28.04.24    Avyakt Bapdada      Sinhala Murli     23.10.99    Om Shanti    Madhuban


කාලයේ අයැදීම වන්නේ දානපතියෙක් වන ලෙසයි.


අද දින, වඩාත්ම ශ්‍රේෂ්ඨ භාග්‍යය පිරිනමන්නා, සියලු බල පිරිනමන්නා, වන බාප්දාදා, මධුබන් වල, මේ දේශයේ සහ විදෙස් රටවල සිට ඔහුට සවන් දෙන ඔහුගේ සියලු දරුවන්ව දකිනවා. ඔබ සියලු දෙනා කොහේ අසුන්ගෙන සිටියත් ඔබගේ හදවත් වලින් ඔබ සියලු දෙනාම සිටින්නේ බාප්දාදා ඉදිරියේ පෞද්ගලිකව අසුන් ගෙනයි. එබැවින් සෑම තැනකම සිටින සියලුම දරුවන් දැකීමට බාප්දාදා සතුටු වනවා. ඔබ සියලු දෙනාමත් ඉන්නේ සතුටින් නේද? ඔය දරුවන් සතුටු වන අතර බාප්දාදාද සතුටු වනවා. හදවතේ ඇති මෙම නිරන්තර සතුට, මුළු ලෝකයේම ඇති සියලු දුක් ඉවත් කරයි. ඔබගේ හදවතේ ඇති මෙම සතුට, ජීවාත්මයන්ට පරම පියාගේ අත්දැකීමක් ලබා දෙයි, මන්ද, ඔහු සියලුම ජීවාත්මයන්ගේ නිරන්තර සේවකයා වන අතර ඔය සියලුම දරුවන් ඔහුගේ සේවා සගයන්ය. ඔබ සියලු දෙනාම සගයන් නේද? ඔබ පරම පියාගේ සගයන් වන අතර ඔබ ලෝකයේ දුක පරිවර්ථනය කර, නිරන්තරයෙන් සේවයේ නිරත වී සිටින අතර සතුටින් සිටින මාර්ගය එයයි. ඔබ නිරන්තර සේවාධාරීන්ය. ඔබ පැය 4ක් හෝ 6ක් පමණක් සේවය කරන අය නොවෙයි. ඔබ සෑම තත්පරයකදීම සේවා වේදිකාවේ ඔබගේ චරිත කොටස් රග දක්වන පරමාත්ම දෙවියන්ගේ සගයන්ය. ඔබගේ සිහි කිරීම නිරන්තර වන සේම ඔබගේ සේවයත් නිරන්තරයි. ඔබ තමන් නිරන්තර සේවාධාරීන් බව අත්දකිනවාද? එසේ නැත්නම් ඔබ පැය 8ක් හෝ 10ක් පමණක් සේවය කරන සේවාධාරීන්ද? මෙම බ්‍රහ්මින් උපත තිබෙන්නේ සිහිපත් කිරීමට සහ සේවය කිරීමටයි. ඔබ කළ යුතු වෙනත් දෙයක් තිබෙනවාද? ඔබ කළ යුත්තේ මෙය පමණයි. සෑම තත්පරයකදි සහ සෑම හුස්මකින්ම, සේවය සහ ස්මරණය එකවර සිදු විය යුතුයි. එසේ නැත්නම් සේවය කරන වෙලාව, සිහි කිරීමේ වෙලාවෙන් වෙනස්ද? එය එසේ නොවෙයි නේද? ඔබට හොද තුලනයක් තිබෙනවාද? ඔබ 100% සේවය කරනවා නම් ඔබට 100% ස්මරණයත් තිබෙනවාද? දෙක අතර සමබරතාවයක් තිබෙනවාද? වෙනසක් තිබෙනවා නේද? කර්ම යෝගීවරයෙක් යනු, සිහි කිරීමේ සිටින අතර ක්‍රියාවේ යෙදෙන අයෙකි; සේවය සහ ස්මරණය තිබිය යුතුයි. තුලනය සමාන විය යුතුයි. ඔබගේ සිහිපත් කිරීම විටෙක, ඔබ කරන සේවයට වඩා වැඩි නොවිය යුතුයි. හෝ ඔබගේ සේවය, ස්මරණයට වඩා වැඩි නොවිය යුතුයි. ජීවාත්මය සහ සිරුර මෙම වේදිකාව මත සිටින තාක්, ඒ දෙකම ඇත්තේ එකටයි. ඒ දෙක වෙන් කළ හැකිද? ඒ අන්දමින්ම, සිහි කිරීම සහ සේවයද ඒකාබද්ධ විය යුතුයි. සිහි කිරීම යනු, පියාට සමාන වීමය. ඔබගේ ස්ව-අභිමානය පිළිබද ස්මරණයද තිබිය යුතුයි. ඔබ පරම පියාව සිහි කරන විට, ඔබට ඉබේටම ඔබගේ ස්ව-අභිමානයද සිහි වෙයි. ඔබට ස්ව-අභිමානය නොමැති නම්, ඔබට බලවත් ස්මරණය තිබිය නොහැක.

