01.02.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ ජීවාත්ම සත්තාවන්ගේ මුල් ආගම සාමයයි. ඔබගේ දේශය සාම දේශයයි. ඔබ ජීවාත්ම සත්තාවන් සාමයේ ප්‍රතිමූර්තීන්ය. එමනිසා, ඔබ සාමය ඉල්ලා සිටිය යුතු නැත.

ප්‍රශ්නය:
ඔබේ යෝගා බලයෙන් කළ හැකි විශ්මයන් මොනවාද?

පිළිතුර:
යෝගා බලයෙන් ඔබ මුළු ලොවම පිරිසිඳු කරයි. මේ අපවිත්‍ර වූ මුළු කන්ද ම ඉවත් කර ස්වර්ණමය කන්දක් ස්ථාපනය කිරීමට සිටින්නේ යෝගා බලය ඇති ඔබ දරුවන් සුළු පිරිසකි. එවිට පංච මහා භූත පවා සතෝප්‍රධාන් බවට පත් වී හොඳ ඵල ලබා දෙයි. පදාර්ථය සතෝප්‍රධාන් වූ විට, ඔබේ ශරීරද සතෝප්‍රධාන් වේ. එහි දී ඵල වැල ඉතා විශාල සහ රසවත්ය.

ඕම් ශාන්ති.
ඔබ ‘ඕම් ශාන්ති‘ කියන විට ඔබට මහා සතුටක් තිබෙයි. ඇත්ත වශයෙන්ම, ඔබ ජීවාත්ම සත්තාවන් සාමයේ ප්‍රතිමූර්තීන්ය, ඔබ ජීවාත්ම සත්තාවන්ගේ මුල් ආගම සාමයයි. සන්‍යාසීන් ද කියන්නේ සාමය ඔබේ ගෙල වට බැඳි මාලයක් ලෙසයි. ඔබ සාමය පිටතින් බලාපොරොත්තු වන්නේ ඇයි? ඔබම සාමයේ ප්‍රතිමූර්තීන්ය. ජීවාත්මයන් ශරීර වලට ඇතුළු වී ඔවුන්ගේ කොටස් රඟපායි. ඔවුන් දිගටම නිහඬව සිටියා නම් ක්‍රියාවන් කෙසේ කරන්නද? ක්‍රියාවන් කළ යුතුම වෙයි. ඔව්, නිහඬ දේශයේ දී ජීවාත්ම සත්තාවන් නිහඬව සිටියි. එහි දී ශරීර නැත. සන්‍යාසීන් ආදී කිසිවෙක් තමා ජීවාත්ම සත්තාවක් බවත් නිහඬ දේශයේ වැසියන් බවත් දන්නේ නැත. ඔබ දරුවන්ට කියා දී තිබෙනවා නිහඬ දේශය ඔබේ මහගෙදර බව. ඉක්බිතිව ඔබ සතුටේ දේශයට ඔබේ කොටස් රඟපෑම සඳහා යන අතර පසු කාලයේ දී දුක් දේශය බවට පත් වී රාවණ් රාජ්‍යය සෑදෙයි. මේ වූ කලී උපත් 84 කතන්තරයයි. දෙවියන් අර්ජුනට මෙසේ කියයි ඔබ ඔබේම උපත් නොදනී. ඇයි ඔහු එක්කෙනෙකුට පමණක් කතා කරන්නේ? ඒ ඔහු ගැන සහතිකව කිය හැකි නිසයි. රාධේ සහ ක්‍රිෂ්ණා ගැන සහතිකයක් තිබෙන නිසා ඔහු ඔවුන්ට කතා කරයි. පරම පියාත් ඔය දරුවනුත් දන්නවා, සියලුම දරුවන්ට උපත් 84 ක් නොමැති බව. ඇතැම් අය මැදින් ඒවි, තවත් අය අවසානයට ඒවි, නමුත් මොහු ගැන විස්තරව කිව හැකිය. බාබා මොහුට මෙසේ කියයි ඕ දරුව ! එමනිසා, ඔහු අර්ජුන වෙයි. ඔහු