30.04.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, මුළු දවස පුරාවටම තමන් කී වතාවක් බාබාව සිහි කරනවාද කියා පරික්ෂා කර බලන්න. කුමන හෝ වැරැද්දක් තමන් අතින් සිදු වුණි දැයි කියා පරීක්ෂා කර බලන්න. මන්ද, ඔබ සෑම කෙනෙක්ම ව්‍යාපාරිකයෙකි.

ප්‍රශ්නය:
අසීමිත සතුටක් අත්විඳීම සඳහා අභ්‍යන්තරගතව සිටිමින් ඔබ විසින් නිරන්තරයෙන් දැරිය යුතු උත්සාහය කුමක්ද ?

පිළිතුර:
නිරන්තරයෙන් තමා ඉදිරියට එන උපතක් උපතක් පාසා කරන ලද දේවල් තමාගේ සිහියෙන් ඉවත්කරගෙන දිගින් දිගටම පියාව සිහිපත් කිරීමට උත්සාහ දරන්න. සතෝප්‍රධාන් වීම සඳහා ඔබගේ සිහිය සෑම පැත්තකින්ම ඉවත් කරගෙන, අභ්‍යන්තරගත වි පියාව සිහි කරන්න. තමා කරනා සේවය ඔප්පු කර පෙන්වමින් අසීමිත සතුටක් විඳින්න.

ඕම් ශාන්ති.
පියා මෙහි අසුන්ගෙන දරුවන් වන ඔබට සියල්ල පැහැදිලි කර කියා දේ. ආධ්‍යාත්මික පියා මෙහි ඉඳගෙන ආධ්‍යාත්මික දරුවන්ට සියල්ල පැහැදිලි කර කියා දෙන බව දරුවන් වන ඔබලා දන්නවා. ආධ්‍යාත්මික පියා යනු අසීමිත පියායි. ආධ්‍යාත්මික දරුවන් අසීමිත දරුවන්ය. පියා සෑම දරුවෙක්ටම ගැලවීම ලබා දිය යුතුයි. කවුරු මඟින්ද ? ඔහු ලෝකයට ගැලවීම ලබා දෙන්නේ දරුවන් මඟිනි. මුළු ලෝකයේම දරුවන් මෙතනට පැමිණ ඉගෙන ගන්නේ නැහැ. මෙය හඳුන්වන්නේ ලෝක ආධ්‍යාත්මික විශ්ව විද්‍යාලය යනුවෙනි. සෑම කෙනෙක්ටම ගැලවීම ලැබෙනවා මුක්තිය කියා හැඳින්වූවත් ජීවන මුක්තිය කියා හැඳින්වූවත් සෑම කෙනෙක්ටම එය ලැබෙනවා. සෑම කෙනෙක්ම මුක්තියට පැමිණ පසුව ජීවන මුක්තිය කරා යා යුතුයි. ඉතින් එමනිසා, මුක්තිය හරහා ජීවන මුක්තිය වෙත යනවා කියා එය හැඳින්වෙනවා. සෑම කෙනෙක්ම එක්කෙනෙක් පිටුපස එක්කෙනෙක් තමාගේ කොටස රඟපෑම සඳහා පහළට පැමිණිය යුතුයි. එතෙක් ඔවුන් මුක්ති දේශයට වී සිටිය යුතුයි. නිර්මාණකරු සහ නිර්මාණය ගැන දරුවන් වන ඔබලා දැන් දන්නවා. මෙම මුළු නිර්මාණයම සදාතනිකයි. එකම එක පියා පමණයි නිර්මාණකරු වන්නේ. සෑම ජිවයක්ම අසීමිත පියාගේ දරුවන්ය. දරුවන් වන ඔබලා මෙය දැනගත් විට, මෙහි පැමිණ මෙම යෝගාව ඉගෙන ගන්නවා. මෙම යෝගාව ඇත්තේ භාරතය සඳහා පමණයි. පියා පැමිණෙන්නේ භාරතයටයි. ඔහු භාරතයේ මිනිසුන්ට ස්මරණයේ වන්දනාව කියා දෙනවා. ඔහු ඔවුන්ව පාරිශුද්ධ කරවනවා. එමෙන්ම මෙම ලෝක චක්‍රය කරකැවෙන්නේ කෙසේද යන දැනුමත් ලබා දෙනවා. දරුවන් වන ඔබලා මෙයත් දන්නවා. රුද්‍රාගේ මාලාවකුත් තිබෙනවා එයත් වන්දනා කෙරෙනවා. භක්තිවන්තයින්ගේ මාලාවකුත් තිබෙනවා. ඉහළම ඉහළ භක්තිවන්තයින්ගේ මාලාවකුත් තිබෙනවා. භක්තිවන්තයින්ගේ මාලාවට පසුව, දැනුමේ මාලාව ඇතිවිය යුතුයි. භක්තිය හා දැනුම කියා දෙකක් තිබෙනවා. භක්තිවන්තයන්ගේ මාලාවක් හා රුද්‍රාගේ මාලාවක් තිබෙනවා. එවිට හඳුන්වන්නේ රුන්ද්‍රාගේ මාලාව ලෙයසි. මන්ද, මානව ලෝකයේ ඉහළම ඉහළ කෙනා විශ්නුයි. නමුත් ඔහුව පෙන්නුම් කර ඇත්තේ සුක්ෂම ලෝකයේයි. මොහු ප්‍ර්‍රජාපිතා බ්‍රහ්මා වන අතර ඔහුගේ මාලාවකුත් තිබෙනවා. ක්‍රම ක්‍රමයෙන් මෙම මාලාව සෑදේවි. මන්ද, එවිට පමණයි රුද්‍රාගේ මාලාවත් විශ්නුගේ ජයග්‍රහණයේ මාලාවත් නිර්මාණය වන්නේ. ඉහළම ඉහළ කෙනා වන්නේ ශිව බාබා වන අතර ඉන් අනතුරුව විශ්නුගේ ඉහළම ඉහළ අධිරාජ්‍යය පැමිණෙනවා. භක්ති මාර්ගයේදි මිනිස්සු ලස්සන පින්තූර ගණනාවක් සාදා තිබුණත් කිසිම දැනුමක් ඔවුන්ට නැහැ. ඔබ විසින් සාදා ඇති පින්තූර හඳුන්වා දෙන්න, එවිට මිනිසුන්ට කිසියම් දෙයක් අවබෝධ කර ගත හැකි වේවි. නැතිනම්, ඔවුන් ශිවාව හා ශන්කර්ව පටලවා ගන්නවා. සුක්ෂම ලෝකයේ ඇති සෑම දෙයක්ම දර්ශන මත පදනම් වන දේවල් කියා බාබා පැහැදිලි කර කියා දි තිබෙනවා. එහි මස් හෝ ඇට නැහැ. දර්ශන පමණයි ඇත්තේ. පරිපුර්ණ බ්‍රහ්මාත් සිටින්නේ එහියි. නමුත් ඔහු සුක්ෂමයි. භෞතික බ්‍රහ්මා දැන් සුක්ෂම විය යුතුයි. භෞතික කෙනා සුක්ෂම කෙනෙක් වුණු පසුව සුර දූතයෙක් වශයෙන් හැඳින්වෙනවා. ඔහුගේ පින්තූරය පෙන්වන්නේ සූක්ෂම ලොක්යේදීයි. ඔවුන් සුක්ෂම ලෝකයට ගිහින් ඇවිත් කියනවා බාබා අපට සුබිරාස් (අඹ යුෂ) බොන්න දුන්නා කියලා. කොහොමනමුත්, එහි ගස් නම් නැහැ. පාරාදීසයේ නම් ගස් තිබෙනවා, ඉතින් බාබා එහි ගොස් ඒවා අරගෙන ඇවිත් ඔබට බොන්න දුන්නා නොවෙයි. සුක්ෂම ලෝකයේ ඇති සෑම දෙයක්ම දර්ශන මත පදනම් වන්නකි. තමන් දැන් නිවස බලා ආපසු යා යුතු බවත් ජීව