01.05.25 Morning Sinhala Murli Om Shanti BapDada Madhuban
සාරය:
සුමිහිරි
දරුවනි, ඔබගේ අසීමිත උරුමයට හිමිකම් කීමට ඔබ අසීමිත පියා වෙතට පැමිණ ඇත. මෙහි කිසිම
දෙයක් සීමිත නොවෙයි. ඔබ බොහෝ උද්යෝගයකින් පියාව සිහිපත් කරන විට, පැරණි ලෝකය අමතක
වෙයි.
ප්‍රශ්නය:
තමන් තුළ නැවත
නැවතත් ආවර්ජනය කරමින්, ඔබ ස්ථීර කළ යුත්තේ කුමන කාරණාවද?
පිළිතුර:
මම ජීවාත්මයක්මී. මගේ පියා වන උත්තරීතර ජීවාත්මයෙන්, මට මගේ උරුමය ලැබෙනවා.
ජීවාත්ම, දරුවන් වන අතර, උත්තරීතර ජීවාත්මය, පියාය. දරුවන් සහ පියා අතර හමුව
සිදුවන්නේ දැන්ය. ඔබගේ ඇතුලාන්තයෙන් මෙය නැවත නැවතත් ආවර්ජනය කිරීමෙන්, මෙම කරුණ
ස්ථීර කරගන්න. ඔබ වැඩියෙන් ජීවාත්ම අවධානයට පත් වන තරමට, ඔබගේ ශරීර අවධානය එපමණින්
අවසන් වනු ඇත.
ගීතය:
දැනුම
වසින්නේ, ආදරවන්තයා සමඟ සිටින අය මතටයි.
ඕම් ශාන්ති.
ඔබ බාබා සමඟ
අසුන් ගෙන සිටින බව ඔය දරුවන් දන්නවා. ඔහු ශ්‍රේෂ්ඨතම බාබාය, සියල්ලන්ගේම පියාය.
බාබා දැන් පැමිණ ඇත. ඔබට පියාගෙන් ලැබෙන්නේ මොනවාද, යන ප්‍රශ්නය පැන නැගිය යුතු
නැත. ඔබට පියාගෙන් ඔබගේ උරුමය ලැබෙයි. ඔහු සියල්ලන්ගේම අසීමිත පියා වන අතර ඔහුගෙන්
ඔබට අසීමිත සතුට මෙන්ම අසීමිත දේපළ ද ලැබෙයි. වෙනත් දේපළ සීමිතයි. ඇතැමෙකුට රුපියල්
1000ක් තිබෙන අතර තවත් කෙනෙකුට 5000ක් තිබෙයි. සමහරෙකුට මිලියනයක්, මිලියන දෙකක්,
මිලියන පහක්, මිලියන කෝටියක් තිබිය හැක. ඒ සියලුම ලෞකික පියවරු සහ දරුවන් සීමිතය.
මෙහි ඔබ අසීමිත පියා වෙතට පැමිණ ඇත්තේ ඔබගේ අසීමිත දේපළට හිමිකම් කීමට බව ඔය
දරුවන්ට වැටහෙයි. ඔබගේ හදවත් තුළ මෙම බලාපොරොත්තුව තිබේ. පාසැල් ගැන හැරුණු කොට,
සත්සංගම ආදිය ගැන, කිසිවෙකු තුළ බලාපොරොත්තු නොමැත. ඔවුන් පවසන්නේ ඔවුන්ට සාමය
අවශ්‍ය බව පමණයි. කෙසේවෙතත්, ඔවුන්ට එය මෙහිදී ලබා ගත නොහැක. ඔබ නව ලෝකයේ අධිපතියන්
වීමට මෙහි පැමිණ ඇති බව ඔය දරුවන්ට වැටහෙනවා. එසේ නැත්නම් ඔබ මෙහි පැමිණෙන්නේ
කුමකටද? ඔය දරුවන්ගේ සංඛ්‍යාව වැඩෙනවා. ඔබ කියන්නේ: බාබා, අප පැමිණ ඇත්තේ ලෝකයේ
පාලකයන් වීමටයි. මෙහි සීමිත කිසිවක් නැත. බාබා, අප අපගේ අසීමිත දිව්‍යලෝකයේ උරුමයට
හිමිකම් කීමට මෙහි පැමිණියා. අප සෑම චක්‍රයකදීම පියාගෙන් මෙම උරුමය හිමිකර ගන්නවා.
