01.03.25    Avyakt Bapdada      Sinhala Murli     09.03.2009    Om Shanti    Madhuban


පරමාත්ම දෙවියන්ගේ ඇසුරෙන් වර්ණවත් විමේ සහ ඒකාබද්ධ ස්වරූපයේ සැබෑ හෝලිය සමරන්න.


අද පූජනීයම පියා, ඔහුගේ පූජනීය දරුවන් සමග හෝලි සැමරීමට ඇවිත්. ඔය සියලුම දරුවන් පූජනීය දරුවන්. ඔබ සියලු දෙනාද පැමිණ ඇත්තේ හෝලි සැමරීමටයි. ඔබ පූජනීය වන ආකාරයට, ඔය පූජනීය දරුවන්, ඒ තරමට වර්ණ ගැන්වී ඇත්තේ කුමන වර්ණයෙන්ද කියා ටිකක් සිතා බලන්න. බොහෝ වර්ණ තිබෙන නමුත් ඔබ වර්ණ ගැන්වී ඇත්තේ කුමන වර්ණයෙන්ද? ඔබ පූජනීයත්වයට පත් වී ඇති වඩාත්ම ශ්‍රේෂ්ඨතම වර්ණය කුමක්ද? ශ්‍රේෂ්ඨතම වර්ණය වන්නේ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයයි. පරමාත්ම දෙවියන්ගේ වර්ණය වන්නේ අවිනාශී ඇසුරේ වර්ණය නිසා පරමාත්ම දෙවියන්ගේ ඇසුරෙන් ඔබ පහසුවෙන්ම පූජනීයත්වයට පත් වී ඇත. අනෙක් වර්ණ කෙටි කාලයකට පමණයි, නමුත් පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් වර්ණවත් වීමෙන් ඔබ පහසුවෙන් පූජනීය, එනම් පිවිතුරු වී ඇත. ඔබ සියළු දෙනාම පරමාත්ම දෙවියන්ව ඔබගේ සහකරුවන් බවට පත් කිරීම නිසා ඔය ජීවාත්මයන්ගේ පැහැය, අපවිත්‍ර බවින් පිවිතුරු වී ඇත; ඔබ ඔහුගේ ඇසුර ලබා ගෙන තිබේ, ඔබ ඒකාබද්ධ වී ඇත්තේ ඒ ආකාරයටයි. ඔබ මෙම ඒකාබද්ධ ස්වරූපයට ප්‍රිය කරනවා නේද? මේ ඒකාබද්ධ ස්වරූපය කිසිදා වෙන් කළ නොහැක. ඔබට මෙම අත්දැකීම තිබෙනවා නේද? ඔබ නිරන්තරයෙන් ඒකාබද්ධ වී සිටිනවා නේද? තනිව නොවෙයි. මායා ඔබව හුදකලා කිරීමට තැත් කරන නමුත් නිරන්තරයෙන් ඒකාබද්ධ වී සිටින අයව කිසිදා වෙන් කළ නොහැක. මායා ඔබව හුදකලා කර ඉන්පසුව ඔබගේ පැරණි සංස්කාර මතු වීමට සලස්වයි, එමෙන්ම පැරණි සංස්කාර මතු වූ විට, පිවිතුරු සංස්කාර යටපත් වෙයි. පැරණි සංස්කාර වන්නේ නොසැලකිල්ල සහ අලසකමයි. මේවා විවිධ ස්වරූප වලින් මතු වන විට, ඒකාබද්ධ ස්වරූපය වෙන් වෙයි. එබැවින් ඔබ නිරතුරුව ඒකාබද්ධව සිටිනවාද, නැත්නම් වෙන් වන්නේද කියා ඔබ සෑම කෙනෙක්ම තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබ දැන් මායාගේ විවිධ ස්වරූප ගැන දැනුවත් නේද? ඇය දක්ෂව ඇගේ වර්ණයෙන් ඔබව පාට කරයි. මෙම නොසැලකිල්ල සහ අලසකමේ කාරණා විවිධ ස්වරූප වලින් පැමිණෙයි. රාවනගේ සම්පත් වන ඔබගේ නොසැලකිල්ල සහ අලසකම තුලින් මායා ඔබව ඈ වෙතට ඇද ගනී. ඒවා පරම පියාගේ සම්පත් නොවෙයි, නමුත් දරුවන්, රාවනගේ දේවල් ගැන බොහෝ කුල්මත්බවින් පවසා, මෙසේ කියයි: ‘මට එය අනවශ්‍ය වූ නමුත් එය මගේ සංස්කාරයයි.’ ඒවා ඔවුන්ගේ සංස්කාර බව කීමට, ඔවුන් පටන් ගනීයි. මේවා පරමාත්ම දෙවියන්ගේ සම්පත්ද? නැත්නම් ඒවා රාවනගේ සම්පත්ද? ඒ ගැන ටිකක් සිතන්න: ඒවා ඔබගේ සංස්කාර බව පැවසීම හරිද? ඒවා ඔබගේ බවට පත් කිරීම මායාගේ දක්ෂතාවයයි. පරම පියාගේ සම්පත් අලංකාරද, නැත්නම් මායාගේ සම්පත් අලංකාරද? සාමාන්‍ය අන්දමකින්, තමන්ව නිදහස් කරගැනීමට සමහර දරුවන් පවසන්නේ, ‘මගේ සංස්කාර ඒ වගෙයි. මට එසේ කිරීමට අවශ්‍ය වුනේ නැහැ.’ ටිකක් සිතන්න: ඒවා ‘මගේද?’ රාවනගේ සම්පත් ඔබගේ බවට පත් කර ගැනීමෙන් ඔබගේ පිවිතුරු සංස්කාරත් ක්‍රම-ක්‍රමයෙන් අවසන් වන බව, පියා පවසයි: පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණය බොද වී යන අතර මායාගේ වර්ණය මතු වීම ඇරඹෙයි. එබැවින් ගමන් කරන අතර, ඔබ වර්ණ ගැන්වී ඇත්තේ කුමන වර්ණයෙන්ද කියා ඔබ තමන්ව පරීක්ෂා කර බැලිය යුතුයි. හෝලි වලදී මිනිසුන් කරන්නේ කුමක්ද? ඔවුන් ප්‍රථමයෙන් නරක දේවල් පුළුස්සා දමා ඉන්පසුව එකිනෙකාව පාට කරයි; ඔවුන් සමරයි. බාප්දාදා ඔහුගේ ඇසුරේ පැහැයෙන් ඔබව වර්ණ ගන්වා ඇති අතර ඊට අමතරව, ඔහු අඛණ්ඩව මෙම දැනුම, බල සහ ගුණධර්ම වලින් ඔබව වර්ණවත් කරයි.

