25.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙම සංගම් යුගය ගීතාව කථාංගයේ වේලාවයි. ඔබ උත්සාහ කළ යුතු වන්නේ ද, අති උසස් මනුෂ්‍යයන් බවට එනම්, දේවී දේවතා වන්නේ ද මෙම යුගයේ දීය.

ප්‍රශ්නය:
ඔබේ ඔරුව එගොඩ කරවීමට ඔබ විසින් සැමවිටම අවධානය යොමුකළ යුත්තේ මොන අංශයට ද?

පිළිතුර:
සැමවිටම පරමාත්ම ආශ්‍රයේ සිටින්නට අවධානය යොමුකරන්න. මන්ද, ඔබේ ඔරුව එගොඩ වන්නේ මෙමගින්ය. ඔබ නොමනා ආශ්‍රයට යට වීමෙන් සැක වඩවා ගන්නේ නම්, ඔරුව විෂ සාගරයේ ගිලේවි. ඔබ දරුවන්ට පරම පියාගේ පැහැදිලි කිරිම් පිළිබඳව යාන්තමින් හෝ සැකයක් පහළ නොවිය යුතුයි. පරම පියා පැමිණ සිටින්නේ ඔබ දරුවන්ව ඔහු මෙන්ම, ඥානයෙන් පිරි පාරිශුද්ධ අය බවට පත්කරවීමටයි. ඔබ පරම පියාගේ ආශ්‍රයෙහි සිටිය යුතුය.

ඕම් ශාන්ති.
දෙවියන් පවසයි: පරම පියා ඔබට වසර 5000කට පෙර පැහැදිලි කළ එම රාජ යෝගාව උගන්වමින් සිටින බව ඔබ දරුවන් දනී. එය ඔබ දරුවන් දන්නා නමුත් ලොව නොදනී. ඒ හෙයින් ඔබ ඔවුන්ගෙන් විමසිය යුතුයි: ගීතාවේ දෙවියන් පැමිණියේ කවදාද? දෙවියන් කියනවා, "මම ඔබට රාජයෝග උගන්වා ඔබව රජවරුන්ගෙත් රජවරු කරවමි." ඔබ මිනිසුන්ගෙන් ඇසිය යුතුයි: එම ගීතාවේ මෙම කථාංගය සිදුවූයේ කවදාද? කිසිවකුත් මෙය නොදනී. ඔබ මෙය ප්‍රායෝගිකව සවන් දෙමින් සිටියි. ගීතාවේ කථාංගය යකඩ යුග අවසානයත් ස්වර්ණම යුග ආරම්භයත් අතර පැවතේ. ඔහු ආදී සනාතන දේවී දේවතා ධර්මය ස්ථාපිත කරයි. ඒ හෙයින් නිසැකවම සංගම් යුගයේ දී ඔහු පැමිණෙනවා. ඉතාමත් සුබදායී සංගම් යුගය නිසැකවම මෙය වේ. මිනිසුන් අධික මාසය ගැන සිහිකළා වුවත්, අහිංසකයන් මේ ගැන නොදනී. පරම පියා ඔබට උගන්වා, අති උසස් මානව ජීවයන් බවට පත්කිරීම පිණීස පැමිණ සිටිනවා යන්න සුමිහිරිතම දරුවන් වූ ඔබලා දනී. එනම් මනුෂ්‍ය බවෙන් උසස් දේවත්වයට වෙනස් කිරීම පිණිස. සියලු මානව ජීවයන්ගෙන් අති උසස් දේවතාවන් ලක්ෂමි සහ නාරායන් වේ. මෙම සංගම් යුගයේදී ඔහු විසින් මනුෂ්‍යයන් දේවතාවරු බවට පත්කරනවා. ස්වර්ණම යුගයේ අනිවාර්යෙන්ම දේවි දේවතා වරු