23.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා ඔබට ලබාදෙන ඉගැන්වීම් ක්‍රියාවට නඟන්න. පොරොන්දුවක් වීමෙන් පසුව, ඔබ ඉන් ඉවතට නොයා යුතුයි. නියෝග වලට අකීකරු නොවන්න.

ප්‍රශ්නය:
ඔබගේ ඉගෙනුමේ සාරය කුමක්ද? ඔබ අනිවාර්යෙන් ක්‍රියාවට නැංවිය යුත්තේ කුමක්ද?

පිළිතුර:
ඔබගේ ඉගෙනුම, විශ්‍රාමික ස්ථීතියට යාම සඳහාය. මෙම ඉගෙනුමේ සාරය වන්නේ ශබ්දය ඉක්මවා යාමයි. සියලු දෙනාව ආපසු නිවහනට ගෙන යන්නේ පරමාත්ම පියා පමණයි. ඔය දරුවන් ආපසු නිවසට යාමට පෙර සතෝප්‍රධාන් විය යුතුයි. මේ සඳහා හුදකලා ස්ථානයකට ගොස්, ජීවාත්ම අවධානයට පත්වීම පුහුණු වන්න. ඔය ජීවාත්ම සතෝප්‍රධාන් වන්නේ, අශාරීරිකව සිටීමේ පුහුණුව තුළින් පමණයි.

ඕම් ශාන්ති.
තමන් ජීවාත්ම බව සලකා පියාව සිහි කිරීමෙන්, ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන අතර මේ අන්දමින් ඔබ එවන් ලොවක පාලකයන් වෙයි. ඔබ සෑම කල්පයකම මේ ආකාරයෙන් තමෝප්‍රධාන් සිට සතෝප්‍රධාන් වන අතර ඉන්පසුව උපත් 84ක් ගැනීමෙන් ඔබ තමෝප්‍රධාන් වෙයි. එවිට පියා ඔබට මෙම ඉගැන්වීම ලබාදෙයි තමන් ජීවාත්ම බව සලකා, පියාව සිහිපත් කරන්න. ඔබ භක්ති මාර්ගයේද ඔහුව සිහිකළ නමුත් එකල ඔබගේ බුද්ධියේ තිබුණේ දළ දැනුමකි. ඔබගේ බුද්ධිය තුළ දැන් ගැඹුරු සහ පිරිසිදු දැනුම තිබේ. ඔබ ප්‍රායෝගික ලෙස පියාව සිහිකළ යුතුයි. ජීවාත්මයක් තරුවක් මෙන් බවත්, පියා ද තරුවක් මෙන් බවත් ඔබ පහදා දිය යුතුයි. සිදු වන්නේ, ඔහු පුනර්ජන්ම නොගැනීම වන අතර ඔබ පුනර්ජන්ම ගනී. ඔබ තමෝප්‍රධාන් වන්නේ මේ නිසයි. ඔබ දැන් නැවත වරක් සතෝප්‍රධාන් වීමට උත්සාහ දැරිය යුතුයි. මායා නැවත නැවතත් ඔබට අමතක කරවයි. ඔබ දැන් වැරදි කිරීමෙන් නිදහස් විය යුතුයි ඔබ අතින් කිසිම වැරදීමක් සිදුනොවිය යුතුයි. ඔබ දිගටම වැරදි කරන්නේ නම්, ඔබ ඊටත් වඩා තමෝප්‍රධාන් වෙයි. ඔබට මෙම උපදෙස ලැබෙනවා තමන් ජීවාත්ම බව සලකා පියා සිහි කරන්න. ඔබගේ බැටරි චාජ් කරන්න, එවිට ඔබ ලෝකයේ පාලකයන් වෙයි. ගුරුවරයෙක් සියලු දෙනාටම උගන්වයි. ශිෂ්‍යයන් සමත් වන්නේ අංක පිළිවෙලටයි. ඉන්පසුව ඔවුන් ආදායමක් උපයන්නේද අංක පිළිවෙලටයි. ඔබත් අංක පිළිවෙලට සමත් වන අතර ඉන්පසුව අංක පිළිවෙලට ඔබගේ තත්ත්වය හිමිකරගනී. ලෝකයේ පාලකයන් සහ පුරවැසියන්, සේවකයන් සහ දාසියන් අතර වෙනසක් තිබේ. හොඳ, වටිනා, කීකරු, බැතිබර සහ විශ්වාසවන්ත ශිෂ්‍යයන්, අනිවාර්යෙන් ගුරුවරයාගේ උපදෙස් පිළිපදී. ඔබගේ වාර්ථාව වඩාත් හොඳ වන තරමට ඔබට ලැබෙන ලකුණු වැඩිය. පියා ඔය දරුවන්ට නැවත නැවතත් මෙසේ පවසන්නේ මේ නිසයි කිසිම වැරදීමක් සිදු නොකරන්න. ඔබ පෙර කල්පයේ අසමත් වූ බව නොසිතන්න. ඔවුන් සේවය නොකරන බැවින්, ඔවුන් අසමත් වන්නට ඇතැයි, බොහෝ දෙනෙකුගේ හදවත් වලට ඇතුළු වෙයි. පියා නොකඩවා ඔබට අනතුරු අඟවයි සතෝප්‍රධාන් සහ ස්වර්ණමය යුගී බවින් ඔබ තමෝප්‍රධාන් සහ කලි යුගී අය බවට පත්ව ඇත. ලෝක ඉතිහාසය නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවෙයි. ඔබට සතෝප්‍රධාන් වීමට පියා ඔබට ඉතා පහසු මඟක් පෙන්වයි. මා සිහි කරන්න එවිට ඔබගේ පාපයන් අහෝසි වෙයි. ඔබ ඉහළට නඟින අතර සතෝප්‍රධාන් වෙයි. ඔබ සෙමින් ඉහළට නඟී, ඔබ බාබා අමතක නොකළ යුත්තේ මේ නිසයි. කෙසේවෙතත්, මායා ඔබට අමතක කරවයි, ඇය ඔබව අකීකරු කරවයි. පියා ඔබට ලබාදෙන උපදෙස් ඔබ පිළිගන්නා අතර ඔබ පොරොන්දුවක් වෙයි, නමුත් ඉන්පසුව ඔබ එම උපදෙස් අනුගමනය නොකරයි. එවිට ඔබ, නියෝග වලට අකීකරු වී, ඔබගේ පොරොන්දුවෙන් ඉවත් වන අය බව පියා පවසයි. පියාට පොරොන්දුවක් වීමෙන් පසුව ඔබ එය ක්‍රියාවට නැංවිය යුතුයි. අසීමිත පියා ඔබට ලබා දෙන ඉගැන්වීම් වෙනත් කිසිවෙකු ඔබට නොදෙයි. අනිවාර්යෙන් වෙනසක් සිදුවිය යුතුයි. පිංතූරය ඉතා හොඳයි. ඔබ බ්‍රහ්මන වංශය වන අතර ඉන්පසුව විෂ්ණු වංශය බවට පත්වෙයි. මෙය නව දේවමය භාෂාවයි. ඔබ මෙය තේරුම් ගත යුතුයි. වෙනත් කිසිවෙක් මෙම ආධ්‍යාත්මික ඥානය නොදෙයි. ආධ්‍යාත්මික සංවිධාන ලෙස තමන්ව හඳුන්වාගන්නා, සමහර සංවිධාන තිබෙන නමුත්, ඔබගේ මෙය හැරෙන්නට, වෙනත් කිසිම ආධ්‍යාත්මික සංවිධානයක් තිබිය නොහැක. අනුකරණය කිරීම බොහෝ සේ තිබේ. මෙය අලුත් දෙයකි. ඔබගෙන් ඉන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. වෙනත් කිසිවෙකුට මෙම දේවල් වැටහෙන්නේ නැත. මුළු ගසම ඍජුව තිබෙන නමුත් එයට කඳක් නැත. පසුව කඳ පමණක් තිබෙයි අතු රිකිලි කිසිවක් නොතිබෙයි. ඒ සියල්ල අවසන් වෙයි. අසීමිත පියා ඔබට අසීමිත විස්තර කිරීමක් ලබාදෙයි. දැන් මුළු ලෝකය පුරාම රාවනගේ රාජධානිය තිබේ. මෙය ලංකාවයි (දූපතක්). එම ලංකාව තිබෙන්නේ සාගරයේ අනෙක් පැත්තේ වන අතර අසීමිත ලෝකය ද තිබෙන්නේ සාගරයේය වටේම ජලය තිබේ. එම දේවල් සීමිත වන නමුත් පියා ඔබට අසීමිත දේවල් උගන්වයි. ඔබට විස්තර කරන්නේ ඒකායන පියා පමණයි. මෙය අධ්‍යයනයක්. ප්‍රතිඵල නිකුත් කරන තෙක් ඔබ ඉගෙනුමේ නියැලී සිටින අතර ඉන්පසුව ඔබට රැකියාවක් ලැබෙයි. ඔබගේ බුද්ධි වැඩ කරන්නේ ඒ ගැන පමණයි. තම ඉගෙනුමට අවධානය යොමු කිරීම, ශිෂ්‍යයෙකුගේ යුතුකමයි. අසුන්ගෙන සිටින විට, ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතර ඔබ සිහි කිරීමේ සිටිය යුතුයි. මෙම ඉගෙනුම ඔය ශිෂ්‍යයන්ගේ බුද්ධිය තුළ රැඳී තිබෙයි. ඔවුන් අසමත් නොවන සේ, ශිෂ්‍යයන් විභාග කාලය තුළ වෙහෙස වී වැඩ කරයි. නිවසේ ශබ්දයේ වාතාවරණය අපිරිසිදු බැවින්, ඔවුන් පාඩම් කිරීමට විශේෂයෙන් උදෑසනින් උයනකට යයි. පියා විස්තර කර තිබෙන්නේ ජීව අවධානයට පත්වීමේ පුරුද්ද ඇති කරගන්න, එවිට ඔබට අමතක නොවෙයි. හුදකලාවේ සිටීමට බොහෝ ස්ථාන තිබේ. ආරම්භයේදි, පංතිය අවසන් වූ පසුව, ඔබ කඳුකරය බලා යයි. දැන් දිනෙන් දින, ඥානය ගැඹුරු වනවා. ශිෂ්‍යයන් ඔවුන්ගේ අරමුණ සහ ඉලක්කය සිහිකරයි. මෙය විශ්‍රාමික අවදියට යාමේ ඉගෙනුමයි. ඒකායන කෙනා හැර වෙනත් කිසිවෙකුට ඔබට ඉගැන්විය නොහැක. මුනිවරු සහ පැවිද්දන් සියලු දෙනා ඔබට උගන්වන්නේ භක්තියයි. ඔබට ශබ්දය ඉක්මවා යාමට උගන්වන්නේ පියා පමණයි. සියලු දෙනාව ආපසු නිවහනට ගෙන යන්නේ ඒකායන පියා පමණයි. මෙය කිසිවෙකු නොදන්නා, ඔබගේ අසීමිත විශ්‍රාමික ස්ථීතියයි. පියා පවසන්නේ දරුවනේ, ඔබ සියලු දෙනාම සිටින්නේ විශ්‍රාමික අවස්ථාවේය. මුළු ලෝකයම සිටින්නේ විශ්‍රාමික අවස්ථාවේය. කෙනෙක් ඉගෙනගත්තත් නැතත්, සියලු දෙනාම පෙරළා නිවසට යා යුතුයි. සෑම ජීවාත්මයක්ම අශාරීරික ලෝකයට ගොස් ඔවුන්ගේම කොටසට යයි. නිර්මාණය කෙරෙන ජීවාත්මයන්ගේ වෘක‍්ෂය ඉතා ආශ්චර්යමත්ය. මේ මුළු නාටක චක්‍රයම මුළුමනින්ම නිවැරදියි. සුළු වෙනසක්වත් විය නොහැක. ලීවර ඔර්ලෝසු මෙන්ම සිලින්ඩරාකාර ඔරලෝසු ද තිබේ. ලීවර ඔරලෝසු ඉතාමත්ම නිවැරදියි. මෙහිද සමහරුන්ගේ බුද්ධියේ යෝගාව, ලීවර ඔරලෝසුවක් මෙන් වන අතර තවත් අයගේ සිලින්ඩරාකාර ඔරලෝසුවක් මෙනි. සමහරුන්ට කිසිසේත් යෝගාවේ සිටීමට නොහැක. ඔරලෝසුව වැඩ කරන්නේම නැතුවා වගෙයි. ඔබ සම්පූර්ණයෙන් ලීවර ඔරලෝසුවක් මෙන් විය යුතුයි, මන්ද ඔබ රාජධානිය තුළට යන්නේ එවිට පමණක් වන අතර සිලින්ඩර වන අය පුරවැසියන්ගෙන් කොටසක් බවට පත් වෙයි. ඔබ ලීවර ඔරලෝසුවක් වීමට උත්සාහ දැරිය යුතුයි. ’කෝටි ගණනකින් අතලොස්සක්‘ යන කියමනෙන් අදහස් වන්නේ රාජකීය තත්ත්වයක් ලැබීමට යන අය ගැන පමණයි. ජයග්‍රාහි මාලාවේ ඇමිණෙන්නේ ඔවුන්ය. මේ සඳහා සැබවින්ම උත්සාහය අවශ්‍ය බව ඔය දරුවන්ට වැටහෙයි. ඔවුන් පවසන්නේ බාබා, මට නැවත නැවතත් ඔබව අමතක වෙනවා. බාබා පහදා දෙන්නේ දරුවනේ ඔබ වැඩියෙන් ශක්තිමත් වන තරමට, මායා වඩාත් බලවත්ව ඔබ සමග සටන් කරයි. මල්ලව පොරබැදීමේ දී ඔවුන් ඉතා ප්‍රවේසම් විය යුතුයි. ශක්තිමත් අය, ශක්තිමත් අයව හඳුනාගනී. මෙහිද එසේමයි. මහාවීර දරුවන් සිටින අතර, ඔවුන්ද අංකානුරූපයි. ඉතා හොඳ මහාරතීන් වෙතට මායා ඉතා බලවත් කුණාටු ගෙන එයි. බාබා විස්තර කර තිබෙන්නේ මායා ඔබට කෙතරම් කරදර කරමින් ඔබ වෙතට කුණාටු ගෙන ආවත්, ඔබ ප්‍රවේසමින් සිටිය යුතුයි, එපමණයි. කිසිඳු සිදුවීමකින් ඔබ පරාජය නොවිය යුතුයි. ඔබගේ සිතිවිලි වලට කුණාටු පැමිණියත් ඔබ ඒවා ඔබගේ කායික ඉන්ද්‍රියන් තුළින් ක්‍රියාත්මක නොකළ යුතුයි. කුණාටු එන්නේ ඔබව වැට්ටීමටයි. මායා සමග සටනක් නොතිබුණේ නම්, ඔබ බලවත් මල්ලවපොරබදන්නන් ලෙස හැඳින්වෙන්නේ කෙසේද? ඔබ මායාගේ කුණාටු ගැන සැලකිලිමත් නොවිය යුතුයි. කෙසේවෙතත්, ගමන් කරන අතර ඔබ, තම භෞතික ඉන්ද්‍රියන්ගේ බලපෑමට හසුවී සැනෙකින් ඇද වැටෙයි. මෙම පියා ඔබට දිනපතාම විස්තර කරයි භෞතික ඉන්ද්‍රියන් තුළින් ඔබ කිසිඳු පාපකාරී ක්‍රියාවක් නොකළ යුතුයි. ඔබ නීතියට පටහැනි ක්‍රියා සිදුකිරීම නතර නොකරන්නේ නම්, සත කිහිපයක් පමණක් වටිනා තත්ත්වයක් ඔබට ලැබෙයි. ඔබ අසමත් වන