21.04.24    Avyakt Bapdada      Sinhala Murli     30.03.99    Om Shanti    Madhuban


ගිණි කඳු තීව්‍ර උත්සාහය උදෙසා ඔබේ සෙනෙහස නංවාගෙන අසීමිත නිරාශාවේ රැළි පතුරවන්න.


අද බාප්දාදා, සෑම දරුවකුගේම නළල මත රේඛා තුනක් දකී. ඔබේ පළමු රේඛාව, පරමාත්ම දෙවියන්ගේ පෝෂණයේ වාසනා රේඛාවයි. දෙවියන්ගෙන් පෝෂණය ලබන්න වාසනාව ඔබට ලැබෙන්නේ කල්පයටම එක වතාවයි. දෙවියන් වෙතින් ලබනා මෙම පෝෂණය මේ සංගම් යුගය හැර අන් කිසිම කාලයකදී ඔබට ලබාගත නොහැකිය. දරුවන් ඉතා සුළු දෙනෙක් පමණයි දෙවියන්ගෙන් පෝෂණය ලබන්නේ. දෙවන රේඛාව. දෙවියන් හා ඉගෙන ගැනීමේ වාසනාවයි. දෙවියන්ගෙන් අධ්‍යාපනය ලැබීම එවන් වූ වාසනාවකි; පරමාත්ම දෙවියන් ඔහු විසින්ම ඔබේ ගුරුවරයා වී ඔබට උගන්වයි. තෙවන වාසනා රේඛාව නම් දෙවියන් වෙතින් ඔබ ලද ප්‍රාප්තයන් වල ලැයිස්තුවයි. ඔබ කොපමණ ප්‍රාප්තයන් ලබන්නට ඇත්දැයි මදක් සිතා බලන්න. ඔබ සැමටම මතකයි ඔබේ ලැබීම් ලැයිස්තුව කොයිතරම් දිග ද කියා. මේ වාසනා රේඛා තුනම සෑම දරුවකුගේම නළලේ බැබළෙයි. ඔබ තමන්ව එවන් වාසනාවන්ත ජීවාත්ම යැයි සලකනවා ද? පෝෂණය. අධ්‍යාපනය සහ ලැබීම්; ඒවාගේම, බාප්දාදා ඔබේ විශ්වාසයේ පදනම මත ඔබේ ආධ්‍යාත්මික කුල්මත්භාවයත් දකී. පරමාත්ම දෙවියන්ගේ දරුවන් වූ ඔබ සියලුම ජීවාත්මයන් එවන් කුල්මත්භාවයක් තබාගත යුතුයි. මුළු ලොවෙහිම සමස්ථ චක්‍රයේම අති උසස් ශ්‍රේෂ්ඨතම සහ ශුද්ධවන්ත අය ඔබ වේ. වෙනත් ජීවාත්මයන් ඔබේ දේවතා ස්වරූපයෙහි සිටි ආකාරයට, සියලු ගුණධර්ම වලින් පිරී, සම්පූර්ණයෙන් නිර්විකාරී වී. තමන්ගේ ශරීරයෙන් සහ මනසින් පාරිශුද්ධත්වයට පත්වූවන් කිසිවකු නොමැත. අති උසස් ශුද්ධතම, මෙන්ම ධනවත්ම අය ඔබ වේ. අති උසස්, පූජනීය සහ ධනවත්ම අය ඔබ වේ. ස්ථාපනයේ මුල් අවදියේ බාප්දාදා මතක් කරනවා ඔබ තමයි ධනවත්ම අය කියා. එය පුවත්පත් වල පවා ඉතාමත් කුල්මත්භාවයෙන්: "ලොවෙහි ධනවතුන් ඕම් මණ්ඩලී වේ" යැයි ඵල වුණා. මෙය ඔබේ ස්ථාපනය පටන් ගත් කාලයේ ප්‍රශංසාවයි. යම් කෙනෙකුට දවසින් කෝටි-ප්‍රකෝටි පතියකු විය හැකියි. එහෙත් ඔබ තරම් ධනවතුන් විය නොහැකියි. ධනවත්ම අය ඔබ වේ. මුලින්ම, ඔබ ධනවත් වීමට ඇති ක්‍රම වේදය කුමක් ද? එය ඉතා කුඩා ක්‍රම වේදයකි. මිනිසුන් ධනවත් වීමට බොහෝ උත්සාහ දරති. එහෙත් ඔබ නොකඩවා සියලු ධනවස්තු වලින් පිරී සිටින්නේ ඉතා පහසුවෙනි! එම ක්‍රමවේදය ඔබ දනී. නොවේද? ඔබට කරන්න තිබෙන්නේ කුඩා තිතක් තැබීම පමණි. තිතක් තබා ආදායමක් උපයන්න. ජීවාත්මය තිතකි. පරම පියා තිතකි. එසේම නාට්‍යයට නැවතුමක් තැබීමත් තිතකි. ඔබ ජීවාත්මය තිතක් යැයි සිතූ පමණීන් ඔබේ ආදායම වැඩි වෙයි. සාමාන්‍ය ලෝකයේත්, බිංදුවක් යෙදු විට සංඛ්‍යාව වැඩි වෙයි. එකේ ඉලක්කමට බිංදුවක් යෙදුවොත් කුමක් වෙයිද? දහය වෙයි. ඔබ බිංදුවක්, බිංදු දෙකක් බිංදු තුනක්, බිංදු හතරක් යෙදූවිට සංඛ්‍යාව අධික වෙයි. ඔබේ ක්‍රමය ඉතා පහසුයි! ජීවාත්ම අවධානය යන තිත යෙදීම යන්නෙහි අර්ථය ධනවස්තු රැස්කිරීම වේ. එවිට ඔබ පරම පියා යන තිත යෙදීම (පරම පියා ස්මරණය කිරීම) ඔබ තවත් ධනවස්තු රැස්කිරීම වේ. එවිට ඔබ අන් අය හා සම්බන්ධතා පවත්වා ගැනීමේදී නාට්‍යයට නැවතුම් ලකුණ තැබීම. අතීතයට නැවතුම් ලකුණක් තැබීම ඔබේ ධනවස්තු තවත් අධික වෙයි. එහෙනම් ඔබ දවස මුළුල්ලේ කොපමණ වාරයක් තිත තබන්නේ ද? තිතක් තැබීම ඉතා පහසුයි. ඔබට එය අපහසුවට දැනේ ද? නැත්නම්. එම තිත ලිස්සා යනවා ද?

