01.03.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ‘ආදරය සහ අනාදරය‘ යන වචන අයත් වන්නේ පවුල් මාවතටයි. දැන් ඔබේ ආදරය එකම එක
පියාට පමණයි. ඔබ දරුවන් නිරතුරුවම පියා පිළිබඳ ස්මරණයෙන් සිටියි.
ප්රශ්නය:
මෙම ස්මෘති
වන්දනා ගමනට ඔබ දෙන අනෙක් නම කුමක්ද?
පිළිතුර:
ස්මෘති වන්දනා ගමන යනු සෙනෙහසේ වන්දනාවයි. බුද්ධිය අනාදරයෙන් යුතු වූ අයගෙන් හමන්නේ
වෙනත් කෙනෙකුගේ නමට සහ ස්වරූපයට හසු වී හමන දුර්ගන්ධයයි. ඔවුන්ගේ බුද්ධිය
තමෝප්‍රධාන් වී ඇත. පියාට පමණක් ම සෙනෙහස ඇති අය දිගටම ඥාන දානය දෙයි. ඔවුන් කිසිම
ශාරීරික අයෙකුට සෙනෙහස නොතබයි.
ගීතය:
මේ කාලය
පසුවෙමින් තිබෙයි ...
ඕම් ශාන්ති.
පියා දරුවන්ට
විස්තර කර දෙයි. දැන් මෙයට කියනුයේ සිහිපත් බවේ වන්දනා ගමන මෙන්ම සෙනෙහසේ වන්දනා
ගමන යන නමයි. ඔවුන් වන්දනාවේ යන්නේ යම් නිර්මාණයක් වෙතය. විවිධ නිර්මාණ ඇත.
නිර්මාණකයා කවුදැයි කිසිවෙක් නොදනී. ඔබ දැන් දන්නවා නිර්මාණකයා වන පියා ගැන. ඔබ
කිසි විටෙක පියා පිළිබඳ සිහිය නැවැත්වීම නොකළ යුතුය. ඔබට මේ සිහිපත් බවේ වන්දනා ගමන
හමු වී ඇත. එයට සිහියේ වන්දනා ගමන හෝ සෙනෙහසේ වන්දනා ගමන යැයි කිව හැකියි. මහාත්ම
සෙනෙහස තිබෙන අය මෙම වන්දනා ගමනේ දිගටම සිටිනු ඇත. ඔබ මෙම වන්දනා ගමනේ සෙනෙහසින්
සිටින තරමට, ඔබේ පාරිශුද්ධියට පත් වීමත් දිගටම සිදු වේ. ශිව දෙවියන් කතා කරයි :
සමහරුන්ට විනාශය වන විට අනාදරයෙන් යුතු බුද්ධියක් ඇති අතර තව අයෙකුට විනාශය අතර
ආදරවන්ත බුද්ධියක් තිබෙනු ඇත. ඔබ දරුවන් දන්නවා දැන් මේ විනාශයේ කාලය බව. එම ගීතා
කතා පුවත නැවත දැන් රඟ දැක්වෙමින් ඇත. බාබා අපට පෙන්වා දී තිබෙනවා ශ්‍රී ක්‍රිෂ්ණා
ගීතාවේත් ත්‍රිමූර්ති ශිවාගේ ගීතාවේත් අතර ඇති වෙනස. දැන් ඉතින් ගීතාවේ දෙවියන්
කවුද? එය වූ කලී පරම පියා, පරමාත්මය වන ශිවාගේ වාක්‍යයයි. ‘ශිවා‘ යන වචනය නොලියවිය
යුත්තේ බොහෝ අයට එම නම ඇති නිසාය. ඒ නිසා ඔබ නම ලියන විට ‘පරම්පිතා පරමාත්මා‘ යන්නද
එකතු කළ විට ඔහුගේ උත්තරීතර බව පෙනේවි. වෙන කිසිවෙක් ඔහුට ‘පරමපිතා‘ යැයි නොකියයි.