එබැවින් ඔබ සියළු දෙනාම මෙම ආධ්‍යාත්මික වර්ණයෙන් වර්ණ ගැන්වී සිටිනවා නේද? අත් ඔසවන්න! ඔබ ආධ්‍යාත්මික පැහැයෙන් වර්ණවත් වී ඇත. එය කිසිදා බොද වී නොයයි, එහෙම නේද? මෙම අවිනාශී ආධ්‍යාත්මික වර්ණයෙන් වර්ණවත් වී ඇති අයව වෙනත් කිසිදු වර්ණයකින් පාට කළ නොහැක. මෙම වර්ණයෙන් ඔබ කෙතරම් පූජනීය වී සිටියිද? ඔබ කෙතරම් පූජනීය වී සිටියිද යත්, මුළු කල්පය පුරාවටම වෙනත් කිසිවෙකුට ඔබ තරම් පූජනීය හෝ පිවිතුරු විය නොහැක. ඔබගේ පවිත්‍රතාවය, පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණය සහ පරමාත්ම දෙවියන් සමග ඒකාබද්ධ වී සිටීමේ අත්දැකීම, බොහෝ සේ සුන්දරයි, එමෙන්ම අද්විතීයයි. වෙනත් අයගේ ජීවාත්ම පිවිතුරු වුවද, ඔවුන්ගේ සිරුරු එසේ නොවෙයි, නමුත් ඔබ කෙතරම් පූජනීය සහ පිවිතුරු වන්නේද යත්, ඔබගේ ජීවාත්මය මෙන්ම ශරීරත් පිවිතුරු වෙයි. පවිත්‍රතාවය, සතුට, සාමය, සෙනෙහස සහ ආනන්දයේ මව බව කියයි. පවිත්‍රත්වය ඇති තැන, එය සමග සතුට සහ සාමය තිබෙයි, මන්ද, මව කොතැනක සිටියිද, දරුවන්ද එතැන සිටියි. පරම පියා පැමිණ ඔබව කෙතරම් පූජනීය කරන්නේද යත්, කලි යුගයේ මෙම අවසන් උපතේදි ඔබගේ පිලිම ඔබට දැකගත හැක: ඒවාට බොහෝ විනයානුකූලව වන්දනා කරයි. පවිත්‍රත්වයේ විශේෂත්වය මෙයයි, එමෙන්ම කෙතරම් ශ්‍රේෂ්ඨ ජීවාත්ම සහ ආගමික ජීවාත්ම පිවිතුරු වුවද, ඔවුන්ගෙන් කිසිවෙකු වෙනුවෙන් දේවාල ගොඩ නගා නැත. එවන් විනයකින් වෙනත් කිසිවෙකු පිදුම් නොලබන අතර, ඔබගේ අවසන් උපත දක්වාම ඔබගේ පිලිම අඛණ්ඩව ආශිර්වාද ලබා දෙයි. ඒවා කෙටි කලකට සාමයේ සහ සතුටේ අත්දැකීම ලබා දෙයි. ඔබගේ හොලි සහ ලෝකයේ මිනිසුන්ගේ හෝලි අතර විශාල වෙනසක් තිබේ. ඔව් විනෝදය සදහා ඔබත් සුළුවෙන් සමරයි, නමුත් ඔබ සමරන්නේ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණය සහ ඒකාබද්ධ ස්වරූපයේ සැබෑ හෝලියයි. මිනිසුන්ද විවිධ ආකාර වලින් හෝලි සමරයි. ‘හෝලි’ යන වචනයේ අරුත ඔබ දන්නවා. මෙය ඔබ පමණක් දන්නා අතර ඔබ එය ඒ ආකාරයට සමරයි. හෝලි යනු ‘හෝ ලී’. එනම් සිදු වුනේ කුමක් වුවත්, එය සිදු වී අවසන්. ඉතිං ඔබ සියළු දෙනාම පැරණි ජීවිතයට, පැරණි සිදුවීම් වලට, පැරණි සංස්කාර සහ පැරණි නිෂ්ඵල සිතිවිලි ගැන පවසා ඇත්තේ, ‘අතීතය, අතීතයයි,’ එහෙම නේද? අතීතය, අතීතයේම තැබීම යනු, හෝ ලී ය. ඉතිං ඔබ මෙය සිදුකර තිබේද? එසේ නැත්නම් දැන් පවා වැරදීමකින් පැරණි සංස්කාර මතු වෙනවාද? ඔබගේ උපත නව උපතක් නිසා, ඔබ සියළු දෙනාම ජීවමානව මිය ගොසින් නේද? ඔබ එසේ කළාද? ඔබ ජීවමානව මියැදුණාද? අත් ඔසවන්න! අච්චා. මේ ඔබගේ නව උපතයි. එසේ නම් ඔබට ඔබගේ පැරණි උපත සිහි වන්නේ කෙසේද? ඔබගේ අතීත උපත, අතීතය බවට පත් වෙලා. අතීතයේ දේවල්, සිතිවිලි හෝ සංස්කාර නැවත මතු වන්නේ නම් ඔබ එයට කියන්නේ කුමක් කියාද? එය හෝලි සැමරීමක් වනවාද? ඉන් අදහස් වන්නේ ඔබ එය අතීතය බවට පත් කර නොමැති බවයි. ඉන් අදහස් වන්නේ ඉතා හොදින් පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් වර්ණවත් වී නැති බවයි. පරමාත්ම දෙවියන්ගේ ඇසුරෙන් වර්ණවත් වීම යනු, ඔබගේ පැරණි උපත සහ අතීතයේ සිදුවීම් අමතක කිරීමය, මන්ද, ඔබ ජීවමානව මිය ගොසින් නේද? ඔබ ශාරීරිකව එක් උපතකින් මිය ගොස් වෙනත් උපතක් ගන්නා විට, ඔබට ඔබගේ අතීත උපත සිහි වෙනවාද? ඉතිං ඔබ සියළු දෙනාම දැන් ඔබගේ බ්‍රහ්මින් උපත ගෙන තිබේ. පැරණි උපතේ සංස්කාර වලට ඔබ වැරදීමකින් පවසන්නේ ඒවා ඔබගේ සංස්කාර කියා. ඒවා ඔබගේද? ඔබගේද? ඒවා බ්‍රහ්මින් උපතේ සංස්කාරද? විටෙක නොසැලකිල්ල තිබේ, විටෙක රාජකීය ස්වරූපයේ අලසකමක් තිබෙයි. කම්මැලිකමේ බොහෝ විවිධ ස්වරූප ඇත. යම් අවස්ථාවක මේ ගැන පංතියක් පවත්වන්න! කම්මැලිකමේ බොහෝ විවිධ ආකාර තිබෙන අතර ඒවා බොහෝ රාජකීය ස්වරූප වලින් පැමිණෙයි!