අවධානයට පත්විය යුතු බවත් දරුවන් වන ඔබලා දැන් දන්නවා. මම නම් වු ජීවය අවිනාශී නමුත් මෙම ශරිරය විනාශ වන සුළුයි. දරුවන් වන ඔබලා තුළ ජිවය පිළිබඳ වු දැනුම තිබෙනවා. ඒ මිනිස්සු ජිවය කියන්නේ කුමක්ද යන්න ගැනවත් දන්නේ නැහැ. උපත් 84ක චරිතයක් එම ජිවය තුළ පටිගත වී ඇත්තේ කෙසේද කියාවත් ඔවුන් දන්නේ නැහැ. පියා පමණයි මෙම දැනුම දෙන්නේ. ඔහු තමා පිළිබඳ වු දැනුමත් ඔබට ලබා දී ඔබව තමෝප්‍රධාන් තත්ත්වයෙන් සතෝප්‍රධාන් කරවනවා. එපමණයි. ඉතාමත් සරළව මෙම උත්සාහය දරන්න මම ජීවයක්මි. මම දැන් උත්තරිතර පියා වන උත්තරීතර ජීවය සමඟ යෝගා විය යුතුයි. සියලු බල ඇති පාරිශුද්ධකරුවා වශයෙන් හඳුන්වන්නේ එකම එක පියා පමණයි. සන්යාසීන් අහෝ පාරිශුද්ධකරුවාණනි, පැමිණෙන්න! කියා කන්නලව් කරනවා. ඇතැම් අය බ්‍රහ්ම ලෝකයටත් පාරිශුද්ධකරුවා කියා කියනවා. දරුවන් වන ඔබලාට දැන් භක්තිය පිළිබඳ වූ දැනුමත් භක්තිය කොපමණ කාලයක් පුරා පවතිනවාද, දැනුම කොපමණ කාලයක් පුරා පවතිනවාද යන්න පිළිබඳ වූ දැනුමත් ලැබෙනවා. පියා මෙහි අසුන්ගෙන මෙය පැහැදිලි කර කියා දෙනවා. මීට පෙර ඔබ කිසිම දෙයක් දැනගෙන සිටියේ නැහැ. මනුෂ්‍ය ජීවීන් වශයෙන් සිටියත්, ඔබලාට තිබෙන්නේ පරිහාණියට පත් වූ බුද්ධියකි. සත් යුගයේදී ඔවුන්ට තිබුණේ සම්පුර්ණයෙන්ම පාරිශුද්ධ බුද්ධියකි. දිව්‍යමය ගුණධර්ම රාශියක් ඔවුන්ට තිබුණා. දරුවන් වන ඔබලාත් අනිවාර්යෙන්ම දිව්‍යමය ගුණධර්ම උගහා ගත යුතුයි. මොහු නම් දේවතාවරයෙක් වගේමයි කියා මිනිස්සු කියාවි. මිනිස්සු සාදු සන්යාසීවරුන්ව විශ්වාස කළත්, ඒ කිසිම කෙනෙක්ට එම දිව්‍යමය බුද්ධිය නැහැ. ඔවුන් රජෝගුණි බුද්ධියක් ඇති අය බවට පත් වෙනවා. රජතුමෙක්, රැජිණක් හා පුරවැසියන් සිටිනවා. අධිරාජ්‍යය ස්ථාපනය වුණේ කවදාද, කෙසේද කියා ලෝකයේ අය දන්නේ නැහැ. ඔබ මෙහි ඇති සෑම දෙයකටම ඇහුම්කන් දෙනවා. මාලාවේ රහසත් ඔබට පැහැදිලි කර කියා දි තිබෙනවා. ඉහළම ඉහළ කෙනා වන්නේ පියායි. ඔහුගේ මාලාව ඉහළින්ම ඇත. රුද්‍රා අශාරිරික වන අතර, භෞතික ස්වරූපයෙන් සිටිනා ලක්ෂ්මී හා නාරායන් කෙනෙකුගේ මාලාවකුත් තිබෙනවා. එකල බ්‍රහමින්වරුන්ගේ මාලාව නිර්මාණය වී තිබුණේ නැහැ. බ්‍රහමීන්වරුන් වන ඔබලාගේ මාලාව නිර්මාණය වන්නේ අවසානයේදියි. මෙවන් කරුණු සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්න උත්තර වලට යන්න අවශ්‍ය නැහැ. ප්‍රධානම දෙය නම් ඔබ ජීවයක් බව සලකා උත්තරිතර පියා වන උත්තරිතර ජිවය සිහි කිරිමයි. මෙම දැඞ් විශ්වාසය තිබිය යුතුයි. ප්‍රධානම දෙය නම් අපිරිසිඳු අයව පිරිසිඳු කරවීමයි. මුළු ලෝකයම දැන් අපිරිසිඳූයි, දැන් එය පාරිශුද්ධ කරවිය යුතුයි. අශාරිරික ලෝකයේ දී සෑම කෙනෙක්ම පාරිශුද්ධයි. එමෙන්ම සතුටෙන් පිරි දේශයේ දීත් සෑම කෙනෙක්ම පාරිශුද්ධයි. ඔබ පාරිශුද්ධත්වයට පත්වි පාරිශුද්ධ ලෝකය වෙත යනවා. එනම්, එම පාරිශුද්ධ ලෝකය දැන් ස්ථාපනය වෙමින් පවතිනවා. මේ සෑම දෙයක්ම නාටකයේ තීරණය වුණු දේවල්ය. පියා කියනවා මුළු දවස පුරාම තමා තබාගත් වාර්තාව දෙස බලන්න මම කිසියම් හෝ වැරැද්දක් කළාද? ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ගිණුම් තබා ගන්නවා. මේකත් ආදායමක්. ඔබ සෑම කෙනෙක්ම ව්‍යාපාරිකයෙකි. ඔබ බාබා සමඟ ව්‍යාපාරය කරගෙන යයි. තමන්ව පරික්ෂාකර බැලිය යුතුයි මා ළඟ දිව්‍යමය ගුණධර්ම කීයක් තිබෙනවාද ? මම කොපමණ දුරට පියාව සිහි කරනවාද ? කොයිතරම් දුරට මම අශාරිරික වෙනවාද ? අපි අශාරිරිකව පැමිණියා. ඉතින්, දැන් අපි අශාරිරිකව ආපසු යා යුතුයි. මේ වන තෙක් සෑම කෙනෙක්ම පහළට පැමිණිය යුතුයි. එකම එක ජීවයකටවත් ඒ අතර මැද දී නිවස බලා යන්න බැහැ. සෑම කෙනෙක්ම නිවස වෙත යා යුතයි. ලෝකය කවදාවත් හිස්වන්නේ නැහැ. රාමා ගියා, රාවන් ගියා කියා කියනවා. නමුත් ඒ දෙදෙනාම තවම ඉන්නේ මෙතනයි. රාවන්ගේ සමාජය ගිය පසු නැවත එන්නේ නැහැ. කොහොමනමුත්, මොවුන් තවමත් මෙහි සිටිනවා. ඉදිරියට යන අතර, ඔබට සෑම දෙයක් සම්බන්ධයෙන්ම දර්ශන ලැබේවි. නව ලෝකය ස්ථාපනය වන්නේ කෙසේද, අවසානයේදි සිදුවන්නේ කුමක්ද කියා ඔබ විසින් දැනගත යුතුයි. එවිට, අපගේ ධර්මය පමණයී ඉතිරි වන්නේ. ඔබ සත් යුගයේ දී පාලනය ගෙන යාවි. කලි යුගය අවසන් වි ස්වර්ණමය යුගය පැමිණිය යුතුයි. දැන් රාමා හා රාවන්ගේ සමාජ දෙකක් තිබෙනවා. මේ සෑම දෙයක්ම