ඉන්පසුව මායා නම් බළලා එය අපගෙන් උදුරා ගන්නවා. එබැවින් මෙයට ජයග්‍රහණයේ සහ පරාජයේ
නාටකය යැයි කියයි. පියා මෙතැන අසුන් ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. ඔය දරුවන්ට අංක
පිළිවෙලට වැටහෙයි. මෙම කෙනා පූජකයෙක් හෝ තාපසයෙක් නොවෙයි. මේ කෙනා ඔබලා අඳින එම
ඇඳුම් වර්ගයම ඇඳ සිටියි. මේ කෙනා බාබාය. ඔබ යන්නේ, කවුරුන් බැහැදැකීමටද කියා යමෙක්
ඔබෙන් විමසූ විට ඔබ පවසන්නේ: අප යන්නේ බාප්දාදා වෙතටයි. එබැවින් මෙය පවුලකි. ඔබ
මෙහි පැමිණෙන්නේ ඇයි? ඔබට මෙහිදී ලැබෙන්නේ මොනවාද? වෙනත් කිසිවෙකුට මෙය වටහා ගත
නොහැක. ඔවුන් බාප්දාදා වෙතට යන බව හෝ ඔහුගෙන් උරුමය හිමි කරගන්නා බව නොකියනු ඇත.
සෑම කෙනෙකුටම ඔවුනගේ සීයාගේ දේපළ වලට අයිතියක් තිබේ. ඔය ජීවාත්ම, කොහොමනමුත් ශිව
බාබාගේ අවිනාශී දරුවන්ය. දැන් බ්‍රහ්මාට අයත් වීමෙන්, ඔබ ඔහුගේ මුණුපුරන් සහ
මිණිපිරියන් බවට පත්වෙයි. ඔබ ජීවාත්ම බව ඔබ දැන් දන්නවා. ඔබ මෙය ඔබගේ හදවතේ ස්ථීරවම
තබා ගත යුතුයි. ජීවාත්ම වන අප, අපගේ පියා වන උත්තරීතර ජීවාත්මයෙන් අපගේ උරුමය හිමි
කරගන්නවා. ජිවාත්ම වන අප පැමිණ, අපගේ පියාව මුණ ගැසී තිබෙනවා. පෙරකල, අප ශරීර
අවධානයෙන් සිටි විට අප පැවසුවේ, ‘මේ-මේ නම ඇති කෙනා, මේ-මේ දේපළ හිමි කරගන්නවා’
කියා. ජීවාත්ම වශයෙන් අප දැන් උත්තරීතර ජීවාත්මයෙන් අපගේ උරුමය ලබා ගන්නා බව අපට
දැන් වැටහෙනවා. ජීවාත්ම, දරුවන් වන අතර, උත්තරීතර ජීවාත්මය, පියාය. දරුවන් සහ පියා
අතර හමුවීම සිදුවන්නේ බොහෝ කාලයකට පසුව වන අතර එය සිදුවන්නේ චක්‍රයකට එක් වතාවක්
පමණයි. භක්ති මාර්ගයේ බොහෝ කෘත්‍රිම මේලා තිබේ. මෙය ජීවාත්මයන්ගේ බොහෝ සේ
ආශ්චර්යමත් මේලාවයි. ජීවාත්ම උත්තරීතර ජීවාත්මයෙන් බොහෝ කාලයක් වෙන් වී සිටියේය.
කුමන ජීවාත්මයන්ද? ඔය ජීවාත්මයන්. ඔබ මිහිරි නිහැඬියාවේ නිවහනේ වැසියන් බවද, ඔය
ජීවාත්මයන්හට වැටහෙනවා. මෙහිදී ඔබගේ චරිත කොටස් රඟපෑමෙන් ඔබ වෙහෙසට පත්වූයේය. මේ
නිසයි ඔබ සන්යාසීන්, ගුරූන් ආදිය වෙතට ගොස් සාමය අයැදින්නේ. ඔවුන් තම නිවෙස් අතහැර
වනයට යන බැවින් ඔබ සිතුවේ ඔබට ඔවුන්ගෙන් සාමය ලබා ගත හැක කියාය. කෙසේවෙතත්, එය එසේ
නොවෙයි; ඔවුන් සෑම කෙනෙක්ම දැන් ආපසු නගරවලට ගොසින්ය. වනාන්තර වල ගල් ගුහා
සියල්ලක්ම හිස් වී ඇත. ඔවුන් සැබැවින්ම හුදකලා මාර්ගයේ දැනුම ලබා දෙමින් පිවිතුරු
බව ඉගැන්විය යුතු නමුත්, ඔවුන් දැන් නගරවලට වී, ගුරුන් මෙන් අසුන් ගෙන සිටියි. මෙකල
ඔවුන් විවාහ මංගල්‍ය පවා සිදු කරයි. ඔය දරුවන් යෝගා බලයෙන් ඔබගේ ඉන්ද්‍රියන් පාලනය
කරගනී. යෝගා බලයෙන් ඉන්ද්‍රියන් නිවී, සන්සුන් වෙයි. ඉන්ද්‍රියන්ගේ දඟකාරකම් තිබේ.
තව දුරටත් දඟකාරකම් නොමැති සේ ඔබ ඔබගේ ඉන්ද්‍රියන් ජය ගත යුතුයි. ඔබට යෝගා බලය
නොමැතිව, ඉන්ද්‍රියන් පාලනය කිරීම කිසිසේත් කළ නොහැකි දෙයකි. පියා පවසන්නේ :
ඉන්ද්‍රියන්ගේ දඟකාරකම් පාලනය කළ හැක්කේ යෝගා බලයෙන්ම පමණයි. යෝගා බලය තුළ ශක්තිය
තිබේ. එයට බොහෝ උත්සාහයක් දැරීමට අවශ්‍ය වෙයි. ඔබ ඉදිරියට ගමන් කරත්ම,
ඉන්ද්‍රියන්ගේ එම දඟකාරකම නැවතෙයි. ස්වර්ණමය යුගයේ කිසිම නරක රෝගයක් නොමැත. එහි
කිසිම අපිරිසිදු දෙයක් නොතිබීමට, ඔබ මෙහිදී ඔබගේ ඉන්ද්‍රියන් පාලනය කිරීමට ඉගෙන
ගනී. එහි නාමයම වන්නේ දිව්‍යලෝකයි. මෙය අමතක වී ඇති නිසා ඔවුන් කියන්නේ, එය වසර සිය
දහස් ගණනක් පවතින බවයි. දැන් තවමත් ඔවුන් දිගින් දිගටම දේවාල තනයි. එය වසර සිය දහස්
ගණනක් නම් කිසි දෙයක් ඔවුන්ගේ මතකයේ නොතිබෙනු ඇත. ඔවුන් දේවාල තනන්නේ ඇයි? එහි
ඉන්ද්‍රියන් නිවී සන්සුන්ව තිබෙන බැවින්, ඒවා කිසිම දඟකාරකමක් නොකරන නිසා. ශිව
බාබාට කිසිම භෞතික ඉන්ද්‍රියක් නොමැති නමුත්, ඔහුගේ ජීවාත්මය තුළ සියලු දැනුම තිබේ.
සාමයේ සාගරය මෙන්ම සතුටේ සාගරය වන්නේද ඔහු පමණමයි. මිනිසුන් පවසන්නේ, භෞතික
ඉන්ද්‍රියන් පාලනය කිරීම කිසිසේත් කළ නොහැකි දෙයක් බවයි. පියා පවසන්නේ : යෝගා
බලයෙන් ඔබගේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න. පියාගේ සිහිපත් කිරීමේ සිටින්න. ඔබගේ භෞතික
ඉන්ද්‍රියන් වලට නීති වලට පටහැනි කිසිදු ක්‍රියාවක් කිරීමට ඉඩ නොදෙන්න. මෙතරම්
ආදරණීය පියෙක් සිහිකරන විට, සෙනෙහසේ කඳුලු මතු විය යුතුයි. ජීවාත්ම, උත්තරීතර
ජීවාත්මය තුළට මුසු වන්නේ නැත. ඔහු ණයට සිරුරක් ගන්නා විට, පියා ඔබව හමුවන්නේ එක්
වරක් පමණයි. එබැවින් එවන් පියෙක් සමඟ ඔබ බොහෝ සෙනෙහසින් යුතුව සහ-සම්බන්ධතා
පැවැත්විය යුතුයි. බාබාට විශාල උද්යෝගයක් තිබුණි. “ෂා! බාබා මාව ලෝකයේ අධිපති
කිරීමටයි යන්නේ! මේ සියලුම ධනය සහ දේපළ සමඟ මා කුමක් කරන්නද? මා සෑම දෙයක්ම
අත්හරින්නෙමි” කියා ඔහු පැවසුවා. ඔහු උමතු කෙනෙක් මෙන් විය. සෑම කෙනෙක්ම මෙසේ
විමසන්නට පටන් ගත්තේය: ඔහුට මේ හදිසියේම සිදුවූයේ කුමක්ද? ඔහු ඔහුගේ ව්‍යාපාරය
අතහැර බාබා වෙතට පැමිණියේය. ඔහුගේ සතුටේ අංශක බොහෝ සේ ඉහළ නැංගේය. ඔහුට රාජධානියක්
ලැබීමට යන බව පෙන්නුම් කරන දර්ශන ඔහු දුටුවේය. කෙසේවෙතත්, ඔහු එය කෙසේ ලබන්නේ ද
මෙන්ම, කුමක් සිදුවෙයිද කියා ඔහු දැන සිටියේ නැත; ඔහුට එය ලැබෙන බව පමණක් ඔහුට
දැනුනි. එම සතුටින් ඔහු සෑම දෙයක්ම අත්හලේය. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් ඔහුට දැනුම
ලැබුණි. ඔය දරුවන් මෙම පාසැලට මෙහි පැමිණ ඇත. ඔබගේ අරමුණ සහ ඉලක්කය තිබේ. මෙය රාජ
යෝගාවයි. ඔබ ඔබගේ රාජධානිය හිමි කරගැනීම සඳහා අසීමිත පියා වෙතට පැමිණ සිටියි. අප
ඔහුත් සමඟ ඉගෙන ගන්නා බව ඔය දරුවන් දන්නවා. අප සිහි කරමින් සිටි කෙනා ඔහුයි: බාබා,
පැමිණ අපගේ දුක නැති කර අපට සතුට ලබා දෙන්න. දියණියන් පවසන්නේ: අපට ක්‍රිෂ්ණා මෙන්
දරුවෙක් ඕනේ. කෙසේවෙතත්, ඔබට එය ලැබිය හැකි වන්නේ පාරාදීසියේ පමණයි. ක්‍රිෂ්ණා අයත්
වන්නේ පාරාදීසියටයි. ඔබ ඔහුව (ඔහුගේ ප්‍රතිමාවක්) ඔංචිල්ලාවක නළවන නමුත්, ඔබට
සැබැවින්ම ඔහු මෙන් දරුවෙක් ලැබිය හැකි වන්නේ පාරාදීසියේ පමණයි. ඔබ දැන් පාරාදීසියේ
ඔබගේ රාජධානිය හිමි කරගැනීමට පැමිණ ඇත. ඔබට එහිදී අනිවාර්යෙන්ම රජකුමරුන් සහ
රාජකුමරියන් හමුවෙයි. පිවිතුරු දරුවන් ලැබීමේ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙයි. මෙහිද