ඉතිං ඔබගේ බ්‍රහ්මින් ජීවිතය, නව ජීවිතයක් වන අතර එහි පැරණි කිසිවක් තිබිය නොහැක. ඉතිං ඔබ අද මෙහි පැමිණ සිටින්නේ හෝලි සැමරීමට නේද? හෝලි යනු හෝ ලී; එබැවින් අද හෝලි සැමරීම යනු පැරණි සංස්කාර වල හෝලි පුළුස්සා දැමීමයි. ඔබට සැමරීමට හැකි වන්නේ මේවා පිලිස්සීමෙන් පසුව පමණයි. ඉතිං දැන් ඔබගේ ස්වරූපය වන්නේ සැමරීමේ එකකි. ඔබ දැනටමත් සියළු පැරණි දේ පුළුස්සා දමා ඇති අතර ඔබ දැන් සමරයි. ඔබ පරමාත්ම දෙවියන්ගේ ඇසුරේ වර්ණයෙන් විනෝද වීමටයි යන්නේ. ඔබ ඒකාබද්ධව රැදී සිටීම අත්විදීමටයි යන්නේ. මන්ද? පූජනීයම පියා ඔබව පූජනීය සහ පිවිතුරු වීමේ වර්ණයෙන් පාට කර ඇත.