සිදු වන්නේ සංගම් යුගයේ දි පමණයි. ඔබ දැන් මේ සියල්ලම දන්නවා. පියා කියනවා ඔබ ඉදිරියට යන විට තවමත් ඉතිරි වි ඇති රහස් ගැන මම ටිකෙන් ටික කියන්නම්. පටිගත වී ඇති දේ එළිදරව් වේවි. ඔබට සියල්ල අවබෝධ වේවි. කිසිම දෙයක් ඔබට කල් තියා කියන්නේ නැහැ. මේකත් නාටකයේම සැලැස්මකි. පටිගත වි ඇති දේ එළිදරව් වෙනවා. බාබා දිගටම කතා කරනවා. මේ සෑම දෙයක් පිළිබඳවම වු අවබෝධය ටිකෙන් ටික ඔබගේ බුද්ධියේ ව්‍යාප්ත වෙනවා. කැසට් පටයක් දැම්මා වගේ බාබාගේ මුරලිය ඉදිරියටම යාවි. නාටකයේ සෑම රහසක්ම පටිගත වී ඇත. කැසට් යන්ත්‍රයේ අදාල කොටස තෝරා අපට අවශ්‍ය තැන තබා එම කොටස පමණකක් වාදනය කරවීමට අපට බැහැ. ඒකත් එවිට පුනරාවර්තනය වේවි. කිසිම දෙයක් අළුත් දෙයක් නොවෙයි. පියා ළඟ ඇති සෑම අළුත් දෙයක්ම ඒ ආකාරයෙන්ම නැවතත් වාදනය වේවි. ඔබ මෙයට ඇහුම්කන් දී පසුව අන් අයටත් එය කියා දේවි. අන් සෑම දෙයක්ම අදෘශ්‍යමානයි. අධිරාජ්‍යයක් ස්ථාපනය වෙමින් පවතිනවා. මුළු මාලාවක්ම නිර්මාණය වෙමින් පවතිනවා. ඔබලා තනිවම අධිරාජ්‍යය වෙත ගොස් උපත ලබාවි. රජ කෙනෙක්, රැජිණක් හා පුරවැසියන් අවශ්‍යයි. මේ සෑම දෙයක්ම ඔබලා සිහියෙන් කළ යුතුයි. ප්‍රායෝගිකව සිදුවිය යුතු සෑම දෙයක්ම අපට දැක බලා ගැනිමට හැකි වේවි. මෙහි ඉන්නා අතර මිය යන අය ධනවත් පවුල් වලට දාව උපත ලබාවි. දැනටමත් හොඳ ආගන්තුක සත්කාර ඔබට එහිදි හිමි වෙනවා. දැනටත් මැණික් ඔබ්බවා සාදන ලද දේවල් රාශියක් මිනිසුන්ට තිබෙනවා. නමුත් කිසිම බලයක් නැහැ. ඔබ තුළ බලය තිබුණා. ඔබ කොහේ ගියත් තමන්ව එළිදරව් කර ගන්නවා. ඔබ උසස් කෙනෙක් බවට පත් වෙන නිසා කොහේ ගියත් තමාගේ දිව්‍යමය වු චරිතය පෙන්වනවා. යක්ෂ දරුවන් උපන් දිනයේ පටන් අඬ අඬා සිටිනවා. ඔවුන් අපිරිසිදුයි. ඔබලා කිසියම් විනයකට අනුව පෝෂණය කරවාවි. එහි අපිරිසිඳු දේවල් කිසිවක් නැහැ. මේ දවස්වල සිටිනා දරුවන් ඉතාමත් අපිරිසිඳු අය බවට පත් වෙනවා. සත් යුගයේ එවන් දේවල් නැහැ. මොනවා වුණත් එය දිව්‍යලෝකයයි. හඳුන්කුරු දල්වන්න තරම් දුර්ගන්ධයක් එහිදී නැහැ. මල් වතු වල සුවඳ විහිදුවන මල් ඇති වේවි. මෙහි ඇති මල් වල