01.06.25    Avyakt Bapdada      Sinhala Murli     21.10.2005    Om Shanti    Madhuban


පරිසමාප්ත සහ අංග සම්පූර්ණ වීමට දිනයක් නියම කර, කාලයට අනුව නිති සූදානමින් සිටින්න.


අද දින, බාප්දාදා, සෑම තැනකම සිටින ඔය සියළුම දරුවන්ගේ ස්වරූප තුන දෙස බලමින් සිටියා. ඔබ පියා සමග ඇති විශේෂ සම්බන්දතා තුන සිහි කරන සේම, ඔය දරුවන්ගේ ස්වරූප තුන දැකීමෙන් බාබා සතුටු වුණා. ඔබගේ ස්වරූප තුන ඔබ දන්නවා නේද? මෙකල, ඔය සියළුම දරුවන් සිටින්නේ ඔබගේ බ්‍රහ්මින් ස්වරූපයේ. බ්‍රහ්මණයන්ගේ අවසන් ස්ථිතිය සුරදූත ස්ථිතියයි, ඉන්පසුව සුරදූතයන්, දේවතාවන් වීමට තිබේ. සියල්ලටම වඩා විශේෂ වන්නේ මෙම වත්මන් බ්‍රහ්මින් දිවියයි. බ්‍රහ්මින් ජීවිතය මිල කළ නොහැක. බ්‍රහ්මින් ජීවිතයේ විශේෂත්වය, පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධත්වය, බ්‍රහ්මින් ජීවිතයේ සැබෑවයි. බ්‍රහ්මින් ජීවිතයේ පෞරුෂත්වය, පාරිශුද්ධත්වයයි. පාරිශුද්ධත්වය, සතුට සහ සාමයේ මවයි. ඔබට පාරිශුද්ධත්වය තිබෙන ප්‍රමාණයට අනුව, ඔබගේ ජීවිතයේ ස්වාභාවිකවම සතුට සහ සාමය තිබෙන අතර එය ඔබගේ ස්වභාවය වෙයි. පිවිතුරු ජීවාත්මයන්ගේ අරමුණ වන්නේ, බ්‍රහ්මණයින්ගෙන් දේවතාවන් වීම නොවෙයි, නමුත් ප්‍රථමයෙන් සුරදූතයන් වී, ඉන්පසුව සුරදූතයන් දේවතාවන් වීමයි. එබැවින් බ්‍රහ්මණයන් සුරදූතයන් වී, සුරදූතයන් දේවතාවන් වෙයි. බාප්දාදා ඔය දරුවන්ගේ මෙම ස්වරූප තුන දකිනවා. ඔය සියළු දෙනා ඉදිරියට ඔබගේ මෙම ස්වරූප තුන ඇවිත්ද? එය පැමිණියාද? ඔබ දැනටමත් බ්‍රහ්මණයන් වී ඇති අතර දැන් ඔබගේ අරමුණ වන්නේ සුරදූතයන් වීමටයි. ඔබගේ අරමුණ මෙය නේද? එහෙමද? ඔබ අනිවාර්යෙන් සුරදූතයන් විය යුතුයි. ඔබගේ ජීවිතයේ සුරදූතයන්ගේ විශේෂතා කොපමණක් දිස් වන්නේද කියා පරීක්ෂා කර බලන්න. සුරදූතයෙක් යනු, මෙම පැරණි ලෝකය සහ පැරණි සංස්කාර සමග සම්බන්දතාවයක් නොමැති අයෙකි. සුරදූතයෙක් යනු, ගැටළුකාරී අවස්ථාවලදී, ආලෝකමත් සහ සැහැල්ලු වීම පමණක් නොව, නමුත් ඔබගේ සිතිවිලි, වචන සහ සහ නෑ සබදතා වලදි - නිරතුරුවම ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් සිටීමයි - සැහැල්ලු වීමයි. ඔබ ප්‍රිය කරන්නේ සැහැල්ලු දේවල් වලටද නැත්නම් බරක් මෙන් දැනෙන දේටද? ඔබ ප්‍රිය කරන්නේ කුමටද? ඔබ ප්‍රිය කරන්නේ සැහැල්ලු දේවල් වලට නේද? සුරදූතයෙක් යනු, සියළු දෙනාගේ සෙනෙහසට බදුන් වීම සහ සියල්ලන්ට නොබැදී සිටීමයි - සුළු