සන්යාසීන් ඔවුන්ටම ‘ශිවෝහම්‘ (මා ශිවාය) යැයි තමාටම කියා ගනී. ඔවුන්ට පියා සිහිකළ
නොහැකිය. ඔවුන් පියා ගැන දන්නේද නැත, පියා වෙත සෙනෙහසක් ද නැත. ‘ආදරය සහ අනාදරය‘
යන්න අදාල වන්නේ පවුල් මාර්ගයටයි. ඇතැම් දරුවන්ගේ බුද්ධිය පියාට සෙනෙහෙවන්ත වන අතර
අන් අයගේ බුද්ධිය අනාදරයෙන් යුක්ත වේ. ඔබ අතරේද මෙය එසේය. පියා වෙත සෙනෙහෙ ඇති අය
සේවයේ යෙදෙමින් සිටී. ඔවුන් පියාට මිස වෙන කෙනෙකුට සෙනෙහෙ නැත. ‘බාබා, මම ඔබේ
සහයකයා වන අතර ඒ ඔබටම පමණි.‘ යැයි ඔවුන් ශිව බාබාට කියයි. මෙහිදී බ්රහ්මා පිළිබඳ
ප්‍රශ්නයක් නැත. ශිව බාබාට ස්නේහවන්ත ජීවාත්ම සත්ථාවන් නියතයෙන්ම ඔහුගේ උදව්කාර
අයවළුන් වෙයි. ඔවුන් ශිව බාබා සමඟම දිගටම සේවය කරයි. ඔවුන් වෙත සෙනෙහස නැති කල, එහි
තේරුම ඔවුන් අනාදරයට පත් ව ඇති බවයි. අනාදරයෙන් යුතු බුද්ධිය විනාශය කරා දිවෙයි.
පියාට ආදරය කරන අය නියතයෙන්ම ඔහුගේ සහයකයින් වෙයි. ඔවුන්ගේ ස්නේහයේ තරමට ඔවුන්
සේවයට උදව් වේ. අන් අය තුළ සිහිය නැති විට ස්නේහයද නැත. එවිට ඔවුන් ආදරය කරන්නේ
ශාරීරික අයටයි. මිනිසුන් ඔවුන්ව සිහි කරවා ගැනීමට සමරු තිළිණ තෑගි කරයි. එවිට ඔවුන්
නියතයෙන්ම සිහි වේ. පියා දැන් ඔබට තෑගි කරන්නේ අවිනාශී ඥාන මිණිමුතුය. ඉන් ඔබට
ස්වාධිපත්‍යය ලැබේ. ඔබ එම අවිනාශී ඥාන මිණිමුතු දානය කරන අතර ස්නේහ බුද්ධියෙන් යුතු
වෙයි. ඔබ දන්නවා දැන් සියලු දෙනාට යහපත කිරීම සඳහා පියා පැමිණ ඇති බවත් ඔහු ඔබට
උදව් කළ යුතු බවත්. එසේ ස්නේහවන්ත බුද්ධිය ඇති අය ජයග්‍රාහීන් වෙයි. සිහිපත් බව
නොමැති අය තුළ ස්නේහවන්ත බුද්ධියද නැත. ඔබ තුළ පියාට සෙනෙහස ඇත්නම් ඔහු සිහිකිරීම
නිසා ඔබේ පව් දුරු වී යයි. අන් අයටද එම යහපත සිදු වීමට ඔහු මඟ පෙන්වයි. බ්‍රහ්මිණ්
දරුවන් වන ඔබ දරුවන් අතරේ පවා සියලු දෙය රඳා පවතින්නේ ඔබ ආදරේද නැද්ද යන මතයි. ඔබ
පියා වැඩි වැඩියෙන් සිහිකළොත් එහි තේරුම වන්නේ ඔබ පියාට සෙනෙහෙවන්ත බවයි. පියා මෙසේ
කියයි : මාව අඛණ්ඩව නිරතුරුවම සිහි කරන්න! මගේ උදව් කරුවන් වන්න! නිර්මාණය විසින්
සිහිකළ යුත්තේ ම නිර්මාණකයා වන පියාය. තවත් නිර්මාණකයෙක් සිහි නොකළ යුතුයි. ලෝකයේ
කිසිවෙක් නිර්මාණකයා නොදන්නවා සේම ඔහුව සිහිපත් නොකරයි. සන්යාසින් සිහිකරන්නේ
බ්‍රහ්ම දාතුවයි. එයද නිර්මාණයකි. සියල්ලේ නිර්මාණකයා ඒකායන කෙනාය. ඔබ ඇසින් දකින
ඕනෑම දෙයක් නිර්මාණයක කොටසකි. ඔබ නොදකින්නේ පියා වන නිර්මාණකයාය. බ්රහ්මා, විෂ්ණු
සහ ශංකර්ගේ පිළිරූ ඇති නමුත් ඒවාද නිර්මාණයේ කොටස්ය. එම පිංතූරයේ ඉහළින් ම පියා
කියා දී ඇති ආකාරයට ඔබ ලිවිය යුත්තේ, ‘පරම්පිතා පරමාත්මා ත්‍රිමූර්ති ශිව දෙවියන්
