01.04.25       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, පියා, දැනුමින් පිරිපුන් ඒකායන කෙනාය. ඔහුට ජනීජනන්හාර් (සෑම කෙනෙකුගේම හදවතේ ඇති දේ දන්නා කෙනා) යැයි ඇමතීම, ඔහුගේ වැරදි වර්ණනාවකි. පියා පැමිණෙන්නේ ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කිරීමටයි.

ප්‍රශ්නය:
පියාගේ වර්ණනාවත් සමඟම, වැඩිම වර්ණනාවක් ඇත්තේ වෙන කාටද? එම වර්ණනාව කුමක්ද?

පිළිතුර:
1) පියාගේ වර්ණනාව සමඟම, භාරතයද බොහෝ වර්ණනාවට ලක් වී තිබේ. අවිනාශී දේශය වන්නේ භාරතය පමණයි. දිව්‍යලෝකය වන්නේ භාරතය පමණයි. පියා, භාරතයේ ජනයාව, ධනවත්, සතුටු සහ පිවිතුරු කරවයි. 2) ගීතාවේද අසීමිත වර්ණනාවක් ඇත. එය මැණිකයි, සියලුම ග්‍රන්ථයන්ගේ මවයි. 3) ඔය ජීවමාන, දැනුමේ ගංගාවන්ගේද විශාල වර්ණනාවක් තිබේ. ඔබ, දැනුමේ සාගරයෙන් ඍජුවම මතු වී තිබේ.

ඕම් ශාන්ති.
අළුත් මෙන්ම පැරණි දරුවන්ද ‘ඕම් ශාන්ති‘ හි අරුත දන්නවා. අප සියලු දෙනා ජීවාත්ම බවත්, අප, පරම පියා, පරමාත්ම ජීවයගේ දරුවන් බවත් ඔය දරුවන් දැන් දන්නවා. පරම ජීවය, උසස්ම උසස් මෙන්ම වඩාත්ම ආදරණිය කෙනාය. ඔහු සියල්ලන්ගේම ආදරණීය කෙනාය. දැනුමෙහි සහ භක්තියේ වැදගත්කම, ඔය දරුවන්ට විස්තර කර දී තිබේ. දැනුම යනු, දිවා කාලයයි, ස්වර්ණමය සහ රිදී යුග වන අතර, භක්තිය යනු රාත්‍රියයි, තඹ සහ කලි යුගයන්ය. මේ සෑම දෙයකින්ම හැඳින්වෙන්නේ භාරතය ගැනයි. භාරතයේ ජනයා වන ඔය මිනිසුන් තමයි, පළමුවෙන්ම පහළට පැමිණියේ. උපත් 84හි චක්‍රය තිබෙන්නේ භාරතයේ මිනිසුන් වන ඔබලාටයි. භාරතය, අවිනාශී දේශයයි. දිව්‍යලෝකය වන්නේ භාරතය පමණයි; වෙනත් කිසිම දේශයක් දෙව්ලොව වන්නේ නැත. ස්වර්ණමය යුග නව ලෝකයේ තිබෙන්නේ, භාරතය පමණක් බව, ඔය දරුවන්ට පහදා දී තිබේ. දෙව්ලොව වශයෙන් හැඳින්වෙන්නේ භාරතය පමණයි. පසුව, භාරතයේ වැසියන් උපත් 84 ක් ගන්නා අතර, ඔවුන් අපායේ වැසියන් බවට පත් වෙයි. අපායේ වැසියන්ගෙන්, ඉන්පසුව ඔවුන් දෙව්ලොව වැසියන් බවට පත් වෙයි. වර්තමානයේ සියලු දෙනාම අපායේ වැසියන්ය. ඉතිරි වන්නේ භාරතය පමණයි, අන් සියලුම භූමි විනාශ වනු ඇත. භාරත දේශයේ වර්ණනාව අසීමිතයි. පියා පැමිණ ඔබට රාජයෝගාව