බොහෝ රජකුමරුන් සහ කුමරියන් සිටින නමුත් ඔවුන් අපායේ වැසියන්ය. ඔබට අවශ්‍ය වන්නේ
දිව්‍යලෝකයේ වාසය කරන දරුවන්ය. මෙම ඉගෙනුම ඉතාමත්ම පහසුයි. පියා පවසන්නේ : ඔබ බොහෝ
භක්තියේ යෙදී සිටියා. ඔබ බොහෝ සේ පය පැටලෙමින් සැරි සැරුවා! ඔබ ඉතා සතුටින් වන්දනා
ගමන් ආදිය ගියෝය. ඔබ අමර්නාථයට ද (හිමාල අඩවියේ ඇති දේවාලය) ගියේය. ශංකර්,
අමරණීයත්වයේ කතා පුවත, පාර්වතීට කීවේ මෙහිදී, කියා විශ්වාසයක් තිබේ. ඔබ දැන් අමරනාථ
(අමරණීයත්වයේ ස්වාමියා) ඔබට අමරණීයත්වයේ සත්‍ය කතා පුවත කියනවා අසා සිටියි. පියා
මෙතැන අසුන් ගෙන එය ඔබට පවසයි. ඔබ පියා වෙතට පැමිණ ඇත. මෙම කෙනා ‘භාග්‍ය රථය’ බව ඔබ
දන්නවා. බාබා මෙම රථය ණයට ගෙන තිබේ. අප ශිව බාබා වෙතට යන අතර, අප අනුගමනය කරන්නේ
ඔහුගේ ශ්‍රිමත් පමණයි. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඔබට බාබාගෙන් විමසිය හැක. ඇතැමෙක්
පවසන්නේ බාබා මට කිසි දැනුමක් පැවසිය නොහැක. එවිට බාබා පවසන්නේ : ඔබ උත්සාහ දැරිය
යුතුයි. මේ ගැන බාබා කුමක් කරන්නද? පියා ඔය දරුවන්ට ශ්‍රේෂ්ඨ වීමට පහසු මඟක් පෙන්වා
දෙයි. පළමුවෙන්ම ඔබගේ ඉන්ද්‍රියන් පාලනය කරන්න, දෙවනුව දිව්‍යමය ගුණධර්ම ධාරණය
කරගන්න. කෝප වන කිසිවෙකුට සවන් නොදෙන්න. එක් කණකින් එය අසා අනෙත් කණින් එය පිට
කරන්න. ඔබ අකමැති කිසිම නරක දේකට සවන් නොදෙන්න. ඔබගේ සැමියා කෝප වී ඔබට පහර දීමට යන
බව ඔබ දකින විට, ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබගේ සැමියා කෝප වන බව ඔබ දකින විට, ඔහු මතට
මල් වර්ෂාවක් වස්සන්න. දිගටම ඔහු සමඟ සිනහසෙන්න. භාවිත කිරීමට බොහෝ උපායන් තිබේ.
රාගයෙන් පිරි අය මෙන්ම කෝප වන අයද සිටියි. අහිංසක අය අඬ ගසයි. සිටියේ එක් ද්‍රෞපදී
කෙනෙක් පමණක් නොවෙයි, ඔබ සෑම කෙනෙක්ම ද්‍රෞපදී කෙනෙකි. පියා දැන් පැමිණ ඇත්තේ ඔබව
නිරුවත් වීමෙන් බේරා ගැනීමටයි. පියා පවසන්නේ : මෙය, මෙම මරණීය දේශයේ ඔබගේ අවසන්
උපතයි. මා පැමිණ සිටින්නේ ඔය දරුවන්ව නිහැඬියාවේ දේශයට රැගෙන යාමටයි. අපවිත්‍රව
සිටින තාක් කල් ජීවාත්මයන්ට එහි යා නොහැක. එබැවින් සෑම කෙනෙක්වම පිවිතුරු කිරීමට මා
පැමිණියෙමි. ආපසු නිවසට යෑමට පෙර, සෑම ජීවාත්මයකටම ලැබී ඇති කුමන හෝ චරිත කොටසක්
ඔහු අවසන් කළ යුතුයි. මුලු වෘක‍්ෂයේ සියලුම රහස් ඔබගේ බුද්ධියේ තිබේ. කෙසේවෙතත්,
කිසි කෙනෙකුට ගසක සියලුම පත්‍ර ගණන් කළ නොහැක. එබැවින් පියා බීජය සහ ගස ගැන ප්‍රධාන
කරුණු විස්තර කරදෙයි. බොහෝ මනුෂ්‍යයින් සිටිති. ඔහු අසුන් ගෙන, ඒ සෑම කෙනෙක් තුළම
සිදුවන දේ දෙස බලන්නේ නැත. මිනිසුන් විශ්වාස කරන්නේ, සෑම කෙනෙකුගේම ඇතුලාන්තයේ ඇති
දේ ගැන දෙවියන් දන්නා බවයි. ඒ සෑම දෙයක්ම අන්ධ විශ්වාසයයි. පියා පවසන්නේ : පැමිණ,
ඔබව පිවිතුරු කරන ලෙස සහ රාජයෝගා උගන්වන ලෙස, ඔබ මට කන්නලව් කරයි. ඔබ දැන් රාජයෝගාව
ඉගෙන ගන්නවා. පියා පවසන්නේ : මා සිහිපත් කරන්න. මෙම උපදෙස් ලබා දෙන්නේ පරමාත්ම
පියාය. පියාගේ ශ්‍රීමත් සහ විදි, සම්පූර්ණයෙන්ම අසහායයි. ‘විදි’ යනු අපට විමුක්තිය
ලැබීමට මඟපෑදෙන අවවාදයි. අපට විමුක්තිය පිරිනමන්නේ ඒකායන පියා පමණමයි. මෙය සිදු කරන
වෙනත් කිසිම කෙනෙක් නොමැත. ඔබ ඔහුට අඬගසන්නේ මෙකලයි. ස්වර්ණමය යුගයට පැමිණෙන්ට කියා
ඔබ ඔහුට ආරාධනා නොකරයි. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා වන්නේ එක් රාමා බව, ඔබ
පවසන්නේ දැන් පමණයි. මිනිසුන් මාලාවක පබුළු බ්‍රමණය කරයි. ඔවුන් එය බ්‍රමණය කර, එහි
මුදුනේ ඇති මලට පැමිණි විට, එයට රාමා යැයි පවසමින් එය ඔවුන්ගේ දෑසට ඔසවයි. ඔවුන් ජප
කරන නම, මුදුන් මලෙහි නමය. අන් සෑම කෙනෙක්ම ඔහුගේ පිවිතුරු නිර්මාණයයි. ඔබ මෙම
මාලාව ඉතා හොඳින් දනී. මෙය, පියා සමඟ සේවය කරන අයගේ මාලාවයි. ශිව බාබාට නිර්මාණකරු
යැයි කිව නොහැක. ඔබ ඔහුට නිර්මාණකරු යැයි කියන්නේ නම්, මෙවැනි ප්‍රශ්නයක් පැන
නැගෙයි: ඔහු ලෝකය නිර්මාණය කළේ කවදාද? බ්‍රහ්මණයින් නිර්මාණය වන්නේ, දැන්, සංගම
යුගයෙදී, ප්‍රජාපිතා බ්‍රහ්මාගේ මාර්ගයෙන්ය. ශිව බාබාගේ නිර්මාණය සදාතනිකයි. පියා
පැමිණෙන්නේ අපවිත්‍ර අයව පිවිතුරු කිරීමට පමණයි. මෙය දැන් පැරණි ලෝකයයි. දේවතාවන්
වාසය කරන්නේ නව ලෝකයේය. දැන් ශුද්‍රයින්ව දේවතාවන් බවට පරිවර්ථනය කරන්නේ කවුද? ඔබ
දැන් නැවත වතාවක් දේවතාවන් බවට පත් වනවා. බාබා ඔබව නැවත වතාවක් ශුද්‍රයින්ගෙන්
බ්‍රහ්මණයින් බවටත්, බ්‍රහ්මණයින්ගෙන් දේවතාවන් බවටත්, පරිවර්ථනය කරවන බව ඔබ
දන්නවා. ඔබ බ්‍රහ්මණයින් වී ඇත්තේ, දේවතාවන් වීම සඳහාය. එබැවින් මනුෂ්‍ය ලෝකයේ
නිර්මාණකරු වන්නේ බ්‍රහ්මාය. ඔහු මනුෂ්‍ය ලෝකයේ මූලිකයා වන නමුත්, සියලුම
ජීවාත්මයන්ගේ අවිනාශි පියා වන්නේ ශිවාය. ඔබ දැන් මෙම සියලුම අලුත් දේවලට සවන් දෙයි.
බුද්ධිමත් අය ඒවා හොඳින් ධාරණය කරගනී. ඔබගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙයි. ඔබ
මුලින් දේවතාවන්ව සිට ඉන්පසු ඔබ උපත් 84ක් ගත් ආකාරය ඔය දරුවන්ට මතක් කර දී තිබේ.