පිරිසකගෙන් පමණක් නොවෙයි, නමුත් සියළුම දෙනාගේ සෙනෙහසට පාත්‍ර වීම සහ සියළු දෙනාට නොබැදී සිටීමයි. ආදරණීය වීම පමණක් නොවෙයි, නමුත් ඔබ ආදරණීය වන තරමටම, ඒ අනුව නොබැදී සිටියි. සුරදූතයෙකුගේ සලකුණ වන්නේ ඔබට සියළු දෙනාගේ සෙනෙහස ලැබීමයි. කවුරු ඔබව දුටුවත්, ඔබට කාව මුණගැසුණත්, කවුරු ඔබ සමග නෑ සබදතාවයකට පැමිණියත්, ඔවුන්ට හැගෙන්නේ ඔබ ඔවුන්ට අයිති බවයි, පරම පියා හා සමානව, සියළු දෙනාම අත්විදින්නේ ඔහු, ඔවුන්ට අයත් බවයි. ඔබට මෙම අත්දැකීම තිබෙනවා නේද? ඒ අන්දමින්ම සුරදූතයෙක් යනු, ඔබ ඔවුන්ට අයත් බව, සියළු දෙනාම අත්විදීමයි. අයත් වීමේ හැගීම තිබිය යුතුයි, මන්ද ඔබ සැහැල්ලු වන විට මෙම සැහැල්ලු බව, ඔබව සියළු දෙනාගේ සෙනෙහසට පාත්‍ර කරවයි. ඔබ ඔවුන්ට අයිති බව, මුළු බ්‍රහ්මින් පවුලටම හැගී යා යුතුයි. කිසිම බරක් නොතිබිය යුතුයි, මන්ද, සුරදූතයෙක් යනු, ආලෝකමත් සහ සැහැල්ලු වීමය. සුරදූතයෙක් යනු, ඔබගේ සිතිවිලි, වචන, ක්‍රියා සහ නෑ සබදතා වලදි අසීමිත වීමයි. කිසිදු සීමා නොතිබිය යුතුයි. “සියළු දෙනාම මගේ වන අතර මා සියළු දෙනාටම අයිතියි.” අයත් වීමේ හැගීම වැඩියෙන් ඇති තැන, සහැල්ලුබව තිබේ - සංස්කාර වලත් සැහැල්ලු බව. එබැවින් ඔබ කෙතරම් ප්‍රතිශතයකට සුරදූත ස්ථිතියට ලගා වි තිබේද කියා, පරීක්ෂා කර බලන්න. ඔබ පරීක්ෂා කරන අන්දම දන්නවාද? ඔබ පරීක්ෂකවරු (checkers) වී ඇති අතර ඔබ සාදන්නන්ද (makers) වී ඇත. සුබ පැතුම්.

බාප්දාදාගේ පිවිතුරු ආශාව වන්නේ, දැන් කාලය දැකීමෙන්, තමන් මහාරතීන් බව සලකන අයට 95% ස්ථිතියක් තිබිය යුතු බවයි. එය මෙසේ විය යුතුයි නේද? (ඔහුට 98% තිබෙයි කියා කෙනෙක් පැවසීය.) සුබ පැතුම්. ගුලාබ් ජමූන් එකක් කන්න, මන්ද ඔබ නියත වශයෙන්ම එය විය යුතු බව ඔබට දැකිය හැකි අතර ඔබ එය දන්නවා; ඔබ එය විය යුතුයි. “මා එය වෙන්නම්, එය සිදුවෙයි, අප ඒ ගැන බලන්නම්, මා තැත් කරන්නම්”. දැන් මෙම භාෂාව වෙනස් කරන්න. ඔබට කුමන සිතිවිලි ඇති වුණත්, ඔබට විශ්වාසය සහ සාර්ථකත්වය කෙතරම් ප්‍රතිශතයකට තිබෙන්නේද කියා, පරීක්ෂා කර බලන්න. දැන් ඔබගේ පරීක්ෂා කරන වේගය තීව්‍ර කරන්න. පලමුව පරීක්ෂා කර ඉන්පසුව ක්‍රියා කරන්න. ඔබට කුමන සිතිවිලි තිබුණත්, ඔබ කුමන වචන පැවසුවත්, ඔබගේ නෑ සබදතා තුල කුමක් සිදු වුණත්, එයට කමක් නැහැ, කියා නොසිතන්න. නැහැ. විශේෂ ප්‍රභූවරුන් (VVIP) වෙනුවෙන් කෙතරම් පරීක්ෂා කිරීම් සිදු කරන්නේද කියා ඔබ දන්නවා නේද? ප්‍රථමයෙන් සෑම