උගන්වන්නේ භාරතයේදි පමණයි. මෙය ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සංගම යුගයයි, ගීතාවේ යුගයයි. ශ්‍රේෂ්ඨතම දේශය වීමට යන්නේ භාරතය පමණයි. වර්තමානයේ, ආදි සනාතන දෙවි දේවතා ධර්මය නොපවති, එම රාජධානිය මෙන්ම එම යුගයද නොමැත. ලෝක සර්ව බලධාරියා යැයි අමතන්නේ පරමාත්ම දෙවියන්ට පමණක් බව ඔය සියලුම දරුවන් දන්නවා. දෙවියන්, අන්තර්යාමී (සියල්ලන්ගේ ඇතුලාන්තයේ ඇති දේ, දන්න කෙනා) බව සහ සෑම කෙනෙකුගේම හදවත තුළ ඇති දේ දන්නා බව කීමේ, විශාල වරද, භාරතයේ මිනිසුන් සිදු කරයි. පියා පවසන්නේ : මා සෑම කෙනෙකුගේම අභ්‍යන්තරයේ ඇති දේ නොදන්නෙමි. මගේ කාර්යය වන්නේ අපවිත්‍ර අය පිවිතුරු කිරීමයි. බොහෝ දෙනා කියන්නේ ශිව බාබා, ඔබ අන්තර්යාමී. බාබා පවසන්නේ : මම එය නොවන්නෙමි. සෑම කෙනෙකුගේම හදවත් වල ඇති දේ මම නොදන්නෙමි. මා පැමිණෙන්නේ අපවිත්‍ර අයව පිවිතුරු කිරීමට පමණයි. ඔබ මාව අපවිත්‍ර ලෝකයට කැඳවයි. පැරණි ලොව අළුත් කිරීමට තිබෙන විට, මා එක්වරක් පමණක් පැමිණෙන්නෙමි. පැරණි ලොව අළුත් වන්නේ කවදාද, හෝ අළුත් ලෝකය පැරණි වන්නේ කවදාද කියා, මිනිසුන් නොදනි. සෑම දෙයක්ම සතෝ, රජෝ සහ තමෝ යන තත්ත්වයන් තුළින් යාමේදී, නිසැකයෙන්ම අළුත් බවින් පැරණි විය යුතුයි. මනුෂ්‍යයින්ද මෙසේය. ළදරුවෙක් පළමුව සතෝප්‍රධාන් වන අතර, ඉන්පසුව ඔහු වැඩිහිටි සහ මහළු වෙයි, එනම්, ඔහු රජෝ සහ තමෝ තත්ත්ව හරහා ගමන් කරයි. කෙනෙකුගේ සිරුර පැරණි වූ විට, ජීවාත්මය එය අතහැර, නැවතත් ළදරුවෙක් විලසින් වෙනත් සිරුරකට ඇතුළු වෙයි. නව ලොවේදී භාරතය කෙතරම් ශ්‍රේෂ්ඨ වූවාද කියා ඔය දරුවන් දන්නවා. භාරතයේ වර්ණනාව අසීමිතයි. භාරතය තිබූ ආකාරයේ තරම්, සතුටු, ධනවත් හෝ පිවිතුරු දේශයක් තවත් නොමැත. එය නැවත වරක් සතෝප්‍රධාන් කිරීමට පියා පැමිණ සිටියි; සතෝප්‍රධාන් ලෝකය ස්ථාපනය කෙරෙනවා. ත්‍රිමුර්තිය - බ්‍රහ්ම, විෂ්ණු සහ ශංකර් නිර්මාණය කළේ කවුද? උසස්ම උසස් වන්නේ ශිවාය. මිනිසුන්, ත්‍රිමූර්ති බ්‍රහ්මා ගැන කතා කරන නමුත් ඔවුන් එහි අරුත නොදනී. ඇත්ත වශයෙන්ම ඔවුන් ත්‍රිමූර්ති බ්‍රහ්මා නොව, කිව යුත්තේ ත්‍රිමූර්ති ශිවා කියායි. ඔවුන් සියලුම දේවතාවන්ගෙන් උසස්ම