27.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ පියාගෙන් ඔබගේ නිරෝගිකම, ධනය සහ සතුට යන උරුමය හිමි කර ගත යුතුයි. පියාගෙන් ඔබට ඔබගේ උරුමය හිමිකර ගත හැක්කේ දේවමය උපදෙස් පිළිපැදීමෙන් පමණයි.

ප්‍රශ්නය:
නිශේදනීය සිතිවිලි පරාජය කරන්නන් වීම සඳහා, පියා ඔය සියලුම දරුවන්ට පෙන්වා ඇති ක්‍රමය කුමක්ද?

පිළිතුර:
නිශේදනීය සිතිවිලි පරාජය කරන්නන් වීම සඳහා, තමන් ජීවාත්ම යැයි සළකා, අන් අය දෙස සහෝදරත්වයේ බැල්මෙන් බලන්න. ඔබ ශරීරය දෙස බලන විට, නිශේදනීය සිතිවිලි එයි. එබැවින් ජීවාත්මය, සහෝදරයා දෙස, නළල මධ්‍යයේ බලන්න. ඔබට පිවිතුරු වීමට අවශ්‍ය නම්, මෙම දැක්ම ශක්තිමත් කරන්න. නිරතුරුවම පාරිශුද්ධකරුවා වන පියාව සිහිපත් කරන්න. ඔබගේ මළකඩ ඉවත් වන්නේ සිහිපත් කිරීම තුළින් පමණයි, ඔබගේ සතුටේ රසදිය කඳ ඉහළ නගි, එමෙන්ම ඔබ නිශේදනීය සිතිවිලි ජය ගනීවි.

ඕම් ශාන්ති.
ශිව දෙවියන් ඔහුගේ සැලිග්‍රමයන්ට කතා කරයි. දෙවියන් කතා කරන බැවින් ඔහුට අනිවාර්යෙන්ම ශරීරයක් තිබිය යුතුයි, මන්ද ඔහුට කතා කිරීමට හැකි වන්නේ එවිටයි. කතා කිරීම සඳහා නිසැකයෙන්ම කටක් අවශ්‍යයි. එමෙන්ම අසන්නන්ට කන් ද අවශ්‍යයි. ජීවයකට කන් සහ කටක් අවශ්‍යයි. ඔය දරුවන්ට, රාමාගේ උපදෙස් ලෙස හැඳින්වෙන, දේවමය උපදෙස් දැන් ලැබෙනවා. අන් අය රාවණගේ උපදෙස් පිළිපදිනවා. දේවමය උපදෙස් මෙන්ම අසුර උපදෙස්ද තිබේ. දේවමය උපදෙස් චක්‍රයෙන් භාගයක් අඛණ්ඩව පවති. පියා ඔබට දේවමය උපදෙස් දී, ඔබව දේවතාවන් බවට පත් කවරයි, ඉන්පසු එම උපදෙස්ම ස්වර්ණමය සහ රිදී යුගවල දිගටම පැවතෙයි. එහි ඔවුන් යෝගී මිනිසුන් නිසා, අඩු උපත් සංඛ්‍යාවක් ගනී. තඹ සහ කලි යුගයේ බොහෝ උපත් ගණනාවක් ගන්නා, රාවණගේ උපදෙස් තිබේ ඔවුන් භෝගී මිනිසුන්ය (ඉන්ද්‍රියන් පිනවන අය). මේ නිසයි ඔවුන්ගේ ආයුෂ අඩු. ඔවුන්ගේ සමාජය ඉතා විශාල වන අතර, ඔවුන් බොහෝ දුකට පත්වෙයි. රාමාගේ උපදෙස් පිළිපදිමින් සිටි අය, ඉන්පසුව රාවණගේ උපදෙස් පිළිපදින අය සමග එක්වෙයි, එබැවින් ඉන්පසුව මුලු ලොවම රාවණගේ උපදෙස් පිළිපදින එකක් බවට පත්වෙයි. පියා ඉන්පසුව පැමිණ සියලු දෙනාටම රාමාගේ උපදෙස් ලබා දෙයි. ස්වර්ණමය යුගයේ, රාමාගේ උපදෙස්, දේවමය උපදෙස් තිබේ. එයට කියන්නේ දිව්‍යලෝකය කියාය. ඔබට