ස්ව-අභිමානය යනු පියාට සමාන වීමයි. පූර්ණ ස්ව-අභිමානය යනු පියාට සමාන වීමය. එවන් ස්මරණය ඇති දරුවන්, නිරන්තර පිරිනමන්නන් වෙයි. ඔවුන් ගන්න අය නොවෙයි, ඔවුන් දෙන අය, දේවතාවරු වෙයි. ඔබ කෙතරම් ප්‍රමාණයකට දානපතියන් වී සිටිනවාද කියා, අද බාප්දාදා සියලුම දරුවන්ගේ මනෝ ස්ථිතිය පරීක්ෂා කළා. කිසිවක් ගැනීම පිළිබදව, පියාට කිසි විටෙක සිතිය නොහැක. ඔහු නිරන්තරයෙන් දීම පිළිබදවයි සිතන්නේ. ඔබට ඇති සියලු පැරණි දේවල් දෙන ලෙස ඔහු පවසන විටත්, ඔහු ඔබට අළුතින් සියලු දේ ප්‍රතිලාභයක් ලෙසින් ලබා දෙයි. ලබා ගැනීම යනු, පරම පියාට දීමය. එබැවින් වර්ථමානයේ දරුවන්ගේ එක මාතෘකාවකට බාප්දාදා බොහෝ ප්‍රිය කරයි. එය කුමන මාතෘකාවද? විදේශිකයන් තෝරාගත් මාතෘකාව. ඒ කුමන මාතෘකාවද? ‘කාලයේ අයැදීම’.

වර්ථමානයේ ඔය දරුවන් වෙනුවෙන් කාලයේ අයැදීම කුමක්ද කියා බාප්දාදා බැලුවා. වර්ථමානයේ කාලයේ අයැදීම කුමක් වෙයිද කියා ඔබට වටහාගත හැක. තමන් ගැන සිතන්න. සේවය වෙනුවෙන් ඔබ දේශන පවත්වා ඇති අතර ඔබ තවමත් එය සිදු කරයි, එහෙම නේද? කෙසේවෙතත්, තමන්ගෙන් තමා පිළිබදව විමසන්න: වර්ථමානයේ, කාලය මගෙන් අයදින්නේ කුමක්ද? එය කුමක්ද? කාලයේ වත්මන් අයැදුම කුමක්ද? වත්මන් කාලයට අනුව, ඔය සියලුම දරුවන්, දානපතියෙක් වීමට, අවධානය වැඩි කළ යුතු බව. ස්ව-ප්‍රගතිය අතින් සහ සියලු දෙනා කෙරෙහි සෙනෙහස තිබීම අතින්, දානපතියෙක් වීමේ හැගීම්, ඔබ තුළ දිස්වන සේ ඉස්මතු වී තිබෙනවාද? වෙන අය කවුරු වුනත්, ඔවුන් කෙබදු අන්දමේ අය වුනත් කම් නැත, ඔබ කළ යුත්‌තේ දන් දීමය. දානපතියෙකුට සීමිත ආකල්පයක් නොවෙයි, නිරන්තරයෙන් අසීමිත ආකල්පයක් තිබෙයි. දානපතියෙක් නිරන්තරයෙන් පිරී, පිටාර ගලමින් සිටියි. දානපතියෙක් නිරතුරුවම මාස්ටර් සමාව දීමේ සාගරයක් වෙයි. මේ නිසා, ඔබගේ සීමිත සංස්කාර සහ අන් අයගේ සංස්කාර ඉස්මතු නොවන අතර ඒවා මුසු වනු ඇත. ‘මා පිරිනැමිය යුතුයි. අන් අය දුන්නත් නැතත්, මා දානපතියෙක් විය යුතුයි.’ ඕනෑම සංස්කාරයක බලපෑමක් යටතේ සිටින ඕනෑම ජීවාත්මයකට ඔබ උපකාර කළ යුතුයි. එවිට කිසිවෙකුගේ සීමිත සංස්කාර ඔබට බලපෑමක් නොකරනු ඇත. තව කෙනෙක් ඔබට ගරු කළත් නැතත්, ඔබ ගෞරවය ලබා දිය යුතුයි. මේ ආකාරයට දානපතියෙක් වීමේ ඔබගේ හැගීම් දැන් ඉස්මතු විය යුතුයි. මෙසේ නොවිය යුතුයි, ඔබගේ මනස තුළ මෙම හැගීම තිබෙන නමුත්.. ‘නමුත්’ නොතිබිය යුතුයි. ‘මා මෙය කළ යුතුයි.’ යම් කෙනෙකුගේ ක්‍රියා හෝ වචන වලට ඔබ ප්‍රිය නොකරන්නේ නම්, ඒවා පිළිනොගන්න. ඔබ යම් නරක දෙයක් ගන්නවාද? ඔබගේ මනසින් එම දේ ධාරණය කරගැනීම යනු, ඔබ ඒ දේ ගැනීමයි. එය ඔබගේ හිස වත් ස්පර්ෂ නොකළ යුතුයි. එම කාරණාවට ඔබගේ හිස තුළට ඇතුළු වීමට වත් ඉඩ නොදෙන්න. එය යම් නරක දෙයක් බැවින්, එය යහපත් නොවන බැවින්, ඔබගේ හිසින් හෝ හදවතින් එය නොගන්න; එය ධාරණය කර නොගන්න. ඒ වෙනුවට දානපතියෙක් වී, සුබ පැතුම් සහ පිවිතුරු හැගීම් පවත්වා ගන්න. නරක කිසිවක් නොගන්න. දැන් කාලයට අනුව, ඔබගේ හිස සහ හදවත හිස්ව නොමැති නම්, ඔබට නිරන්තර සේවාධාරියෙක් වීමට නොහැකි වෙයි. ඔබගේ හිස සහ හදවත, යම් දෙයක කාර්යබහුලව ඇත්නම්, ඒවා කුමන සේවයක් කරයිද? එවිට එය මෙහිදීද, ඔබ පැය 8ක් හෝ10ක් සේවය කරන බාහිර ලෝකය මෙන් වෙයි. එවිට ඔබ පැය 8ක් හෝ 6ක් සේවය කරන සේවාධාරියෙක් වෙයි. ඔබට නිරන්තර සේවාධාරියෙක් වීමට නොහැකි වෙයි. ඔබට ඔබගේ සිතිවිලි, වචන හෝ ක්‍රියා මගින්, එනම්, නෑ සබැදියන් සමග අන්තර් සම්බන්ධතා තුළින් සේවය කළ හැක. සෑම තත්පරයකදීම දානපතියෙක්, සේවාධාරියෙක් වන්න. ඔබගේ සිරස, හිස්ව තබා ගැනීමෙන් ඔබට සේවයේදි පරම පියාගේ සගයා විය හැක. ඔබගේ හදවත නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමෙන්, ඔබට සේවය කිරීමේදි පරම පියාගේ නිරන්තර සගයා විය හැක. ඔබ සියලු දෙනාම සිදු කළ ඇති පොරොන්දුව කුමක්ද? ඔබ පියා සමග හිද, ඔහු සමග ආපසු යන බවට, පොරොන්දු වී තිබේ. ඔබගේ පොරොන්දුව මෙය නේද? බාබා ඉදිරියෙන් යන අතර ඔබ ඔහුගේ පිටුපසින් යනවා නොවෙයි. එය එසේ නොවෙයි. ඔබ එකට සිටීන බවට පොරොන්දුවක් සිදු කළා නේද? පරම පියා සේවය නොකර සිටිනවාද? ඔහු සිහි නොකරවත් සිටින්නේ නැහැ. ඔබ බාබා තරමටම ස්මරණයේ සිටියි, නමුත් උත්සාහ දරා. ඔබටද එම සිහි කිරීම තිබෙන නමුත් එය, උත්සාහ දැරීමෙන් සහ අවධානය තිබීමෙන්ය. පරම පියාට තව ඇත්තේ කුමක්ද? පරමාත්ම ජීවයට සිටින්නේ ඔය ජීවාත්ම පමණයි. ඔව් සැබවින්ම සියලුම ජීවාත්ම අංකානුරූපයි. ඔය දරුවන්ගේ සිහිකිරීම නොමැතිව පරම පියාට සිටිය නොහැක. පියාට ඔය දරුවන්ව සිහි නොකර සිටිය හැකිද? ඔබට බාබාව සිහි නොකර සිටිය හැකිද? විටෙක ඔබ දගකාර වෙයි.