දේවතාව ගැන කතා කරති. ඔවුන් විශ්වාස කරන්නේ උසස්ම කෙනා ශංකර් බවයි. එසේනම්, ඔවුන් ත්‍රිමූර්ති ශංකර් කියා කිව යුතුයි. ඔවුන් ‘ත්‍රිමූර්ති බ්‍රහ්මා‘ යැයි කියන්නේ ඇයි? නිර්මාපකයා වන්නේ ශිවාය. පරම පියා, පරමාත්ම ජීවය, බ්‍රහ්මාගේ මාර්ගයෙන් බ්‍රහ්මණයින් නිර්මාණය කරන බව සිහි කර තිබේ. භක්ති මාර්ගයේදී මිනිසුන්, දැනුමින් පිරිපුන් පියාට ජනීජනන්හාර් (සෑම දෙයක්ම දන්නා කෙනා) යැයි අමතයි. එම වර්ණනාවේ තේරුමක් නැත. ඔබට දැන් පියාගෙන් දායාදයක් හිමි වීමට ඇති බව ඔය දරුවන් දන්නවා. බ්‍රහ්මණයින් වන අපට ඔහුම උගන්වයි. ඇයි? ඔහු පියා මෙන්ම උත්තරීතර ගුරුවරයාද වෙයි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය, චක්‍රය වටා යන අන්දමද ඔහු විස්තර කර දෙයි. දැනුමින් පිරී සිටින්නේ ඔහුම පමණයි. ඔහු ජනීජනන්හාර් නොවෙයි. එය වැරැද්දක්. මා පැමිණෙන්නේ අපවිත්‍ර අය පිවිතුරු කර, උපත් 21 කට ඔවුන්ගේ රාජධානියේ භාග්‍යය ලබා දීමට පමණයි. හතයෝගීන් වන සන්යාසීන් නොදන්නා, භක්ති මාර්ගයේ සතුට, තාවකාලික දෙයක් පමණි. ඔවුන් සිහි කරන්නේ බ්‍රහම් පදාර්ථය පමණි. බ්‍රහම් පදාර්ථය, දෙවියන් නොවෙයි. දෙවියන් වන්නේ, අශාරීරික ශිවා පමණයි; ඔහු සියලුම ජීවාත්මයන්ගේ පියායි. සියලුම ජීවාත්මයන්ගේ වාසස්ථානය වන්නේ, මිහිරි නිවහන වන බ්‍රහ්මාන්ද්ය. ජීවාත්ම වන අප, එහි සිට මෙහි පැමිණෙන්නේ අපගේ චරිත කොටස් රඟ පෑමටයි. ජීවාත්මය පවසන්නේ මා එක් සිරුරක් අතහැර, දෙවැනි සිරුරක්, තෙවැනි සිරුරක් ආදිය ගන්නෙමි. උපත් 84 ක් ගන්නේ භාරතයේ ජනයා පමණයි. බොහෝ භක්තියේ යෙදී ඇති අය, දැනුමද වැඩියෙන් ගනී. පියා පවසන්නේ : ඔබ ඔබගේ පවුලේ අය සමඟ නිවසේ ජීවත් වූවාට කම් නැත, නමුත් ඔබ ශ්‍රීමත් අනුගමනය කළ යුතුය. ඔය සියලුම ජීවාත්ම, පරමාත්ම ජීවය වන එක් ආදරවන්තයාගේ, පෙම්වතුන්ය. භක්ති මාර්ගයේ ආරම්භයේ සිටම ඔබ ඔහුව සිහි කරමින් සිටියේය. ජීවාත්ම, පියාව සිහි කරයි. මෙය දුක් දේශයයි. ජීවාත්ම වන අප, මුල්ම වශයෙන්, සාම දේශයේ වැසියන්ය. පසුව අප සතුටේ දේශයට ගොස් උපත් 84ක් ගත්තේය. ‘හම් සෝ, සෝ හම්’ (මා සිටියේ කෙසේද, නැවත එය වෙමි) හි අරුත ඔබට විස්තර කර දී