බාප්දාදා සරළව තිතක් යොදා ආදායමක් උපයන මාර්ගයක් ඔබට කියා දුන්නා. ඔබ සැවොම මෙය කිරීමට දන්නේද, තිතක් තබන ආකාරය ඔබ දන්නවා නම් අත්පුඩි ගසන්න. එය ස්ථිරයි. නැද්ද? හෝ විටෙක එය ලිස්සා යමිනුත්, විටෙක එය රැඳී තිබෙමිනුත් ඇත් ද? සියල්ලටම වඩා පහසුම මාර්ගය තමයි තිතක් තැබීම. කෙසේවෙතත් ඔබ ත්‍රිනේත්‍රි. (ඇස් තුනක් ඇත්තන්). එබැවින් මේ කරුණු තුන නිරන්තරව භාවිත කළ හැකි වේ. ප්‍රශ්නාර්ථ ලකුණ වක් වී ඇත. ලියා බලන්න එය ඇදයි. නැද්ද? එමනිසා, තිතක් තැබීම පහසුය. ඔබ දරුවන්ට සමාන වීම සඳහා බාප්දාදා විවිධ ක්‍රමයන් කියන්නේ මේ නිසයි. ක්‍රමය හුදෙක් තිතක් තැබීමය: වෙනත් ක්‍රම නැත. අශාරීරික වීමටත් ඔබ යොදනා ක්‍රමය තිතක් වීමය. ඔබ අශාරීරක වූ විට හෝ කර්මාතීත් වූ විට ඔබ භාවිතයට ගන්නා ක්‍රමය තිතක් වීමය. මේ නිසයි. බාප්දාදා ඔබට කලින් කියා තිබෙන්නේ, ඔබ අම්රිත් වේලාවේදී, බාප්දාදා සමඟ හමුවක් සමරණ විට, හදින් හදට කතාබහේ යෙදෙන විට, හෝ ඔබේ වැඩක් කරන විට මුලින්ම ඔබ කරන්නේ තිත් තුනක තිලකය ඔබේ නළලේ තබා ගැනීමට. භෞතික වශයෙන් තිත් තුනේ රතු තිලකය ඔබේ නළලේ තබන්න පටන් ගන්න එපා. එහෙත් මෙම අවධානය ඇතිව තිලකය තබන්න. එසේම මෙම තිලකය කිසිවිට මැකී නොයන්නට වගබලා ගන්න. කිසිදා නොමැකෙන තරම් මෙම තිලකය බොහෝ අවිනාශී ද?