ඉතිං ඔබ අද සමරන්නේ කුමන හෝලියද? විශේෂයෙන් අද දින පැරණි සංස්කාර වලට පැමිණීමට ඉඩ නොදෙන්න; හෝලි සැමරීම යනු මෙයයි. ඔබට මේ අන්දමින් එය සැමරිය හැකිද, නැත්නම් ඒවා විටෙක නැවත පැමිණෙයිද? අද සිට අධිෂ්ඨානශීලී සිතිවිලි යන ක්‍රමවේදයෙන්, මෙම රාජකීය වදන් අවසන් කර දමන්න, ‘මට එය කිරීමට අවශ්‍ය වූ නමුත් ඒවා මගේ සංස්කාරයි’ එවන් හෝලියක් අද දින සෑම කලටම සැමරීමට ඔබට එඩිතරකම තිබෙනවාද? නැත්නම් ඔබ එය සමරන්නේ විටෙක පමණයිද? ඔබගේ පැරණි සංස්කාර අතින්, අද සිට ඔබ අතීතය, අතීතය බවට පත් කර ඇති බවත් මෙය ඔබගේ නව උපත බව සහ පැරණි උපත අවසන් වී ඇති බව සිතන අයයි, ඔබ. ඔබ මිහිරිතම, ආදරණීය, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ, එවන් එඩිතරකම ඇති පරම පියාගේ දරුවන් නේද? එබැවින් මෙම සිතිවිල්ල පමණක් නොව මෙම අධිෂ්ඨානගත සිතිවිල්ල ඇති කිරීමට ඔබට එඩිතරකම තිබෙනවාද? අත් ඔසවන්න! බලන්න, ඔබ සියළු දෙනා එඩිතරකම පවත්වාගෙන ඇත. හොදයි, සමහරුන්ව මග හැරෙන්නට ඇති, නමුත් ඔබ සියළු දෙනාම සහකරුවන් නේද? ඔබ සියළු දෙනාම ස්ථිර සහකරුවන්, ඔබගේ අත් දෙකම ඔසවන්න! සියළු දෙනාගේ මෙම ජායාරූපය ගන්න! අච්චා. ද්විත්ව විදේශිකයන්ද අත් ඔසවනවා!

