29.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මෙය ඉහළට නැඟීමට ඇති, සත්‍යයේ සැබෑ ආශ්‍රයයි. ඔබ දැන් සත්‍ය පියාගේ ආශ්‍රයට පැමිණ සිටියි. එබැවින් කිසිම විටෙක අසත්‍යයේ ආශ්‍රයට නොයන්න.

ප්‍රශ්නය:
ඔය දරුවන්ගේ බුද්ධි, අසීමිත බවේ ස්ථාවරව තිබෙන්නේ, කුමන පදනමට අනුවද?

පිළිතුර:
ස්ව-දර්ශන චක්‍රය නොකඩවා ඔබගේ බුද්ධියෙන් භ්‍රමණය කරන්න. නාටකයේ සිදුවන සෑම දෙයක්ම නියමිත වී තිබේ තත්පරයකවත් වෙනසක් සිදුවිය නොහැක. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුමයි. මෙය ඉතා හොඳින් ඔබගේ බුද්ධිය තුළ ඇති විට, ඔබට අසීමිත බවේ ස්ථාවරව රැඳී සිටීමට හැකි වෙයි. අසීමිත බවේ ස්ථාවරව රැඳී සිටීම සඳහා, විනාශය දැන් සිදුවීමට යන බවත් ඔබ ආපසු නිවසට යා යුතු බවත් ඔබගේ අවධානයේ තබාගන්න. අප පෙරළා නිවසට යන්නේ පිවිතුරු වීමෙන් පසුව පමණයි.

ඕම් ශාන්ති.
ආධ්‍යාත්මික පියා මෙහි අසුන්ගෙන ඔය මිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට පහදා දෙයි. ඔහු විස්තර කර දෙන්නේ නුවණ නැති අයටයි. ගුරුවරයෙක් පාසැලක උගන්වන්නේ, දරුවන්ට වැටහීමක් නැති නිසයි. දරුවන් ඔවුන්ගේ ඉගෙනුමෙන් වටහා ගන්නා අතර ඔය දරුවන් ද, ඔබට උගන්වන්නේ කවුරුන්ද කියා වටහා ගන්නේ ඔබගේ ඉගෙනුම තුළින්ය. ඔබ මෙය කිසි විටෙක අමතක නොකළ යුතුයි. ඔබට උගන්වන ඒකායන කෙනා, ගුරුවරයා, පරමාත්ම පියායි, එබැවින් ඔබ ඔහුගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. ඔබ උසස් විය යුතුයි. උසස්ම වන්නේ සූර්ය රාජ පෙලපතයි. චන්ද්‍ර රාජ පෙලපත ද උසස් නමුත්, වැඩියෙන්ම උසස් අය ඔවුන්ය. ඔබ මෙහි පැමිණ සිටින්නේ වඩාත්ම උසස් අය වීමටයි. ඔබ ඔවුන් මෙන් විය යුතු බව, ඔය දරුවන් දන්නවා. එවන් පාසැලක් විවෘත වන්නේ වසර 5000කට පසුව පමණයි. මෙය සැබවින්ම සත්‍යයේ ආශ්‍රය බවට වැටහීමෙන් යුතුව ඔබ මෙහි අසුන්ගෙන සිටිනවා. උසස්ම උසස් වන්නේ සත්‍යයයි. ඔබට ඔහුගේ ආශ්‍රය තිබේ. ඔහු මෙහි අසුන්ගෙන ඔබව සත් යුගයේ වඩාත්ම ශ්‍රේෂ්ඨ දේවතාවන් බවට පත් කරවනවා, එනම් ඔහු ඔබව මල් බවට පත් කරවයි. ඔබ කටු වලින් මල් බවට පරිවර්ථනය වෙනවා. සමහරු සැනෙකින් මෙය වන අතර තවත් සමහරුන්ට කල් ගතවෙයි. මෙය සංගම යුගය බව ඔය දරුවන් දන්නවා. මෙය දන්නේ ඔය දරුවන් පමණයි. වඩාත්ම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් වීමට