දෙවියන් මෙම රථය තුළ වාඩි වී ඇත. ඔබ දරුවන්ටම තේරුම් ගත හැකියි ඔබ උපත් ගන්නා ආකාරය. ඔබ සේවය නොකළොත්, ඔබ කෙසේ යන්නද නව ස්වර්ණමය යුග ලෝකයේ මූලාරම්භයට? ඔබේ වාසනාවේ එය නැති විය හැකියි. අවසානයේ දී එන අය උපත් ගන්නේ නිවස වියපත් වූවාට පසුය. මා කතා කරන්නේ සහතිකව කිව හැකි මේ කෙනා වෙනුවෙනි. මමා සහ බාබා උපත් 84ක් ගන්නා බව ඔබ තේරුම් ගනී. කුමාර්කා සහ ජනක් ද එසේ කිව හැකියි. එවන් මහරාතීන් උපත් 84ම ගනී. සේවය නොකරන අය නියතයෙන්ම එන්නේ උපත් කීපයක් ගිය පසුය. ඔවුන්ටද තේරුම් ගත හැකියි, ඔවුන් අසමත් වීම නිසා ප්‍රමාද වී එන බව. පාසලකදී තරඟයක අවසානය ස්ඵර්ෂ කර නැවත එයි. හැම කෙනෙක්ම එක හා සමාන නැත. තරඟයක දී වෙනස අඟලක කාලක් වුවත් ඒ නිසා ඉදිරි ස්ථානය ලබයි. මෙය ද අශ්ව තරඟයක් මෙනි. ‘අශ්ව‘ යනු එම සතාගේ නමයි. මේ රථයට ද අශ්ව යන පදය යොදයි. දක්ෂ් ප්‍රජාපිතා ගැන යාග ගින්නට අශ්වයෙක් බිලි වීමේ කතාව සිදු වී නොමැති බව මෙයින් පෙනේ. දක්ෂ් ප්‍රජාපිතා කෙනෙක් ද නැත. ඔහු විසින් කරන ලද යාග ගින්නක් ද නැත. භක්ති මාර්ගයේ දී එවැනි බොහෝ ව්‍යාජ කතන්දර පොත් ලියා ඇත. ඒවාට කියා ඇත්තේ කතන්දර කියා පමණි. ඔවුන් බොහෝ කතන්දර අසා ඇති අතර ඔබ කරන්නේ අධ්‍යයනයකි. අධ්‍යයනයට කතන්දරයක් යැයි කිව නොහැක. පාසලක දීද ඔබේ ඉගෙනීමේ අරමුණක් සහ ඉලක්කයක් ඇත. එයින් ඔබට රැකියාවක් ලැබෙයි. නැත්නම් කුමක් හෝ ලැබෙයි. ඔබ දරුවන් දැන් බොහෝ සෙයින් ජීවාත්ම සත්තා විඥානයට පත් විය යුතුය. මේ සඳහා උත්සාහය අවශ්‍යමයි. ඔබේ පව් පුළුස්සා දැමිය හැක්කේ පරම පියා සිහි කිරීමෙන්ම පමණි. ඔබ ප්‍රධාන වශයෙන්ම ඔහු සිහි කළ යුතුමයි. ඔබ කොහොමත් ශිව බාබාගේ දරුවා නිසා ඔහු ස්මරණය කළ යුතු ඇයි දැයි නොසිතන්න, නැත. ඔබ ඔහුගේ ශිෂ්‍යයන් ලෙස සලකමින් ඔහු ස්මරණය කළ යුතුයි. ශිව බාබාම මෙය අපට උගන්වයි. ඔබ මේ ලොව අමතක කරයි. ඔබ එය සිහි කරන්නේවත් නැත. ඔබ හැම දරුවෙක්ම ඔබේ හදවතින් ඇසිය යුතුයි, කොපමණ කාලයක් පුරා තමා පරම පියාගේ ස්මරණයේ සිටියාද කියා. ඔබ බොහෝ කාලයක් ගත කරන්නේ බාහිරකරණය තුළය. ස්මරණය ප්‍රධානම දෙයයි. භාරතයේ මෙම යෝගය ඉතා ප්‍රශංසනීය නමුත් මෙය උගන්වන්නේ කවුද? කිසිවෙක් මෙය දන්නේ නැත. ඔවුන් ගීතාවේ දමා ඇත්තේ ක්‍රිෂ්ණාගේ නමයි. ක්‍රිෂ්ණා සිහි කිරීමෙන් එකඳු පාපයක්වත් කැපී නොයන්නේ ඔහු පංච භූතයන්ගෙන් සැදුණු ශාරීරික කෙනෙක් නිසාය. ඔහු සිහි කිරීම මැටි ගුලියක් සිහි කිරීමකි. එහි තේරුම ඔබ සිහිකරන්නේ පංච භූතයන්ය. ශිව බාබා අශරීරික වන අතර ඔහු මෙසේ කියයි අශරීරික බවට පත් වන්න! ඔබේ පරම පියා වන මා සිහි කරන්න! ඔබ මෙසේ හඬ නගයි ඕ පාරිශුද්ධකරුවාණනි! එමනිසා, සිහි කළ යුතු එකම කෙනා ඔහු පමණයි. ගීතා සත්‍යය කියන දෙවියන් කවුදැයි ඔවුන්ගෙන් උපක්‍රමශීලීව අසන්න. නිර්මාණකයා වන කෙනා වන්නේ එකම දෙවියන් පමණයි. මිනිසුන් තම තමන් දෙවියන් යැයි කියා ගත්තාට, ඔවුන් කිසිවෙක් අන් හැම කෙනාම ඔවුන්ගේ දරුවන් යැයි නොකියයි. ඔවුන් එක්කෝ, ‘මමත් දෙවියන්, ඔබත් දෙවියන්‘ යන්න හෝ දෙවියන් සර්ව ව්‍යාපී යැයි හෝ කියයි. ඔවුන් මෙසේ ද කියයි ‘මම දෙවියන්ය, ඔබත් දෙවියන්ය. හැම තැනම මා දකින්නේත් ඔබයි. ඔබ හැම ගසක ගලකම සිටියි.‘ එය ඔවුන්ගේ කියමනක් පමණි. ඔවුන් කෙසේ වත් ඔබ ඔවුන්ගේ දරුවන් යැයි නොකියයි. පරම පියා පමණක් මෙසේ කියයි ඕ මගේ ආදර වන්ත, ආධ්‍යාත්මික දරුවනි, වෙන කිසිවෙක් මෙසේ කියන්නේ නැත. මුස්ලිම් කෙනෙකුට කිව්වොත් ඔබ ඔහුගේ දරුවෙක් කියා, ඔහු ඔබට කනේ පාරක් දෙයි. මෙසේ කිව හැක්කේ එකම පාරලෞකික පරම පියාටම පමණි. ලෝකයේ මුල, මැද, අග පිළිබඳ ඥානය වෙන කිසිවෙකුට කිව නොහැකියි. අශරීරික පරම පියාටම මිස වෙන කිසිවෙකුට ඉණිමග පින්තූරයේ දැක්වෙන උපත් 84 කතාව විස්තර කළ නොහැකියි. ඔහුට විවිධාකාරයේ නම් දී ඇති නමුත් ඔහුගේ සැබෑ නම ශිවා ය. බොහෝ භාෂාවන් ඇති අතර ඔවුන්ගේ වූ භාෂාවෙන් ඔහුට නමක් දෙන ආකාරය නම් බොම්බේ හිදී ඔහු හඳුන්වන්නේ, බබුල්නාථ (කටු වල ස්වාමියා) යන නමිනි. කෙසේවුවත්, ඔවුන් එහි තේරුම දන්නේ නැත. ඔබ දන්නවා ඔහු කටු මල් බවට පත් කරන්නා බව. භාරතයේ දී ශිව බාබාට දහසකුත් එකක් නම් දී ඇති නමුත් කිසිවෙකුත් එහි තේරුම දන්නේ නැත. බාබා දරුවන්ට විස්තර කර දෙන අතර ඉදිරියෙන්ම තබන්නේ මව්වරුන්ය. බාබා පැමිණි විට කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක් ලැබුණා. පරම පියා මව්වරුන්ගේ අගය වැඩි කළේය. ඔබ ශිව ශක්ති හමුදාවයි. ශිව බාබා ගැන දන්නේ ඔබ පමණයි. සත්‍ය යනුවෙන් හඳුන්වන්නේ මෙම එකම කෙනාමයි. සත්‍යයේ ඔරුව ගලෙහි හැපෙන නමුත් ගිලී යන්නේ නැතැයි යන්න සිහි කෙරේ. මේ නිසා නව ලෝකය ස්ථාපනය කරන සැබෑ අය ඔබයි. අසත්‍ය සියල්ල විනාශ වෙයි. ඔබ මෙහි පාලකයන් නොවෙයි. ඔබේ ඊළඟ උපතේදී ඔබ මෙහි විත් පාලකයන් වෙයි. මේවා ඉතා අප්‍රසිද්ධ කරුණු වන අතර ඔබ පමණයි මේවා දන්නේ. ඔබ දැන් දන්නවා බාබා මුණ ගැසුණේ නැත්නම්, ඔබ කිසිවක් තේරුම් නොගන්නා බව. මෙය ඔබ තේරුම් ගත යුතුයි. මොහු වූ කලී යුධ පිටියේ දී ඔබ දරුවන් අවධානයට පත් කරන යුධීෂ්ධීරයි. මෙය ප්‍රචණ්ඩ නොවන සටනකි. මිනිසුන් සිතන්නේ එකිනෙකා රණ්ඩු කිරීම ප්‍රචණ්ඩත්වය ලෙසයි. පරම පියා කියන්නේ මෙයයි ප්‍රධාන සහ පළමු ප්‍රචණ්ඩත්වය නම් කාමය නම් වූ කඩුව පාවිච්චි කිරීමයි. එමනිසයි කාම රාගය ලොකුම සතුරා යැයි කියනුයේ. ඔබ එය ජයගත යුතුයි. ඔබ ජය ගත යුතු ප්‍රධාන දේ මෙම කාම රාගය නම් වූ පාපයයි. අපිරිසිඳු බවට පත් වීම යනු පාපී බවට පත් වීමයි. එසේ අපිරිසිඳු පාපී අය, පාපයේ ගැලෙන අයයි. තරහට පත්වන කෙනෙක්ට ඔබ පාපී යැයි නොකියයි. තරහ කෙනෙක් වෛරීයයි. තණ්හාවන්ත කෙනෙක් තණ්හාධිකයෙකි. දෙවි දේවතාවුන් සම්පූර්ණයෙන් පාපයෙන් තොරයි, තණ්හාවෙන් නිදහස්, ඇලීමෙන් නිදහස්, පාපයෙන් නිදහස්, ඔවුන් කෙසේවත් පාපයේ ගැලෙන්නේ නැත. මිනිසුන් ඔබෙන් අසන විට පාපයෙන් තොරව දරුවන් ලැබෙන්නේ කෙසේ ද කියා, ඔවුන්ට මෙසේ කියන්න ඔබ දෙවි දේවතාවුන් සලකන්නේ පාපයෙන් තොර ලෙස වන අතර එම ලෝකය පාපයෙන් තොර ලෝකයයි. පාපී ලෝකය යනු තඹ යුගය සහ කලි යුගයයි. ඔබ කියන්නේ ඔබ පාපී වන අතර දෙවි දේවතාවන් පාපයෙන් තොර බවයි. ඔබ දන්නවා ඔබ පාපයේ ගැලෙන බවත් දැන් දෙවි දේවතාවුන් මෙන් පාපයෙන් මිදෙමින් සිටින බවත්. ලක්ෂ්මි නාරායන් ද ඔවුන්ගේ තත්ත්වය ලැබුවේ යෝගා බලයෙන් වන අතර නැවතත් එය එසේ ම දිනා ගන්න. අපිදු දෙවි දේවතාවුන් ව සිටිමු. චක්‍රයකට පෙර අප එම