එසේ නම් ඔබට ඇසුනේ කුමක්ද? කාලයේ අයැදුම වන්නේ, ‘දානපතියෙක් වන්න.’ මේ සදහා මහත් අවශ්‍යතාවයක් තිබේ. ලෝකයේ සියලු ජීවාත්මයන්ගේ අයැදීම වන්නේ: ‘අහෝ, අපේ විශේෂ ආදරණීය දේවතාවරුනි!’ ඔබ විශේෂ ආදරණීය දේවතාවන් නේද? එක හෝ තව ස්වරූපයකින්, සියලු ජීවාත්ම වෙනුවෙන් විශේෂ ආදරණීය දේවතාවන් ඔබ නේද? එබැවින් දැන් සියලු ජීවාත්මයන්ගේ අයදීම වන්නේ: ‘අහෝ විශේෂ ආදරණීය දේවතාවනි, දෙවි දේවතාවනි, පරිවර්ථනය ගෙන එන්න!’ ඔබට මෙම කන්නලව්ව ඇසෙනවාද? ඔය පාණ්ඩවයන්ට මෙම කන්නලව්ව ඇසෙනවාද? මෙම කන්නලව්ව ඇසීමෙන් පසු ඔබ කරන්නේ කුමක්ද? ඔබට එය ඇසිය හැකි බැවින්, ඔබ යම් විමුක්තියක් ලබා දෙනවාද, නැත්නම් ඔබ තවමත් මෙසේ සිතමින් සිටිනවාද, ‘ඔව්, අප එය කරන්නම්.’ ඔබට අයැදීම ඇසෙනවාද? ඔබ මිනිසුන්ට කාලයේ අයැදීම ගැන කියයි, නමුත් ඔබ කරන්නේ සියලුම ජීවාත්මයන්ගේ අයැදීමට සවන් දීම පමණයි. එබැවින්, ඔය විශේෂ ආදරණීය දේවතාවනි, දානපතියෙක් වීමේ ඔබගේ ස්වරූපය දැන් ඉස්මතු කරගන්න. ඔබ දැන් පිරිනැමිය යුතුයි. එකදු ජීවාත්මයක්වත් මග නොහැරිය යුතුයි, නැත්නම් ඔවුන් ඔබට පැමිණිලි මල් දම් වලින් මාල පලදයි. මිනිසුන් සැබවින්ම පැමිණිලි කරයි, එහෙම නේද? එබැවින් ඔබ පැමිණිලි මල්දම් පලදින විශේෂ දේවතාවරුන්ද, නැත්නම් මල් වලින් සැදි මාල පලදින දේවතාවරුන්ද? ඔබ කුමන විශේෂ දේවතාවන්ද? ඔබ පිදුම් ලැබීමට සුදුසුයි නේද? ඔබ අවසානයේ පැමිණ ඇති බවත්, දානපතියන් වන්නේ සියලුම ජ්‍යේෂ්ඨයන් පමණක් බවත්, ඔබ එය වීම, කිසිසේත් සිදු විය නොහැකි දෙයක් බවත්, නොසිතන්න. නැහැ, සියලු දෙනාම දානපතියන් විය යුතුයි.

ප්‍රථම වතාවට මධුබන් පැමිණි අය අත් ඔසවන්න! අච්චා. ප්‍රථම වතාවට මෙහි පැමිණි අය, ඔබට දානපතියන් විය හැකිද, නැත්නම් ඔබ එය වන්නේ දෙවන හෝ තෙවන වසරේද? මෙම දැනුම එක වසරක් අනුගමනය කරමින් සිටි අයට දානපතියන් විය හැකිද? (හා ජී). ඔබ බොහෝ දක්ෂයි. ඔබගේ එඩිතරකම දැකීමට බාප්දාදා සෑම විටම ප්‍රිය කරයි. ඔබ එක් වසරක් වයසැති කෙනෙක් වුනත් මාස 6ක් වයසැති කෙනෙක් වුනත්, ඔබ මාසයකින් පමණක් තමන්ව බ්‍රහ්ම කුමාරි හෝ කුමරෙක් ලෙස හදුන්වාගනී. එබැවින් බ්‍රහ්ම කුමාරි හෝ කුමරෙක් වීම යනු, බ්‍රහ්ම පියාගෙන් උරුමයට අයිතියක් හිමි කරගැනීමයි. ඔබ බ්‍රහ්ම කුමාරියක් හෝ කුමරෙක් වුනේ, ඔබගේ පියාණන් ලෙස ඔබ බ්‍රහ්මව පිළිගත් විටයි. එබැවින් ඔය බ්‍රහ්ම කුමර කුමරියන් ශිව පියා සහ බ්‍රහ්ම පියාගෙන් උරුමයකට අයිතියක් හිමි කර ගත්තා. නොඑසේ නම්, මසක් පමණක් වයසැති අයට උරුමයක් නොලැබෙයිද? එක මාසයක් වයසැති අයට උරුමයක් ලැබෙයිද? ඔබට ඔබගේ උරුමය ලැබී ඇති බැවින්, එය අන් අයට දීමට ඔබ දානපතියන් වෙනවා නේද? ඔබට ලැබී ඇති කුමක් වුනත්, එය අන් අයට දීම, ඔබ ආරම්භ කළ යුතුයි නේද?