ඇති යුගය මෙය බවට විශ්වාසය ඔබට තිබේ. කුමන වඩාත්ම ශ්‍රේෂ්ඨ ජීවද? ඔබ මෙහි පැමිණ ඇත්තේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ උසස්ම-උසස් අධිරාජවරුන් සහ අධිරාජවරියන් වීමටයි. අසීමිත පියාගෙන් අසීමිත ස්වර්ණමය-යුගී සතුට හිමිකර ගැනීමට ඔබ පැමිණ ඇති බව, ඔබට වැටහෙනවා. සියලු සීමිත දේවල් අවසන් වෙයි. ඔබ තුළ බොහෝ බැඳීම් තිබෙනවා ඇති, සීමිත පියවරු, සීමිත සහෝදරයන් සහ දරුවන්, මාමලා සහ බාප්පලා, සීමිත දේපල එනම්, සීමිත ධනය ආදි සියල්ල විනාශ වීමට තිබේ. පියා විස්තර කරන්නේ මේ සියල්ල සීමිත දේපලයි. ඔබ දැන් අසීමිතභාවයට යා යුතුයි. ඔබ මෙහි පැමිණ ඇත්තේ අසීමිත දේපල හිමිකර ගැනීමටයි. අන් සියලු දේ සීමිත දේවල්ය. ශරීර පවා සීමිතයි. කෙනෙක් රෝගාතූර වූ විට ඔහු මිය යයි අකල් මරණ සිදුවෙයි. වර්තමානයේ මිනිසුන් නිපදවන දේවල් දෙස බලන්න. විද්‍යාව ද විශ්මයන් සිදුකර තිබේ. මායාගේ බොහෝ පම්පෝරිය තිබේ. විද්‍යාඥයන්ට බොහෝ නිර්භීතකම තිබේ. බොහෝ ගොඩනැගිලි සහ මාලිගා ආදිය ඇති අය විශ්වාස කරන්නේ, මෙය ඔවුන්ට දිව්‍යලෝකය බවයි. සත් යුගයේ තිබෙන්නේ එක් ධර්මයක් පමණක් බව ඔවුන්ට වැටහෙන්නේ නැත. එය නව ලෝකයයි. පියා පවසන්නේ ඔවුන් සම්පූර්ණයෙන් අනුවණයි. ඔබ බොහෝ නුවණක්කාර වනවා. ඔබ ඉහළට නැග ඉන්පසුව ඉනිමග දිගේ පහළට එයි. ඔබ සත් යුගයේ නුවණක්කාර වූ අතර ඉන්පසුව උපත් 84 ගන්නා විට අනුවණ විය. පියා පැමිණ ඔබව දිව්‍යමය බුද්ධි ඇති අය ලෙස හඳුන්වන නුවණක්කාර අය බවට පත් කරවයි. ඔබට දිව්‍යමය බුද්ධි තිබුණු විට ඔබ බොහෝ නුවණක්කාරව සිටි බව ඔබ දන්නවා. මෙසේ සිහිකර තිබේ බාබා, ඔබ අපට ලබා දෙන උරුමය තුළින් අපි මුළු පොළවේ සහ අහසේ අධිපතියන් වනවා. කිසිවෙකුට අපගෙන් එය උදුරා ගත නොහැක. කිසිවෙකුට එයට ඇඟිලි ගැසීමට නොහැක. පියා ඔබට බොහෝ ලබාදෙයි. ඔබට එවන් පියෙක් මුණ ගැසෙන තුරු වෙනත් කිසිවෙකුට ඔබගේ ඒප්‍රන පිරවිය නොහැක, කල්ප භාගයක් පුරාවට ඔබ සිහිකරමින් සිටියේ ඔහුවයි. මිනිසුන් දුක ඇති විට දෙවියන් සිහි කරයි. ඔබට සතුට ලැබුණු විට ඔහු සිහි කිරීමට අවශ්‍යතාවයක් නොවෙයි. සෑම කෙනෙක්ම දුකින් කන්නලව් කරයි අහෝ රාමා! ඔවුන් මේ ආකාරයට නොයෙක් ආකාරයේ වදන් පවසයි. සත් යුගයේ එවන් වචන නොමැත. ඔය දරුවන් මෙහි පැමිණ සිටින්නේ පියා සමග පෞද්ගලිකවම ඉගෙන ගැනීමටයි. ඔබ ඍජුවම පියාගේ වදන් අසයි. පියා ඔබට දැනුම වක්‍රාකාරව ලබා දෙන්නේ නැත. ඔබට ඍජුවම දැනුම ලැබෙයි. පියා මෙහි පැමිණිය යුතුයි. ඔහු පවසන්නේ මා මගේ මිහිරිතම දරුවන් වෙතට පැමිණ සිටිනවා. ඔබ මට කන්නලව් කරන්නේ අහෝ බාප්දාදා! පියාද ප්‍රතිචාර දක්වන්නේ අහෝ දරුවනේ, දැන් මාව ඉතා හොඳින් සිහි කරන්න. මාව අමතක නොකරන්න! මායාගේ බොහෝ කුණාටු පැමිණෙයි. ඇය ඔබ ඉගෙන ගැනීමෙන් නවතා, ඔබව ශරීර අවධානයට පත්කරවයි. එබැවින් ප්‍රවේසම් වන්න. මෙය ඔබව ඉහළ නංවන සත්‍යයේ සැබෑ ආධ්‍යාත්මික ආශ්‍රයයි. වෙනත් ආධ්‍යාත්මික සමූහ තිබෙන්නේ පහතට බැසීමටයි. ඔබට සත්‍යයේ ආශ්‍රය ලැබෙන්නේ එක වරක් පමණයි. ඔබට බොහෝ වාර ගණනාවක් උපතින් උපතට ලැබෙන්නේ අසත්‍යයේ ආශ්‍රයයි. පියා දරුවන්ට පවසන්නේ මෙය ඔබගේ අවසන් උපතයි. ඔබ දැන් කිසිම අඩුවක් නැති, එමෙන්ම ඔබ උත්සාහ දරමින් සිටින, එම ස්ථානයට යා යුතුයි. ඔබ මෙකල, බාබා පවසන සෑම දේටම සවන් දෙයි. එහිදි ඔබට ඒ පිළිබඳව අවධානයක් පවා නොතිබෙයි. ඔබ දැන් යන්නේ කොහිද? ඔබගේ සතුටේ දේශයටයි. සතුටු දේශය අයත් වූයේ ඔබටයි. ඔබ සතුටු දේශයේ සිටි අතර ඔබ දැන් සිටින්නේ දුක් දේශයේ. බාබා ඔබට ඉතා පහසු මඟක් පෙන්වා තිබේ, එබැවින් එය සිහියේ තබාගන්න. අපගේ නිවහන, සාම දේශය වන අතර අප එහි සිට දිව්‍යලෝකයට යයි. ඔබ හැර වෙනත් කිසිවෙක් දෙව්ලොව නොයයි. එබැවින් එය සිහි වන්නේ ඔබට පමණයි. අප පළමුව සතුටටත් ඉන්පසුව දුක වෙතට යයි. කලි යුගයේ සතුටු දේශය නොමැත. ඔබට මෙහි කිසිම සතුටක් ලබාගත නොහැක. සතුට යනු කපුටෙකුගේ අසූචි මෙන් බව, සන්යාසීන් පවසන්නේ මේ නිසයි. බාබා අපව ආපසු නිවහනට රැගෙන යාමට පැමිණ ඇති බව, ඔය දරුවන්ට දැන් වැටහෙයි. ඔහු අපවිත්‍ර අපව පිවිතුරු කර ආපසු ගෙන යයි. අපි සිහිපත් කිරීමේ වන්දනා ගමනේ යාමෙන් පිවිතුරු වෙයි. වන්දනා ගමනක බොහෝ චංචංල වීම සිදුවෙයි. සමහරු රෝගාතූර වී ආපසු ගෙදර එයි. මෙහිද එය එසේමයි. මෙය, ඔබගේ අවසන් සිතිවිලි, ගමනාන්තය කරා ඔබව ගෙන යන, ආධ්‍යාත්මික වන්දනා ගමනයි. අපි අපගේ සාම දේශයට යනවා. එය ඉතා පහසුයි, නමුත් මායා ඔබට බොහෝ අමතක කරවයි. ඔබගේ යුද්ධය තිබෙන්නේ මායා සමගයි. පියා ඔබට සෑම දෙයක්ම බොහෝ පහසු කරවා, ඔබ දැන් සාම දේශයට යන බව ඔබට පහදා දෙයි. ඔබ සිහි කරන්නේ පියාව පමණයි. ඔබ දිව්‍යමය