සිටීවි. ඉතිරි සියලු දෙනාම යකඩ යුගයේ වේ. ඔබ දරුවන් සංගම් යුගී බ්‍රහ්මිණ්වරු බව දැන් දනී. මෙය ඉතාමත් තරයේ මතක තබාගන්න. සාමාන්‍යයෙන්, මිනිසුන් තම වංශය අමතක නොකරති. නමුත් එයද මායා ඔබට අමතක කරවයි. අප බ්‍රහ්මිණ් කුලයට අයිතියි. අනතුරුව දේව වංශයට අප අයිති වේවි. මෙය ඔබට මතකයි නම්. ඔබ සතුටින් සිටීවි. ඔබ රාජයෝගාව අධ්‍යයනය කරමින් සිටියි. දැන් දෙවියන් (බාබා) නැවත වරක් ගීතා ඥානය පවසන අතර භාරතයේ ආදීතම යෝගාව උගන්වනවා යනුවෙන් ඔබ පැහැදිලි කරයි. අප මනුෂ්‍ය බවෙන් දේවතා බවට වෙනස් වෙමින් සිටිනවා. පරම පියා පවසයි: ලොකුම හතුරා රාගය වේ. එය මැඩලීමෙන් ඔබ ලොව ජයගන්නකු වනවා ඇත. මිනිසුන් පාරිශුද්ධතා පිළිබඳ විවාදයන් කරති. මනුෂ්‍යයන් හට අකුසලය වස්තූන් තරම් වේ. එම උරුමය ඔවුන්ගේ භෞතික පියාගෙන් ඔවුන් ලැබුවා. ඔබ දරුවෙක් වූ කල. මුලින්ම ඔබේ පියාගෙන් එම උරුමය ලබනවා. ඔවුන් දරුවන් විවාහ කරදී ඔවුන්ව නැති කර දමති. එහෙත් අසීමිත පියා කියනවා: රාගය මහාම සතුරා වේ. එබැවින් රාගය ජයගැනීම මගින් අනිවාර්යෙන්ම ඔබ ලොව ජය ගන්නන් බවට පත්වේවි. පරම පියා අනිවාර්යෙන්ම සංගම් යුගයේ පැමිණෙනවා. ශ්‍රේෂ්ට මහාභාරත යුද්ධයත් ඇත. අපත් නිසැකවම මෙහි සිටිනවා. කිසිවෙකුත් එසැනින් රාගය මැඩලූවන් නොවේ: සෑම දේටම කාලයක් ගනී. ප්‍රධාන වශයෙන් දරුවන් ලියන්නේ: බාබා, මම විෂ ගඟුලක වැටුණෙමි. එවිට අනිවාර්යෙන් අණක් තිබෙයි. පියාගේ අණ නම්: රාගය ජයගන්න. එවිට ඔබ ලෝකය ජයගන්නන් වේවි. ලෝකය ජයගෙන අනතුරුව ඔබ පාපයේ ගැලෙනවා නොවෙයි. ලොව ජයගත්තන් වූයේ ලක්ෂමි සහ නාරායන්. මුළුමනින්ම පාපයෙන් තොර වූවන් කියන්නේ ඔවුන්ටය. කවුරුත් කියනවා පාපයෙන් තොර වූ දේවතාවන් කියා, එවිට ඔබ එයට රාම රාජ්‍යය කියා කියයි. එය පාපයෙන් තොර වූ ලොවයි. එවිට මෙය පාපතර ලෝකයයි. අපවිත්‍ර පවුල් ආශ්‍රමයයි. ඔබ අයත් වන්නේ පවිත්‍ර පවුල් ආශ්‍රමයටයි කියා බාබා පැහැදිලි කර තිබෙනවා. ඔබ දැන් උපත් 84ක් ගෙන අපවිත්‍ර වී සිටියි. උපත් 84ක කතාවක් ඇත. නව ලොව නිසැකවම පාපයෙන් තොර වූවකි. පාරිශුද්ධත්වයේ සාගරය වූ දෙවියන් විසින් එය ස්ථාපනය කරනු ලැබේ. අනතුරුව රාවණ අධිරාජ්‍යයත් නිසැකවම ඒවි. සුදුසු නාමය රාම අධිරාජ්‍යය සහ රාවණ අධිරාජ්‍යයයි. රාවණ අධිරාජ්‍යය යනු යක්‍ෂ අධිරාජ්‍යය වේ. ඔබ දැන් ඉන්නේ යක්‍ෂ අධිරාජ්‍යයේය. ලක්ෂමි සහ නාරායන් අමරණීය අධිරාජ්‍යයේ සංකේතයන් ය. දරුවන් උදෑසනින්ම සංචාරයේ යනවා. අළුයමට උදෑසන යැයි කියති. එවෙලෙහි මිනිසුන් නිදියමින් සිටිද්දී ඔබ සංචාරය කරයි. ප්‍රදර්ශනය පවත්වන එක මධ්‍යස්ථාන ඇති තැන්වල නම් හොඳයි. එවිට මිනිසුන්ට ඇවිත් මහා හතුරා රාගය බව දැනගන්නට පුළුවන් වේ. එය මැඩලීමෙන් ඔවුන් ලෝකය ජයගත්තන් වේවි. අනිවාර්යෙන්ම ලක්ෂමි නාරායන්ගේ ට්‍රාන්ස් ලයිට් පින්තූරයක් තබාන්න ඕන. කිසිසේත් එය අමතක නොකරන්න. මෙම පින්තූරත් එසේම ඉනිමගේ පින්තූරත් ඔබ තබාගන්න ඕන. දෙවිවරුන්ගේ යානාවන් සේ, ට්‍රක් වාහන දෙක තුනක මෙම පින්තූර තබා ඒවා සරසා ගෙන යනවා නම් හොඳයි. දිනෙන් දින. මෙවැනි පින්තූර වැඩි වේවි. ඔබේ දැනුම නොකඩවා වර්ධනය වේ. දරුවන් ගණනත් නොකඩවා වර්ධනය වේ. එහි දුප්පත් පොහොසත් සියලු දෙනා ඇතුලත් වේ. ශිව් බාබාගේ ධතවස්තු ගබඩාව නොකඩවා පිරේවි. ඔහුගේ ධතවස්තු ගබඩාව පුරවන්නන් ඒ සඳහා කෝටි ගුණයක් හරවා ලබා ගනී. මේ නිසයි. පියා කියන්නේ: සුමිහිරිතම දරුවනී. කෝටිපතීන් වන්නේ ඔබ දරුවන් ය. එයද උපත් 21ක් සඳහාය. බාබා කියනවා: පරම්පරා 21ක් සඳහා ඔබ අධිපතීන් බවට පත්වේවි. මම කෙලින්ම එනවා. දිව්‍යලෝකය මගේ අත්ලේ මවිසින්ම ගෙන එන්නෙමි. උදාහණයක් වශයෙන් දරුවෙක් උපන්නාම ඔහුට අයිති උරුමය ඔහුගේ පියාගේ අත්ලෙහි ඇත. පියෙකු කියයි: මේ නිවස. මේ සියල්ලම නුඹට අයිතියි කියා. අසීමිත පියාත් කියනවා: ඔබ මට අයිති වූ විට දිව්‍යලෝක ස්වාධිපත්‍යය පරපුර 21කටම ඔබගේ වේ. මන්ද ඔබ මරණය ජයගත්තා. මේ නිසයි පියාට මහා මාරයා (මහා කාල්) කියන්නේ. මහා කාල් යනු මරන්නෙකු නොවේ. එසේ ඔහුව වර්ණනා කර තිබේ. මිනිසුන් සිතන්නේ දෙවියන් මාරයා යවා අහවල් කෙනා (මිය ගිය කෙනා) අර ගත්තා කියා. එය එසේ නොවේ. ඒ සියලු දේ අයිති භක්ති මාර්ගයටයි. පරම පියා පවසයි: මම සියලු මාරයන්ගේ මාරයා වෙමි. කඳුකරයේ ජීවත්වන මිනිසුන් මහාකාල් අදහති. මහාකාල් ගේ දෙවොලක් එහි ඇත. ඔවුන් එසේ ධජ නංවා තිබේ. පියා ඔබ දරුවන්ට මෙහි ඉඳ පැහැදිලි කරයි, හරි දේ මෙය බව ඔබටත් වැටහේ. පරම පියා ස්මරණය කිරිමෙන් ඔබේ පව් තුරන් වී යාවි. ඒ හෙයින්. ඔබ මෙය ප්‍රසිද්ධ කළ යුතුයි. බොහෝ කුම්භමේලා ආදිය පැවැත්වේ. ඔවුන් ගංගා ස්නානයේ මහිමය ගැන පෙන්වා ඇත. වසර 5000කට පසුව ඥාන අමෘතය ඔබ දරුවන් දැන් ලබමින් සිටියි. ඇත්තෙන්ම එය අමෘතයම නොවේ. මෙම ඉගෙනුමයි. මේ සියලු යෙදුම් නාම. භක්ති මාර්ගයට අයිතියි. මිනිසුන් "අමෘතය" යන නාමය ඇසීමෙන් එය පින්තූරයේ ජලය වශයෙන් දක්වා ඇත. පරම පියා කියයි: මම රාජයෝගාව උගන්වමි. ඔබ ඉහළ තත්ත්වයක් ලබන්නේ මෙම අධ්‍යයනයෙන් පමණී. මම ඔබට උගන්වමින් සිටිනවා. දෙවියන්ට එවැනි අලංකාර රූපයක් නැත. පරම පියා මොහු තුළට ඇවිත් උගන්වයි. ඔහු ජීවයන්ට උගන්වා ඒ අය ඔහු හා සමාන කරවයි. ඔහු ලක්ෂමි සහ නාරායන් නොවෙයි. ඔහු ඔබව ඔවුන් හා සමාන අය බවට පත්කරවනවා. ඔබ ජීවයන් ඉගෙන ගනී. ඔහු ඔබව ඔහුට සමාන ලෙස ඥානවන්ත කරවයි. හුදෙක් ඔබව දේවි දේවතා වරුන් බවට පත්කිරීම නොවෙයි ඔහු කරන්නේ. ඔවුන් ක්‍රිෂ්ණාගේ පින්තූරයද පෙන්වා ඇත. නමුත් ඔහු කෙලෙස උගන්වන්න ද? ස්වර්ණම යුගයේ අපවිත්‍ර කිසිවකුත් නැත. ක්‍රිෂ්ණා ස්වර්ණම යුගයේ සිටින්නෙකි. ඔබ ඔහුව ඉන්පසුව දකින්නේ නැත. නාටකයෙහි සෑම කෙනෙකුගේම පුණරුප්පත්ති වල රූපයන් සුවිශේෂී වේ. නාටකය විශ්මය ජනකයි. එය නියමිත වූවකි. පියාත් කියයි: ඔබ මෙම රුවෙන්ම මෙම ඇඳුම් පැළඳුම් පිටින්ම සෑම චක්‍රයේම වෙනසක් නැතිව නොකඩවා ඉගෙන ගනිමින් සිටීවි. එය අනන්‍ය ලෙස සිදුවේ. ජීවයක් ශරීරය අත්හැර තවත් ශරීරයක් ගන්නේ පෙර කල්පයේ ඔහු විසින් ගන්නා ලද එම ශරීරයමය. නාටකයෙහි කිසිම වෙනසක් සිදු නොවේ. ඒවා සීමිත විෂයන් වූ අතර මේවා අසීමිත විෂයන් වේ. මෙය අසීමිත පියා හැර වෙන කිසිවකුටත් පැහැදිලි කළ නොහැකිය. මේ ගැන කිසිම