ඔබ පරම පියා සමග සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන ඇත්නම්, සහ ඔහු ඔබගේ පියා බව ඔබ සලකන්නේ නම්, ඔබට එක දිනකින් වුවද උරුමය හිමි කරගත හැක. සමහරු සිතන්නේ, ‘මෙය හොදයි; යම් බලයක් තිබෙනවා, මට එය වැටහෙනවා, නමුත් මෙය මදි.’ උරුමයට අයිතියක් තිබෙන්නේ දරුවන්ටයි, නිකම් වටහාගෙන නරඹන අයට නොවෙයි. ඔබ හදවතින් බාබාව ඔබගේ පියා ලෙස පිළිගන්නේ නම් එවිට ඔබට එක දවසකින් ඔබගේ උරුමයට අයිතියක් හිමි කරගත හැක. ඔබ සියලු දෙනාම මෙය නේද? ඔබ සියලු දෙනාම බ්‍රහ්ම කුමර කුමරියන් නේද? එසේ නැත්නම් ඔබ තවම එය බවට පත් වෙමින් සිටිනවාද? ඔබ එය බවට පත් වෙලාද, නැත්නම් ඔබ මෙහි පැමිණියේ එය වීමටද? කිසිවෙකුට ඔබව වෙනස් කළ හැකිද? ඔබ බ්‍රහ්ම කුමර කුමරියන් වෙනවා වෙනුවට ඔබ නිකම්ම කුමර කුමරියන් වීම සිදු විය හැකිද? බ්‍රහ්ම කුමර කුමරියන් වීමේ බොහෝ යහපතක් තිබේ. එම යහපත, එක් උපතකට පමණක් නොවෙයි, නමුත් උපත් බොහෝ ගණනාවකටයි. ඔබ උපත් භාගයක් හෝ උපත් කාලක් උත්සාහ දරන අතර, ඔබට ලැබෙන ප්‍රතිලාභය, බොහෝ උපත් ගණනාවකටයි. ඇත්තේ වෙන කිසිවක් නොව යහපතම පමණයි.

වත්මන් කාලයට අනුව, බාප්දාදා ඔබගේ අවධානය විශේෂයෙන් එක දේකට යොමු කරවනවා, මන්ද ඔහු ඔය දරුවන්ගේ ප්‍රතිඵල නිරන්තරයෙන් දකිනවා. ඔබගේ ප්‍රතිඵලයේ ඔබට ඉතා හොද එඩිතරකම ඇති බව බාබා දුටුවා. එමෙන්ම ඔබට ඉතා හොද අරමුණක්ද තිබෙනවා. කෙසේවෙතත්, ඔබගේ අරමුණට අනුව, දැන් වුවද, ඔබගේ අරමුණ සහ එහි සුදුසුකම් අතර වෙනසක් තිබෙනවා. ඔබ සියලු දෙනාගේම අරමුණ වන්නේ අංක එක හිමි කරගැනීමයි. ඔබගේ අරමුණ වන්නේ උපත් 21කට රාජධානියේ භාග්‍යය හිමි කරගැනීමට, සූර්ය වංශයේ කොටසක් වීමටද, නැත්නම් චන්ද්‍ර වංශයේ කොටසක් වීමටද කියා, බාප්දාදා ඔය ඕනෑම කෙනෙකුගෙන් විමසන්නේ නම්, ඔබ සියලු දෙනාම ඔබගේ අත් ඔසවන්නේ කුමකටද? සූර්ය වංශයේ කොටසක් වීමටයි. චන්ද්‍ර වංශයෙන් කොටසක් වීමට කැමති කිසිවෙක් සිටියිද? කිසිවෙක් නැත. (එක පුද්ගලයෙක් ඔහුගේ අත එසවීය). එය හොදයි. එසේ නොවූයේ නම් එම ආසනය හිස්ව තිබෙයි. ඉතිං ඔබ සියලු දෙනාටම ඉතා හොද අරමුණක් තිබෙනවා. ඔබගේ සුදුසුකම්, ඔබගේ අරමුණට අනුව තිබීම සදහා අවධානය යොමු කිරීමට අවශ්‍යයි. මෙයට හේතුව කුමක්ද? ඔබට මෙය අද පවසන ලදි, එනම්, ඔබ විටෙක ගන්නා අය පමණක් වන බවයි. ‘මෙය සිදු විය යුතුයි, මේ කෙනා මෙය කළ යුතුයි, මේ කෙනා උදව් කළ යුතුයි, අනෙක් කෙනා වෙනස් වුනොත් මා වෙනස් වනවා. මෙම සිදුවීම යහපත් වුනොත් මා හොදින් සිටිවි.’ මෙය, ගන්නා කෙනෙක් පමණක් වීමය. මෙය දානපතියෙක් වීම නොවෙයි. යමෙක් ඔබට යම් දෙයක් දුන්නත් නැතත්, පියා ඔබට සියල්ල ලබා දී ඇත. පරම පියා, යමෙකුට ටිකක් වැඩියෙන් සහ තවත් කෙනෙකුට ටිකක් අඩුවෙන් ලබා දී තිබෙනවාද? සියලු දෙනාටම තිබෙන්නේ එකම පාඨමාලාවයි. ඔබට ග්‍යාන් ලැබී වසර 60ක් වුනත් එක් මසක් පමණක් වුනත්, ඔබ සියලු දෙනාටම තිබෙන්නේ එකම පාඨමාලාවයි. නොඑසේ නම් වසර 60ක් ග්‍යාන් වල සිටින අයගේ පාඨමාලාව, ග්‍යාන් වලට පැමිණ එක් මසක් පමණක් වන අයගේ පාඨමාලාවෙන් වෙනස්ද? ඔබ අද සිදු කළ ආකාරයෙන් ඔවුන් හැදෑරුවේ එකම පාඨමාලාවයි. දැනුම එකයි, ඔබට ලැබෙන සෙනෙහස එකයි, එමෙන්ම ඔබට ලැබෙන සියලුම බල එක සමානයි. සෑම දෙයක්ම එක සමානයි. බාබා එක්කෙනෙකුට බල 16ක් ලබා දී, තව කෙනෙකුට බල 8ක් ලබා දෙනවා නොවෙයි. ඔබ සියලු දෙනාටම හිමි වී ඇත්තේ සමාන උරුමයක්. පියා ඔබ සියලු දෙනාව පිරිපුන් සහ පිටාර ගලන අය බවට පත් කර ඇති බැවින්, එවන් ජීවාත්ම තවමත් ගනිමින් සිටින අය නොව, දානපතියන් වෙයි. ඔබ ලබා දිය යුතුයි. කෙනෙක් දුන්නත් නැතත්, ඔබට ආශාවක් තිබිය යුත්තේ කිසිවක් ගැනීමට නොවෙයි, ලබා දීමටයි. ඔබ දානපතියෙක් ලෙස වැඩියෙන් දෙන තරමට ඔබගේ සම්පත් වඩාත් වැඩි වෙයි. නිදසුනක් ලෙස, ඔබ යමෙකුට ගෞරවය ලබා දෙන විට, ඉන් අදහස් වන්නේ ඔබ තමන්ගේ ගෞරවය වැඩි කරගන්නා බවයි. එම දීම, දීමක් නොවෙයි, නමුත් දීම යනු ලැබීමයි. ගන්නවා වෙනුවට දෙන්න, එවිට මෙය ලැබීම හා සමාන වෙයි. එබැවින් කාලයේ අයැදීම කුමක්ද කියා ඔබට වැටහෙනවාද? දානපතියෙක් වන්න. ‘දානපති’ යන වචනය සරළව මතකයේ තබාගන්න. කුමක් සිදුවුනත් කම් නැත, මෙම ‘දානපති’ යන එක් වචනය මතකයේ තබා ගන්න. ආශාවන් පිළිබද සියලු දැනුම පිළිබදව නොදැනුවත් වීම. සූක්ෂම අන්දමකින් හෝ භෞතික අන්දමකින් වත් කිසිම දෙයක් ලබාගැනීමට ආශාවක් නොතිබිය යුතුයි. දානපතියෙක් යනු, ආශාවන් පිළිබද සෑම දැනුමක් පිළිබදවම නොදැනුවත් කෙනෙකි, පිරිපුන් අයෙකි. ලබාගැනීමට ආශාවක් ඇති වන සේ, ඔබ තුළ කිසිම දෙයක අඩුවක් ඔබ අත්නොවිදුනු ඇත. ඔබ සියලු ලැබීම් වලින් පිරි සිටියි. එබැවින් ඔබගේ අරමුණ කුමක්ද? පිරිපුන් වීමටයි, එහෙම නේද? එසේ නැත්නම් ඔබ ලැබෙන ඕනෑම දේකින් සතුටු වනවාද? පිරිපුන් වීම යනු, අංගසම්පූර්ණ වීමයි.