දෙයක්ම පරීක්ෂාවට භාජනය කරයි, ඔවුන් පියවරක් ගන්නේ ඉන්පසුවයි. එබැවින් දැන් පැය දෙකකට හෝ සතරකට පසුව පරීක්ෂා කිරීම නොසෑහේ. පලමුව පරීක්ෂා කර ඉන්පසුව පියවරක් ගන්න, මන්ද, මෙම ලෝක නාටකයේ විශේෂ ප්‍රභූවරු ඔබලාය. වර්ථමානයේ ප්‍රභූවරු එය වන්නේ, එක උපතකට පමණයි, එමෙන්ම එයත් කෙටි කාලයකට පමණයි, නමුත් සුරදූතයන් වීමට යන ඔය බ්‍රහ්මණයින්, අති ප්‍රභූවරූන්ය (VVIP), එමෙන්ම ඔබට අවශ්‍ය තරමි “V” අකුරු දැමිය හැක. බලන්න, නොකඩවා තමාට ඉදිරියෙන් “V” අකුරක් දමන්න. වන්දනා කෙරෙන ඔබගේම ප්‍රතිමා ඔබ දැක ඇති. හොදයි, ඔබ දේවාල දැක නැතුව ඇති, නමුත් ඔබ ඡායාරූප දකින්නට ඇති; දැන් වුණත් ඒවාට විශාල වටිනාකමක් තිබේ. ඔබගේ රූප අඩි තුනක් පමණක් වුණත් ඔවුන් බොහෝ සේ විශාල දේවාල ගොඩ නගයි. එබැවින් ඔබට විශාල වටිනාකමක් තිබෙනවා. ඔබගේ අජීව ප්‍රතිමා වලට පවා බොහෝ වටිනාකමක් ලබා දෙයි. ඒවාට වටිනාකමක් තිබෙනවා නේද? ඔබගේ ප්‍රතිමාවන්ගේ ඇසිල්ලක දර්ශනයක් ලබා ගැනීමට බොහෝ පෝලිම් තිබේ. ඔබ ජීවමාන ස්වරූපයේ එවන් අති ප්‍රභූවරුන්ය. එබැවින් පියවරක් ගැනීමට ප්‍රථම පරීක්ෂා කරන්න. ඔබ යමක් කිරීමෙන් පසුව පරීක්ෂා කරන්නේ නම්, එම පියවර අවසන් වී ඇත. එම පියවර නැවත ඔබගේ අතට පැමිණෙන්නේ නැත. අවිද්‍යා මාවතේද ඔවුන් පවසන්නේ: “සෑම දෙයක් ගැනම ප්‍රවේසමින් සලකා බැලීමෙන් පසුව යමක් කරන්න.” යමක් කිරීමෙන් පසුව ඒ ගැන නොසිතන්න. ප්‍රථමයෙන් සිතා බලා ඉන්පසුව ක්‍රියා කරන්න. එබැවින්, ඔබගේ ස්ව-අභිමන් ආසනයේ අසුන්ගෙන සිටින්න. ඔබගේ තනතුරේ ඔබ රැදී සිටින විට එදිරිවාදිකම් ඇති විය නොහැක. මායා විරුද්ධ වන්නේ ඔබගේ තනතුරේ ඔබ නොසිටින විටයි. එබැවින් දැන් බාප්දාදාට ප්‍රශ්නයක් තිබෙනවා. සියළු දෙනාගේම අරමුණ වන්නේ පරිසමාප්ත සහ අංගසම්පූර්ණ වීමටයි. ඔබගේ අරමුණ මෙයද, නැත්නම් ඔබට මෙය වීමට අවශ්‍ය වන්නේ සුළු වශයෙන් පමණයිද? ඔබගේ අරමුණ මෙයද? සියළු දෙනාගේ අරමුණ මෙය නම්, ඔබගේ අත් ඔසවන්න. ඔබට සම්පූර්ණ වීමට අවශ්‍යයි. හොදයි. කවදා වන විටද? ඔබ මෙම ප්‍රශ්නය මිනිසුන්ගෙන් අසනවා නේද? ගුරුවරුන්ද, ශිෂ්‍යයන්ගෙන් මෙම ප්‍රශ්නය අසයි. “ඔබගේ අරමුණ කුමක්ද?” එබැවින් අද බාප්දාදා විශේෂයෙන් ඔය ගුරුවරුන්ගෙන් අසනවා. ග්‍යාන් ලබා වසර 30ක් වී ඇති අය මෙහි අසුන්ගෙන සිටිනවා. එබැවින් වසර 30ක අය හෙට එකතුවී වැඩසටහනක් පවත්වන්න. ඔබ බොහෝ රැස්වීම් පවත්වයි. ඔබ රැස්වීම් සහ එකට එකතු වීම්, රැස්වීම් එකතුවීම් පවත්වන