බව ඔබටම ඇතුලතින් වැටහෙයි. සෑම කෙනෙක්ම පෙරළා නිවසට යා යුතුයි. පියා පවසන්නේ ඔබ මා සිහි කරන්නේ නම්, එම සිහි කිරීම කිසිදා විනාශ නොවෙයි. මාව සුළුවෙන් සිහිකළත්, ඔබ දිව්‍ය ලෝකයට යයි. මාව ටිකක් සිහි කිරීමෙන් ඔබට කුමන තත්ත්වයක් ලැබෙයිද, මාව බොහෝ සිහි කිරීමෙන් කුමන තත්ත්වයක් ලැබෙයිද කියා ඔබට වැටහෙයි. එක් එක්කෙනා කවුරු වන්නේද යන වග, සැඟවිය නොහැක. ඔබට දැන් හෘදයාබාධයක් වැලෙඳන්නේ නම්, ඔබට කුමන තත්ත්වයක් ලැබෙයිද කියා ඔබටම වටහාගැනීමට පුළුවනි. ඔබට බාබාගෙන් වුවද විමසිය හැක. ඔබ තව දියුණුවත්ම ඔබටම මෙය වැටහෙයි. විනාශය අත ළඟය. කුණාටු, වැස්ස, ස්වභාවික ව්‍යසන, පැමිණීමට පෙර ඔබගෙන් අසන්නේ නැත. මෙය ඉතා විශාල විභාගයක්. සමත් වන අය උසස් තත්ත්වයක් හිමි කරගනී. තම ජනතාව රැක බලාගැනීම සඳහා රජවරුන් බොහෝ නුවණක්කාර විය යුතුයි. ICS විභාගය සමත් වන්නේ ටික දෙනෙක් පමණයි. පියා ඔබට උගන්වා, ඔබව දිව්‍යලෝකයේ සතෝප්‍රධාන් පාලකයන් බවට පත් කරයි. සතෝප්‍රධාන් බවින් ඔබ තමෝප්‍රධාන් වී ඇති බවත්, ඔබ දැන් පියා සිහිකිරීම තුළින් සතෝප්‍රධාන් විය යුතු බවත් ඔබට වැටහෙයි. ඔබ පාරිශුද්ධකරු පියා සිහිකළ යුතුයි. පියා පවසන්නේ මන්මනාභව! මෙය, ගීතාවේ, එම කතාපුවතමයි. මෙම ගීතාව, ද්විත්ව කිරුළු පැළඳීම සඳහායි. ඔබව එය බවට පත් කරන්නේ පියාය. සම්පූර්ණ ඥානයම ඔබගේ බුද්ධිය තුළ තිබේ. බුද්ධිමත් අයට හොඳින් ධාරණය කිරීමට හැකිය. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

රාත්‍රී පංතිය - 1969/01/05

ඔය දරුවන් මෙහි පංතියේ අසුන්ගෙන සිටින අතර ඔබගේ ගුරුවරයා කවුරුන්ද කියා ඔබ දන්නවා. ඔවුන්ගේ ගුරුවරයා කවරෙක්ද කියා ශිෂ්‍යයන්ට සෑම විටම සිහිවන නමුත් මෙහි ඔබට එය අමතක වෙයි. දරුවන් නැවත නැවතත් ඔහුව අමතක කරන බව ගුරුවරයා දන්නවා. ඔබට මින් පෙර මෙවන් ආධ්‍යාත්මික පියෙක් හමුවී නැහැ. ඔබ ඔහුව මුණගැසෙන්නේ සංගම යුගයෙදි පමණයි. කලි යුගයේ සහ සත් යුගයේ ඔබට සිටින්නේ භෞතික පියවරුන් පමණයි. ඔය දරුවන් වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් බවට පත්වන සංගම යුගය මෙය බව, ඔය දරුවන් තුළ ස්ථීර