රාජධාණිය දිනුවෙමු. අපට එය අහිමි වූ අතර නැවතත් එය ලැබෙයි. ඔබේ බුද්ධිය තුළ මෙය මතගාන විට විශාල සතුටක් එයි. කෙසේ වුවද, මායා ඔබට මෙම සිහිපත් බව අමතක කරවයි. බාබා දන්නවා ඔබට අඛණ්ඩව ස්මෘතියේ සිටිය නොහැකි බව. ඔබ අචලව ස්මෘතියේ සිටින විට ඉක්මණින්ම කර්මටීට් බවට පත් වී, ගෙදර යා හැකියි. නමුත් එය එසේ නොවේ! පළමුවෙන්ම යා යුත්තේ මොහුය. ශිව බාබාගේ මංගල පෙරහැර ඇත. මව්වරු ස්වර්ණ මංගල්ලය දා මැටි පහන් ගෙන යයි. එම පහන සංකේතවත් කරන්නේ මනමාලයා වන අඛණ්ඩ ආලෝකය වූ ශිව බාබාය. ඔහු දැන් පහන් වන අපව ආලෝකමත් කර ඇත. දැන් මෙසේ සිදු වන දේ ඔවුන් භක්ති මාර්ගය වෙත ගෙන යයි. ඔබ යෝගා බලයෙන් ඔබගේ දැල්ල ආලෝකවත් කරයි. ඔබ පාරිශුද්ධියට පත් කරන්නේ යෝගා වලින් වන අතර ධනය ලබන්නේ ඥානය තුළිනි. ඔබේ ආදායම් මාර්ගය වන්නේ මෙසේ ඉගෙනීමයි. යෝගා බලයෙන් ඔබ භාරතය නිෂ්චිතවත් මුළු ලෝකය පොදුවේත් පිරිසිඳු බවට පත් කරයි. කුමාරීන්ට ඉතා හොඳින් මෙයට උදව් විය හැකියි. ඔබ මෙම සේවය කිරීමෙන් හොඳම තත්ත්වයක් ලබා ගනී. ඔබ නොඅඩුව මෙම ජීවිතය දියමන්තියක් බවට පත් කර ගනී. මෙසේ කියැවේ මවයි පියයි අනුගමනය කරන්න. මවත්, පියා සහ විශේෂ සොයුරු සොයුරියන් දෙස බලන්න. ඔබ දරුවන්ට පුළුවන් ප්‍රදර්ශන වලදී ඔබට පියවරු දෙදෙනෙක් සිටින බවත් ඒ ලෞකික පියා සහ පාරලෞකික පියා බවත් විස්තර කර දෙන්න. වඩාත් ඉහළ කවුද? අසීමිත පරම පියා සැබවින්ම විශාලය. ඔබ උරුමය ලබා ගන්නේ එම කෙනාගෙනි. ඔහු දැන් ඔබට එම උරුමය දෙමින් සිටියි. ඔහු ඔබව මුළු ලොව හිමිකරුවන් බවට පත් කරයි. දෙවියන් කතා කරයි මම දැන් ඔබට රාජයෝගා උගන්වන අතර ඊළඟ උපතේ දී ඔබ ලොව හිමි කරුවන් වෙයි. හැම චක්‍රයේ දී ම පරම පියා භාරතයට පැමිණ එය ධනවත් කරයි. ඔබ එම ලෝකයේ හිමිකරුවන් වෙන්නේ මෙම ඉගෙනීම තුළිනි. අනෙක් අධ්‍යයනයන්ගෙන් ලබන්නේ මොනවාද? මෙහිදී ඔබ උපත් 21කටම දියමන්ති සේ වෙයි. මෙම ඉගෙනීමෙහිත් අනෙත් අධ්‍යයනයන්ගේත් වෙනස දිවා රෑ මෙනි. මෙහිදී, පියා, ගුරුවරයා හා ගුරු වන්නේ එකම කෙනාය. එමනිසා, ඔබ පරම පියාගෙන් උරුමයත්, ගුරුවරයාගේ උරුමයත්, ගුරුගේ උරුමයත්, ලබයි. පරම පියා මෙසේ කියයි ඔබේ ශරීරය ද ඇතුළුව සියලු දේ අමතක කරන්න. ඔබ මරණයට පත් වන විට මුළු ලෝකයම ඔබෙන් වෙන් වෙයි. ඔබ පරම පියාගේ හදාගන්නා දරුවන් බවට පත් වී ඇති අතර ඔබ වෙනත් කවුරු සිහි කරන්නද? අන් අය දකිත්දීත් ඔබ නොදැක සිටිය යුතුයි. ඔබ පැමිණ ඇත්තේ තම කොටස රඟපෑමට වන නමුත්, ඔබ බුද්ධිය මඟින් තේරුම් ගෙන තිබෙනවා දැන් මහගෙදර යා යුතු බවත්, නැවත පැමිණ තම කොටස් ඉටු කළ යුතු බවත්. මෙය ඔබේ බුද්ධියේ තබා ගත හොත් මහා සතුටක් අත් විඳිය හැකි වේ. ඔබ දරුවන් ශාරීරික විඥානයෙන් මිදිය යුතුය. මෙම ජරාජීර්ණ දේ අතහැරීම කළ යුත්තේ මහ ගෙදර ආපසු යන නිසාය. දැන් නාටකය අවසන් වෙමින් තිබෙන නිසා මෙම වියපත් ලෝකය ගිණිතැබිය යුතුය. අන්ධ අයත් අන්ධ අයගේ දරුවනුත් අවිද්‍යාව නම් වූ නින්දේ තදින් නිදි වැදී සිටියි. මෙය සාමාන්‍ය නින්ද නොව අවිද්‍යා අන්ධකාරයේ නින්දයි. එයින් ඔවුන් අවදි කළ යුතුව ඇත. ඥානය වූ කලී සත් යුගය වූ දිවා කාලයයි, අවිද්‍යා අන්ධකාරය වන්නේ කලි යුගයයි. මේවා තේරුම් ගත යුතුව ඇත. ගැහැණු ළමයෙක් විවාහ වන විට ඇය දෙමව්පියනුත්, ඥාතීනුත් ආදිය සිහි කරයි. මෙහිදී ඒ සැම අමතක වෙයි. ඇතැම් මනාල යුවළ සිටිනවා සන්‍යාසීන්ට පවා පෙන්වනවා ඔවුන් යුවළක් වුවත් මෙම ඥාන කඩුව ඔවුන් අත තබා ගැනීම මඟින් රාගයෙන් තොරව සිටිය හැකි බව. පරම පියාගේ අණ මෙයයි පාරිශුද්ධත්වය රැකගන්න! බලන්න, රමේෂ් ඌෂා යුවළ! ඔවුන් කෙදිනකවත් ඔවුන් අතරේ අපිරිසිඳු බවකින් නොසිටියේ උපත් 21කට ඔවුන්ගේ රජ දහන අහිමිවේය යන බියෙනි. එසේ වුවහොත් ඔවුන් බංකොලොත් වෙයි. මෙය සම්බන්ධයෙන් ඇතැම් අය අසමත් වේ. නමට පමණක් වන විවාහද ඇත. ඔබ දන්නවා පාරිශුද්ධව සිටීමෙන් ඉතා ඉහළ තත්ත්වයක් ලැබිය හැකි බව. ඔබ පිරිසිඳුව සිටිය යුත්තේ මෙම එක උපත තුළයි. ඔබට යෝගා බලය ඇති විට ඉන්ද්‍රියන් පාලනය කරගත හැකි වේ. ඔබ යෝගා බලයෙන් මුළු ලොව ද පිරිසිඳු කරයි. ලෝකය නම් වූ මහා කන්ද අයින් කර රත්රන් කන්දක් ස්ථාපනය කිරීම සඳහා සිටින්නේ යෝගා බලයෙන් යුත් සුළු පිරිසකි. මිනිසුන් මේ කිසිවක් තේරුම් ගන්නේ නැත. ඔවුන් නිකම්ම ගෝවර්දාන් කන්ද