24.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ උදෑසන ධනවත් වන අතර, සවසට යාචකයන් වෙයි. යාචකයන්ගෙන් ධනවත් වීමට මෙන්ම අපවිත්‍ර බවින් පිවිතුරු වීම සඳහා, වචන දෙකක් සිතෙහි තබා ගන්න මන්මනභව් සහ මධ්‍යජීභව්.

ප්‍රශ්නය:
කර්ම බන්දනයන්ගෙන් නිදහස් වීමට ඇති මාර්ගය කුමක්ද?

පිළිතුර:
1. සිහිපත් කිරීමේ වන්දනාව සහ දැනුම ආවර්ජනය කිරීම. 2. සියලුම සම්බන්ධතාවයන් ඒකායන තැනැත්තා සමග පමණක් පවත්වාගන්න. වෙන කිසිවෙකු වෙතට ඔබගේ බුද්ධිය ඇදී නොයා යුතුයි. 3. ඔබගේ යෝගාව, සර්ව බලධාරි බැටරියට සම්බන්ධ කර තබා ගන්න. තමන් වෙතට සම්පූර්ණ අවධානය යොමු කරන්න. දිව්‍යමය ගුණධර්ම වල පියාපත් සෑම විටෙකම තබා ගන්න, එවිට ඔබ කර්ම බන්ධනයන්ගෙන් අඛණ්ඩව නිදහස් වෙයි.

ඕම් ශාන්ති.
මෙය භාරතයේ කතා පුවත බව, පියා අසුන් ගෙන ඔබට විස්තර කර දී තිබේ. කතා පුවත කුමක්ද? උදෑසන ධනවත් වීම සහ සවසට සිඟන්නෙක් වීම. මේ ගැන කතාවක් තිබේ. රජතුමා උදෑසන ධනවත් විය. ඔබ ධනවත්ව සිටින විට මේවා ඇසෙන්නේ නැත. ධනවත් වීම සහ යාචකයන් වීම ගැන ඔය දරුවන්ට ඇසෙන්නේ, සංගම යුගයේදී පමණයි. මෙය ඔබගේ හදවතින් ධාරණය කර ගත යුතුයි. සැබවින්ම භක්තිය ඔබව සිඟන්නෙක් බවටද, දැනුම ඔබව ධනවත්ද කරවයි. මෙම දහවල සහ රාත්‍රිය අසීමිතයි. සිඟන්නෙකුගෙන් ධනවත් වීමද අසීමිත කාරණයක් වන අතර, ඔබව එසේ කරන්නේ අසීමිත පියාය. සියලුම අපවිත්‍ර ජීවයන් හට පිවිතුරු වීමට ඇත්තේ එක් බැටරියක් පමණයි. මෙවන් පාඨ ඔබගේ සිහියට නැඟෙයි නම්, ඔබ සතුටින් රැඳී සිටීවි. පියා පවසන්නේ ඔය දරුවන් උදෑසන ධනවත් වන අතර ඉන්පසුව සවසට ඔබ සිඟන්නන් බවට පත් වෙයි. ඔබ මෙසේ වන්නේ කෙසේද කියා පියා ඔබට විස්තර කර දෙයි. ඉන්පසුව අපවිත්‍ර බවින් පිවිතුරු වන්නේ එමෙන්ම සිඟන්නෙකුගෙන් ධනවත් වන්නේ කෙසේද කියාත් පියා ඔබට පෙන්වා දෙයි. ක්‍රම දෙක වන්නේ මන්මනභව් සහ මධ්‍යජීභව්ය. මෙය ඉතාමත්ම ශ+භ වූ සංගම යුගය බවත් ඔය දරුවන් දන්නවා. මෙතැන අසුන් ගෙන සිටින ඔබ සෑම දෙනාම, ඔබ දරන උත්සාහයට අනුව, අංක පිළිවෙලට, ඔබ දිව්‍යලෝකයේ ධනවත් වන බව සහතිකයි. පාසැලක ද එසේමයි පංති මාරු