එහි සියලුම රහස් ඔබ දැන් දන්නවා. තව වැඩිපුර දේ තුළට යෑමට අවශ්‍යතාවයක් නොමැත. පියා
පවසන්නේ : පියාගෙන් ඔබගේ සම්පූර්ණ උරුමය ලබා ගැනීමට කළ යුතු ප්‍රධානතම දෙය වන්නේ,
පළමුව ඔහු සිහිපත් කිරීම සහ දෙවනුව පිවිතුරු වීමයි. ස්ව දර්ශන චක්‍ර ධාරියෙක් වී,
අන් අයවත් ඔබට සමාන කරවන්න. එය බොහෝ පහසුයි! නමුත් සිහිපත් කිරීම රැඳී තිබෙන්නේ
නැත. දැනුම ඉතාමත්ම පහසුයි. පැරණි ලෝකය දැන් විනාශ වීමටයි තිබෙන්නේ. ඉන්පසුව
දේවතාවන් නව ස්වර්ණමය යුග ලෝකය පාලනය කරයි. මේ ලෝකයේ පැරණිම වන්නේ, දේවතාවන්ගේ
පිළිම සහ ඔවුන්ගේ මාලිගා ආදියයි. ඔබ පවසන්නේ, ලෝකයේ පැරණිතම අධිරාජයන් සහ
අධිරාජිනියන් වුයේ ඔබ බවයි. එම ශරීර විනාශ වුවද, ඒවායේ ප්‍රතිමා තවමත් අඛණ්ඩව
නිර්මාණය වෙමින් තිබෙයි. පාලනය කළ ලක‍්ෂ්මි සහ නාරායන ගියේ කොහාටද, හෝ ඔවුන් එම
රාජධානිය හිමි කළ අන්දම ගැන කිසිවෙකු නොදනී. බිර්ලා (ලක‍්ෂ්මි සහ නාරායනට දේවාල ඉදි
කළ කර්මාන්තකරුවෙක්) බොහෝ දේවාල තැනූ නමුත් ඔහු කිසිම දෙයක් නොදනී. ඔහුට අඛණ්ඩව
පරිත්‍යාග ලැබෙන අතර ඔහු තව තවත් දේවාල තනයි. ඔහු විශ්වාස කරන්නේ එය දේවතාවන්ගේ
ආශිර්වාදයක් කියාය. අමිශ්‍ර වන්දනාව යනු ශිවා පමණක් වන්දනා කිරීමයි. එක් දැනුමේ
සාගරය පමණයි දැනුම ලබා දෙන්නේ. අන් සෑම දෙයක්ම භක්ති මාර්ගයයි. දැනුම තුළින්,
චක්‍රයෙන් භාගයකට, භක්තියේ අවශ්‍යතාවයක් ඇති නොවන, විමුක්තිය ලැබෙයි. මෙවැනි
කියමනක් තිබේ: දැනුම, භක්තිය සහ නොතැකීම. දැන් භක්තිය පිළිබඳව සහ පැරණි ලෝකය
පිළිබඳව නොතැකීමක් තිබේ. ලෝකය දැන් විනාශ වීමටයි යන්නේ. එබැවින් ඔබ එයට ආකර්ෂණය
වන්නේ ඇයි? නාටකය අවසන් වන අතර අපි ආපසු නිවහනට යෑමටයි යන්නේ. මෙම සතුට තිබේ.