වටේ ඇවිද යයි. පරම පියා පමණි මුළු ලොවම ස්වර්ණමය ලෙස සත්යුග බවට පත් කරවන්නේ. ඉන් අදහස් වන්නේ හිමාලය රත්රන් වන බව නොවේ. එහිදී රන් ආකර පිටින් මතු වේ. මහාභූත ද සතෝප්‍රධාන්ය. එහි වැවෙන පළතුරු ඉතා හොඳය. මහාභූත සතෝප්‍රධාන් වන නිසා ශරීරද සතෝප්‍රධාන්ය. එහි පළතුරු විශාල වන අතර රසයෙන් අනූනය. නමම දිව්‍යලෝකය යන්නයි. ඔබ ශරීර අවධානයට පත් වුණ විට පමණි, කාම රාගය නම් ආශාව ඇති වන්නේ. යෝගීන් කවදාවත් පාපයේ නොගැලේ. ඔබට ඥානයේ යම් බලයක් තිබුණත් යෝගී නොවුණොත් ඔබ අසමත් වී පිරිහේ. ඔබෙන් ඇසුවොත් උත්සාහය ද ඵලය ද වඩාත් වැඩි වන්නේ කියා, ඔබ කියන්නේ උත්සාහය මහ විශාල දෙයක් බවයි. එමෙන්ම, මෙහිදී ඔබ කියනවා ඇත්තේ යෝගාව මහා විශාල දෙයක් යනුවෙනි. යෝගා තිබෙන විට පමණි ඔබ අපිරිසිඳු බවේ සිට පිරිසිඳු බවට පත් වන්නේ. ඔබ දැන් අසීමිත පරම පියාගෙන් ඉගෙන ගන්නා සිසුන් බව ඔබ දනී. මිනිසුන්ගෙන් ඉගෙන ගන්නා දෙයින් කුමක් ලබන්නද? ඔබේ මාසික වැටුපින් මක් කරන්නද? මෙහිදී ලැබෙන එක මැණිකක් රුපියල් දහස් සංඛ්‍යාත ගණනක් වටියි. එහි දී මුදල් ගණන් කිරීමට ලක් නොවේ, එහිදී ඇත්තේ නොගිණිය හැකි තරම් වූ ධනයකි. හැම කෙනෙකුටම ඔහුට ම අයත් ගොවිපළ ආදිය තිබේ. පරම පියා මෙසේ කියයි දැන් මා ඔබට රාජයෝගා උගන්වයි. ඉලක්කය සහ අරමුණ එයයි. ඔබ උත්සාහවන්තයින් උසස් බවට පත් විය යුතුයි. ඔබේ රජදහන ස්ථාපිත වෙයි. ලක්ෂ්මි සහ නාරායන් ජයග්‍රහණය කළේ කෙසේද? ඔවුන් ලැබූ දේ තේරුම් ගත හොත් ඔබට වෙන අවශ්‍ය කුමක්ද? ඔබ දැන් දන්නවා හැම චක්‍රයකම, හැම අවුරුදු 5000කටම වරක් පරම පියා පැමිණ භාරතයේ වැසියන් දිව්‍යලෝක වැසියන් බවට පත් කරවයි. එමනිසා, ඔබ දරුවන් සේවයක් නොකර අන් අයට මාර්ගය නොපෙන්වා එක වේලක් හෝ කෑමට නොයන අන්දමේ සතුටක් තිබිය යුතුයි. ඔබට එවැනි ඉහළ තත්ත්වයක් ලැබිය හැක්කේ එවන් උද්යෝගයක් හා සතුටක් ඇති විට පමණි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. දේව සේවය කිරීම මඟින් ජීවිතය උපත් 21කට දියමන්ති හා සමාන කර ගන්න. ඔබ අනුගමනය කළ යුත්තේ මවත් පියාත් විශේෂ සොයුරු සොයුරියනුත්ය.

