26.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ජීවත් වීමට මහන්සි වන අතර වාරයේ අසීමිත ආකාරයකින් ඉදිරියට ද යන්න. ඔබ මෙම අසීමිත අධ්‍යයනය හොඳින් කළ තරමට දියුණුව ඇති වේ.

ප්‍රශ්නය:
ඔබ ඉගෙන ගන්නා අසීමිත අධ්‍යයනයේ වඩාත්ම අමාරු විෂයය කුමක්ද?

පිළිතුර:
මෙම අධ්‍යයනයේ ඉහළම විෂයය වන්නේ සහෝදරත්ව දැක්ම ස්ථීර ව ඇති වීමයි. පියාගෙන් ලැබී ඇති ඥානය නැමති තෙවෙනි ඇස මඟින් එකිනෙකා සහෝදර ජීවාත්ම සත්තාවන් සේම දකින්න. ඔබ සුළුවෙන්වත් ඇසට රැවටිය යුතු නැත. ඔබේ බුද්ධියෙන් කිසිවෙකුගේ නමට හෝ ස්වරූපයට සුළුවෙන් හෝ ඇදී නොයන්න. ටිකක් හෝ පාපකාරී සිතිවිලි වලට ඉඩ නොදෙන්න. මෙයට උත්සාහය අවශ්‍යය. මෙම විෂයයෙන් සමත් වන අය ලොව හිමිකරුවන් වෙයි.

ඕම් ශාන්ති.
අසීමිත පියා මෙහි සිට අසීමිත දරුවන්ට විස්තර කර දෙයි. සෑම දෙයක් ම එක් අතකින් සීමිත අතර අනෙක් අතින් අසීමිත වෙයි. බොහෝ කාලයක් ඔබ සීමිත ව සිටි අතර දැන් අසීමිත වෙයි. ඔබේ අධ්‍යයනය ද අසීමිත වෙයි. මේ අධ්‍යයනය වූ කලී අසීමිත ස්වාධිපත්‍යය සඳහාය. මීට වඩා ලොකු අධ්‍යයනයක් නැත. එය උගන්වන්නේ කවුද? අසීමිත පියා වූ දෙවියන්ය. ඔබේ භෞතික ජීවිතය සඳහා හැම දෙයක් ම කළ යුතු අතර ඔබේ පෞද්ගලික ඉදිරි ගමන සඳහා ද යමක් කළ යුතුයි. රැකියාවක් කරන ගමන්ම බොහෝ අය තම පෞද්ගලික දියුණුව සඳහා දිගටම ඉගෙන ගනී. එවිට සිදු වන්නේ සීමිත දියුණුවක් වුවත් මෙහිදී සිදුවන්නේ අසීමිත පියාගෙන් ලැබෙන අසීමිත දියුණුවයි. පියා මෙසේ කියයි සීමිත සහ අසීමිත ක්‍රමයට ද දියුණු වන්න. ඔබ බුද්ධියෙන් තේරුම් ගෙන ඇත්තේ සැබෑ අසීමිත ඉපයීමක් ද කළ යුතු බවයි. මෙහි ඇති සැම දෙයක් ම අළු දූවිලි බවට පත් වෙයි. අසීමිත ආදායම ශක්තිමත් වුණු තරමට, ඔබේ සීමිත ආදායම අමතක කර දැමිය හැකි වේ. දැන් සෑම කෙනෙක් ම තේරුම් ගෙන තිබෙනවා විනාශය සිදු විය යුතු බව. විනාශය ලං වුණු විට මිනිසුන් සත්‍යය (දෙවියන්) සොයා යයි. විනාශය සිදුවන මොහොතේ දී, ස්ථාපනය සිදු කරන අයද එතැන සිටිය යුතුමය. ලෝකය මේ කිසිවක් දන්නේ නැත. ප්‍රජාපිතා බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබ ඔබේ උත්සාහයන්ගේ අනුපිළිවලට ඉගෙන ගනී. ඉගෙන ගන්නා සිසුන් ජීවත් වන්නේ ශිෂ්‍ය නේවාසිකාගාර වලය. කොහොමනමුත්, මෙම නේවාසිකාගාරය අසම සමයි. ඔවුන් මෙම නේවාසිකාගාරයට පැමිණියේ ඒ ඒ ආකාරයටය. මුලින්ම ආ සමහරෙක් තවම මෙහි සිටියි. ඔවුන් එලෙසින් ඇවිත් සිටී. විවිධ අය ආවා. ආ අය සියලු දෙනාම හොඳ අය නොවීය. ඔබ කුඩා ළමුන්ද ගෙනාවා. ඔබ ඔවුන් මෙහිදී බලාගත්තා. සමහරුන් ආපසු ගියා. වත්තක මල් සහ කුරුල්ලන් දෙස බලන්න. කුරුල්ලන් කිචි බිචි ගායි. මේ කාලයේ මනුෂ්‍ය ලෝකයද එවැනියි. අපට කිසිඳු පිළිවෙලක් තිබුණේ නැත. පිළිවෙලකට සිටියා වූ අයව අපි ප්‍රශංසා කළෙමු. මා ගුණදහමින් තොරය, මා හට ගුණාංග කිසිවක් නැත... ආදී වශයෙන් අපි ගැයූවෙමු. මෙහි පැමිණෙන අය කොතරම් වැදගත් වුවත් ඔහුට හැඟෙන්නේ ඔහු පියා ගැනවත්, නිර්මාණකයාවත්, නිර්මාණයේ මුල, මැද හා අග වත් නොදන්නා බවයි. ඉතින් ඔහුගෙන් ඇති වැඩේ කුමක් ද? ඔබ ද එසේ වැඩකට නැති කෙනෙක් විය. දැන් ඔබ තේරුම් අරගෙන තිබෙනවා පියා කොතරම් වර්ණවත් ද කියා. පියා අපව ලොව හිමි කරුවන් බවට පත් කරන අතර කිසිවකුට එම රජ දහන ඩැහැගත නොහැක. කිසිවෙකුට බාධාවන් ඇති කළ නොහැක. අප කෙසේ සිටියෝද කුමක් බවට පත් වන්නමෝද? ඉතින්, ඔබ නියත ලෙසම පියාගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. ලෝකයෙන් එන නින්දා අපහාස මොනවා කෙසේ වුවත් ඒවා නුපුරුදු අළුත් දේ නොවේ. ඒ සියල්ල අවුරුදු 5000කට පෙර සිදු විය. ඒ බව ලේඛණ වලද සඳහන්ය. භක්ති මාර්ගයේ දී සියලු ලේඛණ නැවත කියවන බව ඔබ දරුවන්ට තේරුම් කර දී ඇත. මේ කාලය තුළ ඔබ ඥානය සමඟින් සතුටු දේශයට යමින් සිටී. ඒ සඳහා ඔබ පූර්ණ උත්සාහය යෙදිය යුතුය. ඔබ මෙකළ දරණ උත්සාහයේ තරමටම හෑම චක්‍රයේම උත්සාහය කෙරේ. ඔබ ගැනම මෙසේ සොයා බලන්න මා ඉහළ තත්ත්වයක් ලබන්නේ කොතරමින්ද? ඔබ හැම ශිෂ්‍යයෙකුටම තේරුම් ගත හැකියි ඔබේ අධ්‍යයනය කොතරම් ද හොඳ, ඒ තරමට ඉහළ තත්ත්වයක් ඔබට ලැබේ. ’මොහු මට වඩා දක‍්ෂ නිසා මම ද එසේ දක‍්ෂ විය යුතුය‘. ව්‍යාපාරිකයින් අතරද මෙය එසේය. ’මම ඔහුට වඩා දක‍්ෂ වී ඉදිරියට යා යුතුයි‘. ඔවුන් උත්සාහවන්ත වන්නේ තාවකාලික සතුටටයි. පියා මෙසේ කියයි සුමිහිරිතම දරුවනි, මම ඔබේ ඉහළම පියාය. ඔබට ශාරීරික පියා මෙන්ම අශරීරික පියාද ඇත. දෙදෙනාම මෙසේ කියයි සුමිහිරි දරුවනි, ඔබ දැන් තේරුම් ගෙන තිබෙනවා මෙය අසීමිත අධ්‍යයනයක් බව. වෙන කිසිවෙක් මෙය නොදනී. පළමුවම දත යුතු දේ නම්, උගන්වන්නේ කවුද යන්නයි. දෙවියන් ඔබට උගන්වන්නේ කුමක් ද? රාජයෝගාවයි. ඔබ රාජ ඍෂිවරුය. ඒ මිනිසුන් හතායෝගීන්ය. ඔවුන් ඍෂිවරු වුවත් සීමිතය. ඔවුන් කියන්නේ ඔවුන් ගේ දොර පවුල් අතහැරියා කියායි. ඔවුන් එසේ කළ එක හොඳද? ඔබ පවුල් අත හැරියේ පාපයෙන් වූ කරදර නිසා නමුත් ඔවුන් කෙසේ ද? ඔබ දුව ආවේ පහර කෑම නිසාය. එකිනෙකාගෙන් ඇසුව හොත් මව්වරුන් හා කුමාරීන් ඒවා කියාවි, ඔවුන් කොතරම් බැට කෑවාද කියා. ඔවුන් මෙහි දුව ආවේ මේ නිසාය. මුලදී බොහෝ අය ආවා. මෙහිදී ඥාන අමෘතය දුන් අතර ඔවුන් නැවත ලිපියක්ද රැගෙන ආවෝය අපි ඥාන අමෘතය පානය සඳහා ඕම් රාධේ වෙත යමු. මුල සිටම පාපය නිසා වූ රණ්ඩු සරුවල් දිගටම තිබුණි. එය අවසන් වන්නේ යක‍්ෂ ලෝකය අවසන් වූ විටය. එවිට චක්‍ර භාගයකටම එය නවතී. ඔබ දරුවන් දැන් අසීමිත පියා ගෙන් ඔබේ ත්‍යාගය ඉල්ලා සිටී. අසීමිත පියා හැම කෙනෙකුටම අසීමිත ත්‍යාගය ලබා දෙයි. සීමිත පියා ද ත්‍යාග දෙන නමුත් එහි උරුමය ලැබෙන්නේ පුතුන්ට පමණි. මෙහිදී පියා මෙසේ කියයි ඔබ පුතෙක් වුවත් දුවෙක් වුවත් ඔබට අයිතියක් ඇත. භෞතික පියවරු වෙනස්ව දකින්නේ අයිතිය පුතුන්ට පමණක් දෙන නිසාය. බිරිඳ භාගයක් අයිතිකරු යැයි කියවුණත් ඇයට කොටස නොලැබේ. පුතා සියලු දේ බලයි. පියා පුතුන්ට බැඳීම් ඇත. නීතියට අනූව මෙම පියා ඔබ දරුවන් සැමට (ජීවාත්ම සත්තාවන්ට) උරුමය දෙයි. මෙහි පුතුන් හා දූවරුන් අතර කිසි පරස්පරයක් නැත. ඔබ අසීමිත පියාගෙන් මේ තරම් සතුට සහ උරුමය ලැබුවත් ඔබ සම්පූර්ණ ඉගෙනීමම නොකරයි. ඔබ ඉගෙනීම නවත්වයි. දූවරුන් මෙසේ කියයි බාබා, මේ මේ අය ලෙයින් ලියා දුන් නමුත් දැන් නොඑයි. ඔවුන් ලෙයින් මෙසේ පවා ලියයි බාබා ඔබ මට සෙනෙහස දැක්වුවත්, ප්‍රතික‍්ෂේප කළත් මා ඔබ අත් හරින්නේ නැත. එසේද වුවත්, ඔවුන් රැකබලාගනිත්දීත් පසුව පිටවී යයි. ඔවුන් මෙහි සිටින විට මෙවැනි ශ්‍රද්ධාවක් ඇත මේ තරම් වටින අසීමිත පියෙක් අත්හරින්නේ කෙසේද? මෙය අධ්‍යයනයක් වන අතර ඔබව ඔහු සමඟ ම නැවත ගෙන යන බවට බාබා සහතික වෙයි. සත්යුගය ආරම්භයේ දී එතරම් මිනිසුන් නොසිටියත් දැන් සංගම් යුගයේ දී සියලු දෙනා මෙහි සිටී. ස්වර්ණමය යුගයේ සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ සඳහා සියලු දේ දැන් සූදානම් වෙමින් ඇත. ඔබ ශරීරය හලා දමා සාම දේශයට යයි. ආගම් එකක්වත් ඉතිරි නොවේ. ඔබේ කර්ම ගිණුම් පියවා ඔබේ කොටස් රඟපෑමට පෙර සිටි තැනටම ඔබ නැවත යයි. අන් තැන්වල ඇත්තේ පැය දෙකක නාට්‍යයන් වන අතර මෙම නාටකය අසීමිතයි. අප එම නිවසේ නිවැසියන් වන අතර අප දරුවන් සියලු දෙනාම එකම