ඇතැමෙක් සිතන්නේ සදාතනික විමුක්තිය ලැබීම හොඳ බවයි, මන්ද, එවිට ඔවුන්ට ආපසු
පැමීණීමට සිදු නොවන බැවින්. ඔවුන් සිතන්නේ ජීවාත්ම, සාගරය තුළට මුහුවන බුබුළු
කියාය. ඒ සෑම එකක්ම මුසාවකි. නළුවෙක් නිසැකයෙන්ම රඟපානු ඇත. ඔහු නිකම්ම නිවසේ අසුන්
ගෙන සිටියේ නම්, ඔහු නළුවෙක් වන්නේ නැත. සදාතනික විමුක්තිය තිබිය නොහැක; මෙම නාටකය
සදාතනිකවම පෙර නියම වූවක්. ඔබට මෙහිදි බොහෝ දැනුම ලැබෙයි. වෙනත් මනුෂ්‍යයින්ගේ
බුද්ධිය තුළ මේ කිසිවක් නොමැත. ඔබගේ චරිත කොටස් වලට අනුව, ඔබ මෙම දැනුම පියාගෙන්
ලබා ගෙන ඔබගේ උරුමය හිමිකර ගනී. ඔබ නාටකයේ බන්දනයෙන් බැඳී සිටියි. ඔබ අනිවාර්යෙන්ම
උත්සාහ දැරිය යුතුයි. නාටකයේ එය ඇත්නම්, ඔබට යමක් ලැබෙයි කියන එක නොවෙයි. එහෙම වුණා
නම්, ඔබට කිසි දෙයක් නොකර නිකම්ම අසුන් ගෙන සිටිය හැක. කෙසේවෙතත්, කිසිවෙකුටත්
ක්‍රියා සිදු නොකර සිටිය නොහැක. කර්මය අත්හැරීම, සිදු කළ නොහැක. අච්චා.
සුමිහිරි, ආදරණීය,
බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින්
සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට
නමස්කාර.
ධාරණය සඳහා සාරාංශය:
1. යෝගා බලයේ
ශක්තියෙන්, ඔබගේ ඉන්ද්‍රියන් නිවුණු බවින් සහ සන්සුන්ව තබා ගන්න. ඒවා පාලනය කරගන්න.
නරක දේ ගැන කතා නොකරන්න, එමෙන්ම සවන් නොදෙන්න. ඔබ අකමැති දේට එක් කණකින් සවන් දී
අනෙත් කණින් එය පිටතට යවන්න.
2. පියාගෙන් ඔබගේ
සම්පූර්ණ උරුමයම හිමි කර ගැනීම සඳහා, ස්ව දර්ශන චක්‍රධාරියෙක් වන්න. පිවිතුරු වී
අන් අයවත් ඔබට සමාන කිරීමට, ඔවුන්හට සේවය කරන්න.
වරදානය:
ඔබ
මුරලිදරයෙක් වී, මුරලියේ සංගීතයට මායාට යටත් වීමට සලස්වන්න.
ඔබ බොහෝ මුරලි වලට
සවන් දී ඇති බැවින් දැන් ඔබ කෙබදු මුරලිදරයෙක් වී යුතුද යත්, මායා තමන්ව මුරලියට
බිලි දිය යුතුයි. ඔබ නිරතුරුවම අඛණ්ඩව මුරලියේ රහස් වල සංගීතය වාදනය කරන්නේ
නම්,මායා සෑම කලටම යටත් වෙයි. මායා පැමිණෙන ප්‍රධාන ස්වරූපය වන්නේ ඔබ නිදහසට කාරණා
කීමයි. මුරලිය මාර්ගයෙන් ඔබ නිදහසට කාරණා වලට විසදුම් සොයා ගත් විට, මායා එවිට සෑම
කලටම අවසන් වෙයි. නිදහසට කාරණා අවසන් වනවා යනු මායා අවසන් වීමයි.
පාඨය:
අත්දැකීම් වල
ප්‍රතිමූර්තියක් වන්න, එවිට ඔබගේ සතුටේ වාසනාවේ දීප්තිය ඔබගේ මුහුණේ දිස් වෙයි.
අව්‍යක්ත සංඥාව:
ආධ්‍යාත්මික රාජකීයත්වයේ සහ පාරිශුද්ධත්වයේ පෞරුෂත්වය හදාගන්න.
සංගම යුගී බ්‍රහ්මින්
දිවියේ විශේෂත්වය වන්නේ පිවිතුරු බවයි. ඔබගේ ගෘහයේ වාසය කරන අතර අපවිත්‍ර බව ඉක්මවා
සිටින්න. ඔබගේ සිහිනෙන් පවා සියලු අපවිත්‍ර බවේ සිතිවිලි ඉක්මවා සිටින්න. ලෝකයට
අභියෝග කරන අන්දම මෙයයි. ඔය බ්‍රහ්මණයන්ගේ ආධ්‍යාත්මික රාජකීයත්වය සහ පෞරුෂත්වය
මෙයයි.