දේවමය උපදෙස් ලැබීමෙන්, චක්‍රයෙන් භාගයකට දිව්‍යලෝකය ස්ථාපනය වෙයි. එය අවසන් වූ විට, එය රාවණගේ රාජධානිය වන අතර, ඒවාට කියන්නේ රාවණගේ උපදෙස් කියාය. දැන් තමන්ගෙන්ම අසන්න අසුර උපදෙස් පිළිපදිමින් මා කරමින් සිටියේ කුමක්ද? එමෙන්ම දේවමය උපදෙස් පිළිපැදීමෙන් මා කරන්නේ කුමක්ද? පෙර කල, ඔබ අපායේ වැසියන්ව සිටියා මෙනි, ඉන්පසුව ඔබ ශිවාලයේ (ශිව දේවාලයේ) දිව්‍යලෝක වැසියන් බවට පත් විය. ස්වර්ණමය සහ රිදී යුග වලට ශිවාලය යැයි කියයි. ස්ථාපනය සිදුවන්නේ කවුරු හෝ කෙනෙකුගේ නමින්ද, එම ස්ථානය එම කෙනාගේ නමින් නම් කෙරෙයි, එබැවින් දේවතාවන් වාසය කරන්නේ ශිවාලයේය. පියා, නිර්මාණකරු, පමණයි ඔබට මෙම දේවල් විස්තර කර දෙන්නේ. ඔහු නිර්මාණය කරන්නේ කුමක්ද කියාත් ඔය දරුවන්ට වැටහෙයි. මෙකල, මුලු නිර්මාණයම ඔහුට අඬ ගසයි ’ඕ පාරිශුද්ධකරුවාණෙනි, ඕ විමුක්තිය ලබා දෙන්නා, අපව රාවණගේ රාජධානියෙන් සහ දුකින් මුදව ගන්නා කෙනා!‘. ඔබ දැන් සතුට ගැන දන්නවා, මේ නිසයි මෙය දුක බව ඔබට වැටහෙන්නේ. එසේ නැත්නම්, මෙය දුක බව බොහෝ මිනිසුන් සළකන්නේ නැත. පියා දැනුමින්-සපිරි, එමෙන්ම මනුෂ්‍ය ලෝකයේ බීජය වන්නා සේ, ඒ අන්දමින්ම ඔබද දැනුමින් සපිරි වෙයි. බීජය තුළ ගසෙහි දැනුම තිබේ, නමුත් එය අජීවීය. එය සජීවී වුයේ නම්, එය ඔබට කියනු ඇත. ඔබ ජීවමාන ගසට අයත්ය, මේ නිසයි ඔබ ගස ද දන්නේ. පියාට, මනුෂ්‍ය ලෝකයේ බීජය, සත්‍යය, සජීවී ජීවය සහ ආනන්දයේ ප්‍රතිමූර්තිය යැයි කියයි. මෙම ගස වැඩෙන ආකාරය සහ ඉන්පසුව එය පෝෂණය වන අන්දම ගැන කිසිම කෙනෙක් නොදනී. අලුත් ගසක් වැඩෙනවා නොවෙයි. පැරණි ගසේ මනුෂ්‍යයින් මෙසේ අඬගසන බව පියා විස්තර කර තිබේ ’පැමිණ අපව රාවණගෙන් මුදවාගන්න‘, මන්ද මෙකල මෙය රාවණගේ රාජධානී සමය බැවින්. මිනිසුන් නිර්මාණකරු හෝ නිර්මාණය නොදනී. ඔහු දිව්‍යලෝකය නිර්මාණය කරන්නේ එක් වරක් පමණක් බව, පියාම ඔබට කියයි. දිව්‍යලෝකයෙන් පසුව, එය අපාය බවට පත් වෙයි. රාවණ පැමිණි විට, මිනිසුන් පාපයේ මාර්ගයට යයි. ස්වර්ණමය යුගයේ සෑම දෙයක්ම තිබිණි නිරෝගිකම, ධනය සහ සතුට තිබිණි. ඔබ දැන් මෙහි පැමිණ සිටින්නේ පියාගෙන් ඔබගේ නිරෝගිකම, ධනය සහ සතුට යන උරුමය හිමි කර ගැනීමටයි, මන්ද, දිව්‍ය ලෝකයේ කිසිම විටෙක දුකක් නොමැත. සෑම