01.01.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඥානයේ වැසි වස්සවා සියල්ල හරිතවත් කරවන්නේ ඔබලායි. ඔබ මෙම ඥානය හොඳින් උකහාගෙන අන් අයවත් දිරිමත් කරවිය යුතුයි.

ප්‍රශ්නය:
වැසි නොවස්සන වළාකුළු හැඳින්වෙන්නේ කුමන නමකින්ද ?

පිළිතුර:
ඔවුන් කම්මැලි වළාකුළුයි. ක්‍රියාශීලී වළාකුළු වැසි වස්සවයි. ඔවුන් ඥානය ධාරණය කරගෙන තිබෙනවා නම්, එම ඥාන වැසි අන් අය මත නොවස්සවා සිටීමට ඔවුන්ට බැහැ. ඥානය ධාරණය නොකරගෙන අන් අයවත් ඒ සඳහා දිරිමත් නොකරනා අය හරියට නිකම් ඔවුන්ගේ කුස, පිටට ඇලිලා වගේයි. ඔවුන් දිළිඳුයි එමනිසා, ඔවුන් පුරවැසියන් වේවි.

ප්‍රශ්නය:
මෙම ස්මරණ වන්දනාවේ දී ඔබ විසින් දැරිය යුතු ප්‍රධානම උත්සාහය කුමක්ද ?

පිළිතුර:
තමා ජීවාත්මයක් වශයෙහන් සළකා තිතක ස්වරූපයෙන් පරමාත්ම පියාව සිහි කිරීමයි. පරමාත්ම පියාව ඔහුගේ නියම නිවැරදිම ස්වරූපයෙන් සිහි කිරීම සඳහා උත්සාහයක් දැරිය යුතු වෙනවා.

ගීතය:
ඥානයේ වැසි වසින්නේ ආදරවන්තයා සමඟ සිටින්නන්ටයි ...

ඕම් ශාන්ති.
වළාකුළු ඇත්තේ සාගරයට ඉහළිනුයි. වළාකුළු වල පියා සාගරයයි. වැසි වසින්නේ සාගරයත් සමඟ සිටිනා වළාකුළු වලට පමණයි. ඒ වළාකුළු තමාව වතුරෙන් පුරවාගෙන පසුව වැසි වස්සවනවා. ඔබත් සාගරයට පැමිණෙන්නේ ඔබව පුරවා ගැනීමටයි. සාගරයේ දරුවන් වන ඔබලා කොහොමත් වළාකුළු වේ. මෙන්න මේ නිසා තමයි ඔබලාට මෙම මිහිරි වතුර උරාගත හැකි වී තිබෙන්නේ. වළාකුළු වර්ග රාශියක් තිබෙනවා. ඇතැම් වළාකුළු ඉතාමත් තදින් වැස ගංවතුර ගැලීම් පවා සිදු කරනවා නමුත් අනිත් වාළාකුළු වසින්නේ ඉතාමත් හෙමින්. ඔබලා අතරත් අනුපිළිවෙලක් තිබෙනවා. ඉතාමත් තදින් වැසි වස්සවන අයව සිහි කෙරෙනවා. හොඳ වැස්සක් වසින විට මිනිස්සු බොහෝ සෙයින් සතුටු වෙනවා. මෙහිදීත් හොඳින් වැසි වස්සවන අයව හොඳින් වර්ණනාවට ලක් වෙනවා. වැසි නොවස්සන අය කුසීත හදවත් ඇත්තනුයි. ඔවුන්ට තමන්ගේම කුසවත් හරිහැටි පුරවා ගන්න බැහැ. මෙම දැනුම හරිහැටි ධාරණය කර ගැනීමේ හැකියාව නොමැති නිසා ඔවුන්ගේ කුස පිටට ඇලෙනවා. ආහාර අහේනියක් ඇති කාලයක දී මිනිසුන්ගේ කුස පිටට ඇලෙනවා. මෙහිදීත් ඔබ හොඳින් දැනුම ධාරණය කරගෙන අන් අයවත් ඒ සඳහා දිරිමත් කෙරෙව්වේ නැතිනම් ඔබගේ කුසත් පිටට ඇලී යාවි. මහා වැසි වස්සවන්නන් රජවරුන් හා රැජිණියන් වේවි. අන් අය දුප්පත් වේවි. දුප්පතුන්ගේ කුස පිටට ඇලිලායි තිබෙන්නේ. එමනිසා, ඔය දරුවන් මෙම ඥානය ඉතාමත් හොඳින් ධාරණය කර ගත යුතුයි. ජීවාත්ම