අතීතය අතීතයේම තබමින් හෝලී සැමරීම වෙනුවෙන් බාප්දාදා ඔබට කෝටි ගුණයක සුබ පැතුම් ලබා දෙනවා. දැන් මෙම වදන් වැරදීමකින් වත් ඔබගේ මුවගින් මතු වීමට ඉඩ නොතබන්න: ‘මගේ සංස්කාර.’ රාවනගේ සංස්කාර වලට ඔබ කියන්නේ ‘මගේ සංස්කාර’ කියා. එය විශ්මයක්! රාවන හැදින්වෙන්නේ ඔබගේ සතුරා ලෙසයි. ඔබගේ සතුරාගේ සම්පත් තමන්ගේ කරගැනීම විශ්මයට කරුණකි. ඔබ පවසන දෙයින් ඔබත් පුදුමයට පත් වනවා ඇති. ඔබ එසේ කියන්නේ වැරදීමකින්. ඔබ එය පවසන අතර එවිට ඔබගේ යටි සිත ඔබට ඇතුලාන්තයෙන් දොස් පවරන අතර තවද ඔබට එය අවබෝධ වනවා. ඔබ පියාට පවා ඒ ගැන පවසා සමාව අයැද සිටියි; ‘බාබා, හෙට සිට මා එසේ නොකරමි’. ඉන්පසුව ඔබ ඒ දේම කරයි! එබැවින් බාප්දාදා දැන් කළ යුත්තේ කුමක්ද? ඔහු නිකම්ම නොකඩවා එය නැරඹිය යුතුද? දැන් මෙම වදන් වල හෝලිය පුළුස්සා දමන්න. පුළුස්සා දැමීමේදීද බාබා ඔබට ඉතා හොද දෙයක් කියන්නම්. කෝකි (පැණි රස, මහත චපාතියක්) පිසිනු ලබන්නේ එය වටා මහත නූලක් බැද තබාය, එය පිස අවසන් වූ විට, කෝකී පිසී ඇති නමුත් නූල පිලිස්සෙන්නේ නැත. මෙය, ඔබ උගත් පලමුවන පාඩම සදහා සංඛේතයකි, එනම් ජීවාත්මය අවිනාශී වන නමුත් සිරුර විනාශ වන බවයි. එම උත්සව සහ ග්‍රන්ථ ශාස්ත්‍ර නිර්මාණය කර ඇති අයත් පියාගේ දරුවන්ය, නමුත්, බොහෝ කලක් නැතිව සිට දැන් හමු වූ දරුවන් ඔබයි. ඔවුන්ගේ ආශ්චර්යයද අඩු නැති බව, බාප්දාදා දකිනවා. එය පිටි ගෝනියක ඇති ලුණු පිංචක් වැනි නමුත් ඔවුන් එය බොහෝ විනෝදාස්වාදය ගෙනෙන අන්දමින් නිර්මාණය කර ඇත. ඒ ගැන ඔබ සලකා බලන්නේ නම්, ඔවුන් සෑම උත්සවයක්ම සිහිවටනයක් කර ඇත. කෙසේවෙතත් සූක්ෂ්ම වන ඇතැම් දේට ඔවුන් භෞතික ස්වරූපයක් ලබා දී ඇත, නමුත් ඔවුන් අඩු තරමින් සිහිවටනයක් නිර්මාණය කර තිබෙනවා. භක්තියේදි ඔවුන් ඊට අඩු දෙයක් කර නැත. භක්තියේදීද, තඹ සහ කලි යුගයන්හිදි ඔබගේ අවධානය පිලිබද සමහර කාරණා ඔවුන් තබා ඇත. මේවා ඔබව උපරිම ලෙස පාපයන්ගෙන් පිරී සිටීමෙන් ආරක්ෂා කර ඇත. එබැවින් මෙම මෙවලම්, උත්සව සහ ග්‍රන්ථ ශාස්ත්‍ර නිර්මාණය කර ඇති අයට බාප්දාදා අනිවාර්යෙන් එහි ඵලය ලබා දෙනවා. අඩු තරමින් භක්තියේදි ඔවුන්ට ඇතැම් කාරණා මතකයේ තිබෙන අතර කෙටි කාලයකට ඔවුන් පාපයන්ගෙන් ආරක්ෂිත වෙයි.