වන්නේ අංක පිළිවෙලටයි. විභාගයක් අවසන් වූ පසු, දරුවන් ගොස් අසුන් ගන්නේ අංක පිළිවෙලටයි. එය සීමිත කරුණක් වන අතර මෙය අසීමිත කාරණයකි. ජීව, අංක පිළිවෙලට රුද්‍ර මාලාවට ඇතුළු වෙයි මාලාව හෝ ගස. බීජයක් වන්නේ ගසකය. මනුෂ්‍ය ලෝක ගසේ බීජය වන්නේ උත්තරීතර ජීවයයි. ගස වැඩෙන්නේ කෙසේද, එය පැරණි වන්නේ කෙසේද කියා ඔය දරුවන් දන්නවා. පෙර කල, ඔබ මෙය දැන සිටියේ නැත. පියා පැමිණ ඔබට විස්තර කර තිබේ. මෙය දැන් ඉතාමත්ම සුබදායක වූ සංගම යුගයයි. ඔය දරුවන් දැන් උත්සාහ දැරිය යුතුයි. ඔබ, දිව්‍යමය ගුණධර්මයන්ගේ පියාපත් ද සාදා ගත යුතුයි. තමන් කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඔබ පිවිතුරු වන්නේ සිහිපත් කිරීමේ වන්දනාව තුළින් පමණයි, වෙනත් ක්‍රමයක් නොමැත. සර්ව බලධාරී බැටරිය වන පියා සමග පූර්ණ යෝගාවේ සිටින්න. ඔහුගේ බැටරිය කිසි දිනෙක අවසන් නොවෙයි. ඔහු, සතෝ, රජෝ සහ තමෝ තත්ත්ව හරහා නොයයි, මන්ද ඔහු සෑම විටෙකම කර්මතීට් තත්ත්වයේ සිටින බැවින්. ඔය දරුවන් කර්ම බන්දන තුළට පැමිණෙති. බන්දන බොහෝ සේ ශක්තිමත්ය. මෙම කර්ම ගිණුම් වලින් නිදහස් වීමට ඇත්තේ එක් ක්‍රමයකි - සිහිපත් කිරීමේ වන්දනාව. මෙය හැර වෙනත් මාර්ගයක් නොමැත. නිදසුනක් වශයෙන්, මෙම දැනුම ඔබගේ අස්ථී මෙලෙක් කරයි. ඇත්ත වශයෙන්ම, භක්තිය ද ඔබව මෙලෙක් කරවයි. කෙනෙක් මෙසේ කියයි මෙම අසරණයා භක්තිවන්තයෙකි ඔහු කිසි කෙනෙක්ව මුලා කරන්නේ හෝ රවටන්නේ නැත. කෙසේවෙතත්, බැතිමතුන් අතරේද රැවටිලි තිබේ. බාබා මෙය අත්දැක තිබේ. ජීවයක් ශරීරයක් තුළින් ව්‍යාපාරයක යෙදී සිටින විට, මෙම උපතේ සෑම දෙයක්ම ඔහුගේ අවධානය තුළ තිබේ. වයස හතරේ හෝ පහේ සිට, තම ජීවිත කතාව කෙනෙකුට මතක් වෙයි. සමහරුන්ට වසර 10කට හෝ 20කට පෙර දේවල්ද අමතක වෙයි. උපතින් උපතට නම හෝ රූපය ඔබට මතක් කළ නොහැකි මුත්, මෙම එක් උපතේ සමහර දේවල් ඔබගේ මතකයට නැඟෙයි. මිනිසුන්ට තවමත් ඔවුන්ගේ ඡායාරූප ආදිය තිබේ. ඔවුන්ගේ වෙනත් උපත් ගැන කිසි දෙයක් ඔවුන්ට සිහි කළ නොහැක. සෑම ජීවයකටම ඔහු රඟපාන ඔහුගේ වෙනස් නම්, රූප, දේශ, කාල සහ චරිත කොටස තිබේ. නම, සහ ස්වරූපය සෑම එකක්ම වෙනස් වෙයි. ජීවයක් එක් ශරීරයක් අතහැර වෙනත් එකක් ගන්නා අන්දම ඔබගේ බුද්ධියේ ඇත. ජීවය නිසැකයෙන්ම උපත් 84ක් ගෙන, නම් 84ක් සහ පියවරුන් 84ක් සිටින්නට ඇති. අවසානයේදී සෑම සම්බන්ධකමක්ම තමෝප්‍රධාන් වෙයි. මෙකල මෙන්, වෙන කිසි කලක මෙතරම් සම්බන්ධකම් ප්‍රමාණයක් නොමැත. කලි යුගයේ සම්බන්ධකම්, බන්දන බව ඔබ වටහා ගත යුතුයි. මිනිසුන්ට බොහෝ දරුවන් සිටින අතර, ඔවුන් ඉන්පසුව විවාහ වී, ඔවුන්ගේම දරුවන් හදාගනී. ඔබට වැඩිම නෑදෑ පිරිසක් සිටින්නේ මෙකලයි - මාමලා, බාප්පලා ආදිය. වැඩියෙන් නෑදෑයින් සිටින තරමට ඔබගේ බන්දනයන් ද වැඩියි. පස් නිවුන් දරු උපතක් ගැන සහ එම පස්දෙනාම නිරෝගීව සිටින බව පුවත්පතක පලවිය. නෑදෑයින් කොපමණක් සිටීදැයි නිකම් සිතා බලන්න. මෙකල, ඔබගේ නෑදෑයින්ට අඩුම තැනක් තිබේ. ඔබගේ සෑම සම්බන්ධකමක්ම ඇත්තේ එක් පියා සමග පමණයි. ඔබගේ බුද්ධියේ යෝගාව, පියා හැර අන් කිසිවෙකු සමග සම්බන්ධ වී නොමැත. ස්වර්ණමය යුගයේදී මෙයට වඩා තිබේ. මෙකල ඔබගේ උපත, දියමන්තියක් මෙනි. උසස්ම පියා, ඔය දරුවන්ව දරුකමට හදා ගනී. ඔබ ජීවත්ව සිටින අතර, ඔබගේ උරුමය හිමි කරගැනීම සඳහා, ඔහුගේ උකුලට යන්නේ මෙකල පමණයි. ඔබට උරුමයක් හිමිවන පියාගේ උකුලට ඔබ ගොස් සිටියි. ඔය බ්‍රහ්මින්වරුන්ට වඩා උසස් කිසිවෙකු නොමැත. ඔය සෑම කෙනෙකුගේම යෝගාව, එක් පියාට සම්බන්ධ වී තිබේ. ඔබට එකිනෙකා සමග හෝ සම්බන්ධකමක් නොමැත. සහෝදරයා, සහෝදරිය යන නෑදෑකම පවා ඔබව පහළට ඇද දමයි. සෑම නෑදෑකමක්ම එක් අය සමග තිබිය යුතුයි. මෙය අළුත් දෙයකි. ඔබ පිවිතුරු වී ආපසු නිවසට යා යුතුයි. මේ අන්දමින් දැනුමේ සාගරය මතගෑමෙන්, ඔබ දිදුලන්නට පටන් ගනී. ස්වර්ණමය යුගයේ දීප්තිය සහ කලි යුගයේ දීප්තිය අතර, දහවල සහ රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. භක්ති මාර්ගයේ කාල වකවානුවේදී, එය රාවණ්ගේ රාජධානියයි. අවසානයේදී විද්‍යාවේ අහංකාරකම බොහෝ සේ තිබේ. ඔවුන් ස්වර්ණමය යුගය සමග තරඟ කිරීමට තැත් කරයි. දරුවෙක්, මිනිසුන්ගෙන් මෙවැනි ප්‍රශ්න ඇසූ බව පුවතක් ලියා එව්වා ඔබ සිටින්නේ දිව්‍යලෝකයේද