බව බාප්දාදා නොකඩවා දකිනවා. කෙසේවෙතත් ඔබ අංගසම්පූර්ණ වන්නේ කවදාද, පිලිබද රැස්වීමක් දැන් පවත්වන්න. වෙනත් සියළුම උත්සව වෙනුවෙන් ඔබ දින වෙන් කරගනී. අහවල් දිනයේ ඔබට අහවල් වැඩසටහන තිබේ, එබැවින් මෙයට දිනයක් නැද්ද? ඔබට වසර කීයක් අවශ්‍යද කියා, බාබාට කියන්න. මන්ද? බාප්දාදා ඔබගෙන් මෙය විමසන්නේ ඇයි? මන්ද, විනාශය සිදු කළ යුත්තේ කවදාද කියා, සොබා දහම පියාගෙන් විමසනවා. එබැවින් බාප්දාදා පිලිතුරු දිය යුත්තේ කෙසේද? බාප්දාදා කළ යුත්තේ ඔබගෙන් විමසීම පමණයි, නේද? කවදා වන විටද? අද මාතෘකාව වන්නේ: කවදා වන විටද? ද්විත්ව විදේශිකයන් මෙහි අසුන්ගෙන සිටිනවා, එබැවින් ඔබ දෙගුණයක උත්සාහ දරනවා නේද? විශ්මයන් සිදු කරන්න. විදේශිකයන්, ආදර්ශමත් වන්න. එපමණයි. බ්‍රහ්මින් පවුල සහ ලෝකයා ඉදිරියේ පරිසමාප්ත සහ අංගසම්පූර්ණ වන්න. සියළු බල සහ සියළු ගුණධර්ම වලින් පිරිපුන් වීම යනු අංග සම්පූර්ණ වීමය. ඔබ සියළු දෙනාම සතරෙන්ම අංගසම්පූර්ණ විය යුතුයි: සිතිවිලි, වචන, නෑදෑකම් සහ සම්බන්දතා. ඔබ සතරෙන් එකකින් හෝ දුර්වලව රැදී සිටින්නේ නම්, එවිට ඔබ අංගසම්පූර්ණ බව නොකියයි. ඔබට කාරණා සතර මතකයි නේද? සිතිවිලි, වචන, නෑකම් සහ සම්බන්දතා, ක්‍රියාද මෙයට ඇතුලත්ය. සතරෙන්ම. ඔබගේ සිතිවිලි සහ වචන අතින් ඔබ හොද නමුත්, ඔබගේ නෑ සම්බන්දතා වලදි සුළු අඩුවක් තිබීම නොවිය යුතුයි. ඔබ කවුරු ඉදිරියට ගියත්, ඔබට සම්බන්දතාවයක් තිබෙන්නේ කවුරු සමගද, ඔබ ඔවුන්ට අයත් බව ඔවුන් අත්විදිය යුතුයි. ඔබට අයිතියි, කියා ඔබට හැගෙන කෙනෙක් පිලිබදව ඔබට අයිතිවාසිකමක් දැනෙයි. වෙන අය සමග ඔබට එතරම් සැහැල්ලුවක් නොමැත. ඒ අය සමග ඔබට සුළු බරක් දැනෙන නමුත්, ඔබට අයත් බව දැනෙන අය සමග ඔබට සැහැල්ලුවක් තිබේ. එබැවින් සියළු දෙනා සමග සැහැල්ලු වන්න. ඔබගේම කලාපයේ හෝ ඔබගේම මධ්‍යස්ථානයේ අය සමග පමණක් ඔබ සැහැල්ලු වීම සිදු නොවිය යුතුයි; නැහැ. ඔබගේ කලාපයේ හෝ ඔබගේ මධ්‍යස්ථානයේ පමණක් ඔබ සැහැල්ලු නම්, ඔබ ලොවට රජ කෙනෙක් වන්නේ කෙසේද? එවිට ඔබට ලොවට සෙත සලසන්නෙක් හෝ ලෝක රජ කෙනෙක් විය නොහැක. රජ කෙනෙක් යනු සිංහාසනයක අසුන්ගෙන සිටින කෙනෙක් පමණක් නොවෙයි. රාජධානියක සිටින රාජකීය පවුලේ අයටත් රාජධානියට අයිතියක් තිබේ. එසේ නම් “කවදා වන විටද?” යන ප්‍රශ්නයට ඔබ ප්‍රතිචාරයක් ලබා දෙනවා නේද? ඔබ රැස්වීමක් පවත්වනවාද? රැස්වීමක් පවත්වා මෙහි අවසන් තීරණයකට පැමිණෙන්න. මෙය හොදද? අච්චා.

