01.06.24       Morning    Sinhala     Murli        Om Shanti      BapDada      Madhuban


සාරය:
සුමිහිරි දරුවනි, ඔබ සියලු දෙනාම ආධ්‍යාත්මික සහෝදරයන්ය. ඔබ තුළ එකිනෙකා කෙරෙහි ආධ්‍යාත්මික සෙනෙහස තිබිය යුතුයි. ඔය ජීවාත්ම, සෙනෙහස දැක්විය යුත්තේ ජීවාත්මයන්ටයි, ඔවුන්ගේ සිරුරු වලට නොවෙයි.

ප්‍රශ්නය:
ඔහුගේ නිවස ගැන, පියා විස්තර කර දී ඇත්තේ, කුමන ආශ්චර්යමත් කාරණයද?

පිළිතුර:
මගේ නිවහනට පැමිණෙන සියලුම ජීවාත්ම, තම තමන්ගේ කොටසේ, අංක පිළිවෙලට තැන්පත්ව සිටියි. එම ස්ථානයෙන් ජීවාත්ම සෙලවෙන්නේ නැත. එහි, සියලු ආගම්වල, සියලුම ජීවාත්ම සිටින්නේ මට සමීපවයි. තමන්ගේ චරිත කොටස් රඟපෑම සඳහා, තමන්ගේම වෙලාවේ දී, අංක පිළිවෙලට, ජීවාත්ම එතැන සිට පහළට යයි. ඔබට මෙම ආශ්චර්යමත් දැනුම ලැබෙන්නේ, කල්පයේ මෙම කාලයේ දී එක් වරක් පමණයි. වෙනත් කිසිවෙකුට මෙම දැනුම ලබා දිය නොහැක.

ඕම් ශාන්ති.
පියා මෙහි අසුන්ගෙන ඔය දරුවන්ට විස්තර කර දෙයි. ජීවාත්මයන්ගේ පියා අපට විස්තර කර දෙන බවත්, පියා, තමන් ජීවාත්මයන්ගේ පියා යැයි සලකන බවත්, ඔය දරුවන් වටහාගත යුතුයි. වෙනත් කිසිවෙකුට මෙම අවධානය නොමැති අතර තමන් ජීවාත්ම බව සලකන්නට කියා, වෙනත් කිසිවෙකුට ඔබට පැවසීමට ද නොහැක. පියා මෙහි අසුන්ගෙන මෙය ඔය ජීවාත්මයන්ට විස්තර කර දෙයි. මෙම දැනුමේ ප්‍රතිලාභය, ඔබගේ උත්සාහයට අනුව, අංක පිළිවෙලට නව ලෝකයේ දී ඔබට හිමි වීමට තිබේ. මෙම ලෝකය පරිවර්ථනය වීමට යන බවත්, එය පරිවර්ථනය කරන්නේ පියා බවත්, සියලු දෙනාටම මතකයේ තබා ගැනීමට නොහැක. ඔබ මෙහි පෞද්ගලිකවම ඔහු ඉදිරියේ අසුන්ගෙන සිටිනවා, නමුත් ඔබ ආපසු නිවසට ගිය විට, ඔබ මුළු දවස පුරාම ඔබගේ ව්‍යාපාර ආදියේ කාර්ය බහුල වෙයි. පියාගේ ශ්‍රීමත් වන්නේ දරුවනේ, ඔබ කොහේ වාසය කළත්, මා සිහි කරන්න! ඇගේ සැමියා වීමට යන්නේ කවරෙක්ද කියා කුමාරී කෙනෙක් නොදන්නා නමුත්, ඇය ඔහුගේ ඡායාරූපයක් දුටු විට, එම මතකය සනිටුහන් වෙයි. ඔවුන් කොහේ සිටියත් එකිනෙකා සිහි කරයි. එය කායික සෙනෙහස ලෙස හැඳින්වෙන අතර මෙය ආධ්‍යාත්මික සෙනෙහසයි. ඔබ තුළ ආධ්‍යාත්මික සෙනෙහස තිබෙන්නේ කාටද? දරුවන් තුළ ආධ්‍යාත්මික පියා කෙරෙහි සෙනෙහස තිබෙන අතර දරුවන්ට එකිනෙකා කෙරෙහි ද ආධ්‍යාත්මික සෙනෙහස තිබේ. ඔය දරුවන් තුළ එකිනෙකා කෙරෙහි බොහෝ සෙනෙහස තිබිය යුතුයි. එනම්, ජීවාත්ම තුළ, ජීවාත්මයන්ට සෙනෙහස තිබිය යුතුයි. ඔය දරුවන්ට මෙම ඉගැන්වීම් ලැබෙන්නේ දැන්ය. ලෝකයේ මිනිසුන් කිසි දෙයක් නොදනී. ඔය සියලු දෙනාම සහෝදරයන්, එබැවින් ඔබ එකම පියාගේ දරුවන් නිසා, ඔබ තුළ නිසැකවම එකිනෙකා කෙරෙහි සෙනෙහස තිබේ. මෙය ආධ්‍යාත්මික සෙනෙහස ලෙස හැඳින්වෙයි. නාටක සැලසුමට අනුව, ආධ්‍යාත්මික පියා පැමිණ, ඔය ආධ්‍යාත්මික දරුවන්ට පෞද්ගලිකවම පහදා දෙන්නේ, මෙම වඩාත්ම ශුභදායක සංගම යුගයෙදීය. පියා මෙහි පැමිණ ඇති බව, ඔය දරුවන්ට වැටහෙනවා. ඔහු ඔය දරුවන්ව ලස්සන කරවයි. ඔහු ඔබව අපවිත්‍ර බවින් පිවිතුරු කර, ඔහුත් සමඟ ආපසු නිවසට ගෙන යයි. ඔහු ඔබව අතින් අල්ලා, ගෙන යනවා නොවෙයි සියලුම ජීවාත්ම පළඟැටි රෑනක් මෙන් එකට පියාඹා යයි. ඔවුන්ට ද මඟ පෙන්වන්නෙක් සිටිනවා. එම එක මඟ පෙන්වන්නා සමඟ ඔවුන්ට වෙනත් මඟ පෙන්වන්නන් ද සිටින අතර ඔවුන් ඉදිරියෙන් රැඳී සිටියි. මුළු රෑනම එකට පියාඹන විට, ඔවුන් විශාල හඬක් ඇති කරයි. රෑනක් කෙතරම් විශාලද යත්, එයට හිරු එළිය පවා අවහිර කළ හැක. ඔය ජීවාත්මයන්ගේ රෑන ද විශාලයි ඔබට ඔවුන්ව ගණන් කළ නොහැක. ඔවුන් ජනගහණ සංගණනයක් පැවැත්වුවද ඔවුන්ට මෙහි සිටින මනුෂ්‍ය සංඛ්‍යාව ගණන් කළ නොහැක. කෙසේවෙතත්, එයද නිවැරදිව ගණනය කෙරෙන්නේ නැත. ජීවාත්ම කොපමණ සංඛ්‍යාවක් සිටින්නේද කියා ඔබට ගණනය කළ නොහැක. එකල ඉතිරි වන්නේ භාරතය පමණක් බැවින් සත් යුගයෙදී මනුෂ්‍යයන් කොපමණ සිටියිද කියා දළ වශයෙන් තක්සේරු කළ හැක. ඔබ ලෝකයේ පාලකයන් වන බව ඔබගේ බුද්ධියේ තිබේ. ජීවාත්මයක් සිරුරක් තුළ ඇති විට, එය මනුෂ්‍යයෙකි, එබැවින් ඒ දෙදෙනා එකට එකතුව සතුට හෝ දුක අත්විඳියි. සෑම ජීවාත්මයක්ම පරමාත්ම ජීවය බවත්, එබැවින් ඔහු කිසිදා දුක අත්නොවිඳින බවත්, ඔහු ක්‍රියාවන්ගේ ඵලය ඉක්මවා සිටින බවත් විශ්වාස කරන බොහෝ දෙනෙක් සිටියි. බොහෝ දරුවන් ද මෙම කරුණ ගැන අවුලට පත්වී මේසේ සිතයි අප ජීවාත්ම බව අපට සැලකිය හැකි නමුත් අප පියාව සිහි කළ යුත්තේ කොහේද? පියා පරම දනව්වේ නිවැසියා බව ඔබ දන්නවා. පියා ඔබට ඔහුගේ හැඳින්වීම ලබා දී තිබේ. ඔබ කොහේ ඇවිද්දත් ගමන් කළත්, පියාව සිහි කරන්න. පියා වාසය කරන්නේ පරම දනව්වේය. ඔය ජීවාත්ම ද එහි වාසය කරන අතර පසුව ඔබගේ චරිත කොටස් රඟපෑම සඳහා ඔබ පහළට පැමිණෙයි. ඔබට මෙම දැනුම ලැබෙන්නේ දැන්ය. ඔබ දේවතාවන්ව සිටි විට, අහවල් ආගමට අයත් ජීවාත්ම උඩ සිටින බව ඔබට සිහි වූයේ නැත. ජීවාත්ම උඩ ඉහළ සිට පැමිණ, සිරුරු ගෙන, තම චරිත රඟපාන්නේ කෙසේද යන්න ගැනත් ඔබ සිතුවේ නැහැ. පියා, පරම දනව්වේ වාසය කරන බවත්, ඔහු ඉහළ සිට මෙහි පැමිණ, සිරුරක් තුළට ඇතුළු වන බව ඔබ පෙර දැන සිටියේ නැහැ. ඔහු ඇතුළු වන්නේ කුමන සිරුරටද? ඔහු ඔබට ඔහුගේ ලිපිනය කියයි. ඔබ මෙසේ ලියන්නේ නම් පරම දනව්ව බාරේ, ශිව බාබාට, ඔබගේ ලිපිය පරම දනව්වට ලඟා නොවෙයි. ඒ නිසයි ඔබ මෙසේ ලියන්නේ බ්‍රහ්මා බාරේ, ශිව බාබාට. ඉන්පසුව ඔබ මෙම ස්ථානයේ ලිපිය ලියයි, මන්ද, පියා මෙහි පැමිණ, මෙම රථය තුළට ඇතුළු වන බව ඔබ දන්නවා. ඇත්ත වශයෙන්ම ඔය ජීවාත්ම ද වාසය කරන්නේ, උඩ ඉහළයි ඔබ සහෝදරයන්ය. සියලු දෙනාම ජීවාත්මයක් බවත්, ඔවුන්ගේ නම මෙය බවත්, සෑම විටම අවධානය තුළ තබාගන්න. ඔබ, ජීවාත්මය දකින නමුත්, මනුෂ්‍යයන්, ශරීර අවධානයට පත් වෙයි. පියා ඔබව ජීවාත්ම අවධානයට පත්කරවයි. පියා පවසන්නේ තමන් ජීවාත්මයක් බව සලකා, මාව සිහි කරන්න. පියා දැන් විස්තර කර දෙන්නේ මා පැමිණ ඇති අතර මා ඔය දරුවන්ට ඥානය ලබා දෙනවා. මා මෙම පරණ ඉන්ද්‍රියන් ගන්නා අතර, ප්‍රධාන එක, මෙම මුඛයයි. දෑස් ද තිබේ. ඥාන අමෘතය ලබාදෙන්නේ මුඛය තුළින්ය. ගව මුඛයේ සිහිවටනය තිබේ, එනම් ඉන් නිරූපණය වන්නේ මවකගේ මුඛයයි. මා ඔබව මෙම ජ්‍යෙෂ්ඨ මවගේ මාර්ගයෙන් දරුකමට හදාගන්නවා. ඔබව දරුකමට හදා ගන්නේ කවුද? ශිව බාබා. ඔහු මෙහි සිටියි. මේ සියලුම ඥානය, ඔබගේ බුද්ධි තුළ රැඳී තිබිය යුතුයි. මා ඔබව මානවයාගේ පියා වන බ්‍රහ්මාගේ මාර්ගයෙන් දරුකමට හදා ගන්නවා. එබැවින් මේ කෙනා, ඔබගේ මවද වෙයි. මෙසේ සිහිකර ඇත මවත්, පියාත් ඔබ වන අතර, අප ඔබගේ දරුවන්ය. එබැවින් එම කෙනා සියලුම ජීවාත්මයන්ගේ පියාය. ඔහු මව ලෙස හැඳින්විය නොහැක ඔහු පියා පමණයි. ඔබට පියාගෙන් උරුමය හිමිවන අතර ඉන්පසුව ඔබට මවක් අවශ්‍ය වනවා. ඔහු මෙහි පැමිණෙයි. පියා උඩ ඉහළ වාසය කරන බවත්, ජීවාත්ම වන අපද උඩ ඉහළ වාසය කරන බවත්, ඉන්පසු අපගේ චරිත කොටස් රඟපෑම සඳහා අපි මෙහි පහළට පැමිණෙන බව, ඔබට දැන් දැන ගැනීමට ලැබී ඇත. ලෝකයේ මිනිසුන් මේ කිසිවක් ගැන දන්නේ නැහැ. පරමාත්ම ජීවය, ගල් සහ වැලි වල සිටින බව ඔවුන් කියයි, ඉන් අදහස් වන්නේ ඔහු අනන්ත බවයි. එය අතිශය අන්ධකාරය ලෙස හැඳින්වෙයි. මෙවන් කියමනකි ඥාන සූර්යයා නඟින විට, අවිදු අන්ධකාරය දුරු වී යයි. මෙය රාවනගේ රාජධානිය බවත් එබැවින් අන්ධකාරය ඇති බවට දැනුම, ඔබට දැන් තිබේ. එහි, රාවනගේ රාජධානියක් නැත. එහි දුර්ගුණ හෝ ශරීර අවධානය නොමැත්තේ ඒ නිසයි. එහිදි ඔබ ජීව අවධානයෙන් රැඳී සිටියි. එහිදී, ඔබ ළදරුවන් බවත්, පසුව ඔබ තරුණ බවත්, ඔබගේ සිරුරු වයස් ගත වන විට, ඔබ එය හැර දමා වෙනත් එකක් ගන්නා බවත් ඔය ජීවාත්ම දනී. එහිදි ඔබ මෙසේ නොකියයි අහවල් කෙනා මිය ගියා. එය අමරණීය දේශයයි. ජීවාත්ම සතුටින් තම සිරුරු හලා දමා වෙනත් එකක් ගනී. එම සිරුරේ ආයුෂ දැන් අවසන් බවත් ඔවුන් එම සිරුර හැර දමා අළුත් එකක් ගත යුතු බවත් ඔවුන් සෑම කෙනෙකුටම වැටහෙයි. සන්යාසීන් සර්පයෙකුගේ නිදසුන දෙන්නේ මේ නිසයි. ඇත්ත වශයෙන්ම මෙම නිදසුන ලබා දුන්නේ පියා විසින්ය පසුව එය සන්යාසීන් අරගත්තේය. එබැවින් පියා පවසන්නේ මා ඔබට ලබා දෙන දැනුම අතුරුදහන් වෙයි. පියා භාවිත කරන ඇතැම් වචන සහ පිංතූර ද පසුව පවතින නමුත්, ඒවා පිටි ගෝනියක ඇති ලුණු පිංචක් වැනිය. එබැවින් සර්පයෙක් තම හැව ඇර, අළුත් හැවක් හදාගැනීමේ අරුත ගැන පියා මෙහි අසුන්ගෙන විස්තර කරයි. සර්පයෙක් තම සිරුර හැර ගොස් උගේ ඊලඟ සිරුරට ඇතුළු වන බව ඔබ නොකියයි නැහැ. හැව මාරු කිරීමේ නිදසුන බලපාන්නේ සර්පයෙකුට පමණයි. සර්පයාගේ එම හැවද පෙනෙන්ට තිබේ. ඔබ තම ඇඳුම් ගලවන්නා සේ, සර්පයෙක් අළුත් සමක් වර්ධනය කර, උගේ පරණ හැව හලා දමයි. සර්පයා ජීවමානව