ඉතිං ඔබ අද සැමරුවේ කුමන හෝලිද? ඔබ කුමන හෝලිද සැමරුවේ? හෝ ලි, සියළු දෙනාම කියන්න, ‘හෝ ලී’! ඔබ මෙයට කැමතිද (එය තල්ලු කර දැමීමට)? මෙය ස්ථිරයි නේද? ඔබ සැමරුවාද? ඔබ එය කළාද? හොදයි. එසේ නම් මායා හෙට පැමිණෙයි, මන්ද මායා සවන් දෙමින් සිටින නිසා, නමුත් ඔබ ඇයව සාදරයෙන් පිලිනොගත යුතුයි. මෙයින් සතුටක් ලැබෙනවා නේද? මෙම සතුටේ රැදී සිටින්න.

පරම පියාව සිහිපත් කර, ඔහු ඔබව මෙම ආධ්‍යාත්මික වර්ණයෙන් වර්ණ ගන්වන අන්දම බලන්න, ඔබ පූජනීය හංසයන් වන්නේ ඒ මගින්ය. පූජනීය හංසයන් යනු විනිශ්චය කිරීමේ බලය ඇති පූජනීය හංසයන්ය. ඔබට ඔනෑම කාර්යයක් කිරීමට තිබෙන විට, පලමුව ආසනයක් වෙන් කරවා ගන්න. තමන්ව එම ආසනයේ තැන්පත් කරගෙන ඉන්පසුව තීරණ ගන්න. ඔබ එම අසුන දන්නවා. එය ත්‍රිකාලදර්ශී වීමේ ආසනයයි. ප්‍රථමයෙන් තමන්ව ත්‍රිකාලදර්ශී වීමේ ආසනයේ හිදුවා, තුන් කාලයම පිලිබදව සැලකිලිමත් වන්න. වර්ථමානය පමණක් සැලකිල්ලට නොගන්න, නමුත් මුල, මැද සහ අවසානය යන කාරණා තුනම දෙස බලන්න. තුන් කාලයේම තිබෙන්නේ ලාභයක්ද, පාඩුවක්ද? සමහර දරුවන් බොහෝ දක්ෂයි, ඔවුන්ගේ දක්ෂතා ගැන බාබා ඔබට කිව යුතුද? ඔවුන් කුමක්ද පවසන්නේ? “මට ඒ දේ ඒ ආකාරයට කිරීමට සිදු වුණා, ඒ නිසා මා එය සිදු කළා. එය මා නොකළ යුතු බව මට දැනෙනවා, නමුත් මා එය සිදු කළා.” හොදයි, ඔබ එය සිදු කර ඇති බැවින් ඔබට අනිවාර්යෙන් එම ක්‍රියාවේ ඵලය ලැබෙයි, එහෙම නේද? එබැවින් ඒ අන්දමින් දක්ෂ නොවන්න. ඔබ පියාව සතුටු කිරීමට තැත් කරයි. ඔබ වරදක් සිදු කර ඉන්පසුව බාප්දාදාට මෙවන් දේ කියයි: “බාබා, ඔබ දයාවෙන් පිරිපුන් නේද? ඔබ සමාව දීමේ සාගරය නේද?” පරම පියා කවුරුන්ද කියා, ඔබ ඔහුට මතක් කර දී, ඔහුට මෙසේ කියයි: “මා ඔබට ඒ ගැන පවසා එය අවසන් කර දැමිය යුතු බව, ඔබ කියා තිබේ.” කෙසේවෙතත් ඔබ එය අවසන් කළ යුත්තේ, අවබෝධය ඇතිව බාබාට ඒ ගැන පැවසීමෙන්ය. බාබාට ඒ ගැන පැවසීමෙන් ඔබ එ් දේ ස්ථිර කරගනී, නමුත් ප්‍රථමයෙන් ඔබ අධිෂ්ඨානයෙන් පිරි සිතිවිලි වලින් තමන්ව පරිවර්ථනය කරගෙන ඉන්පසුව බාබාට එය කිව යුතුයි. ඔබ මෙසේ කියමින් පියාව බොහෝ සේ සතුටට පත් කරයි, “බාබා, ඔබ මෙය පැවුසවා නේද?” ඔබ පියාට මතක් කර දෙයි: “ඔබ මේ දේ පැවසුවා, ඔබ අහවල් දේ පැවසුවා.” ඔබ බොහෝ සේ දක්ෂයි. දැන් ඒ අන්දමින් දක්ෂ නොවන්න. එඩිතර වන්න. “මා මෙය කළ යුතුයි.” “මා එය කරන්නම්, මා එය කරන්නම්!” කියා නොකියන්න.