නැත්නම් අපායේද? හතර පස් දෙනෙක්, ඔවුන් දිව්‍යලෝකයේ සිටින බව පිළිතුරු දුන්හ. ඔවුන්ගේ බුද්ධියේ දහවල සහ රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. සමහරුන් අපායේ සිටින බව විශ්වාස කරයි, ඔබ එවිට ඔවුන්ට මෙසේ විස්තර කළ යුතුයි ඔබට දිව්‍යලෝකයේ වැසියන් වීමට අවශ්‍යද? දිව්‍යලෝකය ස්ථාපනය කරන්නේ කවුද? මේවා ඉතාමත්ම මියුරු කාරණාවන්ය. ඔබ මේවා සටහන් කරගන්නා මුත්, මෙම සටහන් ඔබගේ සටහන් පොත්වලම රැඳි තිබෙනවාල අවශ්‍ය මොහොතකදී ඔබට ඒවා මතක් නොවෙයි. ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කරන්නේ, පරම පියා, පරමාත්ම ජීවය, ශිවාය. ඔහු පවසන්නේ නිරතුරුවම මා පමණක් සිහිපත් කරන්න, එවිට ඔබගේ පාපයන් දුරු වී යනු ඇත. සිහිපත් කිරීම තුළින් ආදායමක් ඇති වෙයි, එසේ නොවේද? සිහිපත් කිරීමේ ක්‍රමවේදය දැන් මතු වී තිබේ. සිහිපත් කිරීම තුළින් ඔබ බොහෝ සේ ශ්‍රේෂ්ඨ, පිවිතුරු මෙන්ම පිරිසිදුද වෙයි. ඔබ දරණ උත්සාහයට අනුව ඔබ තත්ත්වයක් හිමි කර ගනී. ඔබට බාබාගෙන් වුවද විමසිය හැක. ලෝකයේ, සම්බන්ධතාවයන් සහ ඉඩකඩම් නිසා, ඇත්තේ ගැටුම්ම පමණයි. මෙහි, සම්බන්ධකම් නොමැතෟ ඔබ අයත් වන්නේ එක් පියාට හැර අන් කිසිවෙකුට නොවෙයි. පියා, අසීමිත බවේ අධිපතියාය. මෙය ඉතාමත්ම පහසු දෙයකි. අර පැත්තේ දිව්‍යලෝකය තිබෙන අතර, මේ පැත්තේ ඇත්තේ අපායයි. දිව්‍යලෝකයේ වැසියන්ද, අපායේ වැසියන්ද හොඳ? දිව්‍යලෝකයේ වැසියන් හොඳ බව නුවණැත්තන් කියනු ඇත. පියාව නොදන්නා නිසා, සමහරු කියන්නේ ඔවුන්ට දිව්‍යලෝකයේ හෝ අපායේ වැසියන් ගැන තැකීමක් නොමැති බවයි. සමහරුන් පියාගේ උකුලෙන් බැස, මායාගේ උකුලට යයි. එය විශ්මයකි` පියා ආශ්චර්යමත් වන අතර මෙම දැනුමද ආශ්චර්යමත්යෟ සෑම දෙයක්ම අලංකාරයි. මෙම ආශ්චර්යයන් වටහා ගන්නා අයගේ බුද්ධීන්, මෙම ආශ්චර්යයන්ට සම්බන්ධ වී සිටින අන්දමින් පැවතිය යුතුයි. රාවණ් ආශ්චර්යමත් නොවන අතර, ඔහුගේ නිර්මාණය ද අසිරිමත් නැත. දහවල සහ රාත්‍රිය මෙන් වෙනසක් තිබේ. ක්‍රිෂ්ණා, කාලිදා (හිස් පහක් ඇති සර්පයෙකුගේ පොකුණක්) වලට ගිය බවත්, ඔහු අවලස්සණ වූයේ, සර්පයා විසින් දෂ්ට කළ නිසා බවත් ග්‍රන්ථ වල ඔවුන් ලියා තිබේ. ඔබට දැන් මේ සෑම දෙයක්ම ඉතා පැහැදිලිව විස්තර කළ හැක. යම් කෙනෙක් ක්‍රිෂ්ණාගේ පිංතූරයක් ගෙන, එය හැදෑරුවේ නම්, ඔහු නැවුම් වනු ඇත. මෙය, උපත් 84හි කතා පුවතයි. එය ක්‍රිෂ්ණාගේ කතාව මෙන්ම ඔබගේද කතාවයි. ඔබ දිව්‍යලෝකයට යනවා, නොවේද? ඉන්පසුව ඔබ රිදී යුගයටත් යයි. වර්ධනය දිගටම සිදුවනවා. රිදි යුගයේ රජවරුන් වීමට යන අය පමණක් රිදී යුගයේදී පැමිණෙනවා නොවෙයි. නූගත් අයට, උගත් අය ඉදිරියේ හිස නැමීමට සිදුවෙයි. මෙම නාටකයේ රහස් දන්නේ බාබා පමණයි. ඔබගේ සියලු මිත්‍රයින්, නෑදෑයින් ආදිය, අපායේ වැසියන් බවත්, ඔබ වඩාත්ම සුබ වූ සංගම යුගයේ අය බවත් ඔබ දැන් දන්නවා. ඔබ දැන් වඩාත්ම ශ්‍රේෂ්ඨ අය බවට පත් වෙමින් සිටිනවා. ඔබ පිටත ජීවත් වන විට සහ මෙහි පැමිණ දින හතක් සිටින විට, එහි විශාල වෙනසක් තිබේ. ඔබ කොක්කුන්ගේ ආශ්‍රයෙන් මිදී හංසයින් ගේ ආශ්‍රයට ඇතුළු වනවා. අන් අයව නරක් කරන බොහෝ දෙනෙක් සිටියි. මුරලිය ගණන් ගන්නේ නැති බොහෝ දරුවන් සිටිති. පියා විස්තර කරන්නේ නොසැලකිලිමත් නොවන්න. ඔබ සුවඳැති මල් විය යුතුයි. ඔබට එක් දෙයක් පමණක් ඇති - සිහිපත් කිරීමේ වන්දනාව. මෙහි ඔබට ඇත්තේ බ්‍රහ්මින්වරුන්ගේ ආශ්‍රය පමණි. උසස්ම කෙනා සහ පහත්ම කෙනා අතර වෙනසක් තිබේ. දරුවන් මෙසේ ලියයි බාබා, එක් තනි හංසයෙක් වන මා, කොක්කු රෑනකගේ ආශ්‍රය මැද කුමක් කරන්නද? කොක්කු කටු මෙන් අනී. ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. පියාගේ ශ්‍රීමත් පිළිපැදීමෙන්, ඔබ උසස් තත්ත්වයක් හිමි කර ගනී. සෑම විටෙකම හංසයෙක්ව රැඳී සිටින්න. කොක්කුන්ගේ ආශ්‍රය තුළින්, කොකෙක් නොවන්න. මෙවැනි කියමනක් තිබේ මෙම දැනුමින් විශ්මයට පත් වුණු අය, එය අන් අයටද කියා දී, ඉන්පසුව පැන ගියහ. දැනුම ටිකක් හෝ තිබේ නම් ඔබට දිව්‍යලෝකයට යෑමට පුළුවනි, නමුත් දිවා රාත්‍රිය මෙන් වෙනසක් තිබෙයි. ඉතා බරපතල දඬුවම් ඇතිවෙයි. පියා පවසන්නේ ඔබ මගේ උපදෙස් පිළිනොපැද, අපවිත්‍ර වන්නේ නම්, ඔබට සිය ගුණයක් දඬුවම් ලැබෙන අතර, ඔබගේ තත්ත්වයද අඩු වෙයි. රාජධානියක් ස්ථාපනය කෙරෙනවා. ඔබට