තිබේ. ඒ මිනිසුන් නිකම්ම කියන්නේ, ජීවය, පරම ජීවය බවත්, පරම ජීවය, ජීව බවත්ය. පියා දැන් විස්තර කර දී තිබේ: ඔබ දේවතාවන්ව සිටි අතර, ඉන්පසුව, සටන්කාමීන්, වෙළෙන්ඳුන්, සහ ශුද්‍රයන් බවට පත්වුණා. අප දැන් නැවත වතාවක් දේවතාවන් වීම සඳහා, බ්‍රහ්මණයින් බවට පත්ව සිටියි. එහි සැබෑ අරුත මෙයයි. අනෙක් අර්ථනිරූපණය සම්පූර්ණයෙන්ම වැරදියි. ස්වර්ණමය යුගයේ තිබුණේ, එක් දේවතා ධර්මය පමණි; එය නොබෙදුණු රාජධානියක් විය. පසුව, අනෙක් ආගම් ආරම්භ වූ විට, එය බෙදුණි. රාවණගේ රාක‍්ෂක රාජධානිය ආරම්භ වන්නේ, තඹ යුගය ආරම්භ වන විටයි. ස්වර්ණමය යුගයේ රාවණගේ රාජධානිය නොමැති නිසා අවගුණ පහෙන් එකක්වත් එහි නොමැත. එම ලෝකය සම්පූර්ණයෙන්ම අවගුණ වලින් තොරයි. රාමා සහ සීතාට දිව්‍යමය අංශක 14 ක් පිරුණු අය, යැයි කියයි. දුන්න සහ ඊතලයේ සංකේතය සහිතව, රාමාව පෙන්වා ඇත්තේ ඇයි? කිසිම මනුෂ්‍යයෙක් මෙය නොදනී. එය හිංසනය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. ඔබ දේවමය ශිෂ්‍යයන්ය. එම කෙනා පියා වන අතර, ඔබ ශිෂ්‍යයන් නිසා, ඔහු ගුරුවරයාද වෙයි. ඔහු ඔබට විමුක්තිය පිරිනමා, ඔබව දිව්‍යලෝකයට යවයි. එබැවින් ඔහු තිදෙනාම වෙයි පියා, ගුරුවරයා සහ ගුරු. ඔබ ඔහුගේ දරුවන් බවට පත්වී ඇත. එබැවින් ඔබට බොහෝ සතුට තිබිය යුතුයි. වෙනත් මිනිසුන් කිසිම දෙයක් නොදනී. මිනිසුන් කිසි දෙයක් නොදන්නේ මෙය රාවණගේ රාජධානිය නිසයි. මිනිසුන් රාවණගේ පඹයෙකු සෑම වසරකදීම පුළුස්සන නමුත්, රාවණ යනු කවුරුන්ද කියා ඔවුන් නොදනී. රාවණ, භාරතයේ විශාලතම සතුරා බව ඔය දරුවන් දන්නවා. දැනුමින් පිරුණු පියා විසින් මෙම දැනුම ලබා දෙන්නේ ඔය දරුවන්ට පමණයි. දැනුමේ සාගරය, ආනන්දයේ සාගරය වන්නේ එම පියා පමණයි. දැනුමේ සාගරය විසින් ඔය වළාකුළු පුරවනු ලබන අතර, ඔබ ඉන්පසුව ගොස් දැනුමේ වර්ෂාව වස්සනු ඇත. දැනුමේ ගංගාවන් වන්නේ ඔබයි. වර්ණනා කෙරෙන්නේ ඔබ ගැනයි. පියා පවසන්නේ : මා දැන් පැමිණ සිටින්නේ ඔබව පිවිතුරු කිරීමටයි. මෙම එක් උපතෙදී පිවිතුරු වන්න, මා සිහිපත් කරන්න, එවිට ඔබ තමෝප්‍රධාන් බවින් සතෝප්‍රධාන් වෙයි. පාරිශුද්ධකරුවා මා පමණයි. ඔබගේ සිහිපත් කිරීම හැකි තාක් වැඩි