රැඳී සිටියි ඉන් කියැවෙන්නේ, ඌ අමරණීය බව නොවෙයි. උගේ හැව දෙතුන් වතාවක් හැර දැමීමෙන් පසුව, ඌ මිය යයි. එහිදී ඔබද නිසි කලට ඔබගේ සම හැර දමා වෙනත් එකක් ගනීවි. ඉන්පසුව ඔබ මව් කුසකට ඇතුළු විය යුතු බව, ඔබ දැන ගනී. එහි එය යෝගා බලය පිළිබඳ ප්‍රශ්නයකි. ඔබ යෝගා බලය තුළින් උපදියි ඔබ අමරණීය බව හැඳින්වෙන්නේ මේ නිසයි. ජීවාත්මය පවසන්නේ මා දැන් මහළු වී සිටියි මගේ පරණ සිරුර මහළු වී ඇත. ඔබ ගොස් නැවතත් දරුවෙක් වන්නේ කෙසේද පිළිබඳව දර්ශනයක් ඔබට ලැබෙයි. ජීවාත්මයක් ඉබේටම තම සිරුර හැර දමා දිව ගොස් දරුවෙක් තුළට ඇතුළු වෙයි. එම මව් කුස, සිරමැදිරියක් ලෙස හැඳින්වෙන්නේ නැත එය මාලිගාවක් ලෙස හැඳින්වෙයි. ඔබට දඬුවම් විඳීමට සිදුවන පාපයන්, එහිදි සිදු කරන්නේ නැත. ඔබ බොහෝ සැප පහසුව මව් කුසක මාලිගාවේ වාසය කරයි. දුක පිළිබඳ ප්‍රශ්නයක් නැති අතර ඔබ රෝගි වන සේ, ඔබට කිසිදු අපිරිසිදු ආහාරයක් කවන්නේ ද නැත. පියා පවසන්නේ දරුවනේ මෙම ලෝකය දැන් පරිවර්ථනය වීමට යන අතර ඔබට නිර්වාණ දේශයට ආපසු යාමට සිදුවෙයි. මෙම ලෝකය, අළුත් බවින් පැරණි වෙයි. සියල්ල වෙනස් වෙයි. ගසකින් බීජයක් මතුවෙයි. පසුව එම බීජය පැල කළ විට, ගස බොහෝ පල දරයි. එක බීජයක් තව බොහෝ බීජ නිපදවයි. සත් යුගයෙදී, යෝගා බලයෙන් එකවර එක දරුවෙක් පමණක් සිටියි. මෙහි රාගය තුළින් එකවර දරුවන් හතර පස් දෙනෙක් උපදියි. සත් යුගය සහ කලි යුගය අතර වෙනස කෙතරම් විශාලද කියා පියා විස්තර කරයි. නව ලෝකය පැරණි වන්නේ කෙසේද සහ එය තුළ ජීවාත්ම උපත් 84ක් ගන්නේ කෙසේද කියාත් ඔහු විස්තර කර දී තිබේ. සෑම ජීවාත්මයක්ම තම තමන්ට ආවේනික චරිත කොටස් රඟපාන අතර, ඔවුන් සියලු දෙනාම ආපසු නිවසට ගිය විට, එක් එක්කෙනා තමන්ටම විශේෂිත වූ ස්ථානයට යයි. ඔවුන් තම ස්ථානය වෙනස් නොකරයි. සෑම ජීවාත්මයක්ම අංක පිළිවෙලට, තමන්ගේ ආගම තුළ, තමන්ගේම ස්ථානයට ආපසු යා යුතු අතර, ඉන්පසුව ඔහු නැවතත් අංක පිළිවෙලට පහළට පැමිණිය යුතුයි. පරම දනව්වේ කුඩා ආකෘතියක් සාදා තිබෙන්නේ මේ නිසයි. සෑම ආගමකටම තමන්ගේම කොටස තිබේ. පළමුවැන්න දේවතා ධර්මය වන අතර පසුව අනෙක්වා