පියාගේ බව ඔබ දනී. අපේ නිවහන වන්නේ ශබ්දය අභිබැවූ දේශයනම් වූ නිර්වාණ දනව්වයි. එහි කිසිඳු හඬක් නැත. මිනිසුන් හිතන්නේ මනුෂ්‍යයා බ්‍රහ්ම ධාතුවට ගිලී යන බවයි. නමුත් බාබා මෙසේ කියයි ජීවාත්ම සත්තාවන් අවිනාශී වන අතර කවදාවත් විනාශ නොවේ. මේ සියල්ල ජීවත් වන අයයි. ජීවාත්ම සත්තාවන් අවිනාශී වන අතර ඔවුන් ඔවුන්ගේ කොටස් ශරීර තුළින් රඟපායි. සියලු ජීවාත්ම සත්තාවන් නාටකයේ නළුවන්ය. නිවහන වන්නේ බ්‍රහ්මාණ්ඩ නම් වූ ඔවුන්ගේ ගෙදරයි. ජීවාත්ම සත්තාවන් අණ්ඩාකාරයි. බ්‍රහ්මාණ්ඩය වන්නේ ඔවුන්ගේ වාසස්ථානයයි. සියලු දේ පැහැදිලිවම තේරුම් ගත යුතුය. ඔවුන් දැන් තේරුම් නොගත්තත්, ඔවුන් විසින්ම කල් යෑමේ දී මේවාට කන් දුන්නොත් තේරුම් ගනීවි. ඔවුන් පැමිණීම නැවැත්වුවහොත් කිසි දෙයක් තේරුම් ගැනීමට හැකි වන්නේ නැත. ඔබ දරුවන් දන්නවා මේ ජරාජීර්ණ ලෝකය විනාශ වන බවත් නව ලෝකය ස්ථාපනය වන බවත්. පියා මෙසේ කියයි ඊයේ ඔබ ලොව හිමි කරුවන්ව සිටියා. ඔබ නැවත මෙහි පැමිණ සිටිනවා ලොව හිමිකරුවන් වීමට. මෙවැනි ගීතයක් ද ඇත බාබා අපව ලොව හිමිකරුවන් කරවන අතර කිසිවෙකුට අපේ රජදහන ඩැහැගත නොහැකියි. පොළොවටත් අහසටත් සියලු අයිතිවාසිකම් අපට ඇත. බලන්න, මේ ලෝකයේ මොනවාද තිබෙන්නේ කියා! සියලු දෙනාම ආත්මාර්ථකාමී සගයන්ය. එහිදී එසේ නැත. භෞතික පියෙක් මෙසේ කියයි මා දැන් සියලු ධනය හා දේපළ ඔබ වෙත තබා ඔබ අතහැර පිටත් වී යන්නටයි සැරසෙන්නේ, ඉතින් ඒවා හොඳින් බලා ගන්න. අසීමිත පියාද කියන්නේ මා ඔබට සියලු ධනය හා දේපළ දෙනවා. ඔබ මට අඬගැසුවේ පාරිශුද්ධ ලෝකයට ගෙන යන්න කියාය. ඉතින් නියතයෙන්ම ඔබ පිරිසිඳු කර ලොව හිමිකරුවන් බවට පත් කරමි. පියා ඔබට උපක්‍රමිකව කියා දෙයි. මෙය පහසු ඥානය සහ යෝගාව නම් වේ. එය තත්පරයක කරුණකි. ඔබ විමුක්තිය සහ ජීවන මුක්තිය ඇසිල්ලකින් ලබයි. ඔබට දැන් දූරදර්ශී බුද්ධියක් ඇත. ඔබ අසීමිත පියා සමඟ හැදෑරීම් කරන බව ඔබ දිගටම සිතිය යුතුයි. අපි අප සඳහාම රජ දහන පිහිටුවමු. ඉතින් අප ඉහළ තත්ත්වයක් නොලබන්නේ ඇයි? ඇයි අපි අඩුවෙන් ලබන්නේ? රජදහනක් නිසා උස්පහත්කම් තිබේවි. දැසි දස්සන් බොහෝ සිටීවි. ඔවුන්ද බොහෝ සතුට ලබයි. ඔවුන් ද රජුන් සමඟ මාළිගා වල ජිවත් වේ. ඔවුන් ළමුන් බලා ගනීවි. ඔවුන් දැසි දස්සන් යැයි කීවත් ඉන්නේ ඉතා සතුටිනි. දැසි දස්සන් රජ සහ රුජිණගේ කෑම ම කයි. යටත් වැසියන්ට එසේ නොවේ. දැසි