කරගන්න. ඔබගේ මුවින් ‘ශිව බාබා, ශිව බාබා’ කියා ඔබ කිව යුතු නැත. ආදරවන්තයෙක් ඇගේ පෙම්වතාව සිහි කරයි. ඔවුන් එකිනෙකාව දුටු පසු, ඔවුන්ගේ බුද්ධියෙන් සිහිවන්නේ එකිනෙකාව පමණයි. භක්ති මාර්ගයේදී කෙනෙක් එක් විශේෂිත වූ දේවතාවක් සිහි කර, එම කෙනාට වන්දනාමාන කළ විට, ඔහුට එම කෙනාගේ දර්ශනයක් ලැබෙයි. එය තාවකාලික කාලයකට පමණයි. භක්තියේ යෙදෙන අතරම ඔවුන් අඛණ්ඩව පහළට පැමිණෙයි. දැන් මරණය ඔබගේ ඉදිරියේ සිටගෙන සිටියි. විපත්තියේ හඬට පසුව, ජයග්‍රහණයේ හඬ ඇසෙයි. භාරතයේ ලේ ගංගාවන් ගැලීමට තිබේ. සිවිල් යුද්ධයක සලකුණු දැන් පෙනෙන්නට තිබේ. සෑම දෙයක්ම තමෝප්‍රධාන් වී තිබේ. ඔබ දැන් සතෝප්‍රධාන් වෙමින් සිටියි. පෙර චක්‍රයේදී දේවතාවන් වූ අය, පියාගෙන් එම දායාදයම හිමි කර ගනී. අඩුවෙන් භක්තියේ යෙදී ඇති අය, දැනුම අඩුවෙන් ගනී. ඔවුන්ද වැසියන් අතරෙහි අංක පිළිවෙලට තත්ත්වයක් හිමි කර ගනී. හොඳ උත්සාහ දරන්නන් ශ්‍රීමත් අනුගමනය කර, හොඳ තත්ත්වයක් හිමි කර ගනී. ඔබට හොඳ ආචාර විදි තිබිය යුතුයි. ඔබත් සමඟ ඒවා උපත් 21ක් පවතින තරම් හොඳින්, දිව්‍යමය ගුණධර්ම ධාරණය කරගන්න. දැන් සෑම කෙනෙකුටම රාක‍්ෂ ගති තිබේ. මෙය රාක‍්ෂක ලෝකයයි, අපවිත්‍ර ලොවයි. ඔය දරුවන්ට ලෝක ඉතිහාසය සහ භූගෝලය විස්තර කර දී තිබේ. මෙකල පියා පවසන්නේ : දැන් සිහිපත් කිරීමේ සිටීමට උත්සාහ දරන්න, එවිට ඔබ සැබෑ රත්තරන් බවට පත් වෙයි. ස්වර්ණමය යුගය, සත් යුගයයි. එය සැබෑ රත්තරන් වන අතර, ඉන්පසුව රිදී යුගයෙදී, රිදී ලෝහයේ මිශ්‍රණය ඇති වෙයි අංශක, අඛණ්ඩව අඩු වී ගෙන යයි. දැන් අංශක ඉතිරි වී නැත. ලෝකය එවන් තත්ත්වයකට පත් වූ විටයි පියා පැමිණෙන්නේ. මෙය, නාටකයේ නියම වී තිබේ. රාවණගේ රාජධානියේ සෑම කෙනෙක්ම බොහෝ සෙයින් නුවණ නොමැත්තන් බවට පත්ව සිටියි. ඔවුන් මෙම නාටකයේ නළුවන් වුවත්, ඔවුන් මෙම නාටකයේ මුල, මැද සහ අවසානය නොදනී. ඔබත් නළුවන්ය. ඔබ මෙහි පැමිණ ඇත්තේ ඔබගේ චරිත කොටස් රඟ පෑමට බව ඔබ දන්නවා. කෙසේවෙතත්, ඔබ නළුවන් බව ඔබ දැන සිටියත්, ඔබ මෙම නාටකය දැන සිටියේ නැත. එබැවින් අසීමිත පියා මෙසේ පවසනු ඇත : ඔබ බොහෝ සේ නුවණ නොමැත්තන් බවට පත් විය. මම දැන් ඔබව නුවණ ඇති අය, දියමන්ති මෙන් අය බවට පත් කරවන්නෙමි. ඉන්පසුව රාවණ ඔබව සිප්පි කටු වැනි අය බවට පත් කරවයි. පැමිණ, ඔබව ආපසු මා සමඟ රැගෙන යන්නේ මා පමණයි. එවිට මෙම අපවිත්‍ර ලෝකය විනාශ වී යයි. මා සෑම කෙනෙක්ම, මදුරු රැලක් සේ ආපසු ගෙන යන්නෙමි. ඔබගේ අරමුණ සහ ඉලක්කය ඔබගේ ඉදිරියේ තිබේ. ඔබ ඔවුන් මෙන් විය යුතුයි. එවිට පමණයි ඔබ දිව්‍යලෝකයේ වැසියන් වෙන්නේ. බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබලා, මෙම උත්සාහය දරණවා. බ්‍රහ්ම කුමර කුමරියන් වන ඔබලා බොහෝ දෙනෙක් සිටින බැවින්, නිසැකයෙන්ම ප්‍රජාපිතා බ්‍රහ්මාද සිටිය යුතු බව, මිනිසුන්ට නොවැටහෙන්නේ ඔවුන්ගේ බුද්ධිය තමෝප්‍රධාන් නිසාය. බ්‍රහ්මණයින් මුදුන් ගැටයයි; ඉන්පසුව ඔවුන් දේවතාවන් බවට පත් වෙයි. ඔවුන් බ්‍රහ්මණයින් වන ඔබව සහ ශිවාව, පිංතූර වලින් ඉවත් කර ඇත. බ්‍රහ්මණයින් වන ඔබලා, දැන් භාරතය, දිව්‍යලෝකය බවට පත් කරවනවා. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. උසස් තත්වයක් හිමි කර ගැනීම සඳහා, ශ්‍රීමත් අනුගමනය කර, හොඳ ආචාර විදි ධාරණය කරගන්න.

2. එක් ආදරවන්තයාව පමණක් සිහිපත් කරන සැබෑ පෙම්වතුන් වන්න. ඔබගේ සිහි කිරීමේ අභ්‍යාසය, අඛණ්ඩව හැකි පමණින් වැඩි කර ගන්න.

වරදානය:
ඔබ, තමන් උපකරණයක්ය යන අවධානයෙන් ද්විත්ව ආලෝකයක් වී මායාගේදොරටු වසා දමත්වා.

තමන් උපකරණ ලෙස සලකමින් නිරන්තරයෙන් ගමන් කරන අය ස්වයංක්‍රීයව ද්විත්ව ආලෝක අවධිය අත්විඳිති. "කරන්කරවන්හාර් මා දිරිමත් කරන අතර මම උපකරණයක් වෙමි" යන මෙම දැනුවත්භාවය ඇති කර ගන්න, එවිට ඔබ සාර්ථකත්වය අත්විඳිනු ඇත. "මම" යන විඥානය තිබීම යනු මායාට දොරටු විවෘත කිරීමයි. ඔබ උපකරණයක් ලෙස සැලකීම යනු මායාට දොරටු වසා දැමීමයි. ඔබ උපකරණයක් ලෙස සැලකීමෙන්, ඔබ මායා ජයග්‍රාහකයෙකු වන අතර ඔබ ද්විත්ව ආලෝකයක් ද වේ. මේ සමඟම, ඔබ සාර්ථකත්වය ද අත්කර ගනීවා. මෙම දැනුවත්භාවය ඔබේ අංක එක හිමිකම් පෑමේ පදනම බවට පත්වේ.

පාඨය:
ත්‍රිකාලදර්ශීව සිටිමින් සෑම ක්‍රියාවක්ම කළ විට ඔබට පහසුවෙන් සාර්ථකත්වය අත්කර ගත හැකිය.

අව්‍යක්ත සංඥාව: ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න.