කතා කරයි.‘ යන්නයි. කෙනෙක් තමන්ව දෙවියන් යැයි කියා ගත්තත් ඔහුට පරම පියා යැයි
කියාගත නොහැකියි. ඔබේ බුද්ධියේ යෝගය හාවිය යුත්තේ ශිව බාබාට මිස කිසිඳු ශරීරයකට
නොවේ. පියා මෙසේ විස්තර කරයි : ඔබ අශරීරික ජීවාත්ම සත්ථාවක් බව සලකමින් පරමාත්ම
පියා වන මා සිහිකරන්න. ඔබේ සේවය රඳා පවතිනුයේ ඔබ ආදරවන්තද නැත්ද යන්න මතයි. ඔබ
ගැඹුරු ආදරයකියකින් යුක්ත වූ විට පියාගේ සේවය හොඳින් සිදු කෙරෙන අතර ඔබ ජයග්‍රාහී
වෙයි. ස්නේහය නැති කළ සේවයක් නොකෙරේ. එවිට ඔබේ තත්ත්වයද බැස යයි. බැස ගිය තත්ත්වයක්
යනු ඔබේ තත්ත්වය විනාශ වීමයි. ඇත්තෙන්ම සියල්ල විනාශ වන නමුත් විශේෂයෙන් අදාළ වන්නේ
ආදරය සහ අනාදරයයි. නිර්මාණක පියා යනු එකම එක කෙනා පමණයි. ඔහු ගැන මෙසේ කියැවේ:
පරමාත්මා ශිවාට නමස්කාර වේවා. ශිව ජයන්ති යනුවෙන් ඔහුගේ උපන් දිනය සැමරේ. ඔබ
ශංකර්ගේ උපන් දිනයක් ගැන අසා නැත. ප්‍රජාපිතා බ්රහ්මා යන නම නම් ඉතා ප්‍රසිද්ධය.
විෂ්ණුගේ උපන් දිනය ද සැමරෙන්නේ නැත. ක්‍රිෂ්ණාගේ උපන් දිනය නම් සැමරේ. ක්‍රිෂ්ණාත්
විෂ්ණුත් අතර වෙනසද කිසිවෙක් නොදනී. විනාශය සිදුවන වකවානුවේ දී මිනිසුන්ට ඇත්තේ
අනාදර බුද්ධියයි. ඔබ අතර පවා බුද්ධිය අනාදර සහ ආදර ලෙස දෙවිධියකි. පියා මෙසේ කියයි
: ඔබේ ආධ්‍යාත්මික ව්‍යාපාරය ඉතා හොඳයි. මෙම සේවයේ දිවා රෑ යෙදෙන්න. සවස් යාමයේ 6-7
දක්වා ඉතා හොඳය. ආධ්‍යාත්මික රැස්වීම් තබන්නේ ද උදෑසන හෝ සවස් යාමයේය. රාත්රියේදී
වටපිටාව අහිතකර වේ. රෑට, ජීවාත්ම සත්ථාවන් නිහඬ වෙයි. එනම්, නින්දයි. පසුව උදෑසනින්
ඔවුන් අවදි වෙයි. මෙසේ කියා ඇත: උදේ පාන්දරින්ම රාමා සිහි කරන්න, මනසින්. පියා
දරුවන්ට මෙසේ විස්තර කරයි : ඔබේ පියා වන මා සිහි කරන්න! ශිව බාබාට මෙසේ කිව හැක්කේ
ඔහු ශරීරයකට ඇතුළු වුවහොත් පමණයි : මා සිහිකළ විට ඔබේ පව් දුරු වී යයි. ඔබ දරුවන්
දන්නවා ඔබ කොතරම් පියා සිහිකරනවාද, ආධ්‍යාත්මික සේවය කරනවාද කියා. හැම කෙනෙකුටම මෙම
හැඳින්වීම ලබා දෙන්න. ඔබ ජීවාත්ම සත්ථාවක් බව සළකා පරමාත්ම පියා සිහිකළ විට ඔබ
තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් බවට පත් වනු ඇත. දුර්ගුණ දුරු වී යයි. ස්නේහවන්ත
බුද්ධියේද ප්‍රතිශතයක් ලෙස තිබේ. පියාට සෙනෙහස නැති කළ නියතයෙන්ම තිබිය යුත්තේ ඔබේ
ශරීරයටත් යහළුවන් නෑදෑයින් ආදීන්ටත් සෙනෙහසයි. පියාට සෙනෙහස තිබේ නම් ඔබ සේවයේ
යෙදේ. පියාට සෙනෙහස නැති කළ ඔබ සේවයේ නොයෙදෙයි. ඇල්ෆා සහ බීටා යන අ‘යනු, ආ‘යනු
මූලික වැදගත් දේ කෙනෙකුට තේරුම් කිරීම ඉතා පහසුය. ඔවුන් ඔහුව සිහි කරමින් ‘දෙවියනි!
පරමාත්මයනි!‘ යැයි කීවත් ඔහු ගැන කිසිවක් නොදනී. බාබා විස්තර කර දී තිබෙනවා ඔබ
නියතයෙන්ම පිංතූරයේ මුදුනේම ලිවිය යුත්තේ ‘පරම පියා, ත්‍රිමූර්ති ශිව දෙවියන් කතා
කරයි‘ යනුවෙනි. එවිට කිසිවෙකුට කිසිවක් කිව නොහැකියි. ඔබ දැන් කුඩා පැළය සිටුවයි.
සෑම කෙනෙකුටම මේ මාර්ගය කියා දී පියාගේ උරුමය ලබා දෙන්න. ඔවුන් පියා ගැන නොදන්නා
නිසා ආදරවන්ත බුද්ධියක් ද නැත. පාප දිගටම වර්ධනය වීම නිසා ඔබ මුළුමනින්ම
තමෝප්‍රධාන් වී ඇත. ඔබ බාබා ඉදිරියේ වාඩි වී සිටියත් හරි සිහිය නොමැති නම්,
ස්නේහවන්ත බුද්ධියක් යැයි නොකියැවේ. ස්නේහවන්ත බුද්ධියේ ලකුණ හරි සිහියයි. එවැනි
ජීවාත්ම සත්ථාවන් මෙම ඥානය උකහාගෙන අන් අයට අනුකම්පාවෙන් මෙසේ කියයි: පියා සිහිකර
පාරිශුද්ධත්වයට පත් වන්න. ඕනෑම කෙනෙකුට මෙය විස්තර කිරීම පහසුය. පියා දෙව්ලොව
ස්වාධිපත්‍යය උරුමය දෙන්නේ ඔහුගේම දරුවන්ට පමණි. ශිව බාබා නියතයෙන්ම මෙහි පැමිණ ඇත.
එවැනි අයට ඇත්තේ ආදරවන්ත සත් යුග බුද්ධියයි. ඔබේ බුද්ධිය සසල වන විට ඔබ තමෝප්‍රධාන්
තත්ත්වයේම රැඳෙනු ඇත. ශිවා ගේ උපන් දිනය සැමරේ. ක්‍රිෂ්ණා, රාමා ආදීන්ද පැමිණ ගොස්
ඇත. ඒ නිසයි ඔවුන්ගේ උපන් දින සමරන්නේ. ශිව බාබාගේ උපන් දිනය සමරන්නේ ඔහු දරුවන්ට
ලෝක ස්වාධිපත්‍යය දෙන නිසාය. අළුත් අය මේවා තේරුම් නොගනී. දෙවියන් පැමිණ උරුමය
දෙන්නේ කෙසේද? ඔවුන්ට ඇත්තේ ගල් වූ බුද්ධියකි. ඔවුන්ට සිහිය පවත්වා ගැනීමටවත්
බුද්ධිමත් බවක් නැත. පියාම මෙසේ කියයි : ඔබ මට කල්ප භාගයක්ම ආදරය කළා. මා දැන්
පැමිණියා. ඔබ භක්ති මාර්ගයේ බොහෝ සෙයින් අයාලේ ගියා. නමුත් දෙවියන් සොයා ගත්තේ
නැහැ. දැන් ඔබ තේරුම් ගෙන තිබෙනවා පරමාත්ම දෙවියන් විසින්ම භාරතයට පැමිණ මුක්තියටත්
ජීවන් මුක්තියටත් මාර්ගය පෙන්වා දී ඇති බව. ක්‍රිෂ්ණා මෙම මඟ පෙන්වීම නොකරයි. පරම
පියා පැමිණ භාරතයේ මිනිසුන්ට දෙවියන්ට ආදරය කරන විධිය කියා දෙයි. ඔහු පැමිණෙන්නේ
ශිවාගේ උපන් දිනය සමරණ භාරතයට පමණි. ඔබ දරුවන් දන්නවා ඉහළම ඉහළ කෙනා දෙවියන් බව;
ඔහුගේ නම ශිවා කියා. ඒ නිසයි ඔබ ලියන්නේ ශිවාගේ උපන් දිනය දියමන්ති වටිනවා කියා.