සැකයක් නොමැත. සමහරුන්ට බුද්ධියෙහි විශ්වාසය ඇත. අනතුරුව කුමක් හෝ සැකයක් වඩවා ගන්නේ ඔවුන්ගේ ආශ්‍රයට යට වීමෙනි. නිරන්තරව පරමාත්මයේ ඇසුර තබාගන්නේ නම් ඔබට එගොඩ විය හැකියි. මෙම ඇසුර අත්හැර ගියොතින් ඔබ විෂ සයුරෙහි ගිලෙනු ඇත. එක් පැත්තකින් කිරි සයුර ද අනෙක් පැත්තෙත් විෂ සයුර ද ඇත. "ඥානාමෘතය" යන යෙදුම් ඇත. පරම පියා ඥාන සාගරය වේ. ඒ ඔහුගේ වර්ණනාවයි. ලක්ෂමි සහ නාරායන්ට පරම පියාගේ නාම දිය නොහැකියි. ක්‍රිෂ්ණා ද ඥාන සාගරය නොවේ. පරම පියා පාරිශුද්ධත්වයේ සාගරයයි. ස්වර්ණම යුගයේ සහ රජත යුගයේ එම දෙවිදේවතාවරු පාරිශුද්ධව සිටියා වුවත් සදාකලටම එසේ පාරිශුද්ධව නොසිටිති. අර්ධ කල්පයෙන් පසුව ඔවුන් වැටේවි. පරම පියා කියයි: මම එනවා. ඇවිත් සැමටම විමුක්තිය දෙනවා. ගැලවුම්කරුවා මා පමණී. ඔබ විමුක්තියට ගිය පසු මේ දේවල් සිදු නොවේ. ඔබ දරුවන් පුද්ගලිකවම මෙහි ඉඳිනවා. ඔබ ශිව් බාබාගෙන් ඉගෙන ගෙන ගුරුවරුන් ද වෙනවා. විදුහල්පති ඔහු වේ. ඔබ ඔහු වෙත එනවා. ඔබ කියයි: මම ශිව් බාබා ළඟට ආවා. ඕ, ඒ වුණාට ඔහු අශාරීරිකයි. ඔව්. ඔහු මොහුගේ ශරීරය තුළට එනවා. මේ නිසයි අප කියන්නේ: අප බාප්දාදා ළඟට යනවා කියා. මේ බාබා ඔහු පදවන ඔහුගේ රථයයි. ඔහුටමයි රථය සහ අශ්වයා කියන්නේ. මේ පිළිබඳ කතාවකුත් තිබෙනවා – දක්‍ෂ ප්‍රජාපිතා යාග හෝම පූජාවක් නිර්මාණය කළා කියා. මෙසේ කතාන්දර ඔවුන් ලියා ඇත. නමුත් එවැනි දේවල් සිදුවුණේ නැහැ. ශිව දෙවියන් පවසයි: භාරතයෙහි ධර්මතාවය අතිශය නින්දාවට පත්වන කල මම එමි. එසේම ගීතාව අධ්‍යයනය කළ අයද පවසන්නේ: අධර්මිෂ්ඨතාවය එහි අත්‍යන්තයටම ගිය කල දෙවියන් පැමිණෙනවා කියාය. එහි තේරුම ඔවුන් නොදනී. මෙය ඔබගේ කුඩා ශාකයකි. එය කුණාටු වලින් සසල වේ. එය අළුත් ශාකයකි. එහි පදනමක් ද ඇත. ආදී සනාථන දේවි දේවතා ධර්මයේ පැළය ඔහු විසින් පැළ කරනු ලැබේ. ගැණිය නොහැකි තරම් ආගම් මධ්‍යයේ මෙය පැළ කරනු ලැබේ. උත්සාහය බෙහෙවින් මෙයට අවැසි වේ. අන් ඒවාට උත්සාහ කිරීමක් අවැසි නොවේ. ඔවුන් නොකඩවා ඉහළ සිට පහළට එනවා. මෙහිදී ස්වර්ණම යුග