ශිව ශක්ති කෙනෙකුගේ අරුත වන්නේ, පරම පියා සමග ඒකාබද්ධව සිටීමයි. පරම පියා සහ මම: දෙදෙනා එකට, ශිව ශක්ති කෙනෙක් බව කියයි. ඒකාබද්ධ වී සිටින කෙනෙක්ව වෙන් කිරීමට කිසිවෙකුට නොහැක. ඒකාබද්ධව සිටීමට ඔබට අයිතියක් ඇති බව මතක තබා ගන්න. පෙර කළ ඔබ සොයන්නන්ව සිටි අතර ඔබ දැන් ඔහු සමග රැදී සිටින අයයි. මෙම කුල්මත් බව නිරනතුරුව තබා ගන්න.

මාතේශ්වරිජිගෙන් අගනා උසස් වදන්

1) මානව ජීවයන් තම අනාගත ප්‍රතිලාභය අත්විඳින්නේ ඔවුන්ගේ සම්පූර්ණ ආදායම අනුවය.

බලන්න බොහෝ මිනිසුන් සිතන්නේ මෙකල ඔවුන්ට මෙම දැනුම ලැබුණේ ඔවුන්ට පෙර උපතේ හොඳ ආදායමක් (පෙර පින) නිසාවෙන් කියායි. එය එසේම නොවෙයි. අප දන්නවා පෙර උපත් වල ශුභ ඵල අප ලබා ඇති බව, කල්ප චක්‍රයේ නොකඩවා කැරකෙමින්, සතෝ බවෙන් රජෝවට සහ එතැනින් තමෝවට වෙනස් වෙනවා. එහෙත් නාටකයට අනුකූලව උත්සාහ දරා ප්‍රතිලාභයක් නිර්මාණය කිරිම සඳහා ඔබට තීරයක් ලැබෙනවා. එමනිසා, ස්වර්ණම යුගයෙහි ඇතැමුන් රජවරු හෝ රැජිණියන් වෙනවා. සමහරු දාස දාසියන් වෙනවා සහ අනෙක් අයට පුරවැසි තත්ත්වය ඇත. මෙම උත්සහායෙහි සාර්ථකත්වය නම්, එහි ද්විත්ව බවක් නොතිබේ, එහි ඊර්ෂියාවක් නොතිබේ, එමෙන්ම එහි පුරවැසියන් පවා සතුටින් සිටිති. රජ සහ රැජිණ තම වැසියන්ව රැකබලාගන්නේ දෙමාපියන් දරුවන් රැකබලා ගන්නා විලසිනි. එහි දුප්පත් පොහොසත් අය සියල්ලන්ම තෘප්තිමත්ව සිටිති. මේ එක් උපතේ දී ඔබ කරනා උත්සාහ‍යෙන් ඔබ උපත් 21 ක් සඳහා සතුට අත්විඳීවි. මෙම ආදායම අවිනාශී වන අතර මෙම අවිනාශී ආදායමෙන් සහ අවිනාශී දැනුමෙන් ඔබට අවිනාශී පදවියක් ලැබේ. අප දැන් යාමට සිටින්නේ ස්වර්ණමය යුග ලොවටයි. නිරූපණය වෙමින් තිබෙන ප්‍රායෝගික නාටකය මෙය වේ. මෙහිදී මැජික් වැනි දෙයක් නොමැත.

2) ගුරු කෙනෙකුගේ මඟ පෙන්වීම සහ වේද ග්‍රන්ථ වල මඟ පෙන්වීම් දෙවියන්ගේ මඟ පෙන්වීම් නොවේ.

