත් නැත. දිව්‍යලෝකයට යෑමට, පියා හැර වෙන කිසිවෙකුට ඔබට ඉගැන්වීමි ලබා දිය නොහැක. මෙය පවුල් මාවතයි. දෙදෙනාම විමුක්ති දේශයට යා යුතුයි. එම මිනිසුන් වැරදි මාර්ග පෙන්වා, කිසි කෙනෙකුට ආපසු නිවසට යෑමට නොහැකි වෙයි. අවසානයේදී පියා සෑම කෙනෙක්වම ආපසු නිවසට කැඳවා ගෙන යයි මෙය ඔහුගේ වගකීමයි. සමහරුන් ඉතා හොඳින් ඉගෙනගෙන ඔවුන්ගේ රාජධානියේ උරුමය හිමි කර ගනී, නමුත් අන් සෑම කෙනෙක්ම ඉගෙනගන්නේ කෙසේද? ඔවුන් අංක පිළිවෙලට මෙහි පැමිණෙන ආකාරයටම, අංක පිළිවෙලට ආපසු යයි. මේ කරුණු ගැන උවමනාවට වඩා කාලය අපතේ නොහරින්න. බාබාව සිහිපත් කිරීමටවත් ඔබට වෙලා නැති බව ඔබ කියන බැවින්, මෙම දේවල් වලට ඔබගේ කාලය අපතේ හරින්නේ ඇයි? අසීමිත පියා, ගුරුවරයා මෙන්ම ගුරු බවටත් ඔබට විශ්වාසය තිබේ. එබැවින් වෙන කිසිවෙකු සිහි කිරීමට අවශ්‍ය නැත. ඔබ පෙර චක්‍රයේද ශ්‍රීමත් අනුගමනය කොට, පිවිතුරු වූ බව ඔබ දන්නවා. දිගින් දිගටම ස්ව-දර්ශන චක්‍රය නැවත නැවතත් බ්‍රමණය කරන්න. ඔබගේ නම වන්නේ ස්ව-දර්ශන චක්‍රධාරීන්ය. දැනුමේ සාගරයෙන් ඔබව පුරවාගැනීමට ඔබ වැඩි කාලයක් ගත නොකරන මුත්, හිස් වීමට ඔබ දීර්ඝ කාලයක් ගනී. (වතුර බාල්දී පිරී, හිස් වන, ජල රෝදයේ නිදසුන) ඔබ සුමිහිරි, ආදරණීය බොහෝ කාලයක් නැතිව සිට දැන් හමුවූ දරුවන්ය, මන්ද, ඔබ චක්‍රයකට පසුව පැමිණ පියාව මුණ ගැසී තිබේ. මෙම ස්ථීර විශ්වාසය තිබිය යුතුයි. අපි, උපත් 84 කට පසුව, නැවත පැමිණ පියාව මුණ ගැසී තිබේ. පියා පවසන්නේ පළමුවෙන්ම භක්තියේ යෙදුණූ අයයි, පළමුව දැනුම ලබන්නට සුදුසු අය බවට පත් වන්නේ, මන්ද භක්තියේ ඵලය තිබිය යුතුයි. එබැවින් සෑම විටෙකම ඔබගේ ඵලය, එනම් උරුමය අඛණ්ඩව සිහිපත් කරන්න. 'ඵලය' යන වචනය අයත් වන්නේ භක්ති මාර්ගයටයි. 'උරුමය' කියා කීම නිවැරදිය. අසීමිත පියා සිහිපත් කිරීමෙන්, ඔබට උරුමයක් හිමි වෙයි. වෙනත් ක්‍රමයක් නොමැත. ’භාරතයේ ඉපැරණි යෝගාව' ඉතා ප්‍රසිද්ධයි. ඒ මිනිසුන් සිතන්නේ ඔවුන් භාරතයේ ඉපැරණි යෝගාව හදාරනවා කියාය. නාටකයට අනුව ඔවුන් හත යෝගීන් වන බව, බාබා විස්තර කර දෙනවා. එය දැන් සංගම යුගය නිසා ඔබ දැන් රාජ යෝගාව ඉගෙන ගන්නවා, නමුත් ඔවුන්ගේ ආගම වෙනස්ය. ඇත්ත