එතරම් සුවඳක් නැහැ. එහි සෑම දෙයක්ම 100% ක්ම සුවඳවත්ය. එහි මල් පවා හොඳම වර්ගයේ මල්ය. මෙහි සිටිනා කෙනෙක් කෙතරම් ධනවත් වුණත් ඔහු තවම ඒ තරම් ධනවත් නැහැ. එහි නොයෙකුත් වර්ගයේ දේවල් තිබෙනවා. එහි ඇති බන්දේසි ආදිය රත්රන් වලින් සෑදූ ඒවායි. රත්රන් ඇරෙන්න වෙන කිසිවක් එහි නැහැ. නමුත් මෙහි ඇති සෑම දෙයක්ම ගල් වගේ. එහි වැලි වලත් රත්රන් තිබෙනවා. ගොඩනැගිලි ආදිය සෑදීමටත් රත්රන් ගන්නවා නම්, කොපමණ රත්රන් ප්‍රමාණයක් එහි ඇතිද කියා මදක් සිතා බලන්න. එහි කාලගුණයත් අධික රස්නයකුත් නැහැ, අධික සීතලකුත් නැහැ. විදුලි පංකා පාවිච්චි කිරිමට සිදු වන ආකාරයේ උෂ්ණයක් එහි දි ඇති වන්නේ නැහැ. එහි නමම දිව්‍ය ලෝකය යන්නයි. එහි අසිමිත සතුටක් තිබෙනවා. කිසිම කෙනෙක් ඔබ මෙන් කෝටි වාරයක් වාසනාවන්ත වන්නේ නැහැ. මිනිස්සු ලක්ෂ්මී හා නාරායන්ගේ ගුණ ගායනා කරනවා. ඔවුන්ව එම තත්ත්වයට පත් කරවනා කෙනාව ඉහළින්ම වර්ණනා විය යුතුයි. මුලින් පිරිසිඳු භක්තියක් තිබුණා. පසුව දේවතාවරුන්ව වන්දනා කරන්න පටන් ගත්තා. එය දැන් ජීවතුන් අතර නැති ශරිර වන්දනා කිරිමක් නිසා පදාර්ථ වන්දනා කිරිමේ ගණයට ගත හැකියි. පංච මහා භුතයනුත් වන්දනා කෙරෙනවා. ශිව බාබාට ඔබ මෙසේ කියන්නේ නැහැ. වන්දනා කිරිම සඳහා රත්රන් වලින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් පිළිම සාදනවා. ජීවය රත්රන් කියා හඳුන්වන්නේ නැහැ. ජිවය සෑදි ඇත්තේ කුමකින්ද ? ශිවාගේ රූපය සාදා ඇත්තේ කුමකින්ද කියා කීමට මිනිසුන්ට හැකි නමුත් ජිවය හෝ උත්තරීතර ජීවය සෑදි ඇත්තේ කෙසේද කියා කීමට කිසිම කෙනෙක් දන්නේ නැහැ. සත් යුගයේදි පංච මහා භුතයන් පවා පිරිසඳුයි. මෙහි ඔවුන් අපිරිසිඳුයි. උත්සාහ දරනා දරුවන් තුළ එවන් සිතිවිලි තිබේවි. පියා කියනවා ඒ සෑම දෙයක්ම අතහැර දමන්න. සිදු විය යුතු ඕනෑම දෙයක් සිදු වේවි. පළමුවෙන්ම පියාව සිහි කරන්න. සෑම පැත්තකින්ම සිහිය ඉවතට ගෙන නිරන්තරයෙන්ම මා පමණක් සිහිකර ඔබගේ පව් ඉවත් කර ගන්න. ඔබට ඇසෙනා සෑම දෙයක්ම අතහැර දමා එක දෙයක් ස්ථාවර කර ගන්න මම සතෝප්‍රධාන් විය යුතුයි. සෑම කල්පයකදීම සත් යුගයේ දී සිදුවුණු