දස්සන්ට අනුපිළිවලට බොහෝ සැලකිලි ද ලැබේ. ඔබ දරුවන් මුළු ලොව හිමිකරුවන් වෙයි. මෙහි රජුන්ට ද දැසි දස්සන් ඇත. කුමාරවරුගේ හමු වලදී ඔවුන් සම්පූර්ණ ඇඳුමින් කිරුළු දරා සිටී. එවැනි හමුවීම් අනුපිළිවලින් ඉතා සුන්දර ලෙස ඇත. රැජිණ හමුවට නෑවිත් වේලයකට මුවා වී සිටී. පියා මේ සියල්ල විස්තර කරයි. ඔබ ඔහුට කියන්නේ ජීවිතය දානය කරන්නා හෙවත් ජීවිතය ලබා දෙන්නා කියාය. ඔබ නැවත නැවත ශරීරය අතහැරීමෙන් මුදවාලන්නේ ඔහුය. එහිදී මරණය ගැන සිතන්නේවත් නැත. මෙහි මිනිසුන් බොහෝ සිතයි. කුමක් හෝ සුළු දෙයක් සිදු වූ විටත් දොස්තර ළඟට යන්නේ මැරෙයි කියාය. එහි එවැනි බියේ ප්‍රශ්නයක් නැත. ඔබ මරණය ජය ගන්නා නිසා මහත් කුල්මත් බවින් සිටිය යුතුය. ඔබට උගන්වන කෙනාව සිහිකරන්න. මෙයද ස්මෘති වන්දනා ගමනයි. ඔබ පියා, ගුරුවරයා හා සත්ගුරු සිහිකරනවා නම් ඉතා අගනේය. ශ්‍රීමත් පිළිපැද්ද තරමට... ඔබ ඔබේ සිතිවිලි වචන සහ ක්‍රියා වලින් පාරිශුද්ධ විය යුතුයි. ඔබේ බුද්ධියට පාප සිතිවිලි ඇතුළු නොවිය යුතුයි. මෙය සිදුවන්නේ සෑම කෙනාම ඔබේ සොයුරා ලෙස සළකන විටයි. සොයුරු සොයුරියන් සේ සැළකීම ද කිළිටි දැක්මකි. ඇස් ඉතා රවටන සුළුය. පියා තෙවැනි ඇස දී තිබෙන්නේ ඒ නිසාය. ඒ නිසා ඔබ ජිවාත්ම සත්තාවන් සේ සළකා එකිනෙකා සොහොයුරන් සේ දකින්න. තෙවැනි ඇස යනු මෙයයි. සොයුරු සොයුරියන් යැයි දැක්ම පවා අසාර්ථක නිසා අළුත් ක්‍රමයක් අවශ්‍යය ඔබ සියලු දෙනා සොයුරන් ම සේ සළකන්න. මෙයට ඉතා දැඩි උත්සාහයක් අවශ්‍යය. විවිධ විෂයන් ඇත. සමහර ඒවා ඉතා අමාරුය. මෙය අධ්‍යයනයකි. ඉහළම විෂය වන්නේ ඔබ කිසිවකුගේ නමට හා ස්වරූපයට පටලැවී නොසිටීමයි. පරීක‍්ෂණය ඉතා ඉහළය. ඔබ ලෝකයේ හිමිකරුවන් වීමට සිටී. පියා විස්තර කරන ප්‍රධාන දේ මෙයයි ඔබ සැම සොයුරන් සේ සළකන්න. ඔබ දරුවන් එතරම් විශාල උත්සාහයක් දැරිය යුතුය. කෙසේ වුවත් කල් යෑමේ දී සමහරු ද්‍රෝහීන් බවට පත් වේ. මෙහි දී ද එසේ ම සිදු වේ. හොඳ ළමුන් ද මායා අයිති කරගනී. පියා මෙසේ කියන්නේ ඒ නිසාය ඔවුන් මගෙන් වෙන් වුණා ඔවුන් මාව අතහැර ද දමනවා. ළමුන් වෙන් වන අතර අඹු සැමියන් අතහැර දමයි. පියා මෙසේ කියයි මම දෙකම ලබමි (වෙන් වීම සහ අතහැර දැමීම). හොඳ දරුවන්ද මා අතහැර රාවණ්ට අයිති වේ. මෙය අමුතුම නාටකයකි. මායා නොකරන්නේ මොනවද? පියා මෙසේ කියයි මායා ඉතා ශක්තිමත්ය. කිඹුල් රජා අලියා ගිල්ලා