අංක පිළිවෙලට පහළට පැමිණෙයි. ඔබ ගොස් අංක පිළිවෙලට එහි වාසය කරයි. ඔබ සමත් වන්නේ අංක පිළිවෙලටයි, එබැවින් ඔබට ලබා දී ඇති ලකුණු වලට අනුව ඔබ ඔබගේ ස්ථානය ගනී. පියාගේ මෙම ඉගෙනුම සිදුවන්නේ කල්පයකට එක වතාවක් පමණයි. ඔය ජීවාත්මයන්ගේ පාරම්පරික වෘක‍්ෂය ඉතා කුඩාය. මෙහි ඔබට ඉතා විශාල වෘක‍්ෂයක් තිබේ. ඔය දරුවන්ට දිව්‍යමය දර්ශන ලැබුණු අතර ඉන්පසුව ඔබ මෙහි අසුන්ගෙන මෙම පිංතූර නිර්මාණය කළා. ජීවාත්ම ඉතා කුඩා නමුත් ඔවුන්ගේ සිරුරු විශාලයි. සියලුම ජීවාත්ම ගොස් එහි අසුන් ගනීවි. ඔවුන් සියල්ලම ගොස් ඉතා කුඩා ස්ථානයක ඉතා සමීපව වාසය කරන අතර මනුෂ්‍යයන්ගේ වෘක‍්ෂය ඉතා විශාලයි. මනුෂ්‍යයන්ට ඇවිදීමට, එහා මෙහා යාමට, ක්‍රීඩා කිරීමට, ඉගෙන ගැනීමට සහ වැඩ කිරීමට අවකාශය අවශ්‍යයි ඔවුන්ට සෑම දෙයක්ම කිරීමට ඉඩ කඩ අවශ්‍යයි. අශාරීරික ලෝකයේ ජීවාත්මයන්ට තිබෙන්නේ ඉතා කුඩා අවකාශයකි. පිංතූර වල එය ඒ ආකාරයට පෙන්වා තිබෙන්නේ ඒ නිසයි. මෙම නාටකය පෙර නියමිත වූවක්. ඔය ජීවාත්ම ඔබගේ සිරුරු අත්හැරීමෙන් පසුව ආපසු එහි යා යුතුයි. ඔබ සහ වෙනත් ආගම් වල අය එහි වාසය කරන්නේ කෙසේද සහ ඔබ පියාගෙන් අංක පිළිවෙලට වෙන්වන්නේ කෙසේද පිළිබඳව දැන් ඔය දරුවන්ගේ බුද්ධිය තුළ තිබේ. පියා කල්පයෙන් කල්පයට, එක් වරක් පමණක් පැමිණ, මේ සියලු දේ ඔබට පහදා දෙයි. අන් සියලුම ඉගෙනුම් ලෞකිකයි. ඒවා ආධ්‍යාත්මික ඉගැන්වීම් ලෙස හැඳින්විය නොහැක. ඔබ දැන් දන්නවා මම ජීවාත්මයකි. ’මම‘ යනු ජීවාත්මයයි. ’මගේ‘ යනු මෙය මගේ සිරුරයි. මනුෂ්‍යයන් මෙය නොදනී. ඔවුන්ගේ සම්බන්ධකම් සෑම විටම ශාරීරිකයි. සත් යුගයේ ද ඔබගේ සම්බන්ධතා ශාරීරික වන නමුත් එහිදි ඔබ සිටින්නේ ජීව අවධානයෙන්ය. ඔබ ජීවාත්මයක් බවත් ඔබගේ සිරුර මහළු වී ඇති බවත් ජීවාත්මය වන ඔබ එම සිරුර හලා දමා වෙනත් එකක් ගත යුත්තේ ඒ නිසයි, යන අවධානය ඔබට තිබෙයි. මේ ගැන අවුලට පත් වීමට අවශ්‍ය නැහැ. ඔය දරුවන් පියාගෙන් ඔබගේ රාජධානිය හිමි කරගත යුතුයි. ඔහු අනිවාර්යෙන්ම අසීමිත පියාය. ඔවුන්ට හොඳින් දැනුම වැටහෙන තුරු, මිනිසුන් නොකඩවා බොහෝ ප්‍රශ්න අසයි. ඔය බ්‍රහ්මණයන්ට