වශයෙන්ම ඔවුන් ගුරුන් ළඟට නොයා යුතුයි. එනමුත් නාටකයට අනුව, ඔවුන් නිසැකයෙන්ම එය කරයි. ඔය දරුවන් දැන් ධර්මිෂ්ඨ විය යුතුයි. ධර්මය තුළ බලය තිබේ. මම ඔබව එම දේවතාවන් බවට පත් කරවන අතර, එම ධර්මය බොහෝ සතුට ගෙන දෙයි. මා සමග යෝගාවේ සිටින අයට, මගෙන් ශක්තිය ලැබෙයි. පියාම ස්ථාපනය කරන ධර්මයට බොහෝ බලය තිබේ. ඔබ මුළු ලොවෙහිම පාලකයන් බවට පත් වෙයි. පියා මෙම ධර්මය වර්ණනා කරන්නේ එයට බොහෝ බලය තිබෙන නිසායි. සර්ව බලධාරි බාබාගෙන් බොහෝ දෙනෙකුට බලය ලැබෙයි. ඇත්ත වශයෙන්ම සෑම කෙනෙකුටම බලය ලැබෙනවා, නමුත් අංක පීළිවෙලටයි. ඔබට අවශ්‍ය තරම් බලය, බාබාගෙන් ලබා ගත හැක. කෙසේවෙතත්, දිව්‍යමය ගුණධර්ම යන විෂය ද තිබිය යුතුයි. කිසි කෙනෙකුට කරදර නොකරන්න දුක් නොදෙන්න. මේ කෙනා කිසි කෙනෙකුට නරක වචන හෝ වැරදි වචන නොකියයි. ඔහු සිදුකරන ක්‍රියා දකිනා අන් අය, එයම කරනා බව ඔහු දන්නවා. අසුර ගති වලින් ඔබලා දිව්‍යමය ගුණධර්ම වර්ධනය කළ යුතුයි. ඔබ කිසි කෙනෙකුට දුක් දෙන්නේද කියා පරීක‍ෂා කර බලන්න. තව කෙනෙකුට දුක් නොදෙන කෙනෙක් නොමැත. නිසැකයෙන්ම එක් හෝ තව වරදක් සිදු වනවා. ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා වලින් කිසි කෙනෙකුට දුකක් ගෙන නොදෙන තත්ත්වය, අවසානයේදී ඇතිවෙයි. මේ වෙලාවේ අපි සිටින්නේ, උත්සාහ දරන තත්ත්වයේය. සෑම දෙයක්ම සිදු වන්නේ ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලටයි. සෑම කෙනෙක්ම සතුට වෙනුවෙන් උත්සාහ දරනවා, නමුත් පියා හැර, අන් කිසිවෙකුට සතුට ලබා දිය නොහැක. සෝම්නාථ දේවාලයේ බොහෝ දියමන්ති සහ මුතු මැණික් තිබුණු බව දක්නට ලැබුණි. ඒ සියල්ලක්ම පැමිණියේ කොහේ සිටද? ඔවුන් ධනවත් වූයේ කෙසේද? ඔබ දවස පුරාම මෙම ඉගෙනුමේ කරුණු මත ගෑ යුතුයි. ඔබගේ පවුලේ අය සමග නිවසේ ජීවත් වන අතර, ඔබ නෙළුම් මලක් සේ පිවිතුරුව රැඳී සිටිය යුතුයි. ඔබ මෙම උත්සාහය දැරුවා, මේ අනුවයි මාලාව නිර්මාණය වුණේ. එය සෑම චක්‍රයකදීම අඛණ්ඩව නිර්මාණය වනවා. මාලාව නිර්මාණය වන්නේ කාගේ සහිවටනයක් වශයෙන්ද කියා ඔබ දන්නවා. ඒ මිනිසුන් මාලාවක පබුළු බ්‍රමණය කරමින් එය තුළ සම්පූර්ණයෙන් ගිලි සිටියි. භක්ති මාර්ගයේ සිදුවන්නේ කුමක්ද, එමෙන්ම ඥාන මාර්ගයේ සිදුවන්නේ කුමක්ද කියා දන්නේ ඔබ පමණයි. ඔබට ඕනෑම කෙනෙකුට විස්තර කළ හැක. උත්සාහ දැරීමෙන් අනතුරුව, ගිය චක්‍රයේ ආකාරයෙන්ම, අවසානයේදී ප්‍රතිඵලය නිකුත් කරනු ඇත. එක් එක් කෙනා, තමන්වම දිගින් දිගටම පරීක‍ෂා කර බැලිය යුතුයි. ඔබ මෙය බවට පත් විය යුතු බව ඔබට වැටහෙනවා. ඔබට උත්සාහ දැරීමට මායිමක් ලැබී තිබේ. ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට, පියා ඔබව ආදරයෙන් පිළිගන්නවා. ඔය දරුවන් ඔහුව ආදරයෙන් පිළිගන්නවාට වඩා, පියා ඔබව ආදරයෙන් පිළිගන්නවා. පියාගේ වගකීම වන්නේ ඔබව ආදරයෙන් පිළිගැනීමයි. ආදරයෙන් පිළිගැනීම යනු විමුක්තියයි. උසස්ම ස්වරූපයේ පිළිගැනීම මෙයයි. පියා මෙහි පැමිණෙන්නේ ඔබ සැම ආදරයෙන් පිළිගැනීමටයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. බොහෝ දෙනෙකුගෙන් ආශිර්වාද ලැබීමට, යහපත සලසන්නන් වන්න. ඔබගේ ශරීරයේ ජීවිකාව වෙනුවෙන් ක්‍රියා සිදු කරන අතර, බන්ධන වලින් තමන්ව මුදවාගෙන, අනිවාර්යෙන්ම උදෑසන සහ සවස දේවමය සේවයේ යෙදෙන්න.

2. වෙනත් කාරණාවන් තුළ තමන්ගේ කාලය අපතේ නොහරින්න, ඒ වෙනුවට පියා සිහිපත් කර, ඔහුගෙන් බලය ලබා ගන්න. සත්‍යයේ ආශ්‍රයේ පමණක් සිටින්න. ඔබගේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළින් සියලු දෙනාටම සතුට ලබා දීමට උත්සාහ කරන්න.

වරදානය:
පාරිශුද්ධත්වයේ ආශිර්වාදය ඔබගේ මුල් සංස්කාරය කර ගනිමින්, ජීවිතය පිවිතුරු ජීවිතයක් බවට පත් කර ගැනීමට දරන උත්සාහයෙන් මිදුණු අයෙක් බවට ඔබ පත්වේවා.

සමහර දරුවන් පාරිශුද්ධභාවය රැකීම මහත් වෑයමක් ලෙස සලකන අතර, මෙයින් ඔප්පු වන්නේ ඔවුන් තම උපතේ ආශිර්වාදය ආශීර්වාද කරන්නා වූ පරමාත්ම පියාගෙන් ලබා නොමැති බවයි. ආශීර්වාදයක් සඳහා උත්සාහයක් නොමැත. සෑම බ්‍රාහ්මණ ආත්මයකටම පළමු ආශිර්වාදය ලැබී ඇත, "ඔබ පාරිශුද්ධ යෝගීවරයෙකු වේවා". උපතේ සිටම සංස්කාර ඉතා බලවත් වන්නා සේම පාරිශුද්ධත්වය ද බ්‍රාහ්මණ උපතේ පළමු සංස්කාරයයි. එය ඔබගේ මුල් සංස්කාරයයි. මෙම අවධානයෙන් පාරිශුද්ධ ජීවිතයක් නිර්මාණය කර ගන්න. උත්සාහයෙන් මිදෙන්න.

පාඨය:
භාරකරුවෙක් යනු සේවය සඳහා හොඳ ප්‍රාර්ථනා ඇති අයෙකි.