බාප්දාදා ඔබ දරුවන්ගේත් සෙනෙහස දකිනවා. ඔබ සැම මෙහි මොන තරම් සෙනෙහසෙන් දුවමින් ඇවිත් සිටිනවාද කියා. ඒ වාගේම බාබා හමුවන්නට මේ ශාලාවේ ඉඳගන්නා විටත්, ඔබේ සෙනෙහස නිසාම ඉදිරිපසින් සමීපයෙහි ඉඳගන්න මොන තරම් මහන්සි ගන්නවාද කියාත්. ප්‍රධානම දෙය නම් ඔබ නින්ද සහ පිපාසය පවා අමතක කළ එකත් දකිනවා. ඔබ කරන සෑම දෙයම බාප්දාදා දකිනවා. මුළු නාට්‍යයම බාබා දකියි. ඔබ දරුවන්ට තිබෙන සෙනෙහස නිසාම බාප්දාදා ඔහු විසින්ම දරුවන්ට භාර වී ඔබ දරුවන්ට කියයි: ඔබ භෞතික ස්වරූපයෙන් කෙසේ දුවමින් පැමිණීයේ ද, ඒ වාගේම පරම පියාට සමාන වන්නත් දැඩි උත්සාහයක් දරන්න කියා. ඉහළ අංකයක් ගන්න සැවොම සිතනවා. කොහොමවුණත් හැමෝටම ලැබෙන්නේ නැහැ: මෙය භෞතික ලෝකයයි. ලොවේ නීතිත් පිළිපැදිය යුතුයි. ඔබ සියල්ලන්ම ඉදිරියෙන් ඉඳගන්න ඕන යැයි කියා බාප්දාදාටත් හැඟෙයි එහෙත් එය කළ හැකි දෙයක් ද? එය සිදුවෙනවා. නමුත් කොහොමද? පිටුපසින් ඉඳගෙන ඉන්න අය ඔහුගේ දෑස තුළ ගිලී සිටින බව බාප්දාදා දකිනවා. දෑස සියල්ලටම වඩා ළඟම තිබෙන දෙයක්. එමනිසා, ඔබ ඉඳගෙන ඉන්නේ පිටුපස නොවෙයි. බාප්දාදාගේ දෑස තුළයි. ඔබ මේ දෑසේ ආලෝකයයි. පිටු පස සිටිනා අයට මෙය ඇසුණා ද? ඔබ බොහෝ දුරස් නැහැ. ඔබ සමීපවයි ඉන්නේ. භෞතික වශයෙන් ඔබ පිටුපසින් සිටිනවා විය හැකියි. නමුත් ඔබ ජීවාත්ම සිටින්නේ ඉතාමත් සමීපවයි. පිටුපසින් සිටිනා අය දෙසයි බාප්දාදා වැඩියෙන්ම බලන්නේ. ඉදිරිපස ළඟින් සිටිනා අයට සියැසින් බාබා දකින්නට අවස්ථාවක් ලැබී ඇත. එහෙත් පිටුපස සිටිනා අයට ළඟින් දැක බලාගන්න අවස්ථාවක් ලැබී නැත. එමනිසා, බාප්දාදා ඔවුන්ව තම දෑසෙහි ගිල්වා ගනී.

බාප්දාදා නොකඩවා සිනාසෙන්නේ දහවල් දෙක වනවිටම පෝළිම් සෑදෙන්න පටන් ගත් නිසයි. ඔබ පෝළිමේ සිටගෙන බොහෝ මහන්සියෙන් සිටිනවා ඇතැයි බාප්දාදා දැනගත්තා. එමනිසා, බාප්දාදා දරුවන්ට සෙනෙහසෙන් සම්බාහනයක් දුන්නා. ඔබේ පාද සම්බාහනය වුණා. ඔබට දැනෙනවා ද බාප්දාදාගේ සම්බාහනය: එය හරිම ආදරණීයයි. අනුපමේයයි. ඉතින්, අද, සෑම තැන් වලින්ම මේ වාරයේ අන්තිම අවස්ථාව ලබන්න දිවවිත් සිටිනවා. ඒක හොඳයි. පියා සමඟ හමුවීමක් සමරණ්නට තිබෙන ඔබේ උද්යෝගය සහ උනන්දුව ඔබව ඉදිරියට යන්න සලස්වයි. කෙසේවෙතත්, බාප්දාදා මොහොතක් පවා දරුවන්ව අමතක කරන්නේ නැහැ. පියා එකම එක්කෙනායි. එහෙත් දරුවන් බොහෝ දෙනායි. කෙසේවෙතත්, එක් තත්පරයක් වත් බාප්දාදා දරුවන් අමතක කරන්නේ නැහැ. මන්ද, ඔබ සැම දිගු කල් නැතිවී ගොස් දැන් හමු වූ දරුවන් ය. බලන්න බාබා දෙස් විදෙස් වල. ඈත ඈත කොන් වලින් කෙසේ ඔබව සොයාගත්තා ද කියා. ඔබට පියා සොයාගන්න පුළුවන් වුණා ද? ඔබ නොකඩවා සැමතැන ඇවිදිමින් කැරකෙමින් සෙවූ නමුත් සොයාගන්නට බැරි වුණා. කෙසේවෙතත්, පියාගේ දරුවන් කොතැන සිටියා වුවත් පියා විවිධ දේශයන්, නගරවල් ආදි තැන් වලින් ඔබව සොයාගත්තා. ඔහු ඔබ අයිති කර ගත්තා. ඔබ මෙසේ ගයනවා: මම බාබාට අයිතියි. බාබා මට අයිතියි. බාබා ඔබේ කුලය. ඔබේ රට, ඔබේ වර්ණය බැලුවේ නැහැ. ඔහු දැක්කේ ඔබ සෑම කෙනෙකුගේම නළල මත වූ එක් ආධ්‍යාත්මික වර්ණයයි; ජෝති බිංදුව. ද්විත්ව විදේශකයන්, මොනවද සිතන්නේ? පියා බැලුවාද ඔබේ කුලය? ඔබ කළු ද, සුදු ද නැත්නම් ලස්සන ද හෝ අවලස්සන ද කියා බැලුවා ද? බාබා කිසිවක් දෙස බැලුවේ නැහැ. ඔහු දුටුවේ ඔබ ඔහුට අයිතියි කියා පමණයි. එහෙනම් මෙය පියාගේ සෙනෙහසද නැත්නම් ඔබේ සෙනෙහස ද? කාගේ සෙනෙහසද? (දෙදෙනාගේම) දරුවන් උත්තර දෙන්න හරිම දක්‍ෂයි. ඔවුත් කියනවා: බාබා,ඔබම කියන්න. සෙනෙහසමයි සෙනෙහස අඳින්නේ. ඒ හේතුවෙන් ඔබට සෙනෙහස තිබෙනවා අපටත් සෙනෙහස තිබෙනවා ඒ නිසා මෙම සෙනෙහසයි අපව අඳින්නේ. දරුවන් දක්‍ෂයි. දරුවන්ට බොහෝ ධෛර්යය, උද්යෝගය සහ උනන්දුව තිබීම ගැන පියා සතුටු වෙනවා.