ඔබ සියළු දෙනා හොදින්ද? මෙය කිරීමට සිදුවීම සහ අනිවාර්යෙන් මෙය බවට පත් වීමට ඔබ තුල උද්යෝගයක් තිබෙනවාද? බාප්දාදා ඔබට උනන්දුව සහ උද්යෝගය ලබා දෙනවා. ඔබ තුල උනන්දුව සහ උද්යෝගය තිබෙන බව මායා දකින විට, ඇය එක හෝ වෙනත් දෙයක් කරයි, මන්ද, ඇගේ අවසන් නිමේශයන්ද දැන් සමීපයට පැමිණෙනවා. එබැවින් ඇයත් ඇගේ සියළු ආයුධ භාවිතා කර, ඔබට කෙබදු පෝෂණයක් ලබා දෙන්නේද යත්, එය මායාගේ පෝෂණයද, ඒවා මායාගේ උපදෙස්ද, පරම පියාගේ උපදෙස්ද කියා වත් ඔබ නොදනී. ඔබ ඒවා මිශ්‍ර කරගනී. සුරදූතයන් වීමට සහ ඔබගේ උත්සාහ වලට ඇති ප්‍රධාන බාධකය, සාමාන්‍ය වචන දෙකක තිබේ; ඒවා අපහසු නොවන අතර සියළු දෙනා ඒවා නිතර භාවිතාද කරයි. ඒවා කුමක්ද? “මම” සහ “මගේ”. බාප්දාදා මින් පෙරද, මෙම “මම” සහ “මගේ” වෙනස් කිරීමට ඉතා පහසු ක්‍රමයක් පැවසුවා. ඔබට එය මතකද? බලන්න, ඔබ “මම” යන වචනය භාවිතා කරන විට, ඒ වෙලාවේ “මම ජීවාත්මයක්” කියා ඔබ ඉදිරියේ තබන්න. ඔබ “මම” යන වචනය පවසන සැනින්, ජීවාත්මයක ස්වරූපය ඔබ ඉදිරියට ගෙන එන්න. නිකම්ම් “මම” යන වචනය භාවිතා නොකරන්න, නමුත් “ජීවාත්මයක් වන මම”. මෙය ස්වාභාවික අන්දමකින් ඔබගේ අවධානයට ගෙන එන්න. “මම” යන වචනය භාවිතා කිරීමෙන් පසුව, සෑම විටම “ජීවාත්මයක් වන මා” එකතු කරන්න. “ජීවාත්මයක් වන මම”. ඔබ “මගේ” යන වචනය භාවිතා කරන විට, එවීට පලමුව “මගේ බාබා” කියන්න. “මගේ ලේන්සුව, මගේ සාරිය, මගේ මෙය... කෙසේවෙතත් ප්‍රථමයෙන් ඇත්තේ “මගේ බාබා”. ඔබ “මගේ” යන වචනය භාවිතා කරන විට, බාබා ඔබ ඉදිරියට පැමිණෙයි. “මම” යන වචනය භාවිතා කරන්න, එවිට ජීවාත්මයක් ඔබ ඉදිරියට එයි. මෙය ඔබගේ ස්වභාවය සහ ස්වාභාවික කරගන්න. එය පහසුයි නේද? එසේ නැත්නම් එය අපහසුද? “මම ජීවාත්මයක්” බව ඔබ දන්නවා. නමුත් සිදුවන්නේ ඒ වෙලාවේ ඔබ එය විශ්වාස නොකිරීමයි. ඔබ එය 100% දන්නා නමුත්, ඔබ එය පිලිගන්නේ යම් ප්‍රතිශතයකටයි. ශරීර අවධානය ස්වාභාවික බැවින් ඔබ ශරීරයක් බව ඔබට සිතන්නට අවශ්‍යද? ඔබට එය ඉබේටම මතක් වෙනවා නේද? එබැවින් එය ඔබගේ දෙතොල් මතට එන්නට පෙර, “මම” යන වචනය ප්‍රථමයෙන් පැමිණෙන්නේ ඔබගේ සිතිවිලි වලටයි, නේද? එබැවින් “මම” යන වචනය ඔබගේ සිතිවිලි වලට පැමිණෙන විටත්, ජීවාත්මයකගේ ස්වරූපය සැනෙකින් ඔබ ඉදිරියේ ඇති කරගන්න. මෙය පුහුණු කිරීම පහසුයි නේද? නිකම්ම් “මම” නොකියන්න, නමුත් එය සමගම “ජීවාත්මය” කියන්න. එවිට එය ස්ථිර වෙයි. එය ස්ථිරයි නේද? කෙනෙක් වෙනත් පුද්ගලයෙකුට (නමින්) කතා කළත් ඔබ මෙය කරයි. “මම ජීවාත්මයක්”. ජීවාත්මයන්ගේ ලෝකය බාප්දාදාය. ජීවාත්මයකගේ සංස්කාර වන්නේ සුරදූතයෙක් බවට පත් වෙමින් සිටින බ්‍රහ්මින් කෙනෙක් වීම, සහ සුරදූතයෙක් දේවතාවක් වීමයි. එසේ නම් ඔබ කරන්නේ කුමක්ද? මෙය ඔබගේ මනසට අභ්‍යාසයක්. මෙකල වෛද්‍යවරු පවා ඔබට පවසන්නේ අභ්‍යාස කරන ලෙසටයි. ව්‍යායාම් කරන්න. එබැවින් මෙම ව්‍යායාමය කරන්න. ජීවාත්මයක් වන මම. මගේ බාබා. මන්ද, නාටකයට අනුව, කාලයේ වේගය අඩු කළ යුතුයි. ඇත්ත වශයෙන්, නිර්මාණය නොවෙයි, වේගවත් විය යුත්තේ නිර්මාණකරුය, නමුත් වත්මන් මොහොතට අනුව, කාලය වේගයෙන් ගමන් කරනවා. සොබා දහම නිති සූදානමින් සිටිනවා; එය ඉන්නේ එයට නියෝග ලැබෙන තුරුය. නාටකයේ වේලාව, නියෝග ලබා දෙයි, එහෙම නේද? ස්ථාපනය සිදු කරන අය නිති සූදානම් නැත්නම්, විනාශයට පසුව සම්පූර්ණ සමූල ඝාතනයක් වෙයිද? සමූල ඝාතනයක් ඇති වෙයිද? එසේ නැත්නම් විනාශයට පසුව නියත වශයෙන්ම ස්ථාපනය සිදු වීමට යනවාද? එබැවින් ස්ථාපනයට උපකරණ වී ඇති අය දැන් කාලයට අනුව, නිති සූදානම් විය යුතුයි. බාප්දාදාට දකින්නට අවශ්‍ය දේ මෙයයි. බ්‍රහ්ම පියා, අර්ජුන විය; ඔහු නිදසුනක් විය, එහෙම නේද? එබැවින් මේ අන්දමින් බ්‍රහ්ම පියාව අනුගමනය කරන අය, කවුරු වෙයිද? තමන් දෙස බලන්න, එමෙන්ම කාලය දෙසත් බලන්න.

වර්ථමාන කාලයේ, සුරදූතයන් වීමට යන ඔය සියළුම බ්‍රහ්මින් ජීවාත්මයන්ට, උපකරණයක් වීමේ අවධානය මෙන්ම නිරහංකාරකමේ හැගීම් තිබිය යුතු බව, බාප්දාදා ඔබට මින් පෙර දැනටමත් පවසා තිබේ. ඔබ මෙම වචන දෙකම වැදගත් බව සැලකිය යුතුයි. මෙසේ කිරීමෙන් ශරීර අවධානයේ “මම” අවසන් වෙයි. “මගේ” යන අවධානයත් අවසන් වෙයි. මම නිරහංකාර ස්වභාවයක් ඇති උපකරණයක්මි. ඔබ වැඩියෙන් නිරහංකාර වන තරමට, ඔබට වැඩියෙන් ගෞරවය ලැබෙයි, මන්ද, නිරහංකාර අයට සියළු දෙනාගේ සෙනෙහස ලැබෙයි, එමෙන්ම ඔබ සෙනෙහසට පාත්‍ර වන විට, ඔබට ඉබේටම ගෞරවය හිමි වෙයි. එබැවින් නිරහංකාරකම මෙන්ම සුබ පැතුම් ඇති උපකරණයක්. මෙම කරුණු දෙක තිබෙන විට, පිවිතුරු හැගීම් සහ සුබ පැතුම්, ඔබ උපකරණයක් වන අතර නිරහංකාරයි, එමෙන්ම සියළු දෙනා කෙරෙහි ඔබ තුල පිවිතුරු හැගීම් සහ සුබ පැතුම් තිබෙයි. කෙනෙක් කෙබදු කෙනෙක් වුණත් කම් නැහැ, ඔබ නිරහංකාරකම සහ සුබ පැතුම් ඇති උපකරණයක් වීමෙන්, කෙබදු වාතාවරණයක් නිර්මාණය වෙයිද යත්, ඔබගේ චිත්ත