මෙම දේවල් අමතක වනවා. ඔබ මෙපමණක් හෝ සිහි කරන්නේ නම්, උසස් තත්ත්වයක් හිමි කරගැනීමට ඔබ නිසැකයෙන් උත්සාහ දරනු ඇත. ඔබ උත්සාහ දරන්නේ නොමැති නම් ඉන් වැටහෙන්නේ, ඔබ එක් කනකින් අසා අනෙත් කනින් එය පිටතට දමන බවයි, එමෙන්ම ඔබ පියා සමග යෝගාවේ නොසිටින බවයි. ඔබ මෙහි ජීවත් වන අතර, ඔබගේ බුද්ධියේ යෝගාව, ඔබගේ දරුවන්ට සම්බන්ධ වී පවති. පියා පවසන්නේ ඒ සියලු දේ අමතක කරන්න. මෙයට කියන්නේ නිරාශාවයි. මෙහිද ප්‍රතිශතයක් තිබේ. ඔබගේ සිතිවිලි එක් හෝ තව තැනකට ගමන් කරයි. ඔබ කා සමග හෝ ආදරයෙන් බැඳෙන්නේ නම්, ඔබගේ බුද්ධිය එම කෙනාට එල්ලී පවති. බාබා ඔබට දිනපතාම විස්තර කරන්නේ ඔය ඇස් දෙකෙන් දකින සෑම දෙයක්ම විනාශ විමටයි යන්නේ. ඔබගේ බුද්ධියේ යෝගාව නව ලොවට සම්බන්ධ කර තබා ගන්න. තවද ඔබගේ බුද්ධියේ යෝගාව අසීමිත සම්බන්ධතාවයන්ට සම්බන්ධ කරන්න. මෙම ආදරවන්තයා ආශ්චර්යමත්ය. භක්ති මාර්ගයේ මිනිසුන් ගායනා කරන්නේ ඔබ පැමිණි විට, අප ඔබ හැර අන් කිසිවෙකු සිහිපත් නොකරන්නෙමු. දැන් මා පැමිණ ඇති බැවින්, ඔබගේ බුද්ධියේ යෝගාව අන් සෑම තැනකින්ම ඉවත් කර ගත යුතුයි. ඒ සියලු දේම දූවිලි වීමටයි යන්නේ. ඔබගේ බුද්ධියේ යෝගාව දූවිලි වලට සම්බන්ධ වී ඇති සේය. ඔබගේ බුද්ධියේ යෝගාව මා හට සම්බන්ධ කළහොත්, ඔබ අධිපතියන් වෙයි. පියා ඔබව බොහෝ සේ නුවණක්කාර කරයි. භක්තිය යනු කුමක්ද, ඥානය යනු කුමක්ද, කියා මිනිසුන් නොදනී. ඔබට දැන් ඥානය ලැබී තිබේ, එබැවින් භක්තිය යනු කුමක්ද කියාද ඔබට වැටහෙයි. භක්තිය තුළ කොතරම් දුක තිබේද කියා ඔබට දැන් දැනෙයි. මිනිසුන් භක්තියේ යෙදී, තමන් බොහෝ සතුටින් සිටින බව සලකයි. ඉන්පසුව ඔවුන් මෙසේද කියයි දෙවියන් පැමිණ අපට ඵලය ලබා දෙයි. දෙවියන් ඵලය ලබා දෙන්නේ කෙසේද, හෝ කාටද කියා ඔවුන් නොදනී. දෙවියන් ඔබට භක්තියේ ඵලය ලබා දීමට පැමිණ ඇති බව ඔබට දැන් වැටහෙයි. ලෝක රාජධානියේ ඵලය ඔබට ලබා දෙන පියාගේ උපදෙස්, ඔබ පිළිපැදිය යුතුයි. මෙම උපදෙස් වලට උසස්ම උපදෙස් යැයි කියයි. සෑම කෙනෙකුටම මෙම උපදෙස් ලැබෙයි. සමහරුන්ට ඒවා පිළිපැදීමට හැකි වන අතර, සමහරුන්ට නොහැක. අසීමිත