යැයි සිහිපත් වේ. බොහෝ අය වැරදි සිදු කරයි. ඔබ පියා ගැන නොසැලකිලිමත් වූ විට මායා ඔබව අමුවෙන් ගිලී. ඇය ඔවුන්ව ඉතා තදින් අල්ලා ගනී, මායා එවැනියි. අච්චා. ළමයින්ට කොච්චර කියන්නද? මම ළමයින්ට කොච්චර කතා කරන්නද? මුලකුර ඇල්ෆා ප්‍රධාන වේ. ඉස්ලාම් අයද මෙසේ කියයි උදේ පාන්දරින් නැගිට අල්ලා සිහි කරන්න. එය නිදාගැනීමට වේලාව නොවේ. ඔබේ පාප දුරු වන්නේ මේ ක්‍රමයටයි. වෙනත් ක්‍රමයක් නැත. පියා ඔබ දරුවන්ට එතරම්ම ශ්‍රද්ධාවන්තය. ඔහු ඔබව කිසිදාක අත හරින්නේ නැත. ඔහු පැමිණ ඇත්තේ ඔබ නවතාවයට පත් කර ඔහු සමඟ ම රැගෙන යාමටයි. ඔබ සතෝප්‍රධාන් වන්නේ ස්මෘති වන්දනාවෙන් පමණි. ඔබ එහා පැත්තට යාම සඳහා දිගටම හරි හම්බ කරයි. පියා මෙසේ කියයි ඔබ මාව කොතෙක් සිහි කරනවාදැයි සහ කොතෙක් සේවය කරනවා දැයි ලියා තබන්න. ව්‍යාපාරිකයෝ පාඩුව දකින විට ප්‍රවේසම් වේ. ඔබ කිසි ලෙසකින් පාඩු නොලබන්න. එය චක්‍රයෙන් චක්‍රය පාඩුවක් වේ. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබේ සිතිවිලි, වචන සහ ක්‍රියා තුළ පිවිතුරු වන්න. ඔබේ බුද්ධියෙහි නපුරු සිතිවිලි නොතිබිය යුතුයි. මේ සඳහා මෙය පුහුණු කරන්න ජීවාත්ම සත්තාවන් වන අප සොයුරන්ය. කිසිවකුගේත් නාමයට හෝ රූපයට හසු නොවන්න.

2. පියා ඉතා ශ්‍රද්ධාවෙන් ඔබ දරුවන් නවතාවයට පත් කර ඔහු සමඟ ම ගෙන යනවා සේ ඔබ දරුවන්ද ශ්‍රද්ධාවත් වන්න. ඔබ කෙසේ වත් එවැනි පියෙක් ගෙන් කිසිදා වෙන් වීම හෝ අතහැර යෑම සිදුනොකරන්න.

වරදානය:
පහසු යෝගීවරයෙක් වි නිරන්තරයෙන් සැහැල්ලුවෙන් සිටිමින් පරමාත්ම පියාගේ දෑසේම ගිලී සිටීන්න.

සංගම යුගයේ දී ඔබ ලබන සතුටු ආකරය වෙන කිසිදු යුගයක දී ලද නොහැකියි. මෙකල පරමාත්ම පියා හා දරුවන් අතර හමුවිම සිදු වේ. උරුමය හා ආශිර්වාද එහි අන්තර්ගතය. මෙම උරුමය හා ආශිර්වාද ලැබිමට කිසිදු අපහසු දෙයක් කිරීමට නැත. මේ නිසා තමයි ඔබට සහජ යෝගීන් යැයි කියන්නේ. දරුවන් වෙහෙස වි වැඩ කරනවා දකින්න බාප්දාදාට බැහැ. ඔහු කියනවා: දරුවනි. ඔබගේ සෑම බරක්ම පරමාත්ම පියාට භාර කර සැහැල්ලු වන්න. තම දෑසේ ඔබව තබාගෙන ආපසු ගෙන යාමට බාබාට හැකි වන පරිද්දෙන්ම සැහැල්ලු වන්න. පරමාත්ම පියා කෙරෙහි ඇති ඔබගේ සෙනෙහසේ සලකුණ වන්නේ නිරන්තර සැහැල්ලු බව හා පිය දෑසේම කිමිදී සිටීමයි.

පාඨය:
නිශේධනීය සිතිවිලි වලට මඟ අහුරන්න. එවිට ඔබ සාර්ථකත්වයේ ප්‍රතිමුර්තියක් වේ.