තරංග තුලින් අනෙක් පුද්ගලයා වෙනස් වෙයි. සමහර දරුවන් හදවතට සමීප කතාබහක යෙදි මෙසේ කියයි: “මට මාසයක් පුරා සුබ පැතුම් තිබුණු නමුත් ඒ තිබියදි ඒ කෙනා කිසිසේත්ම වෙනස් වී නැහැ.” එවිට ඔවුන් වෙහෙස සහ අධෛර්යමත් වෙයි. දැන්, දුප්පත් අසරණ පුද්ගලයාගේ ආකල්පය සහ ද්‍රිෂ්ඨිය ගලක් වැනිය, එබැවින් ඔව් සැබවින්ම, එයට යම් කලක් ගත වෙයි. හොදයි, නිදසුනක් ලෙස, එම පුද්ගලයා වෙනස් නොවෙයි; එසේ නම් අඩු තරමින් තමන්ව හොදින් තබාගන්න. අඩු තරමින් ඔබගේම තනතුරේ රැදී සිටින්න. ඔබ අධෛර්යමත් වන්නේ ඇයි? අධෛර්යමත් නොවන්න. හොදයි, එම කෙනා වෙනස් වන්නේ නැහැ, නමුත් ඒ සමගම, ඔබ තමන්ට වෙනස් වීමට ඉඩ නොතැබිය යුතුයි. එසේ වුනොත්, අධෛර්යමත් වීම යනු, එම කෙනා වැඩියෙන් බලවත් වූ බවයි, ඔහු ඔබව වෙනස් කළ බවයි. ඔබගේ ස්ව-අභිමන් අසුන ඔබ හැර දමා යන්නේ ඇයි? “ඇයි?” යන නිෂ්ඵල සිතිවිලි වලට පැන නගින්නට ඉඩ නොදෙන්න. ඔබ “ඇයි?” කියා පැවසූ විගසින්, ඔබ නිෂ්ඵල සිතිවිලි වලට දොර විවර කරයි. එවිට එම දොර වැසෙන්නේ බොහෝ අපහසුවෙන්. එබැවින් “ඇයි?” ගැන නොසිතන්න. සානුකම්පිත වී නොකඩවා චිත්ත තරංග ලබා දෙන්න. ඔබගේ අසුන අතහැර දමා ඔබ අධෛර්යමත් වන්නේ ඇයි? ඔබගේ තනතුරෙන් ඔබ පහළට නොපැමිණිය යුතු බව ඔබ මතක තබා ගත යුතුයි, මන්ද, එවිට බොහෝ එදිරිවාදිකම් ඇති වෙයි. මිනිසුන්ගෙන් විරුද්ධතා ඇති වෙයි, සොබාදහමෙන් සහ සංස්කාර වලින් විරුද්ධතා සහ අදහස් අතින් විරුද්ධතා ඇති වෙයි; මේ නිසයි ඔබගේ නියමිත ස්ථානයේ ඔබ රැදී සිටිය යුත්තේ. එසේ නම් ඔබ හෙට කරන්නේ කුමක්ද? ඔබට මතකද? බාප්දාදා තුල ඔබ කෙරෙහි සෙනෙහස තිබේ, එබැවින් ඔබ සියළු දෙනා බ්‍රහ්ම පියාට සමාන විය යුතු බව ඔහු සිතයි. පියා ඉදිරියට විරුද්ධකම් ආවේ නැද්ද? බ්‍රහ්ම පියා ඉදිරියට විරුද්ධකම් පැමිණියේ නැද්ද? මායාගෙන්, ජීවාත්මයන්ගෙන් සහ සොබා දහමින්ද විරුද්ධකම් තිබුණා, නමුත් බ්‍රහ්ම පියා ඔහුගේ තනතුර අතහැර දැමුවාද? නැහැ නේද? ඔහු සුරදූතයෙක් වුනේ ඒ අන්දමින් නොවේද? දැන් එකිනෙකා සහ ඔබත් සුරදූතයන් බව සලකා ගමන් කරන්න: මා සුරදූතයෙක්, සියළු දෙනාම සුරදූතයන්. මට පැරණි ලෝකය සහ පැරණි සංස්කාර සමග කිසිදු සම්බන්දකමක් නොමැති අතර මේ කිසිම බ්‍රහ්මින් කෙනෙකුටත් එසේ නොමැත. ඒ සියල්ල අවසානයි. එම ද්‍රිෂ්ඨියෙන් සියළු දෙනා දෙස බලන්න: මේ කෙනා සුරදූතයෙක්, මෙම කෙනා සුරදූතයෙක්. මෙම වාතාවරණය පතුරන්න. අච්චා.