චක්‍රයකදීම, ඉතාමත්ම ශුභ වූ සංගම යුගයේදී, ඔබ උත්සාහ දරන බව, ඔබගේ හදවතේ තිබේ. එහි නම ඉතාමත්ම හොඳයි. වෙනත් කිසිම යුගයකට, වඩාත්ම ශ්‍රේෂ්ඨ යැයි කිව නොහැක. එම යුග වලදී, ඔබ අඛණ්ඩව ඉනිමඟ දිගේ පහළට පැමිණෙයි. ඔබ පියාට අඬගසන අතර, තවද ඔහුට කැප වන්නේය. කෙසේවෙතත්, පියා කවදා පැමිණෙයිද කියා ඔබ නොදනී. මිනිසුන් කන්නලව් කරන්නේ ඕ දෙවියනි, අපව මුදවාගන්න, අපගේ මාර්ගෝපදේශකයා වන්න. ඔහු විමුක්තිය ලබා දෙන්නා වන්නේ නම්, ඔහු නිසැකයෙන්ම මෙහි පැමිණිය යුතුයි ඉන්පසු ඔහු මාර්ගෝපදේශකයා වී, අපව ආපසු නිවසට කැඳවාගෙන යා යුතුයි. පියා ඔබව දකින්නේ බොහෝ දිනකට පසුවයි, එබැවින් ඔහු බොහෝ සේ සතුටු වෙයි. ඒ කෙනා සීමිත පියෙක් වන අතර, මේ කෙනා, අසීමිත පියාය. බාබා, නිර්මාණකරුය. ඔහු එය නිර්මාණය කරන අතර, ඉන්පසුව ඔහු එය පවත්වා ගනී. ඔබ පුනරුත්පත්ති ගත යුතුයි. සමහරුන්ට දරුවන් 10ක් සිටින අතර, සමහරුන්ට 12ක් සිටියි, නමුත් ඒ සෑම එකක්ම, කපුටෙකුගේ අසූචි මෙන්, සීමිත සතුටය. ඔවුන් තමෝප්‍රධාන් වෙයි. තමෝප්‍රධාන් තත්ත්වයේ, සතුට තිබෙන්නේ ඉතාමත්ම සුලුවෙනි. ඔබ සතෝප්‍රධාන් වූ විට, ඔබට බොහෝසේ සතුට තිබෙයි. පියා පැමිණ, ඔබට සතෝප්‍රධාන් වන අන්දම කියා දෙයි. පියාට, සර්ව බලධාරියා යැයි කියයි. මිනිසුන් සිතන්නේ, දෙවියන්, සර්ව බලධාරියා වන බවත්, ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි බවත්, මැරුණු අයට පණ දීමට හැකි බවත්ය. වරක් කෙනෙක් මෙසේ ලිවීය ’ඔබ දෙවියන් නම්, මෙම මැරුණු මැස්සාට පණ දී, එය පෙන්වන්න‘ කියා. ඔවුන් බොහෝ ප්‍රශ්න අසති. පියා ඔබට බලය ලබා දෙයි, ඔබ ඉන් රාවණ පරාජය කරයි. රිලවෙකු මෙන් සිටි ඔබ, දේවාලයක සිටීමට තරම් වටිනා වන්නේය. ඔවුන් ඉන්පසුව එවන් කතාන්දර ගොතා තිබේ. ඇත්ත වශයෙන්ම ඔබ සෑම කෙනෙක්ම සීතාවන්ය, බැතිමතුන්. ඔබ සෑම කෙනෙක්වම රාවණගෙන් මුදවා ගෙන තිබේ. ඔබට රාවණගෙන් කිසිමදාක සතුට ලබා ගත නොහැක. මෙකල, සෑම කෙනෙක්ම සිටින්නේ රාවණගේ සිර මැදුරේය. ඔබ රාමාගේ සිර මැදුරේ සිටිනවා යැයි නොකියයි. රාමා පැමිණෙන්නේ ඔබව රාවණගේ සිර මැදුරෙන් මුදවා ගැනීමටයි. ඔවුන් හිස් 10ක් ඇති රාවණ කෙනෙක්ව නිර්මාණය කරයි. ඔවුන් ඔහුව, අත් 20ක් ඇතිව පෙන්වා තිබේ. පාපයන් පහක් පුරුෂයාගේද, පාපයන් පහක් ස්ත්‍රියගේ බවද, පියා පෙන්වා දී තිබේ. එය හැඳින්වෙන්නේ රාවණගේ රාජධානිය හෝ පාපයන් පහේ ස්වරූපය ගන්නා මායාගේ රාජධානිය, යනුවෙනි. මෙසේ නොකියයි මේ කෙනාට මායා (ධනය) බොහෝ සේ තිබේ, හෝ ඔහුට මායාගේ කුල්මත්භාවය තිබේ කියා. නැත ධනය, මායා නොවෙයි. ධනයට කියන්නේ සමෘද්ධිය කියාය. ඔය දරුවන්ට බොහෝ සමෘද්ධිය ආදිය ලැබෙයි. ඔබට කිසි දෙයක් ඉල්ලීමට අවශ්‍ය නැත, මන්ද මෙය ඉගෙනුමක් බැවින්. ඉගෙනුමකදී කෙනෙකුට යමක් ඉල්ලීමට අවශ්‍යයද? ගුරුවරයා යමක් උගන්වයිද, ශිෂ්‍යයා එය ඉගෙන ගනී. ඔබ වැඩියෙන් ඉගෙනගන්නා තරමට ඔබට වැඩියෙන් ලැබෙයි. කිසි දෙයක් ඉල්ලීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. මේ සඳහා පාරිශුද්ධත්වය ද අවශ්‍යයි. බලන්න, එක් වචනයක වුවත් කොපමණ වටිනාකමක් තිබේද කියා. කෝටි ප්‍රමාණයක්. පියාව හඳුනගෙන, ඔහුව සිහි කරන්න. පියා ඔබට හැඳින්වීම ලබා දී තිබේ ජීවයක්, තිතක් වන ආකාරයෙන්ම, මමද ජීවයක්, තිතක්මි. ඔහු සදාතනිකව පිවිතුරුයි. ඔහු සාමයේ, ඥානයේ සහ පාරිශුද්ධත්වයේ සාගරයයි. ප්‍රශංසාව ඇත්තේ එක් අයගේ පමණය. සෑම කෙනෙකුටම තමන්ගේම ස්ථානය තිබේ. දෙවියන් සෑම අංශුවකම සිටින බව පෙන්වන නාටකයක් ඔවුන් නිපදවා තිබේ. නාටකය දැක ඇති අය මේ ගැන දන්නවා ඇති. බාබා, මහාවීර දරුවන්ට පවසන්නේ ඔබට ඕනෑම තැනකට යා හැක. ඔබ සෑම දෙයක් දෙසම නොබැඳි නිරීක‍්ෂකයෙක් සේ බැලිය යුතුයි. ඔය දරුවන් දැන් රාමාගේ රාජධානිය ස්ථාපනය කර, රාවණගේ රාජධානිය අවසන් කරනවා. මෙය අසීමිත දෙයකි. ඔවුන් සීමිත කතා පුවත් සාදා තිබේ. ඔබ ශිව ශක්ති සේනාවයි. ශිවා සර්ව බලධාරියාය. ඔබ ශිවාගෙන් ශක්තිය ලබා ගන්නා, ශිවාගේ සේනාවයි. ඒ මිනිසුන් ඉන් පසුව ‘ශිවාගේ සේනාව‘ යන නම දී තිබේ. ඔබගේ නම විය යුත්තේ කුමක්ද? ඔබව නම් කර තිබෙන්නේ ප්‍රජාපිතා බ්‍රහ්ම කුමරුන් සහ කුමරියන් යනුවෙනි. සියල්ලන්ම ශිවාගේ දරුවන්ය. මුලු ලොවෙහිම ජීවයන් ඔහුගේ දරුවන්ය. ශිවාගෙන් ඔබට ශක්තිය ලැබෙනවා. ශිව බාබා ඔබට දැනුම කියා දෙනවා, එය තුළින් ඔබට කෙතරම් ශක්තිය ලැබේද යත්, චක්‍රයෙන් භාගයක්ම ඔබ මුලු ලොවම පාලනය කරයි. ඔබට යෝගා බලය ඇති අතර, ඔවුන්ට ඇත්තේ භෞතික බලයයි. භාරතයේ පෞරාණික රාජයෝගාව සිහිපත් කර ඇත. එය තුළින් පාරාදීසය ස්ථාපිත කරන