ගුණදම් ද ධාරණය කරගනී. ඔබ පාරිශුද්ධත්වයට පත් වෙයි. ඔබ ප්‍රධාන දේවල් තුන හතරක් ඔබගේ බුද්ධිය තුළ තබා ගත යුතුයි. විනාශය සිදුවිය යුතුයි. අප වසර 5000කට පෙරත් ආපසු ගියා. ඉන්පසුව පහළට පැමිණෙන ප්‍රථම අය වන්නේ අපයි. රාමා ගිය අතර රාවන ද ගිය බව සිහි කර තිබේ. සියලු දෙනාම නිහඬ දේශයට යා යුතුයි. ඔබ ඉගෙන ගන්නා ප්‍රමාණයට අනුව තත්ත්වයක් හිමි කරගනී. ඔබගේ අරමුණ සහ ඉලක්කය තිබෙන්නේ ඔබ ඉදිරියේය. සමහරු දර්ශන ලබා දෙන ලෙස ඉල්ලයි. මෙය දර්ශනයක් නොවෙයි නම්, මෙම පිංතූරය (ලක‍්ෂ්මි සහ නාරායන්ගේ) කුමක්ද? මෙයට අමතරව ඔබට අවශ්‍ය කුමන දර්ශනයක්ද? අසීමිත පියාගේ එකක්? වෙනත් කිසිදු දර්ශනයකින් ඵලක් නැත. මිනිසුන්ට බාබාගේ දර්ශනයක් අවශ්‍ය වී තිබේ. බාබාට වඩා මිහිරි කිසිවක් නැත. පියා පවසන්නේ සුමිහිරි දරුවනේ, ඔබ තමන්ගේ දර්ශනයක් දැක තිබෙනවාද? ජීවයන්ට බාබාගේ දර්ශනයක් දැකීමට අවශ්‍ය බව කියයි. ඔබ තමන්ගේ දර්ශනයක් දැක තිබෙනවාද? ඔය දරුවන්ට දැන් මෙය වැටහෙනවා. ඔබ ජීවාත්ම බවත් ඔබගේ නිවහන සාම දේශය බවට වැටහීමත් ඔබට ලැබී තිබේ. ජීවාත්ම වන අප, අපගේ චරිත කොටස් රඟපෑමට එහි සිට පහළට පැමිණෙයි. නාටක සැලසුමට අනුව අප ප්‍රථමයෙන් ස්වර්ණමය යුගයට යයි. අවසානය සහ ආරම්භය අතර ඇති වඩාත්ම සුබදායක සංගමයේ යුගය මෙයයි. මෙම යුගයේ සිටින්නේ බ්‍රහ්මණයන් පමණයි, වෙනත් කිසිවෙක් නැත. කලි යුගයේ බොහෝ ආගම් සහ කුල ආදිය තිබේ. සත් යුගයේ එක් රජ පෙලපත පමණක් තිබෙයි. මෙය පහසුයි, එහෙම නේද? මෙකල, ඔබ සංගම-යුගී දේවමය පවුලට අයත්ය. ඔබ සත්-යුගී හෝ කලි යුගී නොවෙයි. පියා පැමිණ සෑම කල්පයකදීම ඔබට මෙම ඉගෙනුම උගන්වන බව ඔබ දන්නවා. ඔබ මෙහි අසුන්ගෙන සිටින අතර ඔබගේ බුද්ධියට ඇතුළු විය යුත්තේ මෙම දේවල් පමණයි. සාම දේශය, සතුටු දේශය සහ මෙම දුක් දේශය තිබේ. ඔබට නිරාශාව තිබේ, එනම් ඔබ මෙම දුක් දේශය ඔබගේ බුද්ධියෙන් ඉවත් කරගනි. ඒ මිනිසුන් ඔවුන්ගේ බුද්ධියෙන් කිසිවක් ඉවත් කරගන්නේ නැත. ඔවුන් තම නිවෙස් සහ පවුල් අතහැර දමා යයි. පියා ඔබට ඔබගේ නිවස සහ පවුල අත්හරින්නට කියා කිසි විටෙක නොකියයි. ඔව්, ඔබ අනිවාර්යෙන් භාරතයට මෙන්ම තමන්ට ද සේවය කළ යුතුයි. ඔබට නිවසේ අසුන්ගෙන සිටින විට පවා සේවය කළ හැක. ඔබ අනිවාර්යෙන් ඉගෙන ගැනීමට මෙහි පැමිණිය යුතුයි. ඉන්පසු ඔබ දක‍්ෂ වූ පසු, ඔබ අන් අයව ඔබ හා සමාන බවට පත් කරවයි. ඉතිරිව ඇති කාලය ඉතා කෙටියි. බොහෝ කලක් ගෙවී ගොස් ඉතිරිව තිබෙන්නේ සුළු කාලයක් පමණක් බව සිහිකර තිබේ. ලෝකයේ මිනිසුන් සිටින්නේ සම්පූර්ණ අන්ධකාරයේ. තව වසර 40,000ක් ඉතිරිව තිබෙන බව ඔවුන් විශ්වාස කරයි. පියා ඔබට විස්තර කර දෙන්නේ දරුවනේ, දැන් ඉතිරිව තිබෙන්නේ කෙටි කාලයකි. ඔබ අසීමිත බවේ ස්ථාවර විය යුතුයි. මුළු ලොව පුරා සිදුවන සෑම දෙයක්ම නියමිත වී තිබේ. නාටකය උකුණෙක් මෙන් ගමන් කරනවා. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවතත් ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි. සත් යුගයට යාමට ඇති අය පමණක් මෙහි පැමිණ ඉගෙනගනී. ඔබ බොහෝ වාර ගණනාවක් ඉගෙනගෙන තිබේ. ඔබ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් ඔබගේ දිව්‍යලෝකය ස්ථාපිත කරනවා. උසස්ම-උසස් වන දෙවියන් පැමිණෙන්නේ භාරතයේ බවත් ඔබ දන්නවා. ඔහු පෙර කල්පයේ ද පැමිණියා. ඔබ මෙසේ කියනු ඇත එවන් පියෙක් සෑම කල්පයකම පැමිණෙනවා. ඔහු පවසන්නේ මා සෑම කල්පයකම මෙම ස්ථාපනය සිදු කරනවා. විනාශය දකින අය ඔබයි. සෑම දෙයක්ම ඔබගේ බුද්ධිය තුළ අඛණ්ඩව සනිටුහන් වෙයි. ස්ථාපනයේ, විනාශයේ සහ පැවැත්මේ ක්‍රියාකාරකම් සිදුවන්නේ කෙසේද කියා ඔබ දන්නවා. ඔබ ඉන්පසුව මෙය අන් අයට පහදා දිය යුතුයි. පෙර කල ඔබ මෙය දැන සිටියේ නැත. පියාව හඳුනා ගැනීමෙන් ඔබට ඔහුගෙන් සෑම දෙයක් ගැනම දැන ගන්නට ලැබෙයි. ඔබ නිවැරදිව ලෝක ඉතිහාසය සහ භූගෝලය ගැන දන්නවා. මිනිසුන් තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වන්නේ කෙසේද කියා, පියා ඔබට විස්තර කරයි. ඔබ ඉන්පසුව අන් අයට විස්තර කළ යුතුයි. ඔය දරුවන් දැන් දිව්‍යමය බුද්ධි ඇති අය බවට පත්වනවා. සත් යුගයේ සිටින්නේ දිව්‍යමය බුද්ධි ඇති අය පමණයි. මෙය වඩාත්ම සුබදායක සංගම යුගයයි. ගල් වැනි බුද්ධි ඇති අයගෙන් ඔබ දිව්‍යමය බුද්ධි ඇති අය බවට පරිවර්ථනය වන, ගීතා කතා පුවත ලෙසද මෙය හැඳින්වෙයි. ඔබට ගීතාව පවසන්නේ කිසිම මනුෂ්‍යයෙක් නොව, දෙවියන් විසින්මයි. ඔය ජීවාත්ම එයට සවන් දී, ඉන්පසුව එය අන් අයට පවසයි. මෙය ආධ්‍යාත්මික ඥානය ලෙස හැඳින්වෙන අතර ඔබ ඉන්පසුව එය ඔබගේ ආධ්‍යාත්මික සහෝදරයන්ට පවසයි. ව්‍යාප්තිය දිගින් දිගටම සිදුවෙයි. බාබා පැමිණ, චන්ද්‍ර සහ සූර්ය වංශික රජ පෙලපත් ස්ථාපිත කරන බව ඔබ දන්නවා. ඔහු එය ස්ථාපනය කරන්නේ කවුරු මාර්ගයෙන්ද? බ්‍රහ්මාගේ මුඛයෙන් උපන්, බ්‍රහ්මණ වංශයේ සැරසිල්ල වන බ්‍රහ්මණයන් මගින්. පියා ඔබට ශ්‍රීමත් ලබාදෙයි. මෙය වටහාගත යුතු දෙයකි. ඔබගේ හදවත් තුළ ඔබ මෙය සටහන් කරගත යුතුයි. මෙය ඉතා පහසුයි. මෙය දුක් දේශයයි. අපි දැන් පෙරළා නිවසට යා යුතුයි. කලි යුගයට පසුව සත් යුගය තිබේ. මෙය කුඩා කරුණක් වන අතර එය ඉතා පහසුයි. ඔබ නූගත් වුවත් එයට කම් නැත. ඔබ ඉගෙනගෙන ඇති අයට සවන් දිය යුතුයි. ශිව බාබා සියලුම ජීවාත්මයන්ගේ පියාය. ඔබ දැන් ඔහුගෙන් ඔබගේ උරුමය හිමි කරගත යුතුයි. ඔබට පියා ගැන විශ්වාසයක් තිබේ නම්, ඔබට දිව්‍යලෝකයේ උරුමය හිමි වෙයි. ඔබගේ ඇතුලාන්තයේ නිහඬ මන්ත්‍රය දිගටම පවතීවා. මට ශිව බාබාගෙන් අසීමිත සතුටේ සහ දිව්‍යලෝකයේ උරුමය හිමිවනවා. ඔබ අනිවාර්යෙන් ශිව බාබා සිහිකළ යුත්තේ මේ නිසයි. අසීමිත පියාගෙන් උරුමය හිමි කර ගැනීමට ඔබ සෑම කෙනෙකුටම අයිතියක් තිබේ. ඔබට සීමිත ජන්ම උරුමයක් තිබෙන ආකාරයෙන් මෙය ඔබගේ අසීමිත ජන්ම උරුමයයි. ඔබට ශිව බාබාගෙන් මුළු ලෝකයේම රාජධානිය හිමි වෙයි. ඔබ මෙය කුඩා දරුවන්ටද විස්තර කළ යුතුයි. සෑම ජීවාත්මයකටම පියාගෙන් ඔහුගේ ජන්ම උරුමය හිමි කරගැනීමට අයිතියක් තිබේ. ඔබ අනිවාර්යෙන් සෑම කල්පයකම එය හිමි කරගනී. ඔබ ජීවන-මුක්තියේ උරුමය හිමි කරගනී. මුක්තියේ උරුමය ලබාගන්න අය, අනිවාර්යෙන් ජීවන-මුක්තිය තුළටද යයි. පළමු උපත සතුටේ එකක් වනු ඇත. මෙය ඔබගේ 84 වන උපතයි. මේ සියලුම ඥානය ඔබගේ බුද්ධිය තුළ තිබිය යුතුයි. අසීමිත පියා ඔබට උගන්වන බව අමතක නොකරන්න. ශාරීරික ජීවයන්ට කිසිදා මෙම ඥානය ලබා දිය නොහැක. ඔවුන්ට ආධ්‍යාත්මික දැනුම නොමැත. ඔබ තම තමන් සහෝදරයන් යැයි සැලකිය යුතු බව, ඔබට පහදා දෙයි. වෙනත් කිසිම මනුෂ්‍යයෙකුට මෙම ඉගැන්වීම් ලැබෙන්නේ නැත. ඔවුන් ගීතාව හඬ නගා කියවා, එහි ’දෙවියන් පවසයි විශාලතම සතුරා වන්නේ කාමයයි, එය ජය ගැනීමෙන් ඔබ ලෝකය ජයගනී‘ යැයි පැවසුවත්, ඔවුන්ට එය වැටහෙන්නේ නැත. දෙවියන්, සත්‍යයයි. දේවතාවන් සත්‍යය ඉගෙන ගත්තේ දෙවියන්ගෙනි. ක්‍රිෂ්ණා ඔහුගේ තත්ත්වය හිමි කර ගත්තේ කොහෙදිද? ඔවුන් ලක‍්ෂ්මි සහ නාරායන් වූයේ කෙසේද? ඔවුන් සිදුකළ ක්‍රියා මොනවාද? කිසිවෙකුට ඔබට මෙය කිව හැකිද? අශාරීරික පියා, බ්‍රහ්මාගේ මාර්ගයෙන්, එවන් ක්‍රියා සිදුකරන ආකාරය ඔවුන්ට ඉගැන්නුවා. ලෝකය මෙයයි. ප්‍රජාපිතා බ්‍රහ්ම කුමර කුමරියන් ඔබලාය. ඔබට ආධ්‍යාත්මික පියා පිළිබඳ දැනුම තිබේ. ඔබ දැන් දෙවියන් හඳුනන බව ඔබට වැටහෙනවා. අශාරීරික කෙනා, උසස්ම උසස්ය. ඔහුට ශාරීරික ස්වරූපයක් නැත. ඔබ දකින අන් සෑම කෙනෙක්ම ශාරීරිකයි. දේවාල වලද ඔබ ශිව ලිංගමයක ප්‍රතිමාවක් දකියි, ඉන් කියැවෙන්නේ ද ඔහුට ශරීරයක් නොමැති බවයි. ඔහු නමක් සහ රුවක් ඉක්මවා සිටිනවා නොවෙයි. ඔව්, අන් සියලුම ශාරීරික ජීවයන්ට නම් දෙන අතර ඔවුන්ට හඳහනක් තිබේ. ශිව බාබා අශාරීරිකයි. ඔහුට හඳහනක් නැත. ක්‍රිෂ්ණාගේ එය තිබෙන්නේ අංක එකටයි. මිනිසුන් ශිවාගේ උපන් දිනය ද සමරයි. ශිව බාබා අශාරීරික මෙන්ම යහපත සලසන්නාය. පියා පැමිණෙන අතර, එනිසා ඔහු නිසැකවම ඔබට උරුමය ලබා දෙනු ඇත. ඔහුගේ නම, ශිවාය. ඔහු පියා, ගුරුවරයා සහ සත්ගුරුය ඒකායන ඔහු, තිදෙනාමය. ඔහු ඉතා හොඳින් ඔබට උගන්වයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. මෙම දුක් දේශය ඔබගේ බුද්ධියෙන් ඉවත් කර, ඔබගේ අවධානය තුළ, සාම දේශය සහ සතුටු දේශය තබාගන්න. අනිවාර්යෙන් භාරතයට සහ තමන්ට සැබෑ ලෙස සේවය කරන්න. මෙම ආධ්‍යාත්මික ඥානය සෑම කෙනෙකුටම පවසන්න.

2. ඔබගේ ස්වර්ණමය-යුගී ජන්ම උරුමය හිමිකර ගැනීම සඳහා, ඒකායන පියා කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා ගන්න. ඇතුලාන්තයෙන් නිහඬ මන්ත්‍රය නොකඩවා ජප කරන්න. අනිවාර්යෙන් දිනපතාම ඉගෙනගන්න.

වරදානය:
ඔබ පරමාත්ම පියා සමඟ සියලු සබඳතා මෙන්ම සියලු ලැබීම් වල සතුට අත්විඳින තෘප්තිමත් ජීවාත්මයක් වේවා.

සැබෑ පෙම්වතුන් වන අය සෑම අහිතකර තත්ත්වයකදීම සහ සෑම ක්‍රියාකාරකමකදීම සියලු ලැබීම් සමඟ නිරතුරුවම සතුටු වෙති. සමහර දරුවන් ඔහුව තම පියා, මනාලයා හෝ තම දරුවා ලෙස අත්දකින නමුත්, ඔවුන්ට අවශ්‍ය තරම් ලැබීම් අත්විඳිය නොහැක. ඉතින් ඒ අත්දැකීමත් සමග ඔහු සමග සියලු සබඳතා ළගා කර ගැනීමේ අත්දැකීමද ලබන්න. එවැනි ලැබීම් සාක්ෂාත් කර ගැනීම් ඇති සහ අත්විඳින අය නිරන්තරයෙන් තෘප්තිමත් වේ. ඔවුන්ට කිසිම අයුරකින් තමන්ට කිසිම අඩුවක් ඇතැයි නොදැනේ. සාක්ෂාත් කර ගැනීමක් ඇති තැන, නියත වශයෙන්ම තෘප්තිය ඇති වේ.

පාඨය:
උපකරණයක් බවට පත් වන්න, එවිට ඔබට සේවාවේ සාර්ථකත්වයේ කොටසක් ලැබෙනු ඇත.