2. ඔබේ තත්ත්වය කර්මතීත් කර ගැනීම සඳහා ඔබේ ශරීරය ඇතුලු හැම දෙනෙක්ම අමතක කරන්න. ඔබේ ස්මෘතිය නොසැලෙන සහ අඛණ්ඩ කර ගන්න. ඔබ දෙවි දේවතාවන් සේ පාපයෙන් තොර වී තණ්හාවෙන් සහ ඇලීමෙන් නිදහස් බවට පත් වන්න.

වරදානය:
ඔබ විශාල ලෙස පීඩාවට පත් ජීවාත්මයන්ට තත්පරයකින් මාස්ටර් පිරිනමන්නෙකු ලෙසින් විමුක්තිය සහ ගැලවීම ලබා දෙත්වා.

ඔබ සෑම වාරයක් සඳහාම භෞතිකව මෙහි සූදානමක් සිදුකරන අතර සියලු සේවාධාරීන් සහ අවශ්‍ය සියලුම ද්‍රව්‍ය මෙහි රැගෙන එයි, එවිට කිසිදු දුෂ්කරතාවයක් ඇති නොවන අතර කාලය අපතේ නොයයි. එලෙසම සියලු ජීවාත්මයන්ට විමුක්තිය සහ ගැලවීම ලබා දෙන අවසාන සමය දැන් එළඹීමට නියමිතයි. පීඩාවට පත් වූ ජීවාත්මයන් දුක් විඳිමින් පෝලිමක සිටීමට සලස්වන්න එපා; ඔවුන්ට දිගටම පැමිණ සැහැල්ලුවෙන් ලබා ගන්නට ඉඩ දෙන්න. මේ සඳහා සෑම විටම සූදානමින් සිටින්න. දැන්, උත්සාහ දරණ ජීවිතයකින් එපිට, පිරිනමන්නෙකුගේ අවධියෙහි රැඳී සිටින්න. සෑම සිතිවිල්ලකම සහ සෑම තත්පරයකම මාස්ටර් පිරිනමන්නෙකු ලෙසින් නොකඩවා දිගටම ගමන් කරන්න.

පාඨය:
ස්වාමීව ඔබේ බුද්ධිය තුළ තබා ගන්න, එවිට ඔබගේ සියලු ලැබීම් ද, "එසේය, ස්වාමීනි" කියා පවසනු ඇත.

හුදකලාවට ප්‍රිය කර, එකමුතුකම සහ ඒකාග්‍රතාවය ධාරණය කරගන්න.

එකමුතුකම සමගම හුදකලාවට ප්‍රිය කරන කෙනෙක් වන්න. හුදකලාව ප්‍රිය කරන කෙනෙකුගේ බුද්ධියේ යෝගාව, අන් සියලු දෙනාගෙන් ඉවත් වන අතර ඒකායන කෙනා කෙරෙහි පමණක් සෙනෙහස තිබෙයි. ඒකායන කෙනා කෙරෙහි පමණක් සෙනෙහස තිබීම නිසා එවන් ජීවාත්මයකට, ඒකායන කෙනාගේ ස්මරණයේ සිටීමට හැකි වෙයි. හුදකලාවට ප්‍රිය කිරීම යනු වෙනත් කිසිවෙකුට නොව ඒකායන කෙනාට පමණක් අයත් වීමයි. ඒකායන කෙනා සමග සියලු සබදතා පැවැත්වීමෙන් සහ ඒකායන කෙනා සමග සියලු මිහිරියාවන් විද ගැනීමෙන්, ඔබට හුදකලාවට ප්‍රිය කරන කෙනෙක් විය හැක.