ලද, භාරතයේ පෞරාණික රාජයෝගාව ඉගෙනගැනීමට මිනිසුන්ට උවමනාය. ක්‍රිස්තුස් වහන්සේට මෙපමණ වර්ෂ ගණනාවකට පෙර, පාරාදීසය තිබූ බව මිනිසුන් කියති. එය නිර්මාණය වුණේ කෙසේද? යෝගාව තුළිනි. ඔබ ගෘහ මාවතට අයත් සන්යාසීන්ය. ඒ මිනිසුන් ඔවුන්ගේ නිවෙස් සහ පවුල් අතහැර දමා කැලෑ වදියි. නාටකයට අනුව එක් එක් කෙනාට තමන්ගේම චරිත කොටස ලැබී තිබේ. මෙතරම් කුඩා ජීවයකට, මෙතරම් විශාල චරිත කොටසක් තිබේ. මෙයට කිව හැක්කේ ස්වභාව ධර්මය කියා පමණයි. පියා, සදා බලවත් මෙන්ම ස්වර්ණම යුගී වේ. ඔබට දැන් ඔහුගෙන් බලය ලැබෙනවා. මෙම නාටකය නිර්මාණය වී තිබේ. ඔහු සූර්යයන් දහසකට වඩා දීප්තිමත් නැත. දෙවියන් වෙනුවෙන් ඔවුන්ට ඇත්තේ කුමන භක්තිමත් හැඟීමක්ද, ඔවුන් ඔහුව දකින්නේ එම ද්‍රිෂ්ඨියෙනි. ඔවුන්ගේ ඇස් රතු වෙයි. ’එය නවත්වන්න! මට තවත් එය දරාගන්න බැහැ.‘ පියා පවසන්නේ ඒ සෑම එකක්ම භක්ති මාර්ගයේ සංස්කාරයි. මෙය ඔබ ඉගෙනගත යුතු ඥානයයි. පියා, ගුරුවරයා ද වෙයි. ඔහු ඔබට උගන්වනවා. ඔහු අපට පවසන්නේ ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් විය යුතුයි. බාබා විස්තර කර දී ඇත්තේ නරක දේට සවන් නොදෙන්න.... මෙය පැවසුවේ කවුරුන්ද කියා මිනිසුන් නොදනී. පෙර ඔවුන් වඳුරන්ගේ රූපයක් පෙන්වූවා. දැන් ඔවුන් මෙය මනුෂ්‍යයින්ගේ රූප වලින් පෙන්වයි. බාබා, නාලිනි දියණියගේ ඡායාරූපයක් සාදවා ගත්තා. මිනිසුන්ට භක්තිය පිළිබඳව බොහෝ කුල්මත්භාවයක් තිබේ. එය දැන් ඥානයේ රාජධානිය බවට පත් වෙමින් තිබෙනවා. එහි වෙනසක් තිබේ. ඥානය තුළින්, සැබවින්ම බොහෝ සතුට ලැබෙන බව ඔය දරුවන් දන්නවා. ඉන්පසුව භක්ති මාර්ගයේදී ඔබ ඉනිමඟ දිගේ අඛණ්ඩව පහළට පැමිණෙයි. අප පළමුවෙන්ම ස්වර්ණමය යුගයට යන අතර, ඉන්පසුව උකුණෙක් මෙන් පහළට පැමිණෙයි. වසර 1250 කදී, අප අංශක දෙකක් පමණක් බසී. සෙඳහි නිදසුන ඇත. සඳට චන්ද්‍ර ග්‍රහණයක් එයි. අංශක දිගින් දිගටම අඩුවන අතර, ඉන්පසුව එය ක්‍රමයෙන් වැඩිවී දිව්‍යමය අංශක 16ක් පරිපුර්ණ වෙයි. එය තාවකාලික කාරණාවකි. මෙය අසීමිත කරුණකි. මෙකල සෑම කෙනෙක් මතම රාහුගේ අපල තිබේ. උසස්ම දශාව වන්නේ ගුරුගේ දශාවයි. පහත්ම දශාව වන්නේ රාහුගේ දශාවයි, මෙය ඔබව සම්පූර්ණයෙන්ම බංකොලොත්භාවයට පත් කරවයි. අප ගුරුගේ දශාවෙන් ඉහළ නඟිනවා. ඒ මිනිසුන් අසීමිත පියාව නොදනී. දැන් සියලු දෙනා මතම ඇත්තේ රාහුගේ දශාවයි. මෙය දන්නේ ඔබ පමණයි අන් කිසිවෙක් නොදනී. ඔබව දුගී කරවන්නේ රාහුගේ දශාවයි. ඔබ ගුරුගේ දශාවෙන් සමෘද්ධිමත් වෙයි. භාරතය බොහෝ සේ සමෘද්ධිමත්ව තිබිණි. තිබුණේ එක් භාරතය පමණයි. ස්වර්ණමය යුගයේ, රාමාගේ රාජධානිය තිබේ, ප්‍රශංසා කෙරෙන පිවිතුරු රාජධානිය එයයි. අපවිත්‍ර රාජධානියේ අය ගායනා කරන්නේ ’අපට ගුණධර්ම නොමැත, අපට කිසිම ගුණධර්මයක් නැත‘. ඔවුන් ’නිර්ගුණ‘ කියා (ගුණධර්ම නොමැති) සංවිධානයක් ස්ථාපනය කර තිබේ. ඇත්ත වශයෙන්ම එය එක් කෙනෙක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි, මුලු ලෝකයම ගුණධර්ම නොමැති සංවිධානයකි. දරුවන්ට සෑම විටෙකම ශ්‍රේෂ්ඨ ජීව, යැයි කියයි. ඔබ ඉන්පසුව කියන්නේ ඔවුන්ට කිසිම ගුණධර්මයක් නොමැත කියාය. මුලු ලෝකයම රාහුගේ දශාව අත්විඳින්නේ, ඔවුන්ට ගුණධර්ම නොමැති නිසාය. පියා දැන් පවසන්නේ දානයක් දෙන්න, එවිට ග්‍රහණයේ දශාවන් ඉවත් කළ හැක. සෑම කෙනෙක්ම දැන් ආපසු නිවසට යා යුතුයි. ඔබ ඔබගේ ශරීරය සහ සියලුම ශාරීරික ආගම් අත්හල යුතුයි. ඔබ ජීවයක්ය යන විශ්වාසය ඇති කරගන්න. ඔබ දැන් ආපසු නිවසට යා යුතුයි. පිවිතුරු නොවීම නිසා, කිසි කෙනෙකුට ආපසු නිවසට යාමට නොහැක. පියා දැන් ඔබට පිවිතුරු වීමේ අන්දම පෙන්වා දෙනවා. අසීමිත පියාව සිහිපත් කරන්න. සමහරුන් කියන්නේ ’බාබා, අපට අමතක වෙනවා‘. පියා පවසන්නේ සුමිහිරි දරුවනි, ඔබ පාරිශුද්ධකරුවා වන පියාව අමතක කරන්නේ නම්, ඔබ පිවිතුරු වන්නේ කෙසේද? ඔබ මොනවාද කියන්නේ කියා ටිකක් සිතා බලන්න! ඔවුන්ගේ පියාව අමතක වනවා කියා සතුන් වත් කියන්නේ නැත. ඔබ මොනවද මේ කියන්නේ ? මම ඔබගේ අසීමිත පියායි. ඔබ පැමිණ ඇත්තේ ඔබගේ අසීමිත උරුමය හිමි කර ගැනීමටයි. අශාරීරික පියා, ශරීරයකට පැමිණි විට පමණයි ඔහුට ඉගැන්වීමට හැකි වන්නේ. පියා දැන් මෙම කෙනා තුළට ඇතුලු වී සිටියි. අප දෙදෙනා එකට, බාප්දාදාය. දෙදෙනාගේම ජීව ඇත්තේ, මෙම නළල මධ්‍යයේය. ඔබ ’බාප්දාදා‘ කියන විට, ජීව දෙකම නිසැකයෙන්ම සිටිනවා විය යුතුයි ශිව බාබා සහ බ්‍රහ්මා ජීවය. ඔබ සෑම කෙනෙක්ම ප්‍රජාපිතා බ්‍රහ්ම කුමර කුමරියන් වී සිටියි. ඔබට ඥානය ලැබෙනවා, එබැවින් ඔබ සහෝදරයන් බව ඔබ දන්නවා. ඉන්පසුව, ඔබ ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙන් සහෝදරයන් සහ සහෝදරියන් වෙයි. මෙම සිහිපත් කිරීම බොහෝ ස්ථීර විය යුතුයි. කෙසේවෙතත්, සහෝදර සහෝදරියන් අතරත් නම සහ රූපයේ ආකර්ෂණය ඇති බව, බාබා දකිනවා. බොහෝ දෙනෙකුට නිශේදනීය සිතිවිලි තිබේ. ඔබට නිශේදනීය සිතිවිලි ඇති වන්නේ ඔබ ශරීරය දෙස බලන නිසාය. පියා දැන් පවසන්නේ තමන් ජීවයක් බව සළකා, අන් අය දෙස, සහෝදරත්වයේ ද්‍රිෂ්ඨියෙන් බලන්න. සියලුම ජීවයන්, සහෝදරයන්ය. ඔවුන් සහෝදරයන් නම් නිසැකයෙන්ම පියා සිටිය යුතුයි. සෑම කෙනෙකුටම සිටින්නේ එක් පියාය. සෑම කෙනෙකුටම පියා සිහිවෙයි. පියා දැන් පවසන්නේ ඔබට සතෝප්‍රධාන් වීමට අවශ්‍ය නම්, නිරතුරුවම මා පමණක් සිහි කරන්න. ඔබ වැඩියෙන් මා සිහි කරන තරමට, වැඩියෙන් මළකඩ ඉවත් වෙයි, සතුටේ රසදිය කඳ එවිට ඉහළ නගී, එමෙන්ම ඔබ දරන උත්සාහයට අනුව අංක පිළිවෙලට, ඔබට එම ආකර්ෂණය දැනෙයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඉගෙනුමට සම්පූර්ණ අවධානය යොමු කොට, තමන්ව සමෘද්ධිමත් කරගන්න. කිසි දෙයක් ඉල්ලන්න එපා. පාරිශුද්ධත්වය ධාරණය කරගැනීමෙන් සහ එක් පියාව සිහිපත් කිරීමෙන් කෝටිපතියන් බවට පත් වන්න.

2. රාහුගේ අපල වලින් නිදහස් වීම සඳහා, පාපයන් දන් දෙන්න. නරක දේට සවන් නොදෙන්න... ඔබව ඉනිමඟ දිගේ පහළට ගෙනැවිත්, ගුණධර්ම නොමැති අය බවට පත් කළ දේවල්, ඔබගේ බුද්ධියෙන් ඉවත් කරගන්න.

වරදානය:
'ඔබ පළමුව' යන මන්ත්‍රයෙන් නිහතමානී මෙන්ම ශ්‍රේෂ්ඨ අයෙක් වුණු විට ඔබට සැමගේ ගෞරවය ලැබෙනු ඇත.

නිරන්තරයෙන් මෙම මහා මන්තය මතක තබා ගන්න: නිහතමානී අය සෑම විටම ශේෂ්ඨයින් වෙති. සෑම කෙනෙකුගෙන්ම ගෞරවය ලැබිමට මඟ වන්නේ ‘ඔබ පළමුව‘ කියා කීමයි. වරමක් ලෙසින් නිරතුරුව මෙම මන්තය ඔබ ලඟ තබා ගෙන ශ්‍රේෂ්ඨ වන්න. වරම් වලින් පෝෂණය ලබන විට ඔබගේ ගමනාන්තයට පියාසර කර යා හැකි වේ. එම වරම් භාවිත නොකරන විට වෙහෙස විමට සිදු වේ. ඔබ නිරන්තරයෙන්ම වරම් මඟින් පෝෂණය වෙමින් සෑම කාර්යයකදීම එම වරම් බලය යොදා ගන්නවා නම් ඕනෑම කාර්යයක් අවසන් වි ඔබ නිරන්තරයෙන් සාර්ථකත්වය හා තෘප්තිය අත්දකිනු ඇත.

පාඨය:
ඔබගේ පෙනුමෙන් සේවය කිරීමට නම්, ඔබ සතු සිනහමුසු, සැහැල්ලු හා පරිණත ස්වරූපය මතු විමට ඉඩ හරින්න.