අධිරාජ්‍යයක් ස්ථාපනය කිරීමට යයි. ඔබ සිටියේ කෙසේද, දැන් ඔබ පත්ව සිටින තත්ත්වය කුමක්ද, කියා ඔබට දැන් වැටහෙනවා. මායා ඔබව සම්පූර්ණයෙන්ම විනාශ කර දමයි. මෙය මළ සිරුරු ඇති ලෝකයක් මෙනි. භක්ති මාර්ගයේදී ඔබට ඇසුණු සෑම දේකටම ඔබ ‘ඇත්ත, ඇත්ත‘ යැයි කීහ. කෙසේවෙතත්, ඔබට සත්‍යය පවසන්නේ එක් පියා පමණක් බව ඔබ දැන් දන්නවා. ඔබ එක් පියාව සිහි කළ යුතුයි. පිටතින් කෙනෙක් පැමිණ, මෙහි අසුන් ගත්තේ නම්, ඔහුට කිසි දෙයක් නොවැටහෙනු ඇත. ඔහු මෙසේ කියනු ඇත ඔවුන් මෙහි මොනවා කතා කරන්නේද කියා මා නොදනී. මුළු ලොවම කියන්නේ දෙවියන් සර්ව ව්‍යාප්ත බව වන අතර, මේ මිනිසුන් කියන්නේ ඔහු ඔවුන්ගේ පියා බවයි. ඔහු දිගින් දිගටම එකඟ නො වී, ඔහුගේ හිස වනනු ඇත. ඔබ අඛණ්ඩව ‘ඔව්, ඔව්‘ කියනු ඇත. මේ නිසයි අළුත් අයට මෙහි පැමිණීමට අවසර නොදෙන්නේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සුවඳ මල් වීම සඳහා, ඔබ ආශ්‍රය කරන අය ගැන ඔබ බොහෝ සේ ප්‍රවේශම් විය යුතුයි. හංසයින්ගේ ආශ්‍රයේ සිටින්න. හංසයෙක්ව රැඳී සිටින්න. මුරලිය ගැන කිසිම විටෙක නොසැලකිලිමත් නොවන්න.

2. සංගම යුගයේදී, කර්ම බන්දනයන්ගෙන් නිදහස් වීමට, එක් පියා සමග සියලු සම්බන්ධතාවයන් පවත්වා ගන්න. එකිනෙකා සමග කිසිම සම්බන්ධතාවයක් තබා නොගන්න. සීමිත සම්බන්ධතාවයක, ආදරයෙන් බැඳී, ඔබගේ බුද්ධියට කිසි කෙනෙකුට එල්ලී සිටීමට ඉඩ නොදෙන්න. ඒකායන තැනැත්තා පමණක් සිහි කරන්න.

වරදානය:
ඔබ සැබවින්ම ආදරණීය අයෙක්වි පරමාත්ම දේව සෙනෙහසේ ගිලී ඔහු හා හමුවේ ගැලී සිටීත්වා.

සෙනෙහසේ සිහිවටනය වන්නේ දෙදෙනෙක් එක් අයෙක් විමයි. ගිලී සිටීම කියා කියැවෙන්නේත් මෙයටයි. සැදැහැවතුන් මෙයට කියන්නේ සෙනෙහසට මුසු වෙනවා කියලයි. සෙනෙහසේ ගිලීම යනු එක් අවදියකි. කෙසේවෙතත්, එය අවදියක් ලෙස සලකනවා වෙනුවට ඔවුන් ජීවාත්මයන්ගේ අනන්‍යතාවය ශුන්‍ය විමක් සිතති. ඔය දරුවන් පියාව හෝ ඔබගේ ආධ්‍යාත්මික පෙම්බරයාණන්ව මුණ ගැසීමේ සෙනෙහසේ නිරතව සිටින විට, ඔබ ද ඔහු හා සම වේ.

පාඨය:
අභ්‍යන්තරගතව සිටින්නෙක් තම මනස නිශ්ඵල සිතිවිලි වලින් මුදවා තබා ගන්නා අතර නිහඩවම සිටී.