දෙවියන් කියයි: දරුවනි, එම ගුරූන් ගෙන් සහ වේද ග්‍රන්ථ වල ඇති මඟ පෙන්වීම මගේ මඟ පෙන්වීම නොවෙයි. ඔවුන් මගේ නමින් මඟ පෙන්වීම දෙනවා, එහෙත් ඇත්ත වශයෙන්ම, මගේ මඟ පෙන්වීම කුමක් ද කියා මම දනිමි. මා හමුවෙන්නේ කෙසේදැයි කියා මා ඇවිත් ඔබට කියනවා. මීට පෙර, කිසිවෙකුත් මගේ ලිපිනය දැන සිටියේ නැත. ගීතාවෙහි “දෙවියන්ගේ උසස් වදන්” කියා සදහන් කර ඇතත්, එසේ ලියා ඇත්තේ මිනිසුන්මයි. පරමාත්ම දෙවියන් ඥාන සාගරයයි. ගීතාව දෙවියන් පැවසු උසස් වදන් වල සිහිවටනයයි. විද්වතුන්, පණ්ඩිතයන් සහ ගුරුවරුන් පවසනුයේ උසස් වදන් දෙවියන් පවසා ඇත්තේ සංස්කෘත භාෂාවෙන් කියාත්, එම භාෂාව හැදෑරීමෙන් තොරව අපට දෙවියන් හමුවිය නොහැකි බවටත් ය. ඔවුන් අපව කර්ම විධි පිළිවෙත් තුළට තව තවත් හසු කළා. අප වේද ශාස්ත්‍රයන් හැදෑරිමෙන් පසුව ඉනිමඟේ නැග්ගේ නම්, ඉන්පසු අපට එපමණ දුරටම පහළට බැසීම සිදුවෙයි. එනම්, අපට ඒ සියල්ල අමතක කිරීමට සිදුවෙයි. එසේම, දෙවියන් සමඟ අපගේ බුද්ධිය යෝගාවෙන් සම්බන්ධ කළ යුතුවෙයි. මන්ද, පැහැදිළිව දෙවියන් පවසයි : ඔබට කිසිදා එම කර්ම විධි පිළිවෙත් වලින් හෝ වේද ශාස්ත්‍ර ග්‍රන්ථ හැදෑරීම මඟින් මා සොයාගත නොහැක. බලන්න ද්රූව්, ප්‍රහාලාද් හෝ මීරා (ග්‍රන්ථ වල සදහන් වන භක්තිවන්තයින්) ඉගෙන ගත්තේ මොන වේද ශාස්ත්‍ර පොත් ද? මෙහිදී ඔබ ඉගෙන ගත් සියල්ලක්ම ඔබට අමතක කර දැමීමට සිදුව ඇත. උදාහරණයකට, අර්ජුනට ඔහු ඉගෙනගත් සියල්ල අමතක කිරීමට සිදුවිය. දෙවියන්ගේ පැහැදිළි උසස් වදන් නම්: සෑම හුස්මකම මා ස්මරණය කරන්න, මේ සඳහා කිසිවක් කළයුතු නැත. මේ දැනුම ලැබෙන තාක්, තිබුණේ භක්ති මාර්ගයයි. කෙසේවෙතත්, දැනුමේ පහන දැල්වුණු විට, ඔබ එම සියලු කර්ම විධි වලින් නිදහස් වුණා. මන්ද, එම භෞතික දේවල් කරමින් සිටින අතරේ ඔබට ශරිරය අත්හැරිමට සිදුවුණොත් ලැබෙන්නේ මොන යහපතක් ද? ඔබ ප්‍රතිලාභයක් නිර්මාණය කළේත් නැත, කර්ම බන්දනයේ කර්ම ගිණුම් වලින් නිදහස් වුණෙත් නැත. මිනිසුන් සිතන්නේ බොරු නොකීම, සොරකම් නොකිරීම, තව කෙනෙකුට දුක නොදීම හොඳ කර්ම කියායි. කෙසේවෙතත්, මෙහි ඔබට සදාකලටම සියලුම කර්ම බන්ධන වලින් තමන්ව නිදහස් කරගෙන සියලු පාපකර්ම වල මුල් ද ඉවත් කළ යුතුව ඇත. අපි දැන් හොඳ කර්මයේ ශාකයක් මතු වීමට එවන් බීජ වැපිරිමට ප්‍රාර්ථනා කරමු. එමනිසා, මිනිස් ජීවිතයේ කර්තව්‍යය දැනගෙන උසස් කර්ම නිරුපණය කරමු. අච්චා.