සහ රජත යුග වලට යන්න සිටිනා ජීවයන් මෙහි ඉඳිමින් ඉගෙන ගනී. පරම පියා මෙහි ඉඳිමින් අපවිත්‍ර වූ ජීවයන් පවිත්‍ර දේවි දේවතාවරුන් කිරිමට උගන්වයි. මොහුත් ගීතාව බෙහෙවින් කියවන්න පුරුදුව සිටියා. ජීවයන් මතක් වූ විට ඔවුන්ට දෘෂ්ටි දෙනවා. එවිට ඔවුන්ගේ පව් මැකී යනවා. ඒ අයුරින් ගීතාව ඉදිරියේ පැන් තබති. (එය අමුර්තයක් ලෙස සලකති). ඔවුන් අසුන්ගෙන කියවද්දී, මියැදුනු ජීවයන් නංවාලීමට හැකි බව විශ්වාස කරති. මේ නිසයි. ඔවුන් මියැදුනු අයව සිහිපත් කරන්නේ. භක්ති මාර්ගයේ ගීතාවට බොහෝ ගෞරවයක් දක්වති. ඕහ්. මේ බාබාත් දෙවෙනි නොවන භක්තිවන්තයෙක්. ඔහු රාමායනය ආදී සියල්ලක්ම කියවන්න පුරුදුව සිටියා. ඔහු ඉතා සතුටින් සිටියා. දැන් ඒ සියල්ල අතීතයයි කියා පරම පියා කියයි. එම අතීතය දැන් සිහිපත් නොකරන්න. ඔබේ බුද්ධියෙන් සියල්ලක්ම බැහැර කරන්න. බාබා දර්ශනයක් පෙන්වූවා. ස්ථාපනයේ විනාශයේ එසේම රාජධානියේ දර්ශනය. එහෙයින් එය ස්ථිර වුණා. ඔහු මේ සියලු දේ විනාශ වන බව නොදැනයි සිටියේ. මේ සියලු දේ සිදුවන බව බාබා වටහාගත්තා. "ඊට හුඟ කාලයක් ගතවන්නේ නැහැ. මා ගොස් අහවල් අහවල් රජ බවට පත්වෙනවා." බාබා මොනවා සිතනවාද කියා මම නොදනිමි. බාබා ඇතුල් වුණේ කොහොමද කියා ඔබ දරුවන් දනී. මේ දේවල් මිනිසුන් නොදනී. ඔවුන් බ්‍රහ්ම, විශ්ණු, ශංකර් කියා සඳහන් කර ඇති නමුත් මේ තිදෙනාගෙන් කවුරු තුළට දෙවියන් ඇතුල් වන්නේ දැයි ඔවුන් නොදනී. ඒ මිනිසුන් විශ්ණු ගේ නම සඳහන් කළ නමුත් ඔහු දේවතාවරයෙකි; ඔහු කෙසේ ඔබට උගන්වන්න ද? බාබා ම කියයි: මම මොහු තුළට ඇතුල් වෙමි. මේ නිසයි. ස්ථාපනය බ්‍රහ්මා තුළින් සිදුවේයැයි ඔවුන් පෙන්වා ඇත්තේ. අනෙක් කෙනා පෝෂණය සඳහාත්. ඊළඟ කෙනා විනාශය සඳහාත් වේ. මේ විෂයන් හොඳාකාරව වටහාගත යුතු වේ. දෙවියන් පවසයි: මම රාජයෝගාව උගන්වමි. ඔබට දැන් වැටහෙනවා. දෙවියන් ආවේ. රාජයෝග ඉගැන්වූයේ. එසේම ඔබට රාජකීය තත්ත්වයක් ලබා දුන්නේ කවදාද යන වග. ඔහු ඔබට උපත් 84ක රහස් පැහැදිලි කර දී ඇත. ඔහු ඔබට පූජනීයත්වයට යෝග්‍ය සහ පූජා