බාප්දාදා ළඟ බොහෝ දරුවන්ගේ දින 15 වේ වාර්ථා සටහනේ ප්‍රතිඵලය තිබෙනවා. බාප්දාදා දරුවන්ගේ ප්‍රතිඵලයෙහි දුටු එක් දෙයක් තමයි සෑම තැන් වලම දරුවන්ගෙන් වැඩි පිරිසක්ම අවධානය දී තිබීම. ප්‍රතිශතය නම් ඔබට උවමනා වූ ලෙස නොවෙයි තිබුණේ නමුත් අවධානය දී තිබුණා. ඒ වාගේම තීව්‍ර උත්සාහයේ යෙදුනු දරුවන් තමන් හදවතින් පොරොන්දු වූ ආකාරයටම අරමුණ ඉෂ්ට කරගැනීමට උත්සාහ දරමින් ඉදිරියට යනවා. මේ අයුරින් ඉදිරියට යාම මඟින් ඔබේ අරමුණට ඔබ ළඟා වනවා ඇත. සුළුතරය. නොසැලකිල්ල සහ අලසකම නිසා දැනුත් ඉතාමත් සුළු අවධානයයි දෙන්නේ. ඔවුන්ගේ විශේෂ පාඨය: ඔව් අපි එය කරනවා; අපි එහි යැවෙයි. ඔබ එයි යනවා නොවෙයි. ඔබ එහි යැවෙනවා. එය සිදුවේවි යැයි කියන එක නොසැලකිල්ලයි. මා එහි අනිවාර්යෙන්ම යා යුතුයි. එයයි තීව්‍ර උත්සාහය. බාප්දාදාට බොහෝ පොරොන්දු ඇසෙනවා. ඔබ යළි යළි ලස්සන පොරොන්දු බොහෝ දෙනවා. දරුවන් බොහෝ ධෛර්යමත්ව පොරොන්දු වෙත වේලාවේ දරුවන්, බාප්දාදාට පවා දිල්කුෂ් තෝලි දෙනවා. පියා ඒවත් ගිලිනවා. (ඔබ කියනා දේ පිළිගනී) කෙසේවෙතත්, පොරොන්දු (වායිදා) වීම යනු එය සම්පූර්ණ කිරීමට ඔබේ උත්සාහයෙහි විශාල යහපතක් (ෆායිදා) අත්විඳීමය. ඔබ යහපත අත් නොවිඳින්නේ නම් එවිට එම පොරොන්දුව ශක්තිමත් නැත. එමනිසා, ඔබට පොරොන්දු වෙන්න පුළුවනී. මන්ද, එවිට බාප්දාදාට අවම වශයෙන් ඔබ දිල්කුෂ් තෝලිය කවයි. කෙසේවෙතත්, ඒ වාගේම තීව්‍ර උත්සාහය වෙනුවෙත් ඔබේ සෙනෙහස ගින්දර ස්වරූපයට නඟන්න. ගිණි කන්දක් වන්න. කාලය අනුව. ඔබේ මනසේ, සම්බන්ධතා හා සබැඳියාවන් සමග පවතින කර්ම ගිණුම් සියල්ලක්ම ඔබේ ගිණිකඳු ස්වරූපය තුළින් පුළුස්සන්න. ඔබට සෙනෙහස ඇත. එසේම බාප්දාදා ඔබට මේ වෙනුවෙන් පාස් ලකුණක් දෙනවා. එහෙත් ඔබ දැන් ඔබේ සෙනෙහස ගින්නක ස්වරූපයට නගාසිටුවිය යුතුයි.

ලොවේ එක් පැත්තක දූෂණය සහ සැහැසිකම ආදියේ ගින්න තිබේවි. අනෙක් පැත්තක බලවත් යෝගාව, එනම්, ගිණි කඳු ස්වරූපයෙහි සෙනෙහසේ ගින්න තිබීම අත්‍යවශ්‍ය වේ. ඔබේ ගිත්තේ. ගිණිකඳු තීව්‍රතාවය මඟින් දූෂණය සහ සැහැසිකමේ ගිත්ත අහවර කරාවි. එසේම සියලු ජීවාත්මයන්ට සහයෝගය දේවි. ඔබේ සෙනෙහස ගිණි කඳු ස්වරූපයට පත්වේවා. එනම්, මෙම ස්මරණයේ ගින්න එම ගින්න නැති කිරීම සඳහා බලවත් යෝගාවක් තිබේවා. අනෙක් අතට, එය පරමාත්ම දෙවියන්ගේ පණීවුඩය සහ සිසිලස ජීවයන්ට අත්විඳින්නට සලස්වාවි. එය බලවත් ලෙස අසීමිත නිරාශාවේ ආකල්පය දල්වාවි. එක් අතකට එය සියලු දේ පුළුස්සන අතර අනෙක් අතට එය සියල්ල සිසිල් කරයි. එය අසීමිත නිරාශාවේ රැළි පතුරවනවා ඇත. දරුවන් කියන්නේ: මට යෝගා තිබෙනවා. මට බාබා හැරෙන්න වෙන කෙනෙක් නැහැ. ඒක බොහෝම හොඳයි. නමුත් ඔබේ සෙනෙහස දැන් ගිණිකන්දක් බවට පත්විය යුතුයි කියා දැන් ඔබට කීවා. සිහිවටනයෙහි, ශක්තීන්, මහා ශක්තීන් සිතුවම් කර ඇත්තේ සියලු අවි ආයුධ අල්ලාගෙන සිටින ස්වරූපයෙනී. ඔබ දැත් එම මහා ශක්තියගේ ස්වරූපය අනාවරණය කළ යුතුයි. ඔබ සියල්ලන්ම. ඔබ පාණ්ඩව හෝ ශක්තීන් වේවා සාගරයෙන් මතු වූ දැනුමේ ගඟුළු වේ. ඔබ සාගර නොවෙයි. ගඟුළු වේ. දැනුමේ ගඟුළු ඔබ වේ. ඉතින් දැනුමේ ගංගා නම් වූ ඔබ ඔබේ දැනුමේ සිසිලසෙන් සියලු ජීවාත්මයන්ව ඔවුන්ගේ පාප ගින්නෙන් නිදහස් කරන්න. වර්තමානයේ ඔබ බ්‍රාහ්මණයන් සතු කාර්යය මෙය වේ.