දේවල් ඒ ආකාරයෙන්ම සිදු වේවි. එහි කිසිම වෙනසක් තිබිය නොහැකියි. ප්‍රධානම දේ පියාව සිහි කිරිමයි. මේ සඳහා උත්සාහයක් අවශ්‍යයි. සම්පුර්ණ උත්සාහය දරන්න. කුණාටු ගණනාවක් පැමිණේවි. උපතක් උපතක් පාසා ඔබ විසින් කළ දේ ඔබලා ඉදිරියට පැමිණේවි. සෑම පැත්තකින්ම සිහිය ඉවතට ගෙන අභ්‍යන්තරගතව සිටිමින් මා සිහි කිරීමට උත්සාහ දරන්න. දරුවන්වත් සිහි කෙරෙනවා, නමුත් එය රඳා පවතින්නේ ඔබලා දරණා උත්සාහය මතයි. ඔබලා කරනා සේවයෙන් ඒ ගැන කිව හැකියි. සේවය කරනා අය තුළ එම කරනා සේවයේ සතුට තිබෙනවා. හොඳ සේවයක් කරනා අයගේ සේවය හොඳින් ඔප්පු වි පෙනේවි. ඔවුන් මඟ පෙන්වන්නන් වශයෙන් මෙහි පැමිණෙනවා. එවිට මහාරාතී කවුද, අසුපිට යන්නා කවුද, පාබල කවුද කියා ඉක්මනින් හඳුනා ගත හැකියි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. සතෝප්‍රධාන් වීම සඳහා සෑම දෙයක්ම අත්හැර ඔබගේ සිහිය සෑම පැත්තකින්ම ඉවතට ගෙන අශාරිරිකව සිටීම පුහුණු කරන්න. දිව්‍යමය ගුණධර්මත් උකහා ගන්න.

2. සෑම විටම හොඳ සිතිවිලි සිහියට නඟා ගන්න. මොනවාගේ දේවල් ඔබගේ අධිරාජ්‍යයේ තිබේවිද කියා සිතමින්, ඒ සඳහා සුදුසු කෙනෙක් බවට තමන්ව පත් කරවාගෙන හොඳ චරිතයක් ඇත්තෙක් බවට පත් වන්න. මෙහි ඇති සෑම දෙයකින්ම ඔබගේ සිහිය ඉවතට ගන්න.

වරදානය:
ඔබ නිරතුරුවම පූර්ණව හා සමානව සිට සියලු සීමා සහිත ආශාවන්ගෙන් ඔබ්බට ගොස් සේවයේ ඵලය ලබත්වා.

සේවය කිරීම යනු ඵලදායී දෙය කිරීමයි. කිසියම් සේවාවක් ඔබව අතෘප්තියට පත් කරන්නේ නම්, එම සේවාව සේවාවක් නොවේ. ඔබට එම සේවාව කිරීම නැවැත්විය හැකිය, නමුත් ඔබේ තෘප්තිය අත් නොහරින්න. කායික වශයෙන් තෘප්තිමත් වූ අය තෘප්තිමත් වන ආකාරයෙන්ම, සිත තෘප්තිමත් වන අය ද තෘප්තිමත් වනු ඇත. සතුට තෘප්තිමත් වීමේ සලකුණකි. තෘප්තිමත් ජීවාත්මයක් නම, ගෞරවය, ඕනෑම ගැලවීමක් හෝ පහසුකම් වැනි සීමිත ආශාවන් පිළිබද කුසගින්නේ නොසිටී. එවැනි ජීවාත්මයන් නිරන්තරයෙන් සියලූම සීමිත ආශා වලින් ඔබ්බෙහි සිටින අතර පූර්ණ හා සමාන වනු ඇත.

පාඨය:
අවංක හදවතකින් පරාර්ථකාමී සේවයක් කරමින් ඉදිරියට යාම යනු ඔබේ පුණ්‍ය ගිණුමට එකතු වීමයි.