අද, විදෙස් රටවල අයට අවස්ථාවක් ලබා දී ඇත. එය හොදයි. විදෙස් රටවල අය ප්‍රථම අවස්ථාව ගෙන ඇත, එබැවින් ඔබ විශේෂ ආදරණීය අයයි. අන් සියලු දෙනාටම (භාරත‌යේ අයට) නොපැමිණෙන්නට පවසා ඇති අතර විදෙස් රටවල සියලු දෙනාට ආරාධනා කර ඇත. බාප්දාදා සියලුම දරුවන්ව සිහි කරයි, නමුත් සියලුම ද්විත්ව විදේශික දරුවන්ගේ එඩිතරකම දැකීමෙන් ඔහු සතුටු වෙයි. වර්ථමානයේ ඔබට එතරම්ම කැලඹීමක් නැත. දැන් වෙනසක් තිබේ. ආරම්භයේ ඉන්දියානු සංස්කෘතිය සහ විදෙස් සංස්කෘතිය පිළිබදව ඔබට ගැටළුවක් තිබුණා. දැන් ඔබ සියලු දෙනාම සෑම දෙයක්ම ඉතා පැහැදිලිව වටහාගෙන තිබෙනවා. ඔබ දැන් අයිති වන්නේ බ්‍රහ්මින් සංස්කෘතියටයි. එය ඉන්දියානු සංස්කෘතියක් හෝ විදෙස් සංස්කෘතියක්වත් නොවෙයි! එය දැන් බ්‍රහ්මින් සංස්කෘතියයි! ඉන්දියානු සංස්කෘතියට සුළු සංකූලතාවයක් ඇති කළ හැක, නමුත් බ්‍රහ්මින් සංස්කෘතිය පහසුයි. බ්‍රහ්මින් සංස්කෘතිය යනු, ඔබගේ ස්ව-අභිමානය පවත්වාගෙන ස්ව-ආධිපත්‍යයට අයිතියක් හිමි කරගැනීමයි. මෙයයි බ්‍රහ්මින් සංස්කෘතිය වන්නේ. ඔබ මෙය ප්‍රිය කරනවා නේද? ඉන්දියානු සංස්කෘතිය ආරූඨ කරගන්නේ කෙසේද පිළිබදව ඔබට තව දුරටත් ප්‍රශ්න නැහැ නේද? හෝ එය අපහසු බව? එය පහසු වී තිබෙනවා නේද? එය පහසුද? ඔබ ආපසු නිවසට ගිය විට එය ටිකක් අපහසු බව නොකීමට ප්‍රවේසම් වන්න. ඔබ ආපසු නිවසට ගිය විට එසේ නොලියන්න. ඔබ එය පහසු බව පැවසුවත්, ඇත්ත වශයෙන්ම එය ටිකක් අපහසු බව නොලියන්න. එය පහසුද? නැත්නම් ටිකක් අපහසුද? එය කිසිසේත් අපහසු නැහැ. එය ඉතා පහසුයි. ඔබට සිනහ යන්නේ ඔබගේ සියලු ක්‍රීඩා අවසන් වී ඇති නිසාය. ඔබ දැන් බොහෝ ශක්තිමත් වෙලා. ඔබගේ සියලුම ළමා ක්‍රීඩා අවසන් වී ඇත. ඔබ සියලු දෙනාම දැන් අත්දැකීම් ඇති අය වෙලා. වැඩිමහල් අය වඩාත් ශක්තිමත් වන විට, අළුතෙන් පැමිණි අයත් වඩාත් ශක්තිමත් වන බව, බාප්දාදා දැක ඇත. ඔබ සියලු දෙනාටම ඉදිරියට යාමට මගපෑදීම හොදයි. ඔබ ඉතා හොදින් උත්සාහ දරයි. ඔබ තව දුරටත් දාදීන් වෙතට සිදුවීම් රැගෙන යන්නේ නැහැ නේද? ඔබ දැන් කතාන්දර සහ සිදුවීම් දාදීන් වෙතට රැගෙන යනවාද? මේවා දැන් අඩු වී ඇත. වෙනසක් වී තිබෙනවා නේද? (දාදි ජන්කිට) එබැවින් ඔබ දැන් රෝගී නොවිය යුතුයි! ඔබ රෝගී වන්නේ සියලුම කතාන්දර සහ සිදුවීම් නිසයි, එමෙන්ම ඒවා සියල්ලක්ම දැන් අවසන් වෙලා. ඔබ හොදයි. ඔබ සියලු දෙනාටම තිබෙන්නේ හොදම, විශේෂ ගුණධර්මයි; ඔබගේ හදවතේ පිරිසිදුකම ඉතාම හොදයි. ඔබ කිසි දෙයක් ඇතුලාන්තයේ තබාගෙන නොසිටියි; ඔබ සියල්ල ඉවත් කරයි. අවස්ථාව කුමක් වුනත් ඔබ ඒ ගැන අවංකව කතා කරයි: ‘එය එහෙම නොවෙයි, එය මෙහෙමයි’. ඔබ සෑම දෙයක්ම ඇති සැටියෙන් කියයි. මෙම විශේෂත්වය හොදයි. මේ නිසයි, පියා පවසන්නේ: ඔහු සතුටු වන්නේ අවංක සහ පිරිසිදු හදවතක් සමගයි. ඔව් නම් ඔව්, නැහැ නම්, නැහැ! ඔබ වෙනත් දෙයක් ගැන සලකන්නේ නැහැ. ඔබ බලපෑම් යටතේ ගමන් කරන්නේ නැහැ. ඔබ මාර්ගය අනුගමනය කරන්නේ නම්, ඔබ එය සම්පූර්ණයෙන් අනුගමනය කරයි. නැත්නම්, කිසිසේත්ම නොකරයි. අච්චා.