ඔබ දරුවන් සැවොම අසන්නේ මේ වසරේ මොන සේවය ද ඔබට කළ හැක්කේ කියා. ඉතින්, පළමු සේවය පිළිබඳව බාප්දාදා ඔබට කියන්නේ: කාලය අනුව, ඔබ සියලු ජීවාත්මයන් සිටින්නේ ඔබේ විශ්‍රාමික අවදියේය. එහෙනම්, විශ්‍රාමික අවදියේ සිටින්නන් තම කාලය සහ සැප පහසුකම් තම දරුවන්ට දී ඔවුන් විශ්‍රාම ගනී. එබැවින්, ඔබ සැවොම ඔබේ කාලය සහ උසස් සිතිවිලි නම් ධනවස්තූන් අන්‍යයන් වෙනුවෙන් දැන් භාවිත කළ යුතුයි. දැන් ඔබ වෙනුවෙන් කාලය සහ සිතිවිලි අඩුවෙන් භාවිත කරන්න. උපකරණයක් වී අන් අය සඳහා ඒවා භාවිත කිරීම මඟින් එම සේවයේ ප්‍රායෝගික ඵලය අනුභව කරන උපකරණයක් බවට ඔබ පත්වේවි. ඔබේ සිතිවිලි තුළින් සේවය කරන්න. ඔබේ වචන තුළින් සේවය කරන්න. සියල්ලටම වඩා ඔබ සමඟ ඇසුරට සම්බන්ධ වන්නට එන ඕනෑම කෙනෙකුට - එම ජීවාත්මයන් බ්‍රාහ්මණයන් වේවා. නොවේවා. මාස්ටර් පිරිතමත්තකු වී, ඔවුන්ට කුමක් හෝ දෙයක් දෙන්න. පරාර්ථකාමීව ඔවුන්ට සතුට දෙන්න. ඔවුන්ට සාමය දෙන්න. ඔවුන්ට ප්‍රමෝදය සහ සතුටේ වින්දනය දෙන්න. ඔබ දිය යුතුයි. දෙනවා කියන්නේ නිතැතින්ම ලැබීමය. ඉතාමත් පරාර්ථකාමී වෙන්න. ඔබ වෙත කවුරු හෝ පැමිණී විට ඔබෙන් යම් දෙයක් ලබාගෙනයි යා යුත්තේ. මාස්ටර් පිරිණමන්නන් වෙත පැමිණීමෙන් පසු ඔවුන් හිස් අතිත් නොයා යුතුයි. ඔබ දැකලා ඇති. බ්‍රහ්ම පියා ඇවිදින්න යනවිට ඔහු ඉදිරියට දරුවෙක් ආවොත් එම දරුවා යමක් අත්විඳීමක් නොලබා යන්නේ නැත. එහෙනම්, තමාව පරීක්‍ෂා කරන්න. ඔබ යම් කෙනෙක් හමුවීමෙන් පසු ඔබ ඔවුන්ට යම් දෙයක් දුන්නාද නැත්නම් ඔවුන් හිස් අතින් ගියාද කියා. ධනවස්තු වලින් පිරී ඉතිරී ගිය අයට යම් දෙයක් නොදී සිටිය නොහැකියි. එවන් අසීමිත, නිරන්තර දානපතීන් වන්න. කිසිම කෙනෙක් ඔබෙන් කිසිම දෙයක් නොඇසිය යුතුයි. පිරිණමන්නකු කිසිවිට යම් කෙනෙක් යම් දෙයක් ඉල්ලුවොත් පමණක් දෙනවා කියා සිතන්නේ නැහැ. අසීමිත ශ්‍රේෂ්ඨ දානපතියකු, ශ්‍රේෂ්ඨ පිරිණමන්නකු ඉල්ලීමෙන් තොරව ඔවුන් විසින්ම දෙනවා. මෙ වසරේ ඔබ කළ යුතු පළමු සේවය තමයි ශ්‍රේෂ්ඨ දානපතියකු වීම. ඔබ දෙන්නේ පිරිණමන්නාගෙන් ඔබ ලද දේවල්ය. බ්‍රාහ්මණයන් සිඟන්නන් නොවේ. නමුත් ඔවුන් සහයෝගශීලී ජීවාත්මයන්ය. බ්‍රාහ්මණයන් එකිනෙකාට දන් දෙන්නේ නැත. ඔවුන් එකිනෙකාට සහයෝගය දක්වති. ප්‍රථම ගණයේ සේවය මෙය වේ. මෙයත් සමඟම බාප්දාදාට විදේශ දරුවන්ගෙන් සුබ ආරංචියක් අසන්න ලැබුණා. බාප්දාදා ඔබට කීවා ලොවට හඬ පතුරවන්න මයික් සොයාගන්න කියා. ඉතින්, විදේශීය දරුවන් මෙම කාර්යය සම්පූර්ණ කිරීමට ඉතා හොඳින් එක්වී වැඩ කර තිබෙනවා. සැලැස්මක් සෑදුවාම එය ප්‍රායෝගිකව සිදුවිය යුතුයි. කෙසේවෙතත්, භාරතයේත්, සෑම කලාප 13න්ම විශේෂ සේවයක් කළ හැකි. අවම වශයෙන් එවන් එක් උපකරණයක් සොයන්න කියා බාප්දාදා කීවා. ඔබ ඔවුන්ට මයික් කීවත් වෙන දෙයක් කීවත් හඬ පතුරවා හැරිය හැකි කෙනෙක්ව උපකරණය කරන්න. අඩුම තරමින් ඔබට කළ හැකි දේ මෙයයි. කෙසේවෙතත්, විශාල ප්‍රාන්තයකින් ඔබට එවැනි උපකරණයන් සොයාගත්තේ නම්, එවිට වැඩසටහනක් හුදෙක් විවිධ ප්‍රාන්තයන් වල නොව එම විශාල ප්‍රාන්තයේම ජීවාත්ම වෙනුවෙන් පැවැත්විය හැකියි. විදේශීය දරුවන්ට බාප්දාදා හදපත්ලෙන්ම සුබ පැතුවා. ඔහු දැන් ඔබට වචනයෙන් සුබ පතනවා ඔබ ප්‍රායෝගික ස්වරූපයට නගන්නට යන සැලැස්ම බාප්දාදා ඉදිරියට ගෙනැවිත් තිබෙන නිසා. ඇත්තෙන්ම, මෙය භාරතයේ කිරිම පහසු බව බාප්දාදා දන්නවා. නමුත් දැන් ඔබ ගුණාත්මක සේවා කළ යුතුයි. එසේම ජීවාත්ම සහ සහයෝගශීලී ජීවාත්මයන් සමීපයට ගෙන එන්න. එහි බොහෝ සහයෝගශීලී ජීවාත්මයන් සිටි නමුත් ඔබ දැන් ඔවුන්ව සමූහයට තවත් සමීප කරන්න.