දැනුම තිබේ. ඇත්ත වශයෙන්ම, ඔය බ්‍රහ්මණයන් වෙනුවෙන් ඇති දේවාලය තිබෙන්නේ අජ්මර් වලයි. එක් බ්‍රහ්මණ වර්ගයක් වන්නේ පුෂ්කරණි බ්‍රහ්මණයන් වන අතර අනෙක් වර්ගය සාරසිද්ය. මිනිසුන් බ්‍රහ්ම දේවාලය දැක බලා ගැනීමට අජ්මර් වලට යයි. එහි බ්‍රහ්මාව පෙන්වා තිබෙන්නේ දිග රැවුලක් ඇතිව අසුන්ගෙන සිටින ආකාරයටයි. ඔහුව මනුෂ්‍ය ස්වරූපයකින් පෙන්වා ඇත. ඔය බ්‍රහ්මණයන් ද සිටින්නේ මනුෂ්‍ය වේශයෙනි. බ්‍රහ්මණයන් දේවතාවන් ලෙස හැඳින්විය නොහැක. ඔබ සැබෑ බ්‍රහ්මණයන්, බ්‍රහ්මාගේ දරුවන්. ඒ මිනිසුන් බ්‍රහ්මාගේ දරුවන් නොවෙයි. ඔවුන් පැමිණෙන්නේ පසුවයි, එබැවින් ඔවුන්ට මෙය නොවැටහෙයි. එය ඔබගේ බහු-රූපි ප්‍රතිමාවයි. මේ සියලු දේ ඔබගේ බුද්ධිය තුළ තබාගන්න. ඔබට ඕනෑම කෙනෙකුට මෙම දැනුම ඉතා පැහැදිලිව විස්තර කළ හැක අප ජීවාත්මයි අපි පියාගේ දරුවන්. මෙය නිවැරදිව වටහාගෙන ඔබගේ විශ්වාසය ස්ථීර කරගන්න. මෙය නිවැරදි කාරණයකි. සියලුම ජීවාත්මයන්ගේ පියා, ඒකායන පරමාත්ම ජීවය පමණයි. සියලු දෙනා සිහි කරන්නේ ඔහුවයි. ’අහෝ දෙවියනේ !‘ යන වදන් මනුෂ්‍යයන්ගේ දෙතොලගින් අනිවාර්යෙන් මතු වනවා. කෙසේවෙතත් ඔහු පැමිණ, තමන් කවරෙක්ද කියා විස්තර කරන තුරු, දෙවියන් කවරෙක්ද කියා, කිසිවෙකුට දැනගත නොහැක. පියා පහදා දී තිබෙන්නේ ලෝකයේ අධිපතියන්ව සිටි ලක‍්ෂ්මි සහ නාරායන් මෙය දැන නොසිටියා නම්, ඒ ඍෂිවරු සහ මුනිවරු මෙය දන්නේ කෙසේද? ඔබ දැන් පියාගෙන් මෙය දැනගෙන තිබේ. ඔහුගේ නිර්මාණයේ මුල, මැද සහ අවසානය මෙන්ම නිර්මාණකරුව ඔබ දන්නා බැවින් ඔබ දේවවාදීන්ය. සමහරුන්ට මෙය පැහැදිලිව වැටහෙන අතර සමහරුන්ට එය අඩුවෙන් වැටහෙයි. පියා පැමිණෙන්නේ පෞද්ගලිකව ඔබට ඉගැන්වීමටයි. එවිට, ඇතැම් අය එය ඉතා හොඳින් ධාරණය කරගන්නා අතර ඇතැම් අය එය අඩුවෙන් ධාරණය කරගනි. මෙම ඉගෙනුම ඉතා සරල වන අතර එය ඉතා ශ්‍රේෂ්ඨ ද වෙයි. පියා තුළ බොහෝ දැනුම තිබෙන අතර ඔබ මුළු සාගරයම තීන්ත බවට පත් කළත් එහි නිමාවක් නොවෙයි. පියා එය පහසු ආකාරයකින් විස්තර කර දෙයි. ඔබ පියා කවරෙක්ද කියා හඳුනාගෙන, ස්ව-දර්ශන චක්‍රදාරීන් විය යුතුයි. එපමණයි. අච්චා.