සත්තාවේත් පරමාත්ම ජීව සත්තාවේත් ඥානය හරිම සරළයි. ජීවාත්මය පිළිබඳවත් පරමාත්ම ජිවය පිළිබඳවත් තමන්ට මීට පෙර දැනුමක් තිබුණේ නැති බව ඔබලාට තේරෙනවා. එමනිසා, ඔබලාගේ කුස පිටට ඇලිලයි තිබුණේ. ප්‍රධානම කරුණු වන්නේ ජිවාත්මය හා පරමාත්ම ජීවය පිළිබඳ කරුණුයි. ජීවාත්මය යනු කුමක්ද කියා මිනිස්සු දන්නේ නැහැ. ඉතින් කොහොමද පරමාත්ම ජීවය ගැන දැන ගන්නේ ? මහා දාර්ශනිකයින්, පණ්ඩිතවරුන් රාශියක් සිටිනවා, ඔවුන් ජීවාත්ම සත්තාව ගැන දන්නේ නැහැ. නැවත නැවතත් ක්‍රියාත්මක වන උපත් 84ක චරිත කොටසක් පටිගත වී ඇති අවිනාශී ජීව සත්තාවක්ය තමන් යන දැනුම දැන් ඔබලා තුළ තිබෙනවා. ජීවාත්ම අවිනාශී නිසා ඔවුන්ගේ චරිත කොටසුත් අවිනාශීයි. ඔය ජීවාත්මයන් හැම ලෙසින්ම සර්ව සම්පුර්ණ චරිත කොටසක් රඟදක්වන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ජීවාත්මය පරමාත්ම ජිවයයි කියා මිනිස්සු නිකම් කියනවා. ආරම්භයේ සිට අවසානය දක්වාම වූ සියලු ඥාන සම්භාරය ඔය දරුවන් තුළ තිබෙනවා. නාටකයේ කාලය වසර සිය දහස් ගණනක් කියා ඔවුන් කියනවා. ඔබලාට දැන් මුළු දැනුමම හිමි වී තිබෙනවා. මෙම මුළු පැරණි ලෝකයම පරම පියා විසින් නිර්මාණය කරන ලද ඥාන යාගයට බිලි වීමට තිබෙනා බව ඔබ දන්නවා. මෙන්න මේ නිසා තමයි පරම පියා කියන්නේ : ඔබගේම ශරීරයත් ඇතුළු සියලුම දේ අමතක කර දමන්න. තමා ජීවාත්මයක් බව සලකන්න. පරමාත්ම පියාවත් ශාන්ත දේශය වන ඔබගේ මිහිරි නිවහනත් සිහි කරන්න. මෙය දුකින් පිරි දේශයයි. තමන් විසින් දරණා උත්සාහයේ තරමට ඔබට මෙම කරුණු අන් අයටත් පහදා දිය හැකි වේවි. ඔබලා දැන් මෙම ඥානයෙන් පිරී සිටිනා නමුත් ඔබගේ උත්සාහය රඳා පවතින්නේ සිහි කිරීම මතයි. උපත් ගණනාවක ශාරීරික අවධානය අවසන් කර දමා ජීවාත්ම අවධානයට පත් වීමට විශාල උත්සාහයක් අවශ්‍ය වෙනවා. කතාවෙන් කීමට මෙය ඉතාමත් පහසු දෙයක් වුවත් තමා ජීවාත්මයක් ලෙස සලකා තිතක ස්වරූපයෙන් සිටිනා පරමාත්ම පියාව සිහි කිරීමට උත්සාහයක් අවශ්‍ය වෙනවා. පරමාත්ම පියා කියනවා : කලාතුරකින් කෙනෙක් තමයි මා මගේ නියම ස්වරූපයෙන් හරි ආකාරයෙන්ම සිහිපත් කරන්නේ. පියා කොයි වගේද දරුවනුත් එහෙමමයි. ඔබ ඔබලාව තම නියම ස්වරූපයෙන් හඳුනනවා නම්, පරමාත්ම පියාවත් ඔබ ඒ ආකාරයෙන්ම හඳුනා ගනීවි. ඉගැන්වීම සඳහා සිටින්නේ එකම එක පියා පමණක් බවත් ඉගෙන ගැනීමට බොහෝ දෙනා සිටිනා බවත් ඔබ දැන ගනීවි. පරමාත්ම පියා අධිරාජ්‍යය ස්ථාපනය කරන්නේ කෙසේද කියා දන්නේ ඔබ දරුවන් පමණයි. කොහොමනමුත්, ඒ ග්‍රන්ථ ආදී සෑම දෙයක්ම භක්ති මාර්ගයේ ආටෝප මෙවලම් පමණයි. අන් අයට පහදා දීම සඳහා අප මෙය කිව්වත් ඒවා පිළිබඳ කිසිම අකමැත්තක් අපට නැහැ. බ්‍රහ්මාගේ දහවල හා රාත්‍රිය ගැන ග්‍රන්ථ වලත් සඳහන් වී තිබෙනවා. නමුත් මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. දවස හා රාත්‍රිය සම සමයි. ඉණිමඟ පෙන්වන පින්තූරයේ මෙය ඉතාමත් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. දෙවියන් ඉතාමත් ලස්සන, ඕනෑම දෙයක් කළ හැකි කෙනෙක් කියා මිනිස්සු විශ්වාස කරනවා. නමුත් පරමාත්ම පියා කියනවා : මමත් මෙම නාටකය මත බැඳිලයි සිටින්නේ. භාරතය එන්න එන්නම අපහසුකාරී තත්ත්වයන් වලට ලක් වෙනවා. ඉතින් මම නිතර නිතර ඇවිත් යන්නද ? මගේ චරිත කොටසටත් සීමාවක් තිබෙනවා. සියල්ල මුළුමනින්ම දුකින් පිරුණු විට පමණයි මම මගේ නියම කාලයේ දී පැමිණෙන්නේ. එක් තත්පරයකවත් වෙනසක් සිදු විය නොහැකියි. සෑම කෙනෙකුගේම චරිත කොටස නාටකයේ නියමාකාරයෙන්ම පටිගත වී තිබෙනවා. උසස්ම උසස් පියාගේ නැවත ඉපදීම මෙයයි. පසුව බලයෙන් අඩු අය පිළිවෙලින් පහළට පැමිණෙනවා. ඔය දරුවන් දැන් ඔබලාව ලෝක පාලකවරුන් කරවනා ඥානය පරමාත්ම පියාගෙන් ලබමින් සිටිනවා. ඒ මුළු ශක්තියම ඔබලා ලබා ගන්නවා. උත්සාහ දැරීමෙන් තමෝප්‍රධාන් ඔබ සතෝප්‍රධාන් වෙනවා. මෙය අන් අයගේ චරිතයේ නැහැ. ප්‍රධානම දෙය නම් නාටකයයි. ඒ දැනුම තමයි ඔබට දැන් ලැබී තිබෙන්නේ. අන් සියල්ලම භෞතිකයි. මන්ද, ඒ සියල්ල ඔබට ඔබගේ පියවි ඇසින්ම දැක ගත හැකියි. බාබා ලෝක පුදුමයක්. ඒ වගේම ඔහු පාරාදීසය කියා හඳුන්වන දෙව්ලොවත් නිර්මාණය කරනවා. ඔහුව ඉහළින්ම ප්‍රශංසාවට ලක් වෙනවා. පරමාත්ම පියාත් ඔහුගේ නිර්මාණයත් ඉහළින්ම වර්ණනා වෙනවා. ඉහළම ඉහළ කෙනා දෙවියනුයි. පරමාත්ම පියා ඉහළම ඉහළ දෙව්ලොව නිර්මාණය කරන්නේ කෙසේදැයි කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මෙය හරිහැටි අවබෝධ වන්නේ ඔය සුමිහිරි දරුවන්ට පමණයි. ඔබලා දරණා උත්සාහයේ තරමට ඔබලාට උසස් තත්ත්වයක් හිමි වෙනවා. ඔබ කුමන උත්සාහයක් දැරූවද ඔබ එය කරන්නේ නාටකයට අනුවයි. උත්සාහයකින් තොරව ඔබට කිසිම දෙයක් ලබා ගන්න බැහැ. කිසියම් හෝ ක්‍රියාවක් නොකර ඔබට එක තත්පරයක් වත් සිටින්න බැහැ. හතායෝගීවරුන් හුස්ම පාලනය කිරීමේ ව්‍යායාම කරනවා; ඔවුන් මිය ගිහින් වගේයි. කුණු දුහුවිල්ලෙන් පවා තමන් වැහෙන තෙක් ඔවුන් ගල්ගුහා වලට වී සිටිනවා. එවන් අවස්ථාවක ඔවුන්ගේ ශරීරයට වතුර වැටෙන්න