මෙයට අමතරව, බ්‍රහ්මිණ්ජීවාත්ම වඩාත් සමීපයට ගෙන ඒම සදහා, මධුබන් වල සහ අන් සෑම ස්ථානයකම සෙනෙහසේ දැඩි වාතාවරයක් නිර්මාණය කිරීම සදහා, ඔබ අතරේ බත්ති සහ හදවතට සමීප කතාබස් ඇති හමුවීම් පවත්වන්න. සියලු දෙනාටම ගිණි කන්දේ තීව්‍ර ගින්නේ අත්දැකීමක් ලබා දී ඔවුන්ට ඉදිරියට යාමට මග පෑදිය යුතුයි. ඔබ මෙම සේවයේ කාර්යබහුල වන විට, කාලය සහ උත්සාහය වැය වෙන සුළු දේවල්, ඔබව අධෛර්යමත් කරන සුළු කාරණා, තීව්‍ර සෙනෙහසේ ගින්නේ උසස්ම මනෝ ස්ථිතිය සමග සසදන විට බෝනික්කන්ගේ ක්‍රීඩාවක් මෙන් ඔබට දැනෙයි. එවිට ඔබ පහසුවෙන් සහ ඉබේටම ආරක්ෂිතව රැදී සිටියි. ඔය මාස්ටර් සර්ව බලධාරි දරුවන් තවමත් සුළු කාරණාවලට වෙහෙස වනවා දකින විට, බාප්දාදාට වැඩියෙන්ම අනුකම්පාවක් දැනෙන බව, ඔහු ඔබට පවසා තිබේ. ඔබට වෙහෙස වීමට සිදු වන්නේ ඔබගේ සෙනෙහස් ගින්න අඩු වෙන විටයි. එබැවින් දැන් වෙහෙස වීමට සිදු වීමෙන් තමන්ව නිදහස් කරගන්න. නොසැලකිලිමත් නොවන්න, නමුත් විඩාපත් වීමෙන් නිදහස් වන්න. ඔබ වෙහෙස නොවිය යුතු නිසා ඔබට සැපෙන් නින්දට යා හැකි බව නොසිතන්න. නොසැලකිල්ලෙන් නොවෙයි, සෙනෙහසින් ඔබගේ විඩාව අවසන් කරන්න. ඔබ කළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද?

දැන්, බාප්දාදා නැවත පැමිණිය යුතුයි. අනාගතයේ සිදු වීමට යන්නේ කුමක්ද කියා, ඔබ සියලු දෙනාම විමසනවා. බාප්දාදා පැමිණෙනවාද, නැද්ද, කියා. බාප්දාදා කිසිම විටෙක නැහැ නොකියයි. ඔහු සෑම විටම පවසන්නේ “හා ජී, හා ජී” කියාය. ඔය දරුවන් “ස්වාමී” කියා අඩ ගසන විට, බාබා පවසන්නේ, “ජී හසූර්” මා සිටිනවා. එබැවින් ඔබ කළ යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද කියා ඔබට වැටහෙනවාද? වෙහෙස වීම, සෙනෙහස තුළින් අවසන් කරන්න. දැන් මෙම වසර, වෙහෙස වීමෙන් නිදහස් වසරක් ලෙස සමරන්න. අලසකමින් නොව, සෙනෙහසින්! මෙය ස්ථිරව මතක තබා ගන්න! අලසව නොවෙයි!

මෙය හොදද? ඔබගේ සියලු ගැටළු අවසන්ද? තවමත් යමක් ඉතිරිව තිබෙනවාද? (බාබා දාදි ජන්කිගෙන් විමසනවා). තවමත් යමක් ඉතිරිව තිබෙනවාද? දාදිජී කොහොමත් සිනහමුසුව සිටිනවා. එම ක්‍රීඩාව දැන් අවසන්. එම ශල්‍යකර්මය කුමක්ද? එය නාටකය තුළ තිබුණු ක්‍රීඩාවක්. එම ක්‍රීඩාව ඉතා හොද විය, එහෙම නේද?