දැන් සියළු බලයනගෙන් බලවත් වී, ඔබගේ බලයන්ගේ චිත්ත තරංග මුඵ ලෝකය පුරාම විහිදි යන අන්දමට, විනාඩියකට ලෝකයේ ජීවාත්මයන්ට බොහෝ බලවත් කිරණ ලබා දෙන්න. (මරණීය නිශ්ශබ්දතාවය). අච්චා.

සුරදූතයන් වීමට යන සෑම තැනකම සිටින ඔය බ්‍රහ්මින් දරුවන්ට, තමන් පිළිබද අවබෝධයෙන්, සෑම විටම පරීක්ෂා කර බලා තමන්ව වෙනස් කරගන්නා අයට, බ්‍රහ්ම පියාව අනුගමනය කරන කීකරු දරුවන්ට, නිරන්තරයෙන් ආලෝකමත්ව සහ සැහැල්ලුවෙන් රැදී සිටිමින් සේවය කරන, උත්සාහ දරන සුරදූත ජීවාත්මයන්ට, ඔවුන්ගේ තනතුරේ අසුන මත නිරන්තරයෙන් අසුන්ගෙන ඒ අනුව සියලු විරුද්ධතා අවසන් කරන මාස්ටර් සර්ව බලධාරී දරුවන්ට, සමීපව සිටින සහ සංගම යුගයේ ප්‍රායෝගික ඵලය අත්විදින දරුවන්ට, බාප්දාදාගේ සෙනෙහස, ස්මරණය සහ නමස්කාරය.

වරදානය:
ඔබ සියලු දෙනාගේ සුබ පතන්නෙක් වී, තවද තමන් වෙනුවෙන් සාධනීය සිතිවිලි ඇති කර, ඒ අනුව හෙළිදරව්වේ කාලය සමීපයට ගෙන එත්වා.

ඔබ සිදු කරන සේවයේ සාර්ථකත්වයේ පදනම වන්නේ, සුබ පැතුම් වල ආකල්පයක් තිබීමයි, මන්ද, ඔබගේ මෙම ආකල්පය අන් අයට එය ධාරණය කරගැනීමට සහ ඒ ගැන තව සොයා බැලීමට බලය වැඩි කරයි. මේ ආකාරයට වචන වලින් සිදු කරන සේවය පහසුවෙන් සාර්ථක වෙයි. තමන් වෙනුවෙන් සාධනීය සිතිවිලි ඇති ජීවාත්මයක්, සෑම විටම මායාට ඔරොත්තු දෙන අතර කිසිවෙකුගේ දුර්වලතා ධාරණය කරගැනීමට හෝ යම් පුද්ගලයෙකුට හෝ දේපළ වලට ආකර්ෂණය වීමට විරුද්ධව ඔහු තුළ ප්‍රතිශක්තියක් තිබෙයි. ඔබ මෙම ආශිර්වාද දෙකම ඔබගේ ප්‍රායෝගික දිවියට ඇතුළු කරගත් විට, හෙළිදරව්වේ කාලය පැමිණෙයි.

පාඨය:
ඔබගේ සිතිවිලි පවා කැප කරන්න, එවිට දුර්වලතා ඔබව ඉබේටම අත්හරියි.

අව්‍යක්ත සංඥාව: ජීව අවධාන ස්ථිතියේ රැදී සිටීම පුහුණු කරන්න, අභ්‍යන්තරගත වන්න.

පරමාත්ම දෙවියන්ගේ සෙනෙහස අත්විදීම සදහා, අභ්‍යන්තර ගත වීම පුහුණු කරන්න, ඔබගේ ශරීරයෙන් වෙන්වී, ජීව අවධාන ස්ථිතියේ ස්ථාවර වන්න. නිරන්තරයෙන් අභ්‍යන්තරගත වීමේ කුටියේ සිටින්න, එවිට ඔබ නොකඩවා මෙම පැරණි ලෝකයේ වාතාවරණය ඉක්මවා යනු ඇත. වාතාවරණයේ බලපෑමට ඔබ හසු නොවෙයි.