කරන්නන් පිළිබඳවත් පැහැදිලි කර ඇත. ලොවෙහි ලක්ෂමි සහ නාරායන් ගේ සාමකාමී රාජධානියක් තිබුණි. මුළු ලොවටම එය දැන් උවමනා වී තිබෙන්නකි. ලක්ෂමි සහ නාරායන් ගේ අධිරාජ්‍යය පැවතුනු කාලයේ අන් සැවොම පසුවන්නේ ශාන්ති දනව්වෙහිය. ශ්‍රීමත් අනුගමනය කිරීම මගින් මෙම කාර්යය කෙරේ. අප විසින් බොහෝ වරක් මෙය කර ඇත. එසේම නොකඩවා කරනවා. කෝටි සංඛ්‍යාවෙන් අත් මිටක තරම් අය පමණක් මතුවන බව ඔබ දන්නවා. දේවි දේවතා ධර්මයට අයත් අයට පමණයි මෙය ස්පර්ශ වන්නේ. මෙය භාරතය හා සම්බන්ධය. මෙම වංශයට අයත් අය මතු වන අතර අඛණ්ඩවම මතුවේවි. හොඳින් ඉගෙනගත් අය හොඳ තානාන්තරයක් ලබාවි. දැනුම සහ යෝගාව ප්‍රධාන වේ. යෝගාව සඳහා දැනුම අවශ්‍යයි. ඔබ බලාගාරය සමඟ යෝග කිරීම අවශ්‍යයි. යෝගාව තුළින් පාප තුරන් වීමත් සමගම ඔබ නිරෝගී සහ ධනවත් බවට පත්වේවි. ඔබ ගෞරවයෙන් සමර්ථ වනවා ද ඇත. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. අතීතයේ සිදු වූ දේවල් සිහිපත් නොකරන්න. මෙතෙක් ඔබ හැදෑරූ දේ සියල්ලක්ම දැන් අමතක කරන්න එසේම එක් පියාට පමණක් සවන් දෙන්න. එසේම සැමවිටම ඔබේ බ්‍රහමින් වංශය සිහිපත් කරන්න.

2. බුද්ධියෙහි පූර්ණ විශ්වාසය තබන්න. කිසිවක් ගැන සැක පහළ කර නොගන්න. පරමාත්ම ඇසුර සහ මෙම ඉගෙනුම කිසිවිට අතහැර නොයන්න.

වරදානය:
ආධ්‍යාත්මික ආදරවන්තයාගේ ආකර්ෂණයට ලක් වුණු ආධ්‍යාත්මික ආදරවන්තියක් වි ඔබ වෙහෙස වි වැඩ කිරීමෙන් මිදී සිටිත්වා.

අහිමිව සිටි තම ආදරවන්තියන්ව දැකීමට ආදරවන්තයා කැමතියි. ඔවුන් ආකර්ෂණය වුයේ මෙම ආධ්‍යාත්මික ආකර්ෂණයටයි. දැන් ඔවුන් තම සැබෑ ආදරවන්තයාව හඳුනති. ඔවුන් ඔහු ලැබ ඇත: එමගින් තම සැබෑ ගමනාන්තයට ලඟා වි ඇත. එවන් ආදරණීය ජීවාත්ම මෙම සෙනෙහසේ බන්ධනයට බැදුණු විට නොයෙකුත් බර වැඩ වලින් ඔවුන් නිදහස් වේ. මන්ද, ස්නේහ සයුරේ සෙනෙහස් රළ ඔවුන්ව සැම විට සුවපත් කරවයි. ආදරවන්තයා මෙම විශේෂ ස්ථානය නිමවා ඇත්තේ ඔය ආදරවන්තියන්ගේ සතුට හා හමුව සඳහාමයි.

පාඨය:
අභ්‍යන්තරගත වෙනවාත් සමඟම, අරපිරිමැස්මෙන් ඒකායනයට අයිති වන්න.