දවස පුරාම බාප්දාදාට මෙවන් ගීත බොහොමයක් ඇසෙයි “මා එය කරන්නම්, මා එය කරන්නම්! මා එය කරන්නම්, මා ඔවුන්ට පෙන්වන්නම්, මා එය බවට පත් වෙන්නම්” නමුත් කුමන වේගයකින්ද? මේ අන්දමින් එය අනාගතයට තබන අයට, පරම පියා සමග ආපසු යාමට හැකි වෙයිද? පියා නිති-සූදානම් වන අතර එය කරන බව පවසන අය නිති-සූදානම් නැත. එබැවින් ඔබ පියා සමග ආපසු යන්නේ කෙසේද? අන් අය පියා සමග ආපසු යන ආකාරය දෙස බලමින් ඔබට නැවතී සිටීමට සිදුවෙයි. සෑම දරුවෙක් කෙරෙහිම පරම පියා තුල කෝටි ගුණයක සෙනෙහස තිබේ. ඔහුගේ දරුවන් ඔහු සමග ආපසු නොයාම, බාප්දාදා ප්‍රිය නොකරයි. ඔබට ආපසු නිවහනට යාමට කාලය දැන් පැමිණ ඇති බැවින් ඔබ ආපසු නිවසට යන්නේ නැද්ද? ඔබ පලමුව නිවසට ගොස් ඉන්පසුව රාජධානියට යා යුතුයි. ඔබ එකට ආපසු නිවහනට නොයන්නේ නම්, ඔබ බ්‍රහ්ම පියා සමග රාජධානියට නොයයි, ඔබ යන්නේ පසුවයි. ඔබගේ පොරොන්දුව කුමක්ද? ඔබ එකට ආපසු යන බවයි, එසේ නැත්නම් ඔබ තනිවම එහි යන බවද ඔබ පවසන්නේ? ඔබ මෙයත් අනාගතයට තබන්නේද? “මා එහි ළගා වෙයි. බලන්න, බාබා මා අනිවාර්යෙන් එහි ළගා වෙයි.” ඉතිං දැන් මෙම භාෂාව අවසන් කරන්න. අච්චා.

සෑම තැනකම සිටින සියළුම දරුවන්ව බාප්දාදා දකින අතර ඔවුන් දුර ඈත අසුන්ගෙන සිටින අතර, බහුතර ස්ථාන වල, මධ්‍යස්ථාන වල, ඔවුන් නොකඩවා බාප්දාදාව නරඹනවා. ඔබ මෙහිදි තෝලි කන ආකාරයටම එහිදීද, ඔවුන් තෝලි බෙදනවා. බාප්දාදා සියළු දෙනා දෙස බලමින් සිටිනවා - ඔවුන් දුර ඈත අසුන්ගෙන සිටින අතර සමීපව සිටීම අත්විදින ආකාරය.

සෑම තැනකම සිටින, පියාට සමාන සහ පියා මෙන් පරිසමාප්ත වීමට නිරන්තරයෙන් අධිෂ්ඨානශීලී සිතිවිල්ලක් ධාරණය කරගෙන ඇති ,සියලුම දරුවන්ට. විටින් විට ඔවුන් එම සිතිවිල්ලට අධිෂ්ඨානයේ බලය නොකඩවා ලබා දෙයි.