අනෙක් උපන් දින සිප්පි කටු සේ නොවටී. සමහරු මෙසේ ලියූ විට අන්ද මන්ද වෙයි. ඒ නිසා
ඔබ සෑම පිංතූරයකම ‘ශිව දෙවියන් කතා කරයි’ යන්න ලියූ විට ඔබ ආරක්ෂා වෙයි. සමහර
දරුවන් මෙය නිවැරදිවම තේරුම් නොගන්න නිසා කලබල වෙයි. මායාගේ අපලය පළමුවෙන්ම පහර
දෙන්නේ බුද්ධියටයි. ඔබ සෙනෙහස පිදිය යුත්තේ අසහාය, අශරීරික පියාට පමණි. ශාරීරික අයට
ආදරය කිරීම අනතුරු සහිතය, විනාශකාරීය. ඔබේ බුද්ධියෝගාව කැඩුනොත් පහළටම වැටේ. මෙය
සදාතනික පූර්ව නියමිත නාටකය වන නමුත් හොඳින් විස්තර කර ගත යුතුයි. කෙනෙකුගේ බුද්ධිය
තුළ අනාදරය ඇති විට එය හරියට වෙන කෙනෙකුගේ නමට සහ ස්වරූපයට හසු වී දුගඳ හමනවා සේය.
එසේ නොවුන විට ජීවාත්ම සත්ථාව සේවයෙහි නිරත වෙයි. බාබා ඊයේ පැහැදිලිව විස්තර කර
දුන්නා මෙම ප්‍රධාන කරුණ: ගීතාවේ දෙවියන් කවුද? මෙමඟින් ඔබ නියතයෙන්ම ජයග්‍රාහී වේ.
ඔබ ඔවුන්ගෙන් අසන්න ගීතාවේ දෙවියන් කවුද? ඒ ශිවාද හෝ ශ්‍රී ක්‍රිෂ්ණාද? සතුට ලබා
දෙන්නේ කවුද? සතුට ලබා දෙන්නේ ශිවාය. ඒ නිසා ඔබේ කැමැත්ත ඔහු වෙත තිබිය යුතුයි.
පැසසුමට ලක් වන්නා ඔහුය. දැන් ගීතාවේ දෙවියන් කවුද යන්නට ඔබේ ඡන්දය දෙන්න. ශිවාට
ඡන්දය දෙන අය ආදරවන්ත බුද්ධියක් ඇති අයයි. මෙය ලොකුම මහා මැතිවරණයයි. මේ සියලු
උපායශීලී දෑ ඇතුළුවන්නේ දවස පුරාම ඥාන සාගරය මතගාන අයගේ බුද්ධිය තුළටයි. සමහරු කල්
යන විට මැල වී යයි. එක මොහොතක සෙනෙහස තිබී ඊළඟ මොහොතේ එය කැඩී ගොස් මැලවී යයි.