(බාප්දාදා අභ්‍යාසය මෙහෙයවීය) ඔබගේ මනස සහ බුද්ධිය තත්පරයකදි තිතක ස්වරූපයේ එක්තැන් කිරීම සහ ස්ථාවර කිරීම ඔබ නැවත නැවතත් පුහුණු කළ යුතුයි. ඔබ “නවතින්න!” කියා පැවසූ සැනින් ඔබගේ මනස සහ බුද්ධිය සම්පූර්ණයෙන් නිහඩව සහ සියලු නිෂ්ඵල ශාරීරික අවධානය ඉක්මවා යා යුතුයි. දවස පුරාම එවන් පාලන බලයක් භාවිතා කරන්න. පාලනය කිරීමට ඔබ නියෝගයක් නිකුත් කළ විට, එය සිදු වීමට විනාඩි දෙකක් හෝ පහක් ගත නොවිය යුතුයි. එබැවින් නිතරම විටින් විට ඔබගේ පාලන බලය භාවිතා කිරීම අඛණ්ඩව පුහුණු කර, එය ක්‍රියා කරන්නේ කෙසේද කියා බලන්න. ඔබගේ මනස තත්පරයකදි පාලනය කිරීමට හැකි වීම සදහා, ඔබට ගත වන්නේ තත්පරයක්ද, විනාඩියක්ද විනාඩි කිහිපයක්ද කියා, නොකඩවා පරීක්ෂා කර බලන්න. දැන් ඔබ සියලු දෙනාම මාස තුනක් ඔබගේ වාර්ථාව බොහෝ සේ ස්ථිර කර ගත යුතුයි. ඔබ මෙම සහතිකය හිමි කරගත යුතුයි. පළමුව ඔබ තමන්ට මෙම සහතිකය ලබා දිය යුතුයි, ඉන්පසුව බාප්දාදා ඔබට සහතිකයක් ලබා දෙයි. අච්චා.

පරමාත්ම දෙවියන්ගේ පෝෂණයට අයිතියක් ඇති සියලුම ජීවාත්මයන්ට, පරමාත්ම දෙවියන්ගේ ඉගෙනුමට අයිතියක් ඇති ශ්‍රේෂ්ඨ ජීවාත්මයන්ට, දෙවියන් ලබා දුන් සියලු හිමිකම් වලින් පිරිපුන් ජීවාත්මයන්ට, තිතක ක්‍රමවේදය භාවිතා කරන තීව්‍ර උත්සාහ දරන ජීවාත්මයන්ට, නිරන්තරයෙන් විඩාවට පත් වීමෙන් නිදහස්ව සිට නිරන්තරයෙන් සෙනෙහසේ මුසු වී සිටින දරුවන්ට, තම සෙනෙහස තීව්‍ර වන විශේෂ ජීවාත්මයන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ, ඔබගේ පිවිතුරු සහ බලවත් සිතිවිලි වලින් සියලු නිෂ්ඵල චිත්ත තරංග අවසන් කරන සත්‍ය සේවාධාරියෙක් වේවා.

මෙවන් කියමනක් තිබෙනවා: “සිතිවිලි වලට ලෝකයක් නිර්මාණය කළ හැක.” ඔබට දුර්වල හෝ නිෂ්ඵල සිතිවිලි තිබෙන විට, නිෂ්ඵල වාතාවරණයක් ඇති ලෝකයක් නිර්මාණය වෙනවා. සැබෑ සේවාධාරියෙක් යනු, ඔහුගේ පිවිතුරු සහ බලවත් සිතිවිලි වලින් සියලුම පැරණි චිත්ත තරංග අවසන් කරන කෙනෙකි. විද්‍යාව, ආයුධ මඟින් ආයුධ විනාශ කරන සේම, ඔවුන් එක අහස් යානයක් තව අහස් යානයකින් විනාශ කරයි, ඒ ආකාරයෙන්ම, ඔබගේ පිවිතුරු සහ බලවත් සිතිවිලි වල කම්පන තරංග, සියලු නිෂ්ඵල වාතාවරණ අවසන් කරයි. දැන් එවන් සේවයක් සිදු කරන්න.

පාඨය:
බාධක වල සියලු සියුම්, රන් රැහැන් වලින් නිදහස් වී, විමුක්තියේ වසර සමරන්න.

දැන්වීම: අද තෙවන ඉරු දින, ජාත්‍යන්තර ලෝක භාවනා දිනය වන අතර සියලු බ්‍රහ්මණයන් ප: ව: 6.30 සිට 7.30 දක්වා භාවනාවේ යෙදෙයි. ඔබගේ වන්දනීය ස්ථිතියේ ස්ථාවර වී, ඔබ විශේෂ ආදරණීය දේවතාවක් බව සලකා, ඔබ‌ගේ බැතිමතුන්ගේ ආශා ඉටු කරන්න. එක බැල්මකින් ජීවාත්ම එපිටට ගෙන යන සේවය සිදු කර, දර්ශන ලබා දෙන ප්‍රතිමාවක් වී, ඔවුන්ට දර්ශන ලබා දෙමින් ඔවුන්ව සතුටට පත් කරන්න.