පටන් ගතහොත් එහි තණකොල වැවෙන්න පටන්ගන්නවා. ඒත් එහි ඇති ඵලය කුමක්ද ? දවස් කීයක් ඔවුන් ඒ විදියට අසුන් ගෙන සිටින්නද? ඔවුන්ට අනිවාර්යෙන්ම යම් යම් දේ කිරීමට සිදු වේවි. කිසිම කෙනෙකුට කිසිවක් නොකර සිටින්න බැහැ. ඔවුන් තමන්ටය කියා ආහාර ආදිය පිළියෙල කරගන්නේ නැති නිසා තමයි ක්‍රියා අත්හළ අයයි කියා ඔවුන් තමන්ව හඳුන්වා ගන්නේ. මෙයත් නාටකයේ ඔවුන්ගේ චරිත කොටස් වල තිබෙන්නක්. භක්ති මාර්ගයේ ඒ පුද්ගලයින් සිටියේ නැති නම් භාරතයේ තත්ත්වය කොයි වගේ වේවිද ? භාරතය අංක එකේ පාරිශුද්ධ තත්ත්වයේයි තිබුණේ. පරමාත්ම පියා පළමුවෙන්ම කළේ කල්ප භාගයක් පුරාවටම පවතින පාරිශුද්ධත්වයක් නිර්මාණය කිරීමයි. ස්වර්ණමය යුගයේ අනිවාර්යෙන්ම තිබුණේ එකම එක ධර්මයක් හා එකම එක අධිරාජ්‍යයක් ඒ දේවතා ධර්මය දැන් නැවතත් වතාවක් ස්ථාපනය වෙමින් පවතිනවා. මිනිසුන්ව අවදි වන ආකාරයේ හොඳ ආදර්ශ පාඨ ඔබ විසින් නිර්මාණය කළ යුතුයි; එන්න, නැවතත් වතාවක් ඔබගේ දේවතා රාජ්‍යය දිනා ගන්න. ඔබ දැන් මෙය ඉතාමත් හොඳින් දන්නවා. ඇයි ක්‍රිෂ්ණාව ‘ශ්‍යාම්-සුන්දර’ කියා හඳුන්වන්නේ කියා ඔබ දැන් දන්නවා. මේ දිනවල බොහෝ අයට එවන් නම් දී තිබෙනවා. ඔවුන් ක්‍රිෂ්ණා සමඟ තරඟ කරනවා. අපිරිසිඳු රජවරුන් පිරිසිඳු රජවරුන්ගේ පිළිම ඉදිරියට ගොස් හිස නමන්නේ කෙසේදැයි කියා ඔය දරුවන් දන්නවා. ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. වන්දනාවට සුදුසු පුජනීය අය තමයි පසුව වන්දනා කරන්නන් බවට පත්වුණේ කියා ඔය දරුවන්ට තේරෙනවා. මුළු චක්‍රයම දැන් ඔබගේ සිහියේ තිබෙනවා. මේ තරම් දෙයක් හෝ ඔබගේ මතකයේ තිබෙනවා නම් ඔබගේ තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක තිබේවි. කෙසේවෙතත්, මායා ඔබට සිහි කිරිමට ඉඩ දෙන්නේ නැහැ; ඇය ඔබට සියල්ල අමතක කරවනවා. ඔබගේ තත්ත්වය නිරන්තරයෙන් ප්‍රමෝදමත්ව තිබෙනවා නම් ඔබ දේවතාවරයෙක් කියා හඳුන්වාවි. ලක්ෂ්මී හා නාරායනගේ පින්තූර දැකීමෙන් මිනිස්සු මහත් සතුටට පත් වෙනවා. රාධේ හා ක්‍රිෂ්ණා හෝ රාමාව දැකීමෙන් ඔවුන් එතරම් සතුටු වන්නේ නැහැ. මන්ද, ආගමික ග්‍රන්ථ වල ක්‍රිෂ්ණා ගැන නොයෙකුත් ආකාරයේ ප්‍රචණ්ඩකාරී කතාන්දර ගෙතී තිබෙනවා. මේ බාබා ශ්‍රී නාරායන වෙනවා. ලක්ෂ්මී හා නාරායනගේ පින්තූරය දැක බාබා ඉතාමත් සතුටට පත් වෙනවා. තමන් මෙතැනින් පිටත් වී රාජ කුමාරයින් බවට පත් වීමට පෙර කොපමණ කාලයක් මෙම පැරණි ශරීර වල ඉඳීවිදැයි කියාත් ඔය දරුවන් අවබෝධ කර ගත යුතුයි. මේ ගැන දන්නේ ඔබ පමණයි. ඔබ තුළ සතුට බුබුළු දැමිය යුතුයි. ඔබ නිවැරදිව අධ්‍යයනය කළ තරමට උසස් තත්ත්වයක් දිනා ගනීවි. හරිහැටි අධ්‍යයනයේ නිරත වුයේ නැති නම් ඔබ කුමන තත්ත්වයක් හිමිකර ගන්නද ? ලෝකයේ අධිරාජ්‍යවරුන්ගේ තත්ත්වයත් ධනවතුන්ගේ තත්ත්වයත් දැසි දස්සන්ගේ තත්ත්වයත් දෙස මඳක් බලන්න. ඇත්තේ එකම එක විෂයක් පමණයි ඒ මන්මනාභව හා මධ්‍යාජීභව යි. ඇල්ෆා හා බීටා, ඥානය හා යෝගාවයි. මේ බාබා සිටින්නේ ලොකු සතුටකින්. ඔහු අල්ලාව සොයාගෙන සියල්ල අත්හැරියා. ඔහු එවන් ලොතරැයියක් දිනා ගත්තා. තව මොනවාද ඔහුට අවශ්‍ය ? ඉතින් ඇයි ඔය දරුවන්ටත් මේ සතුට ඇතුලතින් නැත්තේ ? මෙන්න මේ නිසා තමයි පරමාත්ම පියා කියන්නේ දුටු පමණින් සතුටු විය හැකි ආකාරයේ -ට්‍රාන්ස්ලයිට්- පින්තූර සෑම කෙනෙක්ටම සාදා දෙන්න කියලා. ශිව බාබා මෙම උරුමය අපට බ්‍රහ්මා මඟින් ලබා දෙනවා. මිනිස්සු කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන්ට ඇත්තේ සම්පුර්ණයෙන්ම පරිහාණියට ලක් වුණු බුද්ධියක්. පිරිහුණු බුද්ධියක් ඇති අයගෙන් ඔබ දැන් පාරිශුද්ධ, පිරිසිඳු බුද්ධීන් ඇති අය බවට පත්වෙමින් සිටිනවා. ඔබට සියල්ල දැන ගන්නට ලැබුණා; වෙන කිසිම දෙයක් ඉගෙන ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙම ඉගෙනීමෙන් ඔබ ලෝක ආධිපත්‍යය දිනා ගන්නවා. පරමාත්ම පියා ඥානයෙන් පිරි කෙනා කියා හඳුන්වන්නේ මෙන්න මේ නිසායි. සෑම කෙනෙකුගේම හදවතේ ඇති දේ ඔහු දන්නවා කියා මිනිස්සු විශ්වාස කරනවා. කෙසේවෙතත්, පරමාත්ම පියා ඥානය දෙනවා. එකිනෙකා කෙතරම් දුරකට ඉගෙන ගන්නවාදැයි කියා ගුරුවරයෙකුට තේරුම් ගත හැකියි. ඔහු දවස පුරාම එක තැනක අසුන් ගෙන එකිනෙකාගේ ඇතුලාන්තයේ සිදුවන දේවල් දෙස බල බලා සිටින්නේ නැහැ. මෙම ඥානය අපුරුයි! පරමාත්ම පියා ඥාන සාගරය ලෙසත් ශාන්ත සාගරය හා සතුටේ සාගරය ලෙසත් හඳුන්වනවා. ඔබලා දැන් මාස්ටර් ඥාන සාගර වෙනවා. මෙම ගෞරව නාම ඔබට එහිදී හිමිවන්නේ නැහැ. ඔබ සියලුම ගුණ ධර්මයන්ගෙන් පිරි සොළොස් කලාවන්ගෙන් පුර්ණ ගුණවත් අය බවට පත් වෙනවා. මනුෂ්‍ය ජීවයන් විසින් ලද හැකි ඉහළම තත්ත්වය මෙයයි. දැනට ඔබලාට දේවමය තත්ත්වයක් හිමිව තිබෙනවා. ඔබ මෙය තේරුම්ගෙන අන් අයටත් පහදා දිය යුතුයි. ලක්ෂ්මී හා නාරායනගේ පින්තූර දුටු විට ඔබට විශාල සතුටක් දැනිය යුතුයි. අපි දැන් ඔවුන් සේ ලෝක පාලකවරුන් වෙමු. ඔබට සෑම ගුණ ධර්මයක්ම ලැබෙන්නේ ඥානය හරහායි. ඔබගේ අරමුණ හා ඉලක්කය දැකීමෙන් ඔබ නැවුම් වෙනවා. එමනිසා, පරමාත්ම පියා කියනවා සෑම කෙනෙක් ළඟම ලක්ෂ්මී හා නාරායනගේ පින්තූරයක් තිබිය යුතුයි කියලා. මෙම පින්තූරය ඔබගේ හදවත් වල සෙනෙහස වැඩි කරවනවා. මරණීය දේශයේ ඔබ දැන් සිටින්නේ ඔබගේ අවසාන උපතේ බවත් අමරණීය දේශයේ දී ඔබත් ඒ අය වගේම වේවි කියාත් දැන් ඔබ දන්නවා. මෙය ඔබටත් අදාලයි. ජීවාත්ම පරමාත්ම ජීවය වන්නේ නැහැ; නැහැ. මේ මුළු ඥානයම ඔබගේ බුද්ධියේ රැඳිය යුතුයි. අන් අයට පහදා දෙන විටත් අපි කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ යි කියා කියන්න. ප්‍රජාපිතා බ්‍රහ්මාගේ දරුවන් රැසක් සිටිනවා. අපි අපේ මනසින්, ශරීරයෙන් හා ධනයෙන් සේවය කරනවා. බ්‍රහ්මිණ්වරුන් වන අප අපේම ආදායමින් මෙම යගියාව පවත්වාගෙන යනවා. ශුද්‍රයින්ගේ ධනය අපට යොදන්න බැහැ. අප්‍රමාණ දරු කැළක් සිටිනවා. අපි අපේ මනස, ශරීරය හා ධනය සේවය වෙනුවෙන් කැප කළ තරමට තත්ත්වයක් දිනන බව අප සෑම කෙනෙක්ම දන්නවා. බාබා බීජ වැපුරූ නිසා තමයි ඔහු නාරායන වන්නේ. මෙම ධනය මෙහි කිසිම දෙයකට වැදගත් වන්නේ නැහැ. ඉතින් ඇයි මම එය මෙම කාර්යය වෙනුවෙන් යොදවන්නේ නැත්තේ ? සියල්ල කැප කර මෙහි පැමිණි අයට බඩගින්නේ මිය යාමට සිදු වුණාද ? ඔවුන් ඉතාමත් හොඳින් රැක බලා ගත්තා. බාබාවත් හොඳින් රැක බලා ගත්තා. මේ ශිව බාබාගේ වාහනයයි. ඔහු මුළු ලෝකයම දිව්‍යලෝකය බවට පත් කරන්නායි. ඔහු ලස්සන මඟියායි. පරමාත්ම පියා මෙහි පැමිණෙන්නේ සෑම කෙනෙක්ම ලස්සන කරවීමටයි. ඔහු අවලස්සන ඔබව ලස්සන කරවනවා. ඔහු එතරම්ම ලස්සන මනමාලයෙක්. ඔහු පැමිණ සෑම කෙනෙක්වම ලස්සන කරවනවා. ඔබ තමාව ඔහුට භාරදිය යුතුයි. ඔබ නොනවත්වාම ඔහුව සිහි කළ යුතුයි. පියවි ඇසින් ජීවාත්මයක් දකින්න බැහැ. නමුත් අවබෝධ කර ගත හැක්කා සේ ඔබට පරමාත්ම ජීවයවත් අවබෝධ කර ගත හැකියි. ජීවාත්ම හා පරමාත්මය පෙනුමෙන් එක හා සමානයි. තිතක් පමණි; අන් සියල්ල ඥානයයි. මේ සියල්ල ගැඹුරින් අවබෝධ කර ගත යුතු කරුණුයි. ඔය දරුවන් මෙම කරුණු ඔබගේ සිහියේ සටහන් කර ගත යුතුයි. ඔබගේ බුද්ධිය ඔබ දරණා උත්සාහයේ තරමට මෙම ඥාන කරුණු ධාරණය කර ගන්නවා. වෛද්‍යවරුන්ට ඖෂධ වර්ග ආදිය මතක තබා ගත හැකියි. ඔවුන් ඒ වෙලාවට පොත් පරිශීලනය කරන්න යනවා නොවෙයි. වෛද්‍යවරුන් ලඟ කරුණු තිබෙනවා. නීතිඥවරුන් ලඟ කරුණු තිබෙනවා. ඔබ ලඟ මෙම ඥානයේ කරුණු තිබෙනවා. ඔබට පැහැදිලි කළ හැකි මාතෘකා රැසක්ම තිබෙනවා. ඕනෑම කරුණක් කාට හෝ යහපතක් ගෙන දේවි. එක් පිරිසක් එක් කරුණු ප්‍රමාණයකිනුත් තවත් පිරිසක් තවත් කරුණු ප්‍රමාණයකුත් අවබෝධ කර ගන්නවා. කරුණු රැසක් තිබෙනවා. මෙම කරුණු හොඳින් ධාරණය කර ගන්නා අයට ඉතාමත් හොඳ සේවයක් කළ හැකි වේවි. කල්ප භාගයක් පුරාවට ඔබලා ඉතාමත් රෝගී අය බවට පත් වෙලයි සිටියේ. ජීව අපිරිසිඳු වී සිටිනා නිසා සදාතනික ශල්‍යවෛද්‍යවරයා ඔබට බෙහෙත් දෙනවා. ඔහු සෑම විටම ශල්‍යවෛද්‍යවරයායි ඔහු කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ. අන් සෑම කෙනෙක්ම රෝගී වෙනවා. සදාතනික ශල්‍යවෛද්‍යවරයා මෙම යුගයේ දී එකම එක් වතාවක් පැමිණ ඔබට “මන්මනාභව” එන්නත ලබා දෙනවා. එය ඉතාමත් පහසුයි. සෑම විටම මෙම පින්තූරය ඔබගේ සාක්කුවේ තබාගෙන සිටින්න. බාබා ඒ දිනවල නාරායන්ව වන්දනා කළා. ඔහු ලක්ෂ්මීගේ රූපය ඉවත්කර නාරායනගේ රූපය පමණක් තබාගෙන සිටියා. තමන් දැන් මේ වන්දනා කරනා කෙනා බවට තමන් පත් වෙනවාය කියා ඔහු අවබෝධ කර ගත්තා. ඔහු ලක්ෂ්මීට නිවාඩු දුන්නා (ඇයගේ රූපය පින්තූරයෙන් ඉවත් කළා). ඔහු ලක්ෂ්මී බවට පත් නොවන බව සහතික වුණා. ලක්ෂ්මී දෙවඟන නාරායනගේ කකුල් පිරිමැදීමේ ඒ පින්තූරයට ඔහු කැමති වුණේ නැහැ. මෙය දකිනා පිරිමි අය තම බිරින්දෑවරුන් ලවා තම කකුල් මාසාජ් කර ගැනීමට පටන් ගත්තා. එහිදී ලක්ෂ්මී නාරායනගේ දෙපා පිරිමදින්නේ නැහැ. ඒ සිරිත් විරිත් එහි නැහැ. මේ සිරිත් අයිති රාවන් රාජ්‍යයටයි. මුළු ඥානයම මෙම පින්තූරයේ තිබෙනවා. ඉහළින්ම ත්‍රිමුර්තිය තිබෙනවා. මුළු දවස පුරාම මෙම දැනුම සිහි කිරීමේ මහා විශ්මිත සතුටක් තිබෙනවා. භාරතය දැන් දිව්‍යලෝකය බවට පත් වෙමින් තිබෙනවා. මෙය ඉතාමත් හොඳ පැහැදිලි කිරිමක් නමුත් එය මිනිසුන්ගේ සිහියේ රැදෙන්නේ නැත්තේ ඇයිද කියා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මහා විශාල ගිණි ජාලාවක් ඇති වේවි; පිදුරු ගොඩ ගිණි ගත යුතුයි. රාවන්ගේ රාජ්‍යය අනිවාර්යෙන්ම විනාශ විය යුතුයි. මෙම යගියාවට පාරිශුද්ධ බ්‍රහමිණ්වරුන් අවශ්‍යයි. මෙය තමයි මහා යාගය - ඒ, මුළු ලෝකය පුරාවටම පාරිශුද්ධත්වය ගෙන ඒමටයි. ඒ බ්‍රහමිණ්වරුන් තම තමන් බ්‍රහ්මාගේ දරුවන් කියා කියා ගත්තාට ඔවුන් ඉපදෙන්නේ පාපයෙන්. බ්‍රහ්මාගේ දරුවන් පාරිශුද්ධයි. මුඛයෙන් බිහිවන අයයි. එමනිසා, මෙය ඒ අයට පහදා දෙන්න. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. ඔබගේ බුද්ධිය පිරිසිඳු කරගෙන මෙම අපුරු ඥානය හොඳින් ධාරණය කර ගනිමින් පරමාත්ම පියා සේම මාස්ටර් ඥාන සාගරයක් වන්න. මෙම ඥානයෙන් සියලුම ගුණධර්ම ධාරණය කර ගන්න.