ලිපි මගින් හෝ වෙනත් අයගේ මාර්ගයෙන් එවා ඇති සියලුම දරුවන්ගේ සෙනෙහස සහ ස්මරණය බාප්දාදා පිළිගෙන තිබේ. එයට ප්‍රතිචාරයක් ලෙස බාප්දාදා ඔය සියලු දරුවන්ට දානපතියන් වීමේ ආශිර්වාදය ලබා දෙනවා. අච්චා, ඔබට තත්පරයකදි පියාසර කළ හැකිද? ඔබගේ පියාපත් ශක්තිමත් නේද? ඔබ ‘බාබා’ පැවසූ සැනින්, ඔබ පියාසර කරයි. (බාබා අභ්‍යාසය මෙයෙවීය).

පියා මෙන් දානපතියන් වීමේ හැගීම් ඇති සෑම තැනකම සිටින සියලුම දරුවන්ට, සිහිපත් කිරීමේ සහ සේවය කිරීමේ නිරන්තරයෙන් නියැලී සිටින සියලුම ශ්‍රේෂ්ඨ දරුවන්ට, පරම පියාට නිරන්තරයෙන් ආදරණීය සහ සමාන වන අයට සහ සමීපව සිටින සහ බාප්දාදාගේ දෑස්වල තාරකා වන අයට, ලෝකයා වෙනුවෙන් නිරතුරුවම හිතකාමී හැගීම් ඇති දයාවන්ත ජීවාත්මයන්ට, බාබාගෙන් ඈත්ව අසුන්ගෙන සිටින හෝ මධුබන් වල (භාවනා ශාලාවේ, හිස්ට්රි ශාලාවේ) පහළ අසුන්ගෙන සිටින මාස්ටර් සමාව දීමේ සාගරයන්ට සහ බාප්දාදාගේ ඉදිරියේ අසුන්ගෙන සිටින සියලුම දරුවන්ට, සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ, සෑම සම්බන්ධකමක්ම ඒකායන කෙනා තුළ අත්දකින සහ ඔබගේ හදවත තුළ හදවත සනසන්නාව මුසු කර ඇති තෘප්තිමත් ජීවාත්මයක් වේවා.

මොළය, දැනුම ගබඩා කර තබන ස්ථානයක් වන නමුත් හදවත, ආදරවන්තයාගේ ස්ථානයයි. සමහර පෙම්වතුන් ඔවුන්ගේ හිස බොහෝ සේ භාවිතා කරන නමුත් බාප්දාදා සතුටු වන්නේ අවංක හදවත් ඇති අය සමගයි. එබැවින් හදවතේ අත්දැකීම් දන්නේ හදවත සහ හදවත සනසන්නාය. හදවත් වලින් සේවය කරන සහ හදවත් වලින් සිහි කිරීමේ සිටින අයට අඩුවෙන් වැඩ කිරීමට සිදුවන අතර ඔවුන් වැඩි තෘප්තියක් අත්විදියි. තම හදවත් වලින් ක්‍රියා සිදුකරන අය, නිරන්තරයෙන් තෘප්තියේ ගීත ගයයි. ඔවුන් කාලයට අනුව සෑම සම්බන්ධතාවයක්ම අත්විදින්නේ ඒකායන කෙනා තුළයි.

පාඨය:
අම්රිත් වේලාවේ සරළ බුද්ධියකින් අසුන්ගන්න, එවිට සේවය සදහා නව ක්‍රමවේද ඔබට ස්පර්ෂ වනු ඇත‍.