විය යුතු බව, මෙම ඒකායන කෙනා ඔබට සිහිකර දෙයි. එබැවින් පියා සිහිකිරීමෙන් ඔබට තිදෙනාව සිහිවිය යුතුයි. ඔබ ගුරුවරයා සිහිකරන විට ඔබට තිදෙනාම සිහි විය යුතු අතර, ඔබ ගුරූව සිහි කරන විට ඔබ තිදෙනාවම සිහි කළ යුතුයි. ඔබ අනිවාර්යෙන් මෙය සිහි කළ යුතුයි. ප්‍රධානතම දෙය පිවිතුරු වීමයි. පිවිතුරු වන අය, සතෝප්‍රධාන් බව කියයි ඔවුන් වාසය කරන්නේ සත් යුගයේය. ඔබ චක්‍රය වටා ගොස් ඇති අතර එය දැන් සංගම යුගයයි. පියා සෑම කල්පයකම පැමිණ ඔබට උගන්වයි. ඔබ වාසය කරන්නේ පියා සමග නොවේද? ඔහු සැබෑ සත්ගුරු බවත් ඔහු සැබවින්ම ඔබට මුක්ති සහ ජීවන-මුක්ති දේශවලට මාර්ගය පෙන්වන බවත් ඔබ දන්නවා. නාටක සැලසුමට අනුව, අපි උත්සාහ දරන අතර පියාව අනුගමනය කරනවා. අපට මෙහිදි ඉගැන්වීම් ලැබී ඔහුව අනුගමනය කරනවා. මෙම කෙනා ඉගෙන ගන්නා සේම ඔය දරුවන්ද එයට සමාන උත්සාහයක් දරයි. ඔබට දේවතාවන් වීමට අවශ්‍ය නම් ඔබ පිවිතුරු ක්‍රියා සිදුකළ යුතුයි. කිසිම අපද්‍රව්‍යයක් ඉතිරි නොවිය යුතුයි. ප්‍රධාන විශේෂ දේ වන්නේ පියා සිහි කිරීමයි. ඔබට පියාව, ඔහුගේ ඉගැන්වීම් මෙන්ම, සිහි කිරීමේ වන්දනා ගමන ද අමතක වන බව ඔබට වැටහෙනවා. පියා අමතක කිරීමෙන් ඔබට ඥානය ද අමතක වෙයි. ඔබ ශිෂ්‍යයන් බවත් ඔබට අමතක වෙයි. ඔබ තිදෙනාම සිහිකළ යුතුයි. ඔබ පියාව සිහි කරන්නේ නම් ඔබට නිසැකවම ගුරුවරයා සහ සත්ගුරුව ද සිහි වෙයි. ඔබ ශිව බාබා සිහි කරන විට, ඔබට දිව්‍යමය ගුණධර්ම ද අවශ්‍ය වනවා. පියා සිහිකිරීමෙන් විජ්ජාවන් සිදුවෙයි. පියා ඔය දරුවන්ට උගන්වන විජ්ජා, වෙනත් කිසිවෙකුට ඔබට ඉගැන්විය නොහැක. අපි මෙම උපතෙදීම තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වනවා. තමෝප්‍රධාන් වීමට සම්පූර්ණ කල්පයක්ම ගත වන අතර අපි දැන් මෙම එක උපතෙදි සතෝප්‍රධාන් විය යුතුයි. එය රඳා පවතින්නේ එක් එක්කෙනා දරන උත්සාහය මතයි. මුළු ලෝකයම උත්සාහ දරනවා නොවෙයි. වෙනත් ආගම්වල අය උත්සාහ නොදරනු ඇත. ආගමික නිර්මාතෘවරුන් පැමිණෙන අන්දම ගැන දරුවන්ට දර්ශන ලැබී තිබේ. ඔවුන් ඒ ඒ ඇඳුමින් තමන්ගේ චරිත කොටස් රඟපා තිබේ. ඔවුන් තමෝප්‍රධාන් අවස්ථාව තුළට යයි. ඔබ සතෝප්‍රධාන් වන ආකාරයෙන්ම අන් සියලු දෙනාද මෙය වන බව, ඔබට වැටහෙයි. ඔබ පියාගෙන් පාරිශුද්ධත්වයේ දානය ලබාගනී. සියලු දෙනාම කන්නලව් කරන්නේ අපව මෙහෙන් මුදවාගෙන ආපසු නිවසට ගෙන යන්න. අපගේ මාර්ගෝපදේශකයා වන්න. නාටක සැලසුමට අනුව සියලු දෙනාම ආපසු නිවසට යා යුතුයි. ඔබ බොහෝ වාර ගණනාවක් ආපසු නිවසට ගොස් තිබේ. ඇතැම් අය සම්පූර්ණ වසර 5000ම නිවහනේ නොසිටන අතර සමහරු සම්පූර්ණ වසර 5000 නිවසේ සිටියි. ඔවුන් අවසානයේ මෙහි පැමිණෙයි, එබැවින් ඔවුන් වසර 4999ක් සාම දේශයේ සිට ඇති බව කියයි. අපි මෙම ලෝකයේ මෙම පොළෝතලයේ වසර 4999 සිට ඇති බව අපි කියයි. ඔබ උපත් 83ක් හෝ 84ක් ගෙන ඇති බවට විශ්වාසය ඔය දරුවන්ට තිබේ. බොහෝ දක‍්ෂ අය අනිවාර්යෙන්ම ප්‍රථමයෙන් පැමිණෙන්ට ඇති. අච්චා. සුමිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට, සෙනෙහස, සිහි කිරීම සහ සුබ රාත්‍රියක්.

ධාරණය සඳහා සාරාංශය:
1. සතෝප්‍රධාන් වීම සඳහා සිහිපත් කිරීමේ වන්දනා ගමන මඟින් ඔබගේ බැටරිය චාජ් කරගන්න. වැරදි සිදු කිරීමෙන් නිදහස් වන්න. ඔබගේ වාර්ථාව හොඳින් පවත්වා ගන්න. නොසැලකිලිමත් නොවන්න.

2. නීතියට පටහැනි ක්‍රියා සිදු නොකරන්න. මායාගේ කුණාටු ගැන සැලකිලිමත් නොවන අතර ඔබගේ භෞතික ඉන්ද්‍රියන් ජයගන්න. ලීවර ඔරලෝසුවක් මෙන් නිවැරදිව උත්සාහ දරන්න.

වරදානය:
පින්වත්ත ජීවාත්මයක් වි ඔබ කරන සේවයෙන් සතුට. බලය හා සෑම කෙනෙකුගේම ආශිර්වාද ලබන්නෙක් බවට ඔබ පත් වේවා.

සේවය කිරීමේ ක්ෂණික හා විද්‍යමාන ඵලය වන්නේ ඔබ ලබන සතුට හා බලයයි. අනිකුත් ජීවාත්මයන්ට පරමාත්ම පියාගෙන් උරුමය ලබා ගැනීම සඳහා ඔබ කරන සේවය මහා පුණ්‍ය කර්මයකි. පිත් කරනා අය අනිවාර්යෙන්ම එහි ආනිසංස ලබති. සියළුම ජීවාත්මයන්ගේ හදවත් තුළ නිර්මාණය වන සතුටු සිතිවිලි ඔබට ආශිර්වාද වි අනාගතය වෙනුවෙන් එක්රැස් වේ. ඉතින් එමනිසා සෑම විටම තමන් සේවාදායකයෙක් බව සලකන විට නිරන්තරයෙන් අඛණ්ඩව ඔබට සතුට හා බලය ලැබෙනු ඇත. ඔබගේ සේවයේ අවිනාශී ඵලය එයයි.

පාඨය:
ඕනෑම බාධක පටලයක් ඔබගේ සිතිවිලි හා වචනයේ බලයෙන් ඉවත් කර ගත් විට, එම තිරය පිටුපස ඇති යහපත ඔබට දැකිය හැකි වේ.