2. බාබා තම ශරීරය, මනස හා ධනය භාරකර ඒවා සේවය සඳහා යෙදෙව්වාක් සේ ඔබත් තමා සතු සියල්ල පියා සේ දේව කාර්යය වෙනුවෙන් වඩාත් යහපත් ආකාරයෙන්ම පරිහරණය කළ යුතුයි. නිරන්තරයෙන් නැවුම්ව සිටීමට නම් ඔබගේ අරමුණ හා ඉලක්කයේ පින්තූරයක් ළඟ තබා ගන්න.

වරදානය:
ඔබ සතුටු හදවත් ඇත්තෙක් වී, ඔබගේ ස්ථාවර සහ නිරන්තර මනෝ ස්ථිතියෙන්, නිරන්තරයෙන් ඒකායන පියාව අනුගමනය කරත්වා.

ඔය දරුවන් සදහා , බ්‍රහ්ම පියාගේ ජීවිතය නිවැරදි පරිගණකයකි. වර්තමානයේ මිනිසුන් ඔවුන්ගේ සියලුම ප්‍රශ්න පරිගණකයකට දමා පිළිතුරක් ලබා ගනී. එලෙසම, ප්‍රශ්නයක් පැන නඟින සෑම විටම, “ඇයි?” , හෝ "කුමක්ද?", කියා අසනවා වෙනුවට බ්‍රහ්ම පියාගේ ජීවිතයේ පරිගණකය දෙස බලන්න. "ඇයි?" සහ "කුමක්ද?"යන ප්‍රශ්න "මේ ආකාරයෙන්" ලෙසට වෙනස් වනු ඇත. ප්‍රශ්න වලින් පිරී සිටිනවා වෙනුවට, ඔබ සතුටු හදවතකින් සිටිනු ඇත. සතුටු හදවතක් තිබීම යනු, ඔබගේ නිරන්තර සහ ස්ථාවර ස්ථිතියෙන් පරමාත්ම පියාව අනුගමනය කිරීමයි.

පාඨය:
ඔබගේ ජීව අවධාන බලයෙන්, නිරන්තර නිරෝගිකම අත්විඳින්න.

විශේෂ සටහන: සියලුම බ්‍රහ්මින් දරුවන්, අභ්‍යන්තරික ලෙණෙහි යෝග තපස්යා කරමින් ජනවාරි 1-31 දක්වා, ඔබේ බලවත් මනසින් ලෝකයට සකාෂ් ලබා දීමෙන් සේවය කරන්න. මේ අරමුණත් සමග, මේ මාසයේ පුවත් ලිපියෙහි සඳහන් අව්‍යක්ත් සංඥාවන් ද එක් එක් මුරලිය අවසානයේ මුළු මාසය සඳහාම ලියා එවනවා ඇත. විශේෂයෙන්ම මෙම කරුණු මතගාන අතරතුර, මනසින් සේවය කිරිමේ අත්දැකීම් ලත් අය බවට පත් වන්න.

ඔබගේ බලවත් මනසින් සකාෂ් ලබා දීමේ සේවය සිදු කරන්න.

සාමයේ පණිවිඩකරුවන් වන ඔබ, කොතැනක සිටියත් ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන අතරතුර ඔබව සාම දූතයන් ලෙස සැලකිය යුතුය. ශාන්ත ස්වරූපයන් වන සහ බලවත් ස්වරූපයක ස්ථාවර වූ අය අන් අයට සාමයේ සහ බලයේ සකාෂ් දිගටම ලබා දෙනවා ඇත.