ඔවුන් කලබල වී සිහිපත් බව නවතී. බාබාට ලියුමක් හෝ නොලියයි. ඒ නිසා බාබාද ඔවුන්ට මාස
6 කට 8 කට වත් ලියුමක් නොලියයි. බාබා වූ කළී සියලු මරණයන්ගේ මරණයයි. ධර්මරාජ් ද ඔහු
සමඟ ඇත. ඔබට පියා සිහිකරන්න කාලය නැත්නම් ඔබ ලබන තත්ත්වය කුමක්ද? විනාශයයි. මුලදී
බාබා ඔබේ තත්ත්වය ගැන බොහෝ සූක්ෂම ලෙස කියා දුන්නා. ඔවුන් දැන් මෙහි නැහැ. මල්
මාලය නැවත සෑදිය යුතුය. බාබා පසසන්නේ සේවය කරන අයට පමණි. අධිරාජ්‍යයින් බවට පත් වන
අය කියනුයේ අන් අයද ඔවුන් සේම රජදහන පාලනය කළ යුතු බවයි. රජෙකුට අන්නදත්ත (කෑම
දෙන්නා) සහ පියා හා මව ආදී ලෙස හඳුන්වයි. මෙහි මව වන්නේ ජගදම්බාය. ඇගෙන් ඔබට සීමා
රහිත ධනයක් ලැබේ. ඔබ උත්සාහ කර තත්ත්වය උසස් කර ගත යුතුයි. දිනෙන් දින ඔබ දරුවන්
සොයා ගන්නවා එක එක්කෙනා කවුරු බවට පත් වෙයිද කියා. ඔබ සේවය කරන විට පියා ඔබව සිහි
කරයි. සේවය නොකරන විට පියා ඔබව සිහි කළ යුතුද? පියා සිහි කරන්නේ ස්නේහවන්ත බුද්ධිය
ඇති දරුවන්වයි. බාබා විස්තර කර දී තිබෙනවා යම් කෙනෙක් දුන් දෙයක් ඔබ පළඳින විට
නියතයෙන්ම ඔබට ඔහුව සිහි වන බව. ඔබට සැම දෙයක්ම බාබාගේ ධන නිධාන වලින් ලැබෙන කළ ඔබ
සිහි කරන්නේ ශිව බාබා පමණි. බාබාද මෙම අත්දැකීම ගැන කතා කරයි. එහිදීද නියතයෙන්ම
ස්මෘතිය ඇත. ඒ නිසා වෙන කෙනෙක්ගෙන් කිසිවක් ඔබ වෙත තබා නොගන්න. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. අසහාය
අශරීරික පියාට හදවතේ සැබෑ ආදරය තබා ගන්න. ඔබේ බුද්ධියට මායාගේ අපලය පහර නොදෙන්නට
නම් සැමවිට අවධානයෙන් සිටින්න.
2. පියා සමඟ කිසි
විටෙක අමනාප නොවන්න. සේවය කරමින් ඔබේ අනාගතය උසස් කර ගන්න. අන් අය දුන් කිසිවක් තබා
නොගන්න.
වරදානය:
පිරිසිදුකමේ
ක්‍රමවේදය භාවිතා කිරීමෙන්, ඔබ නිරන්තරයෙන් ජයග්‍රාහීව සහ බාධක වලින් නිදහස්ව සිට
බලකොටුව ශක්තිමත් කරත්වා.
මෙම බලකොටුවේ සියලුම
ජීවාත්මයන්ට ජය ලැබීමට සහ බාධක වලින් නිදහස්ව සිටීමට, එක විශේෂිත වෙලාවක, සෑම තැනකම
යෝගාවේ වැඩසටහන් පවත්වන්න. ඔබ නොකඩවා සේවය වැඩි කරන විට, මායා ඔබව ඇය සතු කරගැනීමට
වැඩියෙන් උත්සාහ දැරුවත්, එවිට කිසිවෙකුට මෙම බන්දනය කපා දැමීමට නොහැකි වෙයි.
එබැවින්, ඔබ ඕනෑම කාර්යයක් ආරම්භ කරන විට පිරිසිදු කරන ආකාරයෙන්, ඔය සියළුම
ශ්‍රේෂ්ඨ ජීවාත්ම තුළ ජය ලැබීමේ එක් පිවිතුරු සිතිවිල්ල තිබිය යුතුයි. ඔබ මෙම
පිරිසිදු බවේ ක්‍රමවේදය භාවිතා කිරීමෙන් බලකොටුව ශක්තිමත් වෙයි.
පාඨය:
යුක්තියුක්ත
සහ නිවැරදිව සේවය කිරීමේ ක්ෂණික සහ ප්රායෝගක ඵලය වන්නේ සතුටය.
අව්‍යක්ත සංඥාව:
සත්‍යයේ සහ යහපත් ආචාරශීලී බවේ සංස්කෘතියක් හදා ගන්න.
බ්‍රහ්මින් පවුලේ අංක
එකේ සංස්කෘතිය වන්නේ සත්‍යය සහ ආචාරශීලී බවයි (good manners). මෙම බ්‍රහ්මින්
සංස්කෘතිය සියලු දෙනාගේ මුහුණේ සහ ඔවුන්ගේ හැසිරීම තුළ දිස්විය යුතුයි. සෑම
බ්‍රහ්මින් කෙනෙක්ම මඳ සිනහවකින් අන් අය සමග සම්බන්ධ විය යුතුයි. කෙනෙක් කුමන
ආකාරයේ වුවද, කිසිම විටෙක ඔබගේ බ්‍රහ්මින් සංස්කෘතිය අත්නොහරින්න, එවිට ඔබ පහසුවෙන්
පරමාත්ම දෙවියන්ගේ හෙළිදරව්වට උපකරණයක් වෙයි.