පිවිතුරු සිතිවිලි ධාරණය කරගෙන ඇති සෑම තැනකම සිටින එවන් සියලුම දරුවන්ට; එය සමගම පියාගේ බලාපොරොත්තු ඉටු කිරීමට යන බලාපොරොත්තුවේ තාරකාවන්ට, එමෙන්ම දාදීගේ මෙම වදන් මතකයේ තිබෙන අයට: “මා කර්මතීට් විය යුතුයි, මා එය විය යුතුයි, මා එය බවට පත්විය යුතුමයි.” එමෙන්ම මම්මා සෑම විටම පැවසූ වදන්: “ඔබට කිරීමට අවශ්‍ය කුමක් වුවද, අදම සිදු කරන්න, එය හෙටට නොතබන්න”, එමෙන්ම දීදිගේ වදන්: “අපි දැන් ආපසු නිවසට යා යුතුයි.” මෙම වදන් ඔබගේ දෙසවන් තුළ නැවත නැවතත් රැව් පිළිරැව් දිය යුතුයි. සරළව මෙම එක් සැලකීලිමත් බව තබාගන්න: “මා දැන් කර්මතීට් වී, ආපසු නිවහනට යා යුතුයි.” මෙම වදන් ඔවුන්ගේ අවධානයට නැවත නැවතත් ගෙන එන, බලවත් ජීවාත්මයන්ට, බාප්දාදාගේ පූජනීය දරුවන්ට, හෝලි වෙනුවෙන් සුබ පැතුම්. මෙය සමගම, මධුබන් වල “ගේවාර්” (ජලේබි වැනි රස කැවිල්ලක්) ලැබීමට පෙර - සියලු දෙනාම ඔබගේ මුව විවර කර ගෙවාර් කන්න. ඔබ එය කෑවද? ඉතිං ඔය සියලුම දරුවන්ට සහ පෙර ගමන් ගිය ජීවාත්මයන්ට බාප්දාදාගෙන් බොහෝ බොහෝ කෝටි ගුණයක සෙනෙහස, ස්මරණය සහ පරම පියාගෙන් නමස්තේ.

වරදානය:
ඔබ ජීවාත්ම අවධානයට පත් වී, ඔබ තුළ සියලු ජීවාත්ම වෙනුවෙන් සෙනෙහස සහ පිවිතුරු සහ ධනාත්මක හැගීම් තිබේවා.

ඔබව වර්ණනා කරන ජීවාත්ම වෙනුවෙන් ඔබ තුළ සෙනෙහස් හැගීම් තිබෙන සේම, සංඥා මාර්ගයෙන් ඔබට ඉගැන්වීම් ලබා දෙන ඕනෑම ජීවාත්මයකටත් එවැනිම සෙනෙහස තබා ගන්න. එම ජීවාත්මය සැබවින්ම ඔබගේ සුබ පතන්නෙක් යන පිවිතුරු සහ ධනාත්මක හැගීම් ඇති කරගන්න. එවන් මනෝ ස්ථිතියක් ජීවාත්ම අවධානය බව කියයි. ඔබ ජීවාත්ම අවධානයෙන් නොසිටින්නේ නම් අනිවාර්යෙන් අහංකාරකම තිබේ. අහංකාරකම ඇති කෙනෙකුට කිසි විටෙක අපහාසයක් දරා ගත නොහැක.

පාඨය:
නිරන්තරයෙන් පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස තුළ ගිලී සිටින්න, එවිට දුක් ලෝකය අමතක වනු ඇත.

අව්‍යක්ත සංඥාව: ඔබගේ විශ්වාසයේ අත්තිවාරම ශක්තිමත් කර නිරන්තරයෙන් නිර්භයව සහ සැහැල්ලුවෙන් රැදී සිටින්න.

ඔබගේ හස්තය ජ්‍යේෂ්ඨයෙකුගේ හස්තය තුළ ඇති විට කණිෂ්ඨ වන ඔබගේ ස්ථිතිය එවිට සැහැල්ලු මෙන්ම කණස්සලු වලින් නිදහස්ය. ඔබගේ සෑම ක්‍රියාවකදීම බාප්දාදා ඔබ සමග සිටින බවත් මෙම ආධ්‍යාත්මික ජීවිතයේදි ඔබගේ අත, ඔහුගේ හස්තය තුළ තිබෙන බවට විශ්වාසය ඔය දරුවන්ට තිබෙනවා. මින් අදහස් වන්නේ ඔබගේ ජීවිතය ඔහු වෙනුවෙන් ඔබ කැප කර ඇති බව සහ එබැවින් සියල්ල ඔහුගේ වගකීම බවයි. ඔබගේ සියලු බර, පරම පියාට භාර කර ඔබව සැහැල්ලු කරගන්න, එවිට ඔබ නිරතුරුවම සැහැල්ලු මනෝ ස්ථිතියක රැදී සිටිවි. එවිට සෑම දෙයක්ම නිවැරදිව සිදු වෙයි.