සුමිහිරි, ආදරණීය, බොහෝ කාලයක් තිස්සේ නැති වී සිට මේ දැන් හමු වුණු ඔය දරුවන්ව ඔබගේ මව, පියා, බාප්දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර.

ධාරණය සඳහා සාරාංශය:
1. පහසුවෙන් නිරන්තර සිහිපත් කිරීමේ සිටීමට, ඔබ ඇවිදින විට සහ එහෙ මෙහෙ යන එන විට සෑම විටම මෙසේ සිතන්න මා ජීවාත්මයකි. පරම දනව්වේ නිවැසියෙක් වන, මා වන ජීවාත්මය, මගේ චරිත කොටස රඟපෑම සඳහා, මෙහි පැමිණ සිටිනවා. පියා වාසය කරන්නේද පරම දනව්වේය. ඔහු බ්‍රහ්මාගේ සිරුර තුළට ඇතුළු වී ඇත.

2. ජීවාත්ම තුළ ආධ්‍යාත්මික පියා කෙරෙහි සෙනෙහස ඇති සේම, ඔබ එකිනෙකා සමඟ ආධ්‍යාත්මික සෙනෙහසින් ජීවත් විය යුතුයි. ඔය ජීවාත්ම තුළ සෙනෙහස තිබිය යුත්තේ ශරීර වලට නොව ජීවාත්ම වලටයි. ජීවාත්ම අවධානය පුහුණු වීමට සම්පූර්ණ උත්සාහ දරන්න.

වරදානය:
ඔබ සියලු සීමිත ආශාවන්ගෙන් නිදහස්ව සියලු ප්‍රශ්න වලින් ඔබ්බට ගොස් නිරතුරුවම සතුටින් සිටිත්වා.

සීමිත ආශාවන්ගෙන් මිදී සිටින දරුවන්ගේ මුහුණුවල සතුටේ දීප්තිය දිස්වේ. සතුටින් සිටින අයගේ හදවත්වල කිසිදාක ප්‍රශ්න නොමැත. ඔවුන් සෑම විටම පරාර්ථකාමී වන අතර සෑම විටම නිර්දෝෂී බව අත්දකිති; ඔවුන් කිසිම දෙයකට අන් අයට දොස් නොනගනු ඇත. මොන තත්ත්වයක් ඇති වුවද, ඔබේ කර්ම ගිණුම් නිරවුල් කර ගැනීමට ඔබ ඉදිරියට එන ජීවාත්මයක් හෝ ඔබේ සිරුරේ කර්ම දුක් වේදනා ඔබ ඉදිරියට නොනැවතී පැමිණියද, ඔබේ තෘප්තිමත් බව නිසාවෙන් ඔබ නිරන්තරයෙන් සතුටෙන් සිටී.

පාඨය:
නොසැලකිලිමත් ආකාරයෙන් නොව අවධානයෙන් සියලු නාස්තිය පරීක්ෂා කරන්න.